වෙබ් ලිපිනය:

Sunday, October 20, 2024

පසුගිය මාසයේ රජය කොයි තරම් ණය වුනාද?


මේ වන වට ජනාධිපතිවරණය පැවැත්වී මාසයක් ගත වී තිබෙනවා. එම මාසයක කාලය තුළ රජය විසින් අලුතෙන් කොපමණ ණය ලබා ගෙන තිබේද?

රජය විසින් ලබා ගන්නා සියලු ණය වර්ග පිළිබඳ තොරතුරු සොයා ගැනීමට නැතත් භාණ්ඩාගාර බිල්පත් හා භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම මගින් ලබා ගත් ණය පිළිබඳ නිශ්චිත තොරතුරු මහ බැංකු වෙබ් අඩවියෙන් බලා ගන්න පුළුවන්. පහත තිබෙන්නේ පසුගිය මාසයක කාලය තුළ භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීම මගින් රජය විසින් ලබා ගෙන තිබෙන ණය ප්‍රමාණයයි.

සැප්තැම්බර් 25 - රුපියල් මිලියන 132,000

ඔක්තෝබර් 2 - රුපියල් මිලියන 156,750

ඔක්තෝබර් 9 - රුපියල් මිලියන 93,500

ඔක්තෝබර් 16 - රුපියල් මිලියන 106,700

එකතුව - රුපියල් මිලියන 488,950

කෙසේ වුවත්, මෙම කාලය තුළ කල් පිරුණු (ආපසු ගෙවිය යුතු) භාණ්ඩාගාර බිල්පත් වෙනුවෙන් මෙම අරමුදල් වලින් වැඩි කොටසක් වැය වී තිබෙනවා. පහත තිබෙන්නේ එසේ ආපසු ගෙවූ ණය ප්‍රමාණයි. 

සැප්තැම්බර් 27 - රුපියල් මිලියන 114,666

ඔක්තෝබර් 4 - රුපියල් මිලියන 135,344

ඔක්තෝබර් 11 - රුපියල් මිලියන 64,766

ඔක්තෝබර් 18 - රුපියල් මිලියන 76,138

එකතුව - රුපියල් මිලියන 390,914

මේ අනුව, භාණ්ඩාගාර බිල්පත් ණය ආපසු ගෙවූ ප්‍රමාණයට වඩා රුපියල් මිලියන 98,036ක් වැඩියෙන් අලුත් භාණ්ඩාගාර බිල්පත් ණය ලබා ගෙන තිබෙනවා. 

මීට අමතරව, ඔක්තෝබර් 11 දින භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසි කිරීම මගින් තවත් රුපියල් මිලියන 104,500ක ණය ප්‍රමාණයක් ලබාගෙන තිබෙනවා. ඒ අනුව, මාසයක කාලය තුළ රජයේ භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර ණය ප්‍රමාණය රුපියල් මිලියන 203,536කින් ඉහළ ගොස් තිබිය යුතුයි. 

සැප්තැම්බර් 26 දින වන විට ශ්‍රී ලංකා රජය විසින් ලබා ගෙන තිබුණු මුළු භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර ණය ප්‍රමාණය රුපියල් මිලියන 17,154,456ක්. මේ වන විට මෙම ප්‍රමාණය රුපියල් මිලියන 17,356,992 දක්වා ඉහළ ගොස් තිබෙනවා. 

ඔක්තෝබර් 23 දින නැවතත් භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් පැවැත්වෙන අතර එහිදී සහ ඉන් අනතුරුව තවත් රුපියල් මිලියන 137,500ක භාණ්ඩාගාර බිල්පත් ණය ලබා ගැනීමට ඉඩ තිබෙනවා. ඔක්තෝබර් 25 දින රුපියල් මිලියන 107,017ක භාණ්ඩාගාර බිල්පත් ණය ආපසු ගෙවිය යුතුයි. ඒ අනුව, මේ සතියේ ඉහත ණය ප්‍රමාණයද  ලබාගතහොත් භාණ්ඩාගාර බිල්පත් ණය ප්‍රමාණය තවත් රුපියල් මිලියන 30,483කින් ඉහළ යා හැකියි. 

මේ අයුරින් ආපසු ගෙවිය යුතු ණය ප්‍රමාණයට වඩා වැඩියෙන් අලුතෙන් ණය ලබා ගැනීමට අවශ්‍ය වන ප්‍රධානම හේතුව ආපසු ගෙවද්දී ණය මෙන්ම පොලියද ගෙවිය යුතු වීමයි. භාණ්ඩාගාර බිල්පත් ණය ලබා ගනිද්දී පොලිය මුලින්ම ගෙවන බැවීන් රජයට ඇත්තටම ලැබෙන්නේ ණය ප්‍රමාණයෙන් පොලිය අඩු වූ විට කොටසයි. 

කෙසේ වුවද ඉහත ණය ප්‍රමාණ පසුගිය මාසය තුළ ආපසු ගෙවා ඇති භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර ණය වල සහ පොලියේ එකතුවටද වඩා වැඩියි. පෙර සැලසුම් කළාට වඩා රජයේ වියදම් වැඩි වී තිබීමට හෝ ආදායම් අඩු වී තිබීමට විශේෂ හේතුවක් නොපෙනෙන බැවින් මෙම අමතර අරමුදල් ප්‍රමාණය සංචිතයක් සේ තබා ගන්නවා විය හැකියි. 

6 comments:

  1. ඔය සල්ලි සුළුතර ජනපති ලපයා හොරකම් කරන්න ඇති

    ReplyDelete
  2. ඊට පෙර මාස වල තත්ත්වය එක්ක බැලුවම ණය ගැනීමේ වෙනසක් වෙලා නෑහැනෙ. පොඩ්ඩක් අඩු වෙලා වගෙ පේන්නෙ

    ReplyDelete
    Replies
    1. ඊට පෙර මාස පහක කාලය තුළ බිල්පත් හා බැඳුම්කර ණය වැඩි වූ සාමාන්‍ය අගය එක්ක බලද්දී 48%ක පමණ වැඩිවීමක්. එය අසාමාන්‍ය වැඩිවීමක් නෙමෙයි.

      දිනය/ බිල්පත් හා බැඳුම්කර ණය ප්‍රමාණය/ වැඩිවීම
      20-Oct 17,356,992 202,536
      26-Sep 17,154,456 93,656
      22-Aug 17,060,800 54,838
      18-Jul 17,005,962 349,206
      19-Jun 16,656,756 90,319
      21-May 16,566,437 96,419
      18-Apr 16,470,018

      Delete
    2. ඔය කතාව නෙමෙයිනෙ රනිල් ෆෑන්ස්ල කියන්නෙ. මාසයක් තුල ගත්තු ණය ටික එකතු කරල මෙක්චරක් ණය ගත්ත කියනව. ජෙප්පන්ටත් තියෙන්නෙ රනිල අපි එන්න කලින් මාස වල මෙච්චරක් ණය අරන් තියෙනව, අපි ඇවිල්ල මාසෙන් ඒක බාගෙට අඩුකලා කියල කියන්න.
      දේශපාලන කතා වලට ආර්තික විද්‍යා උත්තර දීල වැඩක් නෑ.

      Delete
    3. එහෙම කිවුවොත් ඒක බිත්තර වලින් කොමිස් ගත්තා කියපු කතාව වගේ එකක් වෙනවා. අනෙක් පැත්තට කැරකෙන්න වැඩි කාලයක් යන්නේ නැහැ.

      Delete
  3. ණය වගේ නෙමේ ඉකොනෝ, මේ නිව්ස් එකේ කියන පෙත්සම විභාගයට ගත්තාම මොන වගේ දෙයක් වෙයිද?


    ///නොවැම්බර් මස 14 වනදා පාර්ලිමේන්තු ඡන්ද විමසීම පැවැත්වීමට නිකුත් කර ඇති ගැසට් නිවේදනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යයි තීන්දුවක් ලබාදෙන ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකර ඇත.

    මෙම පෙත්සම ගොනු කර ඇත්තේ ‘අපි ශ්‍රී ලංකා ජාතික සංවිධාන’යේ, කැඳවුම්කරු එච්. එම්. ප්‍රියන්ත හේරත් මහතා විසිනි.

    වගඋත්තරකරුවන් ලෙස ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයා, ජනාධිපති ලේකම්වරයා, මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයින් හා නීතිපතිවරයා නම් කර ඇත.

    පාර්ලිමේන්තු ඡන්ද විමසීම පනත අනුව නාමයෝජනා භාරගැනීම අවසන් වූ දින සිට සති පහකට නොඅඩු කාලයක් සහ සති හතකට නොවැඩි කාලයක් තුළ ඡන්ද විමසීම සඳහා දින නියම කළ යුතු වුවත් නොවැම්බර 14 මැතිවරණ දිනය ලෙස නම් කල නොහැකි බවය.

    මේ හරහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් අදාළ වරද නිවැරදි කිරීමට හේතුවන සුදුසු නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලයි.//

    ගැසට් එක අවලංගු වුනොත් හිටපු පාර්ලිමේන්තුව නැවත දවසකට හරි කැඳවන්න වෙනවා.. එතකොට හරිනිට අගමැතිකම නැතිවෙනවා කියලා කට්ටියක් මේක ගැන කියනවා.

    ඒ අස්සේ බූරුවංසයා කියනවා ඒක රනිල් වික්‍රමසිංහගේ ප්ලෑන් බී එකලු, ඒ අනුව රනිල් පොහොට්ටුවේ හොර රැල කඩේ යවාගෙන ගේමක් ගැහුවොත් පරණ පාර්ලිමේන්තුවට පුලුවන්ලු ජනාධිපතිට එරෙහිව දෝෂාභියෝගයක් ගේන්න. හැබැයි ඒකට නාමල් රාජපක්ෂ ඇතුලු රාජපක්ෂ පවුල විරුද්ධයිලු. මොකද රාජපක්ෂ පවුල මාලිමාවට දිගටම ආණ්ඩුව කරගෙන යන්න ඉඩ දෙන්න ඕන කියන මතයේ ඉන්නවලු ඒත් රනිල්ට ඕන ආණ්ඩුව පෙරලලා නැවත වතාවක් හොර පාරෙන් බලයට පත් වෙන්නේ. මොනවා වෙයිද මන්ද මේ යන විදිහට. ගම්මන්පිලගේ අර වාර්තාවත් ලීක් කරල තියෙන්නේ රනිල් වික්‍රමසිංහලු. ශානි සහ රවී මාලිමාවට සෙට් කරලා තියෙන්නෙත් රනිල්ගේ ප්ලෑන් එකකට අනුව කියලා කියන්නේ. මොනවා වේවිද ඉස්සරහට?

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: