වෙබ් ලිපිනය:

Friday, December 27, 2019

රාජ්‍ය බැංකු ලාබ ලබනවද?

පසුගිය දිනෙක මුදල් අමාත්‍යංශය විසින් නිවේදනය කර තිබුණේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට ලබා දී තිබුණු බැංකු ණය කපා දැමීමට රජය තීරණය කර තිබෙන බවයි. මෙහි පිරිවැය කාගෙන්ද කියන එක එතරම් පැහැදිලි නැහැ.

ලංකාවේ බැංකු ව්‍යාපාරය තුළ රාජ්‍ය බැංකු වල කොටස තවමත් සෑහෙන තරම් විශාලයි. ආණ්ඩු විසින් වරින් වර ගන්නා සහන පොලී අනුපාතික යටතේ ණය ලබා දීම, ණය කපා දැමීම වැනි දේශපාලන තීන්දු බොහෝ විට සෘජුවම බලපාන්නේ රාජ්‍ය බැංකු වලටයි. ඒ නිසා, රාජ්‍ය බැංකු වලට පෞද්ගලික බැංකු සමඟ තරඟ කිරීමේදී යම් අවාසියක් වෙනවා කියා කියන්න පුළුවන්.

ලංකාවේ ප්‍රධාන රාජ්‍ය බැංකු තුන වන්නේ ලංකා බැංකුව, මහජන බැංකුව හා ජාතික ඉතිරි කිරීමේ බැංකුවයි. පසුගිය දශකයක පමණ කාලය තුළ මේ රාජ්‍ය බැංකු තුනේ ප්‍රතිලාභ අනුපාතික දෙස බැලූ විට පෙනී යන්නේ එම බැංකු අදාළ කාලය තුළ කොළඹ කොටස් වෙළඳපොළේ ලැයිස්තුගත ප්‍රධාන පෙළේ දේශීය සමාගම් වලට සාපේක්ෂව ඉහළ  ප්‍රතිලාභ අනුපාතික වාර්තා කර ඇති බවයි. 

එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා 20 දර්ශකයට ඇතුළත් ලංකාවේ ප්‍රධාන පෙළේ පෞද්ගලික වාණිජ බැංකු වන සම්පත් බැංකුව, කොමර්ෂල් බැංකුව හා හැටන් නැෂනල් බැංකුව සමඟ සංසන්දය කළත් රාජ්‍ය බැංකු විසින් උපයා තිබෙන ලාබ කැපී පෙනෙනවා.



2 comments:

  1. ඉකොනො මේ දවස් වල රාජ්‍ය බැංකු ප්‍රතිව්‍යුහගත කරන මුවාවෙන් පුද්ගලීකරණයට වත්මන් රාජපක්ෂ රජය සූදානම් වන බවට සමහරක් වෘත්තිය සමිති හා එජාපයේ සහ ජවිපෙ වගේ විපක්ෂයේ කණ්ඩායම් රජයට ඇඟිල්ල දිගු කරමින් සිටි.

    ඇත්තටම ලංකාවේ පළමු රාජ්‍ය බැංකුව වන 1939 වසරේ දී ඇරඹුණු ලංකා බැංකුවත්, ටී.බී. ඉලංගරත්නලා 1961දි බිහි කළ මහජන බැංකුවත් මේ වන විට මෙරට බැංකු සේවා අත්විඳින ලංකාවේ සියලු තරාතිරමේ ජනතාවගේ ජනප්‍රියම බැංකු ලෙස සඳහන් කළහැක. ඊළඟට NSB තියෙනවා. ලංකාවේ බැංකු ක්ෂේත්‍රය තුළ මෙම ප්‍රධාන රාජ්‍ය බැංකු තමන්ට ම අනන්‍ය වූ සුවිශේෂ සලකුණු ඉස්මතු කරමින් සිය ගනුදෙනුකරුවන් දිනා ගෙන ඇති අතර ගමේ හා නගරයේ ගිනි පොලී කරුවන්ට නතුව සිටි සාමාන්‍ය ජනතාවට සහන පොලී ණය ලබාදී ආකර්ෂණීය කඩිනම් බැංකු සේවා අත් විඳීමට සලස්වා ඉතිරිකිරීම පුරුදු පුහුණු කරන ලද්දේද මේ ලංකා බැංකුව හා මහජන බැංකුව සහ පස්සේ ජාතික ඉතිරි කිරීමේ බැංකුව යන රාජ්‍ය බැංකු වේ.

    ලක්රජයේ මෙහෙයවීම මත ක්‍රියාත්මක වුවද අනෙක් තරගකාරී පෞද්ගලික බැංකු ද අභිබවා බැංකු ක්ෂේත්‍රය තුළ කැපී පෙනෙන මේ රාජ්‍ය බැංකු පැමිණෙන ගනුදෙනුකරුවන් බලාපොරොත්තු වන විවිධ ඉතිරිකිරීමේ ගිණුම්, උකස් සේවා, නිවාස ණය ව්‍යාපාර ණය, අධ්‍යාපන ණය, පෞද්ගලික ණය, ස්වයං රැකියා ණය, කර්මාන්ත ණය ආදී ණය පහසුකම් වැනි සියලු බැංකු සේවා ඉතා තරගකාරී ලෙස හා ආකර්ෂණීය ලෙස ඉටුකරනු ලබන අතර ඔවුන් මෙරට පමණක් නොව අන්තර්ජාතික තලයේ ද ප්‍රසාදය දිනා ගනිමින් අන්තර්ජාතික සම්මාන පවා හිමිකර ගැනීමට සමත්කම් දක්වා තිබේ.

    අනිත් අතට බැංකු ක්ෂේත්‍රය තුළ දිවයින පුරාම විහිදුණු වැඩිම ශාඛා ජාලයකට හා වැඩි ම ඒ.ටී.එම්. ප්‍රමාණයකට හිමිකම් කියනුයේ ද මේ ප්‍රධාන රාජ්‍ය බැංකු වේ. ඊට අමතරව වැඩිම ගනුදෙනුකරුවන් පිරිස හා සේවක පිරිසට ද හිමිකම් කියන මේ රාජ්‍ය බැංකු විසින් පසුගිය කාලය පුරා රුපියල් බිලියන ගණනින් සිය ගනුදෙනුකරුවන් වෙත බැංකු සේවා සපයා දී ඇත.

    ඉතින් ලංකාවේ ජන ජීවිතය හා බැඳුණු ජනතාවගේ සුහද බැංකු මිතුරන් වූ ලංකා බැංකුව හා මහජන බැංකුව පුද්ගලීකරණය සඳහා කටයුතු යොදන බව ට චෝදනා එල්ල වූයේ අද ඊයේ නොවේ. 2005 මහින්ද රාජපක්ෂ ජනාධිපති ධූරයේ කටයුතු කළ වසර නවයක කාලය ඇතුළත ද මේ රාජ්‍ය බැංකු පුද්ගලීකරණය සඳහා කැසපොට ගසන බවට ඔහු ඇතුළු ආණ්ඩුවට එජාප සහ ජවිපෙ ඇඟිලි දික් වුණු අතර, දිගු නිහැඬියාවකට පසු ඒ චෝදනාව දැන් අලුත් රාජපක්ෂ ආණ්ඩුව වෙත ද එල්ල වෙමින් පවතී.

    ණය ගෙවීම, සුභසාධන සහ සහන සැලසීම වගේ සමාජවාදී සංකල්ප මත පදනම් වූ එක්සත් ජාතික පක්ෂයේ 2015 - 2019 ජනතාවාදී පාලනය පෙරලා පැමිණි අන්ත දක්ෂිණාංශික ධනවාදී ඒකාධිපති රාජපක්ෂ පාලනය ලංකාවේ ආර්ථික වටපිටාව ගොඩනැංවීම සඳහා පුද්ගලික අංශයේ ආයෝජන කෙරෙහි වැඩි විශ්වාසයක් තබා කටයුතු කිරීම හේතුවෙන් වත්මන් රජය සැබෑවටම ලංකා බැංකුව හා මහජන බැංකුව පුද්ගලීකරණය කිරීමට මාන බලන බවට කවුරුන් හෝ සිතනවා නම් ඒ සිතුවිල්ලේ අරුමයක් ද නැත. ලංකා බැංකුව හ මහජන බැංකුව විකුණා දැමීමට රජය කටයුතු කරන කරුණ සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසුමක දී අදහස් දැක් වූ ලංකා බැංකු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් සේනානායක සඳහන් කර සිටියේ ලංකා බැංකුව හා මහජන බැංකුව පුද්ගලීකරණය කිරීමට රජය සූදානම් බවට පසුගිය සති කිහිපය පුරා විවිධ ප්‍රවෘත්ති ජනමාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ බවයි. මේ ගැන ඉකොනොමැට්ටාට පැහැදිලි කල හැකිද?

    ReplyDelete
  2. ඉකොනොමැට්ටෝ මම සුමාන දෙකකට පෙර වැකේෂන් ආ විගසම ලංකාවේ අධිවේගී මාර්ගයේ වාහනයක් පදවාගෙන ගියා, ඉතාමත් අවදානමින්. ලොකුම ප්‍රශ්නය හෙමින් යන වාහන. බොහෝ විට ඉතා පැරණි ලොරි, වෑන්, බස්, ට්‍රක් රථ යන්නේ 40 - 50 වේගවල. ඒ අතර කසිකබල් පරණ ටාට ලොරිත් යනවා, 20ට වඩා යන්නේ හරි අමාරුවෙන්. 90-100 අතර යන කෙනෙක්ට හෙමින් යන වාහන ගැටීමට තියෙන සම්භාවිතාව ඉතා අධිකයි. ආණ්ඩුව ඉතා ඉක්මණින් පැ.කි.මී 70ක් වගේ අවම වේග සීමාවක් පැනවිය යුතුයි.

    ඕස්ට්‍රේලියානු පවුලක් ට්‍රක් එකක පසුපස වැදීමෙන් ලංකාවේ අධිවේගී මාර්ගයෙදී මියගියා. මේ සම්බන්දව ලංකාවේ බලධාරීන් සොයා බලා අවශ්‍ය පියවර ගන්න ඕන. නැත්නම් කොච්චර ආරක්ෂාව තිබුනත් සාමකාමී රටක් වුනත් මාර්ග අනතුරු බහුල රටකට සංචාරකයින් එන්නෙත් නෑ.

    රිටයර් වෙච්ච ගමන්, එක්කො ලොරි කට්ටක්, 3වීල් එකක්, එක්කො වෑන් එකක් ගන්නවා ඉදිරියට ජීවිතේ ගෙනියන්න. ඊට පස්සෙ අතට එන හෑම ඕඩරේම කරනව පෑය 24ම. උදේ පාන්දර ට්‍රිප් එකක් තියෙන එකෙක් රෑට බුදියගන්න ඕනෙ වෙලපහ. මුන් ගෙවල්වල වෑඩ කරල අඩියකුත් ගහල උදේ පාන්දර බුදියගන්නෙ. ඊට පස්සෙ 3 වීල් එකේ නිදි කිරා වෑටෙනව. මම වෑන් වල , ටෑක්සිවල, 3වීල් වල යනකොට හයියෙන් යන්න දෙන්නෙ නෑ. ඌට අකමෑතිනම්, මම වාහනෙන් බහිනව. ඌට වඩා මම මගේ ජීවිතේට ආදරෙයි. මේක ගැනත් ලියන්න.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: