වෙබ් ලිපිනය:

Tuesday, January 31, 2023

ජනවාරි උද්ධමනය


ජනවාරි මාසය අවසන් වෙද්දී කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව මනින උද්ධමනය 54.2% දක්වා අඩු වී තිබෙනවා. ආහාර උද්ධමනය 60.1% දක්වා අඩු වී තිබෙන අතර ආහාර නොවන උද්ධමනය 51.0% දක්වා අඩු වී තිබෙනවා. පසුගිය සැප්තැම්බර් මාසයේදී  කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව මනින උද්ධමනය 69.8% මට්ටමෙහි පැවති අතර, ආහාර උද්ධමනය 94.9% මට්ටමෙහි පැවතුණා. 

අපගේ පුරෝකථනය වනුයේ පෙබරවාරි මාසය තුළ උද්ධමන අගයේ ලොකු වෙනසක් සිදු නොවනු ඇති බවයි. එහෙත්, මාර්තු මාසයේදී මෙම අගය 50% මට්ටමට පැමිණ, අප්‍රේල් මාසය වෙද්දී 40% මට්ටමට පැමිණෙනු ඇතැයි අප විශ්වාස කරනවා. උද්ධමනය වේගයෙන් පහත වැටෙනු ඇත්තේ ඉන් පසුවයි. 

බදු හා පොලී අනුපාතික ඉහළ දැමීමේ පීඩාව බොහෝ දෙනෙකුට දරුණුවටම දැනී ඇතත්, බදු හා පොලී වැඩි කර උද්ධමනය පාලනය නොකළේනම්, උද්ධමනය නිසා සිදු විය හැකිව තිබුණු පීඩාව ඊට වඩා බොහෝ වැඩි විය හැකිව තිබුණු බව අපගේ අදහසයි. එය ඇතැම් විට අධි-උද්ධමන තත්ත්වයක් වුවද විය හැකිව තිබුණා. 

කෙසේ වුවත්, මැතිවරණය හේතුවෙන් අවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදු වීමේ යම් ප්‍රමාදයක් සිදු වෙමින් තිබෙන බව අපගේ නිරීක්ෂණයයි. මැතිවරණ ප්‍රතිඵල වලින් පසුවද මෙම තත්ත්වයෙහි දිගුවක් දකින්නට ලැබෙන්නට යම් ඉඩක් තිබෙනවා. විශේෂයෙන්ම විදුලි ගාස්තු ලංවිම වියදම් හා ගැලපීම ප්‍රමාද වීමට මැතිවරණය හේතු වී ඇති බව අපගේ අදහසයි. විදුලි ගාස්තු ගැලපීමෙන් දිගුකාලීනව උද්ධමනය පාලනය කිරීමට පිටිවහලක් ලැබෙන නමුත්, කෙටිකාලීනව උද්ධමනය ඉහළ ගොස් උද්ධමන අපේක්ෂා ඉහළ යා හැකි නිසා මෙවැනි ගාස්තු ගැලපීමේ තීරණයක් වසර මැද දක්වා ප්‍රමාද කිරීම වඩා සුදුසු වෙන්නත් පුළුවන්. 

නිල තොරතුරු කිසිවක් ප්‍රකාශයට පත් වී නැතත්, අපට අනුමාන කළ හැක්කේ චීනයේ දෙවසරක ණය පමාවෙන් ප්‍රායෝගිකව සිදු වී තිබෙන්නේ ස්ථායීකරණ වැඩ පිළිවෙළ ප්‍රමාද වීමක් පමණක් බවයි. අවම වශයෙන් මාර්තු මාසය වන තුරු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගත හැකි බවක් පෙනෙන්නට නැහැ. එය සිදු වනු ඇත්තේ චීනය විසින් මීට වඩා වැඩි සහනයක් ලබා දීමට එකඟ වීමෙන් පසුව පමණයි. බොහෝ විට එම තීරණය ලැබෙනු ඇත්තේ මැතිවරණයෙන් පසුවයි.

7 comments:

  1. ඉකොනො,

    පේන විදියට රාජපක්ෂලා සහ චීනය මේ වෙලාවේ මාලිමාව දිනවන්න යටින් වැඩ කරන බව පේනවා නේද?

    අනුර කුමාර දිසානායක පවසන්නේ ආදායම් බදු සීමාව අවම වශයෙන් ලක්ෂ දෙකක් දක්වාම වත් අඩු කරන්න පුළුවන් බවයි ඒ වගේම රාජපක්ෂලා හොරකම් කරලා තියෙන ඩොලර් බිලියන දහයකට වඩා මුදලක් නැවත අයකර ගැනීමට පුළුවන් වේවි ද?

    මීළඟ පළාත් පාලන මැතිවරණය වගේම මහමැතිවරණයේදී පවා ජාතික ජන බලවේගය විසින් ජයග්‍රහණය කිරීමෙන් පසුව ඔය අයි එම් එෆ් එක කරන්න යෝජනා සම්පූර්ණයෙන්ම වෙනස් කරලා සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ජනතා හිතවාදී පාලනයක් ඇති කරන බවයි පැවසෙන්නේ

    ඔබ දකින ආකාරයට එම වැඩ පිළිවෙල සාර්ථක වේවිද?

    ReplyDelete
    Replies
    1. //පේන විදියට රාජපක්ෂලා සහ චීනය මේ වෙලාවේ මාලිමාව දිනවන්න යටින් වැඩ කරන බව පේනවා නේද?//

      පිළිතුරක් දීමට ප්‍රමාණවත් කරුණු මා සතුව නැහැ.

      //ඔබ දකින ආකාරයට එම වැඩ පිළිවෙල සාර්ථක වේවිද?//

      වැඩ පිළිවෙළ හරියට නොදැන ඒ ගැන කියන්න බැහැ.

      Delete
    2. //මීළඟ පළාත් පාලන මැතිවරණය වගේම මහමැතිවරණයේදී පවා ජාතික ජන බලවේගය විසින් ජයග්‍රහණය කිරීමෙන් පසුව ඔය අයි එම් එෆ් එක කරන්න යෝජනා සම්පූර්ණයෙන්ම වෙනස් කරලා සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ජනතා හිතවාදී පාලනයක් ඇති කරන බවයි පැවසෙන්නේ//

      ඕක කරන ක්‍රමේ අන්රයියා වත් එයා ළඟ ඉන්න අනිත් මල්ලිලා (නංගිලා) වත් ටිල්වින් ආතා වත් තාම දන්නේ නෑ.
      අන්රයියා ප්‍රමුඛ ටීම් එක කොහොමද ආණ්ඩුව කරන්නේ කියන ප්ලෑන් එක කියන්නේ නෑ අපිට දුන්නොත් අපි කරලා පෙන්නනවා කියනවා විතරයි. ලාල් මල්ලිනං ඕන් නේස් නොනලව ජිම් යවයි. රත්නප්ප්‍රියත් ඒ එකවුන්ට් එකට දාල ජිම් යයි.
      ගෝහෝම් ගෝටාබය ලොක්කත් ඔය වගේ ඔරකල් ගේන AI දාන වැඩ කීමට කිව්වට කොරන්න දැනන් හිටියේ නෑ.

      Delete
  2. හෙට එච්චරම කළුවර නැද්ද ඒ කියන්නේ?

    ReplyDelete
    Replies
    1. මැතිවරණයෙන් පසුව කුමක් වෙයිද කියන එක පිළිබඳව ලොකු අවිනිශ්චිතතාවයක් තියෙනවා නේද?

      Delete
    2. මේ ඉකොනොමැට්ටා තොරතුරු ලබාගැනීමට මූලාශ්‍ර වශයෙන් භාවිතා කරන්නේ ආණ්ඩුවේ දෙපාර්තමේන්තු වලින්ම හදන ඉතාමත්ම සාවද්‍ය සහ පදනමක් නැති බහුබූත වාර්තා වලින් නිසා ඔහුගේ ලිපි වගේම පුරෝකථන උනත් බොහෝ විට මහපොළොවේ යථාර්තය සමග ටැලි වෙන්නේ නෑ ඉතින්

      අනිත් පැත්තෙන් කොහොමත් ලෝකයේ විවිධ ආකාරයේ ආර්ථික විද්‍යාඥයන් විසින් පෙන්වා දෙන බොහෝ දේවල් හරියට කේන්දර බලන ජ්‍යොතිෂ කාරයෝ ගහන බයිලා වගේ තමයි බොහෝ දුරට අනාවැකි වැරදියි ඊට පස්සේ ඒකට හේතු කියන්න තවත් රට බයිලා ගණනාවක් ගොතනවා අර චන්ද්‍රසිරි බණ්ඩාර වෙඩි තියාගන්න කතාව කරා වගේ තමයි

      ලංකාවේ ආර්ථිකයේ ඇති ප්‍රශ්න වලට උත්තර හොයාගන්න නම් මට කියන්න තියෙන්නේ මම නම් හිතන්නේ කොච්චර අමාරු වුණත් අපි මේ වෙලාවේ රටේ ප්‍රශ්නයට උත්තර ලෙස මේ බදු වලට විරුද්ධ නොවිය යුතුයි. නමුත් එම බදු ගෙවීමේ ප්‍රතිලාබ ඉතා මැනවින් සහ තදින් පැහැදිලි ලෙස රජයෙන් ජනතාව දැනුවත් කලයුතුයි.

      නමුත් අවාසනාවකට ලංකාවේ මූල්‍ය සාක්ෂරතාව ඉතාම අඩු නිසා බහුතරයක් මිනිස්සු හිතන්නේ මේ බදු ගහලා තව ඇමතිවරු 10ක් 15ක් නඩත්තු කරන්නයි උන්ට හොරකන් කරන්නයි තමයි මේ බදු සල්ලි එකතු කරන්නේ කියලා. බහුතරය ලංකාවේ ඉන්න කට්ටිය වගේම විපක්ෂ කණ්ඩායම් මේක තවදුරටත් ප්‍රවර්ධනය කිරීම නිසා මිනිස්සු විස්වාස කරන්නේ බදු වැඩි කිරීමෙන් වෙන්නේ 225 ගව රැළට සැපදෙන එකයි එක වැඩේට පහක් විතර ඉන්න ලක්ෂ 16ක් වුන ගෝතකරුම ටික නඩත්තුවයි කියලා…

      මේක ලංකාවේ සියලුම ආකාරයේ දේශපාලන පක්ෂ වල තියෙන ලාබ බාල දේශපාලන ක්‍රියාවලිය නිසා තවත් අමන ලෙස සමාජගත වෙනවා, අන්තිමට රටම විෂම චක්‍රයක් ලෙස හිර වෙලා තියෙනවා

      Delete
  3. ජිවිතයේ හැමදාමත් සැප ලැබෙන්නේ නැහැ

    උද්ධමනය අඩු කාලෙට දුක ලැබෙන්නේ නැහැ.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: