Wednesday, May 24, 2017

බටහිර රටවල ජීවත් වන්නෝ දනට පිනට නොලැදිද?

ඇතැම් අය හිතාගෙන ඉන්නේ බටහිර රටවල ජීවත්වන අය පරිභෝජනය වෙනුවෙන්ම ජීවත්වන, තමන්ගේ වටපිටාව හෝ අනෙකුත් අය ගැන නොතකන, ආත්මාර්ථකාමී මිනිසුන් බවයි. ඒ මිනිසුන් ඇසුරු කර ඇති අය හොඳින්ම දන්නා ඇත්ත තත්ත්වය ඇතැම් සංඛ්‍යාලේඛණ දෙස බැලූ විටද කැපී පෙනේ.

පහත රූප පළමු සටහනෙන් පෙන්වා ඇත්තේ ලෝකයේ එක් එක් රටවල ජනගහණයෙන් දහසකට සිටින ලේ දන් දෙන්නන් ප්‍රමාණයයි. රූප සටහනේ දුඹුරු පැහැයෙන් ලකුණු කර ඇති ජනගහණයෙන් දහසකට සිටින ලේ දන් දෙන්නන් තිහකට වඩා සිටින රටවල් වැඩි ප්‍රමාණයක් සංවර්ධිත බටහිර රටවල් බව වැඩි මහන්සියක් නැතුවම දැකිය හැකි දෙයකි. ලංකාවේ එම ගණන 10-19.9 අතර ප්‍රමාණයකි.




දෙවන රූප සටහනේ ඇත්තේ මේ ලේ දන් දෙන්නන් අතරින් මුදල් වාසියක් නොමැතිව ස්වේච්ඡාවෙන් ලේ දන් දෙන ප්‍රතිශතයයි. එහි දුඹුරු පැහැයෙන් ලකුණු කර ඇත්තේ මේ ප්‍රතිශතය 99% ඉක්මවන රටවල්ය. බටහිර රටවල් සියල්ලේම පාහේ මේ ප්‍රතිශතය 99% ඉක්මවන නමුත් ලංකාවේ එම ප්‍රතිශතය ඊට වඩා අඩුය.

දුප්පත් මිහිහාගේ දුක දැනෙන්නේ දුප්පතාටම බව බටහිර රටවලද ජනප්‍රිය මතයකි. එහෙත්, එය එසේ නොවන බව මා පැහැදිලිවම දන්නේ ජනහිතකාමය හා අදාළ සංඛ්‍යාලේඛණ පිළියෙළ කිරීමට උපයෝගී කරගන්නා දත්ත පෞද්ගලිකවම විමර්ශනයට ලක් කර ඇති බැවිනි. බොහෝ විට සිදුවන්නේ එහි අනිත් පැත්තයි. කිසියම් පුද්ගලයෙකුගේ මූලික අවශ්‍යතා ඉටු වී නැත්නම් ඔහු හෝ ඇය වෙනත් අයෙකුට උදවු කිරීමට පෙළඹෙන්නේ අඩුවෙනි. එහෙත්, මිනිසුන්ගේ මූලික අවශ්‍යතා සම්පූර්ණ වී ඇති විට අනෙක් අය ගැනත් හිතන්නට වැඩි ඉඩක් ලැබේ.


ඉන්දියානා සරසවියේ පර්යේෂකයින් විසින් වාර්ෂිකව පිළියෙළ කර ප්‍රකාශයට පත් කරන ඇමරිකාවේ ජනහිතකාමය පිළිබඳ වාර්තා අනුව 2015 වසරේදී ඇමරිකානුවන් විසින් පුණ්‍ය කටයුතු සඳහා වැය කර ඇති අරමුදල් ප්‍රමාණය ඩොලර් බිලියන 373.25කි. එය ලංකාවේ සමස්ත දළ දේශීය නිෂ්පාදිතයේ වටිනාකම මෙන් සිවු ගුණයක් ඉක්මවයි. එමෙන්ම, 2017-18 වසර සඳහා ජනහිතකාමය පිළිබඳ පෙර දැක්ම වාර්තාව (Philanthropy Outlook) අනුව,  ඇමරිකාවේ පුණ්‍ය කටයුතු වල නිරතවන ආයතන වල ආදායම (හා වියදම) ඩොලර් ට්‍රිලියන 2 ඉක්මවයි. මෙය ඇමරිකාවේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 5.4%කි.

21 comments:

  1. බටහිර රටවල ජීවත් වන්නෝ දුප්පතුන්ට බොහෝ දන් දෙති. ඒ දෙන්නේ අඞ බෙර නොගසාය

    ReplyDelete
  2. ලංකාවේ ලේ බැංකුව පණ මදි ඒකයි ඔය අගය ඔය වගේ පොඩි අගයක් ගන්නේ..නැත්නම් 1000ට තිහ පන්නලා නොමිලේ දෙන අයගෙත් 99% පන්නන්න පුළුවන්..

    ReplyDelete
    Replies
    1. ඇමරිකාවේ ලේ දන්දීම් සංවිධානය කිරීම තනිකරම වාගේ කරන්නේ ඇමරිකන් රතු කුරුස සංවිධානය හා තවත් රාජ්‍ය නොවන සංවිධානයක් (ABC) විසින්.

      Delete
  3. ඇස් දන් දීමට නේද අපේ අය කප් ගහල ඉන්නෙ.
    ඒකෙ කොහොමද ඔය ඉන්ඩෙක්ස් එක ?

    ReplyDelete
    Replies
    1. ලංකාවෙන් වෙනත් රටවලටත් කණිනිකා යවන බවට වාර්තා දැක තිබෙනවා. මේ පිළිබඳ සංසන්දනාත්මක දත්ත හමු වී නැහැ.

      Delete
  4. Some people in SL have preconcieved ideas,which are not based on experience and are totally different from the truth, about the West. You have mentioned one of them.

    ReplyDelete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. මාත් ලේ දන් දෙන්න අසාවෙන් හිටින් ඒත් වෛද්‍යවරියක් වන මගේ බිරිය ඒකට අනුකුලතාවක් දැක්වුයේ නැහැ. ඒ නිසා දෙන්න විදියක් නැහැ. ඇය තරයේම ප්‍රකාශ කරන්නේ ලේ දුන්නම මහත් වෙනවා කියලා. මට තේරුණා විදියට ඊටත් වඩා වෙන හේතුවක් තියෙනවා, එයා හිතං ඉන්නේ මං එයාගේම විතරයි කියලා. මගේ ලේ වත් වෙන කෙනෙක්ට දෙන්න කැමති නැහැ. කොටින්ම කිව්වොත් මාව වෙන කෙනෙක් අල්ලනවාටත් එච්චර එය එච්චර කැමති නැහැ. ආදරේ නිසානේ ඒ. මං එයාගේ කැමැත්තට ඉඩ දෙනවා.


    ඒ වගේම මේ තව දෙයක් එකතු කරන්න කැමතියි මෙතනටම. මම මේ බ්ලොග් එකේ ජෝතිෂ්‍යය ගැන යන ලිපි පෙළ ඉතා අසාවෙන් කියෙව්වා. කලින් නං මමයි බිරිදයි දෙන්නම මේවා ගනන් ගත්තේ නැහැ. කසාද බදිනකොටවත් වෙලාවල් බැලුවේ නැහැ. කැම්පස් අවුට් උන ගමන් බැන්දේ. ඒත් හැබැයි මේ බ්ලොග් එකේ යන ජෝතිෂ්‍ය ලිපි කියෙව්වම පොඩි ආසාවක් අවා ඒ විෂය ගැන. ඉතිං පුළුවන් වෙලාවට ඒක ඉගෙන ගන්න පන්තියකටත් යනවා දැන්. මේක ඉගෙන ගෙන යනකොට තමයි මටත් තේරුනේ මේකේ ඇත්තක් තියෙනවා කියලා. මිනිස්සුන්ගේ ගතිගුණ ගැන එහෙම ගොඩක් හොදට තේරුම් ගන්න පුළුවන්. ක්ලාස් එකේ දෙන සමහර දේවල් තේරුනේ නැති උනාම, ගෙදර ඇවිත් මේකේ ඉකොනොමිස්ට් දාලා තියෙන ලිපි බැලුවම ඒ විෂය කරුණු තේරෙනවා. මටත් හොද විනෝදාංශක් හම්බුනා මේ නිසා. ගොඩක් වෙලාවට ඔෆිස් එකේ, සයිට් වල එහෙම ඉන්න අයගේ වෙලාවල් අරන් පලාපල කියන එව්වා හරිගියා ගොඩක්ම දුරට. ස්තුතියි එම ලිපි පෙලටත්.

    ReplyDelete
    Replies
    1. ලේ දන් දුන් විට මහත් වෙනවා කියන එක තහවුරු වූ කරුණක් නෙමෙයි.

      මම පෞද්ගලිකව මගේ ජීවිතයේ තීරණ සඳහා ජ්‍යෝතිෂ්‍යය යොදාගන්නේ හෝ යොදාගෙන නැහැ. සාමාන්‍යපෙල විභාගයට යන පළමු දවසේනම් රාහුකාලයට පෙර ගෙදරින් පිටත් වෙන්න කියා පියා ඉල්ලා සිටි නිසා රාහු කාලය ලබන තුරුම ගෙදර සිට පිටත් වූ නිසා විභාග ශාලාවට යන්න වුනේ ප්‍රමාද වෙලයි. එයින් පසුව එවැනි දේ කර නැහැ. විවාහ උත්සවය බොහෝ දෙනෙකුගේ තීරණයක් නිසා එය කළේ නැකැත් වලට. කාලය මැනීමේ ක්‍රමයක් ලෙස දියුණු වුනු ජ්‍යෝතිෂ්‍යයට අනාවැකි කීම් එකතු වී ඇත්තේ පසුකාලීනවයි. මේ අනාවැකි කියන ක්‍රමවේදයන් සත්‍ය බව තහවුරු වී නැතුවා වගේම පදනමක් නැති බව කිසිවෙකු නිසි පරිදි තහවුරු කරලත් නැහැ. ඒ නිසා ඒවා පිළිගැනීම හෝ ප්‍රතික්ෂේප කිරීම පෞද්ගලික විශ්වාස මත සිදු කළ යුතු දෙයක්. කෙසේවුවත්, ජ්‍යෝතිෂ්‍යය ප්‍රතික්ෂේප කරන බොහෝ දෙනෙක් ඒ තරම්වත් පදනමක් නැති වෙනත් බොහෝ විශ්වාස වල එළැඹ ඉන්නවා.

      Delete
  7. එහෙම නෙමෙ...අපි බලන්න ඕනේ ආදායමෙන් කොච්චර ප්‍රතිශතයක් දෙනවද කියලා..මොකද මුදලේ විශාලත්වයෙන්, දෙන එකේ කැපවීම පේන්නෙ නෑ

    ReplyDelete
    Replies
    1. එකඟයි. ඇමරිකානුවන් වාර්ෂිකව දදේනියෙන් 1.4%ක් ජනහිතකාමී කටයුතු වෙනුවෙන් වෙන් කරනවා. මෙහි අන්තිමට ඇති සටහනින් පෙන්වන පරිදි (http://www.philanthropyroundtable.org/almanac/statistics/) අනෙක් සියළුම රට වලට වඩා ඇමරිකාව ඉදිරියෙන් සිටියත් එම ලැයිස්තුවේ සිටින්නේ සංවර්ධිත රටවල් පමණක් නිසා ලංකාව සමඟ සැසඳීමක් කළ නොහැකියි.

      රටවල් විශාල ගණනක් ඇතුළත් 2016 World Giving Index වාර්තාව අනුව (https://futureworldgiving.org/2016/10/25/2016-world-giving-index-shows-myanmar-is-most-generous-nation/) ඇමරිකාව සිටින්නේ දෙවන තැන. පළමු තැන ඉන්නේ මියන්මාරය. එහි ලංකාවත් උඩින් ඉන්න රටක්. එමෙන්ම එහි උඩින්ම ඇති රටවල් අතර සංවර්ධිත රටවල් මෙන්ම අඩු ආදායම් රටවල්ද මිශ්‍රව තිබෙනවා. නමුත් මෙය පදනම් වන්නේ ඇත්තටම දුන් දේ මත නොව තමන් පසුගිය මාසය තුළ යම් ජනහිතකාමී කටයුත්තක නිරත වුනු බව පවසන පුද්ගලයින් ප්‍රතිශතය මතයි.

      https://futureworldgiving.org/2016/10/25/2016-world-giving-index-shows-myanmar-is-most-generous-nation/

      Delete
  8. මම ලේ දන් දෙන්න යනකොට බදුල්ලේ රුධිර මොකද්දෝ ඒකකයෙ අය "ඇයි අදත් ආවෙ" කියල අහනව. මං තුම්පාරක් විතර ලේ දන් දුන්නා. ඒ හැම සැරේකම මට කලන්තෙ හැදිලා කරකැවිල්ල හැදිලා මාව ඥාව් වෙලා යනව. සමහර වෙලාවට එහෙම නෑ වගේ ඉන්න හැදුවත් හරියන්නෙ නෑ. ඇඳෙන් නැගිට්ට ගමං කොන්ද හීතල වෙලා ඔලුව බඹරෙ වගේ වෙලා ඥාාාාතපහ් ගාල ඇදගෙන වැටෙනව. පස්සෙ කකුල් දෙක උඩට උස්සල අල්ලං ඉඳලා හාන්සි කරවලා හෙන ගේමක් දීලා යංතං පරානෙ ගොඩදානව. දැං අපේ ඔපිස් එකේ අය ලේ දෙන්න යද්දි අපේ අය ඇතුලට ගන්න කලිං අහනවලු "අර කලන්තෙ දාන කෙනා ආවෙ නෑ නේද" කියල. අපේ අයත් ඥෑ ඥෑ එයා ආවෙ නෑ කිව්වම "අනේ එහෙනං හොඳා" කියනවලු.

    ReplyDelete
    Replies
    1. අපේ යාලුවෙක්ටත් කාඩ් එකක් තිබුණා පොර ලේ දෙන්න ගිහින් අන්තිමට පොරට ලේ දීලයි ආපහු එව්වේ කියලා. :)

      Delete
    2. සුරංග ලේ දුන්නට වැඩිය මිනිස්සුන්ගේ ලේ පිරිසිඳු කරලා දීලා පින් කරගත හැකි ඔබට.
      අර ඥාව් වුනා කියපු තැන ඉඳලා ඉතුරු ටික කියව ගන්න විනාඩි පහක් විතර ගියා හිනාව පාලනය කර ගන්න.

      Delete
  9. මම හිතනවා අපේ වගේ රටවල් වල පිං කරන්නෙත් කිසියම් ආයෝජනයක් විදියට කියලා.එක නිසානේ යම් දෙයක් දුන්නාම "පිං" බලාපොරොත්තු වෙන්නේ,එහෙම බලාපොරොත්තු නොවී දෙන අයත් ඇති.නමුත් බහුතරය අරහෙම කට්ටිය.

    //කිසියම් පුද්ගලයෙකුගේ මූලික අවශ්‍යතා ඉටු වී නැත්නම් ඔහු හෝ ඇය වෙනත් අයෙකුට උදවු කිරීමට පෙළඹෙන්නේ අඩුවෙනි.//
    මුලික අවශ්‍යතා විදියට අර්ථ දක්වන නිවාස,අහාර පාන,ඇඳුම් පැළදුම් වගේ දේවල් ගත්තොත් ලංකාවේ මිනිස්සු බොහොමයකට නිවාස ප්‍රශ්නය තියෙනවා.තමන්ගේ මුලික අවශ්‍යතාවක අඩුවක් තියාගෙන තවත් උපකාර අවශ්‍ය අය වෙනුවෙන් මුල්‍යමය උපකාර කිරීමේ අවස්ථා නැති විට ලේ දන්දීම,ශ්‍රම දාන වැනි දේවල් තුලින් මිනිස්සු උපකාර කරන්නේ පිං බලාපොරොත්තුවෙන් වගේම එහෙම නොවෙන්නත් පුළුවන්.

    ReplyDelete
    Replies
    1. තවත් සමහර අය ප්‍රතිඋපකාර බලාපොරොත්තුවෙන් හෝ කළගුණ සැලකීමක් ලෙස සලකාත් වෙනත් අයට උදවු කරනවා. (නොකරම ඉන්නවට වඩා එසේ හෝ කරන එක හොඳයි). ඒ වගේම උදවුවක් කර ප්‍රතිඋපකාර බලාපොරොත්තු වීම රටින් පිට සිටින ලාංකිකයන්ගේ පවා දැකිය හැකි ලක්ෂණයක්.

      Delete
  10. ඇත්ත කතාව. සමහර මිනිස්සු එයාලම ඇඳගත්තු කොටුවක් ඇතුලේ ඉඳගෙන ඉන්නේ. අවට ලෝකේ ගැන එයාලම දේවල් හිතාගෙන, කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව ඒක හරි කියල ඔලුවේ තියන් ඉන්නවා.

    මම ලංකාවේදී සහ ඕස්ට්‍රේලියාවේ දී දෙකේම ලේ දීල තියෙනවා. පහසුකම් වැඩි නිසා (ලේ දෙන්න දිනයක් දාගන්න, තැනක් තෝරා ගන්න, දායක තොරතුරු රෙකොර්ඩ් කරන්න එහෙම) ඕස්ට්‍රේලියාවේ දී ලේ දෙන්න සාපේක්ෂව පහසුයි. මිය ගිය පසු අවයව දන් දෙන්න ලියාපදිංචි වෙන්නත් පුළුවන් අන්තර්ජාලය ඔස්සේ. ID එකක් විදියට medicare අංකය (පොදු සෞඛ්‍ය සේවා අංකය) දෙන්න ඕනේ. පසුව ගෙදරට එවන ලියුම අත්සන් කරලා තැපැල් කරන්න ඕනේ මතක විදියට.

    ReplyDelete
    Replies
    1. අඩු ආදායම් රටවල ලේ දීමට ඇති අවස්ථා අඩුවීමත් මේ වෙනසට හේතුවක්.

      Delete
  11. මටනම් chance එකක් ලැබිලම නෑ.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

Gadget

This content is not yet available over encrypted connections.