වෙබ් ලිපිනය:

Saturday, February 14, 2026

ආපසු හැරී ඇති ජනගහණ වර්ධන ප්‍රවණතාව


සංඛ්‍යාලේඛණ අනුව පැහැදිලි ලෙස පෙනෙන පරිදි ලංකාවේ ජනගහණය 2022 වර්ෂයේදී උපරිම අගයකට පැමිණ තිබෙනවා. ඉන් පසුව, 2025 දක්වා පසුගිය වසර තුනේදීම සිදු වී තිබෙන්නේ රටේ ජනගහණය අඩු වීමයි. පසුගිය වසර තුන ඇතුළත රටේ ජනගහණය 425,000කින් පමණ අඩු වී තිබෙනවා. 

කෝවිඩ් වසංගතය හා ආර්ථික අර්බුදය මේ තත්ත්වයට දායක වූවා විය හැකියි. කෝවිඩ් වසංගතය නිසා මරණ ප්‍රමාණයේ යම් ඉහළ යාමක් වගේම උපත් ප්‍රමාණයේ අඩු වීමක්ද සිදු වුනා. ආර්ථික අර්බුදය හේතුවෙන්ද උපත් ප්‍රමාණය පහත වැටී තිබෙනවා. ආර්ථික අර්බුදය හමුවේ විවාහ ප්‍රමාණය පහත වැටීම සහ සංක්‍රමණ ඉහළ යාම උපත් ප්‍රමාණය පහත වැටීමට දායක වී තිබෙනවා.

කෙසේ වුවද, කෝවිඩ් වසංගතය හා ආර්ථික අර්බුදය පැමිණෙන්නට පෙර සිටම ඉහත ප්‍රවණතාවයන් හඳුනා ගන්න පුළුවන්. කෝවිඩ් වසංගතය හා ආර්ථික අර්බුදය නිසා සිදුව තිබෙන්නේ කොහොමටත් සිදු වන්නට නියමිතව තිබුණු දෙයක් තරමක් කලින් සිදු වීම පමණයි. ඒ නිසා, මෙම ප්‍රවණතාව ආපසු නොහැරෙන්න පුළුවන්.

ලංකාවේ උපත් අනුපාතිකය ඉතා ඉහළ මට්ටමක පැවතියදී ඉපදුණු, දැනට වයස අවුරුදු 65 ඉක්මවූ පිරිස ඉදිරි දශකයක පමණ කාලය තුළ ඔවුන්ගේ අපේක්ෂිත ආයු කාලය සම්පූර්ණ කරන බැවින් මරණ අනුපාතිකය ඉදිරි වසර වලදී ඉහළ යෑමට නියමිතයි. ඒ අතරම සංක්‍රමණ දිගින් දිගටම සිදු වෙමින් පවතිනවා. 

රටින් සංක්‍රමණය වන්නේ සාපේක්ෂව තරුණ වයසක සිටින අයයි. මේ හේතුව නිසා, එක පැත්තකින් ජනගහණය තුළ අඩු වයස් කාණ්ඩ වල සංයුතිය ක්‍රමයෙන් පහළ යන අතර අනෙක් අතින් රට තුළ උපත් සිදු වීමේ විභවය පහත වැටෙනවා. ඊට අමතරව සංක්‍රමණ මෙන්ම සංක්‍රමණ අභිප්‍රායයන්ද විවාහ වීමේ හා දරුවන් සෑදීමේ සැලසුම් ප්‍රමාද කරනවා. මේ සියලු තත්ත්වයන් සලකා බලද්දී, බොහෝ විට, 2022දී වාර්තා වූ ලංකාවේ ජනගහණය (22,181,000) රටේ ජනගහණයේ උපරිමම අගය වෙන්න පුළුවන්. 


7 comments:

  1. ඔවු මේ කතාව ඇත්ත ඒ වගේම ලංකාවේ වර්තමාන තත්ත්වය අනුව රටේ පොදු ජනතාවට ලබාදෙන රජයේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දැවැන්ත කඩාවැටීමක් පවතිනවා මේක නීසා උපත් වලට වගේම සංක්‍රමණ තවත් වැඩිවීමට ප්‍රධාන හේතුවක් වේවි. රටේ ආර්ථිකයේ පවතින ප්‍රශ්න සහ විශේෂයෙන්ම මධ්‍යම පාන්තික පවුල් වල ජනතාවට අධික සෘජු සහ වක්‍ර බදු බර පැටවීම IMF බරපතල කොන්දේසි නිසා ආර්ථිකය හැකිලීම වගේ දේවල් නිසාත් ලංකාවේ වර්තමාන ආණ්ඩුවේ අසාර්ථකත්වය නිසාත් රටේ අධ්‍යාපන ක්ෂේත්‍රය විශේෂයෙන්ම රජයේ පාසල්වල අධ්‍යාපනය දැඩි ලෙස කඩාවැටීම සහ සංස්කෘතික පරිහානිය නිසාත් බහුතර ජනතාවට විශේෂයෙන්ම තරුණ තරුණියන්ට රට එපාවී තිබීම නිසාත් හොඳ රැකියා හොයන අය වගේම දරුවන්ට හොඳට අධ්‍යාපනය දීමට හිතන බහුතරය බටහිර රටවලට සංක්‍රමණ කිරීම තවත් වැඩි වේවි. ඔය IMF ඇතුලු ආයතන මෙහෙයවන රටවලට වගේම ලංකාව වගේ රටවල රෙජීම මාරු කරන අයටත් ඕන ලාබෙට skilled workforce මේ රටවලින් ලබාගන්නනනේ ඒ වගේ

    ඒ වගේම සෞඛ්‍ය ක්ෂේත්‍රය තුල පවතින කඩාවැටීම නිසාත් ලංකාවේ වැඩිහිටියන්ට ආයු අපේක්ෂාව තව ටිකක් අඩුවේවි ඒනිසා ජනගහනය අවධමනය විෂම චක්‍රයක ගමන් කරන බව පේනවා

    ඉකෝනෝ 1980 දශකයේ ලංකාවේ ආර්ථිකය ගැන මේ කෙටි ක්ලිප් එකේ නිරූපණය වන කෙටි කතාවෙන් හොඳ අදහසක් ගන්න පුළුවන්, මේක බලන්න ලංකාව හැමදාම එකම තැනක, ඇඳුම් පැළඳුම් ඉලක්කම් සහ නවීන තාක්ෂණය ආවත් බහුතර පොදු ජනතාව හැමදාම එකම විදියට එකම ප්‍රශ්න වලින් බැටකන බව පේනවා නේද?

    https://www.youtube.com/watch?v=sgxnIz1g-a0

    මේ ලින්ක් එකට ගියාම කතාව ඇත්ත කියලා තේරෙයි.

    ReplyDelete
  2. ලංකාවේ උපත් අනුපාතිකය ඉතා ඉහළ මට්ටමක පැවතියදී ඉපදුණු, දැනට වයස අවුරුදු 65 ඉක්මවූ පිරිසෙන් කෙනෙකු ලෙස මට හිතෙන්නේ ලෝක ජනගහන වර්ධනයම අඩු අගයකට එනවා නම් ඉතා හොඳ බවයි.

    ReplyDelete
  3. ඉකොනෝ අර වෑ-රිටේ රිසර්ච් Veritae Research ද මොකක්ද කියලා NGO මල හත්වලාමක් තියෙනවා ලංකාවේ ඔයා වගේම මෝල් ඩෑල් එකක් වෙච්ච නීශාන් ද මැල් කියලා කොමිටල් හාදයෙක් රන් කරන්නේ, ආරංචිය හැටියට ඒක IMF එකෙන් මුදල් දීලා නටවන බලල් අතක්, ඕන්න උන් වාර්තාවක් දාලා කියලා නාඩගමක් නටනවා ලංකාවේ මිනිස්සු 80% ක් ද කොහෙද ආර්ථිකය යන විදියට කැමතියි කියල ගොන් පාට් එකක් දාලා 😅🤣😂 ඔයාටත් බැරිද ඒ වගේ එකක් පටන් අරගෙන කීයක් හරි තව හොයාගන්න? අපටත් චාන්ස් එකක් දෙන්න පුළුවන්ද අපිත් ආර්ථිකේ පට්ට පට පට කියලා හොරණෑ වයලා IMF එකට වන්දිභට්ට ප්‍රශස්ති ගායනා ලියන්නම් ලොවෙත් නැති වෙන්නම 😅🤣😂

    ReplyDelete
  4. 22-23 නං අඩුයි තමා. මොකද කොරෝනා නිසා මිඩ්වයිප්ල උපරිම දායක වුණා බර්ත් කන්ට්‍රෝල් වලට. 😃😃😃
    සමහර ගම් වල සැසි ඉදං තිබ්බ. ළමයි හදන්නෙපා කියන්න

    ReplyDelete
  5. මම Qatar වල ඉද්දි Indian accountant කෙනෙක් අවා B.Com එක්ක masters M.Com කරල. දවසක LC applycation එකක් බලලා මගෙන් අහනවා FOB කියන්නේ මොකක්ද කියලා.

    මේ ලගදි මම Australia වලදී මගේ company එකේ accountant කෙනෙක් එක්ක මම මේ කතාව කිව්වා.
    එයත් master degree එකක් තියන skilled migration වලින් ආපු කෙනෙක්
    එයා කියනවා එයා දන්නෙත් නෑ කියලා මම තමයි ඒ ගැන විස්තර කියලා දුන්නේ

    හැබැයි ලංකාවේ 9 පන්තියේ ළමයෙක් ගෙන් ඇහුවත් දන්නවා.
    ඉතින් අපේ ලංකාවේ අද්‍යාපනය කෙසේ වුවද දැනුම මට්ටම කොතනද කියලා හොදට තේරෙනවා විශේෂයෙන්ම ප්‍රායෝගික දැනුම ගැන

    ReplyDelete
    Replies
    1. ඕක මොකක්ද බන්, මම රට ඉන්නකොට අපිත් එක්ක වැඩ කළා ජාත්‍යන්තර වෙළදාම පිළිබඳ මාස්ටර් එකක් තිබුනු ඉන්දියන් ඩයල් එකක්..ඌ දවසක් මගෙන් අහනවා නේපල්ස් කොහෙද තියෙන්නෙ කියලා 🤣🤣🤣 හිතා ගනින්කො තරම...

      Delete
  6. @ Economatta

    ඩොලර් හිඟ රටක, පසුගිය වසරේ සහල් ආනයනයට ඩොලර් මිලියන 100+ වියදම් කරයි. අද ගොවියා පාඩු ලබයි. පාරිභෝගිකයා මිල ගෙවයි. රට ඩොලර් ගෙවයි.

    එසේ නම් මාලිමා රජයේ සහල් ප්‍රශ්නය සරලයි.

    අස්වැන්න අසාර්ථකයි !!

    සහල් ආනයනය කරන රටක, “රෝල්ස් රොයිස්” ගැන කතා කිරීම වැදගත් නැහැ. හාල් import නොකර ජීවත් වෙන්න පුළුවන් රටක් බිහිකිරීම, මාලිමාවට යොමුකරන අපේ අභියෝගයයි!!

    ඒ නිසා, පච කියලා බලය ගත්තු කයිතන්, රට හාලෙන් ස්වම්පෝෂිත කරන තෙක් අපි බලා සිටිමු.

    එතෙක්, ඩඩ්ලිට පින්සිද්ද වෙන්න ගල් නැතුව බත් ටිකක් කන්න පුළුවන් වීම ගැන සතුටු වෙමි.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: