වෙබ් ලිපිනය:

Friday, November 11, 2016

මළවුන්ගේ ආත්ම වලට එය කළ හැකිද? Ghosts can't do it!

තරුණ, රූමත් කේට් විවාහ වී සිටියේ ඇයට වඩා වසර තිහකින් වැඩිමල් ධනවතෙකු වූ ස්කොට් සමඟය. හෘදයාබාධයක් වැළඳීමෙන් පසු තවදුරටත් සිය තරුණ බිරිඳ හා එක්ව සතුටු විය නොහැකි වීම නිසා ජීවිතය එපා වන ස්කොට් සිය දිවි නසා ගනී. කෙසේ වුවද, මියගිය ස්කොට්ගේ ආත්මය දිගටම කේට් සමඟ සම්බන්ධතා පවත්වාගනී. එහෙත්, ස්කොට්ගේ ආත්මය සමඟ කතා කළ හැක්කේත්, එම ආත්මය දැකිය හැක්කේත් කේට්ට පමණි. කේට් සමඟ මෙසේ සම්බන්ධතා පවත්වාගත්තත් මියගිය ස්කොට්ට කේට් සමඟ අවශ්‍ය කටයුත්ත කරගැනීමේ හැකියාවක් නැත. ඔහු ඒ සඳහා උපක්‍රම සොයයි.

කේට් හා ස්කොට් අපට හමුවන්නේ 1989දී තිරගත වූ "ගෝස්ට්ස් කෑන්ට් ඩූ ඉට්" (Ghosts Can't Do It) හොලිවුඩ් චිත්‍රපටියෙනි. බෝ ඩෙරෙක් හා ඇන්තනි ක්වින් ප්‍රධාන චරිත රඟපෑ මේ චිත්‍රපටය ජෝන් ඩෙරෙක් විසින් අධ්‍යක්ෂණය කළ අතර ප්‍රවීන ශ්‍රී ලාංකික චිත්‍රපට අධ්‍යක්ෂ චන්ද්‍රන් රත්නම් සහාය අධ්‍යක්ෂනයෙන් දායක විය. ලංකාවේ බෙන්තොට ඇතුළු ප්‍රදේශ කිහිපයක මෙන්ම මාල දිවයිනේද දර්ශන රූපගත කර ඇති මේ චිත්‍රපටයේ හෙන්රි ජයසේන, ඩොනල්ඩ් ට්‍රම්ප් ඇතුළු තවත් නළු නිලියන් රැසකගේ රඟපෑම් අපට දැකබලා ගන්නට පුළුවන.

"ගෝස්ට්ස් කෑන්ට් ඩූ ඉට්" චිත්‍රපටය 1990 වසරේ නරකම චිත්‍රපටය සඳහා ලැබෙන රාසීස් සම්මානයෙන් (රන් රාස්බෙරි සම්මානය) පුද ලැබූ අතර එම වසරේ නරකම අධ්‍යක්ෂණය සඳහා වන සම්මානයද ලැබුණේය. මේ චිත්‍රපටයේ කේට්ගේ චරිතය රඟපෑ බෝ ඩෙරෙක් වසරේ නරකම නිළිය ලෙසද, ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ චරිතය රඟපෑ ඩොනල්ඩ් ට්‍රම්ප් වසරේ නරකම සහාය නළුවා ලෙසද සම්මානයට පාත්‍ර විය. තමාගේම චරිතය රඟපා නරකම රඟපෑම වෙනුවෙන් සම්මානයට පාත්‍ර වන්නට හැකි වීම සුවිශේෂී කරුණකි.

දශක දෙකහමාරකට පෙර සහාය නළුවෙකු ලෙස එවැනි නරක රඟපෑමක් කළත්, ඇමරිකානු ජනාධිපති අපේක්ෂක ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් රඟපෑ ප්‍රධාන චරිතයේ භූමිකාවනම් එතරම් නරක නැත. "මේක් ඇමරිකා ග්‍රේට් එගේන්" යන ස්ලෝගනය සාර්ථකව යොදාගනිමින් ඔහු ඇමරිකාව තවදුරටත් ඔවුන්ගේ සීයලා තාත්තලා ජීවත් වූ "ග්‍රේට්" රට නොවන බව ඇමරිකානුවන්ට මතක් කර දෙමින් ඔවුන්ගේ ඇමරිකානු අභිමානයට පොඩ්ඩක් රිදෙන පරිදි කෙනිත්තුවේය. වෙනත් චරිත වෙනුවට තමන්ගේම චරිතය රඟපාන්නට විශේෂ කැමැත්තක් දක්වන ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මේ මතක් කිරීම නිසා ඔහුට ලැබුණු ප්‍රතිඵලය නරක නැත.

ඩොනල්ඩ් ට්‍රම්ප් රඟපෑ චිත්‍රපට අතර වඩා ජනප්‍රිය චිත්‍රපටයක් වන්නේ "හෝම් එලෝන් -2" චිත්‍රපටයයි. මේ චිත්‍රපටයේ නිවුයෝර්ක්හි ප්ලාසා හෝටලයේ හිමිකරු ලෙස ඔහු රඟපෑවේද ඔහුගේම චරිතයයි. ඩොනල්ඩ් ට්‍රම්ප් චරිතයට ඇමරිකාවෙන් පිටත ඇති අඩු ජනප්‍රියත්වයෙන් පෙනෙන්නේ ඔහුගේ "හෝම් එලෝන්" කමයි.

ඩොනල්ඩ් ට්‍රම්ප්
ඇමරිකානු ජනාධිපති චරිතය රඟපාන්නේ කෙසේදැයි අපි විමසිල්ලෙන් බලා සිටිමු.

(Image: http://okmagazine.ro/people/in-cifre-curiozitati-despre-donald-trump)

22 comments:

  1. /* "ගෝස්ට්ස් කෑන්ට් ඩූ ඉට්" (Ghosts Can't Do It) */

    අපි නැරඹුවොත් නරඹන්නේ "ගෝස්ට්ස් කාන්ට් ඩූ ඉට්" නේ!

    අන්න ඒකයි ඩොනල්ඩ් ට්‍රම්ප් චරිතයට ඇමරිකාවෙන් පිටත ඇති අඩු ජනප්‍රියත්වයට හේතුව, "හෝම් එලෝන්" නොවෙයි.

    ReplyDelete
  2. කළ නොහැකිය කියල තමා කියන්න තියෙන්නේ. ට්‍ට්‍රම්ප් ගැන මොකද හිතන්නේ? එහෙ නේද ඉන්නේ ඉකෝන්? ජාතිවාදී ප්‍රශ්න වැඩිවෙයි නේද?

    ReplyDelete
    Replies
    1. ජනාධිපති වෙනස් වුනා කියා රට ඇතුලෙනම් විශාල වෙනසක් වෙන්නේ නැහැ. රටේ සාමාන්‍ය කටයුතු වලට ජනාධිපති කවුද කියන එක බල නොපාන තරම්. සමහර විට ජාතිවාදී අදහස් තියෙන අය තරමක් ෆෝම් වීමක් වෙන්න පුළුවන්. නමුත්, American diversity එක වෙනුවෙන් පෙනී සිටින හා ඒ වෙනුවෙන් සක්‍රිය ලෙස ක්‍රියාත්මක වන රිපබ්ලිකන් පාක්ෂිකයින්ද ඇතුළු සිවිල් කණ්ඩායම් ඊට වඩා ගොඩක් ප්‍රබලයි. කිසියම් unsafe හැඟීමක් ඇති අය වෙනුවෙන් මා සම්බන්ධ සරසවිය ඊයේම විශේෂ කවුන්සලින් සේවාවක් ඇරඹුවා. අනිත් එක ට්‍රම්ප් දිනුවත් ඡන්ද ලොකු ගණනක් වෙනස් වී නැහැ. බොහෝ දුරට සිදුවී තියෙන්නේ රිපබ්ලිකන් ඡන්ද වැඩිවීමකට වඩා ඩිමොක්‍රටික් ඡන්ද සැලකිය යුතු ප්‍රමාණයක් භාවිතා නොවීමයි. බල වෙනස ගැන වැඩිපුරම සතුටු හෝ කණගාටු වෙන්නේ රටින් පිටත සිටින අය සහ මාධ්‍ය. (අර පහුගිය ලිපියේ ලියපු සමීක්ෂණය අනුව ඇමරිකාවෙන් පිටත ට්‍රම්ප්ට වැඩිම සහයෝගයක් තියෙන්නේ එංගලන්තයේ ඉන්ඩිපෙන්ඩන්ට් පක්ෂයේ සාමාජිකයින්ගෙන්.)

      Delete
    2. /////ජනාධිපති වෙනස් වුනා කියා රට ඇතුලෙනම් විශාල වෙනසක් වෙන්නේ නැහැ. රටේ සාමාන්‍ය කටයුතු වලට ජනාධිපති කවුද කියන එක බල නොපාන තරම්. සමහර විට ජාතිවාදී අදහස් තියෙන අය තරමක් ෆෝම් වීමක් වෙන්න පුළුවන්. නමුත්, American diversity එක වෙනුවෙන් පෙනී සිටින හා ඒ වෙනුවෙන් සක්‍රිය ලෙස ක්‍රියාත්මක වන රිපබ්ලිකන් පාක්ෂිකයින්ද ඇතුළු සිවිල් කණ්ඩායම් ඊට වඩා ගොඩක් ප්‍රබලයි.///////////////

      බ්‍රෙක්සිට් එක වෙලාවෙදිත් ඔහොම තමයි වුනේ. මොනවා වුනත් ජනතාව ඉල්ලන්නේ මොකක්ද සහ තීරනය කරන්නේ මොකක්ද කියන එක තමයි ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය. මේ තීරනයට පයින් ගහන්න හදනවා නම් එක වෙනම කතාවක්. හැබැයි ඒ තීරනයට විරුද්ධ ජනතාව පෙල ගැසීම නවත්තන්න කාටවත් බැහැ. අපේ රටටත් අදාලයි. මගේ සිතීම අනුව නම් ජනතා තේරීම ගොන් වුනත් බුද්ධිමත් වුනත් ඒ තමයි රටේ ජන විඥානය. ඒක වෙනස් කරන්න නම් සංස්කෘතික විප්ලවයක් කරන්න වෙයි. ලොකු ප්‍රොසෙස් එකක්.

      Delete
  3. Ghosts Can't Do It Trailer (1990) -https://www.youtube.com/watch?v=GUStlqxEsm8

    ReplyDelete
  4. ඉකොනමැට්ටෝ අගෙයි ලිපිය ."the ghost can't do it" හෙව්වා "the putlocker" එකේ නම් නැහැ

    ReplyDelete
  5. ට්‍රම්ප් ගැන මේ තොරතුරු දැන සිටියේ නෑ .කොකාගේ සුද පෙනෙන්නේ ඉගිලෙන විටයි .බලා සිටිමු .!

    ReplyDelete
  6. චන්ද්‍රම් රත්නම් නැත්නං ලංකාවේ රුපගතකරපු බටහිර චිත්‍රපටි බොහොමයක් ලංකාවට එන්නේ නැ

    ReplyDelete
    Replies
    1. හරියටම හරි අටමො. චන්ද්‍රන් රත්නම් ගැන ශ්‍රීලංකා සිනමා ඉතිහාසයේ ලියවිය යුතුයි. ඒ ඔහු කෙරූ නිර්මාණ පිලිබඳ විතරක් නෙමේ. ඔහුගේ බාහිර දායකත්වය. ඒ වානිජ උවමනාවන් වෙනුවෙන් යැයි කාටවත් කියන්න පුලුවන්. වානිජ උවමනාවන් කියන්නේම ඉන්ඩස්ට්‍රියක් පවත්වා ගෙන යාමේ ලොකු අවශ්‍යතාවයක්. මට මතකයි ඔහුගේ කාර්යාලයක් පිටකෝට්ටෙ පැත්තේ තිබුනා. සිනමා කරුවෙක් යනු සිනමා කර්මාන්තයේ සියලු අංශයන් වෙනුවෙන් දායකත්වය සපයන්නෙක්. මේ ගැන බොහෝ දේවල් කතා කලයුතුයි.

      Delete
  7. නොදන්න විස්තර ටිකක් අරන් ආවාට ස්තුතී....

    ReplyDelete
  8. බෝ ඩෙරෙක්ගෙ අම්ම තාත්ත හොඳ බුද්ධාගම් කාරයො. බෝට බෝ කියල නම තියල තියෙන්නෙ ඒකලු.

    ReplyDelete
    Replies
    1. බුද්ධාගම් කාරයා එහෙනම් ජෝන් ඩෙරෙක් වෙන්න ඕනෑ. අම්ම තාත්තා දාපු කතෝලික නම (මේරි කැත්ලීන්) වෙනස් කරලා තියෙන්නේ උන්නැහේනේ. :)

      Delete
    2. රවී කියන කතාව ඒ තරම්ම පැහැදිලි නැහැ. මම හිතන්නේ බෝ කියන්නේ එයාට දාපු පොඩි කාලේ හුරතල් නමක්.

      Delete
    3. Aruna,

      ඒ නිකං කටට ආවට කිව්ව එකක් බං. ගණං ගන්න එපා බෝ = බෝ ගස කියල හිතපංකො. හෙහ්,හෙහ්, දැං බලනකොට ඒකත් එහෙම නෙමෙයිලුනෙ. බෝ කියල නම දැම්මයි කියන්නෙ අම්ම තාත්තා නෙවෙයිලු ජෝන් ලොක්කලු.

      Delete
    4. මචං රවී...... ඉස්සර බෝධි රණසිංහ කියලා කෙනෙක් හිටියා උඹ දන්නවා ඇතිනේ. පොරගේ ඥාති පුතෙක් මගේ වයිෆ් එක්ක වැඩ කලා. ලොක්කෙක්.. පොර කස්ටියට ලොකු ජාතියෙන් කියන්නේ අපේ "බෝ" අන්කල් කියලලු .වයිෆ්ලාගේ සෙට් එක ඌ එනකොට කියන්නේ අන්න අපේ "බෝධි මුලේ" වඩිනවා කියලා. මම වයිෆ්ව බලන්න ඒ කාලේ එයාගේ ඔෆිස් එකට ගියාම මෙයා මට කියනවා ..අරුණ දැන් එන්න එපා අද බෝධි මුලේ වඩිනවා කියලා.

      Delete
    5. Aru,

      මම දන්නව බං . 2002/2003 යූ.ඇන්.පී. ආණ්ඩුව කාලෙ හෝටල් සංස්ථාවෙ චෙයාර්මන්. හිත හොඳ පොරක්. ලෝයල්ටි කියන එක උපරිමයි.මට මතක විදිහට තද ප්‍රේමදාස අනුගාමිකයෙක්.

      Delete
    6. @ Ravi, ඒ දවස්වල වයිල්ඩ් බෝ !

      Delete
  9. විධායක ජනාධිපති යනු ඒකීය පුද්ගලයෙක්. එසේම කැබිනට් මණ්ඩලයත් ඒකීය පුද්ගලයන්ගෙන් සැදුන එකක්.
    ඒත් අපේ මිනිස්සුන්ගේ තියෙන කොමියුනිස්ට් හැදියාව නිසා උන්ට විධායක ජනාධිපති පේන්නේ යකෙක් වගේ. එසේම කැබිනට් මණ්ඩලයකදී පුද්ගල මනස් එක්වී දෙවියන් වහන්සේ බඳු සුපිරි බුද්ධීයක් තැනෙන බව ඔවුන් හිතනවා. නමුත් ඇත්තටම එතනදී වෙන්නේ කෝකියෝ වැඩිවී කෑම සවුත්තු වීමයි.

    ReplyDelete
  10. මම අන්තර්ජාලයෙන් යෙහෝවා ලිපි කියවනවා.
    ඔවුන්ගේ සියවසක අත්දැකීම් ගැන වූ වාර්තා චිත්‍රපටයක ඇමරිකාවේදී ඔවුන්‍ට වූ හිරිහැර ගැන සඳහන්වුනා.
    ඒ අනුව පලමු ලෝක යුද්ධයට ඇමරිකාව සම්බන්ධවූ විට ඔවුන් හමුදා සේවයට යෑම ප්‍රතික්ශේප කලා.
    එසේම එකල ඇමරිකාවේ පැවැත්වුජාතික අභිමානය වඩවන උත්සව වලට හවුල්වීමත්.
    ජාතිකගීය ගැයීමත්. ජාතික කොඩියට ආචාර කිරීමත් ඔවුන් ප්‍රතික්ශේප කලා
    එමනිසා ඔවුන්ට දැඩි හින්සාවන්ට මුහුණදෙන්න සිදුවුනා.
    මැරපිරිස් සහෝදරවරුන්/ සහෝදරියන් කොටුකරගෙන ඔවුන් ලවා ජාතිකගීය ගැයවීමටත්, ජාතිකකොඩියට ආචාර කරවීමටත් තැත්කලා.
    සමහර සාමාජික පවුල්වල ගෙවල් ගිනිතිබ්බා. ඔවුන් රැකියාවලින් ඉවත්කලා.
    ගම්වලින් පලවා හැරුනා.
    සමහර සහෝදරවරුන්ගේ වෘෂණ කපා ඉවත්කලා
    හ්ම්ම්....
    ඕකතමයි රංජනී ඇමරිකාවෙ තත්වේ

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: