ලංකාව විසින් ගෙවිය යුතු විදේශ ණය ගෙවන්න තියෙන්නේ කාටද?
තවමත් ගෙවා ගෙන යන ණය:
ආසියානු සංවර්ධන බැංකුව - රුපියල් බිලියන 1,564.4 (14.4%)
ලෝක බැංකුව - රුපියල් බිලියන 804.3 (7.4%)
අනෙකුත් ජාත්‍යන්තර සංවිධාන - රුපියල් බිලියන 254.3 (2.3%)
මේ වන විට ගෙවීම අත් හිටුවා ඇති ණය:
ජපාන රජය - රුපියල් බිලියන 869.6 (8.0%)
වෙනත් රටවල රජයයන් - රුපියල් බිලියන 1,587.1 (14.6%)
සහනදායී නොවන ණය - රුපියල් බිලියන 5,788.1 (53.3%)
එකතුව: රුපියල් බිලියන 10,867.1
පසුගිය 2021 වසර අවසාන වන විට පැවති මධ්‍යම රජයේ විදේශ ණය සංයුතිය පිළිබඳව මීට වඩා විස්තරාත්මක දත්ත තිබෙනවා.
ආසියානු සංවර්ධන බැංකුව - 16.2%
ලෝක බැංකුව - 9.9%
අනෙකුත් ජාත්‍යන්තර සංවිධාන - 2.7%
ජපාන රජය - 9.6%
ඉන්දියානු රජය - 2.2%
චීන රජය - 1.8%
වෙනත් රටවල රජයයන් - 3.6%
චීන එක්සිම් බැංකුව - 8.5%
ස්වෛරිත්ව බැඳුම්කර - 34.6%
අනෙකුත් සුරැකුම්පත් - 4.1%
කාලීන ණය පහසුකම් - 6.9%
මෙම ගණන් වල රාජ්‍ය සංස්ථා ආදිය විසින් ලබාගත් විදේශ ණය ඇතුළත්ව නැහැ.
බන්කොලොත් උනේ චීන ණය , එහෙමත් නැතිනම් isb නිසා කියන බයි ටොයි තර්ක වලට පදනමක් තියෙනවද?
ReplyDeleteඔය ඕනෑ එකක් හේතු විදිහට ඉදිරිපත් කිරීම වැරදියි කියා තර්ක කරන්න බැහැ. නමුත් බංකොලොත් වීම මෙවැනි තනි කරුණකට ඌණනය කරන්න බැහැ. මගේ පැහැදිලි කිරීම මම විස්තර කර තිබෙනවා. දූෂණ, හොරකම් ගැන කියන්න තියෙන්නෙත් ඒකමයි.
Delete