වෙබ් ලිපිනය:

Tuesday, May 30, 2017

වහාම ඉවත්වන්නේ කොහාටද?


රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් පෙරේදා (මැයි 28 දින) අති විශේෂ නිවේදනයක් නිකුත් කරමින් රටේ දිස්ත්‍රික්ක හතක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 33ක හා අවට ප්‍රදේශ වල ජීවත් වන්නන්ට වැසි ඇති වූ වහාම සිය නිවෙස් වලින් ඉවත්වී ආරක්‍ෂිත ස්ථාන කරා යන මෙන් ඉල්ලා තිබුණේය. හත සිතියමේ රතු පැහැයෙන් ලකුණු කර ඇත්තේ අදාළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 33ට අයත් ප්‍රදේශයි. කහ පැහැයෙන් ලකුණු කර ඇත්තේ එම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 33ට මායිම් වන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයි.


රජය විසින් මේ නිවේදනය නිකුත් කර ඇති ආකාරය අනුව අදාළ අවවාදයේ වැදගත්කම ඉතාම සීමිත බව කිවයුතු නැත. රතු පාටින් ලකුණු ක ඇති අවදානම් කලාපයේ  හා යාබද ප්‍රදේශ වල ජීවත් වන පිරිස අඩු වශයෙන් මිලියන තුනක්වත් වෙතැයි උපකල්පනය කළ හැකිය. දැන් මේ අවවාදය ලැබුණු පසුව වැසි වැටුණහොත් මේ මිලියන තුනක් ඉක්මවන පිරිස වහාම අවදානම් කලාපයෙන් ඉවත් විය යුතුය. එහෙත්, ඒ සඳහා ඔවුන් බොහෝ දෙනෙකුට සිය නිවෙස් වලින් සැතපුම් පණහක් හැටක්වත් ඈතට යන්නට සිදුවේ. මෙය ප්‍රායෝගිකව සිදුවන්නක් හෝ කළ හැක්කක් නොවේ. අදාළ නිවේදනයෙන් සිදුවන එකම කාර්ය භාරය කිසියම් විපතක් සිදුවීමෙන් පසුව "අපි කලින් දැනුම් දුන්නා" කියා අදාළ නිලධාරීන්ට වගකීමෙන් ගැලවෙන්නට නිදහසට කරුණක් ඉතිරිවීම පමණි.

ගංවතුරක් ළඟ එන විට හෝ නායයෑමේ අවදානමක් ඇති විට ළඟපාතක තිබෙන අවදානම අඩු තැනකට යන්නට මිස සැතපුම් පණහක් හැටක් ඈතින් ඇති ප්‍රදේශයකට යන්නට කාලයක් නැත. එමෙන්ම ගංවතුර හෝ නායයෑමේ අවදානම් කෙතරම් වැඩි ප්‍රදේශයක වුවත් සෑම බිම් අඟලකම ඒ අවදානම එකසේ නැත. ඒ නිසා, මෙවැනි අවදානම් සහගත තත්ත්වයකදී ජනතාව යොමු කළ යුත්තේ සිය නිවසට ආසන්නයේම තිබෙන අවදානම අඩු ස්ථාන වෙතය. ඒ සඳහා අවදානම් කලාප මීට වඩා විස්තරාත්මක මට්ටමකට සිතියම්ගත කළ යුතුය.

බොහෝ ගම් වල ගංවතුර හෝ නායයෑමේ අවදානම ඉතා වැඩි නිවාස මෙන්ම එසේ නොවන නිවාසද නැති විය නොහැක. අවදානම අධික තැන් නිසි ලෙස හඳුනාගෙන අදාළ නිවැසියන් දැනුවත් කළ විට ඔවුන්ට හදිසි තත්ත්වයකදී වහාම යායුත්තේ කොතැනකටදැයි කලින් සැලසුම් කරගත හැකි නිසා කලබල වී හිස් හැරුණු අත දුවන්නට හෝ හිත හිතා ඉන්නට අවශ්‍ය වන්නේ නැත. මේ ආකාරයේ නිසි සැලසුමක් (contingency plan) නොතිබීම ස්වභාවික ආපදා වලදී නැවත නැවතත් සිදුවන විශාල ජීවිත හානි වලට හේතුවකි. පරම්පරා ගණනක් ගංවතුර අවදානම වැඩි ගම් වල ජීවත් වූ මිනිසුන්ට එවැනි නිශ්චිත සැලසුමක් තිබුණේය.

මේ කාර්යය දැන් හෝ ආරම්භ කරන්නේනම් ඉදිරි වසර වලදීද අනිවාර්යයෙන්ම සිදුවන්නට ඉඩ ඇති ගංවතුර හා නායයෑම් හමුවේ ජීවිත හානි අවම කරගන්නට ඉඩ සැලසෙනු ඇත. එමෙන්ම දිගුකාලීනව එවැනි ප්‍රදේශ වලින් ජනතාව ක්‍රමයෙන් ඉවත්වීමට හා එවැනි ප්‍රදේශ වලට අලුතින් පදිංචිය පිණිස පැමිණීම අධෛර්යමත් වීමටද එය හේතු වනු ඇත. සුරක්ෂිත විකල්ප ස්ථාන ඉදිරිපත් නොකර, එක ළඟ පිහිටි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ ගණනාවක් එකම අවදානම් කලාපයක් ලෙස නම් කර ජනතාවට වහාම ඉවත්වන්නට කීමනම් තනිකරම ගොංපාර්ට් එකකි.

13 comments:

  1. වහාම ඉවත්වන්නේ කොහාටද?
    දැනට ඔය කොහාට කොහාට හරි
    ගංවතුර බැසගිය පසු
    හිටපු තැන් වලටම

    ලබන වසරේ
    නැවත හමුවෙමු

    ReplyDelete
  2. ඔය නිවේදන වල එකකවත් කිව්වෙ නෑ තමා කොහාටද ඉවත් වෙන්න ඕනා කියලා...

    පාර්ලිමේන්තුවේ වාහෙලා ටිකටත් වහාම ඉවත් වෙන්න වෙලා තියෙන්නෙ..

    ReplyDelete
  3. මේ කියලා තියෙන්නෙ ඉකොනො කියපු එක ගෙඩිය පිටින්ම...
    http://sinhala.adaderana.lk/news/73758/%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F%E0%B7%80-%E0%B6%8B%E0%B6%B4%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B7%8A--%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B4%E0%B7%90%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A-%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%8F%E0%B7%81%E0%B6%BA-%E0%B6%85%E0%B7%80%E0%B6%B8-%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%80%E0%B7%8F

    ReplyDelete
    Replies
    1. එක ෆේස්බුක් වීඩියෝ එකක දැක්කා නායයාමේ අවදානම නිසා ආරක්ෂාවට වෙනත් ගෙයක නිදාගෙන සිටියදී ඒ ගෙදර යටවුනු සිදුවීමක්. බෝම්බ අවදානම තිබුණු කාලයේ කළා වගේ ගං වතුර හා නායයාම් අවදානම ඇති ප්‍රදේශ වල පෙරහුරු තබා ආපදාවකදී ක්‍රියා කළ යුතු ආකාරය පුහුණු කළ යුතුයි. ගං වතුර හා නායයාම් කියන්නේ සුනාමි වගේ අහඹු දෙයක් නෙමෙයි. දවස හා සිදුවන ආකාරය වෙනස් වුනත් මෙය වාර්ෂිකව සිදුවන දෙයක්.

      Delete
  4. //අදාළ නිවේදනයෙන් සිදුවන එකම කාර්ය භාරය කිසියම් විපතක් සිදුවීමෙන් පසුව "අපි කලින් දැනුම් දුන්නා" කියා අදාළ නිලධාරීන්ට වගකීමෙන් ගැලවෙන්නට නිදහසට කරුණක් ඉතිරිවීම පමණි.// ලංකාවේ ආණ්ඩු වල බොහෝ වෙලාවට නිවේදන කරන සැබෑ හේතුව මේක තමා.

    ReplyDelete
  5. මේ විදිහට ජන ගහණය වැඩිවීම දිගටම තිබුනොත් ඉවත්වෙන්න වෙන්නෙ මුහුදට තමයි

    ReplyDelete
    Replies
    1. ජනගහණ ප්‍රශ්නයට විසඳුමක් ලෙස නාගරික ප්‍රදේශ වල අවම තට්ටු ගණනක් ඇති ගොඩනැගිලි හැදීමට යොමු විය යුතුයි. පහළ තට්ටු පාකින් වලට වෙන් කළ විට මාර්ග දෙපස වාහන නැවැත්වීම නිසා පාරවල් බ්ලොක් වන එකට විසඳුමක් ලැබෙනවා වගේම ගංවතුරටත් විසඳුමක්.

      Delete
  6. ඔය NBRO එකේ නිවේදනය නේද?

    මං හිතුවේ නාය යාවි යැයි නීර්ණය කෙරුණු කඳු උඩ, මැද හෝ පාමුල පදිංචි අයට සමතලා බිම්වල කඳවුරුවලට යන්න කිවාය කියලයි!

    ReplyDelete
    Replies
    1. නිවේදනය නිකුත් කරල තියෙන්නේ කෝකටත් හරියන්න. පත්තර වල තියෙන ජ්‍යෝතිෂ අනාවැකි වගේ තමයි.

      Delete
  7. ඉහළ නිලධාරින් කරන්නෙත් දේශපාලඥයින් වගේම ඇග බේරා ගන්න මොනවා හරි කරන එකයි.අපදා කළමණාකරන අමත්‍යංශයක් තිබ්බත් එහි ක්‍රියාකරිත්වය ගැන සතුටු වෙන්න බැහැ.

    ReplyDelete
    Replies
    1. ගංවතුරක් කියන්නේ සුනාමියක් වගේ අනපේක්ෂිත දෙයක් නෙමෙයි. අනිවාර්යයෙන්ම පෙර සූදානමක් තිබිය යුතුයි. මේවා කරන්න දේශපාලනඥයින් අවශ්‍ය නැහැ. නිලධාරීන්ට කළ හැකි දේවල්.

      Delete
  8. පසුගිය දුර්දාන්ත රාජපක්ෂ පාලනය එක්ක සසදල මේ ආන්ඩුව සීයට සීයක් හරි කියා කියන්නෙ නෑ. නමුත් කලින් ආන්ඩු වලට සාපේක්ෂව හොදම ආන්ඩුව. ලංකාව වගෙ පසුගාමී ගෝත්‍රිකයන්ට මේක ගැලපෙන්නෙ නැති එකයි අවුල්.

    පසුගිය දුර්දාන්ත රාජපක්ෂ පාලනය එක්ක සසදල මේක තේරුම් ගන්න පුලුවන්. නීතියක් නැති රාජාන්ඩුවක් එක්ක සසදන්න බැරිද. ප්‍රශ්න තියනව තමයි. ඒත් ඒ ප්‍රශ්න වලත් කොනක ඉන්නෙ පසුගිය දුර්දාන්ත රාජපක්ෂ රජයෙ ශේෂයන්.

    යහපාලන ආණ්ඩුවට අංශබාගේ යැයි කියන්නේ මෝඩ බයියන්ය. ඒ හොරා කෑමට තිබූ චාන්ස් නැති වූ තරහවට මිස වෙන කිසි හේතුවකට නොවේය.මේ කස්ටිය කියන්නේ යහපාලනේ ගංවතුරිනුත් ෆේල් කියලාය. රනිල් ලොක්කා ඇමෙරිකාවේ ගිය එකත්, ආපදා ඇමති රටේ නැති එකත් ලොකුවට උලුප්පනවාය. වැඩේ හරියට කරනවා නම් කවුරු කොහේ හිටියාම මක්වෙනවාද?

    රටේ නායකයින් හා ඇමති මණ්ඩලය ඉන්නේ මඩේ බැහැගෙන බැරි වැඩ කරන්න නොවේ. ඔවුන් සිටින්නේ වැඩ කල හැකි, කලයුතු මිනිසුන්ගෙන් වැඩ ගැනීමට හා ඔවුන්ට අවශ්‍ය සියලු පහසුකම් සැපයිමට රාජ්‍ය යාන්ත්‍රණය මෙහෙයවීමටයි.

    ඒ නිසා කෝ සිරිසේන, කෝ රනිලා, කෝ අහවල් ඇමතියා කියමින් පෝස්ට් හදමින් මෝඩ බයියන් කාලේ කන්නේ නැතුව, ආපදා ඇති තැන්වලට ගිහිල්ලා පුලුවන් උදව්වක් කරන්න, නැතිනම් නෙළුම් යායේ අපි වගේ ආධාර ටිකක් එකතු කරන්න.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: