වෙබ් ලිපිනය:

Saturday, April 8, 2023

ප්‍රාථමික අයවැය තුලනය වන ආකාරය


ගෙවුනු 2022 අවුරුද්දේ රජයේ ආදායම් හා වියදම් ගැන පෙර සටහනක විස්තර කළා. පහත තිබෙන්නේ එම ආදායම් හා වියදම් වල සාරාංශයක්.

ආදායම් සහ ප්‍රදාන එකතුව දදේනි % ලෙස - 8.3%යි.

පොලී ගෙවීම් හැර වියදම් දදේනි % ලෙස - 12.0%යි

පොලී වියදම් දදේනි % ලෙස - 6.5%යි.

ප්‍රාථමික අයවැය හිඟය දදේනි % ලෙස - 3.7%යි.

සමස්ත අයවැය හිඟය දදේනි % ලෙස - 10.2%යි.

යෝජිත සාර්ව ආර්ථික වැඩපිළිවෙළ අනුව, 2025 වසර වන විට ඉහත තත්ත්වය වෙනස් වී දැනට දදේනියෙන් 3.7%ක හිඟයක්ව පවතින වන ප්‍රාථමික අයවැය ශේෂය දදේනියෙන් 2.3%ක අතිරික්තයක් වීමට නියමිතයි. එය සිදු වන්නේ රාජ්‍ය ආදායම දදේනියෙන් 14.9% දක්වා වැඩි වීමෙනුයි. මෙය සිදු වන්නේ පහත ආකාරයෙනුයි.

බදු ප්‍රතිසංස්කරණ නොමැතිව අපේක්ෂා කළ හැකි වූ ආදායම - 8.1%

මූල්‍ය සේවා මත වැට් බද්ද වැඩි කිරීම - 0.1%

සමාජ සංරක්ෂණ බද්ද - 0.8%

පුද්ගල ආදායම් බදු ආකෘතිය වෙනස් කිරීම - 0.6%

ලාභාංශ මත රඳවා ගැනීමේ බදු වැඩි කිරීම - 0.2%

සමාගම් බදු වැඩි කිරීම - 0.2%

සමාගම් බදු සඳහා බදු සහන ඉවත් කිරීම - 0.3%

වැට් බද්ද 12% දක්වා වැඩි කිරීම - 0.7%

වැට් බද්ද 15% දක්වා වැඩි කිරීම - 0.5%

වැට් බදු සඳහා අවම සීමාව අඩු කිරීම - 0.06%

වැට් බදු සහන ඉවත් කිරීම - 1.4%

ඉන්ධන බදු වැඩි කිරීම - 0.3%

විදුලි සංදේශ බදු වැඩි කිරීම - 0.02%

සූදු ක්‍රීඩා හා ඔට්ටු දැමීම් බදු වැඩි කිරීම - 0.03%

මත්පැන් හා දුම්වැටි බදු වැඩි කිරීම - 0.4%

මත්පැන් හා දුම්වැටි බදු උද්ධමනය හා ගැලපීම - 0.2%

තෑගි හා උරුම බද්ද - 0.2%

ධන බද්ද - 1.0%

මහ බැංකුවේ ලාභාංශ අහිමිවීම - (-0.1%)

ආදායම් එකතුව - 14.9%


පොලී හැර රජයේ වියදම - 12.6%

ප්‍රාථමික අයවැය අතිරික්තය - 2.3%

පොලී වියදම් දදේනි % ලෙස - 7.3%යි.

සමස්ත අයවැය හිඟය දදේනි % ලෙස - 5.0%යි.

ඉහත බදු අතරින් තෑගි හා උරුම බද්ද සහ ධන බද්ද හැර අනෙකුත් බදු සියල්ලම මේ වන විටද පනවා අවසන්. තෑගි හා උරුම බද්ද සහ ධන බද්ද පැනවීමට නියමිතව තිබෙන්නේ 2025 ජනවාරි 1 දින සිටයි. 

7 comments:

  1. මාතෘකාවට අදාල නැති දෙයක් අහන්න තියෙනවා. සිංහල අවුරුද්ද පටන්ගන්නේ අප්‍රේල් 15ද? බක් අමාවක දාද?

    ReplyDelete
    Replies
    1. අප්‍රේල් මාසය තියෙන්නේ ජුලියන් දින දර්ශනයේ. අප්‍රේල් 15 තියෙන්නේ එම වර්ෂ ක්‍රමය තුළයි. ඒ සමඟ සිංහල අවුරුද්දට කිසිම සම්බන්ධයක් නැහැ. ඒ නිසා, කොහෙත්ම අප්‍රේල් 15 නෙමෙයි. සිංහල අවුරුද්ද තීරණය වන්නේ සිංහල (හා වෙනත් අයගේ) සූර්ය වර්ෂ ක්‍රමය තුළ. බක් අමාවක දිනය තීරණය වන්නේ සිංහල සූර්ය-චන්ද්‍ර වර්ෂ ක්‍රමය තුළ. සූර්ය වර්ෂයක් ව්‍යවහාර වර්ෂයකට වඩා මිනිත්තු 20ක් පමණ දිග නිසා ජුලියන් දින දර්ශනය තුළ සිංහල අවුරුද්ද වසරින් වසර ඉදිරියට යනවා. මේ හේතුව නිසාම සිංහල බක් අමාවක දිනයත් (සාමාන්‍ය වශයෙන්) ඉදිරියට යනවා. බක් අමාවක දිනයක් හැම විටම සිංහල අවුරුදු දින හෝ ඉන් පසුව එනවා. යම් හෙයකින් බක් අමාවක දිනය සිංහල අවුරුදු දිනට කලින් වැටුණොත්, සිංහල අවුරුදු දින හෝ ඉන් පසුව අධි-බක් අමාවක දිනයක් යෙදෙනවා. සිංහල ක්‍රමයට වෙසක් මාසය ආරම්භ වන්නේ සිංහල අවුරුදු දිනයට (මේෂ සංක්‍රාන්තියට) පසුව එළැඹෙන අමාවක පෝය දිනට (එකම හෝ දෙවන බක් අමාවක දිනය) පසු දිනයි. ඒ නිසා, බක් අමාවක සිංහල අවුරුද්දට කලින් ආවොත් සිංහල අවුරුද්දට කලින් වෙසක් මාසය පටන් ගන්නවා. එය විය නොහැකි දෙයක්. ඒ වගේ අවස්ථාවක අධික මාසයක් එකතු කර ප්‍රශ්නය විසඳනවා. වෙසක් පෝය නිර්ණය කරන තායි, බුරුම ක්‍රම මීට වෙනස්. මේ සිංහල ක්‍රමය.

      Delete
  2. 'තෑගි හා උරුම බද්ද සහ ධන බද්ද පැනවීමට නියමිතව තිබෙන්නේ 2025 ජනවාරි 1 දින සිටයි. '

    මේ බදු ගැන පැහැදිලි කිරීමක් තියෙනවද ඉකොනෝ

    ReplyDelete
  3. සමාවෙන්ඩ ඕනෑ. දදෙනි හදන විදිහ ආයේ පොඩ්ඩක් මතක් කරන්ඩ පුළුවන්ද? පරණ ඒවා බලන්ඩ කම්මැලියි.

    ReplyDelete
  4. මේ සංඛ්‍යා ලේඛන ගත්තේ කොහෙන්ද? IMF වාර්තාවෙන්ද

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: