වෙබ් ලිපිනය:

Tuesday, August 23, 2022

ශ්‍රමික ප්‍රේෂණ වැරදිනම් ඩොලර් ආවේ කොහෙන්ද?

මහ බැංකු අධිපතිවරයා විසින් බෝම්බයක් අත ඇරලා තිබෙනවා. මහ බැංකුව විසින්ම නියමාකාරයෙන් නිෂ්ක්‍රීය කළේ නැත්නම් මේ බෝම්බයෙන් තුවාල වෙන්නේ මහ බැංකුවටමයි. මම හිතන්නේ දැනටමත් ටිකක් තුවාල වෙලා.

මුදල් ප්‍රතිපත්ති තීරණ දැනුම් දීමෙන් අනතුරුව ශ්‍රමික ප්‍රේෂණ ගැන මහ බැංකු අධිපතිවරයාට ප්‍රශ්නයක් යොමු වෙනවා. එයට ප්‍රතිචාර දක්වමින් මහ බැංකු අධිපතිවරයා විසින් කියන්නේ ශ්‍රමික ප්‍රේෂණ විදිහට මහ බැංකුව විසින් කාලයක් තිස්සේ ඉදිරිපත් කළ ගණන් හිලවු නිවැරදි නැති බවයි. ඒ අනුව, ඇත්තටම ශ්‍රමික ප්‍රේෂණ වල අඩුවීමක් සිදු වී නැති බව ඔහු කියනවා. සිදු වී තිබෙන්නේ සංඛ්‍යාලේඛණ වඩා නිවැරදි වීමක්. 

මේ ප්‍රකාශය කරන අවස්ථාවේ වැදගත්කමත්, වත්මන් මහ බැංකු අධිපතිවරයාට ලංකාවේ විදේශ අංශය ගැන තිබෙන පළපුරුද්දත් සැලකූ විට මේ කියන කතාව නොසලකා හැරිය හැකි ප්‍රකාශයක් නෙමෙයි. මෙහෙම කතාවක් එළියට දැම්මේ හොඳින් හිතාමතා විය යුතුයි. ඒ පදනම මත, අදාළ ප්‍රකාශය හේතුවෙන් බොහෝ දෙනෙකුට මතු වී තිබෙන අතුරු ප්‍රශ්න වලට මහ බැංකුව පැත්තෙන් ඉතා ඉක්මණින් පිළිතුරු ලැබෙයි කියා හිතනවා.

ශ්‍රී ලංකාව මහ බැංකුව විසින් පමණක් නොව ලංකාවේ හා ලෝකයේ වෙනත් එවැනි ආයතන විසින් ඉදිරිපත් කරන සංඛ්‍යාලේඛණ බොහොමයක් පරම සත්‍යයන් නෙමෙයි. ඇතැම් සංඛ්‍යාලේඛණ වඩා නිවැරදියි. ඇතැම් ඒවා දළ ඇස්තමේන්තු. සංඛ්‍යාලේඛණ පිළියෙළ කිරීමේදී කරන උපකල්පන මතත් සංඛ්‍යාලේඛණ වෙනස් වෙනවා.

මෙය පැහැදිලි කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මාස්පතා ඉදිරිපත් කරන සංචාරක ඉපැයීම් පිළිබඳ ඇස්තමේන්තු යොදා ගන්න පුළුවන්. මේ ඇස්තමේන්තු වල නිරවද්‍යතාවය ඉතාම අඩුයි. ඇස්තමේන්තු හදන විදිහ පැහැදිලි කළාට පස්සේ ඒ ඇයි කියන එක ගොඩක් අයට තේරෙයි.

මේ ඇස්තමේන්තුව හදන්නේ මෙහෙමයි. පළමුව එක් එක් මාසය තුළ රටට පැමිණෙන සංචාරකයින් ප්‍රමාණය හොයා ගන්නවා. ඊට පස්සේ සංචාරකයෙකු දවසකට වියදම් කරන සාමාන්‍ය ඩොලර් ප්‍රමාණය සංචාරකයෙකු ලංකාවේ ගත කරන සාමාන්‍ය දින ගණනෙන් වැඩි කර එක් සංචාරකයෙකු විසින් වියදම් කරන ඩොලර් ප්‍රමාණය ඇස්තමේන්තු කරන්න පුළුවන්. ඔය ගණන් දෙක වැඩි කළාම සංචාරක ඉපැයීම් ප්‍රමාණය ඩොලර් වලින් ඇස්තමේන්තු කළ හැකියි. අන්තිමට අදාළ මාසයේ පැවති නිල විණිමය අනුපාතය අරගෙන ඔය ගණන රුපියල් කළ හැකියි. ඒ කියන්නේ මේ වගේ වැඩක්.

සංචාරක ඉපැයීම් = සංචාරකයින් ගණන * දිනකට වැය කරන ඩොලර් ගණන * ගත කරන දින ගණන * ඩොලරයක මිල 

පළමුව හොයා ගන්න තියෙන්නේ රටට පැමිණි සංචාරකයින් ගණනනේ. රටට එන සෑම විදේශ පුරවැසියෙකු හා ද්විත්ව පුරවැසියෙකු විසින්ම රටට ඇතුළු වීමේදී කාඩ් එකක් පිරවිය යුතුයි. එහි රටට පැමිණීමට හේතුව සලකුණු කරන්න තිබෙනවා. ඔය තොරතුරු ආගමන පාලන නිලධාරීන් විසින් පරිගණකයට ඇතුළු කරන නිසා "Holiday" සඳහා ලංකාවට එන ගණන ලේසියෙන්ම ගණන් කර ගන්න පුළුවන්. විදේශ පුරවැසිභාවය ලබා නැති ස්ථිර පදිංචිකරුවන් මේ ඇස්තමේන්තුවට අහු වෙන්නේ නැහැ. කොහොම වුනත්, ඔය ඇස්තමේන්තුවේ ලොකු වැරැද්දක් නැහැ.

ලොකු ඇස්තමේන්තු වරදක් සිදු වෙන්නේ සංචාරකයෙකු විසින් දිනකට වැය කරන ඩොලර් ගණන හා ගත කරන දින ගණන හොයා ගන්න යද්දී. මේ ගණන් ඇස්තමේන්තු කරන්නේ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරිය විසින් වසරකට වරක් කරන සමීක්ෂණයකින්. සාමාන්‍යයෙන් රටින් පිටවන සංචාරකයින් 5000කගේ පමණ නියැදියක් මේ සඳහා යොදා ගන්නවා. මහ බැංකුව විසින් කරන්නේ ඒ සමීක්ෂණය මගින් හොයා ගන්නා සාමාන්‍ය අගයයන් සියලුම සංචාරකයින් සඳහා යොදා ගැනීමයි.

උදාහරණයක් විදිහට පසුගිය ජූලි මාසයේදී සංචාරකයින් 47,293 දෙනෙක් රටට ඇවිත් තිබෙනවා. සංචාරක ප්‍රවර්ධන අධිකාරිය විසින් කර තිබෙන අලුත්ම සමීක්ෂණයේ ප්‍රතිඵල අනුව එක් සංචාරකයෙකු දින 10.23ක් රටේ ගත කරන අතර දිනකට ඩොලර් 175.8ක් වියදම් කරනවා. ඒ කියන්නේ ඩොලර් 1798.43ක්. මේ අනුව, සංචාරක ඉපැයීම් ප්‍රමාණය ඩොලර් මිලියන 85.1ක් ලෙස ඇස්තමේන්තු කරලා පසුව එම මුදල රුපියල් වලට හරවන එක තමයි වෙන්නේ. 

මේ ක්‍රමයේ තිබෙන ප්‍රධානම ප්‍රශ්නය සමීක්ෂණය සඳහා යොදා ගන්නා නියැදිය රටට එන සංචාරකයින්ව නිවැරදිව නිරූපණය කරන බවට සහතිකයක් නැති වීමයි. එය එසේ නොවන බව පැහැදිලිව පේනවා. මේ වගේ ප්‍රශ්නයක් සංඛ්‍යානමය ක්‍රම මගින් නිවැරදි කර ගත හැකියි. හැබැයි ටිකක් මහන්සි වෙන්න වෙනවා. එහෙම නැත්නම් වෙන්නේ කලින් කී ඇස්තමේන්තුවේ තිබෙන එක් සංචාරකයෙකුගේ සාමාන්‍ය වියදම් කිරීම් වල තිබෙන වැරැද්දක් නිසා සංචාරක ඉපැයීම් ඇස්තමේන්තු ඩොලර් බිලියන ගණනකින් එහා මෙහා වෙන්න පුළුවන් වීමයි. 

උදාහරණයක් විදිහට 2021 සමීක්ෂණය අනුව එක් සංචාරකයෙකු දින 15.1ක් රටේ නැවතී සිට දිනකට ඩොලර් 215.8ක් වැය කරනවා. ඒ කියන්නේ ඩොලර් 3258.58ක්. 2022දී මේ ගණන 45%කින්ම අඩු වෙලා. සංචාරකයින් මිලියනයක් රටට ආවානම් ඩොලර් බිලියන 1.46කින් සංචාරක ඉපැයීම් ඇස්තමේන්තුව අඩු වෙලා. 

වඩා නිවැරදි හෝ අලුත් තොරතුරු ලැබුණු විට කලින් හදපු ඇස්තමේන්තු වෙනස් වෙන එක සාමාන්‍ය දෙයක්. එහි කිසිම වංචාවක් නැහැ. වංචාවක් වෙන්නේ ඒ වගේ වෙලාවක ඇස්තමේන්තු වෙනස් නොකර හිටියොත්. ඊටත් වඩා වංචාවක් වෙන්නේ ඇස්තමේන්තු වෙනස් කරන එක වාසිදායක වෙලාවට පමණක් කරලා අවාසිදායක වෙලාවට නොකර හිටියොත්. 

මහ බැංකු අධිපතිවරයා කියන විදිහට ශ්‍රමික ප්‍රේෂණ ඇස්තමේන්තු වැරදිලා තියෙන්නේ ඇතැම් වාණිජ බැංකු විසින් ලබා දී තිබෙන දත්ත වැරදි නිසා. ඒ බැංකු විසින් කාලයක් තිස්සේ අපනයන වෙනුවෙන් ලැබෙන ඩොලර් ප්‍රමාණත් ශ්‍රමික ප්‍රේෂණ විදිහට වාර්තා කරලා. මෙය නොසැලකිල්ල නිසා සිදු වූ දෙයක් වෙන්න පුළුවන්. මහ බැංකුව දත්ත ඉල්ලුවහම ලේසියෙන් පිළියෙල කළ හැකි දත්ත මොනවා හෝ දීලා වැඩේ ගොඩ දා ගත්තා වෙන්න පුළුවන්. වැඩේ ගැස්සිලා තියෙන්නේ ලැබෙන ශ්‍රමික ප්‍රේෂණ වලින් කොටසක් මහ බැංකුවට දෙන්න කියා නියෝග කළාට පස්සේ. මම මේ කියන්නේ මහ බැංකු අධිපතිවරයා විසින් කියන කතාව.

මේ කියන දේ ඇත්ත වෙන්න පුළුවන්. එහෙමනම් මෙතෙක් ශ්‍රමික ප්‍රේෂණ කියා කියපු ගණන් ඇත්තටම රටට ඇවිත් නැහැ. මහ බැංකු වාර්තා වල විතරක් නෙමෙයි මහ බැංකුවෙන් අරගෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි ආයතන විසින් කාලයක් තිස්සේ ප්‍රසිද්ධ කරලා තිබෙන සංඛ්‍යාලේඛණත් වැරදියි. මොන විදිහකින් හෝ වැරැද්දක් වෙලානම්, දැන් වැරැද්ද අහුවෙලත් තියෙනවානම්, කරන්න තියෙන්නේ දැන්වත් වැරැද්ද හදන එකයි.

හැබැයි මේ කතාවත් එක්ක අතුරු ප්‍රශ්න කිහිපයක්ම මතු වෙනවා. විශේෂයෙන්ම 2004-2014 අතර කාලයේ ශ්‍රමික ප්‍රේෂණ ඉතා සීග්‍රයෙන් ඉහළ ගියා. ඩොලර් බිලියන 1.5 මට්ටමේ තිබුණු ශ්‍රමික ප්‍රේෂණ ඩොලර් බිලියන 7 පහු කළා. දැන් ඔය කියන විදිහට ඇත්තටම රටට ඇවිත් තියෙන්නේ ඔය ගණනින් බාගයක් පමණයි. නමුත්, ශ්‍රමික ප්‍රේෂණ විදිහට රටට ආවේ නැත්නම් ඔය ඉතුරු ඩොලර් ප්‍රමාණය රටට ආපු විදිහකුත් තියෙන්න ඕනෑනේ. අවුරුද්දකට ඩොලර් බිලියන 3.5 පමණ බැගින් අවුරුදු 10ක් ගණන් හැදුවොත් ඩොලර් බිලියන 35ක්!

සමහර අය ගණන් හදලා රටෙන් පන්නපු ඩොලර් ප්‍රමාණ ගැන කියනවා. දැන් මේ කියන කතාව ඇත්තනම් ඩොලර් බිලියන 35ක් හෝ වැඩි ගණනක් රට ඇතුළට හොරෙන් පන්නලා තියෙනවා. ඒ මොනවාද? කළු සල්ලිද?

මම දන්නා තරමින් ආනයන, අපනයන ආදිය පිළිබඳ සංඛ්‍යාලේඛණ ලබා ගන්නේ රේගුවෙන්. ඒ ගණන් වල ලොකු වැරැද්දක් තියෙන්න විදිහක් නැහැ. රජයට ලැබෙන ණය, ආයෝජන, සෘජු විදේශ ආයෝජන, කොටස් වෙළඳපොළ ආයෝජන වගේ දේවලුත් හරියටම වගේ දන්නවා. ගෙවුම් ශේෂ ගිණුම් ඇතුළේ ලොකු ඇස්තමේන්තු වරදක් තියෙනවානම් තියෙන්න පුළුවන් සංචාරක ඉපැයීම් වල පමණයි. නමුත් සංචාරක ඉපැයීම් දැනට තිබෙන ඇස්තමේන්තු වලට වඩා බිලියන තුන හතරක් වැඩි වෙන්න පුළුවන්ද? පැහැදිලි කරන එක මහ බැංකුවේ වැඩක්. 

14 comments:

  1. සර්
    ඔබට මගහැරුනු ඩොලර් සන්ක්‍යාවක් නම් අනිකුත් සර්විසස් අපනයන වලින් ලෙබෙන අපනයන ආදායම්.
    මෙම සර්විසස් අපනයන වලට උදාහරණ ලෙස ICT/BPO, construction sevices වෙනි දේ ප්‍රදාන වශයෙන් දෙක්විය හෙකිය්.
    මේවාත් ඩොලර් බිලියන ගනනින් වාර්තා කරන අපනයන. වාර්ශික ict/bpo අපනයන වටිනාකම , apparel exports වටිනාකම ට වඩා වෙඩිය්. මේවා වාර්තා කරන්නෙ රේගුවෙන් නොවෙය්. රේගුවෙන් යන්නෙ භාන්ඩ පමනය් . සේවා රෙකොර්ඩ් කරන්න බෙහෙ රේගුවට.බෙන්කු වලටත් ඒ සදහා වෙඩ පිලිවෙලක් නෙහෙ.
    මේ සේවාත් ගනනය කර්න්නේ estimate වලින්. උදාහරණ ලෙස ict/bpo අපනයන ලෙබීම් ගනනය කරන්නේ එම association එකෙන් වාර්ශිකව කරන සමීක්ෂණ යකින්. ඒතෙන්දි assocition (SLASCOM) එක දන්න ict/bpo කොම්පෙනි වලින් අහනවා කොච්චර ඩොලර් අපනයන ආදායමක් හම්බවුනාද කියල. කවුරුත් එත්ත ආදායම් හෙලි කරය්ද? . අනික මේ business ඔන්ලය්න් නිසා association එක නොදන්න ගොඩක් company ඒගොල්ලොන්ට mis වෙනව. මේවා හරියටම නිවෙරදි දත්ත නොවේ. ඒ ඒ industries වලට ප්‍රමුකතාව ලබා ගෙනීම සදහා ගනන් වෙඩිකර පෙන්වීම්ද නෙත්තේ නොවේ. මම මේ අපනයන ගෙන සම්බන්ධ වෙලා හිටිය කාලයක්.

    ReplyDelete
    Replies
    1. මෙය මට අමතක වුනේ නැහැ. සේවා ගිණුමේ ලොකුම කෑල්ල එන්නේ සංචාරක කර්මාන්තයෙන්. construction services මිලියන 10ක් වගේ ඉතාම පොඩි ගාණක්. Telecommunications and Computer Services ඩොලර් බිලියනක් වගේ එනවා. සංචාරක කර්මාන්තය ඇරුනහම ලොකුම එක. එහි වැරැද්දක් තියෙන්න පුළුවන්. නමුත් ඩොලර් බිලියන 3.5ම ආවේ ICT වලින් කියා හිතන්න අමාරුයි. එහෙම වුනොත් දැනට පේන ගාණ වගේ හතර ගුණයක්. වෙන්න බැරිමත් නැහැ.

      Delete
    2. ඔබ කියන සේවා ගිනුම් වාර්තා වල නොපෙන්වන Bunkering services, electronic and electrcal services , printing services, health services , education services , ship repair services, entrepot trade , catering etc etc services exports හා ඉහත ict , construction සමග එකතුව ගත් කල අපනයන ආදායම tourism වල්ට වඩා ඉහල වේ.

      Delete
    3. Tourism මුත් services export එකකි.

      Delete
  2. මේ ඉකොනෝමැට්ටා කියන මිනිහා ජේවීපීකාරයෙක් වගේ. කොයි දේත් වැරදි. මිනිහට උත්තරක් ඇත්තෙත් නැහැ.

    ReplyDelete
  3. ලංකාවේ CBSL සංඛ්‍යාලේඛන වැරදියි කියන්නේ රනිල් වික්‍රමසිංහ 2016 දීත් ගහපු තුරුම්පුවක්, ඔහුගේ උපදෙස් පිට මහබැංකුව ඔය කියන කතාවල ඇත්තක් නැත්තේ නෑ ඒත් ඉකොනොමැට්ටා හොඳින් මතක තියා ගන්න මහ බැංකුවේ වාර්තා සියල්ල නිවැරදි නොවිය හැකි වුවත් පැහැදිලිවම ඒවා අමූලික බොරු නෙමෙයි කියන එක.

    ඔය CBSL රිපෝට් හරහා නීත්‍යානුකූ මහ බැංකුව වාර්තා කළත් මේ ගොඩක් සංඛ්‍යාලේඛණ රටේ විවිධ රාජ්‍ය හා පෞද්ගලික ආයතන වලින් එකතු කරගන්නා ඒවා. ඒ නිසා විවිධ හේතු මත වැරදි තියෙන්න පුළුවන්. නමුත්, එසේ තිබිය හැකි වැරදි වලට සීමාවක් තියෙන බව අමතක කරන්න එපා එක දන්න කෙනෙකුට ඒවා තේරෙනවා.

    ඒ වගේම ඉකොනොමැට්ටා වගේම ලංකාවේ මහා බැංකුවේ වෙන්නේ මොනවාද කියලා දන්නේ නැති හා බාගෙට දන්නා අය ඕනෑ තරම් ලංකාවේ මහ බැංකුව ඇතුළෙත් ඉන්නවා. ඉකොනොමැට්ටාගේ යලුවෝ එහෙම අය වෙන්න පුළුවන්.

    මේ ගැන කියද්දී පළමුවෙනි කරුණ, රටේ ජී ඩී පී එක (දළ ජාතික නිෂ්පාදිතය හා එහි වෙනස්වීම වන ආර්ථික වර්ධනය), මිල මට්ටම (හා එහි වෙනස්වීම වන උද්ධමනය) වැනි සංඛ්‍යාලේඛණ ඇස්තමේන්තු විතරයි. ඒ නිසා එස්ටිමේට් විදිහට ඒවා 100%ක්ම නිවැරදි නැහැ. ගණනය කරන ක්‍රමවේද අනුව තරමක් දුරට වෙනස් විය හැකියි.

    ඒත්, රටක රාජ්‍ය ණය කියන්නේ එවැනි ඇස්තමේන්තුවක් නෙමෙයි. ඒ වගේ නිල රෙමිටන්සස් කියන ඒවා නම් (උණ්ඩියල්/ හවාළා නෙවෙයී) අන්තිම සතයටම හරියට දන්න දෙයක්. ඇතැම් විට, සංඛ්‍යාලේඛණ පිළියෙල කරන අවස්ථාව වන විට ඇතැම් තොරතුරු වාර්තා වී නොතිබීමේ ඉඩක් පමණක් තියෙනවා. මේ නිසා මම හිතන්නේ රනිල්ලා මොකක් හරි සැලසුමක් අනුව සංඛ්‍යාලේඛන බොරු බවට රාවයක් මවමින් මොකක් හරි ගේමකට ලෑස්ති වෙනවා ඇති.

    අද උදේ ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ විසින් ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කර තවත් භාණ්ඩ වර්ග 300ට අධික ප්‍රමාණයක් ආනයනය කිරීම අත්හිටුවීමට අන කර තියෙනවා.

    https://economynext.com/sri-lanka-halts-imports-of-over-300-items-98937/

    මේ වගේ වැඩ නිසා එන ලංකාවේ 2022 ඔක්තොබර් මාසේ එන සංචාරක සීසන් එකට මරු පහරක් වදිනවා, (October 2022 to March 2023) වයින් විස්කි, කොස්මෙටික්ස්, ලක්ෂරි ගුඩ්ස් වගේ ගොඩක් දේවල් තහනම් නිසා, අනෙක මැච්නරි ස්පෙයා පාට් (Machinery spare parts) තහනමෙන් එක්ස්පෝට් බිස්නස් වලට සහ ආනන ආදේශක ව්‍යාපාර (Import substitutes) වගේම ජනජීවිතයේ එදිනේදා කටයුතුත් අවුල් යන්න පුළුවන් නේද?

    පහුගිය අවුරුදු 20 ක කාලය තුළදී ලංකාවේ පොදු ප්‍රවාහනය ඉතාම මන්දගාමීව දියුණු වුනේ, සාමාන්‍යයෙන් වසරකට ඩොලර් බිලියන එක හමාරක විතර තිරිඟු පිටි සීනි පරිප්පු ටින් මාලු හාල් මුං ඇට කඩල කව්පී ඉරිඟු සත්ව ආහාර පිටරටින් ගෙන්වන්න වසරකට ඩොලර් 1.5 billion නාස්ති කළා, ඒ වගේම කිරි පිටි ගෙන්නන්න වසරකට ඩොලර් මිලියන 360 ක් විතර නාස්ති කරන රටේ ඒ විදියට නාස්ති කරල දාපු සල්ලි වලින් 10%ක් වත් දැම්මනම් අද වෙනකොට හැම දුම්රිය සේවයක් හා බස් සේවයක් ම ලැබෙනවා.

    ලංකාවේ ස්වයංක්‍රීයව Autopilot/ driverless යන්න බැරි වුණත් අඩුම තරමින් කෝ ස්වයංක්‍රීයව වැහෙන දොරවල් ඇති පුට්බෝඩ් නැති ඒ සී සහිත සුවපහසු දුම්‍ රිය සහ බී ආර් ටී සැපපහසු සිටි බස් ආටිකියුලේටඩ් බස් රථ වගේ සේවාවන්?

    ඇත්තටම පහුගිය කාලේ ඇතිවුණ ඉන්ධන අර්බුදය නිසා ලංකාවේ දුම්රියේ මගී ප්‍රමාණය දෙගුණයක් වෙලා තියෙනවා කියලා වාර්තා වෙනවා. ලංකාවේ දැනට ධාවන තත්වයේ තියෙන්නේ දුම්රිය 60 කට ආසන්න ප්‍රමාණයක් විතරයි. ඉතින් දුම්රිය නවීකරණය කරන්න විදුලිකරණය electrification කරන්න, නව දුම්රිය සේවා නැති කරන්න උනන්දුවක් නැහැ. හැබැයි අදටත් ලංකාවේ දුම්රිය මගින් රටේ සමස්ත මගීන්ගෙන් 8% – 10% ක් ගෙනියන දුම්රියට ඉන්ධන වැයවෙන්නේ සමස්ත ඉන්ධන ප්‍රමාණයෙන් 1% – 2% ක්.

    ReplyDelete
    Replies
    1. ඒ නිසා ලංකාවේ මේ ක්ෂේත්‍රය නවීකරණය සඳහා අලුත් දුම්රිය එන්ජින්, දුම්රිය මැදිරි, ඒ වගේම විදුලි බස් රථ සිටි බස් සහ බී ආර් ටී රැපිඩ් ට්‍රාන්සිට් බස් ටර්මිනල් ඇති කිරීම සූරයපැනල මගින් දවල්ට බස් චාජ් කර සී ඊ බී එකට බරක් නොවී උදේටත් හවස සහ රෑටත් යන්න පුලුවන් විදිහේ ඉලෙක්ට්‍රික් බස් බැටරි සහ චාජින් සෙන්ටර් වලට පැනල් ඉන්වර්ටර් චාජින් කොන්ට්‍රෝලර් ස්විච්ගියර් කැපෑසිටර් බෑන්ක් සහ බැකප් බැටරි පද්ධ්ති චීනෙට ණය වෙලා හරි ගෙන ඒම සඳහා දැන්වත් ආණ්ඩුව විශාල ප්‍රාග්ධන ආයෝජනයක් කළ යුතුයි. නැත්නම් දිගටම අර්බුදේ තමයි, මිනිස්සු මොන ජාතියෙන් හරි සැප පහසු පොදු ප්‍රවාහන වලට හුරු කරගෙන බයික් ත්‍රීවීල් සහ පුද්ගලික වාහන භාවිතය උපරිම වශයෙන් සීමා කළ යුතුයි.

      දැනට තියෙන පාරවල් ටික පුළුල් කරලා , කරන්න තිබ්බේ පොදු ප්‍රවාහනයේ ගුණාත්මක භාවය, වෙලාවට වැඩ කිරීම , මගීන්ට ලැබෙන සුව පහසුව වැඩි කිරීමයි.

      දැනට තියෙන පොදු ප්‍රවාහන ක්‍රමය , පුද්ගලික බස් එකේ ඉන්න කොන්දොස්තොර ඩ්‍රයිවර් අනුව වෙනස් වෙනවා 99%ම බස් වල ගාස්තු වැඩියි, සුව පහසුව 50-50, පොල් පටවන්න වගේ මිනිස්සු පටවනවා.අනික ටිකට් කඩන මැෂින් නැහැ. එකම තැනට එක එක දවසේ එක එක ගණන් .

      කරන්න තියෙන්නේ සියලුම පුද්ගලික බස් වලට ආදායම එක සමානව බෙදිලා යන විදියට Dubai metro NOL card වැනි කාඩ් SYSTEM එකක් දාන එක නැතිනම් , CITY බස් වල වගේ එක සමාගමක් හෝ දෙකක් යටතට සියලුම බස් ගැනීම.

      https://www.youtube.com/watch?v=8aE0oLy2qCg

      Please check this as well;

      https://www.youtube.com/watch?v=bSbriSRomfA

      ලංකාවේ ඇසෙම්බල් ක්‍රන්නත් පුලුවන් බොඩි එක ස්ට්‍රක්චර් එක සහ සීට් වගේ දේවල් දේශීයව හදල, ටයර් ලෝකල් ෆොරෙන්ටිනො/ සියැට් වගේ එකකින් ගන්න පුළුවන් වෙයි මේ බලන්න

      https://www.youtube.com/watch?v=iSgcCEfKgS4

      https://www.youtube.com/watch?v=e2Mhz9Xew8U

      RHD electric bus chassis with batteries and all system excluding body:

      https://www.youtube.com/watch?v=Q028AELNgIw

      ලංකාවේ මිනිස්සුන්ට පොදු ප්‍රවාහනයේ ගෞව්රවයක් ඇතිව හොඳ සැපට සනීපෙට ආරක්ෂාකාරීව යන්න තියෙන්න ඕනේ. එතකොට මැනේජර්ලා , ලොක්කෝ ඔක්කොම ඕකට බහි. රනිල්ලාට හරි හමන් දැක්මක් වත් විශන් එකක් වත් නෑ, අයි එම් එෆ් ගියාම සේරම හරි කියලා හිතන් ඉන්නවා එච්චරයි, වෙන විපක්ෂ කණ්ඩායම් වල වත් මොළේ තියෙන එකෙක් වත් නෑ, ආණ්ඩුවට පිටින් මිනිස්සු වෙනම පටන් ගන්න ඕනේ, ටිකක් විතර ධම්මික පෙරේරා වගේ එකෙක් ආවොත් ඌට තේරුම් කරල හරි දෙන්න පුලුවන් වෙයි, අනිත් ගෝතකරුම වැඩි දෙනෙක් නම් මෙලෝ රහක් නෑ එහෙම නේද?

      Delete
    2. Anonymous ... ඉතා හොද අදහස් ටිකක්. සෞඛ්‍ය, අධ්‍යාපනය වගේ දේවල්වටත් මේක මෙහෙමම අදාලයි. ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයකට ගිහින් තියෙනවනම් රාජ්‍ය සේවයේ අතිශය නිෂ්ඵල තත්වය බලාගන්න පුලුවන්. මේ සියල්ල වෙනස් නොකරනතාක් ගොඩයාමක් නැහැ. තේ වත්තක වැඩක් කරන්න ශ්‍රමිකයෙක් නැහැ. හැබැයි හන්දියේ ත්‍රීවීල් තියාගෙන උඩ බලන් ඉන්න දහස් ගනනක් ඉන්නව. නිකන් ඉදල පිනට කන රටක මිනිස්සුන්ට අත්වන ඉරනම ගැන අපි ලෝකයටම උදාහරණයක් .

      Delete
    3. ඉතින් Buwa අපි ඒ කාලේ සමාජ ජාල වල කට කැඩෙන කන් කිව්වේ, ඔය Indian credit line/ China credit facility ණය වලින් consumable goods තෙල් ගෙනත් පුච්චලා නාස්ති කරන එකවත් පිටි සීනි ණයට ගෙනත් කල රීලා යවන එකවත් නෙවෙයි කළ යුතු කියලා, මේකෙත් කමෙන්ට් කීයක් දැම්මාද?

      //ඩොලර් බිලියන ගණන් ඉන්දියාවෙන් චීනයෙන් ණයට අරන් කන්සියුමබල් පෙට්‍රල් ඩීසල් භූමිතෙල් ගෑස් කන බොන ජති වගේ consumable goods පරිභෝජන ලට්ටවල් ගෙන්නවන එක වෙනුවට capital/ intermediate goods සොලාර් පවර් පැනල් බැටරි චාජින් යුනිට් ඉන්වර්ටර් සහ එෆිශන්ට් විදුලි උපකරන බැටරි සහ පවර් සේවින් ෆ්‍රිජ්, මල්ටි කුකර්, ලීටර් 0.5 l එළවලු උයන්න 1/2 බාගෙ රයිස් කුකර් වගේ දේවල් එතකොට නවීන දියුණු තාක්ෂණය සහිත ඉලෙක්ට්‍රික් බයික් වගේම ටවුන් වල ත්‍රීවීල් ලට්ටවල් වෙනුවට එලෙක්ට්‍රික් ස්කූටර් සහ චීනය යුරෝපය වගේ රෙන්ටබල් බයිසිකල් විදුලි බස් වගේ ප්‍රාග්ධන ආයෝජන ඒවල් ආරම්ඹ්හ කළොත් සෑහෙන ඩොලර් ගණනක් ඉතුරු කරගන්න පුළුවන්,

      ඉස්කෝලේ දවස් 4ක් කරලා ඉතිරි දවස ඔන්ලයින් කරමු. එතකොට ඉන්ධන වියදම අඩු වෙලා online license එකට ඒ ඉතිරි මුදලයි අතිනුත් කීයක් හරි දාලා ගන්න පුළුවන්. කරන්ට් කැපිල්ලෙන් ටීචර් ටයි ළමයින්ටයි එකම වෙලාවේ පන්තියට සම්බන්ධ වෙන්න පුලුවන්ද කියන එකත් ප්‍රශ්නයක්. ඒ නිසා සොලාර් වින්ඩ් පවර් සිම්පල් ලැප්ටොප් මොබයිල් ෆෝන් හඳුන්වා දිය යුතුයි පහසු මිලට එඩියුකේශන් පැක් එකක් විදිහට; කර්මාන්තකරුවන්ට pure sine wave inverter ගෙන්වන්න high efficiency solar panel ගෙන්වන්න ඩොලර් නිකුත් කරන්න. කොළඹට එන එක පමණක් නෙමෙයි අනවශ්‍ය ගමන් බිමන් වාහන වලින් කෙරෙන එක නවත්තන්න. තරාතිරම නොබලා ලීටරයට කිලෝමීටර් පහට වඩා අඩු ධාවනයක් ඇති පුද්ගලික වාහන, 225 භාවිතා කරන ඒවාද ඇතුළුව, සඳහා ඔවුන්ගේ මුදලින් අධි බද්දක් අය කරන්න. තීරණය කරන යම් දුරක සිට ඊට වඩා දුරින් පැමිණෙන සේවකයින් හට පැයක් ප්‍රමාද වී සහ පැයක් කලින් යාමට කාලසටහන කට අනුව ඉඩ දෙන්න. බොරුවෙන් අවභාවිත කිරීමට ඉඩ නොදෙන්න.

      ඇමතිවරුන්ට backup වාහන භාවිතය අවම කර ආරක්ෂකයින් ඇමති ගමන් කරන වාහනය ට ම සීමා කරන්න. පවුලේ හා නෑදෑ ඇමති කාර්ය මණ්ඩල වලින් නොමිලේ දෙන ඉන්ධන පහසුකම් ඉවත් කරන්න. සියලුම අමාත්‍යවරුන්ට Energy Efficient වාහන පමණක් භාවිතය අනිවාර්ය කරන්න.

      ජනතාව පුද්ගලික වාහන සඳහා පමණක් යොමුවන කරුණු සොයා බලා එයින් පොදු වාහන සඳහා යොමු නොවන හේතු වලට ඇති සාධාරණ ප්‍රශ්න විසඳන්න වැඩි අවධානයක් යොමු කරන්න. කරුණාකර ලොකුම හේතුව වන දුරකථනයෙන් විසඳිය හැකි ප්‍රශ්න සඳහා රාජ්‍ය ආයතන වෙත ජනතාව ගෙන්වා නොගන්න. video call, skype, Google meet, ආදී chat භාවිතා කරමින් ඔන්ලයින් මුන ගැසීම ප්‍රචලිත කරන්න; etc. etc.

      පුළුවන් නේද? මේ වගේ යෝජනා ආණ්ඩුව වහාම සැලකිල්ලට ගත යුතුයි නැද්ද?//

      ණයට සොලාර් පැනල්, MPPT charge controllers, බැටරි සහ ඉන්වර්ටර් ඩොලර් මිලියන් 250 ක් ගෙනාවනම් යුනිට් 30ට අඩු ගෙවල් ලක්ශ දෙකක් විතර සිස්ටම් එකෙන් අයින් වෙන එකෙන් මණ්ඩලේටත් වාසියි, ලෝඩ් එකත් අඩුයි

      Electric motorcycles ඉලෙක් ට්‍රික් බයික් සහ චාජින් සෙන්ටර් හදලා ඉලෙක්ට්‍රිෆයි සිරි ලම්කා කියලා කොරන්න තිබ්බා, රට පුරා එහෙමනම් තෙල් අර්බුදෙන් බාගයක් ගොඩ, බයික් ලක්ෂ දෙකක් ගේන්න යන්නේ ඩොලර් මිලියන් 250 ක් විතර, ඉන්දිලාවේ ඔලා එස් වන් එක නැත්නම් ටීවී එස් එලෙcට්‍රික් ස්කූටර් උනත් අවුලක් නෑ (Ola S1, TVS iQube, Bajaj Chetak, Ather 450X, Revolt RV 400), ඊළඟට ඩොලර් මිලියන 150 - 200 යූරිය පොස්පේට් පොටෑශ් පෝර ගෙනත් කාබනික එක්ක මික්ස් කරලා වගා ටික බේරගෙන සත්වාහාර එහෙම හදන්නත් වගා කරන්න බීජ එහෙම ගේන්න ඔක්කොම්ටම ඩොලර් මිලියන් 750 කින් හෝ උපරිම බිලියන් එකක් යයි,

      Delete
    4. දැන් විදේශ රැකියා සඳහා රටින් පිට යන්න පුළුවන් සහ රට පුරාම වෙහෙස මහන්සි වී වැඩ කරන්න නිෂ්පාදන කර්මාන්ත ශ්‍රමිකයින් සඳහා විශාල හිඟයක් සහ ශ්‍රම හිඟය නිසා වැසී ගිය කර්මාන්ත ඕන තරම් තියෙනවා ලංකාවේ.

      අනික අපි පුංචි කාලෙ 1990 ගණන් වල එහෙම රස්තියාදු ගහපු තරුණයින් 200 ගණන් වෙනකොට මොනවා හරි කරන්ට පුරුදු වුණා ටේලර් සාප්පු සුපර්මාකට් වගේ දේවල් නැත්නම් කොරියාවේ මැදපෙරදිග කලාපයේ මැලේසියාව වගේ මොනව හරි රටකට ජොබ් වලට ගියා, මැදපෙරදිග රැකියා කරන අම්මලාගේ සල්ලි වලින් පාදඩ රස්තියාදුකාර පුත්තු ත්‍රීවීල් එකක් අරන් පාරේ දුරාචාරී වැඩ කරනවා. ගොඩක් තරුණ අය මැදපෙරදිග රටවල් වල ගිහින් කෙටි කලකින් ආපහු ඇවිත්ලංකාවේ ත්‍රී වීල් එකක් අරන් ලේසියට කම්මැලි කමට ඒක තියාගෙන ඉන්නවා

      අනෙක ත්‍රී වීල් නිසා ලංකාවේ බස් වෑන් වගේ සේවා වල දියුණුව වෙනත් රටවලට සාපේක්ෂව ඇණ හිට තියෙනවා මොකද සුඛෝපභෝගී බස් වෙනුවට එම මිලට ගන්න ත්‍රී වීල් වල යන නිසා, තව දෙයක් ලංකාවේ පාසල් යන තරුණ කොල්ලො ගොඩක් ඉගෙනගන්නේ නැතුව ලොකු වෙලා ත්‍රී වීල් එකක් තියාගෙන ඉන්නවා කියලා ඉගෙනගන්න වත් වෙනත් කර්මාන්ත වලට යන්නේ නැතුව නාස්ති වෙන සෑහෙන පිරිසක් ඊට වඩා හොඳ අවස්ථා වලට යන්න විදේශ රැකියා වලට යන්න පුළුවන් කට්ටිය ඒ අය චණ්ඩි වගේ වලි දාගන්න පුරුදු වෙලා පස්සෙ ත්‍රී වීල් පාක් වල අයිතිය හිමි කර ගන්නවා, ලැබෙන මුදල අඩු වුණත් මේ හන්දියේ ත්‍රී වීල් සංස්කෘතිය සහ මිතුරන් ඇසුර නිසා බොහෝ දෙනෙක් මේ කර්මාන්තයහැර දමා යන්නේනෑ වෙනත් ආදායම් වැඩි opportunities ආවත්. ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ, කාර්මික තාක්ෂණිකශ්‍රමිකයින් අවශ්‍ය කම්හල් වාහන සර්විස් වගේ ගොඩාක් ක්ෂේත්‍ර, තේ පොල් රබර් වගා බිම් වල සේවා, කම්කරු රැකියා වලට වයස 45-50 පැන ඇති අය හැර තරුණ අය එනවා අඩුයි ලේසියෙන්ම කරන්න පුළුවන් කියලා ඇඟේ හයිය තියෙනවා නම් කට සැර වැඩි නම් පාක් එකේ බලය අත්පත් කරගෙන වීල් එකක් දාගන්න පුළුවන්, ත්‍රී වීල් ව්‍යාපාරයේ opportunity cost එක විදියට ත්‍රී වීල් නිසා වැසී ගිය හෝ ආරම්භ නොකර පවතින ශ්‍රමිකයින් අවශ්‍ය කර්මාන්ත සහ ඉන්,රටේ GDP එකට වන බලපෑම් වෙනමම research එකක් කරලා හොයල බලන්න ඕන research topic එකක් විදිහට මම යෝජනා කරනවා, තෙල් සම්බන්ධයෙන් ඇත්ත වශයෙන්ම බැලුවොත් මාසෙකට වාහනවලට විතරක් විදුලියට නැතුව ඩොලර් මිලියන 350 – 400ක් වත් අවශ්‍ය වෙනවා. විදුලියටත් සමග 550ක් වගේ තමයි අවශ්‍ය වෙන්නෙ. එතකොට ඒ සඳහා ඩොලර් මිලියන 500ක් හොයාගන්න (සංචිත තියෙන්නෙ ඉතාම අඩු මට්ටමක නිසා) තියෙන එකම ක්‍රමය තමයි ඉන්දියාව හරි චීනය හරි කවුරුහරි දෙන්න ඕනෙ, එහෙම දුන්නොත් මේක ඉතා පහසුවෙන් විසඳන්න පුළුවන්.

      කොහෙද ගොබ්බ නන්ඳේ බුකියේ විලාප තියපු මීහරක් හැත්තට බයේ ගම කෑවා, රනිලටත් දැක්මක් නෑ, අනිත් පක්ෂවල ඉන්න මන්ද බුද්ධික අනුර කුමාර පිස්සු මල හෝන්තුව/ මෝඩ පුතාණෝ ගොන් රිලාමොටා වගේ එක කාල කම්නි සක්කිලි මීහරක් එකෙටවත් රට වෙලා තියෙන්නේ මොකක්ද කියලවත් තේරෙන්නේ නැතුව වැල් බයිලා ගගහ එකම හොරනෑව ගගහ කාලේ කනවා, ඉතින් මොකෝ කොරන්නේ, රනිලා මේ මට්ටමෙන් ඇදගෙන යන්න පුලුවන් කෙනෙක්, එච්චරයි වෙන එච්චරවත් පුලුවන් එකෙක් නෑනේ දේශපාලනේ decision making කරලා හරි විදිහට තීන්දු තීරණ ගන්න පුලුවන් කෙනෙක් හෝ ටීම් එකක්?? ඉතින් මොකෝ කොරන්නේ?

      Delete
    5. ඇනෝ... මේව අපිත් කට කැඩෙනකල් කිව්ව, ලිව්ව. අහන්න එකෙක් නැහැ. unies වල ඕන තරම් mphil, masters , phd , MBA, Academic articles තියෙනව. බලන්න බල්ලෙක් නැහැ . අවුරුදු 8, 10 සැරයක් ගිනි තියල දානව.
      අද ඉදන් හරි හමන් ජන්ගියක්වත් නැතිව යනව. තියෙනවනම් දැන්ම විස්කි අඩියක් ගහල දාමු. ලොක්කගෙ ලොකුම ප්ලෑන් එක trade balance plus කරන එක..

      Delete
    6. This comment has been removed by the author.

      Delete
  4. @ ඉකොනොමැට්ටා

    //වත්මන් මහ බැංකු අධිපතිවරයාට ලංකාවේ විදේශ අංශය ගැන තිබෙන පළපුරුද්දත් සැලකූ විට මේ කියන කතාව නොසලකා හැරිය හැකි ප්‍රකාශයක් නෙමෙයි. මෙහෙම කතාවක් එළියට දැම්මේ හොඳින් හිතාමතා විය යුතුයි. //

    මෙතනදි තව දෙයක් කියන්න ඕනේ, ලංකාවේ ප්‍රචලිත විශේෂඥයන්ට තමන්ගේ ක්ෂේත්‍ර ගැන කතා කරන්න දීල හුදී ජනය පැත්තකට වෙලා ඉන්න ඕන කියන මතය මම පිළිගන්නෙ නැහැ. උදා: විදියට ගත්තොත් කොවිඩ් එන්නත් ආපු කාලෙ කියපු දෙයක් තමයි මේ ගැන විශේෂඥ මතය අනෙක් අය ප්‍රශ්න කිරීමකින් තොරව අනිවාර්යයෙන්ම පිළිගන්න ඕන කියල. ප්‍රශ්නය කියන්නෙ විශේෂඥ මතය කියල කිසිම දෙයක් ගැන එක මතයක් නැහැ. සුළු පිරිිසක් හරි විශේෂඥයො ඉන්නවා වෙනස් මත දරන. ගොඩක් විට ඒ අයට මාධ්‍ය ආවරණය ලැබෙන්නෙ නෑ. ඒකට හේතුව දැනුමෙ තියෙන දේශපාලනය.

    ලංකාවේ ආර්ථිකය පාලනය කරන්න විශේෂඥ්යන්ගේ තීන්දු අනුව සිද්ධ වෙන ආර්ථික කාරණා ගත්තත් එහෙමයි. මහ බැංකුව, මුදල් අමාත්‍යාංශ වගේ ආයතනවල විශේෂඥයන් ඉන්නවා. ඒ ඉදලත් රටට කෙළ වෙලා තියෙනවා. ඔවුන්ට තීන්දු ගන්න නිදහස තිබ්බෙ නෑ වගේ වැල් බයිලා කතා කියන්න පුළුවන්. නමුත් ඊට වඩා මුලික හේතු තියෙනවා.

    ඕනම ක්ෂේත්‍රයක ගෲප්-තින්ක් එකක් හැදෙන්න පුළුවන්. ඒ කියන්නෙ හැමෝම පොදුවෙ පිළිගන්න මත තියෙනවා ප්‍රශ්නයට ලක් නොවන. එක්කො ඒගොල්ලන්ගෙ රැකියාව හෝ පැවැත්මම පදනම් වෙන්නෙ ඒ මතය මත නිසා. උදා විදියට ක්ලියිමේට් චේන්ජ් රිසර්ච් ෆන්ඩ් ලැබෙන යුනිවරස්ටි ඩිපාට්මන්ට් එකකට පැවැත්මක් නැති වෙනවා ක්ලයිමේට් චේන්ජ් කතාවම ප්‍රශ්නයට ලක් උනොත්. ඉතිං ඒගොල්ලන්ගෙ රිස්ර්ච් අවුට්පුට් එක හැදෙන්නෙම ක්ලයිමේට් චේන්ජ් කොච්චර අවුල්ද කොච්චර ඒ වෙනුවෙන් ක්ලයිමේට් ඉන්ජිනියරිං කරන්න ඕනෙද කියන එකම තහවුරු කරන්න. ඒ කරන තරමට තමයි ඒගොල්ලන්ට ඉස්සරහට තව ෆන්ඩිං ලැබෙන්නෙ.

    මේකට තව උදාහරණයක් ගත්තොත් ආර්ථිකයට මහ බැංකුවෙ බලපෑම අවම කරන ප්‍රතිසංස්කරණ උනොත් ඒකෙ වැඩ කරන ගොඩක් අයට රස්සා නැතිවෙයි, තියෙන බලතල අහිමි වෙයි, ඒ නිසා ඇත්තටම විද්‍යාවෙ ක්‍රමවේදයට වඩා වැදගත් වෙන්නෙ රිසර්ච් ෆන්ඩිං තමයි මේ වෙනකොට ලෝකයේ රිසර්ච් institutions වලදී. ඒ වගේම ෆන්ඩ් කරන්නෙ මොන ටොපික්වලටද කියන එක මත ඉදිරියට එන්නෙ මොන විද්‍යාත්මක මතයද කියල පහසුවෙන්ම තීරණය කරන්න පුළුවන්. ෆන්ඩ් කරන්න මොනවටද කියල කරන තීරණය විද්‍යාත්මක තීරණයක් නොව ආර්ථික හෝ දේශපාලනික කාරණා මත ගන්න තීරණයක්. ඒක බොහෝ විට තීරණය කරන්නෙ එක්සත් ජනපදය වගේ රටවල රාජ්‍ය දෙපාර්තමේන්තු (The National Institutes of Health, commonly referred to as NIH, is the primary agency of the United States government responsible for biomedical and public health research, — the Secretaries of Agriculture, Commerce, Defense, Education, Energy, Health and Human Services, Homeland Security, Housing and Urban Development, Interior, Labor, State, Transportation, Treasury etc.) හෝ ගෝලීය ආයතන (IBRD, UNO, WTO, EU, WHO වැනි). ඖෂධ ක්ෂේත්‍රයෙ වගේ සමහර ක්ෂේත්‍රවල සමාගම්වලින්ම direct ෆන්ඩ් කරනවා. ඒගොල්ලන්ට ෆන්ඩිං දීම හෝ නොදීම හරහා විද්‍යාත්මක මතය පාලනය කරන්න පුළුවන්. විද්‍යාත්මක සහ ඇකඩමික් ක්ෂේත්‍රය එක්ක බැදිච්ච විශාල ආර්ථිකයක් සහ කර්මාන්තයක් තියනෙවා. නැතිව විද්‍යාඥයො තමංගෙ ගෙවල්වල පරීක්ෂණ නලවලින් පරීක්ෂණ කරනවා නොවේ. අවසානයෙ රිසර්ච් ග්‍රාන්ට් සහ ෆන්ඩිංවලට ප්‍රධාන ධාරවෙ විද්‍යාත්මක මතවාද ඌනනය වෙනවා.

    ඔය මොනවත් නැතත් මනුෂ්‍ය ස්වභාවය මතම එක් එක් පුද්ගලයින් එක එක මතවලට ඇලෙනවා. යම් ක්ෂේත්‍රයක දිගින් දිගටම ඉන්නකොට අනෙක් දේවල් පේන්නෙ නැති ටනල් විශන් එකක් ඇතිවෙන්න පුළුවන්.

    ඒ නිසා මේ වගේ එකක් ප්‍රශ්න කරන්නනං සිස්ටම් එකට පිටිං ඉන්නම වෙනවා. මොකද පෙරහැරේ යන අයට පෙරහැර පේන්නෙ නෑ කියනවානෙ. නමුත් බොහෝ විශේෂඥයන් ඉන්නෙ සිස්ටම් එක තුළ. උදා විදියට සමහර විට වෛද්‍යවරයෙක් එන්නත් vaccines පිටුපස ඇති විද්‍යාව ප්‍රශ්න කරොත් එයාගෙ මෙඩිකල් ලයිසන් එක නැතිවෙලා රස්සාවත් නැති වෙනවා. ඉතිං කට වහගෙන ඉන්න වෙනවා.

    අපි වගේ නූගත් වරනොලත් ලැයිසන් නැති හුදී ජනයාට ඒ වගේ ප්‍රශ්න නැති නිසා වඩා නිදහසේ අදහස් පළ කරන්න පුළුවන්. ළමා රෝග විශේෂඥයෙක්ට එන්නත් (Vaccine) ගැන අතුරු ආබාධ ගැන නිදහසේ පරික්ෂණ කරන්න හෝ හිතන්න බැහැ. එහෙම කරල එයාගෙ රස්සාව කරන්න බෑ. තමන්ගෙ පැවැත්මම අභියෝගයට ලක් වෙනවා එහෙම කරන්න ගියොත්.

    මෙතනදි අපි වගේ නූගත් හුදී ජනයාට සමහර විට ඒකට අවශ්‍ය තාක්ෂණික දැනුම සම්පූර්ණයෙන්ම නැති වෙන්න පුළුවන්. ඒ උනත් ප්‍රශ්න කිරීම විය යුතු දෙයක්. මොකද නැත්තං මේ කිසි දෙයක් හරියට ප්‍රශ්න වෙන්නෙ නැහැ. යම් ආකෘතියක් ඇතුලේ බොහොම සුපර්ෆිශශල් ස්පේශල් විදිහට Superficial/ Spatial විදියේ ප්‍රශ්න කිරීමක් වෙන්න පුළුවන්. ඒකෙන් එතරම් ප්‍රයෝජනයක් වෙන්නෙ නැහැ. මේ නිසා පොදු ජන විචාරය ප්‍රවර්ධනය කළ යුතුයි අනිවාර්යයෙන්ම...

    ReplyDelete
  5. could you please explain "දැන් ඔය කියන විදිහට ඇත්තටම රටට ඇවිත් තියෙන්නේ ඔය ගණනින් බාගයක් පමණයි." 2. what is the actual amount spend on education in Sri Lanka? I think the claimed percentage is wrong since it does not count allocations made by provincial councils and pension department

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: