වෙබ් ලිපිනය:

Tuesday, December 15, 2015

ෂරියා දණ්ඩ නීතිය: නොදැන මැකුවොත් හිරේ

පසුගිය සතියේ පළ කළ ලිපියකට මධ්‍යස්ථ මතධාරියා දැක්වූ ප්‍රතිචාරයක ඉරාන දණ්ඩ නීතිය ගැන සඳහනක් විය. ලංකාවේ දණ්ඩ නීතිය හදාරා තිබුණත් ඉරාන දණ්ඩ නීතිය ගැන මට කිසිදු දැනුමක් නොවූ නිසා මේ ප්‍රතිචාරය කියවූ පසු ඒ පිළිබඳව සොයා බලන්නට උනන්දුවක් ඇති විය. මත්ද්‍රව්‍ය සහ අපරාධ පිලිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ (UNODC) වෙබ් අඩවියෙන්  ඉරාන දණ්ඩ නීති සංග්‍රහයේ ඉංග්‍රීසි පිටපතක් සොයා ගත හැකි විය.

රටක දණ්ඩ නීති සංග්‍රහය කියන්නේ ඒ රටේ නීතිය අනුව අපරාධ අර්ථ දක්වා ඒවාට ලබා දියයුතු දඬුවම් විස්තර කර ඇති ලියවිල්ලකි. කම්බියක් දිගේ විදුලිය  ගමන් කරනු ඇසට නොපෙනුණත්, විදුලිය ගැන කවදාවත් අසා නැති වුවත්, විදුලිය සහිත කම්බියක් ස්පර්ශ කරන කෙනෙකුට විදුලි සැර වැදේ. මේ අයුරින්ම රටක නීතිය අනුව යම් පුද්ගලයෙකුගේ ක්‍රියාවක් වරදක් වීමටත්, එවැන්නෙකුට දඬුවම් ලැබීමටත් නීතිය නොදැන සිටීම බාධාවක් නොවේ. රටක නීතිය යනු සියල්ලන්ම විසින් දැන සිටිය යුතු එකක් බවට සාමාන්‍යයෙන් පූර්ව නිගමනයක් ඇත. බැද්දේගම සිළිඳුගේ සිට මුතුර්හි රිසානා නෆීක් දක්වා මුහුණ දුන් ඛේදවාචකය වූයේ තමන් ජීවත් වූ සමාජය යටත්ව ඇති නීති පද්ධතිය ගැන නිසි අවබෝධයක් නොතිබීමයි.

ලංකාවේ දණ්ඩ නීති ආඥාපණත මුලින්ම හඳුන්වා දුන්නේ පස්වෙනි ජෝජ් රජු විසින් ලංකාව පාලනය කළ 1883 දීය. ඉන්පසුව සමාජයේ වෙනස්කම් වලට ගැලපෙන පරිදි සුද්දා මේ ආඥාපණත තිස් වරක් වරින් වර සංශෝධනය කළේය. මෙසේ වසර දෙකකට පමණ වරක් සුද්දා මේ අස්සයා මාරු කළත් නිදහසින් පසු දශක දෙකක්ම අප කළේ මේ අස්සයා මාරු නොකර පැදීමයි. නිදහසින් පසුව 1968 දී මුල් වරටත්, 1980දී දෙවන වරටත් අපේ දණ්ඩ නීතිය වෙනස් විය. ඉන්පසුව අනූව දශකයේ පටන් වසර තුන හතරකට වරක් අපි අපේ දණ්ඩ නීතිය සංශෝධනය කළෙමු. (මේ වන විට නැවත වරක් අපේ දණ්ඩ නීතිය සංශෝධනය කිරීමට කටයුතු කෙරෙමින් පවතින අතර අද දුටු පුවත් දෙකකට අනුව ද්‍රවිඩ සන්ධානය මෙන්ම බොදුබල සේනාවද මේ අළුත් සංශෝධනයට අකමැත්ත ප්‍රකාශ කර ඇත.)

මට මුලින්ම පරිශීලනය කිරීමට ලැබුණේ 1968 සංශෝධිත ලංකා දණ්ඩ නීති සංග්‍රහයයි. මෙය මගේ පියාගේ පුස්තකාලයේ තිබුණු බැව් හරියටම නිවැරදි නොවන්නේ එය වැඩිපුරම තිබුණේ ඔහුගේ ලියන මේසය මත බැවිනි. මෙහි විවිධ වගන්ති ඔහු නිතර කියවූවත් ඇත්තටම ඒ පොත බලාගෙන නොවේ. මතකයෙනි. ඔහු බොහෝ විට පොත අතට ගෙන එහි පිටු නොපෙරලාම "දැන් මේ පොතේ xx වගන්තිය අනුව ..." යනුවෙන් කියවාගෙන යයි. මෙය ඔහුගේ වෘත්තීය නොවූවද අපේ පවුලේ සිටි නීති හා අධිකරණ ක්ෂේත්‍රයෙන් ඉදිරියට ගිය සියල්ලන්ටම වඩා නීතිය පිලිබඳ ඔහුගේ දැනුම ඉහළ බවනම් ඉඳුරාම කිව හැකිය.

පසුව මේ 1968 සංශෝධනය වෙනුවට 1980 සංශෝධනය ඔහුගේ මේසයට ආවේය. පියාගේ කතාබස් වලින් හැලෙන කෑලි අහුලගන්නවාට අමතරව මේ පොත් මමත් වරින් වර කියවූයෙමි. පසුකාලයකදී, නීති විද්‍යාලයේ අපරාධ නීතිය විෂයට කිසිදු දේශනයකට සහභාගී නොවී, පෙර දින සහ උදය වරුවේ පමණක් සූදානම් වී ඉහළ ලකුණු ගණනක් ගැනීමට උදවු වුණේ මේ දැනුමයි. 'යුනියන් නෝට්ස්' වලින් නීති විද්‍යාල විභාග ගොඩ දා ගැනීම අපහසු නොවුණත් ඒවා ප්‍රමාණවත් වුණේ යාන්තම් පාස් වීමට පමණි.

ඉරාන දණ්ඩ නීතිය අපේ දණ්ඩ නීතියට සාපේක්ෂව සරල එකක් බව මගේ අදහසයි. මෙය හඳුන්වා දී ඇත්තේ 1991 වසරේදීය. මේ ගැන මගේ සම්පූර්ණ දැනුම අන්තර්ජාලයෙන් හොයාගත් ඉහත කියූ සංක්ෂිප්ත ලියවිල්ලට සීමා වුණත් එහි ඇතැම් කරුණු සටහන් කර තැබීම වැදගත්යැයි සිතේ. යම් රටකට තාවකාලිකව හෝ ඇතුළු වන කෙනෙකු අදාල රටේ නීති ගැන දැන සිටියත්, නොදැන සිටියත් ඒවාට මුළුමනින්ම යටත්ය. ඒ නිසා කළ යුත්තේ මෙවැනි නීති ගැන හැකිතාක් දැනුවත් වීමයි. නීති කෙතරම් ම්ලේච්ඡ ලෙස පෙනුණත්, ඒවා ගැන නොදැන ඇණගත්තාට පසු මේ නීති විවේචනය කිරීම තේරුමක් නැති දෙයකි.

ඉරාන දණ්ඩ නීති සංග්‍රහයේ 82 වගන්තිය අනුව පහත අවස්ථාවන් වලදී වයස සහ විවාහක/අවිවාහක භාවය කවරක් වුවද ලිංගික හැසිරීමක් සඳහා දඬුවම මරණයයි. මෙහි ලිංගික හැසිරීම යනු (63 වගන්තිය අනුව) ගැහැණියක සහ පිරිමියෙකු අතර සාමාන්‍ය හෝ ගුද සංසර්ගයයි.
- ඉස්ලාම් ආගමෙන් තහනම් කර ඇති ලේ ඥාතීන් අතර ලිංගික හැසිරීමකදී දෙදෙනාටම
- තමන්ගේ සුළු මවු සමඟ ලිංගික හැසිරීමකදී පිරිමියාට
- මුස්ලිම් නොවන පිරිමියෙකු සහ මුස්ලිම් කාන්තාවක් අතර ලිංගික හැසිරීමකදී මුස්ලිම් නොවන පිරිමියාට
- ස්ත්‍රී දූෂණයකදී දූෂකයාට

පහත සඳහන් අවස්ථා වලදී දඬුවම ගල් ගසා මැරීමයි (83 වගන්තිය).
- තමන් විසින් වරක් හෝ සංසර්ගය කර ඇති, තමන්ට අවශ්‍ය වූ විට සංසර්ගය සඳහා ඉඩ දීමට සූදානම්ව සිටින බිරිඳක් සිටින විවාහක පුරුෂයෙකු වෙනත් කිසියම් කාන්තාවක සමඟ ලිංගිකව හැසිරුණු විට
- තමන් විසින් සැමියා සමඟ වරක් හෝ සංසර්ගයේ යෙදී ඇති, නැවතත් එසේ කිරීමට බාධාවක් නැති විවාහක කාන්තාවක් වෙනත් වැඩිහිටි පිරිමියෙකු සමඟ ලිංගිකව හැසිරුණු විට (විවාහක කාන්තාවක ලාබාල තරුණයෙකු සමඟ ලිංගිකව හැසිරුණු විට මරණ දඬුවම නොලැබේ. එවිට දඬුවම කසපහරයි.)

මෙසේ කාමයේ වරදවා හැසිරෙන වයස්ගත කාන්තාවකට හෝ පිරිමියෙකුට ගල් ගසා මරා දැමීමට පෙර කසපහරද දිය යුතුය (84 වගන්තිය).

අවිවාහක කාන්තාවක් සහ පිරිමියෙකු අතර ලිංගික හැසිරීමට දඬුවම කසපහර සියයකි (88 වගන්තිය). එහෙත්, මේ වරද සිවුවන වරට කර අසුවුවහොත් දඬුවම මරණයයි (90 වගන්තිය).


ගල් ගසා මරා දැමීම ක්‍රියාත්මක කළ යුත්තේ පිරිමියෙකුනම් ඉණ මට්ටමටත්, ගැහැණියකනම් තන මට්ටමෙන් ඉහළටත් පොළොවේ වැලලීමෙන් පසුවය (102 වගන්තිය).

එමෙන්ම, 104 වගන්තිය අනුව, එක් ගල් පහරකින් හෝ දෙකකින් මරණයට පත් වන තරමට ගලක් විශාල නොවිය යුතු අතර ගලක් කියා හැඳින්විය නොහැකි තරම් කුඩා නොවිය යුතුය.

දඬුවමට ලක්වන්නා ගැලවී පලාගියහොත් කටයුතු කළ යුතු ආකාරය 103 වගන්තියේ විස්තර වේ. දඬුවම ලබාදෙන්නේ වරද පිළිගැනීම මත පදනම්වනම් (වරද තහවුරු කළ හැකි පහසුම ක්‍රමය සිවුවරක් වරද පිළිගැනීමට ඉඩහැරීමයි.) මෙසේ ගැලවී ගිය කෙනෙකු නැවත රැගෙන විත් දඬුවම ක්‍රියාත්මක කළ නොහැක. එහෙත්, බාහිර සාක්ෂි වලින් එය තහවුරු වී ඇත්නම් එසේ කළ යුතුය.

වැඩිහිටි පිරිමි දෙදෙනෙකු අතර සමලිංගික හැසිරීමට දඬුවම දෙදෙනාටම මරණයයි. මරණ දඬුවම ක්‍රියාත්මක කළ යුතු ආකාරය විනිශ්චය කාරයාට තීරණය කළ හැකිය (110 වගන්තිය). වැඩිහිටි පිරිමියෙකු සහ ලාබාල අයෙකු අතර සමලිංගික හැසිරීමකදී වැඩිහිටි පිරිමියාට මරණයත්, බාලයාට කසපහර 74 කුත් හිමි වේ (112 වගන්තිය).

ගැහැණු සමලිංගික සේවනයට දඬුවම දෙදෙනාටම කසපහර 100 බැගිනි (129 වගන්තිය). සිවුවන වරට අසුවුවහොත් දඬුවම මරණයයි (131 වගන්තිය).

මත්පැන් පානය සඳහා දඬුවම කසපහර 80 කි (174 වගන්තිය).

මේවා කුරාණයේ හෝ වෙනත් ආගමික ලියවිලි වල (සුන්නා) ඇති දෑ මත පදනම්ව ඇති නීති බැවින් ෂරියා නීතිය ක්‍රියාත්මක වන අනෙක් රටවලද මේ නීති මෙයට ආසන්නව සමාන බව මගේ අදහසයි.

ඒ නිසා ඔය රටවලට යනවානම් කොරන දෙයක් පරිස්සමිනි. හදිස්සියේවත් පරණ කරුමයකට කොහේවත් තිබුණු වරදකට හෝ අසු වුනොත් වරද පිළිගැනීමනම් කෙසේවත් නොකළ යුතු දෙයකි. වරද පිළිගත්තා කියන්නේ අනිවාර්යයෙන්ම එහා ලෝකයට 'වන් වේ එයා ටිකට්' එකකි.

(Photo credit: boingboing.net)

68 comments:

  1. ඇඟ කිලිපොලා යන විස්තරයක්නෙ.
    අපේ රටේ එහෙම තිබුනනම් කස ආනයනය කරන බිස්නස් කාරයන්ට සරුයි.
    ඒක නෙවෙයි, අතේ ගහනවට දඬුවම් නැද්ද එහෙ.

    ReplyDelete
    Replies
    1. කස පහර 74 ක් කියන්නෙ ඒකත් මරන දඩුවමක් තමයි. මට හිතෙනව ශාරීරිකව දුර්වල අය පනහක් හැටක් ගහනකොට මැරෙනව කියල. විස්සක් විතර ගහනකොට මුලු ඇගම ලේ වලින් නෑවිලා .

      Delete
    2. ලේ නෑකමක් නැති පිරිමි දෙදෙනෙකු හෝ ගැහැණු දෙදෙනෙකු නිරුවතින් ආවරණය වූ තැනක සිටීම හෝ සිපගැනීමද කසපහර ලැබිය හැකි වරදකි. පිළිවෙලින් 99දක්වා, 100 දක්වා සහ 60ක් ලෙසය. ඉමාම් වරුන් වැනි ආගමික නායකයින් හෝ රාජ්‍ය නායකයින්ට එරෙහිව හෝ අයතොල්ලා කොමෙයිනිට එරෙහිව අදහස් දැක්වීමද සිරගත කළ හැකි හෝ කසපහර දියහැකි වරදවල්ය. මෙවැනි විවේචනයක් මුහම්මද් නබි වරයාට අගෞරව වන පරිදි කථාකිරීමක් ලෙස සැලකිය හැකිනම් දඬුවම මරණයයි (513 වගන්තිය)

      Delete
    3. ...//අතේ ගහනවට දඬුවම් නැද්ද එහෙ//...

      ISIS කාරයෝ බ්ලු බලපු කොල්ලෝ දෙන්නෙක්ගේ අත්දෙක කපලා දැම්මා කියලානම් නිවුස්එකක තිබුනා.

      Delete
    4. අයිසිස්ලා බ්ලූ බලලා නැද්ද? නැත්තං උංට ෆෝම් වෙන්නේ නැද්ද? කොහොමත් උන්ගේ ලිංගික ඊර්ෂ්‍යාව කියන එක උතුරා යන බවනම් පේනවා.

      Delete
  2. මමත් නීතිය හැදෑරූ කෙනෙක්. නීතිය ගැන පොඩි හෝ දැනුමක් හැමෝටම තියෙන්නෙ ඕන. මේ ලිපිය ඇස් අරවන්නක්.

    ඉරානය වගෙ රටවල ඉතා දරුණු නීති ඉස්සර ඉදන්ම තිබුන. අපේ දෙතිස් වධ ආවෙ ඉරානයෙන් බව මගෙ හැඟීම. පර්සියාවෙ තිබුන ම්ලේච්ඡ දඩුවම් ඉන්දියාවට ආව. බිම්බිසාරල ,පසේනදී කෝසලල කියන්නෙ අමු තිරිසන් වදකයො. ඉන්දියාව හරහා තමා අපට ඇවිත් තිබුනෙ.

    ලිංගිකත්වය ගැන කොහොල් ගතියක් පැරණි පර්සියානුවා දැක්වූ නිසා මේවාට ඍජු අරාබි සම්බන්ධයක් පෙන්වාදෙන්නත් අමාරුයි. කොහොමත් මේ දඩුවම් ක්‍රම නම් පර්සියන් වලට වඩා අරාබි.ගල් ගැසීම තිබ්නෙ වැඩි වශයෙන් සෙමිටික් මිනිසුන් අතර.

    මේ දඩුවම් ම්ලේච්ඡ වනවාට අමතරව අසාධාරණයි. ලිංග භේදය ,ආගම් භේදය වගෙ දේවල් මත මේ නීති හදල තියෙන්නෙ. ඒ නිසා මේව ශිෂ්ට නීති නෙමෙයි.මේවාට ඉදුරාම එරෙහි විය යුතුයි.

    වරද පිළිගන්න එපා කියන එකනම් ප්‍රායෝගික නෑ නේද. පොලිස් වධදීම් ඉවසිය නොහැකිව කෙනෙක් වරද පිළිගන්න පුළුවන්. පොලිස් පාපොච්චාරන අපේ නීතියෙ පිළිනොගත්තත් අරාබි නීතියෙ පිළිගන්නව ඇති.මේ නිසා චෝදනා ලබන අය ගෙ ඉරනම කෙලවර වෙන්නෙ දඩුවමින් තමයි. හොඳම දේ මේ රටවලට නොයා සිටීමයි.

    ReplyDelete
    Replies
    1. //වරද පිළිගන්න එපා කියන එකනම් ප්‍රායෝගික නෑ නේද. පොලිස් වධදීම් ඉවසිය නොහැකිව කෙනෙක් වරද පිළිගන්න පුළුවන්.// ඔවු, ඒක ඇත්ත. ලංකාවෙත් එක වැරැද්දකට හත් අට දෙනෙක්ම වරද පිළිගන්නවනේ. කොහොම වුණත් මෙය තමයි ඔවුන්ට වරදක් ඔප්පු කළ හැකි පහසුම ක්‍රමය. හතර පාරක් වරද කළා කිවුවොත් එච්චරම තමයි. මම හිතන්නේ ගොඩක් අවස්ථා වල (රිසානා සිද්ධිය වගේ) සිදුවී තිබෙන්නේ වරද පිළිගත් බවට කොළයකට අත්සන ගැනීම.

      Delete
    2. //මේ දඩුවම් ම්ලේච්ඡ වනවාට අමතරව අසාධාරණයි. ලිංග භේදය ,ආගම් භේදය වගෙ දේවල් මත මේ නීති හදල තියෙන්නෙ. ඒ නිසා මේව ශිෂ්ට නීති නෙමෙයි.// ප්‍රශ්නය තියෙන්නේ මේවා වෙනස් කිරීමට නීති ක්‍රමය තුළ කිසිම ඉඩකඩක් නොතිබීම. නීති ක්‍රමය පිළිගන්නවානම් තනි නීති හෝ දඬුවම් වෙනස් කළ නොහැකියි. කළ හැක්කේ නීති ක්‍රමයම ඉවත් කිරීම පමණයි. ඒත් මේ නීතිය ක්‍රියාත්මක වන විට එය විවේචනය කිරීමම වරදක්. ඒ නිසා ආපසු එන එක සිස්ටම් එක ඇතුලට යන තරම් පහසු නැහැ. ඒකයි මම කිවුවේ සමාජයක් මුල්ලක හිරවීම කියා. ඉරානයේ ෂා යුගයේ වගේ රජවරු සිටි තැන් වල රජු බටහිරකරණය වීමෙන් මේ වෙනස සිදුවුනා. එසේ නැත්නම් මෙවැන්නක් බොහෝවිට අවසන් විය හැක්කේ බාහිර සතුරෙක් සමඟ යුද්ධයකින් පැරදුන වෙලාවක.

      Delete
    3. ඇත්තටම මේව දකිනකොට හිතෙන්නෙ මේ නීති ක්‍රමය සහිත සමස්ත ඉස්ලාමයම ශිෂ්ට ලෝකය විසින් ප්‍රතික්ෂේප කළ යුතු බව. සමහරුන් ඉස්ලාමයට දැඩි විරෝධයක් දක්වන්නෙ ඔවුන් මේව දන්න නිසා වෙන්න ඇති.
      මේ නීති වෙනස් කරන්න බැරි එක ලොකු ප්‍රශ්නයක්.මේ ආගම රාජ්‍ය ආගම වුන රටවල් හිරගෙවල් වගෙ ඇති.

      Delete
    4. ඒ මිනිස්සු හරි සතුටින් ලු ඉන්නෙ.අපිලු සත්තු වගේ හැසිරෙමින් නොදියුනු විදිහට ඉන්නෙ... (මටත් මේ බුකියෙන් ඉස්ලාම් භක්තිකයෙක් කිව්වෙ.)

      Delete
    5. වැසිකිලි වලේ ඉන්න පණුවන්ට ඒ තරම් සතුටක් කොයින්ද බං. වල හිදුණු දාට පොඩි පුරස්නයක් තියෙනවා. ඒක වෙනම කාරණයක්!

      Delete
    6. සතුට කියන එක සාපේක්ෂ දෙයක්. එක් එක් කෙනා සතුට ලෙස දකින්නේ වෙනස් දේවල්. වෙනත් කෙනෙක් සතුටු වන්නේ කොහොමද කියන එක මට හරියටම දැනගන්න බැහැ. (නමුත්, අනුමාන කිරීමක් කළ හැකියි.) පුද්ගලයින්ට හෝ සමාජයකට තමන්ගේ සතුට වැඩිකර ගැනීමට තෝරාගැනීම් කළ හැකියි. මම ප්‍රශ්නයක් ලෙස දකින්නේ මෙවැනි තෝරාගැනීම් සීමාවීම.

      Delete
  3. උඹේ ලිපි බොහෝම අපූරූ බව කිව්වේ රසිකලොජි... මේක බොහෝම වටිනවා... මට නම් වටිනාම කොටස අර සුද්දා ගියයින් පස්සේ තාම එතනමයි කියන කතාව.. ඒක මමත් හැමදාම කියන දෙයක්.. නීතිය විතරක් නෙමෙයි බං විස්ස විජ්ජාල, රාජ්ජ පරිපාලනේ, පාර්ලිමේන්තුව, නිළධාරින් ඉතරක් නෙමෙයි මිනිස්සුත් තාම ඉන්නේ 1948.. සුද්දට අපි ගැන දුක හිතිලා වෙන්න ඇති ආයෙත් අපේ දිහා බලන්නේ...

    තව ටිකෙන් රාජපක්ෂ එක්ක රජ යුගේටම යන්න තිබුනා.. අන්න එහෙම උනා නම් මේ ඉරානයේ දන්ද නීති සංග්‍රහයත් මාර වටිනා එකක් වෙන්න තිබ්බා...

    ReplyDelete
    Replies
    1. ඒ උනාට මූ මැට්ටෙක්නෙ බං

      Delete
    2. //විස්ස විජ්ජාල, රාජ්ජ පරිපාලනේ, පාර්ලිමේන්තුව, නිළධාරින් ඉතරක් නෙමෙයි මිනිස්සුත් තාම ඉන්නේ 1948// සමහර දේවල් වලින්නම් දැන් ඉන්නේ හිටිය තැනටත් වඩා ගොඩක් පිටුපසින්. සුද්දා දීලා ගියේ පිරිච්ච භාණ්ඩාගාරයක්. ණය කන්දරාවක් ගොඩගහලා ගියේ නැහැ. රුපියලත් සාපේක්ෂව ශක්තිමත්ව තිබුණේ.

      Delete
  4. ස ර ස තුමා සිරි ලන්කාව ආදර්ශයට ගන්නා වූ සින්ජොප්පූරුවේ සින්හල උප ගුරු කම කොරන කල්හී එහි ඕරල් සෙක්ස් තහනමක් තිබෙන බව චීනියක් විසින් දන්වන්නට යෙදුනි.... ස ර ස තුමා ඊලඟ ආස්යාත්තරාවෙන් කටුනායක සැපත් විය...

    මෙච්චර වෙස්ටර්න් වෙච්චි සින්ජොප්පූරුවේ ද තත්වය ශරියා නීතියට එහා ය!


    http://www.yawningbread.org/arch_2004/yax-348.htm

    2007 පමන එය නැවත නීතිගත කරනා ලදී....

    http://www.theguardian.com/world/2007/oct/24/gayrights.uk


    ReplyDelete
    Replies
    1. සිංගප්පූරුව ශාරියාවට එහා. එහෙ මාර්ග නීතියක් කැඩුවත් කස පහර. මේව දෛනිකව සිදුවන දඩුවම්. ඉතා සුළු වරදකට ලේ එනකම් වේවැලෙන් තලනවා. එසේම රජය පාසල් දිරිමත් කරනවලු වේවැල් පහර දීමට. අඩුවෙන් වේවැල් පහර දුන්නොත් විදුහල්පතිගෙන් නිදහසට කරුනු විමසනවලු. වේවැල් පහර දීමත් විශේෂ පුහුණුව ලත් අය විසින්ලු කරන්නෙ. ලී ක්වානු යූට දරුනු නීති ගැන අදහසක් ආවෙ ජපන් ආක්‍රමනිකයන්ගෙන්ලු.

      අරාබි රටවල් ඇරුනම මහ ජරා නරකාදියකට තියෙන්නෙ සිංගප්පූරුව තමා

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. //පුදුම නිදහසක් තියෙන රටක්//

      ජොශුවා ජෙයරත්නම් කිවුවෙත් ඔය ටික ම තමයි!

      Delete
    4. විචාරක @ ඔබ සිංගප්පූරුව කියල ගිහින් තියෙන්නෙ වෙන කොහෙ හරි. නැත්නම් පොඩි ජෝක් එකක් කරනව අපිව බයිට් කරන්න. සිංගප්පූරුවෙ ම්ලේච්ඡත්වය හැමෝම දන්න දෙයක්. ගුගල් දෙයිය හිටියෙ නැත්නම් අපට මූලාශ්‍ර ලබාගන්න අමාරු වෙනව. අපට තොරතුරු ලැබෙන වෙනත් මූලාශ්‍ර තිබුනත් විශ්වාසනීයත්වය අතින් වඩා ගූගල් තොරතුරු ඉදිරියෙන් සිටින නිසා .මෙන්න ලින්ක්.
      https://en.wikipedia.org/wiki/Caning_in_Singapore

      http://www.corpun.com/counsgs.htm

      https://sgwiki.com/wiki/Caning_in_Singapore

      http://www.endcorporalpunishment.org/assets/pdfs/states-reports/Singapore.pdf

      https://sg.answers.yahoo.com/question/index?qid=20060622231136AAw7YIG

      https://web.facebook.com/video.php?v=4440042725043

      මේ තෝරාගත් ලින්ක් කිහිපයක්.

      Delete
    5. සිංගප්පූරුව අරාබිය වගෙ නෙවෙයි තමයි මොකද අරාබියෙ ශාරියා නීතිය යටතේ කායික දඩුවම් දෙන්නෙ වැරදි දෙක තුනකට. ඒත් කලාතුරකින්. නමුත් සිංගප්පූරුවෙ එම වැරදි ප්‍රමානය 30 -35 ක් අතර.එය ලොකු ප්‍රමානයක්. ඒ වගේම සිංගප්පූරුවෙ ජනගහනයට සාපේක්ෂව දඩුවම් ප්‍රමානයත් වැඩියි. සිංගප්පූරුවෙ ඉන්නෙ සුළු ජනගහනයක්. වසරකට අති විශාල ප්‍රමානයක් අමානුෂික දඩුවම් වලට ලක් වෙනව. දරුණු වධහිංසා සහිත දඩුවම් එහි දෛනික කටයුත්තක්. මෙහි විශේෂත්වය නම් වෙනත් රටවල සුළු වැරදි ලෙස සැළකෙන දේවල් වලටත් සිංගප්පූරුවෙ වේවැල් පහර දීම.
      වේවැල් පහර දෙනව කියන්නෙ පුක ලෙලි යනකම් ගහනව කියන එක. මම දැක්ක යූ ටියුබ් වීඩියෝ . තුවාල වුන තැන්වලට පවා පහර දෙනව. ගූගල් යූ ටියුබ් සර්ච් කළාම සොයා ගන්න පුළුවන්

      සිංගප්පුරු අධ්‍යාපන අමාත්‍යාංශය පාසල් දිරිමත් කරනව සිසුන්ට වේවැල් පහර දෙන්න කියල. වසරකට වේවැල් පහර දීමේ ප්‍රමානයක් තියනව. මේ සේරම ලී ක්වාන් යූ ගෙ නැනී රාජ්‍යයෙ සැළසුම්. සිසුන්ට වේවැල් පහර දීම් තුලින් අනාගත කීකරු සමායක ලී බලාපොරොත්තු වුනා.

      වේවැල් පහර කිව්වම අපේ ඉස්කෝලවල මිස් ල සර්ල වේවැලෙන් ගහන ඒව වගෙ කියල කෙනෙක් රැවටෙන්න පුළුවන්. එහෙම නෙවෙයි .සිසුවා මේසයක් ඉදිරියෙ නැවෙන්න සළැස්වල වැලමිට නවන්නෙ නැතිව දෙන දරුණු පහරක්. මෙය ප්‍රසිද්ධියෙ දෙන්නෙ. ලී මේ තුලින් බියපත් සමාජයක් ප්‍රාර්ථනා කළා. මෙතන තියෙන්නෙ මනෝ විද්‍යාව.

      නමුත් පාලක පන්තියට මේ මොකුත් නෑ. ලී ගෙ දරුවෙකුත් කේනබල් ඔෆෙන්ස් එකකට වැරදිකරු වුනා. දඩයක් ගැහුව විතරයි. වෙන කෙනෙකුටනම් වේවැල් පහර.

      සිංගප්පූරුවෙ බන්ධනාගාර ,හා හමුදාවල වේවැල් පහර දීම් සහ පාසල් සිසුන්ට වේවල් පහරදීම් අතර වෙනසක් තියනවා. සිරකරුවන් හා හමුදා නිළධාරීන්ට වේවැල් පහර දෙනෙන් නිරුවත් කරල. නමුත් සිසුන්ට කලිසම ගලවන්නෙ නැතිව වේවල් පහර දෙනව. සිසුන්ගෙ තට්ටම් ලෙලි යනව අඩුයි.

      මයිකල් ෆේ සිදුවීමෙදි මේ වේවැල් පහරදීම් ගැන ලොවම දැනගත්තා. මේ තුවාල කැලැල් කිසිදා සුව නොවන බවත් කියවෙනව.

      Delete
    6. නොදැනුවත්වම ලොකු කොමෙන්ට් එකක් වැටුන. මේක තවත් සංවර්ධනය කරල පෝස්ට් එකක් දාන්නම්.

      Delete
    7. මිලේච්ඡත්වයේ නටඹුන්! මානසික විකෘතියකින් පෙළෙන නායකයෙක් කියන්නේ ලෝක විනාශයක්! සුනාමි තව හොදා!

      Delete
    8. කලිසම ගැලවුණා නේද විචාරක ලොක්කගෙ.... සියල්ල දත් වගේ ලියනවා, ඒත් දන්නෙ ආමි එකේ බංකර් කපන්න විතරයි වගේ. ලියන්නෙ හරියට කර්නල් වගේ ලොකු තනතුරක් දැරුවා වගේ , බලාගෙන ගියාම 8 පාස් සොලෙක්ද කොහෙද.. සිංගප්පූරුවෙ training!! මට පස්ස පැත්තෙන් හිනා යන්නෙ. මූව සිංගප්පූරුව කියලා වෙන කොහෙ හරි එක්ක ගිහින් බංකර් කපන්න.

      Delete
    9. ඇනෝ, ඇත්තටම ලියා ඇති දෙය මිස ලියා ඇති පුද්ගලයා වැදගත් නෑ නේද? විචාරක ලියා ඇති දෙය ගැන විවේචනයක් ඇත්නම් එය ඉදිරිපත් කළානම් නේද වඩා හොඳ? මටනම් හැම ආකාරයේම දැනීමක් කියන්නේ දැනීමක්. හරියට බංකරයක් කපාගන්න හැටි කියන්නේ මම නොදන්නා දෙයක්. වතුරට වැටුනහම ඉකොනොමික්ස්, ෂරියා නීති ඔක්කොටම වඩා වැදගත් පීනන්න දන්නවද කියන එකනේ.

      මැද පෙරදිග කලාපය මෙන් නොව සිංගප්පූරුව කියන්නේ මටත් තරමක කාලයක් තිස්සේ සමීප අත්දැකීම් ටිකක් හෝ තියෙන තැනක්. ඒ නිසා සිංගප්පූරුවට අදාල කරුණු ගැන කෙටියෙන් කතා කරන්න අමාරුයි. එහෙම කළොත්, අලියාගේ කණ හරි වලිගෙ හරි ගැන කතා කළා වගේ වෙනවා. ඒ නිසා මා දැනට ඒ ගැන අදහස් පළ කරන්නේ නැහැ. ඉඩ ලැබෙන පරිදි සිංගප්පූරුවට එන්නම්.

      Delete
    10. This comment has been removed by the author.

      Delete
    11. This comment has been removed by the author.

      Delete
    12. විචාරක, කේන්ති යනවා තමයි. ඒත් ඕවා පුළුවන් තරම් ගණන් නොගෙන ඉන්න. සමහර විට ඔබව මේ ලෙස කේන්ති ගැස්සවීම ඔහු බලාපොරොත්තු වන දෙය විය හැකියි. හොඳම දෙය ඒ අවශ්‍යතාව ඉටු නොකර සිටීම.

      ඉදිරියේදී වෙනස් වෙන්න පුළුවන් වුනත්, ඇනෝ එන එක ගැන මගේ තවමත් අකැමැත්තක් නැහැ. ප්‍රොෆයිල් එකක් තියෙන කෙනෙක් ඇනෝ ඇවිත් යමක් කිවුවත් මා එය ලොකු ප්‍රශ්නයක් ලෙස හිතන්නේ නැහැ. මොකද කාගේ හෝ හිතේ තියෙන, කියන්න අවශ්‍ය දෙයක්නේ කියන්නේ. මොන හේතුවකට හරි ප්‍රොෆයිල් එකෙන් කියන්න බැරි නිසානේ ඇනෝ ඇවිත් කියන්නේ. එහෙම දේවල් මතුවන එක හොඳයි.

      ඒත් මේ ෆේක් ප්‍රොෆයිල් වැඩේනම් ඊට වඩා කැත වැඩක්. මුලින්ම සා රසට ඔය වැඩේ වුනහමත් මට ඇති වුනේ හරිම අප්‍රසන්න හැඟීමක්. සැලකිල්ලෙන් බැලුවහම වෙනස පේනවා. ඒත්, මට වගේම ගොඩක් අයට හදිස්සියට ඔය පොඩි වෙනස්කම් පේන්නේ නැහැ. ඒ නිසා වැරදි අවබෝධ ඇති විය හැකියි.

      Delete
    13. විචාරක නැට්ට පගාගෙන ඇත. කෙලින් කතා කරන්න බැරි කෙනෙක් වීම ගැන ඇත්තෙන්ම කනගාටුයි.

      Delete
    14. එකනේ, විචාරකට මල පැන්නහම genetech එකටත් වඩා හොදයි.

      Delete
    15. විචාරක John le Carre ගේ Spy who came in from cold යන නවකතාව කියවා තිබේද? එහෙමත් නැතිනම් Frederick Forsyth ගේ Deceiver?

      Delete
    16. ඉකොනොමැට්ටා EconomattaDecember 16, 2015 at 2:25 PM
      //මුලින්ම සා රසට ඔය වැඩේ වුනහමත් මට ඇති වුනේ හරිම අප්‍රසන්න හැඟීමක්.//

      තැන්කූ!

      Delete
    17. විචාරක - WicharakaDecember 16, 2015 at 1:34 PM
      //ඉකොන්, මගෙන් පුකට පයින් පාරක් කාපු, වේසා ගෑණු විකුණමින් රටවටේ ගිහින්, අද හෝටල් මැනේජර් කමක් කරමින්, බ්රොතල් එකක් රන් කරන වේසා බල්ලෙක්, මගේ ෆේක් ප්‍රොෆයිල් එකක් හදලා. එය හෙලිවෙන්නේ මෙහෙමයි. මූ මගේ ප්‍රොෆයිල් පික්චර් එක එඩිට් කරාට, හරියට කරගන්න බැරිවෙලා. හතර වටෙන්ම කැපිලා තියෙන්නේ. මූ පඳුරක් අස්සේ හොරිකඩ බල්ලෙකුට ජාතකව හොරිකඩ බැල්ලියෙකුගෙන් උපන් පාහර බල්ලෙක්.

      බලන්න මේ කමෙන්ට් එකේ මගේ ප්‍රොෆයිල් පික්චර් එක සහ මේ රාජකීය බලු වේසිගෙ පුතාගේ හොර ප්‍රොෆයිල් පික්චර් එකේ වෙනස.//

      වෙල්කම් ටු ද ක්ලබ් විචාරක අන්කල් මචන්!

      ටික කාලෙකට කලින් පඟර නැට්ටෙක් මගේ හැඬල් එකට සමාන පැරඩි හැඬල් එකක් හදාගෙන කෝලමක් නැටුවා.... ගනන් ගන්නෙ නැතුව ඉන්න....

      Delete
    18. ඔය කමෙන්ට් එක දාල තියෙන්නෙ අර සිංගප්පුරුවෙ හොරෙන් ඉදලා දැන් මැලේසියාවෙ ගල් වෙලා ඉන්න සිරා කියන බුවා.

      Delete
    19. //ඉකොන්, මගෙන් පුකට පයින් පාරක් කාපු, වේසා ගෑණු විකුණමින් රටවටේ ගිහින්, අද හෝටල් මැනේජර් කමක් කරමින්, බ්රොතල් එකක් රන් කරන වේසා බල්ලෙක්, මගේ ෆේක් ප්‍රොෆයිල් එකක් හදලා. එය හෙලිවෙන්නේ මෙහෙමයි. මූ මගේ ප්‍රොෆයිල් පික්චර් එක එඩිට් කරාට, හරියට කරගන්න බැරිවෙලා. හතර වටෙන්ම කැපිලා තියෙන්නේ. මූ පඳුරක් අස්සේ හොරිකඩ බල්ලෙකුට ජාතකව හොරිකඩ බැල්ලියෙකුගෙන් උපන් පාහර බල්ලෙක්.//

      බලධාරියා විසින් කපාහල කොටස,
      මේ වේසිගෙ පුතා මම ආමි ඉන්න කාලෙ අහුවුණා නම්, ඕකව අපේ (මන්ද) බුද්ධි අංශෙ දාල, සුදු වෑන් එකකින් කෙලින්ම කෑම්ප් එකට උස්සගෙන එනවා. ඊට පස්සෙ ඕකගෙ පයිය තලල, ඇට දෙක කුඩු කරලා, පුකට එස්ලොන් බටයක් දාල මේක කළේ කොහොමද කියල අහගන්නවා. ඊට පස්සෙ ඔය බලු වේසිගෙ පුතාව ටයර් දාල පුච්චන්නෙ... අයියෝ..විචා...

      Delete
  5. //මත්පැන් පානය සඳහා දඬුවම කසපහර 80 කි (174 වගන්තිය).//
    ලංකාවෙ ඕක තිබ්බනම් බෝතලෙත් එක්ක කසයක් දෙන්න වෙනව, බීල උඹම 80 ක් ගහගනින් කියල. නැත්නම් කස කාරයො හොයන්න ඉරානෙට යන්න වෙනව.

    ReplyDelete
    Replies
    1. මෙහේ ඉතින් කස් අපහර ගහන එකාට ගහන්න තව එකෙක් හොයන්න වෙනවා.. ඌට ගහන්න තව එකෙක් ඕන වෙනවා.. ඔහොම ඔහොම මහ එකා ගාවට යනකල් යනවා...

      Delete
    2. උඩ තියෙන 'වැරදි' ගොඩකට ලංකාවේ කරන්නේ නීති පොතේ මොනවා තිබුණත් 'නොමරා ගල් ගැසීම'නේ.

      Delete
  6. ඉකෝගේ ඉදිරිගාමීන් සහ පසුගාමීන් පෝස්ට් එකේ කොමන්ට් ටික බැලුවෙත් දැන්.මම නම් වඩාත් කැමති එවැනි සංවාද වලට.එමගින් සාරගර්භ කරුණු බොහෝමයක් මතු කරගන්න පුලුවන්...

    ෂරියා දණ්ඩනීති සංග්‍රහයේ ඇතුලත් වගන්ති ගැන දැනගන්න මට උවමනාවක් තිබුනා.ඉකෝගේ ලිපියේ මට අවශ්‍ය තොරතුරු බොහෝමයක් තියනවා.අපේ රටේ තිබුන පැරණි දඬුවම් ක්‍රමත් මේ වගේම ඉතා දරුණුයි.පිටකයෙත් නිතරම සඳහන් වෙලා තිබෙනවා වද තිස් දෙකක් ගැන.එදා බුදුන් දවස භාරතීය රාජාණ්ඩුතුල දෙතිස් වද ක්‍රියාත්මක වෙලා තිබෙනවා.නිල වශයෙන් නොවුනත් 88,89 කාලේ දෙපැත්තෙම අය විරුද්ධවාදියාට දුන්න වදනම් 32 ටත් වඩා වැඩියි...

    ReplyDelete
    Replies
    1. ඇත්තටම, මනෝ, මම මේ දඬුවම් දෙස බලන්නේ කාලයට සහ තැනට සාපේක්ෂව. මා පාසැල් යන කාලයේ වේවැල පාවිච්චි කළ ගුරුවරුන් (සියල්ලන්ම සහ සියළු අවස්ථා සම්බන්ධව නොවූවත්) දෙස සහ මා ළඟ තබා ගෙන දුම්පානය කළ මගේ පියා ඇතුළු වැඩිහිටියන් සම්බන්ධව මා අද සම්මත අනුව බලන්නේ නැහැ. එහෙත්, මේ දේවල් අද නොවිය යුතු දේ ලෙසයි මම සිතන්නේ. මා පෙර ලියු සිංහරාජයේ ගස් කැපීම සහ හෝර්ටන් තැන්නේ අල වැවීමටත් මෙය තරමක් සම්බන්ධයි. ඒවා ඒ කාලයේ සම්මත අනුව අද තරමටම නරක තීරණ නෙමෙයි.

      Delete
  7. මැදපෙරදිග රැකියා සඳහා යන කාටත් ඒ ඒ රටේ නීති පද්ධතිය පිළිබඳව අවබෝධයක් ලබාදී යවනවානම් හොඳයි.

    ReplyDelete
    Replies
    1. දැනටමත් විදේසසේවා කාර්යංසය මගින් පුහුණු වැඩමුළු දිවයිනපුරා ඇති සාකා වල පවත්වනවා.(මේ සහතිකේ නැත්නම් විසා ගහන්නේ නැ ) ඒත් මෙහිදී ප්‍රායෝගික පුහුණුවට මුල් තැනක් දෙනවා,නීතිය ගැන ගැබුරින් කියා දෙන්නේ නැත.)

      Delete
    2. එය තමයි මගෙත් පොයින්ට් එක. හැබැයි ඔය පුහුණුවකට යමෙක් එන්නේ මැදපෙරදිග යාමේ තීරණය අරගෙන. මේ තීරණය ගන්න කලින් (රජය විසින් නොකරනවානම් ජාතික මාධ්‍ය ආදිය මඟින් හෝ ස්වේච්ඡා සංවිධාන මඟින්) මේවා ගැන දැනුවත් කිරීමයි වඩා ඵලදායී. එය සිදු නොවන නිසා අඩු වශයෙන් යන අයටවත් මේ නීති ගැන දැනුමක් ලබාදීම වැදගත්. මා මේ ලිපියෙන් කතා කර තිබෙන්නේ අයිසීස් වැනි ත්‍රස්තවාදී සංවිධාන ගැන හෝ කිසියම් ආගමක් ගැන නෙමෙයි. නීත්‍යානුකුල රාජ්‍යයක නීති පද්ධතිය ගැන. ආගමක් ඇදහීමේදී කෙනෙකුට යම් තෝරා ගැනීමක් තියෙනවා. එහෙත්, නීතියට අදාලව (කෙටිකාලීනව) එවැනි තෝරා ගැනීමක් නැහැ. මා එකඟ වුනත් නැතත් මා මා ජීවත් වන හෝ තාවකාලිකව නැවතී සිටින රටක නීතියට යටත්. එයට වෙනත් රටකට බලපෑම් කරන්න අමාරුයි. බටහිර රටවල් ඒ රටවල පුරවැසියන්ට වෙනත් රටවල් සම්බන්ධව 'ට්‍රැවල් වෝර්නින්ග්ස්' දෙන්නේ ඒ නිසයි.

      Delete
    3. ඉකොන්, ඉහත කමෙන්ට් එක දැම්මේ මමයි. බලන්න ඉහතින් මම කියා තිබෙන හොර ප්‍රොෆයිල් පික්චර් එක සහ මගේ නියම ප්‍රොෆයිල් පික්චර් එකේ වෙනස.

      ඒ වගේම බලන්න ඉහත හොර ප්‍රොෆයිල් පික්චර් එකෙන් මගේ අදහස් වගේ ලියා තිබෙන අදහස් සහ මෙහි මා දක්වා තිබෙන අදහස් අහසට පොළොව වගේ වෙනස්.

      Delete
  8. මා මෙපිලිබද උන්මත්තක තුමාගේ අඩවියේ තැබූ සටහන http://unmanthaka.blogspot.com/2015/12/9-5.html#comment-form

    {//කුර්-ආනය ත්‍රස්තවාදී ක්‍රියා අනුමත කලේ නෑ//

    මුලින්ම ඔබ "ත්‍රස්තවාදී ක්‍රියා" යනු මොනවාදැයි පැහැදිලි කල යුතුයි ඊට පසු අපි ඒවා කුර්-ආනය තුල ඇද්ද නැද්ද බලමු !

    //එනිසා මුස්ලිම් බහුතරය දේව වචනය ලෙස අදහනවා නම් වෙන්නේ, මුස්ලිම්වරු වෙතින් ලෝකයට, සමාජයට වෙන හානිය අවම වෙනවා කියන එකයි. //

    මෙන්න මෙතන තමයි ප්‍රශ්නය කුරානය කියවා තේරුම් ගැනීමට මුස්ලිම් බහුතරයකට නොහැකියි (මතකනේ ඔබේ පෙර පරිවර්තනය කියවපු මේක කියවන අයට හැදෙන්න ගිය ලෙඩේ ) මෙහිදී එය විස්තර කිරීමට ඔබ කියන //වක්තෲන්ගේ ජීවිතය අලලා ලියවුනු පොතකින් එන වාක්‍යයක් ලෙසයි සඳහන් වෙන්නේ//
    කියන http://sunnah.com/abudawud/12/110 කොටස මුස්ලිම් සමාජය තුල ඇති පිළිගනිම මුස්ලිම් ආගමික නායකයකුගේ කටින්ම අසාගත හැකියි https://www.youtube.com/watch?v=L-4jC5iAl8E

    මෙහිදී ඔවුන් මෙම පොත කුරානය තරම්ම විශ්වාසය තබනවා, මේ ග්‍රන්ථ තමයි මිනිසුන්ට කියවා තේරුම් ගතහැකි මේවායේ තිබෙන්නේ අන් ජාතින් මරා කොල්ලකන සහ ගැහැනුන් දුෂණය කරන අයුරුයි.

    රටක මුස්ලිම් සුළුතරය පවතිනවිට මෙවැනි අංශ උලුප්පා දැක්වීමට මුස්ලිම් ආගමික නායකයන් ක්‍රියාකරන්නේ නෑ ඔවුන් සැමවිට සාමය ගැනමයි කතාකරන්නේ, එසේ කරමින් අදාළ රටේ සම්පත් යොදාගෙන වියාපාර කරමින් තම වර්ගයා වේගයෙන් බෝකිරීම් සිදුකරනවා. මෙසේ කර යම් සීමාවකට පැමිණිවිට ඔවුන්ට තේරෙනවනම් තමන් අදාළ ප්‍රදේශයේ ජනගහනයෙන් වැඩි පිරිසක් බව, මුස්ලිම් ආගමික නායකයන් හෙමින් සීරුවේ තම සැගවූ ආගමික නියාය පත්‍රය ඉදිරියට ගෙනවා.

    මේ පිළිබද ඉතිහාසය උන්මත්තක මිත්‍රයාගෙන් අසුවහම ඔහු දෙන්නේ //ඉතිහාසය සම්භන්ද ඔබ කියූ අනෙක් කරුණු ගැන කියන්න මා නොදනිමි නමුත්// වැනි පිලිතුරකුයි.

    අපේ ඉකොනොමැට්ටා Economatta අපුරු ලිපියක් පළකර තිබෙනවා http://economatta.blogspot.com/2015/12/blog-post_15.html

    මෙහිදී ඔහු තොරාගන ඇත්තේ ඉරානයයි.

    අයතුල්ලා කුම්මෙනි ඉරානය අත්පත් කරගැනීමට පෙර පැවතියේ https://www.youtube.com/watch?v=dF47rrHd7wo වැනි තත්වයකයි
    අද ඉකොනොමැට්ටා ගේ ලිපියේ තියෙන්නේ අද නීතියයි.

    අපේ උන්මත්තක මිත්‍රයා බබා පාර්ට් එකේ කියන්නේ ඉස්ලාම් ආගම හරිම සාමකාමී මේ ඇමරිකාව වැනි බටහිර රටවල් තමයි චිත්‍රපටි වලින් යකෙක් නිර්මාණය කරන්නේ කියල. මේක කියවන සාමාන්‍ය දැනීම ඇති මිනිසකුට මෙය බොහොම පහසුවෙන් තේරුම් ගත හැකියි.

    මේ නිසයි මම කිව්වේ වෙන්නේ මොකද්ද කියල බලන්න කියල. ඔය පොතේ මොන කුනුහරුපයක් තිබුනත් වැදගත් නෑ එක ලෝකේ ක්‍රියාත්මක වෙන හැටි බලන්න එච්චරයි හරිම සරලයි!
    }

    ReplyDelete
    Replies
    1. උන්මන්තක ගැන මම දැන ගත්තේ ඉතාම මෑතකදී. මම හිතන්නේ සිංහලෙන් බ්ලොග් එකක් ලියන්න ඔහු වැනි කෙනෙක් ඉදිරිපත් වීම වැදගත් දෙයක් කියලයි.

      Delete
  9. ඉකොනොමැට්ටාගේ ලිපි කියවන්නේ ආශාවෙනි.හැමවිටම යමක් ඇති නිසාවෙනි.(අද නම් බය හිතුනෝ...)
    ජයවේවා..!!

    ReplyDelete
  10. වහලුන් සමග ලිංගිකව එක්වීමට ස්වාමියට නීතිමය අවසරයක් ඇති බව මගේ සෞදි ජාතික මිත්‍රයෙක් කිඋවා, මේක ඇත්තක්ද?

    ReplyDelete
  11. Joe Wong ·

    CEO of GIFTS (Global Investment For Theocratic Souls) at My Father's Business

    I don't wish to offend our peace-loving, law-abiding, and life-progressing fellow Muslim Singaporeans here. But I would like to share that the Terrorism in Paris today is the result of mass immigration of Arab Muslims plus the excessive human rights given to them without recognising their religious/political agenda in their belief as one ex-Muslim contributed his personal view on this horrible terror:-
    "153 People killed in Paris France by the Jihadist:
    These type of terrorism can only stop when the West acknowledge the fact that Islam is the greatest threat to Humanity and World Peace and stop being politically correct about Islam. Even though not all Muslims are terrorist but any Muslim who take teaching of Muhammad seriously would have no choice but 'KILL THE INFIDELS WHEREVER THEY FIND THEM' Quran (2:191-193).
    Islam and Secularism is diametrically opposite...They cannot coexist.. Islam does not acknowledge presence of other religion or culture.... Islam has problem with woman's right and Non-Muslims rights.
    Europe has not learn their lesson from Muslims, It's the same Europeans often defend the Muslims and claim that it has nothing to do with Islam and its the same European would welcome them as migrants and claim that they're fleeing persecution and deserve protection in the West, but the truth is that Muslims are not in Europe to live and assimilate into Western society, Muslims are in Europe to kill as many as they can to takeover Europe.
    When Israel defend themselves against Arabs terrorists, Israeli get condemnation from European Governments without acknowledging the fact that Israel has been in forefront fighting a war the Europeans themselves would find it difficult to fight. Israel is the only Country in heart of Savege Middle Eastern region defending Western Civilization and Democracy but instead of the Europeans to support and defend Israel, they condemn Israel and support the Arabs Barbarism, but when you condemn Israel and support the Arabs, you will surely taste what Israel has been fight against for decades because you thought that the enemies are the victims.
    ISIS had promised to flood Western Countries with 500,000 Jihadist disguised as refugees, but Western Countries ignore the threats despite Jordanian and Libyan Army Generals warned that there could be thousands of ISIS sympathizers among the so called Refugees.
    Of the multiple current world conflicts in the Muslim World, The West are yet to understand that Islam is the greatest threat to world peace not their Nations, It's the Islamic ideology the Muslims embrace inspires them to destabilize their own region.
    Quran (8:12) - 'Cast TERROR into the hearts of those who disbelieve. Therefore strike off their heads and strike off every fingertip of them'
    Quran (3:151) - 'Soon shall We cast TERROR into the hearts of the Unbelievers, for that they joined companions with Allah, for which He had sent no authority.'
    Quran (4:74) - 'Let those FIGHT in the way of Allah who sell the life of this world for the other. Whoso FIGHTETH in the way of Allah, be he slain or be he victorious, on him We shall bestow a vast reward.'
    Quran (9:14) - 'FIGHT against them so that Allah will punish them by your hands and disgrace them and give you victory over them and heal the breasts of a believing people.'
    Quran (48:29) - 'Muhammad is the messenger of Allah. And those with him are hard (ruthless) against the disbelievers and merciful among themselves.'
    Say NO to Political correctness and identify the threats and defeat Jihad. If you ignore this message you might end up as one of their next victims. I am an Ex-Muslim and I know what Islam teach and act like this is 100% justified in Islam according to Quran and Sunna. The above verses from the Quran are just few of it." - Karim Bin Abdullah

    ReplyDelete
    Replies
    1. Good comment, mewa gana Sinhala booruwo danne na..

      Delete
    2. //Islam and Secularism is diametrically opposite...They cannot coexist.. Islam does not acknowledge presence of other religion or culture.... Islam has problem with woman's right and Non-Muslims rights.//

      I think Kemal Ataturk's Turkey is an example that Islam and Secularism can coexist. However, its an exception than the rule. The two coexisted in Iran too for 55 years before the defeat of secularism.
      Thanks for the comment!

      Delete
  12. ගොඩක් දේවල් ඉගෙන ගත්තා මචන්....
    ජය වේවා!!!!!

    ReplyDelete
  13. කමෙන්ට්ස් වලට උත්තර බඳින්නනම් මට කාලය හොයාගන්න වෙනවා. ඒත් ටිකක් පහුවෙලා හරි දමන්නම්.

    ReplyDelete
  14. ඉරනයත් සවුදිය වගේමයි කියන එක හුඟක් අය අමතක කරන දෙයක්.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම අයිසීස් නීතිත්, ඇතැම් නීත්‍යානුකුල රටවල නීතිත් වැඩි වෙනසක් නැහැ.
      http://www.middleeasteye.net/news/crime-and-punishment-islamic-state-vs-saudi-arabia-1588245666

      Delete
  15. It took me a tubelight moment to decipher the title.
    ;-)

    ReplyDelete
  16. ගල් ගහන නිතිය සිරිබිරි ලංකාවේ තිබ්බා නම්
    1. ගල් ඉම්පෝර්ට් කරලම කීදෙනෙක් කෝටිපතියෝ වෙයිද?
    2. ගල් වල duty අඩු කරන්න පාගා අරගෙන කීදෙනෙක් කෝටිපතියෝ වෙයිද?
    3. බාල ගල් ගෙන්නලා කීදෙනෙක් කෝටිපතියෝ වෙයිද?
    4. ගල් ඇතුලේ කුඩු ගෙන්නලා කීදෙනෙක් කෝටිපතියෝ වෙයිද?
    5. ...?

    ReplyDelete
    Replies
    1. ඕවා මතක් කරන්න එපා, ඇනෝ. අන්තිමට ඕවා කරගන්න ගල් ගහන නීතිය එන්න පුළුවන්!

      Delete
  17. රට හදන්න නම් අරාබියේ නීති මෙහෙත් තියෙන්න ඕනේ කියන අය ඉන්නවා නේද ?මම නම් හිතන්නේ නැහැ නීති වැඩි උනා කියලා,දඬුවම් සැර උනා කියලා සමාජය තුල අපරාධ අඩු වෙලා යහපත්,නීතිගරුක සමාජයක් බිහි වේවි කියලා.

    එහෙම නීතිගරුක සමාජයක් බිහි කරන්න පුළුවන් දඩුවම් වලට වඩා ආකල්පමය වෙනසකින් කියලා මම හිතනවා.කොයි හැටි වෙතත් මේ දඬුවම් දිහා බැලුවාම සාපේක්ෂ වශයෙන් අපිට අපේ දණ්ඩ නීති සංග්‍රහය ගැන සතුටු විය හැකියි මට නම්.

    ReplyDelete
  18. මමත් සෞදි යද්දී ඒ රටේ නීති ගැන මහ ලොකුවට දැනගෙන හිටියේ නැහැ...
    නමුත් සාමාන්‍යය සැනීම හරහා සහ එහෙ ජිවත් වෙද්දී ලැබුන දැනුම හරහා බොහොම පරිස්සමට ජීවත් වෙලා ලංකාවට ආවා...
    පරිස්සමට හිටියා කියන්නේ වැරදි කලත් ඒවා කලේ පරිස්සම් සහගතව කියන එකයි, හෙහ් හෙහ්...

    ඔය ගැටළු වලට මැදිවෙන මිනිස්සු යෙදෙන රැකියා සහ ඔවුන්ගේ අධ්‍යාපනික මට්ටම් අතරෙත් යම් සම්බන්ධයක් තියෙන බවත් රටේ නීතිය ගැන දැනුවත් භාවයට වඩා මෙවැනි ගැටළු වලට මැදි වන පිරිසගේ නීතිය සම්බන්ධව නොසැළකිල්ලක් තිබෙන බවත් මට හිතෙනවා...

    ReplyDelete
  19. ALLAHOO AKBAR...........ALLAHOO AKBAR...........ALLAHOO AKBAR...........
    HAYYAK LAK PA SALAH...
    ASHADA ANNA MUHUMAD RASULLAAHHHH....

    ONNA MAMA NM PADAM KARA GATTA .. DAN MAMA BERUNA...MEKA PADAM KARAGANILLA ISSARAHATA ONA WENAWA

    ReplyDelete
  20. අරාබි වලින් ලියල ගෙනත් දීල බලෙන් අත්සන් ගත්ත කියන්නේ ඉතින් කොහොමත් වන් වේ ටිකට් තමා. මොකෝ ඕක කියවන්න තේරෙනවා යැ?

    ReplyDelete
  21. අරාබි වලින් ලියල ගෙනත් දීල බලෙන් අත්සන් ගත්ත කියන්නේ ඉතින් කොහොමත් වන් වේ ටිකට් තමා. මොකෝ ඕක කියවන්න තේරෙනවා යැ?

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: