වෙබ් ලිපිනය:

Tuesday, July 7, 2026

දළ විදේශ සංචිත - 2026 ජූනි අවසානයේදී


ජූනි මාසය අවසානයේදී දළ නිල විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 6,450 දක්වා පහත වැටී තිබෙනවා. පසු ගිය අප්‍රේල් මාසයේදී මෙන්ම මැයි මාසයේදීද ජංගම ගිණුමේ හිඟයක් වාර්තා වී තිබුණු අතර, සමපේක්ෂණ ඉල්ලුම පාලනය කිරීම සඳහා බැංකුව විසින් ශුද්ධ වශයෙන් විදේශ සංචිත විකුණා තිබුණා. එසේ වුවද, ජූනි මාසය තුළ මහ බැංකුව විසින් ශුද්ධ වශයෙන් ඩොලර් මිලියන 70.5ක් වෙළඳපොළෙන් මිල දී ගෙන තිබෙනවා. පසු ගිය මාසය තුළ සංචිත අඩු වීමට හේතුව බව පෙනෙන්නේ රජය විසින් ඊට පෙර මාසයේදී මූල්‍ය අරමුදලෙන් ලැබුණු ණය මුදල් වලින් සැලකිය යුතු කොටසක් වැය කිරීමයි. 

3 comments:

  1. ඒ කියන්නේ ගිය මාසේ විතරක්ම තවත් අමතර ඩොලර් මිලියන හත් අට සීයක් සංචිත වලින් සහ ණය වාරික වලින් වැය කරලා තියෙනවා නේද? ආනයනය කරන ඉන්ධන වලටයි මේ මුදල වියදම් කරලා ඇත්තේ? මේ ඩොලර් අර්බුදය ඇතිවෙලා තියෙන්නේ වාහන ආනයනය අධෛර්යවත් කරන්න ගහපු අමතර බදු වලටත් පස්සේ නේද? අනාථයි වගේ... 😪 මේකට හේතුව මොකක්ද අපනයන ආදායම අඩු වෙලා ද?

    ReplyDelete
  2. අර ගිය වතාවේ අතුරුදහන් වෙච්ච ඩොලර් මිලියන 800 වගේ මේ මාසෙත් ඩොලර් බිලියනයක් විතර අතුරුදහන් වෙලා වගේ? ඇයි IMF වාරික දෙකම විතරක් ගත්තොත් ඩොලර් මිලියන හත්සීයක් විතර නේද? මේක හැකර් ගේමක් ද ඉකොනෝ?

    ReplyDelete
  3. මැයි මාසේ රාජ්‍ය මූල්‍ය තත්වය

    අයවැය අතිරික්තයක් තියෙන එක හොඳ දෙයක්. ඒ ගැන සැකයක් නැහැ. හැබැයි ඒකෙන් "ආර්ථිකේ ප්‍රශ්න ඉවරයි" කියලා හිතනවා නම් ඒක ලොකු වැරදීමක්.

    අද රජයට රුපියල් පැත්තෙන් ටිකක් හුස්ම ගන්න පුළුවන් වෙලා තියෙන්නේ බදු වැඩි කරලා වියදම් පාලනය කරපු නිසා. ඒත් විදේශ ණය ගෙවන්න ඕන ඩොලර් තවමත් අපිම උපයලා නෙවෙයි. IMF එක, ලෝක බැංකුව වගේ ආයතනවල සහාය තවමත් ඕන.

    ඒ කියන්නේ රුපියල් ප්‍රශ්නය ටිකක් පාලනය කරගෙන ඉන්නවා. හැබැයි ඩොලර් ප්‍රශ්නය තවමත් සම්පූර්ණයෙන් විසඳිලා නැහැ.

    ඒ වගේම මෙවර ප්‍රාග්ධන වියදම් (capital expenditure) සඳහා රුපියල් බිලියන 1,718ක් වෙන් කරලා තිබුණත්, ජූලි වෙනකොට වියදම් කරලා තියෙන්නේ බිලියන 226ක් පමණ නම්, ඒක ගැන ප්‍රශ්නයක් තියෙනවා.

    ප්‍රාග්ධන වියදම් කියන්නේ පාරවල්, යටිතල පහසුකම්, කර්මාන්ත, තාක්ෂණය, දිගුකාලීන ආර්ථික වර්ධනයට බලපාන ආයෝජන. ඒ මුදල් වියදම් නොවුණොත්, කෙටි කාලීනව අයවැය අතිරික්තය ලස්සනට පේන්න පුළුවන්. හැබැයි ආර්ථිකයට අවශ්‍ය වර්ධන ආවේගය එන්නේ නැහැ.

    ඉතිරි බිලියන 1,500කට ආසන්න මුදල මේ අවුරුද්ද ඇතුළත සැබෑවටම වියදම් කරන්න පුළුවන්ද කියන එක ලොකු ප්‍රශ්නයක්. අවුරුද්දේ මැද වෙනකොටත් වියදම් ප්‍රගතිය මෙතරම් අඩු නම්, අවසානයේදී අයවැයෙන් වෙන් කළ මුදල් සම්පූර්ණයෙන්ම භාවිතා නොවී ඉතිරි වෙන්න පුළුවන්.

    එහෙම වුණොත් කොලලෑලි වල අතිරික්තයක් තිබුණත්, රටට අවශ්‍ය ආර්ථික ක්‍රියාකාරකම්, රැකියා, යටිතල පහසුකම් සංවර්ධනය සහ පෞද්ගලික අංශයේ වර්ධනයට එන මුදල් ප්‍රවාහය අඩු වෙනවා.

    ඒ නිසා මේ ගණන් දිහා බලලා "වැඩේ ගොඩ" කියලා සතුටු වෙන්න කලින් බලන්න ඕනේ අපනයන වැඩි වෙනවද, ආයෝජන එනවද, රටට අලුතින් ඩොලර් උපයන ක්‍රම හැදෙනවද කියලා. ඒ දේවල් නැත්නම් මේ අතිරික්තය කඩදාසි උඩ තියෙන හොඳ ගණනක් විතරයි.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: