වෙබ් ලිපිනය:

Saturday, November 8, 2025

විදේශ සංචිත, මහ බැංකු මැදිහත් වීම් සහ ජංගම ගිණුම් ශේෂය


ගෙවුණු ඔක්තෝබර් මාසය තුළ නිල විදේශ සංචිත ඩොලර් මිලියන 6,244 දක්වා පහත වැටී තිබෙනවා. මෙය මාසය තුළ ඩොලර් මිලියන 28ක අඩු වීමක්. මාසය ඇතුළත මහ බැංකුව විසින් ඩොලර් මිලියන 55ක් වෙළඳපොළෙන් මිල දී ගෙන ඇතත්, එයින් ඩොලර් මිලියන 9.5ක් නැවත විකුණා තිබෙනවා. මිල දී ගත් විදේශ විණිමය වලින්ම සුළු කොටසක් වුවත්, මහ බැංකුව විසින් මෙසේ විදේශ විණිමය විකිණීමක් කර තිබෙන්නේ මාස ගණනාවකට පසුවයි.

වසරේ පළමු මාස අට තුළම එක දිගට ජංගම ගිණුම් අතිරික්තයක් වාර්තා වුවද, සැප්තැම්බර් මාසයේදී ඩොලර් මිලියන 182.6ක ජංගම ගිණුම් හිඟයක් වාර්තා වුනා. ඒ හේතුවෙන් වසරේ සමුච්ඡිත ජංගම ගිණුම් අතිරික්තය ඩොලර් මිලියන 2,039.5 සිට ඩොලර් මිලියන 1,856.9 දක්වා පහත වැටී තිබෙනවා. ඔක්තෝබර් මාසය තුළ නිල විදේශ සංචිත පහත වැටීම සහ වෙළඳපොළෙන් ශුද්ධ ලෙස මිල දී ගෙන ඇති විදේශ විණිමය ප්‍රමාණය පෙර මාස වලට වඩා අඩු වීම තුළින් පෙන්නුම් කරන්නේ ඔක්තෝබර් මාසය තුළද ජංගම ගිණුම් හිඟයක් වාර්තා වී තිබිය හැකි බවයි.

සැප්තැම්බර් මාසය තුළ ජංගම ගිණුම තුලනය වූයේ පහත ආකාරයෙනුයි.

විදේශ විණිමය ලැබීම්:
භාණ්ඩ අපනයන - ඩොලර් මිලියන 1,138.5
සේවා ආදායම් - ඩොලර් මිලියන 503.1
ප්‍රාථමික ආදායම් - ඩොලර් මිලියන 50.7
ද්වීතියික ආදායම් - ඩොලර් මිලියන 695.7
එකතුව - ඩොලර් මිලියන 2,398.0

විදේශ විණිමය ගෙවීම්:
භාණ්ඩ ආනයන - ඩොලර් මිලියන 2,048.6
සේවා වියදම් - ඩොලර් මිලියන 322.4
ප්‍රාථමික වියදම් - ඩොලර් මිලියන 192.8
ද්වීතියික වියදම් - ඩොලර් මිලියන 7.7
එකතුව - ඩොලර් මිලියන 2,571.5

ජංගම ගිණුමේ ශේෂය = ඩොලර් මිලියන (-183.6)

මේ හැරවුමට හේතුව සැප්තැම්බර් මාසය තුළ වාහන ආනයන සඳහා ඩොලර් මිලියන 286.0ක මුදලක් වැය වීමයි. මේ අනුව, වසරේ පළමු මාස නවයක කාලය ඇතුළත වාහන ආනයන වෙනුවෙන් ඩොලර් මිලියන 1,204ක විදේශ විණිමය ප්‍රමාණයක් වැය වී තිබෙනවා. මෙය මුලින් ඇස්තමේන්තු කර තිබුණු වාහන ආනයන වියදමට වඩා වැඩි අගයක්.

රටේ විදේශ අංශය කෙරෙහි අහිතකර බලපෑමක් සිදු කර ඇතත්, රාජ්‍යමූල්‍ය අංශයෙහි ඇස්තමේන්තු ඉක්මවා යාමට උපකාරී වී තිබෙන්නේ මේ අයුරින් වාහන ආනයන ප්‍රමාණය ඇස්තමේන්තු ඉක්මවා යාමයි. කෙසේ වුවද, මේ වන විට වාහන ආනයන ඉල්ලුම සංතෘප්ත වෙමින් ඇති බවක් පෙනෙන්නට තිබෙනවා. ඒ නිසා, විදේශ අංශයේ අවාසිදායක තත්ත්වය මෙන්ම රාජ්‍යමූල්‍ය අංශයෙහි සුවිශේෂී වාසිදායක තත්ත්වයද ඉදිරි මාස වලදී ක්‍රමයෙන් වෙනස් විය හැකියි.

2 comments:

  1. අයවැය මෙහෙමයි:

    රජය හිඟන්නගෙ පාත්තරේ දක්වා හැම යටිබඩකින්ම පුළුවන් තරම් බදු සූරා කනවා. කිසිවක් අඩු කර නැහැ. අඩු කරන්නෑ යකෝ, පුළුවන් දෙයක් කරපල්ලා කියල ජනතාවට මැසේජ් එකක් දෙන අයවැයක්. ඒ විතරක් නෙමෙයි, බලන් හිටපියව්, එදා විරුද්ධ වුණාට මෙදා ඉන්දියාවත් එක්ක සෙට් වෙලා ඩිජිටල්කරණය කරලා තොපේ ආදායම් ඔක්කොම අපේ රේඩාර් එකට දාගත්තට පස්සෙ බලපල්ලකො කියල තමයි සිග්නල් එක දුන්නෙ.

    ඒ වගේම තමයි, බදු සල්ලි බදු ගෙවන එවුන් වෙනුවෙන් වියදං කරන්නෙත් නැහැ. තොපි ණය අරන් මෙච්චර කල් ආතල් ගත්තා මදිද, දැන් ඉතින් නොකා නොබී හරි ණය ගෙවපියව් කියන සිග්නල් එක තමයි දෙන්නෙ. තොපි අපව බලයට පත් කරගත්තනෙ, අපි ණය ගෙවනවා, බලන් හිටපියව්. සමාජවාදී කතා අදාළ නැහැ. බලය තමයි වැදගත්. අපි යන්නේ කොයි පාරේ - යන්න තියෙන එක පාරේ - රනිල් ගියෙත් ඒ පාරේ - අපිත් යනව ඒ පාරේ.

    අපි පාලකයන් වශයෙන් අමාත්‍යාංශ වාහනවල යනවා. නැති එවුන්ට ඩබල් කැබ් දෙනවා. අනෙක් එවුන් පර්මිට් නම් ඉල්ලන්න එපා. පර්මිට් කතා ඉවරයි. බොක්කෙන්ම ජයවේවා කියල තමයි මට ඒ ගැන නම් කියන්න තියෙන්නෙ. රජයෙන් කන්නන්ගේ පාරිභෝජනවාදයේ දිනක ජය නියත ලොතරැයිය තමයි පර්මිට් එක. ඒක නැති කිරීම කියන්නෙ සිස්ටම් චේන්ජ් තමයි. හැබැයි ඉතින් වාහනවල බදු මට්ටම ඉහළ නිසා සාධාරණව හම්බ කරලා නම් වාහන ගන්නවා බොරු. අහු නොවී කුඩු, අයිස් විකුණගන්න තමයි වෙන්නෙ. අහු වුණොත් සොරි තමයි. බදාගන්න එන්නෙ නැතිලුනෙ.

    පොදු ප්‍රවාහනයත් ඔහොමම තමයි. ඔය යන විදියට බස්වල, කෝච්චිවල පලයල්ලා. ශ්‍රීලන්කන් එක අපි ගොඩගන්න බලනවා. බැරි වුණොත් විකුණනවා. දැනට ගන්න කෙනෙකුත් නැහැ.

    රස්සා, වැඩි පඩි ඉල්ලගෙන එන්න එපා. දැක්කනෙ දාපු නෝන්ඩිය ඒ කාලෙ තමන් කියපු කරපු දේවල් හා දැන් වෙනස ගැන. අම්බිකාලට සොරි තමයි මේ සැරෙත්. මතකද පසුගිය අයවැය කතාවෙදිත්. කිව්වා, වතු කම්කරුවන්ගේ යෝජිත රු. 1,700ක වැටුප ලබා දීමට රජය මැදිහත් වන බව.

    ඔන්න මහපොළ වැඩි කරලා දුන්නා. අන්තරේ එන්න එපා නටන්න.
    පළාත් සභා ඡන්ද නෑ. ඕනැ නම් විපක්ෂෙ එවුන් නීති හදා දීපල්ලා. පළාත් සභාවලට කටුව ගහන්න ජවිපෙ සිරිසේනට ඔපීනියන් දීපු කතා දැන් අදාළ නැහැ.

    අයවැය කතාවේ හරය ‍ඔන්න ඔහොමයි. අනෙක් සුරංගනා කතා හැබෑ වුණොත් හොඳයි. පහුගිය පෙබරවාරියේ කියපු සුරංගනා කතා කීයක් හැබෑ වෙලාද කියලා, 1 කමෙන්ටුවේ තියෙන ලැයිස්තුව පරීක්ෂා කරලා බලලා, මේ සුරංගනා කතා ගැන තීරණයකට එන්න.

    ReplyDelete
  2. සාමාන්‍යයෙන් වාහනයකට පර්මිට් එකක් දෙන්න පුළුවන් ආණ්ඩුවට. බදු රහිතව උපරිම සීමාවකට යටත් කරන්නත් පුළුවන් ඕන නම්.

    බද්දෙන් ලක්ශ 20ක් වගේ නිදහස් කරලා බලපත්‍ර දුන්නා නම් වැගන් R වගේ වාහන සියලුම මන්ත්‍රීලට දෙන්න පුළුවන්. එහෙම දෙද්දී දොස්තරලා වගේ අය අතේ තියෙන බලපත්‍ර ටිකටත් වාහන ගේන්න දෙන්න වෙනවා.

    ආණ්ඩුව ඒකට කැමති නෑ. සාමාන්‍ය රාජ්‍යය සේවකයට නොදී මන්ත්‍රීලට විතරක් වාහනයක් දෙන්න තමයි මේ දත කන්නේ.

    ඔය පර්මිට් එකට ආණ්ඩුවට යන වියදම 0යි. හැබැයි රජයෙන් නඩත්තු වෙන වාහන දුන්නම වෙන්නේ මෙන්න මේක.

    මුලින්ම ඔය මිලියන 12500 /225= කෝටි 5ක් වගේ. එච්චර එපා ලක්ශ 150ක් තියමු වාහනේකට.

    දැන් ඔතන වාහන 225ක් ගේනවා. ගෙනාවම රජයට බදු ලැබෙනවද? නෑ නේ. 225ක් වාහන ගෙනෙද්දී පවා රජයට ලැබෙන ආදායම 0යි.

    වාහන ගෙනාවම කියලා හිතමු. සාමාන්‍යයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ගේ වාහනයක් මාසෙකට දෙපාරක් සර්විස් එනවා. මොකද ඒ අයට අපිටවගේ ගෙදර වාහන තියාගෙන ඉන්න බෑ.

    පටම් ගද්දීම ගෙනාව ගමන් වාහන ටික මොඩිෆයි කරලා, අවශ්‍ය පොඩි පොඩි කෑලි හයි කරලා ටින්ටඩ් එක ගහන්න අඩුම එකෙන් 100,000ක් තියමු.
    වාහනේ පාරට දැම්මා දැන්.

    දාපු ගමන් ආණ්ඩුවේ වාහනයක් නම් පදින්න රියදුරු ඕන. අඩුම පඩියක් OT එක්ක 60,000ක් තියමු. මදි උනාට රට අමාරුවෙන් නේ දුවන්නේ.

    Ford Ranger වගේ එකකින් හදමු. ඊට හොද එකක් ගන්නේ නෑ කියලා හිතලා.
    මාසෙකට කිලෝමීටර් 8000යි දුවන්නේ. ඊට වඩා දුවනවා. ඒ උනාට සාධාරණ වෙන්න එපැයි.

    සාමාන්‍යයෙන් තෙල් ලීටර් එකකින් 9Km දුවනවා කියලා ගමු. 7,8න් තමයි පත බැලන්ස් වෙන්නේ කමක් නෑ.

    ඔය වගේ වාහනේකට සුපර් ඩීසල් ගහලා 8000න් හැදුවොත් අවුරුද්දකට තෙල් වලට යනවා 3,338,664 අවුරුදු 5ට තෙල් විතරක් Rs. 16,693,320 . ලක්ශ 166. මිලියන 16ක් තෙල් හොදේ.

    රියදුරුට 60,000න් තිබ්බොත් 3,600,000. ලක්ශ 36. මිලියන නම් 3.6ක්.
    10,000 න් සර්විස් කරනවා. සර්විස් එක 35,000න් තියමු. ආණ්ඩුව වාහන සර්විස් කරද්දී ඔයිට වැඩිවේවි. කිරිටොයිය වාහන නේ.අවුරුද්දකට 336,000ක් යනවා ඒකට. විශේෂ ඔයිල් දාන විශේෂයෙන්ම ෆිල්ටර් දාන එව්වා නෑ හොදේ. අවුරුදු 5ට 1,680,000ක්. මිලියන 1.6ක්.

    ඔය වාහනේක ඔරිජිනල් ටයර් එකක් 70,000ක් වගේ වෙනවා. ඔය ගානට දිව්වම 480,000ක් වගේ එනවා අවුරුදු 5ට. එතකොට ටයර් වියදම 2,240,000. මිලියන 2.2යි.

    බැටරියක් 55,000ක් වගේ අඩුවට ගන්නවා. බැටරි දෙකක් දාන්න වේවි අවුරුදු 5ට. 110,000ක් තියමු. අඩුවට.

    රෙපයාර් වලට මාසෙට 12,000 වගේ ආසන්නව බලලා. අවුරුදු 5ටම 750,000ක් තියමු. ඔය අතරේ ඕකුන් ශුවර් එකටම හප්ප ගන්නවා. ඒවා අමතර වියදම් හොදේ.

    ඉශුවරන්ස් එක 1.25%ක් කියකා තියමු.අවුරුදු 5ට 937,000ක් වගේ. හැපෙන තරමට වැඩි වෙනවා. ඒවා අතාරිමු.

    ලයිශන් එකරන්න අවුරුදු 5ට 125,00ක් වගේ තියමු.

    වැදගත්ම එක වාහන ක්ෂය වෙන්න එපැයි. 15%න් හදමු. අවුරුදු 5 ඉවර වෙද්දී වාහනේ වටින කමෙන් ඉතුරු 45%යි. ඒ කියන්නේ ඒ වෙද්දී වාහනය වටින්නේ. මිලියන 6.7. මිලියන 15කට ගත්ත එක.

    ඔය ඔක්කොම හදලා මාසෙකට බෙදලා ගත්තම මාසෙකට එක වාහනේකට අපි අමතර බදු ගෙවන්න ඕන 573,000ක්.(ක්ෂය එක්කම)
    අවුරුද්දකට නම් 6,876,000ක් ශුද්ද පාඩුව.

    අවුරුදු 5ට එක මන්ත්‍රී කෙනෙක් වෙනුවෙන් අපි පාඩු ගන්න ඕන 34,385,820ක්. ලක්ෂ 343ක්. මිලියන 34ක්. කෝටි 3.4ක්.

    225ම ගන්නවා නම් ලක්ෂ 99,675. මිලියන නම් 9967. කෝටි නම් 996.
    දඹුල්ලයි දෙනියායයි ඉස්පිරිතාල දෙකටම වෙන් කලේ මිලියන 1000යි. ආසන්න වශයෙන් අවුරුදු 5 ඇතුලේ ඒ ජාතියේ ඉස්පිරිතාල 20ක් හදන්න පුළුවන් මේ මන්ත්‍රීලට සැප දෙන සල්ලී වලින්.

    ඉස්පිරිතාල 20ම හදන්න පුළුවන් වාහනගේන එකෙන් නෙවෙයි. නඩත්තුවෙන් විතරක්.

    පර්මිට් එක දීලා පුකට දෙකක් දීලා පුළුවන් නම් ගනින් , බැරිනම් ඒක විකුණලා තමන්ට පුළුවන් එකක් ගනින් නොකියා ගහපු කයිය වහගන්න ආණ්ඩුව රටට කරන පාඩුවක්.

    මේවා තමයි දවල් මංකොල්ල කියන්නේ.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: