වෙබ් ලිපිනය:

Friday, August 4, 2017

දෙවෙනි ඉනිමේ ගුරුතුමියට විනය මතක් වුනේ බ්ලොග් නිසාද?


දෙවෙනි ඉනිම ටෙලි නාට්‍යය මේ දින වල ප්‍රචාරය වන ඉතා ජනප්‍රිය ටෙලි නාට්‍යයකි. එය 13 වැනි රයිගම් ටෙලි සම්මාන උළෙලෙහි ජනප්‍රියම ටෙලි නාට්‍ය ලෙසද තේරී ඇත. නාට්‍යයේ ජනප්‍රියත්වයට හේතුව ඒ තුළ ලංකාවේ පාසැල් ජීවිතය බොහෝ දුරට යථාරූපී ලෙස නිරූපණය වීම විය හැකිය. 

පසුගිය කාලයේ ලංකාවේ දකින්නට ලැබුණු ජනප්‍රිය රැල්ලක් වූයේ මැදි වයසේ ගැහැණුන් හා මිනිසුන් පාසැල් නිල ඇඳුම් ඇතුළට රිංගා නැවතත් පාසැල් යාමයි. බැලූ බැල්මටම විකාරයක් මෙන් පෙනෙන මේ හැසිරීමෙන් පිළිබිඹු වූයේ ලංකාවේ මැදි වයසේ ගැහැණුන්ගේ හා පිරිමින්ගේ එක්තරා ආකාරයක නොසන්සිඳුණු ඉල්ලුමකි. 

එක පැත්තකින් පාසැල් කාලය දැන් මැදි වයසේ සිටින බොහෝ දෙනෙකුගේ සුන්දර සිහිනයකි. අතේ සතේ නැතිව ගෙවුණු ඒ කාලයේ කරගන්නට බැරි වුනු දේවල් වල වටිනාකම හොඳින්ම තේරෙන්නේ යහමින් අතේ සල්ලි ගැවසෙන මැදි වයසේදීය. නැවතත් පාසැල් යන්නට මෙසේ සුදු ඇඳුමට රිංගන වැඩි දෙනෙකු දැන් යමක් කමක් ඇති, එහෙත් පාසැල් කාලයේ විවිධ සීමාවන් නිසා හිතේ තිබුණු ආශාවන් බොහොමයක් ඉටු කරගන්නට ඉඩ නොලැබූ අයයි. අනෙක් පැත්තෙන්, අද පාසැල් සිසුන් භුක්ති විඳින සම්පත් හා නිදහස ඔවුන්ගේ වැඩිහිටි පරම්පරාවට තිබුණේ නැත. (හරියටම කල්පනා කළොත් ඒ පරම්පරාව තමන්ගේ නිදහස භුක්ති වින්දේ තරමක් වෙනත් ආකාරයකටය.) මේ නිසා දැනෙන අඩුවක්ද බොහෝ දෙනෙකුට තිබේ.

දෙවෙනි ඉනිම කණ්ඩායම විසින් ඉතා දක්ෂ ලෙස මේ නොසන්සිඳුණු ඉල්ලුම හඳුනාගෙන තිබේ. එහි ජනප්‍රියත්වයේ රහස එයයි. 

පසුගිය ජූලි 14 වෙනි දින "තම්බපන්ණියේ අපි" බ්ලොග් අඩවියේ  "මොණරි" විසින් මේ ටෙලි නාට්‍යය ගැන "දෙවෙනි ඉනිම වෙනසකට වඩා විනාශයකි" යන මාතෘකාව යටතේ විචාරයක් පළ කළ තිබුණේය. එහිදී ඇය මේ ලිපියේ චරිත හැසිරවීම් විවේචනය කර තිබුණේ මෙසේය.

"මේ නාට්‍යයයට බනිනවාවත් මේක විවේචනය කරනවාවත් නෙවෙයි ඒත් පොඩ්ඩක් බලන්න… ඔය නාට්‍යයයේ ගෑණු ළමයි ඉඉස්කෝලේ එන විදිය… මූණවල් ඔක්කොම මේකප් මූණවල්… ඒ මදිවට නිට් එක ශේප් කරපු අයිබ්‍රෝස්… ඇඟටම හැඩ කරලා මහපු යුනිෆෝර්ම් එක… දිගට උලට වවපු නියපොතු… පිරිමි ළමයින්ගේ ජෙල් කරලා පස්සට පීරපු දිග කොණ්ඩේ… දෙයියනේ මට උන්ව දකිද්දි මතක් වෙන්නෙම අපේ ඉස්කෝලේ හිටිය දිල්රුක් සර්ව… අහු වුණා නම් බූ ගාගෙන තමා යන්න වෙන්නේ… පාසල් ළමයෙක්ව රූපවාහිනිය තුළින් නිරූපණය වෙන්න ඕනා විදියටද සමාජයට පණිවිඩය යන්නේ…?"

ඉහත ලිපිය වත්පොත හරහාද හුවමාරු වූ අතර මොණරිගේ අදහසට පක්ෂව හා විපක්ෂව තවත් අය අදහස් පළකර තිබුණේය. (මේ ලිපියේ අරමුණ එවැන්නක් නොවේ). එසේ අදහස් පළකර තිබුණු පිරිස අතර දෙවෙනි ඉනිම පිටපත් රචක සමන් එදිරිමුණිද විය. ඔහුගේ අදහස් දැක්වීම හා එයට ප්‍රතිචාරයක්ද සමඟ "තම්බපන්ණියේ අපි" බ්ලොග් අඩවියේ තවත් ලිපියක් පළ වී තිබුණේය.

මේ සංවාදයට තවත් බ්ලොග්කරුවෙකු වන සුරෝෂණ ඉරංගද එකතු වී තිබුණේය. ඔහු පළකර තිබුණේ මොණරිගේ අදහසට වඩා වෙනස් අදහසකි. 

සමාජජාලා වල වටිනාකම වන්නේ අස්සයා පැන යන්නට පෙර ඉස්තාලයේ අයිතිකරුවාට අනතුරු අඟවන්නට ඒවාට ඇති හැකියාවයි. මේ ඇතැම් අනතුරු ඇඟවීම් අනවශ්‍ය අනතුරු ඇඟවීම් (false alarm) විය හැකි වුවත් බොහෝ විට දුමක් නඟින්නේ ගින්නක් නිසා බැවින් අනතුරු ඇඟවීම් වලට සංවේදී වී සිටීම වැදගත්ය. සමාජ ජාලා හරහා කෙරෙන අනතුරු ඇඟවීම් නොසලකා හරින හෝ ඒවාට සංවේදී නැති කලාකරුවන්, දේශපාලනඥයින් මෙන්ම අවශේෂ පුද්ගලයින්ද සුනාමි වලට අහුවෙන්නට වැඩි ඉඩක් තිබේ.

දෙවෙනි ඉනිම ටෙලි නාට්‍යයේ අද (අගෝස්තු 04) විකාශනය වුණු කොටසේ දැකිය හැක්කේ පාසැලේ විනය භාර ගුරුතුමිය විසින් නාට්‍යයේ ප්‍රධාන චරිත වන ගැහැණු ළමුන්ගේ ගවුම්, නියපොතු ආදිය පරීක්ෂා කරන දර්ශනයකි (2:13 මිනිත්තුව බලන්න).

මේ කොටස ටෙලිනාට්‍ය පිටපතේ මුල සිටම තිබුණු කොටසක්ද?


(Image: http://www.saaravita.lk/On-location/524300/on-location-%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%92-%E0%B6%89%E0%B6%B1%E0%B7%92%E0%B6%B8)

44 comments:

  1. දෙවෙනි ඉනිමේ පාසැලේ විනය භාර ගුරුතුමියට නාට්‍යයේ ප්‍රධාන චරිත වන ගැහැණු ළමුන්ගේ විනය මතක් වුනේ බ්ලොග් නිසාද?

    නැත...!

    මේ ටෙලිනාට්‍ය පිටපතේ විනය පරීක්ෂා

    ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා රටේ විනය හදන්න බාරදීම වගේ....

    නෙලුම්යාය පදනමේ බ්ලොග් පොලිසිය ඉයන් පියන් බාර ගත්තා වගේ හිටි...!

    ReplyDelete
  2. ගොළු හදවත චිත්‍රපටයේ දම්මි සහ සුගත් පාසල් ළමුන් මෙන් පෙනෙන්නේ නෑ. ඔවුන් මෝරලා

    ReplyDelete
    Replies
    1. හරියට හරි!
      හිරිකිතයි.

      Delete
    2. එහනම් ඔයාමොකටද හිරිකිත ඒවා බලන්නේ
      බලනකො Home and Away හරි MasterChef Australia හරි Neighbours - Network Ten තියෙන ඒවා එතකොට හරිනේ මොකටද ලංකාවේ ටෙලි බලන්නේ වෙන වැඩක් නැත්නම් ?

      Delete
    3. @ අමන ඇනෝ!

      නොදන්න දේට කට දාන්න එපා ළමයා. රුවන් සහ මා කියන්නේ 1969 තිරගත වුණු ගොළු හදවත චිත්‍රපටය ගැනයි. එහි රඟපෑවේ අනුලා කරුණාතිලක සහ වික්‍රම බෝගොඩ වැනි දෙදෙනෙක්.

      මෙන්න ඡායාරූපයක්. බලන්න සාමාන්‍ය පෙළ සිසුන් දෙන්නෙකු ඉන්නවා ද කියා?
      https://upload.wikimedia.org/wikipedia/en/4/46/Golu-hadawatha1.jpg

      ගොළු හදවත ටෙලි නාට්‍යය පෙන්නුවේ 1993-94 පමණ කාලයේ දී. එහි රඟ පෑ සුදාරක ජයසේන සහ ගෑල්ළමයා නම් පාසල් ළමුන් ලෙස පෙනුනා.
      https://i.ytimg.com/vi/STPVTy8pkH8/hqdefault.jpg

      මා ඕස්ටේ‍ර්ලියාවේ සාමාන්‍යයෙන් නරඹන්නේ ඒබීසි හි යන Media Watch (15 min), Shaun Micallef (30 min), Charlie Pickering (30 min) පමණක් බව දැනගන්න.

      Delete
    4. වික්‍රම බෝගොඩ පාසැල් සිසුවකුගේ චරිතයට මෝරලා වැඩියි තමයි. ඒ යුගයේ මෙවැනි දේ ගැන දැන් තරම් සැලකිලිමත් වී නැහැ.

      Delete
    5. ඒ චිත්‍රපටය රූගත කරන විට වික්‍රම බෝගොඩගේ වසය 27 පමණ. අනුලා කරුණාතිලකටත් 22 ක් වයසයි. සාමාන්‍ය පෙළ සිසුන්ගේ ඒ කාලේත් උපරිම වයස අවුරුදු 17 විතර විය යුතුයි. පසුව අපේ කාලේ නම් අවුරුදු 15 යි.

      Delete
  3. මා නම් එකම එක වරක්වත් මේ ටෙලිනාට්‍ය බලා නැත. එහෙත් මෙයින් පාසල් සිසුන්ට වැරදි ආදර්ශයක් දෙන බව බොහෝ දෙනා කියති. ඇත්තෙන්ම පාසල් ප්‍රේමය නරක නැත. එහෙත් එය පාසල් ජීවිතයේ ප්‍රධානම දෙය නොවේ. පාසල යනු කානිවල් එකක්ද නොවේ. දෙමවුපියන් ගුරුවරුන් පිල් බෙදී පාසල් ප්‍රේමයට උදවු කරන බවත් ඔවුන්ගේද ජීවිතයේ ප්‍රධාන දේ දරුවන්ගේ පෙම් හබ බවත් මේ කතාව බලා විවේචනය කරන අයකියා ඇත. එය එසේ නම් මහම මහ විකාරයකි.


    බ්ලොග් කියවන පිරිස සාපේක්ෂව අඩුවුනත් එයින් සමාජයට යම් බලපෑමක් වෙයි. කියවන පිරිස සමාජයේ ඉදිරියෙන් සිටින අය නිසයි. කියවපු එකෙක් මේ කතා ලියන උන්ට පෙනවා දීම හෝ කරනු ඇත. මේවා හදන ඔල්මොරඔන්දම්කාරයන්ට තම නිර්මාන ගැන වැටුන ෆේස්බුක් ස්ටේටස් බලන්නට පුලුවන. සමාජයේ සියළු දෙනාම අමු මීහරක් නොවන බවවත් උන් දැනගනු ඇත.

    ReplyDelete
    Replies
    1. පෞද්ගලිකව මමනම් කලාවේ අරමුණ යථාර්තය එලෙසම පෙන්වීමද එසේ නැත්නම් සමාජය නිවැරදි කිරීමද කියන එක ගැන දැඩි මතයක නැහැ. මට වැදගත් වන්නේ කුමක් හෝ නිර්මාණයකින් කිසියම් කම්පනයක් ඇති කරනවද, "ඇඟට දැනෙනවද" කියන එකයි. හැබැයි මුලින් කී අරමුණු දෙකෙන් එකක හෝ විශාල අඩුවක් තියෙනවනම් එහි බැලූ බැල්මටම අවුලක් පෙනෙනවා. දෙවෙනි ඉනිමෙත් පෞද්ගලිකව මටනම් විශාල අවුලක් නැහැ. ඒ වුනත්, ඒ ගැන විවිධ අයගේ දැක්ම වෙනස් කියන එක නිර්මාණකරුවෙක් විසින් පිළිගත යුතු හා සංවේදී විය යුතු දෙයක්.

      Delete
  4. //////දෙවෙනි ඉනිමේ ගුරුතුමියට විනය මතක් වුනේ බ්ලොග් නිසාද?/////

    ඉදිරියේ ආර්ථික තත්වය නරක අතට හැරෙනවා දැන් රජය ටිකෙන් ටික මර්දනය දියත් කරනවා.

    ඉදිරි මාස වලදී ඔබට ජනමාද්‍ය නිදහස සහ රාජපක්ෂ පාලනයෙන් නැතිවුණා කිව්ව නිදහස ලැබුන බවයි මෝඩ බුද්දිමතුන් කිවේ, නමත් ඉදිරියේදී ඔය කියන නිදහස නැතිවෙන හැටි බලාගන්න පුළුවන්.

    මේක කියවන අය මම මහින්ද වාදියෙක් කියල කියයි දැන්, ඒ අයට කියන්න තියෙන්නේ බැරිවෙලාවත් 2015 දී මහින්ද බලයට ආවනම් මේ කියන නිදහසවල් නැති වෙලා බොහෝකල්.

    දැන් රජය ට උවමනාකරණ මුදල් සම්පාදනයත් ඒවා නොලැබෙන විට ජනතා මර්දනයත් කියන දෙය මේ රටේ ටෝයියන්ටත්, බයියන්ටත්, JVP ටෝයියන්ටත් දැක ගැනීමට හැකි වෙයි.

    ReplyDelete
  5. නළු නිලියන්ට ඒයාලගේ ප්‍රතිරෑපයට හානිකරගන්න(මේකප් නැතිව පෙනී සිටින්න)නොසෑහෙන්න ගෙවන්න වෙයි.

    ReplyDelete
    Replies
    1. ඔව්. එවැනි ආර්ථික සාධකත් තියෙනවා. හැත්තෑව දශකයේ අග හෝ අසූව දශකයේ මුල හරියේදී අපේ ගෙදර තිබුණා කුඹුරක ගෙවිලියක් ඉන්න පින්තූරයක් මුද්‍රණය කළ දින දර්ශනයක්. මම හිතන්නේ මේ ලංකාවේ මුද්‍රණ කර්මාන්තය අකුරු අමුණන යුගයෙන් යාන්තම් එළියට ආ අලුත. මෙහි මගේ අවධානය එක වර පැහැර ගත්තේ එහි පෙනී සිටි ප්‍රසිද්ධ නිළියගේ රතු පැහැ උල් නියපොතු. කැලැන්ඩරය දෙස කොපමණ බැලුවත් එක වර අවධානයට ලක් වන්නේ මේ නියපොතු. ඒ කාලයේ අපි දැන සිටි ගැහැණු බොහෝ දෙනෙක් සාමාන්‍යයෙන් මඟුල් ගෙදරක යන විටවත් නිය පාට නොකළ අයයි.

      Delete
  6. ඉකොනොමැට්ටාට තාම සමර් නිවාඩුව නේද?

    ReplyDelete
    Replies
    1. ස රස අප සැමගේ පු.ක.ගත් රසිකොලොජිහි පන්සියවන ලිපිය පසුගිය දින පලවිය. මෙතරම් දුරක් නොනවත්වා මළවිකාර, බහුබූත ලිවීම ඒවා කියවීම තරම්ම වෙහෙසකර කටයුත්තකි. රසිකොලොජියට සුබපැතුම්!

      කකා නම් එකෙක් සිනුවර බ්ලොග් ලියපී
      ජොකා ගැන ලියා උගේ පටි හිට් ගැනපී
      නිකා නොහිට තව වෙන බ්ලොග් අල කරපී
      කකා රසිකොලොජියෙක් වී හැව ඇරපී

      කන හැටි පාන්, බානා හැටි තට්ට හිස
      ලොකු පම්පෝරි ගැන හම්පඩ ටොප් කමිස
      ටෝපල් සැටිපිකට් තවුසන්ඩ් ටෝක් මිස
      වැදගත් දෙයක් ලියලා නැත කිසි දවස

      - පුත්තලම කනිෂ්ඨ කවි සමාජය (පු.ක.ක.ස)

      Delete
    2. ආසිරි රෝහලේ දත් ජොස්තර ‘කුමාරයා‘ තරුණියකගේ දත් බලන ගමන් ලිංගික අතවර කරලා

      (ලංකා ඊ නිව්ස් -2017.අගෝ.04, පෙ.ව‍‍‍‍‍.8.15) කොළඹ ප්‍රකට පුද්ගලික රෝහලක් වන ආසිරි පුද්ගලික රෝහලෙන් දන්ත ප්‍රතිකාර ලබා ගැනීමට ගිය තරුණියකට දන්ත ප්‍රතිකාර කරන අතරතුරදී දත් ජොස්තරයා විසින් ඇයගේ ශරීරය නොමනා ලෙස අත පත ගාමින් ලිංගික අතවරයක් කළා යැයි බලධාරීන් වෙත පැමිණිලි කර තිබේ.

      මෙම පාහර ක්‍රියාව කරන ලද දත් ජොස්තරයා නමින් කුමාර කළුආරච්චි නමැත්තෙකි. (සේයාරුවේ දැක්වේ) අතවරයට පත් තරුණියගේ ඥාතිවරියක වන ප්‍රියන්ති ජයසිංහ මහත්මිය විසින් ආසිරි පුද්ගලික රෝහලේ අධ්‍යක්‍ෂකවරයාටද , ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමයටද, ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට ද, මේ සම්බන්ධයෙන් ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. (එම පැමිණිල්ලේ පිටපතක් ලංකා ඊ නිව්ස් වෙත එවා ඇති අතර එය මෙහි දැක්වේ.)

      මීට ඉහතදීද දන්ත වෛද්‍ය කුමාර කළුආරච්චි විසින් තරුණ රෝගී කාන්තාවන්ට විවිධ අතවර සිදු කොට තිබෙන බවට වාර්තා වී ඇත​. මෙම පුද්ගලයාගේ නොමනා ක්‍රියා කලාපය නිසා ඔහුගේ වෛවාහික බිරිඳද මොහුව අතහැර දමා විදේශ ගතවී තිබේ.

      ලංකාවේ කෙතරම් වෛද්‍යවරුන්ගේ හිඟයක් පැවැතියද, මෙවැනි පාහර ජොස්තර නීචයන්ගේ වෛද්‍ය බලපත්‍ර අහෝසි කර, මොවුන්ට උගැන්වීමට මහජනතාව විසින් වියදම් කරන ලද බදු මුදල්ද මොවුන්ගෙන් අයකර, වෘත්තියෙන් පන්නා දමා වෛද්‍ය වෘත්තියේ උත්තම භාවය ආරක්ෂා කර ගැනීමට බලධාරීන් කටයුතු කළ යුතුය.

      Lanka E News


      Delete
    3. කෝ දැන් යහපාලනයේ පොලිසිය ,කොමිසෝන්
      ආසිරි පුද්ගලික රෝහලේ අධ්‍යක්‍ෂකවරයාටද , ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමයටද, ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට ද, මේ සම්බන්ධයෙන් ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ


      ප්‍රියන්ති ජයසිංහ මහත්මිය ඇයි පොලිසියට පැමිණිල්ලක් දැම්මේ නැත්තේ ඔය පොලිසිවල පොලිස් ළමා හා කාන්තා කාර්යාංශ වල පැමිණිල්ලක් දාලා එකේ පැමිණිලි අංකය සහ පොලිස්ස්ථානය කොහෙද

      කෝ මේවට ගත්ත පියවර දොස්තරව ඇරස්ට් කලාද

      පපඩ ෂෝ නේද>>>> බ්ලොග් පොලිස්ඉයන්.... ඇනොගේ XXX ටෞකන්න සිතාගෙන ඇඩ්වාන්ස් සල්ලිගත්ත එකාටවත් බැරිද පැමිණිල්ලක් දාන්න ශ්‍රී ලංකා පොලිසියේ

      Delete
    4. අතවරආරච්චි දැන් හැංගිලා.

      Delete
    5. ඇත්තටම මරාවාදී කුමාර කළුආරච්චි/අතවරආරච්චි කෙරෙහි මට ඇත්තේ පිළිකුලක් මිස වෛරයක් හෝ ක්‍රෝධයක් නොවේ. මම ඔහුට අනුකම්පා කරමි.

      මේ චෝදනා ඔප්පු වුවහොත් නිසි දඬුවම් ලැබිය යුතු ය. ඩෙන්ටෙකු සම්බන්ධයෙන් මෙවැනි චෝදනාවක් ඇසීම තරමක පුදුමයකි.

      නමුත් මේ බොරු චෝදනා මඩ ප්‍රහාරය නිර්මාණය කළ ඉයන් ලින්තොට/ අජිත් ධර්මකීර්තිලාත් දැන් ඉන්නේ හැංගිලා.

      Delete
    6. කුමාරකලුආරච්චි ගැන මමද විවේචන කළා. නමුත් මේ චෝදනාව නම් බැලූ බැල්මටම බොරුවක් බව පේනව. වින්දිතය අඩුතරමින් පැමිනිලි කරලවත් නෑ. බ්ලොග් පොලීසියටයි පැමිනිලි කරල තියෙන්නෙ. ලිංගිකත්වය ගැන චෝදනාවක් ආවම චෝදනාව එල්ල වීමත් සමගම වැරදිකාරය කෙරෙනව ස්වයන්ක්‍රීයවම . එහෙම ප්‍රවනතාවයක් රටේ තියනව. අරූ බත් මුල් දෙකක් කනව කිව්වම අපට ගානක් නෑ. හැබැය් මෙහෙම කතාවක් කීවම ලිංගික බඩගින්නෙන් පෙලෙන සමාජය යකෝ අපට බත් නෑ . නැත්නම් එක බත්මුලයි කුමාරය ට දවස ගානෙ අලුත් බත් මුල් කියල පිපිරෙනව.

      Delete
    7. මධ්‍යස්ථ මතධාරියා,

      ඇත්තටම මරාවාදී කුමාර කළුආරච්චි/අතවරආරච්චි කෙරෙහි මට ඇත්තේ පිළිකුලක්.

      ///(ලංකා ඊ නිව්ස් -2017.අගෝ.04, පෙ.ව‍‍‍‍‍.8.15) කොළඹ ප්‍රකට පුද්ගලික රෝහලක් වන ආසිරි පුද්ගලික රෝහලෙන් දන්ත ප්‍රතිකාර ලබා ගැනීමට ගිය තරුණියකට දන්ත ප්‍රතිකාර කරන අතරතුරදී දත් ජොස්තරයා විසින් ඇයගේ ශරීරය නොමනා ලෙස අත පත ගාමින් ලිංගික අතවරයක් කළා යැයි බලධාරීන් වෙත පැමිණිලි කර තිබේ. ///

      මේ චෝදනා ඔප්පු කර නිසි දඬුවම් ලැබිය යුතු අතවරආරච්චි ගැන/ මිනිහාගේ වැඩ ගැන හැමෝම දැනුවත් කරන්න ඕනි. ඉයන් ලිංතොට/ අජිත් ධර්මකීර්ති එක්ක සෙට්වෙලා මේ මරාට කඩේයන ගස්බල්ලාව නැත්තටම නැතිකරල දාමු. ඔබට උනත් කොච්චර මඩ ගහනවද එයා???

      අතවරආරච්චියා දැන් කොමෙන්ටුත් වහගෙන හැංගිලා. හිකිස්‌.

      ආන්න එළකිරි (http://www.elakiri.com/forum/showthread.php?p=22044654) එකේ ත්‍රෙඩ් එකක් යනවා කොමෙන්ට් 250 පැනලා, අතවරආරච්චිගේ ෆොටෝස් ටෙලිෆෝන් නම්බර් එක්කම.

      එතනටත් වරෙන් ආතල් එකක් දෙන්න.

      Delete
    8. Ano 8.54 AM

      මේ ත්‍රෙඩ් එක නෙමෙයි. මේකේ පිටු 5 යි තියෙන්නේ (කොමෙන්ට් 50). වෙන එකක් තියෙනවා. එකේ තමයි ඒ විස්තර තිබ්බේ. ඉන්න ආයේ බම්ප් කරලා ගන්නම්.

      එල එල කුමාර කලුආරච්චි ගෙරි කාඩ හොරිකඩ මරාගෙ අසූචි බුදින පරබල්ලාව නැත්තටම නැතිකරල දාමු. ඕකව දැනටමත් ආසිරි එකෙන් එලෝලා, මූට කොහේවත් රස්සාවක් කරන්න බැරි වෙන විදිහට වැඩේ දීල ඕකට පාරෙත් බැහැල යන්න බැරි තැනට වැඩේ දෙමු. මම මරික්කාර් මන්ත්‍රීතුමාට පුද්ගලිකව කතා කරල ඕකට කොළොන්නාවෙ ඉන්න බැරි තත්වයක් උදා කරන්නම්. ඊට පස්සෙ රටෙත් ඉන්න බැරි තැනට ගේම දෙනවා, අන්තිමට ඔය වල් පරයට රටිනුත් යන්න වෙන බවට මෙන්න කැට.

      හැබැයි එතනිනුත් අපි නවතින්නෙ නැහැ. ඕකට පිටරටකවත් සැනසීමෙන් ඉන්න දෙන්නෙ නැහැ, වල් පාහර බැල්ලිගෙ පුතා, ඕකට UK/ යුරෝප් යන්න බැරි තැනට අජිත් ධර්මකීර්තියි, චන්දිම විතානච්චියි වගබලාගනී. කැනඩා යන්න හැදුවොත් දොස්තර රුවන් ගානට වැඩේ දෙයි. ඔසී යන්න හැඩුවොත් රසික මූ ගැන බලාගන්නව. වල් පරය හිතුව මදි අපි එක්ක හැප්පෙන්න, බ්ලොග් එකෙන් ආණ්ඩු පෙරලන්න, මුගෙ අම්මට #$%@&, පර බල්ල.

      Delete
    9. හිතවත් ඉයන්, අජිත් ප්‍රමුඛ නෙළුම් යායේ මහත්වරුනි,

      මා සරස හෙවත් කුමාර නමැත්තාගේත් ඔබගේත් මිතුරකුවත් සතුරෙකුවත් නොවන හුදෙකලා නිදහස් බ්ලොග් පාඨකයෙක්මී. සිදුවන සිදුවීම් දුටුවිට මෙසේ ලියන්නට සිදුවිය.

      ඔබලා බෞද්ධයින් නොවෙතත් ලංකාවේ ප්‍රසිද්ධ බෞද්ධ පාඨයක් උපුටා දක්වන්නම්.

      "නහී වෙරෙන වෙරානි
      සම්මන්තී ධ කුදාචනං
      අවෙරෙන ච සම්මන්ති
      එසධමමො සනන්තනො"

      මෙහි අරුත මේ ලෝකයෙහි කිසිකලෙක වෛරයෙන් වයිරය නම් නො සන්සිදෙති. අවෛරයෙන් ම සන්සිදෙති. මෙය පෙර සිට එන ධර්මතාවයකි. හිත යට කැකෑරෙන වෛරයෙන් පළිගැනීමෙන් කිසිදා නොසංසිදී සදාකල් සිතට වධ දේ. එබැවින් සමාව සහ මෛත්‍රීය මගින් පමණක් සැනසීම උදාවේ.

      (හැබැයි මෙහෙම බණ කියාගෙන ආපු එක්කෙනෙක් නම් දැන් අවුරුදු තුනකට ආසන්න කාලයක් තිස්සෙම රට වෙනුවෙන් කිසිම දෙයක් නොකර මේ වෙනකම්ම කරන්නෙ පළිගන්න බවට වහසි බස් දොඩපු එක විතරමයි. දැන් එතුමා වෙනුවෙන් කතා කරපු අය කියන්නෙත් "මේ මිනිහගෙ ඇගේ දුවන්නෙ ලේ නෙමෙයි සැරව" කියලයි... පව්)

      ඔබ බොදු වදන් පිළිකුල් කරත් නම් ඊලඟට අපි ශුද්ධ වූ බයිබලය නව ගිවිසුම (මතෙව් 5 : 38 – 42) දෙසට නෙත් යොමමු.

      38. ‘ඇසට ඇස ය, දතට දත ය’ යන කීම ඔබ අසා ඇත. 39. එහෙත්, මම ඔබට කියමි, එදිරිකාරයාට විරුද්ධ ව එකට එක නොකරන්න. යමෙකු ඔබේ දකුණු කම්මුලට ගැසුවොත්, ඔහුට අනික් කම්මුල ද හරවන්න. 40 යමෙකු නඩු කියා ඔබේ කමිසය ගන්න කැමැති වුවොත්, ඔහුට ඔබේ කබායත් ගන්න අවසර දෙන්න. 41 හේවා නිලධාරියෙකු තම බඩු පොදිය එක කිලෝමීටරයක් දුර උසුලාගෙන යන්න ඔබට බල කළොත්, ඔහු සමඟ එය කිලෝමීටර් දෙකක් උසුලාගෙන යන්න. 42 ඔබෙන් ඉල්ලන්නාට දෙන්න; ඔබෙන් ණයට ගන්න කැමැති අයට පිටු නොපාන්න.”

      මෙනෙහි කිරීම

      ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගැන හදුනාගෙන විශ්වාස කරමින් ඔවුන් වහන්සේ මාර්ගය ලෙස පිළිගත් අපට අපගේ ජිවිත වල අරමුණු කරා ගමන් කිරීමේදී ජේසුස් වහන්සේගේ ඉගැන්වීම් ඉතා වැදගත්ය. එදා ස්වාමින් වහන්සේ පුරාණ ගිවිසුමේ නිතිය තුලින් ප්‍රේමයේ නිතිය අනාවරණය කර ඇත. ලෞකික පරිසරයක ජිවත වන අපට පලිගැනීම, ඊර්ශියාව වැනි ක්‍රියාවන් කෙරෙහි පොලබවන සිදුවින් වලට නිතර මුහුණ දෙන්නට සිදුවේ. අද දින සමාව දීමට නොහැකි අපගේ ජිවිත සිදුවීමක් සිහිපත් කර ප්‍රේමයෙන් සියල්ලට සමාව දී සමිදාණන් වහන්සේගේ බලය අත් දකිමු. පළිගැනීමේ ක්‍රමවේදය අවසාන කොට ආදරයේ ජිවිත ක්‍රමයකට සමාව දීම තුලින් පිවිසෙන්නට අදිටන් කර ගනිමු. ආමේන් !

      රාජපක්ෂ කඳවුරේ සරස ඇතුළු මහත්වරුනි,

      මෙම අනවශ්‍ය රණ්ඩුව විසඳාගැනීමට සාකච්ඡාවෙන් සම්මුතියෙන් මාර්ගයක් සොයාගන්නා මෙන් ඉතා ගෞරවයෙන් ඔබගෙන් ද ඉල්ලා සිටිමි. පළිගැනීමෙන් සැනසුම උදා නොවෙන බව පසක් කළ මැනවි.

      කිසිවෙකුටත් සිත් රිදවීමට කිසිසේත්ම අදහස් නොකලෙමි, නොසිතමි. හුදෙක් ඔබ අතර සාමය, කරුණාව මෛත්‍රීය පැතිරේවායි පතමි.

      මෙත්මල් පිබිදේවා බ්ලොග්ලොව සාමය ඇතිවේවා !

      Delete
    10. //ඉකොනොමැට්ටාට තාම සමර් නිවාඩුව නේද?//
      නිවාඩුව ඉවරයි. ඒ එක්කම රැකියාවට අදාළ වැඩත් ටිකක් වැඩි වුනා. දැන් ඉතින් කාලයකට බ්ලොග් එක පැත්තේ එන්න වෙන්නේ ඉඩ ලැබෙන පරිදි තමයි. :)

      Delete
    11. කුමාර කලුආරච්චි සිද්ධිය ගැන මම විග්‍රහ කරන්න යන්නේ නැහැ. ඕකේ පසුබිම දකින අයට නොතේරෙන දෙයක් නෙමෙයිනේ. එහෙම නොතේරෙන අය මම මොනව ලිවුවත් පිළිගන්න එකකුත් නැහැ. සාමාන්‍යයෙන් කමෙන්ට් ඉවත් නොකළත් අනවශ්‍යයයි කියා පැහැදිලිවම හිතන කමෙන්ට් මම ස්පෑම් යවනවා. පසුගිය කාලයේ එසේ යවපුවා හත අටක්ම තියෙනවා. මේ කමෙන්ට් මම ඉවත් නොකළේ හේතු කිහිපයක්ම නිසා එසේ කිරීම අවශ්‍ය බව මම නොසිතූ නිසයි. ඒවා විස්තර කරන්න යන්නේ නැහැ. හැබැයි මේ ගැන මේ බ්ලොග් එකේ නැවතත් මුදල් නොගෙවා ප්‍රචාරය කරන, කිසිදු අලුත් දෙයක් නැති, වෙළඳ දැන්වීම් වැටුණොත් මම ඒවා ඉවත් කරනවා.

      Delete
  7. පාසැල් ප්‍රේමය සුන්දරය, එය සිනමාව තුල කතා කිරීමේ ප්‍රශ්නයක් නැත. නමුත් කවුරුත් බලන රූපවාහිනිය තුළ එය මාකට් කර බඩ වඩා ගැනීම අතිශය අප්‍රසන්නය. මෙම කතාව හෝ කිසිදු රූපවාහිනී කතා මා නොබලතත්, මෙහි සිදු වන්නේ පාසැල් ප්‍රේමයට ගුරුවරු දෙපිල බෙදී උදව් කිරීම බවත්, ඔවුන්ගේ ප්‍රධාන කාර්ය සිසුන්ගේ පෙම් හබ බවත්, සමහර සිසුන් වීර චරිත ලෙස ගුරුවරු සලකන බවත් මෙය නරඹන සමහරු මට කියා ඇත. මම පාසල් ගියේ මිශ්‍ර පාසැලකට නොවුණත් අප පාසැලේ සමස්ත ලංකා කථික තරඟ, ගායනා තරඟ, ක්‍රීඩා තරඟ, ක්‍රිකට් තරඟ, කොටින්ම ශිෂ්‍ය භට ශූරතාවය දිනුවන්, උසස් පෙල ලංකාවේම ප්‍රථමයන් සිටියත්, කිසිවෙකු ගුරුවරුන් ගරු කරන සිසු වීරයන්වී නැත. කෙනෙක්ට මෙය හුදු ෆැන්ටසියක් ලෙස අර්ථ දැක්විය හැක, නමුත් ලාබාල පිරිස් නරඹන මෙයින් සිදු වන්නේ එම මනස් දූෂණය වීමයි.

    ReplyDelete
    Replies
    1. සමහරු කියන දේ අනුව අදහස් දැක්වීමට වඩා ඔබතුමාම එහි කොටස් කීපයක් හෝ නරබා අදහස් දැක්වුවානම් හොදයි නේද?
      එහෙම උනා නම් ඔය අදහස වෙනස් වෙන්නත් පුළුවන්.ඒ වගේම ආසන්න අවුරුදු කීපය තුල විකාශය වූ බොහෝ කතා හා ලංකාවේ මේ වන විට දකිනට ලැබෙන පාසල් සංස්කෘතියට සාපේක්ෂව මේ ගෙන අද්‍යනය කර බලන්න.

      Delete
    2. මටනම් මෙහි එතරම් ලොකු අවුලක් නැහැ. කාලවේලා ප්‍රශ්න නිසා එක දිගට නොබැලුවත් සමස්තයක් ලෙස ගත් විට බලන්න ආස හිතෙන ටෙලියක් කියා කිව හැකියි. එකම පසුතලයක් නැවත නැවත නිතර භාවිතා කිරීම කැපී පෙනෙන දෙයක්. ඇතැම් විට එය දෘශ්‍ය උපක්‍රමයක් විය හැකියි. කලා කෘති වලින් ළමයින්ට බලපෑමක් වෙනවා කියන එකේනම් ඇත්තක් තියෙනවා.

      Delete
  8. මේක බලලා තියෙනවද?
    http://www.baiscopelk.com/its-a-boy-girl-thing-2006/
    මේකෙ සමහර කොටස් මතක් වෙනකොටත් හිනා යනවා.

    මේ කතාවේ ගැහැණු ලමයා ගේ සහ පිරිමි ලමයගේ පවුල්වල ආර්ථික තත්වය සමානයි.
    නමුත් සමාජ තත්වය වෙනස්.

    ReplyDelete
    Replies
    1. බලල නැහැ. වෙලාවක් ලැබුණොත් හොයාගෙන බලන්නම්. (දැන් අපේ ග්‍රීෂ්ම නිවාඩුවත් ඉවරයි)

      Delete
  9. මමත් මේ නාට්‍යය කොටස් කීපයක් නරඹා තිබෙනවා... මම එයට වැඩි කැමැත්තක් නැත්තේ ප්‍රධාන වශයෙන්ම මගේ රසවින්දනයට එය නොගැලපෙන නිසයි. ඒට අමතරව එහි නොගැලපෙන දෑ කියලා මට හැඟුන දේවල් කීපයක් තියනවා. ළමයින්ගේ වයසට නොගැලපෙන ආකාරයේ තරුණ දෙමව්පියන්, හැම පසුතලයකම වගේ තියෙන තද රතු, නිල්, කහ ආදී වර්ණ, අර ප්‍රභාත් කියලා තියනව වගේ පාසල් ශිෂ්‍යයන් අතර ප්‍රේමය, සහ වැඩිහිටියන්ගේ ප්‍රතිචාර බොහෝ අභව්‍ය ලෙස හැඟීම සහ ඒවා විශේෂ අවස්ථා නොව අතිශය සාමාන්‍ය දේවල් ලෙස ඉදිරිපත් කිරීම වගේ දේවල්..

    එහි පිටපත නම් කාලයට අනුව වෙනස් වන එකක් කියලා විශ්වාසයි. සිම්බාබ්වේ ක්‍රිකට් කාණ්ඩායමෙන් ලැබූ පරාජය ගැනත් සඳහනක් තිබ්බා.

    ReplyDelete
    Replies
    1. පසුතලනම් කැපී පෙනෙනවා තමයි. එය හිතාමතා එසේ සකස් කර ඇති බව සිතිය හැකියි.

      Delete
  10. විචාරකතුමා හිටියනම් හොඳ ඒවා ලියයි. මමදවසක් දෙකක් මේ ටෙලිනාට්‍ය බැලුවා නාට්‍ය දුවාගන්න ප්‍රවීන නළු නිලියෝ අරන් ඒ මිනිස්සුත් බාල්දු වෙන නිර්මාණයක්. මෙහෙම ප්‍රේම කරනවනම් එක ඉස්කෝලයක් නෙවේ කෝලම් මඩුවක්

    ReplyDelete
    Replies
    1. //විචාරකතුමා හිටියනම් හොඳ ඒවා ලියයි.//
      ඒකනම් ඇත්ත. විචාරක දියණිය ලියල තියෙන්නෙත් බොහෝ විට පියා සිටියානම් ලියන දෙයම තමයි.

      Delete
  11. "Mutton dressed as lamb" is a time honoured practice of the humans, especially, of the fairer sex.

    ReplyDelete
  12. ලංකාවේ ටෙළිනාට්‍ය බලන එක අත ඇරලා ගොඩක් කල්. ඒ නිසා මේ ගැන දන්නේ නැහැ. ටෙලිනාට්‍යකින් හරි චිත්‍රපටියකින් හරි සමාජය ඒ අයුරින්ම නිරූපණය වියයුතුයි කියලා හිතන එක නම් මෝඩකමක්.

    ReplyDelete
    Replies
    1. ඔව්. එසේම නිරූපණය විය යුතු නැහැ. එහෙම බලනවනම් මේ ශිෂ්‍යයා ගැරේජ් එකක වැඩ කිරීමත් එතරම් තාත්ත්වික නොවන බව කියන්න පුළුවන්. ගැරේජ් වල වැඩ කරමින් පාසැල් යන සිසුන් ලංකාවේ ඕනෑ තරම් ඇති. ඒත්, ජාතික ක්‍රිකට් කණ්ඩායමට යන්න ඉඩ ලැබෙන මට්ටමේ පාසැලක ඉගෙන ගන්න හා ක්‍රිකට් ක්‍රීඩා කරන සිසුවෙක් එවැන්නෙක් වෙන්න තිබෙන ඉඩ ඉතාම සීමිතයි. නමුත්, නිර්මාණයක් ඇතුලේ එවැනි දේ සිදුවීම ප්‍රශ්නයක් නෙමෙයි.

      Delete
  13. මේ ටෙලියේ සින්දුනම් පට්ට.

    ReplyDelete
  14. එක කොටහක්වත් බලා නැති නිසා කිසිවක් පැවසිය නොහැක.

    ReplyDelete
    Replies
    1. අඩෝ කමී, ටෙලි නාට්ටි බලන්නේ කොහොමද බන් රටේ මිනිස්සු ඉන්නෙ පුදුමාකාර විදිහට කලකිරීමෙන්, එහෙන් රටේ ආර්ථිකය කඩා වැටිලා, බිස්නන්ස් ඔපොචුනිටීස්/ ජොබ්ස් අඩුවෙලා, බෝනස්/ ඉන්ක්‍රිමන්ට් කපලා. මෙහෙන් දූෂිත දේසපාලුවන්ගේ හිරිකිත හොරකම් නිසා ටීවී රේඩියෝ එෆ්බී බලන්නත් අප්පිරියයි.

      අපිත් ඡන්දෙ දීලා පත්කරගත්තු යහපාලන ආණ්ඩුවට පක්ෂව පෝස්ට් එකක් දැම්මොත් බලන එවුන් ඇවිත් අමු තිත්ත කුණුහබ්බෙන් බැනල කමෙන්ට් දානවා හෙලුවෙන් කඩේ යන්න එපා කියල. අනික් පැත්තෙන් සරසා කුමාර මල්ලෙ පොල් එකේ ආණ්ඩුවේ රෙදි හෝදන "රදවා" කියල මඩ ගහනවා.

      අනික් අතට ආණ්ඩුව විවේචනය කරල පෝස්ට් එකක් දැම්මොත් අපේ නම් ගම රස්සාව විස්තර හොයල අතේ පැලවෙන කෙබර ගලපල "ලංකා-ඊ-නිව්ස්" මඩ වෙබ් අඩවියේ මඩ ගහල ගහල චරිතය ඝාතනය කරල රස්සාවත් නැතිකරල දානව අජිත් ධර්මකීර්තිලා ඇතුළු නෙළුම් යායේ කැපුවත් කොළ යූ එන්පී කට්ටිය.

      ඉතින් කොහොමෙයි බන් ටෙලි නාට්ටි බලන්නේ, ආච්චිගේ ඇටේ තමයි.

      Delete
    2. //එක කොටහක්වත් බලා නැති නිසා කිසිවක් පැවසිය නොහැක.//
      කාර්ය බහුල නිසා හෝ වෙනත් හේතුවක් නිසා කමී සාමාන්‍යයෙන් වැඩිය ටෙලි නාට්‍ය නොබලන කෙනෙක් කියා හිතනවා. එක කොටසක්වත් බලා නැති නිසා රුචිකත්වයේ ප්‍රශ්නයක් විය නොහැකියි.

      Delete
  15. ඉකොනොමැට්ටා,

    ලංකාවේ මිනිස්සු ඉන්නෙ පුදුමාකාර විදිහට කලකිරීමෙන්, එහෙන් රටේ ආර්ථිකය කඩා වැටිලා, බිස්නන්ස් ඔපොචුනිටීස්/ ජොබ්ස් අඩුවෙලා, බෝනස්/ ඉන්ක්‍රිමන්ට් කපලා. මෙහෙන් දූෂිත දේසපාලුවන්ගේ හිරිකිත හොරකම් නිසා ටීවී රේඩියෝ එෆ්බී බලන්නත් අප්පිරියයි.

    අපිත් ඡන්දෙ දීලා පත්කරගත්තු යහපාලන ආණ්ඩුවට පක්ෂව පෝස්ට් එකක් දැම්මොත් බලන එවුන් ඇවිත් අමු තිත්ත කුණුහබ්බෙන් බැනල කමෙන්ට් දානවා හෙලුවෙන් කඩේ යන්න එපා කියල. අනික් පැත්තෙන් සරසා කුමාර මල්ලෙ පොල් එකේ ආණ්ඩුවේ රෙදි හෝදන "රදවා" කියල මඩ ගහනවා.

    අනික් අතට ආණ්ඩුව විවේචනය කරල පෝස්ට් එකක් දැම්මොත් අපේ නම් ගම රස්සාව විස්තර හොයල අතේ පැලවෙන කෙබර ගලපල "ලංකා-ඊ-නිව්ස්" මඩ වෙබ් අඩවියේ මඩ ගහල ගහල චරිතය ඝාතනය කරල රස්සාවත් නැතිකරල දානව අජිත් ධර්මකීර්තිලා ඇතුළු නෙළුම් යායේ කැපුවත් කොළ යූ එන්පී කට්ටිය.

    ඉතින් කොහොමෙයි blog පෝස්ට් දාන්නේ???

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: