වෙබ් ලිපිනය:

Saturday, January 23, 2021

දැනුම කුමක් අරභයාද?



අපේ වියුණුව ෆේස්බුක් සමාගම විසින් ස්පෑම් ගණයට දමා වාරණය කර තිබෙන්නේ ෆේස්බුක් පරිශීලකයින් විශාල පිරිසක් විසින් මෙහි අපහාසාත්මක දේ පළවන බව වාර්තා කිරීම මත පදනම්වයි. ෆේස්බුක් සමාගම පැත්තෙන් මෙම තීරණය ගත්තේ ඇල්ගොරිදමයක් විසින් විය හැකියි. බොහෝ විට මේ වාර්තා කිරීම් සංවිධානාත්මකව සිදු කෙරුණු දෙයක් විය හැකියි. එය කළේ කවුරු වුවත්, එයින් පෙනෙන්නේ අප ලියන දෙයින් සැලකිය යුතු බලපෑමක් වෙනවා කියන එකයි. අප විසින් අපේ වියුණුව හරහා බොරු සමාජගත කරන්නේ නැති නිසා, එසේ අප ලියන දෙයින් කාට හෝ රිදෙනවානම් ඒ කවර හෝ ආකාරයක බොරු සමාජගත කරන පිරිසකටයි. අප මෙහි බොරු යන වචනය භාවිතා කරන්නේ තමන්ට තහවුරු කළ නොහැකි හෝ නිවැරදි බව පෙන්වා දිය නොහැකි යන අදහසින්.

මෙසේ අපේ වියුණුවට පැමිණිය හැකි වෙබ් ලිපිනය වත්පොතේ වාරණය වී ඇතත්, අපේ වත්පොත් පිටු වාරණය වී නැහැ. ඒ නිසා අවශ්‍යනම් ඕනෑම ලිපියක් මුළුමනින්ම එහි පළ කිරීමේ හැකියාව අප සතුව තිබෙනවා. භාවිතා කළ හැකි විකල්ප තාක්ෂනික උපක්‍රමද තිබෙනවා. එහෙත්, විශේෂ අවශ්‍යතාවයක් මතු නොවුවහොත් අප වත්පොත පෙර ආකාරයෙන් භාවිතා කිරීම කරා යොමු වන්නේ නැහැ. අපහාස කියන දේ සාපේක්ෂ නිසා, දැනට අප මෙය සැලසුම් සහගත වැඩක්ද යන්න හෙවීමට බර නොතබා "පාඨක මතයට" ගරු කරනවා.

මෙහි ලියන ලිපි හැම එකක්ම විශාල පිරිසක් කරා ගෙන යාම අපේ ඉලක්කයක් නෙමෙයි. අපට අවශ්‍ය වන්නේ මෙහි ලියන දේ කියවනු දකින්නට අප කැමති සීමිත පිරිසක් වෙත මේ ලිපි යනු දකින්නයි. වත්පොත හරහා හෝ වෙනත් ක්‍රමයකින් ඇතැම් ලිපි විශාල පිරිසක් අතර ප්‍රචාරය වන්නට ඉඩ හැරීමේ අරමුණ වන්නේ පෙර කී කුලකයට අයත් සීමිත පිරිස් ආකර්ෂණය කර ගැනීමයි. මේ සීමිත පිරිස යනු අප සමඟ අදහස් අතින් එකඟ වන අය නෙමෙයි. එහෙත්, අප ලියන දේද ඇතුළු ඕනෑම දෙයක් ප්‍රශ්න නොකර පිළි නොගන්නා, තමන්ගේ මත නිවැරදි නොවන බව පෙනෙන විට ඒ බව පිළිගැනීමට සූදානම් අයයි. ඔවුන් එසේ කළ යුත්තේ ඔවුන් වෙනුවෙන්ම මිස මා වෙනුවෙන් නෙමෙයි. 

අවවාද නොතකා වැරදි පාරක යාමෙන් අමාරුවේ වැටෙන්නේ එසේ යන අය මිස අවවාද දෙන්නා නෙමෙයි. මේ බව දන්නා නිසා, මා හැම විටම උත්සාහ කරන්නේ මගේ ලෝකය වඩා නිරවුල් කර ගැනීමටයි. මේ වියුණුව හරහා මට ලැබෙන ලොකුම ප්‍රයෝජනය පෞද්ගලිකව මට ඉගෙන ගන්නට ඉඩ ලැබීමයි. ඇතැම් විට මා ඉගෙන ගන්නේ ප්‍රශ්න අසන අය නිසා. ප්‍රශ්නයකට පිළිතුරු දෙන හැම විටම මගේ අදහස් වඩා නිරවුල් වෙනවා. ඇතැම් විට මා ඉගෙන ගන්නේ මා සමඟ එකඟ නොවන අය නිසා. මා නොදන්නා තොරතුරු වෙනත් අය විසින් ප්‍රතිචාර සේ ඉදිරිපත් කරන අවස්ථාද දුලබ නැහැ. 

පොදු වශයෙන් ගත් විට බොහෝ දෙනෙක් මා සමඟ එකඟ නොවන තැනක් වන්නේ "ඇමරිකන් ක්‍රමය" අගය කිරීමයි. ඇමරිකානු ක්‍රමය ධනවාදය, ප්‍රජාතන්ත්‍රවාදය හා බටහිර විද්‍යාව මත ගොඩ නැගුනු ක්‍රමයක් කියා කියන්න පුළුවන්. ඇමරිකානු ක්‍රමයේ මේ සාධක තුනම මා අගය කරනවා. ඇමරිකාව මේ තැනට පැමිණ තිබෙන්නේ මේ සාධක තුන නිසා. මේ තුනටම අද වෙද්දී ලෝක ආධිපත්‍යයක් තිබෙනවා. එය පරිණාමය තුළ වෙනත් විකල්ප සමඟ තරඟ කර උචිතතමයා ඉතිරිවීම හරහා සිදු වූ දෙයක්. ධනවාදයට, ප්‍රජාතන්ත්‍රවාදයට හෝ බටහිර විද්‍යාවට මේ වන විට වඩා හොඳ විකල්ප නැහැ.

බටහිර විද්‍යාව ලෝකයේ තිබෙන එකම දැනුම් පද්ධතිය නොවූවත් එය ගොඩ නැගී තිබෙන්නේ වෙනත් දැනුම් පද්ධති වල ඇති සාධනීය අංග පහසුවෙන් අවශෝෂණය කර ගත හැකි ආකාරයකින්. ධනවාදය තුළද මේ ලක්ෂණය තිබෙනවා. ආර්ථික සෞභාග්‍යය නොවන වෙනත් දෙයක් සමාජ අරමුණක් වීමෙන් පසුව එය සාක්ෂාත් කර ගැනීම සඳහා ධනවාදය විනාශ කළ යුතු වන්නේ නැහැ. ධනවාදයට අවශ්‍ය පරිදි වෙනස් විය හැකියි. ප්‍රජාතන්ත්‍රවාදය තුළ පහසුවෙන් ඒකාධිපතිත්වයක් ඇති විය හැකි වුවත් ඒකාධිපතිත්වයක් තුළ ප්‍රජාතන්ත්‍රවාදය ඇති කළ හැක්කේ විශාල මිලක් ගෙවීමෙන් පසුවයි. ඒ නිසා, ඒකාධිපතිත්වයක් තුළ තිබෙන කවර හෝ සාධනීය අංගයක් වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදය නැති කර ගැනීම තාර්කික තීරණයක් නෙමෙයි.

ඇමරිකානු ක්‍රමය ධනවාදය, ප්‍රජාතන්ත්‍රවාදය හා බටහිර විද්‍යාව මත ගොඩ නැගුනු ක්‍රමයක් වුවත් ප්ලේටෝනික අර්ථයකින් ඔය තුනෙන් එකක්වත් ඇමරිකාවේ නැහැ. ඒ වගේම, මේ තුනෙන් එකක්වත් ප්ලේටෝනික පරිපූර්ණත්වයන් නෙමෙයි. අපට ඇමරිකානු ක්‍රමය හෝ ඉහත කී ධනවාදය, ප්‍රජාතන්ත්‍රවාදය හා බටහිර විද්‍යාව යන සංකල්ප විවේචනය කරන්නට අවශ්‍යනම් එය කරන එක අසීරු දෙයක් නෙමෙයි. එසේ කළහොත්, මෙය කියවන බොහෝ දෙනෙක් අප සමඟ එකඟ වෙයි. නමුත්, එවැනි කාර්යයකින් සිදු වන කිසිදු යහපතක් නැහැ. 

සිංහලෙන් ලියන මේ වියුණුවේ පළ වන ලිපි කියවන කිසිවෙකුට ඇමරිකානු ක්‍රමය දශමයකින් හෝ වෙනස් කරන්න බැහැ. එය කළ හැක්කේ ඇමරිකාවේ ජීවත්වන තරුණ පරපුරටයි. ඔවුන්ට කතා කරද්දී ඇමරිකානු ක්‍රමයේ වෙනස් විය යුතු තැන් හෝ අඩුපාඩු ඇත්නම් ඒවා ගැන මා කතා කරනවා. පරිණාමික ක්‍රියාවලිය තුළ ඇමරිකාවට වඩා ගවු ගණනක් පසුපසින් ඉන්න සමාජයක් මුලින් දැන ගත යුත්තේ ඇමරිකාව අද සිටින තැනට පැමිණි ආකාරය මිසක්, ඇමරිකාව අද අත්පත් කර ගෙන තිබෙන ප්‍රගතිය කඩා වැටිය හැක්කේ කොහොමද කියන එක නෙමෙයි.

ලෝකය ඉතා වේගයෙන් ප්‍රතිනිර්මාණය වෙමින් තිබෙනවා. එය සිදුවන්නේ සීමිත පිරිසකගේ දායකත්වයෙන් මිසක් හැම දෙනෙකුගේම දායකත්වයෙන් නෙමෙයි. පරිණාමික ඉතිහාසය දෙස ආපසු හැරී බැලුවොත් එහි බලයට මිස සාධාරණත්වයට  ප්‍රමුඛත්වය ලැබී නැහැ. ලෝකය ප්‍රතිනිර්මාණය කෙරෙන කටයුත්ත සිදු වෙමින් පවතින්නේ අප කවුද කියන එක පවා වෙනස් කරමින්. මෙහිදී අප ලෙස සඳහන් කළේ පොදුවේ හෝමෝ සේපියන්ස් සේපියන්ස්ලාගේ භෞතික සිරුර හා ඔවුන් සිතන පතන ආකාරයයි. කුඩා කණ්ඩායමක් විසින් අනාගත ලෝකය වගේම අනාගත මිනිසාවද සැලසුම් කරමින් සිටින අතර අනාගත ලෝකයේ සාධාරණත්වය යනු කුමක්ද යන්න තීරණය වීමට නියමිතව ඇත්තේ ඔවුන් අතින්. 

ඇතැම් රටවල් සිටින්නේ රටවල් ලෙසින්ම මේ කණ්ඩායමෙන් බැහැරවයි. පරිණාමික ක්‍රියාවලියක් තුළ පරිසරයට උචිත පරිදි වෙනස් විය නොහැකි ජීවීන් ලෝකයෙන් අතුරුදහන්ව යාම කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණයි. ආර්ථික ජාතිකවාද හා බද්ධ වී ඇති සංස්කෘතික ජාතිකවාද වලින් කෙරෙන්නේ අනුචිත සංස්කෘතික චර්යාවන් වැඩි සංස්කෘතීන් ඒවායේ ඇතැම් සාධනීය අංගද සමඟ මුළුමනින්ම මිහිමතින් තුරන්ව යාමට ඉඩ සැලැස්වීමයි.

මේ වෙද්දී ලංකාවේ බොහෝ දෙනෙක් යුවාල් හරාරි ගැන දන්නවා. කතා කරනවා. වසර පහමාරකට පෙර ඔහු ගැන මෙම වියුණුව හරහා සිංහල පාඨකයින්ට හඳුන්වා දෙද්දී සිංහලෙන් ලියවුනු කිසිදු ලියැවිල්ලක ඔහු ගැන කතා කර තිබුණු බවක් මා දන්නේ නැහැ.

හරාරිට අනුව මිනිසා අද සිටින තැනට පැමිණෙන්නට හේතු වී තිබෙන්නේ වසර හැත්තෑ දහසකට පමණ පෙර සිදු වුනු වාසිදායක ජාන විකෘතියක්. මෙහි ප්‍රතිඵලයක් ලෙස මිනිසුන්ට වියුක්තව හිතන්න පුළුවන් වුනා. හරාරි විසින් චින්තන විප්ලවය සේ හඳුන්වන මේ සිදුවීමෙන් අනතුරුව අහම්බෙන් ජාන විකෘතියක් සිදු වන තුරු වසර දහස් ගණනක් බලා නොසිට පරිසරයට උචිත පරිදි සංස්කෘතික ලෙස පරිණාමය වන්නට මිනිස්සුන්ට හැකි වුනා. හරාරි විසින් ලියා තිබෙන හැම දෙයක්ම ශුද්ධ වූ ලියැවිලි ලෙස මා භාර ගන්නේ නැතත් මිනිස් දියුණුව හා වියුක්ත ලෙස සිතීමේ හැකියාව අතර සම්බන්ධය අපට නොසලකා හැරිය නොහැකි ඉතා වැදගත් සම්බන්ධයක්.

අප යමක් දන්නේ කොහොමද? මිනිස් මැෂිම ක්‍රියා කරන්නේ කොහොමද?

අප ඉපදෙන්නේම බොහෝ දේවල් "දැනගෙන". මේ දේවල් අප විසින් වසර ලක්ෂ ගණනක් පුරා අත්දැකීම් හරහා දැනගත් දේ. අප මෙන්ම වෙනත් සතුන් හා ගස් වැල් ද "ඉපදෙන්නේ" වසර ලක්ෂ හෝ මිලියන ගණනක් තිස්සේ එකතු කරගත් දැනුම් සම්භාරයක් සමඟ. ඒ දැනුම අපේ ජාන වල ගබඩා වී තිබෙනවා. අප ඇතැම් දේ කරන්නේ ඇල්ගොරිදම් වලට අනුවයි. අපේ හැඟීම් කියන්නේ මේ ඇල්ගොරිදම් වල ප්‍රතිඵල. මෙවැනි ඇතැම් ඇල්ගොරිදම් ප්‍රතිඵල වලට එරෙහිව අපට නිදහස් තීරණ ගන්න ඉතා අසීරුයි. වියුක්ත ලෙස නොසිතා එවැන්නක් කෙසේවත් කළ නොහැකියි.

- සත්තු වත්තේ ඝනකම වීදුරුවකින් වෙන්ව සිටින වලහෙක් ක්ෂණිකව වීදුරුවේ අනික් පැත්තේ සිටින අප වෙත පැන්නොත් එක වරම අපි බිය වී පස්සට පනින්නේ ඇයි? වසර ලක්ෂ ගණනක් පුරා පරිණාමය විසින් සුසර කර තිබෙන අපේ මොළයේ තිබෙන ඇල්ගොරිදමයක් ක්ෂණිකව ක්‍රියාත්මක වී වලසා විසින් පහර දෙනු ලැබ එයින් ජීවිතය අවසන් වීමේ සම්භාවිතාව ගණනය කර ඒ මත පදනම් වූ තීරණයක් ගන්නවා. මේ උදාහරණය ලංකාවට ගැලපෙන්නේ නැත්නම් හදිසියේ වත්තේ දකින සර්පයෙක් ගැන හිතන්න.

- අහම්බෙන් විරුද්ධ ලිංගිකයෙකු දුටු විට ආකර්ශනයක් ඇති වන්නේ ඇයි? වසර ලක්ෂ ගණනක් පුරා පරිණාමය විසින් සුසර කර තිබෙන අපේ මොළයේ තිබෙන ඇල්ගොරිදමයක් ක්ෂණිකව ක්‍රියාත්මක වී මේ දකින පුද්ගලයා සමඟ එකතු වී සරු ජනිතයෙකු බිහි කිරීමේ සම්භාවිතාව ගණනය කර ඒ මත පදනම් වූ තීරණයක් ගන්නවා. 

- අහම්බෙන් දකින පැණි රස කෑමක් කන්න පෙළඹවීමක් ඇති වන්නේ ඇයි? වසර ලක්ෂ ගණනක් පුරා පරිණාමය විසින් සුසර කර තිබෙන අපේ මොළයේ තිබෙන ඇල්ගොරිදමයක් ක්ෂණිකව ක්‍රියාත්මක වී මේ ආහාරය ලබා ගැනීමෙන් ජීවත් වීමේ සම්භාවිතාව කෙතරම් ඉහළ දමා ගත හැකිදැයි ගණනය කර ඒ මත පදනම් වූ තීරණයක් ගන්නවා. 

ඇල්ගොරිදම් හරහා පැමිණෙන මේ තීරණ බොහෝ විට නිවැරදි නැහැ. වසර දස දහස් ගණනක දත්ත යොදාගෙන පරිණාමික ක්‍රියාවලිය විසින් සුසර කර තිබෙන මේ ඇල්ගොරිදම් අද පරිසරයට ගැලපෙන පරිදි යාවත්කාලීන වී නැහැ. පරිණාමික ක්‍රියාවලිය ඉතා සෙමින් සිදු වන ක්‍රියාවලියක්. පරිණාමික ක්‍රියාවලිය තුළ සෑහෙන ප්‍රමාණයකට අනුචිත ඉතිරි වීම් වන අප සාර්ථක ලෙස මිහිමත ඉතිරි වී සිටින්නේ සංස්කෘතික පරිණාමය හරහා අපේ ජීවවිද්‍යාත්මක ඇල්ගොරිදම් වල වැරදි තීරණ නිවැරදි කර ගන්නට අප සමත්ව තිබෙන නිසයි. මෙයට උපකාරී වී තිබෙන්නේ මිනිසුන්ට වියුක්තව හිතන්න පුළුවන් වීමයි.

අපගේ ජාන හරහා අපට ලැබෙන මූලික මට්ටමේ දැනුමෙන් පසුව අපට ලැබෙන ඊළඟ මට්ටමේ දැනුම් වන්නේ අපේ පංචේන්ද්‍රියයන් හරහා ලබා ගන්නා අනුභූතික දැනුම්. අනුභූතික අත්දැකීම් දැනුම් බවට පත් වන්නේ එම අත්දැකීම් මතකයේ ගබඩා කර ගැනීම හරහායි. පංචේන්ද්‍රියයන් හරහා ලැබෙන සංවේදනා වලට මූලික මට්ටමේ ප්‍රතිචාර දක්වන්නේ අපේ ජාන වල ගබඩා වී තිබෙන අවුරුදු මිලියන ගණනක් පැරණි දැනුමයි. ඒ දැනුම ගස්වැල් වලට පවා තිබෙන දැනුමක්. එහෙත්, මෙසේ පංචේන්ද්‍රියයන් හරහා ලැබෙන සංවේදනා ජානමය නොවන මතකයක ගබඩා කර තබා ගැනීම මිනිසුන්ට හා ඇතැම් සතුන්ට පමණක් කළ හැකි දෙයක්. සිතීමේ ක්‍රියාවලියේ මූලිකම අදියරක් සේ හැඳින්විය හැක්කේ මේ ආකාරයෙන් ගබඩා කර ගන්නා අනුභූතික අත්දැකීම් නැවත ස්මරණය කිරීම හා පංචේන්ද්‍රියයන් හරහා ලැබෙන සංවේදනා වලට ප්‍රතිචාර දැක්වීමේදී ප්‍රයෝජනයට ගැනීමයි. 

මතකයේ ගබඩා කර ගත හැක්කේ එක් නිමේෂයක ලබන අනුභූතික අත්දැකීමක්. දඩයමේ යද්දී පළමු වරට හමු වන විශාල ගසක් පිළිබඳ අනුභූතික අත්දැකීම මතකයේ ගබඩා කර ගන්නා අයෙක් එම ගස පිළිබඳ අනුභූතික අත්දැකීමක් පංචේන්ද්‍රියයන් හරහා දෙවන වරට ලැබෙන විට වත්මන් නිමේෂය හා මතකයේ ගබඩා වී තිබෙන නිමේෂය අතර සාම්‍යයක් දකිනවා. ඒ සමඟ එම ගස පිළිබඳ අදහස වියුක්ත අදහසක් බවට පත් වෙනවා. මිහිඳු හිමිගේ පළමු ප්‍රශ්න වටය අවසානයේදී තිස්ස රජු විසින් තමන්ගේ දෑස් ඉදිරිපස පෙනෙන අඹ ගස පිළිබඳ වියුක්ත අදහසක් ඇති කර ගන්නේ මේ ආකාරයටයි. මේ මට්ටමේ බුද්ධියක් ඇතැම් සතුන්ටද තිබෙනවා. එය අනුභූතික අත්දැකීමක් ඉක්මවා යන දැනුමක්. එතරම් සංකීර්ණ නැති පරිගණක මෘදුකාංගයකටද මේ දෙයම කළ හැකියි. 

දඩයමේ යද්දී හමු වන විශාල ගසක් පිළිබඳ අනුභූතික අත්දැකීම කෙටි කාලයක් තුළ විශාල ලෙස වෙනස් වන්නේ නැහැ. ඒ නිසා, මේ වියුක්ත සංකල්පය නිරූපණය වන චිත්තරූපයක් මවා ගැනීම අසීරු දෙයක් නෙමෙයි. එහෙත්, ඇතැම් අනුභූතික අත්දැකීම් එලෙසම අත් විඳිය හැක්කේ එක් නිමේෂයකදී පමණයි. දුවන මුවෙක් හා තණ කණ මුවෙක් වගේ. ස්ථිතික චිත්තරූපයක් සේ වරකදී සිතින් මවා ගත හැක්කේ එක්කෝ දුවන මුවෙක්. නැත්නම් තණ කණ මුවෙක් වගේ. දුවන මුවෙක් හා තණ කන මුවෙක් එකම සතෙක් ලෙස දැකීම තුළ තිබෙන්නේ වියුක්ත දැනුමක්.

මුවා යන වියුක්ත සංකල්පය හැදෙන්නේ දුවන හෝ තණ කන, එකිනෙකාගෙන් වෙනස්ව හඳුනාගත හැකි මුවන් ගණනාවක් පිළිබඳ අනුභූතික අත්දැකීම් මත පදනම්වයි. ඒ මුවා, එක් නිමේෂයක හෝ අනුභූතික ලෙස දැකිය නොහැකි මනසේ පමණක් සිටින මුවෙක්. මෙවැනි වියුක්ත සංකල්පයක වටිනාකම වන්නේ එම වියුක්ත සංකල්පය ඇසුරෙන් කිසිදා නොදුටු මුවන් පිළිබඳවද පරිකල්පනය කරන්නට හැකි වීමයි. ඒ සමඟම, පංචේන්ද්‍රියයන් හරහා ලැබෙන අත්දැකීම් හා ඒ මත පදනම් වූ දැනුම් ඉක්මවා යාමේ හැකියාවක් මිනිසාට ලැබෙනවා. මේ මට්ටමට යාමද ඇතැම් සතුන්ට මෙන්ම, පරිගණකයටද කළ හැකි දෙයක්. 

බොහෝ වියුක්ත සංකල්ප සමඟ යම් ආකාරයක පරිපූර්ණත්වයක් සම්බන්ධ වී තිබෙනවා. මුවෙක්නම් කකුල් හතරක් තිබෙන සතෙක්. එහෙමනම්, කකුල් තුනකින් පැන පැන යන, කකුලක් අහිමි වූ මුවෙක් මුවෙක් නෙමෙයිද? 

කකුල් තුනේ මුවාත් මුවෙක් තමයි. ඒ මුවාට පරිපූර්ණ වියුක්ත මුවාට සාපේක්ෂව අඩුවක් තිබෙනවා. එහෙත්, ඒ මුවාත් මුවෙක්. එසේ වුනා කියා මුවා කියන සංකල්පය කකුල් තුනේ මුවෙක් ලෙස වෙනස් වන්නේ නැහැ. බොහෝ විට ඉන්ද්‍රියයන් හරහා නිරීක්ෂණය කළ හැක්කේ වියුක්ත සංකල්පයේ අසම්පූර්ණ ස්වරූපයක්. 


එතකොට කකුල් හයේ මුවෙක් දකින්න ලැබුණොත් ඒ ගැන කියන්න වෙන්නේ කුමක්ද? ගණිතය අනුවනම්, කකුල් හයේ මුවාගේ කිසිම අඩුවක් නැහැ. වැඩියෙනුත් කකුල් දෙකක් තිබෙනවා. නමුත්, සංකල්පීය ලෙස බැලුවොත් මේ වැඩිපුර කකුල් දෙක කියන්නෙත් අඩුවක්. එය අඩුවක් වන්නේ පරිපූර්ණත්වය අර්ථ දක්වා තිබෙන්නේ කකුල් හතරේ මුවෙක් ලෙස නිසයි. 

අවශ්‍යනම් කෙනෙකුට වියුක්ත මුවා කකුල් හයේ මුවෙක් විදිහට අර්ථ දක්වන්නත් පුළුවන්. එසේ අර්ථදැක්වීමෙන් පසුව, සියලුම කකුල් හතරේ මුවන් අඩුවක් ඇති මුවන් බවට පත් වෙනවා. අවශ්‍යනම් කකුල් අටේ මුවෙක් ගැන වුවත් මිනිහෙකුට පරිකල්පනය කරන්න පුළුවන්. කකුල් අටේ මුවෙක් කිසිම දිනක අනුභූතික අත්දැකීමක් ලෙස දැක නොතිබීම මෙයට බාධාවක් නෙමෙයි. ඒ අනුව, කකුල් හයේ මුවෙක් වුවත් අඩුවක් සහිත මුවෙක් බවට පත් වෙනවා. 

ඔය විදිහටම නයෙකුගේ පරිපූර්ණ ස්වරූපය පෙණ හතක් තිබෙන නයෙක් වෙන්න පුළුවන්. රජෙකුගේ පරිපූර්ණ ස්වරූපය හිස් දහයක් තිබෙන ස්වරූපයක් වෙන්න පුළුවන්. මේ වගේ දේවල් පරිකල්පනය කරන්න අනුභූතික අත්දැකීම් අවශ්‍ය නැහැ. එකම ගහ හෝ එකම සතා දවසෙන් දවස වෙනස් වන ආකාරය අනුභූතික අත්දැකීමක් ලෙස අත්විඳින කෙනෙකුට අනුභූතික අත්දැකීමක්ව නැති ආකාරයකින් යමක් වෙනස් වීමේ හැකියාව ගැනද පරිකල්පනය කිරීමට පෙළඹුමක් ඇතිවීම හිතාගන්න අමාරු කරුණක් නෙමෙයි.

වියුක්ත දැනුම්, වියුක්ත සංකල්ප අවශ්‍ය ඇයි? වියුක්ත නොවන දැනුම් අවශ්‍ය වන හේතුවටම තමයි. කවර හෝ දැනුමක් අවශ්‍ය වන්නේ පැවැත්ම හා අදාළ අවිනිශ්චිතතා අවම කර ගැනීමටයි. එය ජීව විද්‍යාත්මක පෙළඹුමක්. දැනුම ලබා ගැනීමේ වෙනත් අරමුණක් නැහැ. අවිනිශ්චිතතා අවම කිරීම හරහා පැවැත්ම සහතික කළ හැකි ආකාරයේ වියුක්ත දැනුමකින් සමාජයකට ලොකු පිම්මක් පනින්න පුළුවන්.

වියුක්තව හිතන එක ඕනෑම කෙනෙකුට කළ හැකි වගේම, නිතරම කරන සාමාන්‍ය දෙයක්. වැදගත් වන්නේ වියුක්තව හිතන්නේ මොනවාද කියන එකයි. බොහෝ දෙනෙක්ට වියුක්තව හිතන්න පුළුවන් වුනත් වියුක්ත ලෙස වැඩකට ඇති දෙයක් හිතන්න බැහැ. 

වියුක්ත ලෙස වැඩකට ඇති දෙයක් ගැන හිතන්න බැරිකම එක් රටකට හෝ සංස්කෘතියකට පමණක් සීමා වූ ප්‍රශ්නයක් නෙමෙයි. ඇමරිකාව වැනි බටහිර රටක් ගත්තත් මෙහි වෙනසක් නැහැ. වියුක්ත ලෙස සිතා ඒ ඇසුරෙන් ප්‍රයෝජනවත් ආකාරයක අලුත් දැනුමක් නිෂ්පාදනය කළ හැක්කේ ඉතා සුළු පිරිසකට පමණයි. ලෝකය තමන්ට අවශ්‍ය පරිදි ප්‍රතිනිර්මාණය කරන්නේ මේ සුළු පිරිසයි. එවැනි වැඩි දෙනෙකු සිටින රටවල් හා සමාජ වඩා වේගයෙන් දියුණු වෙනවා. 

44 comments:

  1. ඉකෝන් ඔබ පිළිගන්නවා ඇති ලංකාවට වඩාත්ම ජාත්‍යන්තර කීර්තියක් ගෙන ආ ක‍්‍රීඩාව ක‍්‍රිකට් බව, ඒ වගේම කලක් බොහෝ විදේශිකයන් ශ‍්‍රී ලංකාව හැඳින සිටියේ ‘සනත් ජයසූරියගේ රට’ ලෙසිනි. ශ‍්‍රී ලංකාව ජාත්‍යන්තර ක‍්‍රීඩා තලයේ සලකුණක් තැබුවේ අර්ජුන රණතුංගලා, අරවින්ද සිල්වාලා 1996 ක‍්‍රිකට් එක්දින ලෝක කුසලානය ජය ගත් පසුවයි.

    වර්තමානයේ කුසීත ලෙස කිච වූවද මේ රටේ ජනතාව තවමත් ක‍්‍රිකට් හුස්ම ගන්නා ජනතාවකි. ඔවුන්ගේ හිත්වලට ක‍්‍රිකට් ක‍්‍රීඩාව බද්ධ වී තිබේ. එතරම් වැදගත් ජාතියේ ක‍්‍රීඩාව ඉතා පරිස්සමින් රැකබලා ගත යුතුය. එතරම් වැදගත් ජාතික කණ්ඩායමේ අවස්ථාවන් කිසිදු භේදයක් නොසලකා සුදුස්සන්ට සහ දක්ෂයන්ට පමණක් හිමි විය යුතුය.

    මෙලෙස ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩාව කඩාවැටීම පසුපස ඇත්තේ රසිකයන් නොදන්නා ක‍්‍රිකට් ක‍්‍රීඩාව වෙලාගත් මහා රාක්ෂසයෙකි.

    ඒ නම් කලක පටන් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩාව පාලනය කරනා ”බෝර්න් අගේන්” (Born Again) නමැති උග්‍ර ආගමික අන්තවාදයයි. දක්ෂයන්ට සුදුසු තැන නොලැබෙනා, ආගමික විශ්වාස මත ක‍්‍රීඩකයන්ට සහ නිලධාරීන්ට සහ පුහුණු කාර්ය මණ්ඩලයට අවස්ථාව හිමි වන බෝර්න් අගේන් උමතු ආගමික අන්තවාදයයි.

    ”බෝර්න් අගේන්” යනු ක‍්‍රිස්තියානි ආගමට අයත් එවැන්ජලික නිකායකි. දේශපාලන ක්ෂේත‍්‍රයේ මෙන්ම ක‍්‍රීඩා ක්ෂේත‍්‍රයේද මෙම කල්ලිය සූක්ෂමව ක‍්‍රියාත්මක වේ. මොවුන්ගේ ප‍්‍රධාන ඉලක්කය ලංකාවේ බෞද්ධයන් සහ හැකි අවස්ථා වල හින්දූන් ද අන්‍යාගමීකරණය කර ගනිමින් සිය ආගමික කල්ලියේ ගොඩ වැඩි කර ගැනීමයි.

    මේ වනවිට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩාව සම්පූර්ණයෙන්ම පාහේ පාලනය කරන්නේ මෙම බෝර්න් අගේන් (Born Again) කල්ලියයි. ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ප‍්‍රධාන විධායක (හිටපු) ඈෂ්ලි ද සිල්වා, ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරී ජෙරම් ජයරත්න ආදී ඉහළම නිලධාරීන් සියලූම දෙනා මේ බෝර්න් අගේන් නිකායේ දැඩි බැතිමතුන් පිරිසකි.

    නමුත් මේ දිනවල පවා මෙම ආගමික පිරිස ක‍්‍රිකට් තුල සිය ආධිපත්‍ය රැක ගැනීමට ඉතාමත් සැලසුම් සහගතව කල්ලි ගැසී කටයුතු කරමින් සිටියි. 2007 වසරේදි සිය බිරිඳගේ බලපෑමට බුද්ධාගම අතහැර බෝර්න් අගේන් ආගම වැළඳගත් හිටපු ප‍්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මෙම කල්ලියේ ප‍්‍රධානම පෙරගමන්කරුවෙක් වී සිටියේය. ඒ වගේම ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පාලනය කරනා ශම්මි ද සිල්වා, සමන්ත අල්ගම, ජෙරම් ජයරත්න, ඈෂ්ලි ද සිල්වා, අසන්ත ද මෙල් ආදි පිරිස මේ කල්ලියේ ප‍්‍රධානම සාමාජිකයන්ය.

    ReplyDelete
    Replies
    1. මෙම කල්ලියේ න්‍යායාචාර්යවරයා බෝර්න් අගේන් (Born Again) පල්ලියේ පාදිලිවරයෙකි. රාගම ක‍්‍රීඩා සමාජයට සම්බන්ධ, ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ ප‍්‍රබලයෙක් වන ‘පාස්ටර් ජෙරම්’ ලෙස ක්ෂේත‍්‍රයේ ප‍්‍රසිද්ධ සටකපට පුද්ගලයා (ජෙරම් ප‍්‍රනාන්දු) ක‍්‍රිකට් බෝර්න් අගේන් කල්ලියේ න්‍යායාචාර්යවරයා වන අතරම ජෙරොම් ජයරත්න කියන්නේ ලංකාවේ අගමැති පුත් රෝහිත රාජ පක්ෂ ගේ මාමණ්ඩිය බව පැවසේ. (එක පැත්තකින් Born Again අනිත් පැත්තෙන් අලි සබ්රි. රාජ පක්ෂ කල්ලියේ උන් මහලොකුවට ඡන්දෙ ගන්න සිංහල බෞද්ධයන් ගැන කතා කළාට රාජපක්ෂලාගේ කෙරුම් තමයි මේ.)

      ඉතින් ලංකාවේ ක‍්‍රිකට් ක‍්‍රීඩා ක්ෂේත්‍රයම වසා ගත් බෝර්න් අගේන් (Born Again) කල්ලිය රසිකයන්ට රහසේ ඉතා සූක්ෂමව ක‍්‍රිකට් ක‍්‍රීඩාව තුළ සිය ඒකාධිපත්‍යය ගොඩ නගා ගනිමින් සිටින අතරතුර අද වන විට සිංහල බෞද්ධ ක‍්‍රීඩකයෙකුට ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට අපහසු වීමට තරම්ම මෙම කල්ලියේ පැතිරීම සහ බලපෑම ප‍්‍රබල බව පැහැදිලියි.

      ක‍්‍රීඩකයන්ට බෝර්න් අගේන් නිකායට එක්වන ලෙසට බලපෑම එල්ල වන්නේ ප‍්‍රධාන තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල් ගෙනි. ඔහුගේ ඉල්ලීම අවස්ථා කිහිපයකදී ප‍්‍රතික්ෂේප කළ සැණින් එම ක‍්‍රීඩකයා එළියේය. නිරෝෂන් දික්වැල්ල, කුසල් මෙන්ඩිස් වැනි බෝර්න් අගේන් නිකායේ ක‍්‍රිස්තියානි ක‍්‍රීඩකයන්ට කණ්ඩායමේ ස්ථිර ස්ථානයක් හිමිවීමේද රහස එයයි. (කුසල් මෙන්ඩිස් දෙවියන්ගේම පිහිටින් ගහන්නෙම නැති නමුත් ලකුණු වලට වඩා දික්වැල්ල කුරුස ගහනවා පෙනේ)

      මෙම කල්ලියේ ජෙරම් ජයරත්නගේ අණින් ක‍්‍රිකට් දූෂණ විරෝධී ඒකකයේ ප‍්‍රධානි අයුෂ් වීරක්කොඩි සහ ජාතික කණ්ඩායමේ ප‍්‍රධාන කළමනාකරු චරිත් සේනානායක ඉවත් කළ අතර මෙම දෙදෙනාම බෝර්න් අගේන් නිකාය වැළඳගැනීම ප‍්‍රතික්ෂේප කළ නිළධාරීන් ය. චරිත් වෙනුවට පත් කළ කළමනාකරු ජෙරිල් වවුටර්ස් බෝර්න් අගේන් නිකායේ දැඩි භක්තිකයෙකි.

      සහාය පුහුණුකරුවකු වන මනෝජ් අබේවික‍්‍රම පසුගිය සමයේ ඉවත් කළේය. ඔහු වෙනුවට එක්වන්නේ රුවන් කල්පගේය. මනෝජ් බෞද්ධයෙකි. රුවන් කල්පගේ බෝර්න් අගේන් නිකාය වැළඳ ගත්තෙකි.

      ශ‍්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ පුහුණුකාරීත්වයට පත් කළ, ජාතික කාන්තා කණ්ඩායමක පුහුණුකාරීත්වය දැරීමට කිසිසේත් සුදුසුකම් සපුරා නැති හර්ෂ ද සිල්වාද බෝර්න් අගේන් නිකායේ බැතිමත් පුද්ගලයෙකි.

      ඒ වගේම මෑතකදී ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පස්දෙනකුගෙන් යුතු උපදේශක සභාවක් පත් කළේය. ඉන් මයිකල් සොයිසා, ජෙරම් ජයරත්න, චන්දික හතුරුසිංහ සහ ඈෂ්ලි ද සිල්වා බෝර්න් අගේන් පල්ලි කල්ලියේය. ඉතිරි එකම සාමාජිකයා කෙන් එල්විස් ක‍්‍රිස්තියානි භක්තිකයෙකි.

      එපමණක් නොව කපිල විජේවර්ධන වැනි අතිශය දක්ෂ, දර්ශනයක් දැක්මක් සහිත තේරීම් නිලධාරීන් සිටියදී තේරීම් කමිටු සභාපති ලෙස පත් කළ රාජ පක්ෂ ඥාති අසන්ත ද මෙල්ද බෝර්න් අගේන් පල්ලියේ අන්ධ සාමාජිකයෙක් වීම හාස්‍යයට කරුණකි.

      ක‍්‍රිකට් ආයතනයේ නිලධාරීවාදය පසුපස ඇති බෝර්න් අගේන් අන්තවාදය මෙන්ම ශ‍්‍රී ලංකා ජාතික කණ්ඩායමේද තත්ත්වය වෙනස් නැත.

      කණ්ඩායමෙන් ඉවත් කළ නොහැකිම සිංහල බෞද්ධ ක‍්‍රීඩකයන්ට අසන්ත ද මෙල්ගෙන් මේ වන විට එල්ල වී තිබෙන්නේ දැඩි පීඩනයකි. ඒ කණ්ඩායමේ රැඳී සිටීමට නම් බෝර්න් අගේන් නිකාය වැළඳගැනීමට යැයි කියමින්ය. හෘද සාක්ෂියක් සහිතව අසන්ත ද මෙල්ගේ ඉල්ලීම ප‍්‍රතික්ෂේප කළ ක‍්‍රීඩකයන් එළියේය. උපුල් තරංග පසුගිය සමයේ හිටපු පුහුණුකරු චන්දික හතුරුසිංහගේ ආගම වෙනස් කිරීමේ යෝජනාව කිහිප වරක් ප‍්‍රතික්ෂේප කළ නිසා ඉවතට විසි වූ ජ්‍යෙෂ්ඨයෙකි.

      Delete
    2. තේරීම් කමිටුවක් නමට සිටියදී කණ්ඩායමේ තේරීම් කටයුතු සිදු වන්නේ ජෙරම් පාදිලි, ශම්මි ද සිල්වා සහ සමන්ත අල්ගමලා වැනි ආගමික අන්තවාදීන් විසිනි. තවද සංගක්කාර හා මහේල ද මෙම ආගමික කණ්ඩායමේ බැතිමත් වන අතරම යාපනේ සිට එන හින්දු ක්‍රීඩකයින් ටත් ලොකු බලපෑමක් තියෙන බවට ආරංචියි. දේශපාලන ක්ෂේත්‍රයේ සජිත්, රෝසි, එරාන් හරීන් සිට රනිල් දක්වා විශාල ප්‍රමාණයක් සහ රාජ පක්ෂ පවුලේ ඥාතීන් රාශියක් සහ පොදුජන පෙරමුණේ නාලක ගොඩහේවා ඇතුළු පිරිසක් , ජවිපෙ ජාතික ජන බලවේගයේ සාමාජිකයන් අති බහුතරය සහ වෙනත් කුඩා දේශපාලන කණ්ඩායම් ද මේ ආගමික අන්තවාදී දහම වැළඳ ගෙන ඇති බව පැවසේ.

      මෙම තත්ත්වය දරුණු වන්නේ ශ‍්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ක‍්‍රීඩකයන්ට මානසික සුවතාවට යැයි කියා ජෙරම් පාදිලියාගෙන් යාඥා පූජා සංවිධානය කර තිබීමෙනි. එය ඉතාම පැහැදිලිව අන්‍යාගමීකරණයට උත්සාහ කිරීමකි.

      වර්තමානයේ සිදුවන්නේ ආගමික ගෝත‍්‍රික කල්ලියක් ශ‍්‍රී ලංකාවේ නිල නොවන ජාතික ක‍්‍රීඩාව ප‍්‍රාණ ඇපයට ගෙන සිය ආගම පැතිරවීමයි. මෙය අයි සීස්, අල්යිඛයීඩා තරම්ම දරුණු ආගමික ත‍්‍රස්තවාදයකි.

      වහාම ලංකාවේ බලගතු මෙම බෝර්න් අගේන් ත‍්‍රස්තවාදය පාලනය නොකළහොත් අනාගත සනත්ලාට, අර්ජුනලාට, අරවින්දලාට, මුරලිලාට, දිල්ෂාන්ලාට ශ‍්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ස්ථාන හිමි වන්නේ නැත.

      ඒ වෙනුවට නුසුදුසු දික්වැල්ලලාගෙන්, පෙරේරාලාගෙන්, මෙන්ඩිස්ලාගෙන් කණ්ඩායම පිරී යනු ඇති. පාලකයන් මෙම ගැටලූව ඉක්මනින් විසඳීමට මැදිහත් නොවන්නේ නම් ක‍්‍රිකට් ආගමක් තරමටම අදහනා මෙරට රසිකයන්ට ඉතිරිව ඇත්තේ එකම විකල්පයකි.

      එනම් ඉන්දියානු රසිකයන් මෙන් මහ මගට බැස ක‍්‍රීඩාවේ මුල් බැස ගෙන විනාශ කරනා ආගමික අන්තවාදීන් ක‍්‍රිකට් ආයතනයෙන් පහර දී එලවා දැමීමය.

      එම cricket Management Company ගිවිසුමට අනුව සමාගම හසුරුවන හැම ක‍්‍රීඩකයෙකුගේම Match Fee එකෙන් බාගයක් මේ ආයතනයට දීම අනිවාර්යය.

      මේ සුද්දා ”මයික්” නම් මයික් එක්ක ගිවිසුම් අත්සන් නොකරන කිසිම නවක ක‍්‍රීඩකයෙකුට ජාතික කණ්ඩායමේ ඉඩ නොලැබෙන අතර ගිවිසුම් අත්සන් කර Born Again කල්ලිය හා එක්වන හැම ක‍්‍රීඩකයෙකුගේම ජාතික කණ්ඩායමේ තැන ස්ථීර වන අතර ඔහුන්ගේ ප‍්‍රධාන රාජකාරිය ලෙස කරන්න ඇත්තේ ක‍්‍රිකට් ගසනවාට වඩා උඩ බැලීමත් හැමදේකටම කුරුස ප‍්‍රදර්ශනය කිරීම පමණිය. අවසන් වශයෙන් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ බෝර්න් අගේන් අන්තවාදයට හසු වී කැපී ගිය හිටපු කළමනාකරු චරිත් සේනානායකගේ වචනයෙන්ම මෙම සටහන අවසන් කිරීමට සිත් විය.

      ”තමන්ගේ පුද්ගලික විශ්වාසය අනුව ඕන දෙයක් කරගෙන ඉන්න. ගස් ගල් බැරි නම් වඳුරො බැරිනම් මීයො වුණත් ඕන නම් අදහන්න. හැබැයි ඒ මීයො අනිත් අයගේ කටේ ඔබන්න හදන්න එපා. මම ඒකට පෞද්ගලිකවම විරුද්ධයි.”

      Delete
  2. ඉකෝන් මේ කතාව ඇත්ත ද?

    //ලංකාවේ ප්‍රබලයින්ට සම්බාධක පමුණුවන්න එක්සත් ජාතීන්ගේ සංවිධාණය සැරසෙයි.

    "එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරයාගේ ශ්‍රී ලංකාව පිළිබඳ නවතම වාර්තාව මඟින්, “මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් තහවුරු කළ හැකි චෝදනා ලබා සිටින” ශ්‍රී ලාංකිකයින් සඳහා වත්කම් අත්හි‍ටුවීම සහ විදෙස් සංචාර තහනම් කිරීම වැනි පුද්ගලයන් ඉලක්කකර සම්බාධක යෝජනා කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ"
    (පුවතක්)

    මේ නිවුස් එක දැක්කගමන් පට්ට විදියට සතුටු වෙන කුහක පිරිසකුත් ලංකාවේ ඉන්නවා, ඒ තමයි උග්‍ර සජබ, ජවිපෙ, එජාප හා ඒ හා සම්බන්ධ වෙනත් කුඩා පක්ෂවල සාමාජිකයන්.
    ඔය සෙට් එකටම අවශ්‍ය මානව හිමිකම් කොමිසමෙන් දැනට ටාගට් කරගෙන ඉන්න අපේ රටේ ප්‍රබල පුද්ගලයින්ට නප්පෙටම කෙලවලා දාන්න , මොකද එහෙම කරොත් තමයි මේ පක්යිෂිකන්ගේ දේශපාලන පක්ෂ වල දේශපාලන ගමනට ඇති බාධාවන් සියල්ල ඉවත් කරන්න පුලුවන් වෙන්නේ.

    එහෙනම් ඒ බාධාවන් තමුන්ට කෙලින්ම ඉවත් කරන්න බැරි තැන ඔවුන් ඒක කරගන්න හදන්නේ ජාත්‍යන්තරය හරහා.

    හරි අපි බලමු ජාත්‍යන්තරයෙන් සම්බාධක දාන්න හේතුවක් වන අපේ රටේ ඉන්න ප්‍රබලයෝ කවුද කියලා?

    ඕක ඔච්චරටම කල්පනා කරලා හොයන්න දෙයක් නෑ , ඒ පුද්ගලයෝ තමයි මහින්ද රාජපක්ෂ , ගෝඨාභය රාජපක්ෂ , සරත් ෆොන්සේකා , කමල් ගුණරත්න , ශවේන්ද්‍ර සිල්වා සහ යුධ ජයග්‍රහණයට සම්බන්ධ වූ හමුදා නිළධාරින්.

    ඇයි මේ අයට සම්බාධක දාන්න එක්සත් ජාතීන්ගේ සංවිධානය මේ තරම් දත කන්නේ? මෙයාලගෙන් ඒ අයට මොකක් හරි වරදක් උනාද? ලොවෙත් එහෙම වරදක් මේ පුද්ගලයින්ගෙන් වෙලා නෑ. එහෙනම් මෙයාලා කරපු එකම එක වැරද්ද තමයි අවුරුදු 30ක් ලංකාවම ලේ විලක් බවට පත් කරපු කොටි ත්‍රස්ථවාදය මුලිනුපුටා දැමීමට යුද්ධ කිරීම.
    මේක කරේ මෙයාලගේ පෞද්ගලික වාසිය වගේම රට වෙනුවෙනුත් සහ රටේ සහෝදර ජනතාව වෙනුවෙන්නුත් ඒත් දඬුවම් විඳින්න සිද්ද වෙලා තියෙන්නේ එයාලට විතරක්.

    අද මේ ආණ්ඩුවේ ඉන්න ප්‍රබලයින්ට මොන ලයින් එකක් ගහලා හරි කෙළවලා දාන්න දඟලන සෙට් එකේ එකෙක් තමන්ගේ හිතට අවංකවම හිතනවාද මෙයාලාට මේ වගේ ප්‍රශ්නයන් වලට ජාත්‍යන්තර වශයෙන් මූණ දෙන්න සිද්ධ වෙලා තියෙන්නේ අපේ රටේ ත්‍රස් තවාදය තුරන් කරලා රටට නිදහස ලබා දෙන්න ගිහින් නේද කියලා?

    නෑ ඔතන එකෙක්ටවත් ඔහොම හිතන්න තරම් හිතක් පපුවක් තියෙන උන් නෑ, උන්ට අවශ්‍ය උන්ට උන්ගේ දේශපාලන ගමනට ඇති බාධාවන් මේ විදියකින් හරි ඉවත් කරලා දාන්න විතරයි.
    අන්න ඒ වෙනුවෙන් තමයි ඔය සේරම එකට එකතුවෙලා තමන්ගේ රට ගැන ජාත්‍යන්තරයට කේලම් කිය කියා ඇවිදින්නේ.

    එක්සත් ජාතින්ගේ සංවිධානය විසින් අපේ රටට දැනුම් දීලා තියෙනවා මෙන්න මෙහෙම දෙයක්.

    "මෙම පියවර ගැනීමට පෙර ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වීමට ජනවාරි 27 වනදා දක්වා ශ්‍රී ලංකාවට කල් ලබා දී ඇති අතර මහ කොමසාරිස් මිෂෙල් බැචලෙට් විසින් ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ (අයි.සී.සී.) අපරාධ නඩු විභාග කිරීම සහ යුද අපරාධ පිළිබඳ චෝදනා සොයා බැලීමට හා සාක්ෂි රැස් කිරීමට ජාත්‍යන්තර යාන්ත්‍රණයක් සැකසීමට නිර්දේශ කර ඇත"

    කොහොමද වැඩේ?

    ඔතන සරත් ෆොන්සේකානම් සාක්ෂි කාරයෙක් වෙලා හරි බේරෙයි අනිත් අයට මොකද්ද වෙන්නේ?

    මේ සෙල්ලම අපි හිතන තරම් ලේසි නෑ , මුලින්ම ජාත්‍යන්තරයෙන් ඔය පුද්ගලයින්ට සම්බාධක පමුණුවයි ඊටපස්සේ නිකන් ඉඳීද?
    ඔවුන් ඊට පස්සේ ඒ හරහා රටේ අභ්‍යන්තරයට කරන්න පුලුවන් බලපෑම් කරලා, අන්තවාදින්ට, බෙදුම්වාදින්ට අවශ්‍ය විදියට අපේ රටට යම් යම් සම්බාධකත් පනවයි.

    හැමදේකටම ජනාධිපතිටම බැන බැනා ඇවිදින මරාවාදී මෝඩ බයියොත් ටිකක් මේ ගැන තේරුම්ගත්තනම් හොඳයි, මේ වගේ ආර්ථික වශයෙන් දුෂ්කර ඉතාම අමාරු කාලයක විශාල ප්‍රශ්නයක් අප ඉදිරියේ එන්න තියෙද්දි රටක් වශයෙන් සමහර තීන්දු තීරණ එක පාරටම ගන්න බෑ. එහෙම තීරණ ගන්න පුලුවන්නම් අපි කියන්නත් කලින් ඒ සම්බන්ධව තීරණ ගන්නේ ජනාධිපති, ඔය විපක්ෂයේ පිරිස මොන වැල් බයිලා ගගා ගියත් කමක් නෑ, රටට ආදරේ කරන බහුතරයක් ඒ ප්‍රශ්නය වෙනුවෙන් නම් ආණ්ඩුවත් එක්ක එකට හිටගන්න ඕන වෙලාවයි මේ.

    - මොහමඩ් අක්රම්///

    ReplyDelete
    Replies
    1. ඉකොනෝ, කොමෙන්ට් සම්බන්ධයෙන් ඔබේ ප්‍රතිපත්තිය කුමක් උවත් මේ ඉහත තිබෙනවා වැනි ඒවා ඉවත් කර දැමීම සියලුදෙනාටම කරන සේවයක් බව මගේ අදහසයි.

      If you have to give a reason like FB did to you, how about 'irrelevant to the topic in discussion', or something like that :-)

      Delete
    2. Well said ano..
      I vehemently and emphatically agree with the above comment. Since the absent of any kind of censorship or cohibition of comments here, people try to misuse the space.Econo, aren't you aware of this?

      ප්‍රධාන ලිපියට හෝ ඊට කලින් පල කරන ලද ලිපිවලට අදාල නොවන කොමෙන්ටු මෙහි පල කරන්නේ පරාජිත නලීන් නැට්ටන් සහ පරාජයට බය රාජපක්ෂවාදී බයියන් බව තේරුම් ගැනීමට අයකුට සංඛ්‍යානය, ආර්ථික විද්‍යාව හෝ electrical engineering  කර තිබීම අනවශ්‍යය. අවශ්‍ය වන්නේ සුළඟ හමන දිශාව/where to the wind blows තේරුම් ගැනීම පමණි. මේ වනාහි ඉකොනෝ හට කරන මිත්‍රත්වය සහ සහෝදරත්වය මුසු අනතුරු හැඟවීමකි.

      බිය සුලු ත්‍රස්තවාදීන්ගේ ඊලඟ පියවර බ්ලොගය හැක් කිරීමය. Beyond Frame  වෙබ් අඩවියට සිදුවූ දෙය සිහිපත් කරමි.

      CP-C

      Delete
    3. යෝජනාවට ස්තුතියි! ඔය වගේ දේවල් කරන අය එය දිගටම කරන්නේ එයින් ඔවුන් අපේක්ෂා කරන කිසියම් අරමුණක් ඉටුවේනම් පමණයි. සමහර විට ඊළඟ පියවර මේ වියුණුව රිපෝර්ට් කර වියුණුවම අසාදුගත කිරීම වෙන්න පුළුවන්. එසේ කරන්න අවශ්‍ය අයට වැඩේ පහසු වෙන්න ඉහත වම් පස තීරුවේ ඉහළින් අලුත් ලින්ක් එකක්ද දැම්මා. ඔබ කියනවාක් මෙන් හැක් කරන්නටද පුළුවන්.

      Delete
  3. "..අප ඉපදෙන්නේම බොහෝ දේවල් "දැනගෙන". මේ දේවල් අප විසින් වසර ලක්ෂ ගණනක් පුරා අත්දැකීම් හරහා දැනගත් දේ. අප මෙන්ම වෙනත් සතුන් හා ගස් වැල් ද "ඉපදෙන්නේ" වසර ලක්ෂ හෝ මිලියන ගණනක් තිස්සේ එකතු කරගත් දැනුම් සම්භාරයක් සමඟ. ඒ දැනුම අපේ ජාන වල ගබඩා වී තිබෙනවා. අප ඇතැම් දේ කරන්නේ ඇල්ගොරිදම් වලට අනුවයි. අපේ හැඟීම් කියන්නේ මේ ඇල්ගොරිදම් වල ප්‍රතිඵල. මෙවැනි ඇතැම් ඇල්ගොරිදම් ප්‍රතිඵල වලට එරෙහිව අපට නිදහස් තීරණ ගන්න ඉතා අසීරුයි..."

    ඉහත කතාව ටිකක් (අප ඉගෙන ගන්නා) බුද්ධාගමට සමීපයි වගේ. "... පඤ්චස්කන්ධ නම් ගෙය හදන වඩුව , මම ඔබ දිටිමි. එම නිසා ඔබට නැවතත් ගෙය හැදිය නොහැකිය. ඔබගේ ගෙයි සියලු පරාල බිඳ දමන ලදි. එහි කැණි මඬල ද සුණු විසුණු කරන ලදි. මගේ සිත නිවනට පිවිසියේය."

    ReplyDelete
  4. "..ලෝකය ප්‍රතිනිර්මාණය කෙරෙන කටයුත්ත සිදු වෙමින් පවතින්නේ අප කවුද කියන එක පවා වෙනස් කරමින්. කුඩා කණ්ඩායමක් විසින් අනාගත ලෝකය වගේම අනාගත මිනිසාවද සැලසුම් කරමින් සිටින අතර අනාගත ලෝකයේ සාධාරණත්වය යනු කුමක්ද යන්න තීරණය වීමට නියමිතව ඇත්තේ ඔවුන් අතින්."

    මේ ලිපිය කියවන සැවොම අවධානය යොමු කල යුතු වැදගත්ම කොටස මෙය යයි මට සිතේ. අවුරුදු පහකට පෙර මා ද ඇතුළු බොහෝ දෙනෙක් යුවාල් හරාරි ගැන නොදැන සිටි ආකාරයෙන්ම, ඔබ මේ කිව්වේ කුමක් ගැනදැයි අපට දන ගැනීමට ලැබෙන්නේ තව අවුරුදු පහකින් ද?

    ReplyDelete
    Replies
    1. ඒ තරම් බලපෑමක් නැති පොඩි උදාහරණයක් ගත්තොත් දැන් ගොඩක් අය ගූගල් සිතියම් බලාගෙන වාහන ධාවනය කරනවා. යම් හෙයකින් කිසියම් පොඩි පාරක් සිතියමේ නැත්නම් හෝ එම පාර ගූගල් ඇල්ගොරිදමයට අහු වෙන්නේ නැත්නම් ඒ පාරෙන් වාහන යන එක ටිකෙන් ටික අඩු වී ඒ පාර අයිනේ තිබෙන පොඩි කඩයක් වැහිලා යනවා. දැන් මේ කඩය වහන්නේ කවුද? අර ඇල්ගොරිදමය හදපු කුඩා කණ්ඩායම.

      එතකොට දැන් ඔබ දුරකථනයේ යමක් ටයිප් කරන කොට ඇල්ගොරිදමය ඔබට වචන යෝජනා කරනවා. ඒ යෝජනා කරන වචන භාවිතය ඉහළ ගොස් යෝජනා නොකරන වචන භාවිතය අඩු වී යනවා. කාලයක් යද්දී ඇල්ගොරිදමයට භාෂාවක් වෙනස් කළ හැකියි. ගූගල් පරිවර්තන වලට වගේ ආවහම තවත් සංකීර්ණයි.

      මීට වඩා ටිකක් "භයානක" උදාහරණයක් සැලකුවොත් මේ වෙද්දී පාරවල් වල රියදුරන් නැති වාහන ධාවනය වෙනවා. මේවා විශාල ලෙස ප්‍රචලිත වීම කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණයි. අපි හිතමු හදිසියේ ළමයි දෙන්නෙක් පාරට පැන්නා. ළමයි බේරගන්න තිබෙන එකම ක්‍රමය වාහනේ පැත්තක තිබෙන තාප්පයේ හප්පන එක. නමුත්, එයින් වාහනයේ යන පුද්ගලයා මැරෙනවා. දැන් මැරෙන්නේ කවුද කියා තීරණය කරන්නේ ඇල්ගොරිදමය.

      අපි හිතමු දූෂණ හා වංචා පාලනය කිරීමට කෘතීම බුද්ධිය යොදාගත්තා කියලා. මෙය කළ හැකි දෙයක්. දැන් දූෂණ හා වංචා මොනවාද කියා තීරණය කරන්නේ ඇල්ගොරිදමය හදන අය. ඒ කියන්නේ කෙනෙක් හොරෙක් ලෙස ලේබල් කරන්නේ ඇල්ගොරිදමය.

      ඉපදෙන්න පෙරම ජාන වෙනස් කිරීම කියන තැනට ආවහම තත්ත්වය ඉතාම සංකීර්ණයි. ඔබේ දරුවා මොන වගේ කෙනෙක්ද කියන එක ඔබට තීරණය කළ හැකි වෙයි. නමුත්, ඔබට එය කළ හැක්කේ ඇල්ගොරිදමයේ සීමාවන්ට යටත්ව. ඒ කියන්නේ අනාගතයේ ඉපදෙන ඔබේ දරුවා හිතන්නේ කොහොමද කියන එක තීරණය කරන්නේ අද ජීවත් වන ටික දෙනෙක්. ඒ තීරණ පදනම් වන්නේ ඔවුන් සදාචාරය පිළිබඳව අද හිතන ආකාරය මත.

      තව ගොඩක් දේවල් කියන්න පුළුවන්.

      Delete
    2. //තව ගොඩක් දේවල් කියන්න පුළුවන්//

      මට හිතෙන්නේ මේ ලිපියේ, වඩාත්ම වැදගත් කොටස ඉහත ඉකනොගෙ ප්‍රතිචාරය බවයි. AI, Drone in warfare, Crispr gene editing, Self driving cars මේ ගැන වෙනමම ලිපියක් ලියන්න වටින්නෙ නැත්ද?

      Delete
    3. මේ විග්‍රහය වඩා හොඳින් කළ හැක්කේ ආර්ථික-දේශපාලන ක්‍රමය පරිණාමය වන ආකාරය සමඟ එකට අරගෙන. එය ටිකක් සංකීර්ණයි.

      Delete
  5. කතුවරයා ලියන දේ එලෙසම ගන්නවද
    නැතිව එයින් ගත යුතු දේ ගන්නවද?
    හඳ පෙන්වන විට දකින්නෙ ඇඟිල්ලද
    එහි දොස ඇත්තෙ පෙන්වන්නාගේ වෙතද?

    ඉකොනෝ ඔබ ලියන දේ හැමවිට හරබරය
    හිතන්නට අපව පොළඹාලන සුලුය
    නව සංකල්ප එහෙමත් ඇත; අඩු නැතිය
    කාට රිදවුණත්, ඔබෙ මත ලිව යුතුය!

    ReplyDelete
  6. පසුගිය කොරෝනා සමයේ රටපුරා ඇඳිරිනීතිය පැවති දිනයක ගමේ පන්සලේ ඉදිරිපිට විශාල වාහන විශාල ප්‍රමාණයක් නවත්වා තිබුණි. විපරම් කර බැලුවිට දැනගන්නට ලැබුනේ ඒ පිරිස රු 5,000 ලබා ගැනීමට පැමිණි අය බවය. රජය විසින් එම මුදල දෙනු ලැබුයේ අඩු ආදායම් ලාභින් සඳහා වුවත් එය ලබාගත් පිරිසෙන් 30% පමණ බොරු ආදායම් ලාභින්ය . මෙසේ වුයේ ඇයි? රජය සතුව මිනිසුන්ගේ හරි තොරතුරු නැත. තිබෙනවානම් ඇත්තේ මැතිවරණ ලේකම් කාර්යාලයේය. එය ඔබ නිවසට මැතිවරණයකට පෙර ලැබෙන චන්ද හිමි නාම ලේඛනයේ ඇතුලත් වන අතර එම තොරතුරුද හරියාකාරව පරිඝනකගත කර නැති බැවින් එහි ඇත්තේ ජනතාවගේ සීමිත තොරතුරු ප්‍රමාණයකි.

    රටේ ජනතාවගේ සියලු තොරතුරු සතු පිරිස නම් ග්‍රාම නිලධාරින්ය .ඔවුන් කායික ලේඛන ගොනු 60ක් පමණ පවත්වා ගත යුතුය . ඒවා සමහරක් පහතින් දැක්වේ .

    1. කාර්යාලිය උපදෙස් ගොනුව
    2. විවිධ ලිපි ගොනු ලේඛනය
    3. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ලබා දෙන වාර්තා
    4. අධිකරණ කරටුතු සඳහා ලබා දෙන වාර්තා
    5. ජන හා සංක්යාලේඛන වාර්තා
    6. ජන හා නිවාස සංගණන වාර්තා
    7. රජයේ ආරක්ෂක නිලධාරීන්ගේ නාම ලේඛනය
    8. ප්‍රභූ නාම ලේඛනය
    9. කුසලතා හිමි අයගේ ලේඛනය
    10. විශේෂ අවශ්‍යතා ඇති අයගේ ලේඛනය
    11. සමෘධි නිලධාරි වාර්තා
    12. මහජන ආධාර
    13. වසා ඇති කමිටු පිළිඹඳ විස්තර
    14. මහජන ආධාර පොරොත්තු ලේඛනය
    15. වැඩිහිටි හැඳුනුම් පත් භාර දීමේ ලේඛනය
    16. රජයේ විශ්‍රාම වැටුප් නාම ලේඛනය
    17. ඡන්ද හිමි නාම ලේඛනය
    18. ව්‍යාපාර ලියාපදිංචි නාම ලේඛනය
    19. වසමේ පිහිටි පොදු ආයතන
    20. වසමේ පිහිටි රජයේ ඉඩම් ගොඩනැගිලි
    21. රජයට අත්පත් කර ගන්න දේපොළ
    22. අපරාධකරුවන්ගේ ලේඛනය
    23. වයස 70 ට වඩා වැඩිහිටි ලේඛනය
    24. වයස 70 පිරි ඇති එහෙත් ආධාර නොලැබෙන පිරිසගේ ලේඛනය.... etc.

    මේවා දිනපතා රටේ අවශ්‍යතාවයන් මත වැඩි වනවා මිස අඩු වන්නේ නැත. පැවති ආණ්ඩු ග්‍රාමනිලධාරී මහතුන්ට කර ඇති අසාධාරණය සුළුපටු නොවන අතර පරිඝනකගත ක්‍රමවේදයක් නොමැතිව මේවා යාවත්කාලින කිරීමට ඔවුන් ගන්නා වෙහෙස අපමණය. දිනපතා ඔවුන් ලඟට වැඩ කර ගන්නට පැමිණෙන මිනිසුන්ගේ තොරතුරු, රජය ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා ඉල්ලන තොරතුරු සහ රජයෙන් ඔවුන්ට ලැබෙන තොරතුරු සියල්ල යාවත්කාලින කරන්නේ ඔවුන්ටම අවේනික ක්‍රම වලිනි . උදාහරණයක් - රටේ අඩු ආදායම් ලාභින්ගේ ලැයිස්තුවක් /වාර්තාවක් අවශ්‍ය නම් පලාත්පාලන අමාත්‍යංශය හරහා ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලින් දුරකථන මාර්ගයෙන් ග්‍රාම නිලධාරීන්ට දැන්විය යුතුය .ඉන්පසු ඔවුන් කරන්නේ ඔවුන්ගේ අදාළ ගොනුව පෙරලා එම ලැයිස්තුව කොලයක ලියා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගොස් පළාත් පාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශයට fax කිරීමය .එම අමාත්‍යංශයේ සේවක පිරිස ඒවා මාර්ගයෙන් වාර්තාව සැකසිය යුතුය .මෙවන් පරිඝනක ගත ලෝකයක මෙවැනි දෙයක් පැවසීමද ලජ්ජාවට කාරණයකි .

    මේ සඳහා අධික පිරිවැයක් යොදවා පරිඝනකගත ක්‍රමවේදයක් හඳුන්වාදීමට පසුගිය කාලයේ ක්‍රියාත්මක වූ ව්‍යාපෘති කිහිපයකි. 2009 වසරේ ශ්‍රී ලංකාවේ සියලු ග්‍රාම නිලධාරීන් සතු තොරතුරු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඇති පරිඝනකයකට ඇතුල් කරන ලදී. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් ග්‍රාම නිලධාරීන් ප්‍රමාණය වැඩි බැවින් මේ සඳහා බොහෝ කාලයක් ගත විය . නමුත් එදා සිට අද දක්වා එයින් සිදුවූ දෙයක් නොවිණි. ඒවා ජාලගත පරිඝනක නොවූ බැවින්ද අද වනවිට ඒවා යල්පැනගිය උපකරණ වී ඇති බැවින්ද එම තොරතුරු කිසිවක් කිසි තැනක නොමැත
    තවත් මෙවැනිම ව්‍යාපෘතියක් 2014 වර්ෂයේදී ක්‍රියාත්මක විය. එය ක්‍රියාත්මක කල ආයතනය අහඹු ලෙස ග්‍රාම නිලධාරින් පිරිසක් තෝරා ගෙන ඔවුන්ගේ අවශ්‍යතා, ජනතාවගේ අවශ්‍යතා ,ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අවශ්‍යතා සහ පලාත්පාලන හා ස්වදේශ කටයුතු අමාතංශයේ අවශ්‍යතා හඳුනාගෙන සාර්ථක විසඳුමක් ඉදිරිපත් කරමින් පරිඝනකගත ක්‍රමයක් නිර්මාණය කරන ලදී. එය කලින් ව්‍යාපෘති වලට වඩා සාර්ථක වුයේ එය ක්‍රියාත්මක කරන පිරිසම ඒ සඳහා යොදාගත් බැවිනි. එහිදී ග්‍රාම නිලධාරින් ඔව්න්ගේ වියදමින් ලැප්ටොප් පරිඝනකයක් මිලදී ගෙන හඳුන්වා දුන් ක්‍රමවේදය හරහා වසමේ සියලු තොරතුරු ඒවාට ඇතුල් කරන ලදී (දත්ත එකතු කල පසු ඔවුන්ට ලැප්ටොප් පරිඝනකය සඳහා රජයෙන් මුදල් ලබා දුනි ). මෙම ක්‍රමය සාර්ථක වීමට තවත් හේතුවක් වුයේ එම උපකරණ වල වගකීම රජයට නොමැති වීමෙන් හා එහි පැනනගින තාක්ෂණික දෝෂ ඔවුන් තනිව මිලදී ගත ආයතන වලට කතා කර විසඳා ගැනීමත් නිසාය. යාපනය ප්‍රදේශයේ පරිඝනකයක් දැක නැති ග්‍රාම නිලධාරින් මහතුන්ට පවා එම ආයතනයේ සාර්ථක පුහුණුව නිසා දත්ත ඇතුල් කිරීමට හැකියාවක් ලැබුණි. මෙම ව්‍යාපෘතිය ඉතා සාර්ථක වූ නමුත් 2015 යහපාලන ආණ්ඩුව පත් වී එම ව්‍යාපෘතියද නවත්වන ලදී.

    ReplyDelete
    Replies
    1. නැවත වතාවක් යහපාලන රජය 2017 වර්ෂයේදී කලින් කල ව්‍යාපෘති වල උගත් පාඩම් කිසිවක් නොසලකා ප්‍රාදේශීය ලේකම් කාර්යාල හතරක (කොළඹ, බදුල්ල, කුරුණෑගල, ගාල්ල ) ග්‍රාම නිලධාරින් උදෙසා tab පරිඝනක ලබාදී online ක්‍රමයට දත්ත ඇතුළු කිරීමේ ක්‍රමවේදයක් නියමු ව්‍යාපෘතියක් ආකාරයෙන් අරඹන ලදී .( http://www.mdiit.gov.lk/index.php/en/ ) ලබාදුන් බාල වර්ගයේ tab පරිඝනකය සහ එහි නඩත්තු හා සේවා කටයුතු කල පුද්ගලික ආයතනය ඔවුන්ගේ වගකීම් පැහැර හැරී නිසා එම ව්‍යාපෘතියද නැවතුණි .2014 වර්ෂයේ කල ව්‍යාපෘතිය ඉහත සියලු කාරනා සඳහා විසඳුම් දී තිබුණි .
      මෙම ව්‍යාපෘති සියල්ල ක්‍රියාත්මක වුයේ විදේශ නය ආධාර යටතේය . එම ව්‍යාපෘති ICTA ආයතනය හරහා ක්‍රියාත්මක වුවත් මේවා අතරමඟ ඇනහිටියේ පහත සඳහන් කාරනා නිසාය .

      1 ) නව රජයන් පත් වන විට පැරණි රජයන් ක්‍රියාත්මක කල හොඳ හෝ නරක ව්‍යාපෘති නිසි අධ්‍යයනයකින් තොරව නැවත්වීම .
      2) මෙවැනි ව්‍යාපෘතීන්ට සම්බන්ධවන නිලධාරීන්ට ඉලක්ක ලබා නොදීම සහ අනිත් නිලධාරින් සමඟ තරඟකාරී ක්‍රමවේද හඳුන්වා නොදීම .
      3) මෙම ව්‍යාපෘති සඳහා ඉහල තලයේ අයිතිකරුවකු නොමැති වීම .
      4) ව්‍යාපෘතියක් අවසාන කිරීමට වගකීමක්, දිනයක්, ඉලක්කයක් නොමැති වීම .
      5) රජයේ උසස් නිලධාරීන්ට පරිඝනක භාවිතය ගැන ඇති වැරදි වැටහීම .(ඔවුන් බොහෝවිට සිතනුයේ පරිඝනකගත ක්‍රමවේදයක් දැන ගැනීමට පෙර පරිඝනකය ක්‍රියා කිරීමේ හා පරිඝනක තාක්ෂනය වැනි තාක්ෂණික කාරනා දැන ගත යුතුය යන්නය . මිට අමතරව පරිඝනක පද්ධතිය භාරව සිටින ඇඩ්මින් වරු ගැන හා ඒවා ක්‍රියාත්මක වන ක්‍රමවේද ගැන හරි අවබෝධයක් නොමැති කමින් ඇති වන සැකය .)

      6) ICTA ආයතනයට මෙම ව්‍යාපෘති ලැබුණු පසු ඔවුන් ඊට ටෙන්ඩර් කැඳවා පුද්ගලික ආයතනය වලට දුන් වගකීම් ඔවුන් හරි හැටි ඉටු නොකිරීම (service level agreement වල පවතින දුර්වලතා )
      7) සමහර ග්‍රාම නිලධාරින් යතුරු පුවරු ක්‍රියාත්මක කිරීමේදී දක්වන අලසකම් සහ ඔවුන්ට ඒ සඳහා නිසි පුහුණුවක් නොදීම .
      8) බාල වර්ගයේ උපකරණ ලබා දීම.
      9) නිසි ශක්‍යතා අධ්‍යයනයක් නොකර ක්‍රියාත්මක කිරීම
      10) පහලම තලයෙන් එනම් ග්‍රාම නිලධාරි මට්ටමින් ඔවුන්ගේ දුෂ්කරතා අවශ්‍යතා හඳුනා නොගෙන ක්‍රියාත්මක කිරීම.
      11) ජනතා සේවයට අවශ්‍ය තොරතුරු රජය හඳුනා නොගැනීම.

      ශ්‍රී ලංකාවේ සෑම පුරවැසියකුටම තමාටම අනන්‍ය වූ හැඳුනුම්පත් අංකයක් ඇති අතර මෙම ව්‍යාපෘතිය එය මුලික කර ආරම්භ කල යුතුය
      මෙම ව්‍යාපෘතිය ජාතික ප්‍රමුඛතා ලයිස්තුවේ අංක 1 තිබිය යුත්තේ රජය ආරම්භ කරන සියලු ව්‍යාපෘති වලට අවශ්‍ය තොරතුරු නොමැති කමින් වන පාඩුව සුළුපටු නොවන බැවිනි.
      ජනතාවගේ තොරතුරු නැති කමින් රස්තියාදු වෙන්නේ ජනතාවමය .
      ජාතික ව්‍යසනයකදී ඒ පිළිඹඳ පියවර ගැනීමට ඇති ලොකුම අභියෝගය තොරතුරු නොමැති කමය .

      මෙම ව්‍යාපෘතිය මෙම රජය ඉතා ඉක්මනින් ආරම්භ කලයුතු අතර මෙය හරහා සියලු අමතාංශ දෙපාර්තමේන්තු එකිනෙකට සම්බන්ද කල යුතුය .
      ග්‍රාම නිලධාරි සතුව ඇති දත්ත එක් එක් අමාත්‍යංශයට අවශ්‍ය දත්ත පමණක් ලබා දිය යුතුය. උදාහරණයකට ඔබ රෝගී වී රෝහලකට ඇතුලත් කල විට ඔබේ ජාතික හැඳුනුම්පත් අංකය රෝහලේ ඇති පරිඝනකයට ඇතුල් කල පසු ස්වයන්ක්‍රියව ග්‍රාම නිලධාරි ළඟ ඇති රෝහලට අවශ්‍ය තොරතුරු පමණක් ලබා දිය යුතුය. නම, ප්‍රදේශය, වයස, රැකියාව වැනි දෑ රෝහලට වැදගත් වන අතර එවිට රෝහලේ නිලධාරියා ඇතුල් කල යුත්තේ රෝගය ගැන තොරතුරු පමණි. රෝගය ගැන තොරතුරු දැකිය යුත්තේ රෝහල පමණක් වන අතර එය ග්‍රාම නිලධාරි මහතාට අක්‍රිය කල යුතුය.
      මෙය එක උදාහරණයක් පමණක් වන අතර මේ හරහා ශ්‍රී ලංකාවේ සියලු ආයතන මෙයට සම්බන්ද කල හැක .
      මෙම තොරතුරු පුද්ගලික අංශයට සැපයීමෙන් රජයට ආදායම් ඉපයිය හැක. (CRIB)
      මෙය ජාතික වළාකුල (National cloud) යනුවෙන් නම් කර හැක .

      ජේ ඒ ඩී ප්‍රසංග අල්විස්

      Delete
  7. කලින් පෝස්ට් එකේ කමෙන්ට් එකක් තිබුනා euthanasia වගේ තීරන ගනිද්දි AI යොදා ගැනීම වැඩි කාලයක් යන්න කලින් වෙයි කියලා. දැන් මේ වසන්ගතයෙන් බරපතල ලෙස පීඩා විඳින රටවල සෞඛ්‍ය සේවා මත තියෙන පීඩනය නිසා දැන් උනත් කොවිඩ් ලෙඩුන්ට ප්‍රතිකාර කිරීමේදි සමහර 'තෝරාගැනිම්' වෙනවනෙ, උදා. ජීවත් වෙන්න වැඩියෙන්ම ඉඩ තියෙන අයට ප්‍රමුඛතාවය දීම (prioritising those who have the best chances of surviving). ඒ වගේ තීරන ගැනිමේදි දනටම, එහෙමත් නැත්නම් අද හෙටම AI යොදා ගනියි සමහරවිට. අපි අතර ඉතුරුවෙලා තියෙන warmth, compassion, understanding වගේ දේ නැතිම වෙලා යයිද, නැත්නම් ඒවා වෙනත් qualities වලින් replace වෙයිද.

    ReplyDelete
    Replies
    1. කෝවිඩ් නැතත් ඔය තෝරා ගැනීම වෙනවා. බොහෝ රටවල රෝහල් වල ICU ඇඳන් තිබෙන්නේ අවශ්‍ය ප්‍රමාණයට වඩා අඩුවෙන්. සමහර වෙලාවට අලුත් රෝගියෙක් ICU දමනවා කියන්නේ දැනට ඉන්න රෝගියෙක්ව "ගලවනවා" කියන එක. එතකොට තේරීමක් සිදු වෙනවා. එහිදී තේරීම සිදු වෙන්නේ තනිකරම warmth, compassion, understanding වගේ දේ මත පමණක් කියා ඔබ හිතනවද? මිනිස් වෛද්‍යවරයෙකු අතින් වාසු, පවිත්‍රා, දයාසිරි වගේ කෙනෙක්ට ලැබෙන සැලකිල්ල පුනරුත්ථාපනය වන මත්ද්‍රව්‍ය වැරදිකරුවෙකුට එලෙසම ලැබෙයිද? AI තීරණයක් සමහර විට වඩා "සාධාරණ" වෙන්න පුළුවන්. එය තීරණය වන්නේ සාධාරණත්වය කියන්නේ කුමක්ද කියන එක මතයි. සාධාරණත්වය තීරණය කරන්නේ ඇල්ගොරිදම් එක වෙනුවෙන් මුදල් ආයෝජනය අයයි.

      Delete
    2. කමෙන්ට් එක ලියද්දි මම 'වාසු, පවිත්‍රා, දයාසිරි', එහෙමත් නැත්නම් ට්‍රම්ප්, ජොන්සන් වගේ අය outliers විදිහට තමයි සැලකුවේ. ඔබේ පිලිතුර කියවද්දි ඒගොල්ලො outliers වීමම තමයි එතන පොයින්ට් එක කියලා ඔලුවට ආව. ස්තුතියි ඉකොන්. තව ටිකක් AI ගැන කියවලා බලන්නම්, උඩ ලින්ක් එකකුත් දැක්ක ඇනෝ කෙනෙක්ගෙන්.

      Delete
    3. ඉකොනොගෙ උදාහරණයෙ තියෙනවා වගේම warmth, compassion, understanding වගේ bias වලින් මනුෂ්‍යයාට සිද්දවෙන්නේ හොඳක් ද නරකක්ද කියල අපට පෙනෙන තලයේදී තීරණය කරන්න අමාරුවෙන්න පුළුවන්. ඒත් ඒවගේ ගුණාංග තවමත් ඉතිරිවෙලා තියෙනවා කියනනේ, මේ දක්වා සිදුවූ පරිනාම ගමනේදී ඒවායින් යහපතක් සිදුවී තිබෙන බව තමයි මගේ විශ්වාසය. ඒත් ඒවා තවදුරටත් සිදුවන පරිනාමයකදී උපකාර වෙයිද කියන එක වෙනත් ප්‍රශ්නයක්.

      නමුත් මේ සාකච්චා කල ආකාරයේ තීරණ ගැනීම යන්ත්‍රයකට බාරදීම නිසා එම තීරණ හා සමග යන වගකීම් සහ දොස් අහන්න සිදුවීම් වලින් ගැලවීමට ආණ්ඩු වලට, සමාගම් වලට සහ පුද්ගලයන්ට අවස්තාවක් ලැබීම දැනට මෙවැනි ඇල්ගොරිදම සඳහා ඇති ඉල්ලුම වැඩි කිරීමට හේතු වී තියෙනවා වියහැකියි. නිවාස ණයක් ඉල්ලන්න ගිය පුද්ගලයෙකුට ණය දිය නොහැකි බව කියා විවාදයකට යාමට වඩා 'computer says no ' කියා ඔහු හරවා යැවීම පහසුයි.

      නමුත් neural network වපසරියේ AI වල කාර්යභාරය මෙවැනි කාරණයකට ලඝු නොවන බව මෙතනදී කිවයුතුයි. අනාගත් සමාජකට 'දෙවියන් / යක්ෂයන් ' මෙන් පෙනිය හැකි බුද්ධියක් දැන් සිටම මේවාට ඇතුල් කෙරෙමින් තිබෙන බව නම් සත්‍යයක්.

      Delete
    4. සමාවන්න, ඉහත "අනාගත් සමාජයකට" යන්න 'අනාගත සමාජයකට' යනුවෙන් නිවැරදි විය යුතුයි.

      Delete
    5. ඇනෝ (630 PM), ඔබේ පැහැදිලි කිරීමට බොහෝම ස්තුතියි. මම ඒ ලින්ක් එකටත් ගිහින් ඒ ලිපිය බැලුවා. එය දාපු ඇනෝටත්-ඔබ හෝ වෙනත්- ස්තුතියි. ඒ article එක අපේ එදිනෙදා සිදුවීම් මත ලියලා තිබුන නිසා එක දිගටම කියවන් ගියා. ඔබ කිව්වා වගේ warmth, compassion, understanding දිගටම තියෙන්න පුලුවන්. නමුත් article එක කියෙව්වට පස්සෙ මට හිතුනේ professional scepticism වැඩි කරගන්න වෙයි (more and more) කියලා; නිවැරදි ප්‍රශ්න ඇසීම (questioning mind), අවදියෙන් සිටීම (being alert) වගේ. නමුත් ඕක සැකයක් වෙන කොට තමයි ප්‍රශ්නය වෙන්නෙ. තමන්ගෙ ආදරවන්තයා/වන්තිය, සැමිය/බිරිඳ වගේ අය සැක කරන්නෙ කොයි වගේ limit එකක් වෙනකම්ද. මන් හිතන්නෙ ඒ වගේ වෙලාවට compassion, understanding, wisdom තවත් වැඩියෙන් අවශ්‍ය වෙයි. (මම හිතනවා වැඩියි සමහරවිට).

      'අනාගත සමාජයකට 'දෙවියන් / යක්ෂයන්' මෙන් පෙනිය හැකි බුද්ධියක් දැන් සිටම මේවාට ඇතුල් කෙරෙමින් තිබෙන බව නම් සත්‍යයක්'. Much more interesting, I will continue to read. නැවතත් ස්තුතියි ඔබේ ප්‍රතිචාරයට.

      Delete
  8. මේ වියනුවේ තිබෙන සමහර ලිපි අපි වෙනම ගබඩා කර ගත්ත්ට ප්‍රශ්නයක් නැද්ද, ගණිතය ,සංඛ්‍යානය වගේ එව්වා

    ReplyDelete
    Replies
    1. ඔබ අහන්නේ ඔබ ඔබේ පරිගණකයේ පිටපතක් ගබඩා කරගත්තට කමක් නැද්ද කියලද? කිසි ප්‍රශ්නයක් නැහැ.

      Delete
    2. ඔව් ඔව්, බොහොම ස්තූති �� .

      Delete
    3. මටත් මේ අදහස ආව අර කලින් ලිපිය කියවලා

      Delete
  9. "අහම්බෙන් දකින පැණි රස කෑමක් කන්න පෙළඹවීමක් ඇති වන්නේ ඇයි? වසර ලක්ෂ ගණනක් පුරා පරිණාමය විසින් සුසර කර තිබෙන අපේ මොළයේ තිබෙන ඇල්ගොරිදමයක් ක්ෂණිකව ක්‍රියාත්මක වී මේ ආහාරය ලබා ගැනීමෙන් ජීවත් වීමේ සම්භාවිතාව කෙතරම් ඉහළ දමා ගත හැකිදැයි ගණනය කර ඒ මත පදනම් වූ තීරණයක් ගන්නවා" මෙලෙස පැණි රස කෑමක් වෙත යොමු වන්නේ මීට පෙර එය අනුභව කල කෙනෙක් නේද? කුඩා දරුවකු හැම දේම කටේ දමා ගෙන බලන්නේ එවැනි දේවල් ජාන හරහා එන්නේ නැති නිසානෙ.

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි, Visitor. ඔබ මෙය විග්‍රහ කළ යුත්තේ තව පියවරක් පසුපසට ගිහින්. කුඩා දරුවකු හැම දේම කටේ දමා ගෙන බලනවා කියන එක සෑහෙන තරමකින් ඇත්ත. නමුත්, එසේ කටේ දමා බලන හැම දෙයක්ම නැවත අහම්බෙන් දුටු විට කන්න පෙළඹවීමක් ඇති වෙන්නේ නැහැනේ. කරවිල හෝ පතෝල කන්න ආස නොහිතෙන්නේත්, සීනි හෝ තෙල් තිබෙන දෙයක් කන්න ආස හිතෙන්නේත් ඇයි කියන එකයි හිතන්න අවශ්‍ය. වසර දස දහස් ගණනක් තිස්සේම කැලරි සාන්ද්‍රණය වැඩි ආහාර වැඩියෙන් ගැනීමට කැමැත්තක් දැක්වූ අය සාගින්නෙන් මිය යාමේ සම්භාවිතාව අඩු වී ජීවත් වීමේ සම්භාවිතාව ඉහළ ගොස් තිබෙනවා. ආහාරයක් පැණිරස සේ අපට දැනෙන්නේ හේතුවක් නැතුව අහම්බයකින් නෙමෙයි. පැණිරස දැනීම කියා කියන්නේ අපේ මොළය විසින් ගණන් හැදීමක් කර ලබා දෙන ප්‍රතිඵලය. ඒ ගණන් හැදීම කරන්නේ ජාන වල තිබෙන අවුරුදු දස දහස් ගණනක දැනුම මත.

      Delete
  10. මට ඇමෙරිකාව සම්බන්ධව තිබෙන්නේ කස්ත්‍රෝට තිබ්බ වගේ අදහසක් කියා හිතනවා. කස්ත්‍රෝ වරෙක ඇමෙරිකාවේ ජයග්‍රහණ ගැන ප්‍රසංශා මුඛයෙන් කතා කරනවා . විශේෂයෙන් විද්‍යාත්මක ක්ෂේත්‍රයේ. නමුත් සිරියාව , ලිබියාව වැනි රටවල නොමනා ඇඟිලි ගැසීම් වලට මම කැමති නැහැ. ඇෆ්ඝනිස්තානය ආක්‍රමණය කිරීමට එකඟ වුනත් ඉරාකය ආක්‍රමණය කිරීම ගැන ඇමරිකාවට හා බ්‍රිතාන්‍යයට අදත් මම විරුද්ධයි. ඔන්න ඔය වගේ ප්‍රශ්න. ඇමෙරිකාවේ ධනවාදය මිනිසුන්ට වඩා ඵලදායි ලෙස වෙනස් වනවාට කැමැතියි. ඇල්ගොරිදම් ගැන ලියු දෙයට එකඟ වෙනවා හැරෙන්න කිව යුතු දෙයක් නැහැ.

    ReplyDelete
    Replies
    1. //නමුත් සිරියාව , ලිබියාව වැනි රටවල නොමනා ඇඟිලි ගැසීම් වලට මම කැමති නැහැ. //
      ඉතිං ඒවා වෙන්නේ ධනවාදය නිසාද නැත්නම් ආණ්ඩුව බලවත් වීම නිසාද?

      Delete
    2. ධනවාදය නිසානේ. ට්‍රේඩ් වෝර් , ආණ්ඩු බලවත් වීම කියල කියන්නේ කාගේ ආණ්ඩුවද අසාද් ගේද?

      Delete
    3. ධනවාදය කිසිම විටක ආණ්ඩු බලවත් කිරීම වෙනුවෙන් පෙනී සිටින්නේ නැහැ. ධනවාදය හැම විටම පෙනී සිටින්නේ ආණ්ඩු බලයට එරෙහිව පුද්ගලික නිදහස වෙනුවෙන්. ආණ්ඩු බලවත් කිරීම තනිකරම සමාජවාදී අදහසක්. (මම කියන්නේ අනාගතය පිළිබඳව අජිත් වැනි ඇතැම් අයට තිබිය හැකි මනෝරාජික සිහින ගැන නෙමෙයි. මෙතෙක් තිබී ඇති හා දැනටත් බොහෝ දෙනෙක් පෙනී සිටින, ජර්මනියේ ජාතික සමාජවාදයේ සිට සෝවියට් සංගමයේ ජාත්‍යන්තර සමාජවාදය දක්වා පුළුල් පරාසයක විහිදෙන, ප්‍රායෝගික සමාජවාදය ගැන) ඇමරිකාව ඇතුළේ වුනත් වෙළඳපොළට එරෙහිව ආණ්ඩු බලවත් කිරීම වෙනුවෙන් පෙනී සිටින්නේ සමාජවාදී අදහස් තිබෙන අයයි. ආණ්ඩු බලවත් වීම හැම විටම ධනවාදයේ අරමුණු වලට පටහැනියි. නමුත්, ධනවාදය නිසා කිසියම් පිරිසකගේ ජීවන තත්ත්වය නරක තත්ත්වයට පත් වෙනවා. එය වෙනත් අයගේ වරදකින් හෝ සූරාකෑම නිසා සිදුවන දෙයක් නොවුනත්, පොදු සම්මතය මත ඒ අය වෙනුවෙන් යම් තරමකින් ධනවාදයේ අරමුණු කැප කරන්න සිදු වෙනවා. ධනවාදයට බර හැම රටකම යම් තරමකින් සමාජවාදී අදහස් ක්‍රියාත්මක වෙන්නේ ඇමරිකාව වැනි රටක වුවත් සැලකිය යුතු පිරිසක් සමාජවාදී අදහස් වෙනුවෙන් පෙනී සිටින නිසයි. ඒ සමාජවාදය කාර්යක්ෂම නිසා නෙමෙයි. සමානාත්මතාවය වෙනුවෙන් යම් තරමකට සෞභාග්‍යය කැප කරන්න බොහෝ මිනිස්සු කැමති නිසා. බටහිර රටවල ප්‍රජාතන්ත්‍රවාදය විසින් කරන්නේ මේ කාර්යයයි. ධනවාදය හා ප්‍රජාතන්ත්‍රවාදය බොහෝ විට පැකේජ් එකක් විදිහට දැකිය හැකි වුවත් මේ දෙකේ ඉලක්ක හා අරමුණු වෙනස්. ප්‍රජාතන්ත්‍රවාදය විසින් කරන්නේ සෞභාග්‍යය හා සමානාත්මතාවය අතර ප්‍රසස්ථ සමතුලනය පවත්වා ගැනීමයි. සමානාත්මතාවය වෙනුවෙන් මිනිස්සු පෙනී සිටින තුරු ආණ්ඩු දුර්වල වෙන්නේ නැහැ. සමහර වෙලාවට කිසියම් රටක සෞභාග්‍යය හා සමානාත්මතාවය යන ඉලක්ක දෙකම එකවර අත් පත් කරගන්න උත්සාහ කරන විට වෙන රටක මිනිස්සු එහි ගොදුරු බවට පත් වෙන එක වලක්වන්න අමාරුයි. නිකම් කියන දෙයක්ම නෙමෙයි. ගණිත සමීකරණ යොදාගෙන පෙන්විය හැකි දෙයක්. කොහොමටත් රටක 100%ක් පූර්ණ ධනවාදයකට හෝ පූර්ණ සමාජවාදයකට කැමති වෙන්න විදිහක් නැහැ. වෙළඳපොළ තරඟයට සාර්ථකව මුහුණ දිය හැකි අය සමාජවාදයට කැමති නොවනවාක් මෙන්ම එසේ කළ නොහැකි අය සමාජවාදයට කැමති වෙනවා. ධනවාදය කාර්යක්ෂම වෙන්නනම් ප්‍රාග්ධනයට මෙන්ම ශ්‍රමයටද ඕනෑවට වඩා වැඩි හෙට්ටු කිරීමේ බලයක් නැති විය යුතුයි. එය සිදු වෙන්නනම් සම්පත් බෙදීයාම පිළිබඳ ක්‍රමයට අමතරව බලය බෙදී යාම පිළිබඳ කිසියම් කාර්යක්ෂම ක්‍රමයක්ද අවශ්‍යයි. පූර්ණ සමාජවාදයක් තුළ මෙය හැම විටම සිදු වී තිබෙන්නේ කිසියම් ආකාරයක ඒකාධිපතිත්වයක් සමඟයි. එයට විකල්පව ධනවාදය ප්‍රායෝගිකව ක්‍රියාත්මක වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය සමඟ බද්ධවයි. ධනවාදය හා ප්‍රජාතන්ත්‍රවාදය එකට යන පැකේජ් එක රටක ස්ථායීව පවතින්නනම් මේ පැකේජ් එක පිළිනොගන්නා අයව යම් ආකාරයක සතුරන් සේ සලකන්න වෙනවා. ඒ පසුබිම තුළ පැකේජ් එක ආරක්ෂා කිරීම සඳහා ආණ්ඩුව විසින් කරන විවිධ දේවල් වලට රට ඇතුළේ යම් සහයෝගයක් ලැබෙනවා. ධනවාදය හා ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව රට ඇතුළේ තිබෙන අදහස් එළෙසින්ම රටේ මායිම් වලින් එළියට දිගු නොවීම එහි ප්‍රතිඵලයක්.

      Delete
    4. එකොන් තරහ වෙන්න එපා මේ ලියල තියෙන්නේ කොහෙද යන්නේ මල්ලේ පොල් කතාවක්. ධනවාදය ආණ්ඩුව ශක්තිමත් කිරමට පෙනී හිටින්නේ නැහැ කියන්නේ දක්ෂිණාංශික ධනවාදය. මම බ්ලොග් ලිපියක් ලියල තියෙනවා මේ වෙනුවෙන්ම. අන්ත දක්ෂිනංශය බොහෝ විට කොමියුනිස්ට් වාදය සමග එකඟයි කියල. කොමියුනිස්ට් වාදයේදී රජය අහෝසි වී යායුතු නිසා. ලෝකයේ තිබූ සමාජවාදී ක්‍රමවල (ස්ටලින් වාදී ) රජය ශක්තිමත් වීම තමයි උනේ . මේක මම කිහිප වතාවක් ම බ්ලොග් කේ ලිය තිබෙන නිසා අමුතුවෙන් එකොන් ගෙන් දැනගන්න දෙයක් නැහැ.
      මේ ලිපිය: ක්ෂිනාංශයෙන් සමාජවාදයක් පැතීම හා මාක්ස්වාදී රනිල්
      https://kolambagamaya.blogspot.com/2014/07/blog-post.html

      Delete
    5. සිරියන් යුද්ධය ගැනත් ලිපි තුනක් ලිව. ඒවා ධනවාදයේ වෙළඳ යුද්ධ. ඉතිහාසය පුරාම ඒවා සිදුවුනා. හොඳ හෝ නරක ගැන නෙමේ මම කියන්නේ. ධනවදයේදී වෙළඳපල ඇල්ලීමට, තෙල් සහ අමුද්‍රව්‍ය සඳහා යුද්ධ ඇතිවෙනවා. මෙයත් එවැනි එකක්. එපමණයි. -සිරියන් යුද්ධයේ තවත් පැත්තක් - අවසන් කොටසhttps://kolambagamaya.blogspot.com/2017/01/blog-post.html, පුටින් ගේ වරාය සහ තෙල් නල මාර්ගය, සවුදි -තුර්කි තෙල් මාර්ගය සමග අත්වූ ඝට්ටනය. අසාද් සවුදි යෝජනාව ප්‍රතිකෙස්හප කල නිසා ඊශ්‍රයලය , බ්‍රිතාන්යා හා ඇමෙරිකාව තමයි සිරියන් යුද්ධය දියත් කලේ. නැතිව සිරියාවට ඛේල්මල් පොරජතන්ත්‍රයක් දෙන්න නෙවේ . පුටින් ට්‍රම්පට් උදව් කලේ ඒ නිසා. පුටින් පැරදෙමින් තිබූ යුද්ධය ජය ගත්තේ ට්‍රම්ප් ව දාල

      Delete
    6. https://foreignpolicy.com/2019/04/17/russias-gas-web-ensnares-europe/

      Delete
    7. //ධනවාදය ආණ්ඩුව ශක්තිමත් කිරමට පෙනී හිටින්නේ නැහැ කියන්නේ දක්ෂිණාංශික ධනවාදය.//
      ධනවාදයේ දක්ෂිණාංශික වාමාංශික කියා දෙකක් නැහැ. ධනවාදය කියා කියන්නේ ධනවාදය. ධනවාදය ආණ්ඩුව ශක්තිමත් කිරීම වෙනුවෙන් කිසි විටක පෙනී හිටින්නේ නැහැ. ධනවාදය පවත්වා ගෙන යන්න යුද්ධ කරන්න අවශ්‍ය වන්නේත් නැහැ. ධනවාදය පෙනී සිටින්නේ කැමැත්තෙන් සිදු කරන ගනුදෙනු වෙනුවෙන් මිසක් සමාජවාදයේදී මෙන් බලහත්කාරයෙන් අනුන්ගේ දේ උදුරා ගැනීම වෙනුවෙන් නෙමෙයි. එසේ අනුන්ගේ දේ බලහත්කාරයෙන් උදුරා ගැනීම සෘජුවම ධනවාදයට පටහැනි දෙයක්. මම හිතන්නේ අජිත් වාමාංශික ධනවාදය කියා කියන්නේ සමාජවාදයටම තමයි.

      //ලෝකයේ තිබූ සමාජවාදී ක්‍රමවල (ස්ටලින් වාදී ) රජය ශක්තිමත් වීම තමයි උනේ . මේක මම කිහිප වතාවක් ම බ්ලොග් කේ ලිය තිබෙන නිසා අමුතුවෙන් එකොන් ගෙන් දැනගන්න දෙයක් නැහැ.//
      ඉතිං ඕකම තමයි ඇමරිකාවේ වෙන්නේත්. ඇමරිකාව ධනවාදයෙන් ඈත් වී සමාජවාදය පැත්තට බර වෙන හැම වෙලාවකම ඇමරිකන් ආණ්ඩුව ශක්තිමත් වෙනවා.

      Delete
    8. //කොමියුනිස්ට් වාදයේදී රජය අහෝසි වී යායුතු නිසා.//
      පාරාදීසිය, දිව්‍ය ලෝකය, කොමියුනිස්ට් සමාජය වගේ කතා කාට වුනත් කියන්න පුළුවන්. ඔය වගේ සිහිනයක කාට හෝ ඉන්නත් පුළුවන්. නමුත්, ප්‍රශ්නය ඔය කියන මනෝරාජික කොමියුනිස්ට් සමාජය කරා යන මාර්ගය කුමක්ද කියන එකයි. මාක්ස්, ලෙනින් වගේ බොහෝ දෙනෙක් ඔය මාර්ගය විදිහට පෙන්වා දුන්නේ පොදු දේපොළ ක්‍රමය එක්ක එන කම්කරු පන්ති ආඥාදායකත්වය කියන එක. මෙතෙක් හැම රටක්ම කොමියුනිස්ට් තත්ත්වයකට යන්න උත්සාහ කළේ සමාජවාදය හරහා. සමාජවාදී රාජ්‍යයක් කියන සංකල්පය ඇතුළේ අනිවාර්යයයෙන්ම තියෙන්නේ සෝවියට් සංගමයේ, කියුබාවේ හෝ චීනයේ තිබෙන ආකාරයේ දැවැන්ත රජයක්. විවිධ සමාජවාදී රටවල් අතර වෙනස්කම් තිබුණත් මේ කාරණය හා අදාළව වෙනසක් නැහැ. අජිත් කොමියුනිස්ට් ක්‍රමයකට යා හැකියැයි සිතන්නේ මේ මාර්ගය හරහා නෙමෙයිනම්, ධනවාදී ක්‍රමය තුළ දැනට සමාජය පරිණාමය වෙන විදිහ පිළිබඳවත් අජිත්ට විවේචනයක් තියෙනවානම්, අජිත්ගේ තෙවන විකල්පය මොකක්ද?

      Delete
    9. //සිරියන් යුද්ධය ගැනත් ලිපි තුනක් ලිව. ඒවා ධනවාදයේ වෙළඳ යුද්ධ. ඉතිහාසය පුරාම ඒවා සිදුවුනා//

      ඇත්තටම කියනවානම් යන්නෙ කොහෙද මල්ලෙ පොල් කතාව අජිත්ගේ මේ කතාවයි. මම ධනවාදය ගැන කතා කළ කිහිප අවස්ථාවකදීම අජිත් එයට සිරියන් යුද්ධයක් පටලවා ගෙන තිබෙනවා. මට අමුතුවෙන් කරුණු හොයන්නේ නැතිව කෙටි කාලයක් වැය කර ලියන්න ඕනෑ තරම් දේවල් තිබෙන නිසා මට පෞද්ගලිකව වැඩි උනන්දුවක් නැති සිරියන් යුද්ධයක් ගැන ලිවීම සඳහා මගේ කාලය යොදවන්න මට අවශ්‍ය නැහැ. මා සිරියන් යුද්ධය ගැන කතා නොකිරීම ප්‍රයෝජනයට ගනිමින් අජිත් මේ කිසිසේත්ම අදාළ නැති කතාව නැවත නැවත කියනවා. ධනවාදය හා යුද්ධ අතර සම්බන්ධයක් පෙන්වා දිය හැකිනම් මට මේ ගැන කතා කරන්න පුළුවන්.

      නිදහස් වෙළඳපොළ පදනම් කරගත්, බලය අඩු කුඩා ආණ්ඩු වෙනුවෙන් පෙනී සිටින ධනවාදය යුද්ධ වලට හේතු වෙන්නේ කොහොමද? සමාජවාදී ඒකාධිපති ආණ්ඩු හෝ සමාජවාදයට නැඹුරු සාපේක්ෂව විශාල ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු බලයේ සිටින විට ඇති නොවන යුද්ධ ධනවාදයට වැඩි බරක් තිබෙන ආණ්ඩුවක් යටතේ ඇති වෙන්න තිබෙන සෛද්ධාන්තික හේතුව කුමක්ද?

      Delete
    10. //ධනවාදයේ දක්ෂිණාංශික වාමාංශික කියා දෙකක් නැහැ. ධනවාදය කියා කියන්නේ ධනවාදය. ධනවාදය ආණ්ඩුව ශක්තිමත් කිරීම වෙනුවෙන් කිසි විටක පෙනී හිටින්නේ නැහැ. ධනවාදය පවත්වා ගෙන යන්න යුද්ධ කරන්න අවශ්‍ය වන්නේත් නැහැ// let's agree to disagree here. දක්ෂිණාංශික ධනවාදය කියලමම කියන්නේ බොහෝ දුරට ලිබෙර්ටෙරියන් අදහසට සමාන එකක්. නමුත් ජාතිවාදී මට්ටමින් ගෙනියන එක. ලිබෙර්ටෙරියන් ධනවාදය ජාතිවාදී නැහැ. වඩා එකඟ වියහැකි ධනවාදී මොඩලයක්. දක්ෂිනංශයෙන් වාමාංශය පැත්තට ඇදෙන විට බයිඩන්/ඔබාමා ලගේ ධනවාදය එනවා. රාජ්‍ය බලයද ශක්තිමත්ව තබාගනිමින් ධනවාදය හ්සිරවිම. ඔබ කියන සමාජවාදයට අපි කියන්නේ රාජ්‍ය ධනවාදය කියල. (state capitalism ). එක සෝවියට් දේශය තිබෙන කාලයේදීම භාවිතා කල වචනයක්. හැබැයි අපේ ගුරුවරු ඒකට කිව්වේ ඔය නිර්ධන පන්ති ආඥාදායකත්වය පසුව රුපන්තරණය වීම කියල.
      කොමියුනිස්ට්වාදය ට ඕනෑම මාර්ගයකින් ගියහැකිය කියන අදහස ගෙනාවේ ලෙනින්. පර මොකක් වුනත් යන්නේ තෙනට නම්. ඒ අදහස පස්සේ ගොඩක් ඇබියුස් වුනා.
      මනෝරාජික සමාජවාදීන් ගේ එක අදහසක් තමයි ධනවාදයට සීග්‍රයෙන් දියුණු වීමට හැකියාව සැලසීම . ප්‍රගතිශීලි ලෙස දියුණුවන ධනවාදය කෙළවර විය යුත්තේ කොමියුනිස්ට්වාදයෙන්. (ඒ අතර සමාජවාදී සමාජයක් තියනවය කිව්වේ ලෙනින්-ස්ටාලින් වාදය ) . මම එහෙම එකක් විශ්වාස කරන්නේ නැහැ . සමාජවාදී ලක්ෂණ එන්නේ ධනවාදය තුලින් මයි. නොදියුණු ධනවාදයෙන් නොවේ. ඉතා දියුණු ධනවාදයෙන්. (දැනට චීන කොමියුනිස්ට් පක්ෂය කරන්නෙත් ඒක නමුත් විවේචනය නැතිව.)

      Delete
    11. //ධනවාදය හා යුද්ධ අතර සම්බන්ධයක් පෙන්වා දිය හැකිනම් මට මේ ගැන කතා කරන්න පුළුවන්.//මේක මාක්ස්වාදී තියරි එකක් //Marxist theory states that all modern wars are caused by competition for resources and markets between great and imperialist powers, claiming these wars are a natural result of the free market and a class system.// මේකේ පංති සිස්ටම් අමතක කලොත්, සිරියාව වැනි උදාහරණයක් මම ගත්තේ මේ රිසොර්සස් නිසා යුද්ධ ඇතිවන බව කීමට

      Delete
    12. //වඩා එකඟ වියහැකි ධනවාදී මොඩලයක්.//
      ධනවාදී මොඩල් කියලා විවිධ මොඩල් නැහැ. ධනවාදය කියන එක ඉතාම සරලව විස්තර කළොත් නිෂ්පාදන අතිරික්තය ආන්තික ඵලදායීතාවය අනුව නිෂ්පාදන සාධක අතර බෙදන එක සාධාරණම බෙදීම කියන එකයි ධනවාදය. මම ගණිතමය ආකෘති යොදාගෙන පැහැදිලි කළේත් ඒක. එය පිළි ගන්නවානම් තරඟකාරී නිදහස් වෙළඳපොළක එම බෙදීම සිදු වෙන බව ඉතා පහසුවෙන් පෙන්වන්න පුළුවන්. (කවුරු හරි එය පිළිගන්නේ නැත්නම් ඒ ගැන කතා කරන්නත් පුළුවන්) මේ අනුපාතයට අතිරික්තය බෙදිය හැකි එකම නිශ්චිත ආකාරයක් පමණයි තියෙන්නේ. ඒ නිසා, වෙනත් ඕනෑම බෙදීමක් ධනවාදය නෙමෙයි. ලිබටේරියන් අදහස් මේ ආකෘතියට බොහෝ දුරට සමානයි. බයිඩන්/ඔබාමා ආකෘතිය හෝ ස්වීඩන් ක්‍රමය ධනවාදය නෙමෙයි. ධනවාදයේ හා සමාජවාදයේ මිශ්‍රණයක්. හැබැයි ලංකාව හෝ චීනය වගේ රටකට සාපේක්ෂව බොහෝ දුරට ධනවාදය. මම පෞද්ගලිකව ශුද්ධ ධනවාදයක් වෙනුවෙන් හැම විටම පෙනී සිටින්නේ නැහැ. බලහත්කාරයෙන් ක්‍රියාත්මක නොකරන, බහුතර මිනිස්සුන්ගේ කැමැත්ත පිළිබිඹු වන මිශ්‍රණයක් තිබීමේ වැරැද්දක් නැහැ. නමුත්, කවර හෝ විශේෂ හේතු මත ධනවාදයෙන් ඈත් වෙන හැම වෙලාවකම සම්පත් අතුරුදහන් වීමක් සිදු වන නිසා (සම්පත් වෙනත් අයට යාමක් නෙමෙයි. නැත්තටම නැතිවීමක්) මෙය ඉතා පරිස්සමෙන් කළ යුතු දෙයක්. ධනවාදයෙන් ඈත් වෙනවානම් එසේ ඈත් වීමේ වාසිය පැහැදිලිව පෙනෙන්නට තිබිය යුතුයි.

      //(ඒ අතර සමාජවාදී සමාජයක් තියනවය කිව්වේ ලෙනින්-ස්ටාලින් වාදය ) . මම එහෙම එකක් විශ්වාස කරන්නේ නැහැ .//
      එකඟ නැහැ. ලෙනින් ඉදිරියට අරගෙන ගියේ ගෝතා වැඩසටහන පිළිබඳ විවේචනය වැනි තැන් වල පැහැදිලිව තිබෙන කාල් මාක්ස්ගේ අදහස්. කොමියුනිස්ට් සමාජය කියන එක අදහසක් පමණයි. ඔය වගේ අදහස් කාල් මාක්ස්ට ගොඩක් කලින් ඉඳලාම තිබුණා. මෙය කාල් මාක්ස්ගේ අලුත් අදහසක් නෙමෙයි. සුත්‍ර දේශනා වල තිබෙන දිව්‍ය ලෝකය කියන්නෙත්, පාරාදීසිය කියන්නේත් ඕකම තමයි. කාල් මාක්ස් විසින් කළේ සියවස් ගණනක් තිස්සේ මිනිස්සුන්ගේ සිහිනයක් වූ මනෝරාජික තත්ත්වයකට යන්න පාරක් යෝජනා කරන එක. යම් වෙනස්කම් තිබුණත් විප්ලව හරහා සමාජවාදය ක්‍රියාත්මක කළ හැම රටක්ම ගියේ ඒ පාරේ. ඔය අතරමැදි පියවර ඉවත් කළොත් සමාජවාදය කියලා ධනවාදයට විකල්පයක් ඉතුරු වෙන්නේ නැහැ. එහෙම එකක් තියෙනවනම් පැහැදිලි කරන්න. කොමියුනිස්ට් සමාජය කියන එක වෙනම මනෝරාජික කතාවක්. කැමති අයට අවශ්‍ය පමණට පරිභෝජනය කරන්න සම්පත් සීමාවක් නැතුව තියෙනවනම් සම්පත් බෙදීමේ ප්‍රශ්නයක් ඇතිවන්නේම නැති නිසා ධනවාදයක් හෝ සමාජවාදයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ආර්ථික විද්‍යාව කියලා විෂයයක් අවශ්‍ය වෙන්නෙත් නැහැ. ඒ නිසා, එවැනි තත්ත්වයක් ගැන දැන් කතා කරන එකේ කිසිම තේරුමක් නැහැ. දැන් තිබෙන සීමිත සම්පත් වඩා හොදින් බෙදන්න ධනවාදයට වඩා වෙනස් විකල්පයක් තියෙනවද නැද්ද කියන එකයි ප්‍රශ්නය. ධනවාදයට සාපේක්ෂව අසාර්ථක වුනත් මාක්ස්-ලෙනින්වාදයේ එවැනි විකල්පයක් තිබෙනවා. මාක්ස්-ලෙනින්වාදය හා ධනවාදය දෙකම අත ඇරියට පස්සේ මම දන්නා තරමින් එහෙම ප්‍රචලිත විකල්පයක් නැහැ. ඒ නිසා, මාක්ස්-ලෙනින්වාදයේ සම්පත් බෙදීම අත අරිනවනම්, තෙවන විකල්පයකුත් නැත්නම්, ධනවාදය භාරගන්න වෙනවා.

      Delete
    13. //මේක මාක්ස්වාදී තියරි එකක්//
      පන්ති විග්‍රහය, නිර්ධන පංති ආඥාදායකත්වය, පෞද්ගලික ප්‍රාග්ධනය ප්‍රතික්ෂේප කිරීම වගේ මාක්ස්වාදයේ මූලික දේවල් අජිත් විසින් ප්‍රතික්ෂේප කරන නිසා මට මෙයට පිළිතුරු දෙන්න ටිකක් අමාරුයි. දැන් අජිත් යුද්ධ පිළිබඳව පමණක් මාක්ස්වාදී න්‍යාය පිළිගන්නවද? කරුණාකර ඔබ පිළිගන්න න්‍යාය පැහැදිලි කරන්න. ධනවාදය නිසා යුද්ධ ඇති වෙන බව අජිත් කියන්නේ මොකක් හෝ න්‍යායක් මත වෙන්න ඇතිනේ. ඒක කිවුවොත් මට පිළිතුරු දෙන්න පුළුවන්. මම කතා කරන්නේ මාක්ස් එක්ක නොවන නිසා එය මාක්ස්වාදී න්‍යායක්ද නැද්ද කියන එක මට වැදගත් නැහැ. අජිත් මාක්ස්වාදය පැකේජ් එකක් විදිහට පිළිගන්නේ නැහැ කියන නිසා මම අජිත් පිළිගන්නවද නැද්ද නොදන්නා දෙයක් විවේචනය කරන එකේ තේරුමක් නැහැනේ.

      Delete
    14. let's agree to disagree here. කියා කිවුවේ මේ ගැනද කියා මට හරියටම පැහැදිලි නැහැ. එසේ කීවේ මේ ගැනනම් හා මේ කතාව තර්කානුකූල නැති අජිත්ගේ හැඟීම් සම්බන්ධ දෙයක් පමණක්නම් මේ ගැන වාද කරන්න අවශ්‍ය නැහැ.

      Delete
    15. //කොමියුනිස්ට් සමාජය කියන එක අදහසක් පමණයි. ඔය වගේ අදහස් කාල් මාක්ස්ට ගොඩක් කලින් ඉඳලාම තිබුණා. මෙය කාල් මාක්ස්ගේ අලුත් අදහසක් නෙමෙයි// ඉතින් ඕකම තමයි මම කිව්වෙත් ඔය කලින් ලිපියක ප්‍රතිචාරයට. මනෝරාජික සමාජවාදීන් හෙම ඔය අදහස් මාක්ස්ට කලින් ගේනවා කියල.
      //ලෙනින් ඉදිරියට අරගෙන ගියේ ගෝතා වැඩසටහන පිළිබඳ විවේචනය වැනි තැන් වල පැහැදිලිව තිබෙන කාල් මාක්ස්ගේ අදහස්// මම කලින් ප්‍රතිචාරයක ධනවාදයේ ඉහලම තත්වය කියන තියරිය ගෙනාවේ. ඒවා මාක්ස් ගේ නෙමේ. නමුත් ලෙනින් මාක්ස්වාදියෙක් ඒක හරි. නමුත් සෝවියට් දේශය ඉදිරියට ගෙන ගියේ මාක්ස් ලෙනින්වාදය.දැනට මේ වාදය ඉදිරියට ගෙනයන එක තේරුමක් නැහැ කියල මමත් පිලිගන්නවා. එනිසා මෙතනින් නවතමු.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: