වෙබ් ලිපිනය:

Sunday, October 13, 2024

මැතිවරණ දිනය නීත්‍යානුකූලද?

සරල තාක්ෂණික හේතු මත ඇතැම් අයගේ නාම යෝජනා අවලංගු වීම පිළිබඳව මේ දවස් වල යම් කතාබහක් ඇති වී තිබෙනවා. ඇතැම් අය විසින් මෙය "අනවශ්‍ය සීමා කිරීමක්" ලෙස දකිද්දී තවත් අය "ඒ තරම් දෙයක්වත් හරියට කර ගත නොහැකි වීමක්" ලෙස අදහස් පළ කර තිබෙනු දැකිය හැකියි. 

මට පෙනෙන විදිහටනම්, මේ මැතිවරණය ප්‍රකාශයට පත් කර තිබෙන්නේම පාර්ලිමේන්තු මැතිවරණ පණතට අනනුකූලවයි. 1988 අංක 15 දරන පාර්ලිමේන්තු මැතිවරණ (සංශෝධන) පණතෙන් සංශෝධිත 1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පණතේ 10 වන වගන්තිය අනුව, පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන දිනය "නාම යෝජනා කාල සීමාව අවසන් වන දිනයේ සිට සති පහකට නොඅඩු වූද සති හතකට නොවැඩි වූද දිනයක්" විය යුතුයි. 

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් මැතිවරණ දිනය නිවේදනය කළ 2024 සැප්තැම්බර් 24 දිනැති අංක 2403/13 දරන ඇති විශේෂ ගැසට් පත්‍රය අනුව, "නාමයෝජනා කාලසීමාව වශයෙන් වර්ෂ දෙදහස් විසිහතරක් වූ ඔක්තෝබර් මස හතර වන දිනයෙන් ආරම්භව වර්ෂ දෙදහස් විසිහතරක් වූ ඔක්තෝබර් මස එකොළොස් වන දිනට අවසන් වන කාලසීමාව" නාමයෝජනා භාරගත යුතු කාලසීමාව ලෙස නියම කර තිබෙනවා. 

මේ අනුව, නාමයෝජනා කාලසීමාව අවසන් වූයේ ඔක්තෝබර් 11 සිකුරාදා දිනයි. එදින සිට සති පහකට නොඅඩු කාලයකින් පසු එළඹෙන පළමු දිනය නොවැම්බර් 15 සිකුරාදා දිනයයි. නමුත් මැතිවරණය සඳහා නියම කර තිබෙන දිනය නොවැම්බර් 14 දිනයයි. මෙය "නාම යෝජනා කාල සීමාව අවසන් වන දිනයේ සිට සති පහකට නොඅඩු වූද සති හතකට නොවැඩි වූද දිනයක්" නෙමෙයි. ඒ අනුව, මෙම දිනය පාර්ලිමේන්තු මැතිවරණ පණතේ 10 වන වගන්තියට අනුකූල නැහැ. 

මැතිවරණය පෝය දිනයකද පැවැත්විය නොහැකියි. නොවැම්බර් 15 ඉල් පුර පසළොස්වක පෝයයි. ඒ අනුව, මැතිවරණය පැවැත්විය හැකි මුල්ම දිනය වන්නේ නොවැම්බර් 16 දිනයයි. එහෙත්, කිසිදු අපේක්ෂකයකු හෝ දේශපාලන පක්ෂයක් මෙය ප්‍රශ්නයක් කරගෙන ඇති බවක් පෙනෙන්නට නැහැ. 



17 comments:

  1. කිසිදු අපේක්ෂයකුට හෝ දේශපාලන පක්ෂයකට ප්‍රශ්නයක් නොවන දෙයක් තමුන්නැහැ ප්‍රශ්නයක් කරගන්නෙ ඇයි? ජනෙල් තියෙන්නෙ වාතාශ්‍රය සහ ආලෝකය ලබාගන්න. හැබැයි ඉතිං ජනෙල් හරහා යම් යම් දේවල් දෙන්නත් පුලුවන්. 😜😂😂😂

    ReplyDelete
    Replies
    1. //හැබැයි ඉතිං ජනෙල් හරහා යම් යම් දේවල් දෙන්නත් පුලුවන්.//

      ඒකද ඔය කරන්නේ?

      Delete
    2. මට හිතෙන්නෙ තමුන්නැහැ නං ඒ වගේ දෙයක් කොරනව වගේ ආයුබොවන්ඩ. 😜😂😂😂

      Delete
  2. පසුව එලඹෙන කියන එකෙයි, දිනයේ සිට කියන එකෙයි වෙනසක් තියෙනවද?

    ReplyDelete
    Replies
    1. වචන වල වෙනසක් තියෙනවනේ. නමුත් දිනයේ සිට සති පහක කාලයක් කියන්නේ දින 35ක කාලයක්නේ. එම සති පහ ඇතුළත දිනයක් සති පහකට නොඅඩු වෙන්නේ නැහැනේ.

      Delete
    2. මම හිතන්නෙ විපක්ශෙට විශාල දේශපාලන වාසියක් ගන්න පුලුවන් පොට්ට චාන්ස් එකක් පෑදිල තියෙන්නෙ

      හැබැයි විපක්ශෙ කැමතිද දන්නෙ නෑ ලොකු ගානකින් ජවිපෙ දිනනවට මේ වෙලාවෙ

      Delete
  3. මේ ගැන යම් යම් අය කතා බහ වෙනවා දුටුවා සමාජ මාධ්‍ය වල නං.

    කොහොමත් දේශපාලන පක්‍ෂ වල අභ්‍යන්තර ගැටළු මේ ප්‍රශ්නේ ගැන වද වෙනවට වඩා.

    හැබැයි නඩුවක් දාලා දින්නොත් අනුරට හරියට වැඩක් කරන්න බැහැ කියන එක ඔප්පු කරන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. දවල්ද? 😜😂😂😂

      Delete
  4. ඕව කියලා වැඩක් නෑ මැතිවරණය අනිවාර්යයෙන්ම නියම වෙලාවට පවත්වා මේ වතාවේ මාලිමාවට තුනෙන් දෙකකට වැඩිය විශාල දැවැන්ත පාර්ලිමේන්තු බලයක් අනිවාර්යයෙන්ම ලැබෙනවා.

    අනික රනිල් වික්‍රමසිංහ වගේ රට කාපු අපතයෙක්ගේ වහල්ලු වගේම සජබයියොයි පොහොට්ටු බයියොයි මේ දවස්වල එල්ලෙන්න වැල් නැතිව ගංවතුරේ එල්ලිලා ආණ්ඩුවට මඩ ගහන්න හදනවා

    ඒත් ඇත්තටම ආණ්ඩුවෙන් මේ වෙලාවේ ගංවතුර ආධාර බලාපොරොත්තු වෙන්න එපා.මේ ආණ්ඩුව පත්වෙලා තාම සති තුනයි.මේ සුද්ද කරගෙන යන්නෙ අවුරුදු 76 ක් උරුලෑවො ගිය පාරක්..කකුලෙන් අදින්න එපා..ලක්ෂ පනස්හයේ ජනවරම බලාපොරොත්තු උනේ සහනාධාර වලින් යැපෙන්නෙ නැති රටක් ගොඩනගන්න..දැන් මොකද ආධාර ඉල්ලන්නෙ..?

    නව ජනතාවාදී ජාතික ජන බලවේග ආණ්ඩුවට යම් කිසි කාලයක් දෙන්න..අනික ගංවතුර හැමදාම ගලන්නෙ නෑනෙ..නාය යන පැතිවල ඉන්න උන්ටත් එක්ක මේ කියන්නෙ..වහින එකට මාලිමා ආණ්ඩුව පලිද?

    ReplyDelete
  5. ඔක්කොම යාළුවොද කියල සැකයකුත් මතු වෙනව.

    ReplyDelete
    Replies
    1. සැක කරන්න දෙයක් නෑ මා සිතන පරිදි එයයි සැබෑ සත්‍යය. රාජපක්ෂ හොර රැලේ මහ මයිනා ඇතුලු විශාල පිරිසක් ඡන්දය ඉල්ලන්නේ නැත්තෙත් ඒකයි.

      Delete
  6. පාඨලි රණවක ගේ ඉවත් වීම ගැන ඉකොන් මොකද කියන්නේ

    ReplyDelete
    Replies
    1. අවසාන මොහොතේ ඊට හේතු වූ සාධක මොනවාද කියලා මම දන්නේ නැහැ. නමුත් පාඨලී පීක් එකකට ඇවිත් එතැනින් පහළට කඩා වැටුනා. ඒක වුනේ අරගලය අවසන් වී රනිල් ජනාධිපති වූ මොහොතේ. පසුගිය සතියේ සිදු වූ දෙය වසර දෙකක සිට සිදු වූ දෙයෙහි ප්‍රකාශනයක් පමණයි. පාඨලීට අනාගතයක් තියෙනවද කියන එක තීරණය වෙන්නේ ජාජබ හැසිරීම මතයි. අරගලයට පෙර පාඨලීට තිබුණු ඉඩ මේ වෙද්දී බොහෝ දුරට ජාජබ විසින් පුරවලා ඉවරයි. ඕක තමයි ඊනියා ප්‍රායෝගිකවාදී දේශපාලනයේ අවදානම.

      Delete
    2. නාකි සොම්බියට වුන දේ ගැන අජිත් මොකද කියන්නෙ?

      Delete
  7. දැන් මේකට නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්නවද

    ReplyDelete
  8. //

    Forwarded many times;

    *රටේ සෑම ක්ෂේත්‍රයකම අත්දැකීම් සහිත සුදුස්සන්ගෙන් පිරි මාලිමාවේ අපේක්ෂක ලැයිස්තුව*

    - නීතීඥවරු 26ක්
    - ව්‍යාපාරිකයන් කළමනාරුවන් 41ක්
    - වෛද්‍යවරු 20ක්
    - ඉංජිනේරුවන් 7ක්
    - ආචාර්ය මහචාර්‍යවරු 12ක්
    - ගුරුවරු 50ක්
    - ගොවියන් 6ක්
    - කලාකරුවන් 4ක්

    ඇතුළු වෘත්තිකයන් 215ක්...

    ```"මේ අයට දේශපාලන අත්දැකීම්, වෘත්තිමය අත්දැකීම්, අවංකත්වයෙන්, රට වෙනුවෙන් හිතල වැඩ කිරීමේ අත්දැකීම් ඕනෑතරම් තියෙනවා"```

    ```"කිසිම ආකාරයක දැනුමක් නොමැති මෝඩ අවස්ථාවාදී අතිශය දූෂිත සජිත් ප්‍රේමදාස වැනි විසුළු අන්රේලා යටතේ ඉදිරිපත්ව සිටින මහා හොරමුලක් හෝ අන්ත දූෂිත කපටි නරියකු වන රනිල් වික්‍රමසිංහ වැනි රටේ මහබැංකුව පවා කඩනු ලැබූ නීලකාස ලෝක කම්බහොරෙකුගේ නායකත්වය යටතේ එන හොරමුලක් සහ රාජපක්ෂ පවුල සමග සිටින ගොඩේ ටයිප් හරක් හොරු, කකුල් හොරු වගේ හොරකම් කිරීමේ අත්දැකීම්, අල්ලස් කොමිසමේ, පොලීසියේ දූෂණ වංචා ගැන රෙජීස්ටර් වී හොරවැඩ ගැන අත්දැකීම් කිසිසේත්ම නැති ඉතාම පවිත්‍ර පිරිසිදු අවංක රටට ආදරයකරන ඉතාම වැදගත්ම උගත් බොහෝ දුරට වයසිනුත් තරුණ තරුණියන් පිරිසක්.."```

    *මාලිමාවේ අදූෂිත විනයගරුක උගත් බුද්ධිමත් විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන වෘත්තීමය අත්දැකීම් සහිත, අවංක වැදගත් විස්වාසවන්ත දේශපාලඥයන්ගෙන් දියවන්නාව පුරවමු...*

    *ඉතිහාසයේ හොදම පාර්ලිමේන්තුව මෙවර ගොඩ නගමු*🇱🇰

    ජය🧭❌

    //

    ReplyDelete
    Replies
    1. නාකි සොම්බියාගෙ සිලින්ඩරේට දෙන්න ඕනැ ෂොට් එක නාකි සොම්බියායි උගෙ ලොල්ලො රැලයි එක්කම පිපිරිලා මකබෑවෙන්න. 🔥👍👍👍

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: