වෙබ් ලිපිනය:

Wednesday, April 22, 2026

සාඵල්‍යතා අනුපාතය සහ ජනවිකාශ ප්‍රවණතා


පසුගිය ජන හා නිවාස සංගණනයේ දත්ත මත පදනම්ව සිදු කර තිබෙන ඇස්තමේන්තු අනුව, ශ්‍රී ලංකාවේ සාඵල්‍යතා අනුපාතය 1.3 දක්වා පහත වැටී තිබෙනවා. කිසියම් ජනගහණයක් ස්ථාවරව පැවතීම සඳහා අවශ්‍ය වන අවම සාඵල්‍යතා අනුපාතය 2.1ක් ලෙස සැලකෙන අතර ඉහත අගය එම අගයට වඩා බෙහෙවින්ම අඩු අගයක්. 

පසුගිය දශක කිහිපය තුළ ශ්‍රී ලංකාවේ සාඵල්‍යතා අනුපාතය පහත වැටී තිබෙන්නේ පහත පරිදියි.

1981: 3.3
2012: 2.4
2024: 1.3

සාඵල්‍යතා අනුපාතය පහත වැටීම, ලංකාවට අනන්‍ය නොවූ, ලෝකය පුරාම දැකිය හැකි ප්‍රවණතාවක්. ලෝක බැංකු දත්ත අනුව, ලෝකයේම සාඵල්‍යතා අනුපාතය පහත වැටී ඇත්තේ පහත පරිදියි.

1963: 5.3
1970: 4.8
1981: 3.7
1990: 3.3
2000: 2.7
2010: 2.6
2024: 2.2

ඉහත ලෝක බැංකු දත්ත අනුව, ලෝකයේම සාඵල්‍යතා අනුපාතය තවමත් 2.1 මට්ටමට වඩා යාන්තමින් වැඩි වුවත්, රටවල් වැඩි ගණනක එම අනුපාතය 2.1 මට්ටමට වඩා අඩුයි. ලෝකයේ සාමාන්‍ය අනුපාතය තවමත් 2.2 මට්ටමේ තිබෙන්නේ අප්‍රිකානු කලාපයේ හා අරාබි ලෝකයේ එම අනුපාත තවමත් ඉහළ මට්ටමක පවතින බැවිනුයි. 

නැගෙනහිර ආසියාව සහ පැසිෆික් දූපත්: 1.3
උතුරු ඇමරිකාව: 1.6
යුරෝපය සහ මධ්‍යම ආසියාව: 1.6
ලතින් ඇමරිකාව සහ කැරිබියන් දූපත්: 1.8
දකුණු ආසියාව: 2.0
අරාබි ලෝකය: 3.1
අප්‍රිකාව: 4.3

ලෝකයේ භූගෝලීය කලාප අතරින් අඩුම සාඵල්‍යතා අනුපාත වාර්තා වන්නේ නැගෙනහිර ආසියා කලාපය තුළයි. එම කලාපයේ රටවල් ගණනාවක අඩු සාඵල්‍යතා අනුපාත දැකිය හැකියි. 

දකුණු කොරියාව: 0.7
හොංකොං: 0.8
සිංගප්පූරුව: 1.0
චීනය: 1.0
ජපානය: 1.1

අඩු සාඵල්‍යතා අනුපාතයක් පැවතීම හේතුවෙන් ජපානයේ ජනගහණය 2010දී එහි උපරිමයට ලඟා වීමෙන් පසුව ක්‍රමයෙන් අඩු වෙමින් පවතිනවා. චීන ජනගහණයද, 2021 වසරේදී එහි උපරිමයට ලඟා වීමෙන් පසුව අඩු වෙමින් තිබෙනවා. 2022දී වාර්තා වූ ලංකාවේ ජනගහණය (22,181,000) බොහෝ විට ලංකාවේ ජනගහණයේ උපරිම අගයයි.

ලංකාවේ විවිධ ජනවර්ග අතරින් අඩුම සාඵල්‍යතා අනුපාතයක් වාර්තා වන්නේ ප්‍රධානම ජනවර්ගය වන සිංහලයින් අතරයි. වැඩිම අනුපාතය ශ්‍රී ලංකා යෝනක/ මුස්ලිම් ජනවර්ගය අතරින් වාර්තා වෙනවා. කෙසේ වුවද, එම අනුපාතය පවතින්නේද 2.1 මට්ටමට වඩා අඩු මට්ටමකයි.

සිංහල: 1.2%
ශ්‍රී ලංකා දෙමළ: 1.5%
ඉන්දියානු දෙමළ/ කඳුකර දෙමළ: 1.7%
ශ්‍රී ලංකා යෝනක/ මුස්ලිම්: 2.0%

දිස්ත්‍රික්ක අනුව බලද්දී කොළඹ දිස්ත්‍රික්කයේ සාඵල්‍යතා අනුපාතය 1.0%කට සීමා වී ඇති අතර ගම්පහ දිස්ත්‍රික්කයේ එම අනුපාතය 1.1%ක්. කළුතර, ගාල්ල හා රත්නපුර දිස්ත්‍රික්ක වල 1.2%ක සාඵල්‍යතා අනුපාතයක් වාර්තා වෙනවා. ජනගහණය වැඩි නිරිතදිග තෙත් කලාපයේ අඩු සාඵල්‍යතා අනුපාතයන් වාර්තා වෙද්දී ත්‍රිකුණාමලය, අම්පාර, මඩකලපුව සහ මන්නාරම දිස්ත්‍රික්ක වල 1.7%ක සාඵල්‍යතා අනුපාතයක් වාර්තා වෙනවා.

රටේ සාඵල්‍යතා අනුපාතය මේ තරමටම අඩු වීමට බලපා ඇති ප්‍රධාන කාරණයක් වන්නේ දරුවන් බිහි කළ හැකි වයසක සිටින කාන්තාවන් අතර විවාහක කාන්තා ප්‍රතිශතය පහත වැටීමයි. 2012-2024 අතර වයස අවුරුදු 15 ඉක්මවූ කාන්තාවන් අතර විවාහක කාන්තා ප්‍රතිශතය 67.9% සිට 63.6% දක්වා පහත වැටී තිබෙනවා. වයස අවුරුදු 15 ඉක්මවූ විවාහක කාන්තාවන්ගේ සාඵල්‍යතා අනුපාතය 2.7 මට්ටමේ තිබෙනවා. 

විවාහක කාන්තාවන්ගේ සාඵල්‍යතා අනුපාතය:
සිංහල: 2.5%
ශ්‍රී ලංකා දෙමළ: 3.0%
ඉන්දියානු දෙමළ/ කඳුකර දෙමළ: 3.3%
ශ්‍රී ලංකා යෝනක/ මුස්ලිම්: 3.4%
සාමාන්‍ය අගය: 2.7%

අඩු සාඵල්‍යතා අනුපාතයක් පැවතියද රටක ජනගහණය යම් කාලයක් යන තුරු වර්ධනය විය හැකියි. ඊට හේතුව ජනගහණ වර්ධන ගම්‍යතාවයයි. මෙය පැහැදිලි කර ගැනීම සඳහා කාන්තාවක විසින් දරුවන් බිහිකරන සාමාන්‍ය වයස අවුරුදු 25 ලෙසත්, ආයු අපේක්ෂාව අවුරුදු 75 ලෙසත් සලකමු.

පළමු පරම්පරාව:
උපත: 1950
දරුවන් බිහි කිරීම: 1975
සාඵල්‍යතා අනුපාතය: 4.0
අපේක්ෂිත ගැහැණු දරුවන් ගණන: 2
මරණය: 2025

ගැහැණු දරුවන් හරහා දෙවන පරම්පරාව:
උපත: 1975
දරුවන් බිහි කිරීම: 2000
සාඵල්‍යතා අනුපාතය: 2.0
එක කාන්තාවකගේ අපේක්ෂිත ගැහැණු දරුවන් ගණන: 1
අපේක්ෂිත මුළු ගැහැණු දරුවන් ගණන: 1*2 = 2
මරණය: 2050

ගැහැණු දරුවන් හරහා තුන්වන පරම්පරාව:
උපත: 2000
දරුවන් බිහි කිරීම: 2025
සාඵල්‍යතා අනුපාතය: 1.0
එක කාන්තාවකගේ අපේක්ෂිත ගැහැණු දරුවන් ගණන: 0.5
අපේක්ෂිත මුළු ගැහැණු දරුවන් ගණන: 0.5*2 = 1
මරණය: 2075

මේ අනුව පෙනෙන පරිදි, 2025 වන විට සාඵල්‍යතා අනුපාතය 1.0 දක්වා අඩු වී තිබුණත්, එක කාන්තාවකගේ අපේක්ෂිත ගැහැණු දරුවන් ගණන 0.5ක් පමණක් වුවත්, පළමු පරම්පරාවේ එක් ගැහැණියක මිය යන විට ඒ වෙනුවට එක් ගැහැණු ජනිතයෙකු බිහි වෙනවා. ඒ නිසා, 2000 වන විට සාඵල්‍යතා අනුපාතය 2.0 මට්ටම තෙක් පහත වැටී තිබුණත්, 2025 වන විටද ජනගහණය අඩු වීමක් සිදු වන්නේ නැහැ. එය සිදු වන්නේ 2050දී දෙවන පරම්පරාව මිය යන විටයි. ඒ කියන්නේ සාඵල්‍යතා අනුපාතය අවම මට්ටමට වඩා පහත වැටී වසර 50කට පමණ පසුවයි. 

ඉහත හේතුව නිසා, ඉදිරි වසර කිහිපය ඇතුළත ලෝක සාඵල්‍යතා අනුපාතය 2.1 මට්ටමෙන් පහළට වැටීමට නියමිතව ඇතත්, 2084 වසර පමණ වන තුරු ලෝක ජනගහණය වර්ධනය වනු ඇතැයි ඇස්තමේන්තු කර තිබෙනවා. ජනගහණ වර්ධන ගම්‍යතාවය හේතුවෙන් ලංකාවේ සාඵල්‍යතා අනුපාතය අඩු වුවද රටේ ජනගහණය තවත් කාලයක් යන තුරු වර්ධනය වීමට නියමිතව තිබුණත්, එය එසේ සිදු නොවීමට ප්‍රධානම හේතුව සංක්‍රමණ විශාල ලෙස සිදු වීමයි. 

19 comments:

  1. @ ඉකොනෝ

    ලංකාවේ මාධ්‍ය වාර්තා වල හැටියට පසුගිය 2024 සහ 2025 කියන වසර දෙකක වගේ කෙටි කාලයක් තුළ පමණක් වෛද්‍යවරුන් 1,800කට අධික පිරිසක් ලංකාව අතහැරලා ගිහින් තියෙනවා, ඒ අතරින් විශාල පිරිසක් නිර්වින්දන සහ හදිසි ප්‍රතිකාර වැනි අතිශය තීරණාත්මක අංශවල විශේෂඥ වෛද්‍යවරුන් වීම තමයි ලොකුම ඛේදවාචකය. IMF කොන්දේසි නිසා පනවන ලද 36%ක් දක්වා වූ ඉහළ පුද්ගල ආදායම් බදු බර සහ දරාගත නොහැකි ජීවන වියදම හමුවේ, රජය රුපියල් මිලියන ගණනක් වැය කරලා නොමිලේ උගන්වපු අපේ ඉංජිනේරුවන්, මෘදුකාංග නිර්මාණකරුවන් සහ ව්‍යවසායකයන් අද බටහිර රටවල ආර්ථිකයන් ශක්තිමත් කරන්න තමන්ගේ උපරිම දායකත්වය ලබා දෙනවා.

    ඇත්තටම ඉකොනෝ, අපි මේ කරන්නේ ලෝකයේ ධනවත්ම රටවලට නොමිලේ බුද්ධි ආධාර ලබාදීමක් වැනි වැඩක් මොකද එක වෛද්‍යවරයෙක් හෝ ඉංජිනේරුවෙක් බිහි කරන්න ලංකාවේ සාමාන්‍ය බදු ගෙවන්නා රුපියල් ලක්ෂ සිය ගණනක් වක්‍රව ආයෝජනය කරලා තියෙනවා, ඒත් අන්තිමට ඒ ආයෝජනයේ ප්‍රතිලාභ නෙළාගන්නේ එක්සත් ජනපදය බ්‍රිතාන්‍යය, ඕස්ට්‍රේලියාව හෝ කැනඩාව වැනි රටවල්. මේ බුද්ධි ගලනය නිසා අද අපේ රටේ IT ක්ෂේත්‍රයේ වර්ධනය 20%කින් පමණ මන්දගාමී වෙලා තියෙනවා කියලා Research වලි තියෙනව වගේම, රෝහල්වල දැඩි සත්කාර ඒකක පවා වසා දැමීමට සිදුවන තත්ත්වයක් උදාවෙලා, ඉතින් බදු බරට බයේ උගත් තරුණයෝ රට අතහැරලා යන එක නතර කරන්න බැරි වුණොත්, අපිට ඉතුරු වෙන්නේ නඩත්තු කරන්න බැරි තරම් ණය බරක් සහ මහලු ජනගහනයක් විතරක් තියෙන හිස් රටක් විතරයි නේද? අන්තිමට රට හිරවෙන්නේ විෂම චක්‍රයක නේද?

    ReplyDelete
    Replies
    1. ලංකාවට පැමිණ සේවය කරන්න වෙනත් රටවල ශ්‍රමිකයින්ට අවස්ථාව නැති නිසා ශ්‍රමය ගලා යන්නේ එක පැත්තකට පමණයි. යම් ක්ෂේත්‍රයක ශ්‍රම හිඟයක් ඇත්නම් වෙනත් රටවල වෘත්තිකයින්ට අවස්ථාව දීම මගින් ප්‍රශ්නය විසඳා ගන්න පුළුවන්. IT ක්ෂේත්‍රයනම් ඉදිරියේදී ලොකුවට වර්ධනය වෙන එකක් නැහැ. ඉදිරියේදී දැනට තියෙන රස්සා ටිකත් නැති වෙද්දී ඉන්න ශ්‍රමිකයින් ප්‍රමාණය වුනත් ඕනෑවට වඩා වැඩි වෙයි.

      Delete
    2. @ ඉකොනොමැට්ටා

      ඔයාට ආර්ථික විද්‍යාව පිළිබඳව කිසිම ආකාරයක අවබෝධයක් නැති නිසා තමයි මේ වගේ විහිළු කතා කියන්නේ, ඒත් ඇත්තටම ආර්ථික විද්‍යාව ඇතුළේ ඕකට කියන්නේ 'ශ්‍රම වෙළෙඳපොළ ගතිකත්වය' (Labor Market Dynamics) කියලා. ලංකාවට විදේශික වෘත්තිකයන් හෝ ශ්‍රමිකයන් සංක්‍රමණ විදියට එන්නේ නැත්තේ නීති නිසාම නෙවෙයි, ඕනෑම ශ්‍රමිකයෙක් ගලා යන්නේ තමන්ගේ ශ්‍රමයට වැඩිම වටිනාකමක් ලැබෙන පැත්තටයි. අනිත් එක, පිටරටින් මිනිස්සු ගෙනාවම ප්‍රශ්නය විසඳෙයි කියලා හිතන එක හරියට 'ලම්ප් ඔෆ් ලේබර්' (Lump of Labour Fallacy) වගේ මිථ්‍යාවක්, මොකද ආර්ථිකයක රැකියා ප්‍රමාණය ස්ථාවර එකක් නෙවෙයි, ශ්‍රමය එක්කම අලුත් ඉල්ලුමකුත් නිර්මාණය වෙනවා. ඒ සමගම මාකට් එක තවත් පළල් වනවා

      විශේෂයෙන්ම IT වගේ ක්ෂේත්‍ර ගැන ඔයා මේ කියන කතාව මට පේන්නේ ලුඩයිට් භීතිකාව(Luddite Fallacy) වගේ එකක්, මතකද ඉස්සර ටයිප් රයිටර් එක වෙනුවට පරිගණකය එද්දී රස්සා නැතිවෙයි කිව්වට වුණේ ඊට වඩා දසගුණයක අලුත් රැකියා බිහිවුණු එකයි. ඒ නිසා IT අඩාල වෙනවා කියන එක 'තාක්ෂණික පරිණාමය' (Technological Evolution) ගැන නොදන්නාකම නිසා කියන කතාවක්. උදාහරණයක් විදිහට, කෘත්‍රිම බුද්ධිය (AI) නිසා පරණ රස්සා කිහිපයක් නැති වුණත්, ඒ හරහා මානව ප්‍රාග්ධනය(Human Capital) වඩාත් නිර්මාණශීලී සහ ඉහළ ආදායම් ලබන අංශවලට මාරු වෙනවා මිසක් ශ්‍රමිකයෝ අතිරික්ත වෙන්නේ නැහැ.

      Delete
  2. @ Economatta

    ලංකාවේ මහ බැංකුව නැත්නම් මහා භාණ්ඩාගාරයෙන් ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් 2,500,000.00 ක මුදලක් උස්සලා තියෙන්නේ කවුද?

    මේක බලන්න

    https://www.youtube.com/watch?v=b0_EKvUKZKg

    මේක මීට කලින් මහදවල් මහබැංකුව කඩපු රනිල් වික්‍රමසිංහ සහ අර්ජුන මහේන්ද්‍රන් සහ කබ්රාල් ඇතුලු හොර රැල දීපු තවත් එක් ගේමක් ද?

    ReplyDelete
  3. ඉකොනෝමැට්ටා,

    ඔක්කොටොම කලින් සාඵල්‍යතා අනුපාතය කියන්නේ මොකක්ද කියලා හදුන්වලා දෙන්නකෝ. ඒ මොකක්ද කියලා නොදැන අනික් දේවල් තේරුම් ගන්නේ කොහොමද අපි ?

    ReplyDelete
    Replies
    1. @ Ano

      සාඵල්‍යතා අනුපාතය කියන්නේ සරලවම ගත්තොත් ප්‍රජනක වයසේ ඉන්න එක කාන්තාවකට සාමාන්‍යයෙන් ලැබෙන දරුවන් සංඛ්‍යාව, ලංකාවේ මේ අනුපාතය ජනගහනය ස්ථාවරව තියාගන්න ඕනෑ කරන 2.1 මට්ටමේ ඉඳලා දැන් 1.3 වැනි ඉතා අඩු අගයකට වැටිලා තියෙන එක ඇත්තටම ඉදිරියේදී ලොකු ආර්ථික අර්බුදයක පෙරනිමිත්තක්. මේ තත්ත්වය දිගටම ගියොත් ශ්‍රම බලකාය (Labour Force) අඩුවෙලා රට වයසක මිනිස්සු වැඩි වයස්ගත ජනගහනයක් (Aging Population) බවට පත්වෙන නිසා, මේක මම දකින්නේ අපි දැන්මම මානව ප්‍රාග්ධන කළමනාකරණය (Human Capital Management) ගැන අලුත් විදිහකට හිතන්න ඕනේ කියන එකයි. ජපානය වැනි රටවල් අද මුහුණ දෙන මේ බරපතල සන්තෑසියෙන් බේරෙන්න නම්, අපි ඉන්න පුංචි ශ්‍රම බලකායේ ඵලදායීතාවය (Productivity) උපරිම කරන්න තාක්ෂණය සහ AI වගේ දේවල්වලට අනිවාර්යයෙන්ම යන්න වෙනවා

      ඒ වගේම කාන්තාවන්ට දරුවන් හදන ගමන්ම රැකියාවල නිරත වෙන්න පුළුවන් විදිහේ නම්‍යශීලී සේවා පරිසරයක් සහ සහනදායී ළමා සුරැකුම් මධ්‍යස්ථාන ඇති කරන එක (Pro-natalist policies) රජයක වගකීමක්. ඒ විතරක් නෙවෙයි, අනාගතයේදී ලංකාවේ දැනටමත් ශ්‍රම බළකාය අඩු තොරතුර තාක්ෂණික වගේ වේගයෙන් රැකියා පුළුල් වන ක්ෂේත්‍ර වල ඇතිව තිබෙන දැවැන්ත ශ්‍රම හිඟයට පිළියමක් විදිහට ඉහළ කුසලතා තියෙන විදේශීය තොරතුරු තාක්ෂණ වෘත්තිකයන්ව ආකර්ෂණය කරගන්නා සංක්‍රමණික ප්‍රතිපත්ති (Migration Policies) පවා ලංකාවට සලකා බලන්න අනිවාර්යයෙන්ම සිදුවෙනවා, මොකද නිෂ්පාදන සාධක අතරින් ශ්‍රමය හිඟ වෙද්දී ආර්ථික වර්ධනය (Economic Growth) පවත්වා ගන්න තියෙන එකම ක්‍රමය ඒ ඉතිරි වෙලා ඉන්න පිරිසගේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම පමණක් නිසයි.

      Delete
    2. සමස්ත සාඵල්‍යතා අනුපාතය (Total Fertility Rate) කියන්නේ ප්‍රජනක වයස සම්පූර්ණ වන තුරු (අවුරුදු 15-49) ජීවත්ව සිටියහොත් රටේ එක කාන්තාවක විසින් බිහි කරන්නට ඉඩ තිබෙන සාමාන්‍ය දරුවන් සංඛ්‍යාව පිළිබඳ ඇස්තමේන්තුවක්. රටම නොසලකා යම් කාණ්ඩ හා අදාළවද (උදාහරණයක් ලෙස විවාහක කාන්තාවන් පමණක් හෝ සිංහල කාන්තාවන් පමණක්) මෙවැනි ඇස්තමේන්තුවක් සිදු කළ හැකියි. එවිට අදාළ කාණ්ඩය තුළ සිටින කාන්තාවක විසින් බිහි කරන සාමාන්‍ය දරුවන් සංඛ්‍යාව. ප්‍රජනක වයස තුළ සිටින කාන්තාවන් විසින් දැනට බිහි කර තිබෙන දරුවන් ප්‍රමාණය සහ ඔවුන් එම දරුවන් බිහි කර ඇති වයස් මත පදනම්ම සංඛ්‍යානමය ක්‍රමවේදයක් අනුගමනය කර මෙම ගණන ඇස්තමේන්තු කළ හැකියි.

      Delete
  4. මෙන්න මේ වීඩියෝ ක්ලිප් එකේ කියන කතාව ඇත්ත ද?

    https://www.youtube.com/watch?v=nM-ip-j3jSo

    ReplyDelete
  5. සාඵල්‍යතා අනුපාතය වචනය ඉගෙන ගත්ත . දැනගෙන හිටියේ නැහැ

    ReplyDelete
  6. @ Economatta

    මේ යන විදිහට නැගෙනහිර ආසියාතික රටවල සහ යුරෝපය උතුරු ඇමරිකාව වගේ පලාත්වල ජනගහනය අඩුවීම සහ යුරෝපීය රටවල මැදපෙරදිග රටවලින් සංක්‍රමණය වන ජනතාව රටේ බහුතරය බවට පත්වීමත් සමග ඒකට සමාන්තරව ඇමරිකානු ලෝක පොලිස් සෙල්ලම ගොඩක් රටවල් වලට දැං එපාවෙලා. තමන්ට කොයි තරම් දුරට ආර්ථික වාසි තිබ්බත් ඒ වගේම සත්‍ය වශයෙන්ම සත පහකට විස්වාස කරන්න බැරි ඉතාමත්ම ආත්මාර්ථකාමී ඇමරිකන් ප්‍රතිපත්ති විශේෂයෙන්ම ඔබාමා බයිඩන් යුගවල කරපු තක්කඩි වැඩ වගේම ට්‍රම්ප් ආවත් ඒ දේවල් එලෙසම පවත්වාගෙන යාම නිසාම බොහෝ රටවල් දැන් ක්‍රම ක්‍රමයෙන් උපක්‍රමශීලීව ඇමරිකාව එක්ක කන දීග ක්‍රමයෙන් මග හැරී පෙරදිග ආර්ථික බලයට එකතු වෙන්න ගොඩක් රටවල් උත්සහ කරන කාලයක් බව පැහැදිලිවම පේනවා

    "දශක පහකට අධික කාලයක් ලෝක ආර්ථිකයේ කොඳු නාරටිය වූ සෞදි අරාබිය සහ ඇමරිකාව අතර පැවති "පෙට්‍රෝඩොලර්" ගිවිසුම නිල වශයෙන් අවසන් වීම නූතන දේශපාලනයේ තීරණාත්මකම සිදුවීමයි." මේක සමාජ මාධ්‍ය ජාලා වල මේ වන වේගයෙන් පැතිරෙන තොරතුරක්. නමුත් මේක ගිවිසුමක් නෙමේ, අවබෝධතාවයක්. මෙය පැහැදිලි ලෙස කිව්වොත්, සෞදි අරාබිය සහ ඇමරිකාව අතර පැවති 'පෙට්‍රෝඩොලර්' අවබෝධතාවය නව මාවතකට අවතීර්ණ වෙමින් පවතී. 1974 දී ඇති කරගත් මෙම උපායමාර්ගික එකඟතාවය මගින් සෞදිය සිය තෙල් අපනයනය ඩොලර්වලින් පමණක් සිදු කිරීමටත්, එම ඩොලර් නැවත ඇමරිකානු බැඳුම්කරවල ආයෝජනය කිරීමටත් ක්‍රියා කළ අතර, එය ඩොලරයට ගෝලීය ඒකාධිකාරයක් ලබා දීමට ප්‍රධාන විය.

    පෙට්‍රෝඩොලර් පද්ධතිය යනු හුදෙක් මුදල් ඒකකයක් පමණක් නොව, ඇමරිකාවට ලෝක පොලිස්කාරයා වීමට ඉඩ දුන් මූල්‍යමය මෙවලමයි. ලෝකයේ ඕනෑම රටකට තෙල් මිලදී ගැනීමට නම් ඩොලර් අවශ්‍ය වූ බැවින්, සෑම මධ්‍යම බැංකුවක්ම ඩොලර් සංචිත රැස් කිරීමට පෙළඹුණි. සෞදිය මෙම අවබෝධතාවයෙන් ක්‍රමයෙන් ඉවත් වීම යනු ඇමරිකානු ඩොලරයට ලෝක වෙළඳපොළ තුළ පැවති ඒකාධිකාරී බලය සෘජුවම අභියෝගයට ලක් වීමක් වන අතර එය ගෝලීය මුදල් පද්ධතියේ වෙනසක පෙරනිමිත්තකි.

    GCC රටවල් දැන් "බහු-මුදල්" (Multi-currency) වෙළඳ ප්‍රතිපත්තියකට අවතීර්ණ වී ඇත. චීනය සෞදියේ විශාලතම තෙල් පාරිභෝගිකයා වන බැවින්, චීනය සමඟ කෙරෙන ගනුදෙනු සඳහා "යුවාන්" (Yuan) භාවිතා කිරීමට ඔවුන් ගත් තීරණය මින් පෙර සිතාගත නොහැකි වූවකි. මීට අමතරව යුරෝ, ජපන් යෙන් සහ අනෙකුත් ප්‍රධාන මුදල් ඒකක හරහා තෙල් ගනුදෙනු කිරීමට දොරටු විවෘත කිරීම හරහා ඩොලරය මත පැවති අසීමිත රඳා පැවැත්ම ක්‍රමයෙන් අවම වෙමින් පවතී.

    GCC රටවල් වලින් සෞදි අරාබිය 2024 වසරේදී BRICS සන්ධානයට නිල වශයෙන් එක්වීම මෙම ආර්ථික විප්ලවයේ තවත් එක් සන්ධිස්ථානයකි. රුසියාව, චීනය සහ ඉන්දියාව වැනි රටවල් සමඟ එක්ව "ඩී-ඩොලරයිසේෂන්" (Dedollarization) ක්‍රියාවලියට සෞදිය දායක වීම හරහා බටහිර බලවතුන්ට සාපේක්ෂව නැගී එන ආර්ථිකයන්ගේ ශක්තිය ඉස්මතු වේ. මෙය හුදෙක් ආර්ථික තීරණයක් නොව, ඇමරිකාවේ විදේශ ප්‍රතිපත්තිවලට එරෙහිව සෞදිය තැබූ ප්‍රබල දේශපාලන පියවරක් ලෙස ද හැඳින්විය හැකිය.

    මේ වගේම "විෂන් 2030" ව්‍යාපෘතිය මෙහිදී විශාල කාර්යභාරයක් ඉටු කරයි. GCC වලට අවශ්‍ය වන්නේ තෙල් මත පමණක් යැපෙන ආර්ථිකයක් වෙනුවට තාක්ෂණය, සංචාරක සහ නිෂ්පාදන ක්ෂේත්‍රවලින් සන්නද්ධ ස්වාධීන ආර්ථිකයක් ගොඩනැගීමටයි. කිසිම ආකාරයක ප්‍රතිලාභ නොලැබෙන අතිශය අවාසිදායක ඇමරිකානු බැඳුම්කරවල මුදල් ආයෝජනය කරනවා වෙනුවට, ඔවුන් දැන් ඒ මුදල් නියෝම් වැනි දැවැන්ත දේශීය ව්‍යාපෘති සහ ජාත්‍යන්තර ආයෝජන සඳහා යෙදවීමට ප්‍රමුඛතාවය ලබා දී තිබේ.

    ReplyDelete
    Replies
    1. ඒ වගේම Economatta චීනය සහ සෞදි අරාබිය අතර මෑතකදී ඇති වූ "Currency Swap" හෙවත් මුදල් හුවමාරු ගිවිසුම මගින් ඩොලරයේ අවශ්‍යතාවය තවදුරටත් අඩු කර ඇත. මෙමගින් දෙරටටම තම මව් මුදල් ඒකක භාවිතා කරමින් බිලියන ගණනක වෙළඳාම් කිරීමට අවස්ථාව ලැබෙනු ඇත. මෙය ඇමරිකානු සම්බාධක පැනවීමේ හැකියාව සම්පූර්ණයෙන්ම පාහේ අඩපණ කරමින් ඇමරිකන් ආඥාදායකත්වය දැඩිලෙස දුර්වල කිරීමට සමත් වන අතර, ලෝකයේ මූල්‍ය බලය බටහිරින් පෙරදිග දෙසට වේගයෙන් සංක්‍රමණය වන බවට මෙය කදිම සාක්ෂියකි.

      ඒ වගේම මීට අමතරව, මධ්‍යම බැංකු ඩිජිටල් මුදල් (CBDC) භාවිතය කෙරෙහි ද සෞදිය අවධානය යොමු කර ඇත. "Project mBridge" වැනි ව්‍යාපෘති හරහා ඩොලරය මග හැර සෘජුවම රටවල් අතර ගනුදෙනු කළ හැකි තාක්ෂණික පද්ධති සකස් වෙමින් පවතී. මෙය සාම්ප්‍රදායික SWIFT පද්ධතියට විකල්පයක් වන අතර, එමගින් ඇමරිකා එක්සත් ජනපදයට ලෝක මූල්‍ය පද්ධතිය මත පැවති දැඩි ආඥාදායක ඒකාධිපති පාලනය ඉතාම නුදුරේදීම සම්පූර්ණයෙන්ම පාහේ ගිලිහී යනු ඇතැයි බොහෝ ආර්ථික විශ්ලේෂකයින් අනාවැකි පල කරති.

      එක්සත් ජනපදය සහ සෞදිය අතර ආරක්ෂක සබඳතාවල බරපතල පළුදු වීම ද මෙයට බලපා ඇත. යුක්රේන යුද්ධය සහ මැදපෙරදිග දේශපාලනයේදී ඇමරිකා එක්සත් ජනපදය ගත් බොහෝ අමනෝඥ ආත්මාර්ථකාභී දුෂ්ට තීරණ පිළිබඳව බොහෝ රටවල් සතුටට පත් නොවීය. GCC රටවල් දැන් රුසියාව සමඟ තෙල් නිෂ්පාදනය පාලනය කිරීමට (OPEC+) කටයුතු කරන අතරම, චීනය සමඟ නව ආරක්ෂක ගිවිසුම්වලට ද එළඹෙමින් සිටී. මෙය ඇමරිකා එක්සත්
      ජනපදයට ගැතිව සිටීමේ යුගය අවසන් වී ඇති බවට කරන ප්‍රබල ප්‍රකාශයකි.

      ලොව පෙට්‍රෝඩොලර් පද්ධතිය බිඳ වැටීම ඇමරිකානු ආර්ථිකයට සෘජු බලපෑම් එල්ල කරනු ඇත. ඩොලරයට ඇති ඉල්ලුම අඩු වන විට, ඇමරිකාවේ උද්ධමනය ඉහළ යාමටත්, ඔවුන්ට ණය ලබා ගැනීමට ඇති හැකියාව සීමා වීමටත් ඉඩ තිබේ. දශක ගණනාවක් තිස්සේ ඇමරිකාව අත්විඳි "අසීමිත වරප්‍රසාදය" (Exorbitant Privilege) දැන් ක්‍රමයෙන් දිය වී යමින් පවතින අතර, ඇමරිකානු ඩොලරය යනු ලංකාවේ රුපියල වැනිම තවත් එක් සාමාන්‍ය මුදල් ඒකකයක් බවට පත්වීමේ දැඩි අවදානමක් පවතී.

      Delete
    2. නමුත් Economatta මේ ඩොලරය එක රැයකින් බිඳ වැටෙන්නේ නැති වෙන්න හේතුව තවමත් ලෝකයේ මධ්‍යම බැංකු සංචිතවලින් 40% කට වැඩි ප්‍රමාණයක් පවතින්නේ ඩොලර්වලිනි. නමුත් සෞදි අරාබියේ මෙම හැරවුම මගින් කඩිනමින් ලෝකය "බහු-ධ්‍රැවීය" (Multipolar) ආර්ථික ක්‍රමයකට ගෙන යාමට අවශ්‍ය පදනම ඉතාම සාර්ථක ලෙස දමා ඇත. ඉදිරි දශකය තුළ අප දකින්නේ තනි මුදල් ඒකකයකට වඩා, කලාපීය බලවතුන් කිහිප දෙනෙකු විසින් පාලනය කරනු ලබන වඩාත් සංකීර්ණ මූල්‍ය ලෝකයකි.

      මැදපෙරදිග GCC රටවල් තමන් සතු තෙල් බලය දැන් දේශපාලන තුරුම්පුවක් ලෙස ඉතා බුද්ධිමත් ලෙස භාවිතා කරයි. ඔවුන් තවදුරටත් ඇමරිකාවේ "ගනුදෙනුකරුවෙකු" පමණක් නොව, ලෝකයේ බල තුලනය තීරණය කරන ස්වාධීන තීරකයෙකු බවට පත්වී ඇත. පෙට්‍රෝඩොලර් පද්ධතියෙන් මිදීම හරහා සෞදිය අපේක්ෂා කරන්නේ තම ජාතික අභිලාෂයන්ට මුල් තැන දෙන, ඕනෑම බලවතෙකු සමඟ සම මට්ටමකින් ගනුදෙනු කළ හැකි නව යුගයක් කරා ගමන් කිරීමටයි.

      මේ ලෝක ආර්ථිකයේ සිදුවන මෙවන් පරිවර්තන ඇමරිකන් ගැති රූකඩ ආණ්ඩු පවතින ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවලට වැදගත් වෙන්නේ කොහොමද?

      විශේෂයෙන්ම ඩොලරය මත පමණක් රඳා පවතින ලංකාවට ඉතාමත්ම ඉක්මනටම ඒ වෙනුවට විවිධ මුදල් ඒකක හරහා වෙළඳාම් කිරීමේ අවස්ථාව අනාගතයේදී සිදුකිරීම අනිවාර්යයෙන්ම සිදු වන බැවින් සෞදි අරාබියේ මෙම පියවර ලෝකයේ සෙසු රටවලට ද මග පෙන්වන්නක් වන අතර, එය මූල්‍යමය නිදහස සහ ස්වාධීනත්වය කරා යන ගමනක් ලෙස ද අර්ථකථනය කළ හැකිය.

      මෙම ක්‍රියාවලිය "සීතල යුද්ධයෙන්" පසු ලෝකයේ සිදුවන විශාලතම මූල්‍ය ප්‍රතිසංවිධානයයි. පෙට්‍රෝඩොලර් යනු හුදෙක් ඉන්ධන සහ මුදල් අතර සබඳතාවක් නොව, එය බටහිර අධිරාජ්‍යයේ සංකේතය විය. සෞදිය එයින් බැහැර වීම යනු එම අධිරාජ්‍යයේ යුගයක් නිමාවීමයි. මින් ඉදිරියට ලෝක ආර්ථිකය තීරණය වන්නේ එකම මධ්‍යස්ථානයකින් නොව, රියාද්, බීජිං, නවදිල්ලි සහ වොෂින්ටන් යන නගර අතර බෙදී ගිය බලතල මගිනි.

      අනාගත පරපුර මෙම කාල පරිච්ඡේදය දකින්නේ ඇමරිකානු සියවසේ (American Century) පරිහානිය සහ නව ආසියානු බලවතුන්ගේ නැගීම ලෙසයි. සෞදි අරාබිය මෙම මාරුවට නායකත්වය ලබා දෙමින් තම රටේ අනාගතය සුරක්ෂිත කර ගැනීමට පියවර ගෙන ඇත. පෙට්‍රෝඩොලර් පද්ධතියේ වෙනස යනු සිතියම්ගත කළ හැකි සරල සිදුවීමක් නොව, එය ලෝකයේ බලවතුන්ගේ අනුපිළිවෙල වෙනස් කරන මහා පරිමාණ භූ-දේශපාලනික ප්‍රවණතාවයකි.

      අවසාන වශයෙන්, පෙට්‍රෝඩොලර් යුගයේ අවසානය යනු නව ලෝක පිළිවෙලක ආරම්භයයි. සෞදි අරාබිය සහ ඇමරිකාව අතර පැවති ඒ සුවිශේෂී බැඳීම දැන් ව්‍යාපාරික ගනුදෙනුවක් පමණක් බවට පත්වී ඇත. මෙම වෙනස ලෝක සාමය සහ ආර්ථික ස්ථාවරත්වය කෙරෙහි කෙසේ බලපානු ඇත්ද යන්න ඉදිරි වසර කිහිපය තුළ අපට දැකගත හැකි වනු ඇත. අපි දැන් ජීවත් වන්නේ ඉතිහාසය අලුතින් ලියැවෙන ඉතාමත් උද්වේගකර කාල පරිච්ඡේදයකයි.

      🔍 මූලාශ්‍ර -

      * IMF: The Rise of Nontraditional Reserve Currencies
      * Bloomberg: Saudi Arabia's Shift Away from the Dollar - 2024 Analysis
      * Reuters: Saudi-China Currency Swap Agreement Reports
      * The Wall Street Journal: The End of the Petrodollar Pact?
      * Council on Foreign Relations (CFR): Saudi Arabia's Vision 2030 and Global Finance

      මේක ගැන විස්තර සහිතව පෝස්ට් එකක් දාන්න පුලුවන්ද?

      Delete
  7. කොපමණ දේ තියෙද ලෝකේ දැන ගන්න
    එකකට එකක් ඈඳී විස්මිත ලෙසින
    සීමිත නිසා මිහිමත සම්පත් තිබෙන
    අඩු වීමත් හොඳයි ජනයා ජනිත වෙන!

    ReplyDelete
  8. @ ඉකොනෝ

    මහබැංකුවේ 2025 අලුත්ම මංකොල්ලයට නන්ද ලාල් වීරසිංහ ඉලක්ක කරගෙන මාලිමාවේ ඩෝබිලා දැවැන්ත මඩ ප්‍රහාර එල්ල කරනවා සමාජ මාධ්‍ය ජාල වල හැමතැනම, මේකට විරුද්ධව ඇත්ත තත්ත්වය පෙන්නන විදියට මේක ගැන විස්තර සහිතව උදාහරණ සහිතව පෝස්ට් එකක් ලියන්න පුළුවන්ද? විශේෂයෙන්ම මේ බැංකු නන්දෙ කියන මිනිහට ඕකට කරන්න දෙයක් නෑනේ ඒ මුදල හොරකමට. ඒකට වගකියන්න ඕන භාණ්ඩාගාර ලේකම්. නන්දේ මහබැංකු අධිපති විතරනෙ. හැබැයි භාණ්ඩාගාරෙයි, මහ බැංකුවයි දෙකම අයිති මුදල් අමාත්‍යාංශයට. අන්න එතන තමයි ප්‍රශ්නය තියෙන්නෙ. මුදල් අමාත්‍යාංශයේ ලේකම් කියන්නේ මාලිමාවෙන් 2024දී පාර්ලිමේන්තුවට පත්වී ආපු මන්ත්‍රී කෙනෙක්. ඌ මන්ත්‍රී කමෙන් අයින්වෙලා තමා අමාත්‍යාංශයේ ලේකම්කම භාරගත්තෙ. එතකොට කව්ද ඇමති? අන්න ඒක තමා ලස්සන කතාව. මුදල් අමාත්‍යාංශය භාර ඇමති තමා අපේ අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිඳු. දැන් සම්භන්ධය හදාගනිමු. ඔය නන්දලාල්ට විරුද්ධව පෝස්ට් හදලා ශෙයා කරන්නෙ දාර ජෙප්පොම තමා. එතකොට උන්ට පුලුවන් අමාත්‍යාංශයේ ලේකමාවයි ඇමතියයි උන්ගේ හොරකමෙන් බේරගෙන ඒක නන්දේගේ ඇගේ ගහන්න අහු වෙන්න එපා ඔය ප්‍රොපගැන්ඩාවලට, මේක ගැන විස්තර සහිතව ලියන්න පුළුවන්ද?

    ReplyDelete
  9. @ Ano April 23 9.00 AM

    මොන හැකර් ලා ද බන් පැලවත්තේ හැකර්ලා තමයි, කතා කරලා දීපු ගේමක් නේ ඉතින්

    ඒක නෙවෙයි දැන් මේ ආණ්ඩුවේ කැබිනට් ඇමතිවරු මාධ්‍ය වලට ඇවිල්ල කියන විදියට මේ ප්‍රශ්ණ වලට මට උත්තර දෙන්න...

    @ ඉකෝනෝ

    නවසීලන්තයට ගල් අඟුරු ගෙනියන නැවක් මුහුද මැදදී නවත්තලා "අපි වැඩිපුර ගානක් දෙන්නම් මචං..." කියලා අපිට ලංකාවට හරවලා ගන්න පුළුවන්ද..?

    තෙල් නැව්, ගල් අඟුරු නැව් කවුරුවත් කලින් ඉල්ලුම් නොකර ලංකාවේ මාලු වෙළෙන්දෝ වගේ මූද මැද "ආ ලාබයි ගන්න අපෙන් තෙල්" කිය කියා කවුරු හරි වැඩි ගානකට ඉල්ලයි කියලා මුහුදෙ එහෙ මෙහෙ යනවාද..?

    එහෙම මුහුද මැදදී කතා කරලා ගන්න පුළුවන්නම් තෙල් හෝ ගල් අඟුරු වල Quality එක චෙක් කරන සිස්ටම් එක මොකක්ද...?

    ඒ තෙල් සහ ගල් අඟුරු ඔය ඕන තැනෙක තියෙන මොනාහරි ඕන ලැබ් එහෙකින් චෙක් කරලා දෙන වාර්තා රටකට පිලිගන්න පුළුවන්ද...?

    ඔය Spot Tenders කියන්නෙ මහ මුහුදෙ එහෙ මෙහෙ යන නැව් වලින් බඩු ගන්න පුළුවන් ක්‍රමවේදයක්ද...?

    එහෙම ක්ෂණිකව කතා කර භාණ්ඩ මිලදී ගත හැකි නම් එවිට ඒ සඳහා වූ රාජ්‍ය මුල්‍ය ප්‍රතිපත්තිය කුමක්ද...?

    නීත්‍යානුකූල රාජ්‍යයකට එවැනි කළු කඩ ව්‍යාපාර සමග ගනුදෙනු කිරීමට ඇති නීත්‍යානුකූල පදනම කුමක්ද..?

    මුහුදෙ යන නැව් වලින් " මට මේ ගානට දියං" "ආ ගනින් මචං" කියල හෙට්ටු කරලා භාණ්ඩ මිලදී ගත හැකිනම් රට වටාම මුහුදක් ඇති අපි වෙන රටවලින් තෙල් නැව්, ගල් අඟුරු නැව් එනකං බලාගෙන ඉන්නෙ මොන හුයන්නකටද..?

    මීට පෙර ආණ්ඩු මේ විදිහට මුහුද මැද යන නැව්වලින් හෙට්ටු කරලා භාණ්ඩ අරගෙන තියෙනවාද...?

    අපට මේ ක්‍රමවේදය තවත් දියුණු කර සෝමාලියානු මුහුදු මංකොල්ලකරුවන් සේ මුදල් නොදීම භාණ්ඩ ගත හැකි නොවේද...?

    ඇත්තටම මේවා කියන මාලිමා ඇමතිලා ද ගොන්...? නැත්නං මේවා අහන අපිද ගොන්..? දන්න කෙනෙක් මට මේ ප්‍රශ්නවලට උත්තර දෙනවාද...?

    ReplyDelete
    Replies
    1. AnonymousApril 23, 2026 at 2:44 PM

      මට මේ ගැන විශේෂඥ දැනුමක් නැහැ. ටැග් කරලා අහලා තිබෙන නිසා මම දන්නා තරමින් පිළිතුරක් දෙන්නම්. බොර තෙල් වගේම පිරිපහදු කළ තෙල් නැව් වල ගබඩා කර තබා ගැනීම සාමාන්‍ය දෙයක්. ඒවා පාවෙන ඉන්ධන ගබඩා ලෙස සැලකිය හැකියි. එහෙම තියා ගන්නෙම අවශ්‍ය මිල ලැබුණු විට විකුණන්න. තෙල් මිල විශාල ලෙස පහළ ගිය කෝවිඩ් කාලයේ මේ වැඩේ ලොකුවටම වුනා. ඔබේ ප්‍රශ්නය "කලින් ඉල්ලුම් නොකර ලංකාවේ මාලු වෙළෙන්දෝ වගේ මූද මැද "ආ ලාබයි ගන්න අපෙන් තෙල්" කිය කියා කවුරු හරි වැඩි ගානකට ඉල්ලයි කියලා මුහුදෙ එහෙ මෙහෙ යනවාද..?" කියන එකනම් "ඔව්" කියන පිළිතුර සිනහවට කරුණක් විය යුතු පිළිතුරක් නෙමෙයි. එවැනි විකිණීම් සිදු වෙනවා. විශේෂයෙන්ම තෙල් මිල ඉහළ යන බව පැහැදිලිව පේන විට. ගල් අඟුරු හා අදාළව තත්ත්වය වෙනස්. ඊට හේතුව බොර තෙල් හා පිරිපහදු කළ තෙල් මෙන් ගල් අඟුරු මුහුදේ ගබඩා කර තබා ගැනීම වෙනත් ප්‍රශ්න ඇති කරන නිසා. එක ප්‍රධාන ප්‍රශ්නයක් තෙතමනය ඉහළ යාම. ඒ නිසා මේ වගේ දෙයක් සිදු විය හැක්කේ ඉතා කලාතුරකින්. Quality එක චෙක් කරන සිස්ටම් එක සාමාන්‍ය ක්‍රමයම තමයි. පිළිගත් ස්වාධීන ආයතනයක් සාම්පල් එකක් පරීක්ෂා කරන එකයි සිදු වෙන්නේ. සාමාන්‍යයෙන් නැවට පටවන්න කලින්ම පිළිගත් ස්වාධීන ආයතනයක් මෙවැනි පරීක්ෂාවක් කරලයි තියෙන්නේ.

      //මුහුදෙ යන නැව් වලින් " මට මේ ගානට දියං" "ආ ගනින් මචං" කියල හෙට්ටු කරලා භාණ්ඩ මිලදී ගත හැකිනම් රට වටාම මුහුදක් ඇති අපි වෙන රටවලින් තෙල් නැව්, ගල් අඟුරු නැව් එනකං බලාගෙන ඉන්නෙ මොන හුයන්නකටද..?//

      ඔය විදිහට ගන්න එක සාමාන්‍යයෙන් ලාබ නැති නිසා. කලින් සැලසුම් කර මිල දී ගනිද්දී ගොඩක් අඩු මිලකට ගන්න පුළුවන් නිසා. හන්දියේ ත්‍රීවීල් පාක් එකේ ඕනෑ වෙලාවක ත්‍රීවීල් තිබුණත් ත්‍රීවීල් එකක් ගන්නේ නැතුව බස් එකේ යන අය වගේ තමයි. බස් එකේ ගාන ගොඩක් අඩුයි. නමුත් ලොකු හදිස්සියක්නම් ත්‍රීවීල් එකකට කතා කරනවා.

      //අපට මේ ක්‍රමවේදය තවත් දියුණු කර සෝමාලියානු මුහුදු මංකොල්ලකරුවන් සේ මුදල් නොදීම භාණ්ඩ ගත හැකි නොවේද...?//

      බෑ. මේ වගේ නැව් අයිති පිළිගත් සමාගම් වලට. මිල දී ගැනීම් සිදු වෙන්නේ සාමාන්‍ය ක්‍රමයටම තමයි. ඉන්ධන ලබා දෙන තැන පමණයි වෙනස් වෙන්නේ. දැනට ගොඩබිම තිබෙන නැවකට පටවා නැති ඉන්ධන විකිණුවා හෝ දැනටම නැවක තිබෙන ඉන්ධන විකිණුවා කියලා මුදල් ගෙවන විදිහ වෙනස් වෙන්නේ නැහැ. මිල සහ ලැබෙන්න යන කාලය පමණයි වෙනස් වෙන්නේ.

      //මීට පෙර ආණ්ඩු මේ විදිහට මුහුද මැද යන නැව්වලින් හෙට්ටු කරලා භාණ්ඩ අරගෙන තියෙනවාද...?//

      එහෙම ගන්න බව වසර කිහිපයකට පෙර පාඨලී විසින්ද කියපු බවට මතකයක් තිබෙනවා.

      //ඇත්තටම මේවා කියන මාලිමා ඇමතිලා ද ගොන්...? නැත්නං මේවා අහන අපිද ගොන්..?//

      මේ ප්‍රශ්න හා අදාළවනම්, අහන අය තමයි.

      Delete
    2. @ Annonymous 2.44 PM

      මේ සයිබර් හොරකම ගැන ලිවීමට ඔබ තෝරාගත් මූශ්‍රය වැරදී, මෙතන ඔයා කියන විදියට Cyber attack එකක් වෙලා නෑ! වෙලා තියෙන්නේ fake payment එකක් කරලා මහාභාන්ඩාගාරය විසින්ම. මහා භාණ්ඩාගාරය ඇතුලේ සියලුම නිලධාරින්ගේ දැනුවත්භාවය ඇතුවම වෙච්ච සොරකමක්!..
      ඒක මෙහෙමත් පහදලා දෙන්න පුලුවන්..
      හර්ශණ ලේකම්තුමාගේ කැමැත්තෙන් එතුමාගේ ජොකා ගලවාගෙන ගිහින් ! හැබැයි එතුමාට කියලා තියෙන්නේ අල්මාරියේ තියෙන එකෙක් දෙන බවයි!😎.
      ගෙදර ගිහින් කලිසම ගලෝනකොට තමයි දන්නේ ඒක නෑ කියලා!😉

      දැන් තේරෙනව ද?

      @ ඉකෝනෝ

      පාඨලී චම්පික රණවක ඇමතිවරයා කිව්වේ 2012 විතර තෙල් මිල ඉතාමත්ම අධික ලෙස ඉහළ ගිය කාලේ ඔයවගේ පාවෙන ගබඩා වලින් ඔහොම අඩුවට මිලට ගැනීම නිසා, ඔහු කියපු විදියට හැරී ජයවර්ධන සම්බන්ධ සමාගමකින්, ලංකාවේ බාල පෙට්‍රල් ප්‍රශ්නයක් ඇති වෙලා වාහන එන්ජින් වලට හානි වෙලා විශාල දේශපාලන ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිද්ධ වෙලා එවකට පැවති මහින්ද රාජපක්ෂ රජය පරාජය වීමටද එය විශාල හේතුවක් වූ බවත් අනුර කුමාර දිසානායක ජනපතිවරයා ඔහුගේ කතාවේ ඒක නැවතත් ක්‍රියාත්මක කිරීමට යෝජනා කිරීම ඔහුගේ දැඩි විවේචනයට සහ දෝෂදර්ශනයට ලක්වීමයි. මම වීඩියෝ එක හොයලා දාන්නම් ඕනේනම්. ඔහු පැවසූවේ පිලිගත් සමාගම්වලින් නිසි ප්‍රමිතියට මිලට ගැනීම සුදුසු බවත් මේ වගේ පාවෙන ගබඩා වලින් බාල තෙල් මිලට ගැනීම ඉතාමත්ම පැහැදිලිවම අවදානම් සහගත මෙන්ම දූෂිත ගණුදෙනු වලට හොඳ තෝතැන්නක් විය හැකි බවයි.

      Delete
  10. ඔය ඇනෝට Economatta දීපු උත්තර දැක්කම මට හිනා යන්නෙ දුකට. Floating storage නැතිනම් පාවෙන ගබඩා ගැන කිසිම දැනුමක් නැති කෙනෙක් ලියපු අමු බොරු ටිකක් වගෙයි. පළවෙනි කාරණේ තමයි, මුහුදේ නැව්වල තෙල් ගබඩා කරන්න පුළුවන් වුණාට, ඒක කරන්නෙ 'කොන්ටැන්ගෝ' (contango) කියන වෙළඳපොල තත්ත්වයක් යටතේ විතරයි, ඒ කියන්නේ අනාගත මිල දැනට වඩා වැඩි වෙලා, ඒ වෙනස නැව් කුලියට වඩා ලාභ ගේනකොට. ඒක දවස් දෙකේ වැඩක් නෙවෙයි, බිලියන ගණන් ඩොලර් වියදම් කරලා බැංකු ගණන් හදන ලොකු ගේමක් නිසා Economatta මෙතන පවසන විසුලු සහගත කරුණු දෙස බලන විට මට සිනහවට වඩා ඇතිවන්නේ කනගාටුවක්, මොකද අන්තර්ජාතික නාවික වෙළඳාම සහ මූල්‍ය ක්‍රමවේදය ගැන කිසිදු අල්ප මාත්‍රයක දැනුමක් නැති කෙනෙකුගේ "මනඃකල්පිත" විග්‍රහයක් පමණයි මෙහි තිබෙන්නේ.

    මුහුද මැද යන නැවකින් ත්‍රීවීල් එකක් නවත්වනවා සේ තෙල් හෝ ගල් අඟුරු "හෙට්ටු කර" මිලදී ගැනීම යනු ප්‍රායෝගික ලෝකයේ සම්පූර්ණයෙන්ම සිදු කළ නොහැකි, නීතිමය වශයෙන් අතිශය අවදානම් සහගත විහිළු කතාවක්.

    පළමුවෙන්ම, පාවෙන ගබඩා (Floating Storage) යනු අනාගත තෙල් මිල සහ වත්මන් තෙල් මිල අතර ඇති පරතරය (Contango) මත පදනම් වූ, ඩොලර් මිලියන ගණනක බැංකු ඇපකර සහ රක්ෂණාවරණ මත ක්‍රියාත්මක වන සූක්ෂ්ම ව්‍යාපාරික උපාය මාර්ගයක් මිස, මඟ දිගේ යන කෙනෙකුට විකිණීමට තබා ඇති වෙළඳසැලක් නොවන බවත්, දෙවනුව ගල් අඟුරු සම්බන්ධයෙන් ගත් කල, අධික තෙතමනය නිසා ඇතිවන 'ද්‍රවීකරණය' (Liquefaction) හේතුවෙන් නැවක් පෙරළී යාමේ අවදානම පවතින නිසා කිසිදු වගකිවයුතු නැව් සමාගමක් එලෙස හිතුවක්කාරී ලෙස මුහුද මැද භාණ්ඩ විකිණීමට හෝ ගබඩා කිරීමට පෙළඹෙන්නේ නැති බවත් අප තේරුම් ගත යුතුයි.

    විශේෂයෙන්ම, තත්ත්ව පරීක්ෂාව යනු පටවන වරායේදී සහ බාන වරායේදී අතිශය සංකීර්ණ ලෙස සිදු කෙරෙන ස්වාධීන ක්‍රියාවලියක් වන අතර, මුහුද මැදදී එවැන්නක් කර සහතිකයක් නිකුත් කිරීම හෝ එවැන්නක් මත පදනම්ව මිලියන ගණනක මුදල් ගෙවීමක් (Letter of Credit) අනුමත කිරීමට කිසිදු අන්තර්ජාතික බැංකුවක් ඉදිරිපත් වන්නේ නැත.

    එසේම, "සෝමාලියානු මුහුදු මංකොල්ලකරුවන් සේ" මුදල් නොදී භාණ්ඩ ගැනීම වැනි මෝඩ අදහස් ඉදිරිපත් කිරීම තුළින් පෙනෙන්නේ ලෝක නාවික නීතිය (Maritime Law) උල්ලංඝනය කළහොත් රටක් ජාත්‍යන්තර කළු ලැයිස්තුවට (Blacklisting) වැටී, නැවත කිසිදු භාණ්ඩ නැවක් අපේ මුහුදු සීමාවටවත් නොපැමිණෙන තරම් බරපතල ආර්ථික සම්බාධකවලට මුහුණ දීමට සිදුවන බව ඔවුන් නොදන්නා බවයි.

    අවසාන වශයෙන්, අනුරලා වගේ දූෂිත දේශපාලනඥයන් ප්‍රසිද්ධියේ පවසන ඕනෑම ප්‍රකාශයක් දත්ත සහ විගණන වාර්තා මගින් තහවුරු නොවන්නේ නම් ඒවා හුදු දේශපාලන ප්‍රචාර පමණක් වන අතර, මෙවැනි තාක්ෂණික විෂයන් සම්බන්ධයෙන් පදනම් විරහිත මිථ්‍යාවන් ප්‍රචාරය කිරීම රටක සාමාන්‍ය ජනතාව නොමඟ යැවීමට කරන අසාධාරණයක් බවයි මගේ හැඟීම.ඒක තමයි ඇත්ත කතාව.

    ReplyDelete
  11. මේ ලෝකෙ මීට වඩා අඩු ජනගහනයකින් පැවතුනා නම්, තාක්ෂණය දියුනු නමුත් resources අඩු ලෝකයට ජනගහනය අඩුවීම ආශීර්වාදයක් නෙව්ව්‍යිද?

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: