වෙබ් ලිපිනය:

Friday, December 20, 2019

නව වෙනි පැය

මොරීසියෝ කැතලාන්ගේ ටේප් කළ කෙහෙල් ගෙඩිය ගැන ලිපි කීපයක්ම ලිවුවනේ. ඔය කෙහෙල් ගෙඩිය ඔය තරම් මිලකට අලෙවි වුනේ එය කැතලාන්ගේ නිර්මාණයක් නිසයි. ප්‍රසිද්ධියට පත් වූ කැතලාන්ගේ තවත් කලා නිර්මාණ ගණනාවක්ම තිබෙනවා. ඒ අතරින් එකක් තමයි ලා නෝන ඕර (නව වැනි පැය) ලෙස නම් කර තිබෙන, උල්කාපාතයක් වැදී බිම වැටී සිටින දෙවන ජුවාම් පාවුළු පාප් තුමාගේ මූර්තිය.


නව වැනි පැය කලා කෘතිය පිළිබඳ විවිධ අර්ථකථන තිබෙනවා. එයින් එක් ප්‍රචලිත අර්ථකතනයක් අනුව කොයි තරම් බලවත් පුද්ගලයෙක් වුවත්, අවදානම් වලින් සම්පූර්ණයෙන්ම මිදී නැති බව මෙයින් පෙන්වා දෙනවා. අවම වශයෙන් කතෝලික ආගමිකයින්ට සාපේක්ෂව පාප් තුමා කියා කියන්නේ පෘථිවිය මත සිටින බලවත්ම පුද්ගලයෙක්. පෘථිවිය මත ඔහු කොයි තරම් සුරක්ෂිත වුවත්, අනපේක්ෂිත මොහොතක පෘථිවියට පිටත අභ්‍යවකාශයේ සිට පොළොවට වැටෙන උල්කාපාතයක් ඔහුගේ ඇඟේ වැදෙන්න පුළුවන්.

ඔහු (him) ලෙස නම් කර තිබෙන දණ ගසා සිටින හිට්ලර්ගේ මූර්තිය මොරීසියෝ කැතලාන්ගේ තවත් ප්‍රසිද්ධ කලා නිර්මාණයක්. මෙය නිර්මාණය කර තිබෙන්නේ දණ ගසා යාඥා කරමින් සිටින සාමාන්‍ය පිරිමි ළමයෙකුගේ පසුපස දර්ශනය ලෙස මුලින්ම පෙනෙන අයුරිනුයි. සමීප වී මූර්තියේ ඉදිරිපස බැලූ විට පමණක් ඇඩොල්ෆ් හිට්ලර්ගේ බව පැහැදිලිව හඳුනා ගත හැකි පරිදි මුහුණ නිර්මාණය කර තිබෙනවා.



6 comments:

  1. econo, I saw someone posted in FB tht in 1976 government expenditure was less than the income of that year. Is it true? Yu said in another article that only 1992, 20q7 and 18 was so.

    ReplyDelete
    Replies
    1. 1976

      Year- 1976
      Total revenue and grants- Rs 6,106 million
      Total expenditure- Rs 8,652 million
      Overall fiscal balance- a deficit of Rs 2,547 which was 8.4% of GDP.
      Source: Central Bank of Sri Lanka

      Delete
    2. thanks. I answered him apparantly a Toyya, now I can't see him anymore. Probably blocked.
      He had a name Lal something.Sarath Wimalasuriya the doc had shared that post.

      Delete
  2. මොළේ සයිල මැරීගෙන එනකොට ජනාධිපති කමට පත් කරගන්නවා වගේ පත්වෙන පාප් වහන්සේලාත් වයසක මිනිස්සු.උල්කාපාතයකට නෙවෙයි සැර හුළඟකට උනත් වැටෙන්න පුළුවන්.අපට බලවත් වගේ පෙනුනට ඔය තනතුරු ඔක්කොම බරව කකුල්!

    ReplyDelete
  3. අපුරු වෙනස් ලියමනක් .....ලස්සනයි ....

    ReplyDelete
  4. අගෙයි! කොයි ලොක්කන්ටත් වැදෙයි!!

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: