වෙබ් ලිපිනය:

Tuesday, September 26, 2023

ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම ඉහළ යයි!


ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර් ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනය විසින් ශ්‍රී ලංකා රජයේ දිගුකාලීන රුපියල් ණය වල, එනම් භාණ්ඩාගාර බැඳුම්කර වල, අවදානම් ශ්‍රේණිය CCC+ කාණ්ඩය දක්වා ඉහළ දමා තිබෙනවා. මෙම තීරණයට හේතු වී තිබෙන්නේ සාර්ථක ලෙස දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම නිසා ණය තිරසාරත්වය ඇති වීමයි. 

පසුගිය සැප්තැම්බර් මාසයේදී මෙම වර්ගීකරණය "තෝරාගත් ණය පැහැර හරිනු ලැබූ (selective default)" යටතට දමනු ලැබූ අතර ඊට පෙරද වර්ගීකරණය වී තිබුණේ CC කාණ්ඩය යටතේයි. දැන් ලංකාව තබා තිබෙන්නේ ඊට කට්ට තුනක් උඩිනුයි. 

ශ්‍රී ලංකා රජයේ විදේශ ණය තවමත් තිබෙන්නේ "තෝරාගත් ණය පැහැර හරිනු ලැබූ (selective default)" වර්ගීකරණය තුළයි. විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සිදු වන ආකාරය අනුව, එයින් පසුව ලංකාව CCC හෝ B- කාණ්ඩයක තැබීමට ඉඩ තිබෙන බවද ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර් ආයතනය විසින් සඳහන් කර තිබෙනවා. 

4 comments:

  1. ලේබල් වැදුනට මක්කද වෙන්නේ
    එව්වයෙ ප්‍රතිඵල පස්සෙනෙ එන්නේ
    අද ගැන විතරයි බලන්න ඕනේ
    හෙට එන අයටයි කෙළවෙල යන්නේ

    ReplyDelete
  2. අද් අපිටයි කරදර ඇතිවෙන්නේ
    හෙට අයටයි හොද ප්‍රතිපල දෙන්නේ
    ඒ ගැන අහිතක් නොසිතා ඉන්නේ
    ඩින්ගක් පරහිත කාමින් වෙන්නේ

    ReplyDelete
    Replies
    1. මොන පිස්සුද මචන්, ඉස්සර අපේ මුතුන් මිත්තෝ අපේ මවපියන් පොඩි කාලේ ඔහොම හිතලා දුක් වින්දා, අපි පුංචි කාලේ අනූපහේ සැප්තැම්බර් ඉඳලා අනූ ගණන්වල අග ඉඳලා දෙදාස් ගණන් මුල්භාගයේම අපේ දෙමව්පියන් මාරම කට්ටක් කාලා අපිව උස් මහත් කළා, අපට උගන්වලා කැම්පස් යවලා විදේශගත වීමටත් සේරම උදව් කළා... දැන් තව අවුරුදු දෙකකින් මටත් වයස අවුරුදු තිහක් වෙනවා මගේ ලොකු පුතාට අවුරුදු දෙක හමාරයි පොඩ්ඩට මාස දෙකයි, අපි තාමත් ලංකාවේ හිටියනම් අපටත් ඇපත් නැතුව කූජීත වෙන්න වෙන්නේ... මොකද එහෙම නම් අපේ ළමයින්ටත් උරුම වෙන්නේ ඔය බයිලාවම තමයි... ඕක කවදාවත්ම හැදෙන රටක් නෙවෙයි අභ්‍යන්තර දේසපාලුවොයි අයි එම් එෆ් වගේ විගඩමුයි උත්සාහ කරන්නේ ඕක ඔය මට්ටමේම තියාගෙන ඉන්න විතරයි, මගේ නාඹර තරුණ වයසේදී රනිල් පහුගිය 2016 වසරේදී කිව්වා 2020 රට සැලකිය යුතු මට්ටමකට දියුණු කරනවා කියලා, ඊට අවුරුදු දෙකකට පස්සේ දෙදහස් දහ අටේදී Vision 2025 ප්ලෑන් එක යටතේ 2025 පොහොසත් රටක් හදනවා කියලා මංගල සමරවීරලා වගේ මලහෝන්තු ලවා රට බයිලා ගැහෙව්වා.. දැන් දැන් රනිල් 2048 බයිලාවක් ගහනවා ඕව දැකල මට නම් දෙකොණින්ම හිනා... 😄😅🤣😂 ඔය වගේ මෙලෝ වැඩකට නැති රටබයිලා වෙනුවට යථාර්ථය අවබෝධ කරගෙන වැඩ කරන්න උත්සාහ කරමු අපි හැමෝම. 🤔

      Delete
    2. මේක ඇත්ත. 1950, 60 ගනම්වල ආර්ථික පිලිවෙත් වලින් රටක් දියුණු කරන්න බැහැ. නුතන වෙළදපල මුල් කරගත් මුලික ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න ඕනේ. බදු පත්තිපත්ති, ආණ්ඩුව වියපරවලින් අයින් වීම, පුපුද්ගලික අංශය දිරිගැන්වීම, විදේශ ආයෝජකයන්ට සුදුසු පරිසරයක් ඇතිකිරීම, යල් පැනගිය කම්කරු නීති ඉවත් කිරීම කරන්න ඕනේ. IMF එකෙත් තියෙන්නේ ඔය ටික තමයි ටිකක් සැර බාල කරලා .

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: