මෙම සටහන අවසානයේ තිබෙන්නේ ඉන්දියාවේ ප්‍රාන්ත වල ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතයයි. විශේෂයෙන් සලකුණු කර නැති ප්‍රාන්ත වල මෙම ඇස්තමේන්තු 2025 මාර්තු 31 දිනෙන් අවසන් වන 2024/25 මූල්‍ය වර්ෂය සඳහා වන අතර * සලකුණ ඇති ප්‍රාන්ත වල ඇස්තමේන්තු 2023/24 මූල්‍ය වර්ෂය සඳහායි. ගුජරාට් ප්‍රාන්තයේ අගය 2022/23 ඇස්තමේන්තුවයි. සංසන්දනය සඳහා ශ්‍රී ලංකාවේ සහ ශ්‍රී ලංකාවේ පළාත් වල 2024 වර්ෂයේ ඇස්තමේන්තුද ඉදිරිපත් කර තිබෙනවා.
බස්නාහිර පළාත හැර ලංකාවේ අනෙකුත් සියලු පළාත් එක්ව ගත් විට ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ඩොලර් 3,642ක් පමණයි. ලංකාවට යාබදව පිහිටි දකුණු ඉන්දීය ප්‍රාන්ත වන කේරළ, තමිල්නාඩු, කර්ණාටක, ගෝව, ආන්ද්‍රා ප්‍රදේශ් සහ තෙලන්ගානා යන ප්‍රාන්ත හය එක්ව ගත් විට ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ඩොලර් 4,130ක්.
ඉහත දත්ත අනුසාරයෙන් බැලුවහොත් ලංකාව හා සංසන්දනය කළ හැකි ඉන්දියානු භූගෝලීය කලාපය සහ ලංකාව අතර මේ වන විටද ආර්ථික තත්ත්වයෙහි විශාල වෙනසක් නොමැති බව පැහැදිලිව පේනවා. මෙම සටහනෙහි විශේෂයෙන් පෙන්වා නොදෙන නමුත් පකිස්ථානය සහ බංග්ලා දේශය සමඟ සංසන්දනය කළ හැකි උතුරු ඉන්දියානු භූගෝලීය කලාපය සහ එම රටවල් දෙක අතරද එවැනිම ආසන්න සමානකමක් දැකිය හැකියි.
මේ නිරීක්ෂණ අහම්බ නෙමෙයි. ආර්ථිකයන් වර්ධනය වන්නේ කලාප ලෙසයි. පහත තිබෙන්නේ ඉන්දියාවේ ප්‍රාන්ත වල ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය පිළිබඳ අදාළ දත්ත.
සීකිම්* - ඇමරිකන් ඩොලර් 7,116
ගෝව* - ඇමරිකන් ඩොලර් 7,094
බස්නාහිර පළාත - ඇමරිකන් ඩොලර් 6,852
දිල්ලිය - ඇමරිකන් ඩොලර් 5,890
චන්දිගර්* - ඇමරිකන් ඩොලර් 5,490
තෙලන්ගානා - ඇමරිකන් ඩොලර් 4,631
කර්ණාටක - ඇමරිකන් ඩොලර් 4,551
ශ්‍රී ලංකාව - ඇමරිකන් ඩොලර් 4,543
වයඹ පළාත - ඇමරිකන් ඩොලර් 4,411
තමිල්නාඩු - ඇමරිකන් ඩොලර් 4,320
හර්යානා - ඇමරිකන් ඩොලර් 4,220
දකුණු ඉන්දීය ප්‍රාන්ත - ඇමරිකන් ඩොලර් 4,130
මධ්‍යම පළාත - ඇමරිකන් ඩොලර් 3,906
උතුරු පළාත - ඇමරිකන් ඩොලර් 3,806
සබරගමුව පළාත - ඇමරිකන් ඩොලර් 3,757
මහාරාෂ්ට්‍ර - ඇමරිකන් ඩොලර් 3,696
කේරළය - ඇමරිකන් ඩොලර් 3,684
බස්නාහිර පළාත හැර ලංකාවේ අනෙකුත් පළාත් - ඇමරිකන් ඩොලර් 3,642
ඌව පළාත - ඇමරිකන් ඩොලර් 3,404
දකුණු පළාත - ඇමරිකන් ඩොලර් 3,393
පුදුච්චේරි - ඇමරිකන් ඩොලර් 3,363
අන්දමන් සහ නිකොබාර් දූපත්* - ඇමරිකන් ඩොලර් 3,341
ගුජරාට්** - ඇමරිකන් ඩොලර් 3,310
උත්ත්රඛන්ඩ් - ඇමරිකන් ඩොලර් 3,274
උතුරු මැද පළාත - ඇමරිකන් ඩොලර් 3,216
ආන්ද්‍රා ප්‍රදේශ් - ඇමරිකන් ඩොලර් 3,181
හිමාචල් ප්‍රදේශ් - ඇමරිකන් ඩොලර් 3,060
අරුණාචල් ප්‍රදේශ් - ඇමරිකන් ඩොලර් 2,949
ලදාඛ්* - ඇමරිකන් ඩොලර් 2,934
මිසෝරාම්* - ඇමරිකන් ඩොලර් 2,845
නැගෙනහිර පළාත - ඇමරිකන් ඩොලර් 2,777
පන්ජාබ් - ඇමරිකන් ඩොලර් 2,643
ත්‍රීපුර - ඇමරිකන් ඩොලර් 2,304
රාජස්ථාන් - ඇමරිකන් ඩොලර් 2,221
ඔදිෂා - ඇමරිකන් ඩොලර් 2,019
බටහිර බෙංගාලය - ඇමරිකන් ඩොලර් 1,953
චටිශ්ගර් - ඇමරිකන් ඩොලර් 1,946
ඇසෑම් - ඇමරිකන් ඩොලර් 1,902
මෙඝාලයා - ඇමරිකන් ඩොලර් 1,877
නාගලන්ඩ්* - ඇමරිකන් ඩොලර් 1,874
ජම්මු සහ කාශ්මීර් - ඇමරිකන් ඩොලර් 1,850
මධ්‍ය ප්‍රදේශ් - ඇමරිකන් ඩොලර් 1,823
මනිපූර් - ඇමරිකන් ඩොලර් 1,452
ජාර්ඛාන්ඩ්- ඇමරිකන් ඩොලර් 1,394
උත්තර ප්‍රදේශ් - ඇමරිකන් ඩොලර් 1,297
බිහාර් - ඇමරිකන් ඩොලර් 828
* 2023/24 මූල්‍ය වර්ෂය; **2022/23 මූල්‍ය වර්ෂය; අනෙකුත් ඉන්දියන් ප්‍රාන්ත 2024/25 මූල්‍ය වර්ෂය.
+++++++++++++++
ReplyDelete