වෙබ් ලිපිනය:

Tuesday, February 19, 2019

කැලේ ගහක මල් පිපිලා...


කලින් ලිපියේ ලියූ කැලේ ගහක් වැටුනොත් සද්දයක් ඇහෙනවද කියන එක ගැන විස්තර කරන්න කියා පාඨකයෙක් ඉල්ලා හිටියා. ඒ කතාව ගැන වැඩි විස්තර මේ විකිපීඩියා පිටුවේ තියෙනවා. සමහර වෙලාවට ලොකුවට සද්දේ ආවත් ඇත්තටම ගහක් වැටිලා නැහැ. එහෙම වෙන්නේ කැලේ ගහක් (නො)වැටෙන වෙලාවට නෙමෙයි. මහ සෙනග මැද්දේ නගරයේ පාරක් අයිනේ තියෙන දැවැන්ත ගහක් (නො)වැටෙන වෙලාවටයි. සද්දේ හිමීට අඩු වෙලා ගියාට පස්සේ ගහ ඇත්තටම වැටෙනවා. ඒ වෙලාවට සද්දේ අහන්න කවුරුත් නැහැ. අර ඕෂල හේරත් හා දඹර අමිල හිමි දමපු මූලික අයිතිවාසිකම් නඩු වලට වෙන්නෙත් ඒ වගේ දෙයක්ද මන්දා.

කලින් ලිපියේ ලියූ ජනකතාවේ කාන්තාවට වල ඇතුළේදී නැවත සිහිය ආවට පස්සේ හොරු පෙට්ටිය ඇරපු නිසා නැවත එළියට එන්න පුළුවන් වුනා. අහම්බෙන් ඒ වගේ දෙයක් නොවුනානම් ඇය පසු දවසක කිසිවෙකු නොදැන වල ඇතුලේ ඇත්තටම මැරෙනවා. එහෙම මැරුණු අයත් ඇති. කවුද දන්නේ?

මිනිහෙක්ව මැරෙනවා කියන එක අපිට එක පාරට පේනවා වගේ නිශ්චිත භෞතික සිදුවීමක් නෙමෙයි. ඇත්තටම කියනවානම් මරණය කියන්නේ සමාජ සම්මතයක්. හැම වෙලාවෙම වගේ මිනිහෙක්ව මරා දමන්නේ "ජීවත් වන" අනෙක් මිනිස්සු විසිනුයි. එය ආර්ථික සාධක, ආචාර ධාර්මික සම්මත, සංස්කෘතික කරුණු, දැනුමේ සීමා ආදිය මත තීරණය කෙරෙන දෙයක්. අනෙක් මිනිස්සුන්ට කෙනෙක්ව ජීවත්ව තබා ගැනීම අවශ්‍ය නොවූ විට ඔහුව හෝ ඇයව මැරුණු කෙනෙක් විදිහට නම් කෙරෙනවා.

සමරිසි සේවනය ගැන ලියද්දී කියූ විදිහට මානසික හා ශාරීරික රෝග කියන්නේ සමාජ සම්මත. මේ දේවල් අර්ථ දක්වන්නේ ප්‍රකෘති මිනිස් ස්වභාවයට සාපේක්ෂව. නමුත් මේ ප්‍රකෘති මිනිස් ස්වභාවය කියන එක නිශ්චිත දෙයක් නෙමෙයි.

එක දෙයක් පැහැදිලියි. ප්‍රකෘති මිනිසෙක් ජීවත් වන මිනිසෙක් මිසක් මියගිය අයෙක් වෙන්න බැහැ. නමුත්, ප්‍රකෘති මිනිසා කියන සම්මතය වෙනස් වෙද්දී ජීවිතය හා මරණය අතර සීමාවත් වෙනස් වෙනවා. ඒ නිසා, මානසික හා ශාරීරික රෝග වගේම මරණය කියන්නෙත් සමාජ සම්මතයක්. මැරුණු මිනිහෙක් හා ජීවත් වන මිනිහෙක් අතර භෞතික වෙනස්කම් ඉරක් ඇඳලා වෙන් කරන්න බැහැ.

ලිපිය වෙනදාට වඩා කෙටියි තමයි. මගේ ලිපි වල වචන ගණන තීරණය වෙන්නේ සන්දර්භය මතයි.


(Image: https://www.emlawoffices.com/blog/fallen-tree-kills-director-new-jersey-cancer-society)

6 comments:

  1. ඉන්දීය මිලේච්ඡත්වයට එරෙහි 'කාශ්මීර විමුක්ති සන්නද්ධ අරගලයට' අපගේ සහය මෙසේ දක්වා සිටිමු.

    -පාඨක කැල,'දී ඉකොනොමැට්ටා' අන්තර්ජාල බ්ලොග් වෙබ් අඩවිය-

    ReplyDelete
  2. "කිසිවෙකු නොදැන වල ඇතුලේ ඇත්තටම මැරෙනවා. එහෙම මැරුණු අයත් ඇති. කවුද දන්නේ?"

    මේක මටත් තියන බියක්. එහෙම වල ඇතුලේ ආපහු පන එයි කියන එක..(වැරදිලා වලලලා). මේක ෆෝබියා එකක් මම හිතන්නෙ. එඩ්ගාර් ඇලන් පෝගෙ කෙටි කතාවකුත් තියනවා මේ ගැන...

    ReplyDelete
    Replies
    1. බය වෙන්න එපා. දැන් එම්බාම් කරනවනේ.පණ තියෙනබව කෑ ගහල කිව්වත් එම්බාම් කරන කෙනා ජොබ් එක නතර කරන්න කැමති වෙන්නේ නෑ.

      Delete
    2. ටිකක් වෙනස් සන්දර්භයක ඔය වැඩේ වෙන්න බැරි කමකුත් නැහැ.

      Delete
  3. Looks like Econ moved fro economics to philosophy?

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: