මාර්තු මාසය අවසානයේදී දළ නිල විදේශ සංචිත ඩොලර් මිලියන 7,019 දක්වා පහත වැටී තිබෙනවා. මෙය පෙර මාසයට සාපේක්ෂව ඩොලර් මිලියන 251ක පහත වැටීමක්.
කෙසේ වුවද, මාර්තු මාසය ඇතුළත මහ බැංකුව විසින් ශුද්ධ වශයෙන් ඩොලර් මිලියන 49ක් පමණ වෙළඳපොළෙන් මිල දී ගෙන තිබුණා. මේ අනුව පෙනී යන්නේ ඩොලර් මිලියන 300කට ආසන්න මුදලක් මහ බැංකුවේ හා/හෝ රජයේ විදේශ ණය ආපසු ගෙවීම සඳහා වැය කර ඇති බවයි.
ලංකාවේ මේ වෙනකොට මහපොළවේ සැබෑ උද්ධමනය 9-14% අතර අගයකා බවයි බෝහෝ විශේෂඥයන් පවසන්නේ ඒ වගේම මහ බැංකුව 2% ක උද්ධමනයක් ගැන කතා කරද්දී මිනිස්සුන්ට තරහ යන්නේ ඒක ප්‍රායෝගිකව සාක්කුවට නොදැනෙන නිසා වගේම, ආර්ථික විද්‍යාවේ මේක පදනම් බලපෑම (Base Effect) විදිහට හඳුන්වන්නේ 2022/2023 කාලයේ 70% කින් විතර අහසට නැග්ග බඩු මිල ගණන් උඩම මේ අවුරුද්දේ තව 2% කින් වැඩි වීමක් වුණත්, ඒ කියන්නේ බඩු මිල අඩු වීමක් (Deflation) වෙනුවට බඩු මිල වැඩි වෙන වේගය (Disinflation) විතරක් අඩුවෙලා පවුලක සැබෑ ජීවන වියදම් බර තාමත් දරුණු පීඩනයක තියෙන නිසාත් මේක හරියට මීටර 100ක් උස ගහකට නැගලා තව අඩි දෙකක් උඩට ගිහින් "මම නැග්ගේ අඩි දෙකයි" කියනවා වගේ අමූලික බොරුවක් වෙන අතරම, අනිත් පැත්තෙන් මේ සංඛ්‍යාලේඛන විකෘති කරන පිරිස් ඩොලර් බිලියන 7 ක දළ නිල විදේශ සංචිතයක් ගැන මහ ඉහළින් කතා කරන්නේ අර 2026 මුල් මාසවල අපිට ලැබුණු ඩොලර් මිලියන 664 ක IMF ණය වාරික දෙක සහ අපිට ඕන විදිහට වියදම් කරන්න බැරි ඩොලර් බිලියන 1.4 ක Swap පහසුකම වගේ දැවැන්ත ණය මුදල් සූක්ෂම ලෙස හංගලා, හරියට තමන්ගේ ගිණුමේ තිබුණු රුපියල් 1000 ට තව කෙනෙක්ගෙන් රුපියල් 664 ක ණයක් අරන් දාගෙන ඒකෙන් මාසෙ අග වෙද්දී 1413 ක් ඉතුරු වුණාම ගිණුම අඩු වෙලා තියෙන්නේ 251 කින් විතරයි කියලා පෙන්නනවා වගේ, ඇත්තටම වියදම් කරපු විශාල මුදල වහංගු කරලා බැංකුවෙන් පෞද්ගලික ණයක් අරගෙන ක්‍රෙඩිට් කාඩ් බිල ගෙවලා "මම දැන් මගේ ණය කළමනාකරණය කරගත්තා" කියලා ෆේස්බුක් එකේ සෝබන දානවා වගේ හරිම නොමේරූ වැඩක් කරන නිසා, අපි මේ වගේ සංඛ්‍යාලේඛන මායාවන්ට නොරැවටී සැබෑ ආර්ථික වර්ධනයක් නම් එය හුදෙක් ණය සල්ලිවලින් සංචිත පුරවා ගැනීමක් නොව අපනයන ආදායමෙන් සහ සෘජු විදේශ ආයෝජනවලින්ම පමණක් පෙන්නුම් කළ යුතු බව අවබෝධ කරගැනීම අත්‍යවශ්‍යයි නේද?
ReplyDeleteඅනෙක NPP ආණ්ඩුව IMF කොන්දේසිවලට අනුව "බදු බර පටවන" චක්‍රයේම හිරවෙලා මොකද රාජ්‍ය මූල්‍ය කළමනාකරණය (Public Financial Management) කියන්නේ හුදෙක් ණය අරන් සංචිත ලස්සන කරන එක නෙවෙයි, රාජ්‍ය වියදම් පාලනය කරමින් ආදායම් උත්පාදනය කරන එක වුණත්, දැනටමත් උද්ධමන පීඩනයෙන් බැටකන ජනතාව මත තවදුරටත් වක්‍ර බදු පටවන්න සිද්ධ වෙන්නේ ආණ්ඩුවට නිෂ්පාදන ආර්ථිකය දියුණු කරන්න කිසිම පැහැදිලි "නිල් චිත්‍රයක්" (Blueprint) නැති නිසයි. උදාහරණයක් විදිහට, ආණ්ඩුව සහනාධාර දෙන්න හෝ රාජ්‍ය සේවක පඩි වැඩි කරන්න පොරොන්දු වුණාට, ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සොයාගන්න වෙන්නේ එක්කෝ වැට් (VAT) බද්ද තවත් විධිමත් කරලා සාමාන්‍ය මිනිහගේ පරිභෝජනය මත බදු ගැහීමෙන්, නැත්නම් දේශීය බැංකු පද්ධතියෙන් තවදුරටත් ණය ගැනීමෙන්; මේක හරියට "ණය කන්දක් උඩ ඉඳගෙන තව ණයක් අරන් පාටියක් දානවා" වගේ වැඩක් නිසා, මේ හරහා වෙන්නේ අයවැය හිඟය (Budget Deficit) පියවා ගන්න ගිහින් පෞද්ගලික අංශයට ලැබෙන්න තියෙන ණය ප්‍රාග්ධනය රජය විසින් උරාගැනීම (Crowding out effect) මගින් රටේ ආයෝජන තවදුරටත් අඩාල වීමයි. මේ ක්‍රියාවලිය නිසා නිෂ්පාදන පිරිවැය ඉහළ ගිහින් රටේ අපනයන තරඟකාරිත්වය නැති වෙලා, අවසානයේදී ආයෙමත් වතාවක් ඩොලර් අර්බුදයකටම පාර කැපෙන එක විතරයි, මේ වගේ තත්ත්වයක් යටතේ ඉදිරියේදී එන බදු ප්‍රතිසංස්කරණ නිසා බහුතර මධ්‍යම පාන්තික වෘත්තිකයන්ගේ වැටුප් මත සිදුවන බලපෑම සහ ඉන් ඇතිවිය හැකි බුද්ධි ගලනය (Brain Drain) ගැන මොකද හිතන්නේ?
ඉස්කෝලේ ගිහින් උද්ධමනය පාඩම ආපහු ඉගන ගන්න. කොහොමද උද්ධමනය එන්නේ... උද්ධමනය වැඩිවීම ගණනන කරන්නේ කොහොමද කියලා...
Deleteඉස්කෝලේ ගියාට වැඩක් නැ දේවල් හරියට ඉගන ගන්න ඕනේ...
"මේක හරියට මීටර 100ක් උස ගහකට නැගලා තව අඩි දෙකක් උඩට ගිහින් "මම නැග්ගේ අඩි දෙකයි" කියනවා" මේ කියමනේ හරියටම තියනවනවා උද්ධමනය වැඩිවීම...
නමුත් ඉගන ගත්ත පමාණය අනුව තමා ඒවා තේරෙන්නේ...
@ Ano 12.24
Deleteඇනෝ උඹ කියන කතාව ඇත්ත. හොඳ පැහැදිලි කිරීමක්. මේක තමයි ලංකාවට ඇත්තටම වෙලා තියෙන දේ? හැබැයි ඔය ගහේ උදාහරණය නැත්නම් ගහ උපමාවෙන් උද්ධමනය පැහැදිලි කරන්න බැහැ, මොකද ගහක නැගීම තියෙන්නේ නිරපේක්ෂ දුරක්. උද්ධමනය තියෙන්නේ ප්‍රතිශත වේගයක්. ඒ දෙක එක කරන්න උත්සාහ කරන එක ඇපල් සහ පැරණි තැඹිලි සංසන්දනය කිරීම වගේ. ඉතින් ඒ කොටස කමෙන්ට් එකේ හරි කියලා කියන්න බැහැ, ඒත් ඒකේ මූලික අදහස හරි, උද්ධමනය ඉහළම මට්ටමක පැවතීම නිසා මිනිස්සුන්ට අමාරුයි, ඩොලරය ඉහළට ගිය දවස්වල වැඩිවෙච්චි මිල මට්ටම එකතැන පල්වීම නිසා ඩොලරය පහළ ආවාට මිල ඒ තරමටම අඩු වූණේ නෑ, ඒක තව දුරටත් වැඩි වෙනවා
අනෙක ඔය කියන විදියට සියට 9-14 විතර ඇත්ත උද්ධමනය ඇති මටත් හිතෙන විදියට
@ Ano 1.53
තප්පුලන්න කලින් හරියට සිංහල කියවන්න ඉගෙනගනින්, ඒත් තේරෙන්නේ නැත්නම් මෙහෙම කියන්නම්
මේ නිව්ස් එක බලපන්, මේ පෙට්රල් ඩීසල් මිල නැතුව වෙනත් දේවල් ගැන තියෙන එකක් විතරයි, ලංකාවේ කඩේකට ගියාම නැත්නම් සාමාන්‍ය ජනතාවට කතා කරාම ඇත්ත කතාව තේරෙයි
//2026 මාර්තු මාසයේදී මහ බැංකුව ප්‍රකාශ කළ නිල උද්ධමනය 2.2% ක් විය. කෙසේ වෙතත්, ඒ අවට කාලයේ පාන් මිල සියයට 42% කින් ද, බෙහෙත් වර්ගවල මිල සියයට 29% කින් ද ඉහළ ගිය බවට වාර්තා විය. මෙම මූලික භාණ්ඩවල මිල එක් රැයකින් මෙතරම් තියුනු ලෙස ඉහළ යද්දී, නිල උද්ධමන අගය එය නිවැරදිව පිළිබිඹු කරන්නේ කෙසේද? එසේම, ඉදිරි සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල 10% - 20% කින් ඉහළ යනු ඇති බවට ආහාර ආනයනකරුවන් අනතුරු ඇඟවීය.//
මට ආපහු කියන්න තියන්නේ තප්පුලන්න කලින් හරියට ඉගෙනගනින් කියලා..... හරියට ඉගන ගත්ත උන් දන්නවා NCPI හි සැබෑ ක්‍රමවේද දුර්වලතාවය...එක තමා ඒවා උගන්නන්නේ...හොද නරක අඩුපාඩු එහෙමත් උගන්නන්නේ...
Deleteඉකොනොමැට්ටා මේකේ උද්ධමනය ගැන ලිපි සැහෙන්න ලියලා තියනවා... දන්නවා කියන එක පැත්තකින් තියලා කියවලා බලන්න...