වෙබ් ලිපිනය:

Thursday, December 12, 2019

පශ්චාත්තාප්ප පශ්චාත්තාප නොවන්නට...


තාප්ප පින්තාරු කිරීමේ රැල්ල තවමත් නැගලා යනවා. මේ තාප්ප චිත්‍ර ඇඳිල්ලට විවිධ විවේචනත් එල්ල වී තිබෙනවා. මුල් වචන වලින්ම නොවූවත් මේ ඒවායින් සමහරක්.

- චිත්‍ර වල දැකිය හැකි සිංහල බෞද්ධ ආධිපත්‍යය
- යුද මානසිකත්වයක් නිරූපනය කිරීම
- බුද්ධිමය දේපොළ අයිතිය ගරු නොකරමින් චිත්‍ර හොරකම් කිරීම
- මෙවැනි තාප්ප චිත්‍ර දිගටම නඩත්තු කිරීමේ අසීරුව.

මේ පශ්චාත්තාප්ප විවේචන වලට යම් පදනමක් නැතුවා නෙමෙයි. කොහොම වුනත්, මම කතා කරන්න යන්නේ මේ විවේචන  ගැන නෙමෙයි. තාප්ප පින්තාරු කිරීමේ රැල්ල මතු වී තිබෙන පසුබිම ගැනයි.

හැම වයස් කාණ්ඩයකම වගේ අයගේ කිසියම් දායකත්වයක් පේන්න තිබුණත්, වැඩේට වැඩිපුරම බැහැලා ඉන්නේ දහඅටේ විස්සේ, එහෙමත් නැත්නම් විසි ගණන් වල ඉන්න, තරුණ තරුණියෝ. විවිධ ප්‍රදේශ වල තනි තනිව සංවිධානය වන මේ තරුණ කණ්ඩායම් විසින් තාප්ප පින්තාරු කරනවා වගේම කාණු සුද්ද කිරීම වගේ තවත් දේවලුත් කරනවා. මේ වයසේ තරුණ තරුණියන් මේ ආකාරයට දීප ව්‍යාප්තව මේ වගේ වැඩකට බහිනවා දකින්න ලැබුණු මුල් අවස්ථාව මෙය කියා කියන්න පුළුවන්. ඇතැම් විට වෙන වෙන අරමුණු ඉස්මතු වුනත්, මේ ගොඩක් අයගේ අරමුණ රට ලස්සන කිරීමයි.

මේ වැඩෙන් පේන්නේ රටේ මිනිස්සුන්ට මොනවා හෝ දෙයක් කරන්න සැබෑ උවමනාවක් ඇති වුනොත්, රජයෙන් බාධාවක් නොවන පසුබිමක කොයි තරම් දේවල් කරන්න පුලුවන්ද කියන එකයි. මේ වගේ වැඩක් ආණ්ඩුවෙන් කරන්න ගියානම් කොයි තරම් මුදලක් හා කාලයක් වැය වෙයිද? අන්තිමේදී මධ්‍යගත සැලසුමක් යටතේ වැඩේ මීට වඩා හොඳින් වෙයිද?

මේ චිත්‍ර වලට අයිතිකාරයෙක් නැහැ. චිත්‍ර වෙනුවෙන් බරපැන දරන අය, මහන්සි වෙන අය එයින් ලබන සතුට හැර බලාපොරොත්තු වන වෙන දෙයක් නැහැ. එහෙම අවස්ථා ඇති. නමුත්, බොහෝ විට නැහැ. වැඩේ කරන නිශ්චිත කෙනෙක්, නිශ්චිත ක්‍රමවේදයක් නැහැ. නමුත්, වැඩේ කෙරෙනවා. ඒ වගේම, කඩේ යාමක් කියා කිව හැකි දෙයකුත් නෙමෙයි. වැඩේට බැහැලා ඉන්න හැමෝම වැඩේ කරන්නේ කැමැත්තෙන් හා සතුටෙන්. නියම සමාජ ක්‍රියාකාරිත්වයක් කියා කියන්න පුළුවන් අවස්ථාවක්.

එක තැනක අඳින චිත්‍ර තව තැනක කොපි වෙනවා. සමහර විට ඒ විදිහටම. සමහර විට තරමක් වෙනස් වෙලා. සමහර වෙලාවට විවේචන එනවා. විවේචන එන විට චිත්‍ර වල ස්වභාවය වෙනස් වෙනවා. නියාමනයක් සිද්ධ වෙන්න හැම විටම නියාමකයෙකු අවශ්‍ය නැහැ.

තාප්ප වල චිත්‍ර අඳින එක ආණ්ඩුවක් මැදිහත් වී කළ යුතු තරම් වැදගත් දෙයක් නෙමෙයි කියා කාට හරි කියන්න පුළුවන්. නමුත්, හිතලා බැලුවොත් පොදු අරමුදල් වැය කරලා ඔයිට වඩා තේරුමක් නැති දේවල් කොයි තරම්නම් කරනවද? ඒ වගේ වෙලාවක බරපැන දරන්න වෙන්නේ රටේ සියලු දෙනාටමයි. නමුත්, දැන් මේ චිත්‍ර අඳින්න කාලය, ශ්‍රමය හා මුදල් වැය කරන්නේ එසේ කිරීමෙන් කවර හෝ සතුටක් ලබන අය පමණයි. ආණ්ඩුව කරන තුරු බලා නොඉන්නවානම් ඔයාකාරයට මිනිස්සුන්ටම එකතු වෙලා කරගන්න පුළුවන් දේවල් රාශියක් තිබෙනවා.

ගෝඨාභය දිනන්න කලින් රට පුරා තිබුණු රැල්ලක් වුනේ 225ම එපා කියන රැල්ල. මේ කතාවෙන් කියැවුනේ සම්ප්‍රදායික දේශපාලනඥයින් ප්‍රතික්ෂේප වෙමින් ඇති බවයි. ඔය 225ම එපා රැල්ලේ පීනන්න ගොඩක් අය ඉදිරිපත් වුනා. ඇතැම් දේශපාලන පක්ෂත් රැල්ල දිහා බලාගෙන ඔරු මූදට තල්ලු කළා. නමුත්, අන්තිමට රැල්ල කැරකුණේ ගෝඨාභය දිශාවටයි.

සම්ප්‍රදායික දේශපාලනඥයින් එපා කියන රැල්ලක් පැවතුනු බව බොරුවක් නෙමෙයි. එහෙම එකක් තිබුණා. අන්තිමේදී ඒ රැල්ල ගෝඨාභය පැත්තට කැරකුණා. ගෝඨාභයගේ ජයග්‍රහණයට හේතු වූ විවිධ රැළි අතර 225ම එපා කියා හිතූ විශාල පිරිසක්ද ඉන්නවා. මේ අයගෙන් විශාල කොටසක් මෙවර පළමු වරට ඡන්දය භාවිතා කළ තරුණ තරුණියන්.

ගෝඨාභය පසුගිය ආණ්ඩුව ඇතුළේ සිටියත්, ඒ ආණ්ඩුව ඇතුළේ විශාල කාර්යභාරයක් කළත්, සම්ප්‍රදායික දේශපාලනඥයෙක් වී සිටියේ නැහැ. සරලවම කියනවානම් ඔහු අර 225න් කෙනෙකු වූයේ නැහැ. ඒ නිසා, 225ම එපා වූ අයට ගෝඨාභය පිළිබඳව බලාපොරොත්තු තියන්න පුළුවන්කම තිබුණා. ජාතිකත්වය පිබිදීම වැනි වෙනත් ප්‍රවාද ගණනාවක් තියෙනවා තමයි. නමුත්, ඊට අමතරව මෙවර ක්‍රම විරෝධීන්ගේ ඡන්ද විශාල ප්‍රමාණයකුත් ගෝඨාභය විසින් ලබාගත්තා. සිංහල බහුතර ප්‍රදේශ වල අලුත් ඡන්ද වලින් සියයට අනූවක් පමණම ලැබුණේ ගෝඨාභයට වෙන්න පුළුවන්.

දහ අටේ විස්සේ තරුණ තරුණියෝ බොහෝ දෙනෙක් නිසගවම ක්‍රම විරෝධීන්. ඒ සඳහා කවුරුවත් ඔවුන්ව පොළොඹවන්න අවශ්‍ය නැහැ. අවුරුදු දහතුනක් දාහතරක් වන තුරු ළමයින්ගේ වීරයින් වෙන්නේ දෙමවුපියන්. ගොඩක් වෙලාවට තාත්තා. ඒත්, ඒ වයස පනින කොට, අර රවියා කියන විදිහට පස් පොල කළු වෙන්න පටන් ගන්න කොට, මේ අයට ස්වාධීන වෙන්න අවශ්‍ය වෙනවා. ඒ වයසේදී දෙමවුපියන් කරන දේවල් වල වැරදිමයි පෙනෙන්නේ. දහඅටක් වගේ වෙනකොට ඔය තත්ත්වය ඔඩු දුවනවා. ගෙදර විතරක් නෙමෙයි රටේම වැඩ සිද්ද වෙන්නේ නුහුරට බව පේන්න ගන්නවා. ඔය තත්ත්වය වෙනස් කරන්න ඇම්මක් ඇති වෙනවා.

පහුගිය දශක කිහිපය පුරාවටම ඔය රට වෙනස් කරන ඇම්ම හැදුනු තරුණ තරුණියන්ගේ ඇම්ම සනීප කරලා දෙන්න ඉදිරිපත් වුනේ වාමාංශික පක්ෂ. අන්තිම අවුරුදු පණහ ගත්තොත් දකුණේදී ජවිපෙ. උතුරේදීනම් එල්ටීටීඊ ප්‍රධාන විවිධ සංවිධාන. පස්සේ පස්සේ දකුණේ ඇම්ම තිබුණු සමහර තරුණයෝ හමුදා වලටත් ගියා.

හැත්තෑ එකේදී හා අසූ අට අසූ නවයේදී ජවිපෙ එක්ක විනාශ වෙලා ගියේ රට හොඳ අතට වෙනස් කරන්න ඇම්මක් අවංකවම තිබුණු තරුණ තරුණියෝ. ඒ යුග වලදී මේ තරුණ තරුණයින්ට ආදර්ශයට ගන්න සමාජවාදී ලෝකයක් පේන්න තිබුණා. එහෙම පේන්න තිබුණු ලෝකය කඩා වැටිලා සමාජවාදය මායාවක් බව පෙනුනට පස්සෙත් ජවිපෙට දිගින් දිගටම ලංකාවේ තරුණ තරුණියන් ආකර්ෂණය කර ගන්න පුළුවන්කම තිබුණා. හැබැයි මේ ගොඩක් අයට ජවිපෙ අම්බලමක් වුනා පමණයි. අම්බලමේ දිගටම සෙනඟ හිටියත් ඒ එකම පිරිසක් නෙමෙයි.

දහඅටෙන් විස්සෙන් ජවිපෙ අම්බලමට ගොඩ වුනු ගොඩක් අය විසිපහක් තිහක් වෙද්දී අම්බලමෙන් පිට වුනත්, ඔය වැඩේ දිගින් දිගටම සිදු වුනු නිසා ජවිපෙට රටේ 5%ක පමණ ස්ථිර ඡන්ද පදනමක් තිබුණා. ස්ථිර කිවුවත් මේක ගලන ගඟක තැන් දෙකක් අතර තිබෙන වතුර ටික වගේ. පහළින් වතුර අයින් වෙන කොට උඩින් වතුර එනවා. මෙවර ජවිපෙ 3%ට බැස්සේ වෙනදා වගේම පහළින් වතුර අයින් වුනත්, උඩින් වතුර ආවේ නැති නිසයි. මෙවර පළමු වරට ජවිපෙ තරුණයින් අතින් ප්‍රතික්ෂේප වුනා. හොඳට හෝ නරකට තරුණ ඡන්ද ගියේ ගෝඨාභයට. එක පැත්තකින් එය පෙන්වන්නේ පක්ෂයක් ලෙස ජවිපෙ පරිණත වීම.

දැන් ඉන්න තරුණයෝ අන්තර්ජාලය එක්ක හැදුණු පරම්පරාවක්. කලින් පරම්පරා වගේම දූපතේ හතර මායිම් ඇතුළේ කොටු වෙලා හිටියත්, අලුත් පරම්පරාවට අන්තර්ජාලය හරහා ලෝකය දකින්න පුළුවන්. ඒ නිසා, අපේ තරුණ කාලයේ අපි හිර වී සිටි දූපත් මානසිකත්වය ඔවුන්ට නැහැ. තමන්ට තිබෙන රට වෙනස් කරන, රට හදන ඇම්මට බේත සමාජවාදය කියා ඔවුන්ව රවට්ටන්න බැහැ. බටහිර ධනවාදී රටවල් වල තමන්ට ලංකාවේ නොපෙනෙන ගොඩක් දේවල් තිබෙන බව ඔවුන් දකිනවා. ඔවුන්ගේ සිහිනය ලංකාව ඒ වගේ රටක් කර ගන්න එක මිසක් සමාජවාදය කරා යන එක නෙමෙයි.

දහඅටේ විස්සේ තරුණයින්ගේ තිබෙන ප්‍රධානම යහපත් ලක්ෂණයක් තමයි අනුන් යමක් කර දෙන තුරුම නොසිට තමන්ට කළ හැකි දේ කරන්න ඉදිරිපත් වන එක. කාලයක් තිස්සේම ජවිපෙ වෙනුවෙන් ස්වේච්ඡාවෙන් වැඩ කරන්න තරුණ තරුණියන් හොයා ගන්න අමාරු නොවුනේ මේ වයස් කාණ්ඩයේ දැකිය හැකි මේ ලක්ෂණය නිසා. දැන් තීන්ත බාල්දි අරගෙන මේ අය කරන්නේත් කවුරුවත් කියන තුරු නොසිට තමන්ට පුළුවන් තරමින් හා තමන්ට තේරෙන ආකාරයෙන් රට වෙනුවෙන් තමන්ගේ වගකීම් යුතුකම් ඉටුකරන එකයි.

අපේ පරම්පරාවේ තරුණයෝ තීන්ත බාල්දි උස්සගෙන ගිහින් "ඉන්දීය වඳුරු හමුදා පන්නනු!", "පළාත් සභා අහෝසි කරනු!" කියා තාප්ප වල ලිවුවා. දැන් තරුණයෝ තීන්ත බාල්දි උස්සගෙන ගිහින් තාප්ප වල චිත්‍ර අඳිනවා. ප්‍රතිඵලය වෙනස් වුවත් අරමුණු වල ලොකු වෙනසක් නැහැ.

ගෝඨාභය පැමිණීමත් එක්ක ලංකාවේ දකුණේ තරුණ තරුණියන්ට කිසියම් බලාපොරොත්තුවක් ඇති වී තිබෙනවා. ඒ බලාපොරොත්තුව දැන් තිබෙනවාට වඩා හොඳ රටක් පිළිබඳවයි. ඒ වෙනුවෙන් තමන්ට හැකි දෙයක් කරන්නත් ඔවුන් සූදානමෙන් ඉන්නවා. මේ වගේ උතුරන තරුණ ජවයක් හරි අච්චුවකට දමලා නිවෙන්න ඇරියොත් හදා ගන්න බැරි දෙයක් නැහැ. ඒ වගේම, මේ රැල්ල නිවැරදිව තේරුම් නොගත්තොත්, වැඩි කල් නොගොස්, ඔය උතුරන තරුණ ජවයටම පිච්චිලා ගොඩක් දේවල් විනාශ වෙලා යන්නත් පුළුවන්. එහෙම වෙලා පශ්චාත්තාප්ප පශ්චාත්තාප සිදු නොවෙන්න වග බලාගැනීම ආණ්ඩුවේ වැඩක්!



16 comments:

  1. // දහඅටෙන් විස්සෙන් ජවිපෙ අම්බලමට ගොඩ වුනු ගොඩක් අය විසිපහක් තිහක් වෙද්දී අම්බලමෙන් පිට වුනත්, ඔය වැඩේ දිගින් දිගටම සිදු වුනු නිසා ජවිපෙට රටේ 5%ක පමණ ස්ථිර ඡන්ද පදනමක් තිබුණා. ස්ථිර කිවුවත් මේක ගලන ගඟක තැන් දෙකක් අතර තිබෙන වතුර ටික වගේ. පහළින් වතුර අයින් වෙන කොට උඩින් වතුර එනවා. මෙවර ජවිපෙ 3%ට බැස්සේ වෙනදා වගේම පහළින් වතුර අයින් වුනත්, උඩින් වතුර ආවේ නැති නිසයි. මෙවර පළමු වරට ජවිපෙ තරුණයින් අතින් ප්‍රතික්ෂේප වුනා. හොඳට හෝ නරකට තරුණ ඡන්ද ගියේ ගෝඨාභයට. එක පැත්තකින් එය පෙන්වන්නේ පක්ෂයක් ලෙස ජවිපෙ පරිණත වීම. //

    ඔයා ලියලා තියන ගොන් කතා වාක්‍යයෙන් වාක්‍යට පෙන්නලා දෙන්න පුළුවන් උනත් මේ කෑල්ල විතරක් ගත්තේ ඔයාගේ මාරි මෝඩ අතාර්කික කම මේකෙන් හොදටම පෙන නිසා........

    ජේවීපී එකට කොයිම වෙලාවකවත් 5%ක ස්ථිර ප්‍රතිපලයක් තිබුනා කියන්න බෑ.......
    ඔවුන් ආසන්න විදියට චන්ද ලක්ෂ 5 පමණ චන්ද ගිණුමක් තම හැමදාම තිබුනේ........සමහර අවස්ථාවල ඔයගාන වැඩි උනා........සමහර විට අඩු උනා......

    මේ පාර 3% කට ටිකක් වැඩි ප්‍රතිශතයක් තමා ඔවුන්ට ලැබිලා තියෙන්නේ.........ලංකාවේ කවදාවත් නැති විදියට චන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය 80 % ඉක්මවා ගියා......
    ජවිපෙට වැඩියෙන් චන්ද ලැබෙන බස්නාහිර, දකුණ වගේ ආසන වල ගොඩක් චන්ද ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය 90% කට ආසන්නයි.........

    වෙනදා චන්දපොලට නොඑන ලොකු පිරිසක් චන්ද පොලට ආවා.........ජවිපෙට චන්දේ දෙන පිරිස දේශපාලන සාක්ෂරතාවය ඇති පිරිසක්.......ඔවුන් කවදත් චන්ද පොලට එනවා........මේපාර චන්දපොලට වැඩිපුර ආපු පිරිස ජවිපෙට දේශපාලන වශයෙන් හිතවත් අය නෙවෙයි.....

    ඉතින් වෙනදාට චන්ද පොලට නොඑන විශාල පිරිසක් මේ පාර චන්දය දීමත්........ඊට සමාන්තරව ඔවුන් ජවිපෙ ට හිතවාදී නොවන අය වීමත් ඇතුලේ ජවිපෙ චන්ද ප්‍රතිශතය 3% කට විතර අඩු වෙලා වගේ පේන්නේ.........

    නාගරික ප්‍රදේශවල සහ තැපැල් චන්ද වල ඉතා පැහැදිලිව ජවිපෙ චන්ද ප්‍රමාණය වැඩි වෙලා තියනවා.........

    නමුත් ග්‍රාමීය ප්‍රදේශ වල ගිය මැතිවරණයට වඩා ජවිපෙ චන්ද අඩු වෙලා තියනවා........එකට හේතුව පසුගිය පාස්කු බෝම්බ ප්‍රහාරය සහ ඒ හරහා මාධ්‍ය විසින් නිර්මාණය කරපු ප්‍රචාරක සුනාමිය තුල ග්‍රාමීය සිංහල බොදු ජනතාවට තමුන් අනාරක්ෂිත බවත්, තමුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මොන ප්‍රශ්න තිබුනත් ගොටාභයට චන්දේ දෙන්න ඕන කියන එක සමාජ ගත කරන්න ඔවුන් පොහොට්ටු පක්ෂය සමත් වීම..........

    නමුත් චන්ඳ ගණන් කරන්න ගිය අය දන්නවා පොහොට්ටුවට ගිය චන්ද වලින් කොපමණ ප්‍රමාණයක දෙවන මනාපය ජවිපෙ ට ලකුණු කරලා තිබුනද කියලා.......

    දැන් ආණ්ඩුව කරපු සති 3 ට පොහොට්ටුවේ ප්‍රමාණය ජනතාව ට පෙන්නපු ප්‍රමාණය අනුව වෙනදාට ජවිපෙට භාවිතාවන මෙවර අනාරක්ෂිත හැගීම නිසා ගොටට ලැබුණු ග්‍රාමීය ජවිපෙ චන්දත්, ගොටාට් පළමු මනාපය දීලා අනුරට දෙවන මනාපය දුන්න ඇති විශාල තරුණ චන්දත් ගෝටා කදවුර අහිමි කරගැනීම ඇතුලේ ඔබගේ ගනන් බැලීම ඉතාම අතාර්කික බව ඉදිරියේදී ඔබටම පෙනේවි.........

    ඔබගේ බොහෝ විග්‍රහයන් මෙන් මේකත් අතාර්කිකයි..........බඩගොස්තරවාදියි ඉකනෝ.......

    ඉතුරු ටික තව ටිකකින් ලියන්නම්........

    ReplyDelete
    Replies
    1. අපිට ගාණක් දෙවිදිහකට හදන්ඩ පුළුවන්.පහයි පහයි දහයයි කියලා කියන්ඩ පුළුවන්.ඒ වගේම උත්තරය හිතේ තියාගෙන ගානේ මුල් කොටස හදන්ඩත් පුළුවන්.ඒ කියන්නේ උත්තරය දහයයි කියලා හිතාගෙන මුල් කොටස අටයි දෙකයි එහෙම නැත්නම් දෙවරක් පහ එහෙමත් නැත්නම් හතයි තුනයි වගේ.මේ දෙයාකාරයටම තර්ක ගොඩ නගන්නත් පුළුවන්.තර්ක කරලා උත්තරේ හොයන්ඩත් පුළුවන් උත්තරෙ හිතේ තියාගෙන තර්ක ගොඩ නගන්නත් පුළුවන්.ඇනෝ මට හිතෙන්නේ ඔයා මේ ගාණ හදලා තියෙන්නේ දෙවෙනි ක්‍රමයට.ඒ කියන්නේ උත්තරය හිතේ තියගෙන ඒකට හරියන තර්ක හොයනවා.මොනම පක්ෂයනට හෝ භක්තිවන්තව ඉන්න කෙනෙකුට නිවැරදි විශ්ලේෂණයක් කරන්ඩ බෑ.ඒක තමයි නියම ඇත්ත.ඔබේ පිළිතුරෙන් නැවත නැවතත් ගම්‍ය වන්නේ එම සත්‍යයයි.

      Delete
    2. විපුල මහතා වෙත,

      මේ මහත්තයෝ මේවා මට ඕන විදියට හදපුවා නෙවෙයි නේ......
      මැතිවරණ සංඛ්‍යාලේඛන වල තියන දේවල් තමයි මේවා........

      දන්නේ නැත්නම් මැතිවරණ සංඛ්‍යාලේඛන ටිකක් හදාරන්න....... කවුන්ටින් ගිය අය එක්ක ටිකක් කතාකරන්න. ඔයාටම තේරුම්ගන්න පුළුවන් ඔලුවක් තියනවා නම්.........

      // මොනම පක්ෂයනට හෝ භක්තිවන්තව ඉන්න කෙනෙකුට නිවැරදි විශ්ලේෂණයක් කරන්ඩ බෑ.ඒක තමයි නියම ඇත්ත.ඔබේ පිළිතුරෙන් නැවත නැවතත් ගම්‍ය වන්නේ එම සත්‍යයයි. //

      මට ඔයාට කියන්න තියෙන්නේ ඔය ටික තමයි........
      .ඒ හැර කිසිම පක්ෂයක් අදහන්න මට ඕන නෑ
      මම උඩ කමෙන්ට් එක දැම්මේ මැතිවරණ සංඛ්‍යාලේඛන මත.......ඒවා බොරුනම් බොරු කියලා පෙන්නන්න ඔයාට පුළුවන්.......ඔයා සංඛ්‍යාලේඛන අරන් එන්න.........එහෙම නැතිව නිකන් දොඩවනවා කියන්නේ එක තමයි තමුන්ගේ දේසපාලන වන්දිභට්ටකම ලෝකෙට පෙන්නන එක තමයි ඉතින්.........

      Delete
    3. @ විපුල්

      මාගේ නිරීක්ෂණය නම් තමන්ට එරහි විවේචන දරා ගැනීමට උග්‍ර මරාවාදී මුග්ධ බයියන්ට මෙන්ම ජවිපෙ වහලුන් වන මන්දබුද්ධික අමු මෝඩ මීහරක් රැලටද කිසිසේත්ම නොහැකි බවයි. බයි නායකයන්ව අන්ධ බක්තියෙන් අදහන උග්‍ර බයියයන් වගේම කිසිදාක නොපවතින මනෝරාජික සමාජවාදී මිථ්‍යා මිරිඟුවක් ඔස්සේ යමින් මුග්ධ ජවිපෙ බැතිමතුන් තමුන්ගේ නායකයන් කරන පිස්සු බහුබූත විකාර වලට එරෙහිව යමෙක් සාධාරණ විවේචනයක් කරත්, එම විවේචනකරුට අමු තිත්ත කුණුහරුපෙන් බැණ වදිමින් ඔහුව ඝාතනය කිරීමට කැස කවයි. දැන් දැන් ජවිපේ තුල මෙම තත්වය මරාවාදීන්ටත් වඩා වැඩි වශයෙන් තිබේ. සමාජ මාධ්‍ය තුල මෙය හොදින් දැක ගත හැක. දැන් සිටින එජාප පාක්ෂිකයන් අති බහුතරය නම් තමුන්ගේ දේශපාලන මතයට, දේශපාලන නායකයන්ට බයියන් සහ ජවිපෙ වහලුන් වගේ මීහරක් විසින් අමු කුණුහරුප කියමින් බැන්නත් ඒවා ගනන් නොගෙන මොළේ කල්පනා කර කටයුතු කරමින් සිටියත් බයියන් සහ ජෙප්පන් යනු පරිණාමය නොවී ඉන්න අමන ගෝත්‍රික වර්ගවාදී හරයක් නැති හාල් කෑලි බව පෙනේ. අනුකම්පා කරන එක හැරෙන්න වෙන කුමක් කරන්නද?

      Delete
    4. ඡන්දය ගණින්ඩ යන්නේ එකයි දෙකයි තුනයි කියලා ගණන් කරන්ඩ දන්න රජයේ සේවකයෙක් මිසක් විශ්ලේෂකයෙක් නෙමේ.ඡන්දය ගණින්ඩ ගිය පලියට ඔබ හොඳ විශ්ලේෂකයෙක් කියලා ඔබ හිතාගන ඉන්න එකම ඔබ ඔබ ගැන කර ගන්නා අධි තක්සේරුවක්.පොහොට්ටුවට ජන්දය දීපු අය වැඩි පිරිසක් දෙවන මනාපය ජවිපෙට දුන්නයි ඔබ කියන කතාව සංඛ්‍ය ලේඛන වලින් අපි කොහොමද දැනගන්නේ.ඔබ ඡන්දය ගණින්ඩ ගිය මධ්‍යස්ථානයේ තිබූ තත්වය ලංකාවෙම තත්වය ලෙස ඔබ සිතීමෙන්ම ඔබේ විග්‍රහයේ ගුණය පෙන්වනවා. හැම වෙලාවෙම ඡන්දෙන් ඡන්දෙට මොනවා හරි කියලා ෂේප් වෙන එක පැත්තකින් තියලා අවුරුදු 50 කට වැඩි වයස ගිය පක්ෂයක් සියයට පහක්වත් ඡන්දය ගන්ඩ බැරිවීම ගැන ඔබේ විග්‍රහය මොකක්ද කියලා කිව්වොත් නරකද?සංවාදයක් කරද්දි සංයමයෙන් හික්මීමෙන් කරුණු ඉදිරිපත් කිරීම ප්‍රගුණ කලොත් සංවාදයේ ඵලදායිතාවය වැඩි වෙනවා.? කෝපයෙන් තරහෙන් අනෙකාට රළු ප්‍රතිචාර දැක්වීම සංවාදයේ ගුණාත්මක භාවය හීන කරනවා.ඉකොනොගේ ලිපිය සරු ලිපියක් එවැනි ලිපියක් රසය විඳින්ඩ ඔබ වැනි අයට කිසි දිනෙක හැකි වන්නේ නෑ.ප්‍රථමයෙන්ම ශිෂ්ඨ සම්පන්න පුද්ගලයෙක් විදිහට සංයමයෙන් ලියන්ඩ ඉගෙනගන්ඩ.ඒක ඡන්දය ගනිනවාට වඩා අමාරු වැඩක්.මොකද ඒක ඍජුවම තමන්ගේ අභ්‍යන්තර චරිත ලක්ෂණත් සමඟ සම්බන්ද වන නිසා.

      Delete
    5. @ විපුල අබේසිංහ

      // ඡන්දය ගණින්ඩ යන්නේ එකයි දෙකයි තුනයි කියලා ගණන් කරන්ඩ දන්න රජයේ සේවකයෙක් මිසක් විශ්ලේෂකයෙක් නෙමේ.ඡන්දය ගණින්ඩ ගිය පලියට ඔබ හොඳ විශ්ලේෂකයෙක් කියලා ඔබ හිතාගන ඉන්න එකම ඔබ ඔබ ගැන කර ගන්නා අධි තක්සේරුවක් //

      වැඩි හරියක් උපාදි තියන රජයේ සේවකයෝ දන්නේ එකයි දෙකයි තුනයි කියලා ජන්දය ගනින්න විතරයි කියලා ඔයා හිතන් ඉන්න එකෙන්ම ඔයාගේ උද්දච්ච මෝඩ මානසිකත්වය පේනවා......
      චන්ද විශ්ලේෂකයෙක් කියන්නේ මොන වගේ කෙනෙක්ද ????
      එකට ඕන සුදුසුකම් ඔයා නිර්වචනය කරනවාද.......උපාදි කීයක් තියෙන්න ඕනද ??? වෙන සුදුසුකම් මොනවාද ???

      උගත් රජයේ සේවකයන්ට චන්දය දිහා බලලා තමුන්ගේ නිරීක්ෂණ ප්‍රකාශ කරන්න බෑලූ.........හැබැයි විපුල අබේසිංහ ට පුළුවන්ලු........ඒ කියන්නේ ඔයා මහා ලොකු මැතිවරණ විශ්ලේෂකයෙක් ද ???? ඔයා එහෙම කෙනෙක් උනේ කොහොමද???? මොනවද ඔයාට විතරක් තියන සුදුසුකම්???? තමුන් මාර මැතිවරණ විශ්ලේෂකයෙක් කියල හිතන් ඉන්න මෝඩ පොරක් නේ හෆ්ෆා මේ විපුල අබේසිංහ කියන නම දැන් ඉන්න කෙනා.......

      තමුන් විතරක් මැතිවරණ විශ්ලේෂකයෙක් කියලා හිතන් ඉන්න මෝඩ උද්දච්චයා කවුද කියලා පේනවා.........

      Delete
    6. @ විපුල අබේසිංහ

      // .පොහොට්ටුවට ජන්දය දීපු අය වැඩි පිරිසක් දෙවන මනාපය ජවිපෙට දුන්නයි ඔබ කියන කතාව සංඛ්‍ය ලේඛන වලින් අපි කොහොමද දැනගන්නේ.ඔබ ඡන්දය ගණින්ඩ ගිය මධ්‍යස්ථානයේ තිබූ තත්වය ලංකාවෙම තත්වය ලෙස ඔබ සිතීමෙන්ම ඔබේ විග්‍රහයේ ගුණය පෙන්වනවා //

      අනේ මෝඩ විපුලයෝ දෙවන මනාපේ මැතිවරණ සංඛ්‍යාලේඛන වලින් මනින්න පුළුවන් කියලා මම කිව්වද??? එහෙම කියපු තැනක් ඔයාට පෙන්නන්න පුලුවන්ද ???ලජ්ජා නැද්ද ඔයාට ඔහොම බොරු කියන්න ????

      මම කිව්වේ ජවිපෙට කවදාවත් 5% ක ස්ථාවර චන්ද පදනමක් තිබුනේ නෑ......තිබුනේ චන්ද ලක්ෂ 5ක චන්ද පදනමක්.........
      මේ පාර අසාමාන්‍ය විදියට දකුණේ චන්ද ප්‍රතිශතය ඉහල යාම සහ මෙවර අමුතුවෙන් චන්ද පොලට ආපු පිරිස පාස්කු බෝම්බ ප්‍රහාරයේ කම්පනය මත පැමිණි පිරිසක් වීම නිසාත්, ඔවුන් රාජපස්ස ප්‍රචාරක සුනාමියට රැවටී තිබූ නිසාත් ඒ චන්ද වැටුනේ ගෝටාට.....ඒ වගේම නාගරිකව සහ රජයේ සේවක චන්ද ප්‍රමාණය මෙවර වැඩි වී ජවිපෙට ලැබුනත්, වෙනදාට ජවිපෙට ලැබෙන ග්‍රාමීය සි0හල චන්ද යම් කොටසක් පාස්කු බෝම්බ ප්‍රහාරය නිසා වූ බය හේතුවෙන් ගෝටා ලබාගත් නිසා ග්‍රාමීය ජවිපෙ චන්ද යම් පමණකින් අඩු උනා කියන එක, සංඛ්‍යාලේඛන වලින් පැහැදිලිවම පෙනෙන බවයි.........
      එක බොරුනම් ඔයාට සංඛ්‍යාලේඛන ගෙනත් මම බොරු කියනවා කියලා ඔප්පු කරන්න පුළුවන්.........මගේ අභියෝගය තාමත් විවෘතයි.......!!!

      දෙවන මනාපේ සංඛ්‍යාලේඛන ගත වෙන්නේ නෑ.......ඒ නිසා ගොන් බොරු කතා කියලා බොරු කාරයෙක් වෙලා නොන්ඩි වෙන්න එපා රාජපස්සලා වගේ.......එක දැනගන්ඩ පුළුවන් චන්දේ ගනින්න ගිය අයගෙන්...........ඔයා කැමති නම් ඒ අයගෙන් අහගන්න........ඇත්ත දැනගන්න බය නම් අහන්නේ නැතිව ඉන්න.........හැබැයි මේක කියවන අනිත් උන් චන්දේ ගනින්න ගිය අයගෙන් ඒ ගැන අහාවී..........එතකොට බොරුකාරයා මමද, විපුල අබේසිංහ ද කියලා කාටත් දැනගන්න පුළුවන්.......මටත් ඕන එක තමයි....මම චන්දේ ගනින්ඩ ගියේ නෑ බන්.....හා.....හා.....

      Delete
    7. @ විපුල අබේසිංහ

      // ප්‍රථමයෙන්ම ශිෂ්ඨ සම්පන්න පුද්ගලයෙක් විදිහට සංයමයෙන් ලියන්ඩ ඉගෙනගන්ඩ //

      අනේ විපුලයෝ මුලින්ම ඇත්ත කතා කරන්න ඉගනගන්ඩ හලෝ.......
      වැදගත් විදියට බොරු කිව්වයි කියලා ඔයා හොද මහත්මයෙක් වෙන්නේ නෑ......
      මම නොකියපුවා කියුවයි කියලා අමු අමුවේ පිට පොට පටලවන්ඩ යන ඔයා වගේ ගොරකා බොරු කාරයන් ගැන විලි ලැජ්ජයි හලෝ........

      බොරු කියන එකාට ඕනෑම වැරද්දක් කරන්ඩ පුළුවන්.........එකයි අපි ඔයාලා වගේ බොරු කාරයන් ගැන දන්නා දේ.........

      Delete
    8. @ AnonymousDecember 14, 2019 at 8:12 PM

      විවේචන දරාගන්ඩ බැරි වෙලා තියෙන්නේ උබටනේ බන්.........උබ ලියලා තියන පල් ගොන් හෑල්ල උබටම තමා අදාළ.......උබම එක කියවගනින්.........

      ජවිපෙත්, පොහොට්ටුවත් මෝඩ ලු, UNP එකත් ටිකක් මෝඩලූ........උබ කියන්නේ උබ විතරක් බුද්ධිමත් කියලා නේ....එකෙන්ම පේනවා නේ බන් තමුන් ගැන තමුන් මාර බුද්ධිමත් කියලා හිතන් ඉන්න පිස්සු යකා උබ කියලා.......එක්කෝ උබ ගිහිල්ල බෙහෙත් ටිකක් ගනින් ඕකට.....කෝ කියපන්කො බලන්ඩ උබේ බුද්ධිමත් අදහසක් දෙකක්..........හා...හා....

      යකෝ මම දේවල් කිව්වේ සාක්කි සාදක සහිතව මැතිවරණ සංඛ්‍යාලේඛන ආශ්‍රයෙන්.........මම කියපුවා බොරු නම් උබට සංඛ්‍යාලේඛන ගෙනල්ල මම කියන එක වැරදි කියලා ඔප්පු කරන්නත් පුළුවන්.......

      උබ මරදානේ වේස බඩුව වගේ උබේ හිතේ තියන වේදනාව පිටකරනවා මිසක් බන් උබේ ඔය හෑල්ල ඇතුලේ පිළිගන්න පුළුවන් සාක්කියක්, සාදකයක්, උදාහරණයක් මොන දෙයක් වත් සදහන් කරලා තියනවාද බන් අඩු තරමේ........මුකුත් නෑ නේ බන්......නිකන්ම නිකන් බැනඅඩගහලා උබේ මානසික පීඩනය පිටකරගනිමක් පමණයි.........පලයන් බන් ගිහින් බෙහෙත් ගනින්..........

      Delete
  2. ඇත්තටම සජිත් හෙන ගහන ගානට පැරදුනේ සජිත් එච්චරම නරක නිසා නොවේ. ගෝටාභය ඉහළින්ම දිනුවේ ඔහු එච්චර හොඳ නිසාද නොවේ. ජනයාට උවමනා වූයේ මහරජෙක් ගෙන් දිවිපරදුවට තබා උදුරා දුන් බලය යහපාලන ජෝඩුව අවජාතක ලෙස අවභාවිත කිරීමේ වාඩුව ගැනීම ය.මෙන්න මේ වාක්යයෙ තියෙනව,ඇත්තටම පහුගිය ජනාදිපතිවරනයෙ වුන දේ.ඒත් නූගත්,නීතියට ගරු නොකරන,වයසක මනුස්සයෙකුව ඉස්සරහට දාගෙන මේ යන ගමන,කොතනින්ද කෙලවර වෙන්නෙ කියල අපිට නම් දැන්ම හිතාගන්න පුලුවන්.

    ReplyDelete
  3. මේ ලිපියේ තරුණ පරම්පරාව ගැන කියනකොට මට මතක්වුනේ මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර,
    පව්, ඌට ඉපදෙන්න තිබුනේ අවුරුදු 20කට විතර කලින්.
    එහෙනම් ඌට ඊලාම් කතා ටිකක් ලියලා, සමාජවාදය ගැනත් මොනවා හරි කියලා, identity politic කතා ටිකක් කියලා පොර වෙන්න තිබුනා. දැන්නම් එහෙම එවුන්ව ගනන්ගන්නේ උඩුවා වගේම වයර් මාරුවෙච්ච එවුන් ටිකදෙනෙක් විතරයි.

    ReplyDelete
    Replies
    1. මේ නලින්ද සිල්වා පිස්සු යකාගේ පස්චාත්භාගය ලොවන්ඩ ආසා පිස්සු අන්තෝනියා නේද ???

      තරිදුවා කෙසේ උනත් උබ තව අවුරුදු 20කත විතර පස්සේ ඉපදුනානම් උබටම තේරුම් ගන්න තිබ්බා උබ කොච්චර හරකෙක්ද කියලා.

      Delete
  4. තරුණ පරම්පරාව හරියට තේරුම් ගන්නටවත්, ඔවුන්ට වගකීම් පවරන්නටවත්; ඔවුනට නායකත්වය දරන්නට ඉඩ දෙන්නටවත් අපේ රටේ වැඩිහිටි පරම්පරාව බයයි. මේ කැපවීම- මේ ප්‍රබෝධය ඔවුන්ට හොඳ අත්දැකීමක් වෙන බව ඉතිහාසය ලියාවි!

    ඔවුන්ව මර්දනය කරන්නට ඔවුන් විසින්ම ආයුධ නොදුන්නොත්....

    ReplyDelete
  5. මේ ලිපියේ අනතර්ගතය ගැන සම්පූර්නයෙන්ම එකඟයි...මේක මමත් කීප තැනකම කථා කල දෙයක්...

    විශේෂයෙන් උතුරේදි තරුණ සහය ගන්නවයි කියන එකේදී එල්ටිටීඊ හිටපු කාඩර්ස්ලා ඉස්සරාට ගන්න ඕනේ...ඔවුන් තමන්ගේ තරුණ කාලයේදී තමන්ට හරි කියලා හිතපු වැ‍රැද්දකට ජීවීත පරිත්‍යාගයෙන් කැප වෙච්චි අය...මේ ජවය රටේ ආර්ථිකයට එකතු කල ගත යුතුයි...

    ReplyDelete
    Replies
    1. https://anthoniyo-bahijata.blogspot.com/2018/06/blog-post.html

      Delete
  6. ලංකාවෙ අලුත් තරුණ අය ගැන ඉකොනෝ ඔහොම හිතුවට ඔය චිත්‍ර අඳින අයගෙන් බහුතරයක් බොහොම පසුගාමී අදහස් තියෙන ජාතිකත්වය ඔලුවේ තියන් යන , 77 ට කලින් ස්වර්ණමය යුගයක් තිබ්බ කියල පොස්ට් ශෙයා කරන, සිරිමාවොගෙ සංවෘත ආර්ථිකේ හොඳයි කියන, ජේ ආර් ගෙ විවෘත අර්ථිකේට පලු යන්න බනින සෙට් එකක්. අනිත් එක මේ අයගෙ ගෝත්‍රවාදී ගතිලක්ෂණත් තියෙනව. ව්‍යාජ කන්සවේටිව් ලක්ෂණත් පේනව. ඉකොනො මේ ගැන මොකද හිතන්නෙ.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: