වෙබ් ලිපිනය:

Sunday, April 2, 2023

හැත්තෑ හතට කලින් විදේශ ණය

 

හැත්තෑ හතෙන් පසුව ලංකාවේ විදේශ ණය ඉහළ යාම කවුරුත් දන්නා දෙයක්. පහත වගුවේ තිබෙන්නේ හැත්තෑ හතට පෙර, 1955 පමණ සිට, ලංකාවේ විදේශ ණය ක්‍රමයෙන් ඉහළ ගිය ආකාරයයි. මෙයින් අවධානයට වඩාත්ම යොමු විය යුත්තේ ද්‍රව්‍ය ණය ලෙස සඳහන්ව ඇති තීරුවයි.

ද්‍රව්‍ය ණය යනු මෙම කාලය තුළ රජය විසින් නොමිලේ හෝ අඩු මිලට සහනාධාර ලෙස බෙදා දුන් හාල්, සීනි, පිටි ආදිය ආනයනය කිරීම සඳහා ලබා ගත් පරිභෝජන ණයයි. පසුකාලීනව මෙම ණය හා පොලී ගෙවා තිබෙන්නේ නැවත නැවත අළුතෙන් විදේශ ණය ගැනීම මගිනුයි. ඒ අනුව, මෙම පරිභෝජන ණය ප්‍රමාණය ස්වෛරිත්ව බැඳුම්කර ලෙස හෝ වෙනත් ස්වරූපයකින් අද දක්වාම ඉතිරිව තිබෙන අතර වැල් පොලී එකතු වීමෙන් ලබා ගත් ප්‍රමාණයට සාපේක්ෂව විශාල ණය ප්‍රමාණයක් බවට පත් වී තිබෙනවා. 

සමගි පෙරමුණු රජය බලයේ සිටි කාලයට අනුරූප, 1969 සිට 1976 දක්වා කාලය තුළ ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, චීනය, රුසියාව, ජර්මනිය, ප්‍රංශය, ජපානය ඇතුළු ධනවාදී හා සමාජවාදී රටවලින් ලබා ගෙන තිබෙන ද්‍රව්‍ය ණය ප්‍රමාණය පමණක් රුපියල් දශ ලක්ෂ 2,636.3ක් වන අතර මෙසේ වැඩි වූ ද්‍රව්‍ය ණය ප්‍රමාණය 1976 වසරේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 10.9%කට සමාන ප්‍රමාණයක්. 

2 comments:

  1. සිංහලයා මෝඩයා
    කැවුම් කන්න යෝදයා
    මෝඩ චූන්කාරයා
    ණයටත් බය නෑ එයා

    ReplyDelete
  2. සමාජවාදියෝ සෝ කෝල්ඩ් සමාජවාදී ආර්ථිකයක් ඇති කරන්න ගිහිල්ලා හත්පොළේ ගාගත්තම දෙන ප්‍රසිද්ධ නිදහසට කරුණක් තියෙනව නෙ.

    "ආ ඒ නියම සමාජවාදය නෙවෙයි"

    ඒ වගේ සෝ කෝල්ඩ් ලිබරල් ධනවාදයේ වපසරිය නොදැන ඒ වෙනුවන් කඩේ යන නලාකාරයින්ගෙන් ඉදිරියට ඇහෙන්න නියමිත කතා ටිකක්:

    "අවුරුදු 75 ක් තිස්සෙ සමාජවාදයෙන් හෝදපු රටක් එක පාරටම සුද්ද කරන්න අමාරුයි. තව පොඩ්ඩක් ඉන්න."

    "IMF එකේ නිර්දේශ හරියටම කරා නං ඔහොම වෙන්නෙ නෑ, හරියටම කරලා නෑනේ ඒකයි මේ කේස් එක පත්තු වුණේ"

    "හරියට නියාමනය කරන්න ඕනෙ නියාමනයේ වරදක් ඕක"

    "ආර්ථික ක්ෂුද්‍ර නිර්නායක වලට අනුව මූල්‍ය අනුපාතික වල ට්‍රෙන්ඩ් එක බලද්දි අපිට පේනවා ණය පොළී අනුපාතිකය පහළ ගිහිල්ලා බැංකු පොළී අනුපාතිකය ඉහළ යනවා... see more

    "ඉකොනොමැට්ටගෙ අළුත්ම පෝස්ට් එක බැලුවද?"

    "මොකද්ද ආර්ථික දියුණුව කියන්නෙ?"

    (තව මේ වගේ ගොන් පාට් ලෝකයක් බලාපොරොත්තු වෙන්න පුළුවන් වෙයි ඉස්සරහට)

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: