වෙබ් ලිපිනය:

Monday, October 14, 2019

තනපට අහසට No BRA day


අවුරුදු හතරකට පෙර එන්රිකේ ඉග්ලේශියස් ලංකාවට ආපු වෙලාවේ තරුණියන් කිහිප දෙනෙකු විසින් තනපට ගලවා විසි කිරීම බොහෝ කතාබහට ලක් වූ සිදු වීමක්. මේ සිදුවීමට වඩාත් ලොකු ප්‍රසිද්ධියක් ලැබුණේ ජනාධිපති සිරිසේනගේ මඩු වලිග කතාවත් එයට එකතු වූ නිසයි.

ඊයේ (ඔක්තෝබර් 13) දිනය උතුරු ඇමරිකාවේ කාන්තාවන් රැසක් තනපටයක් නොපැළඳ සැහැල්ලුවෙන් සිටි දිනයක්. හැබැයි ඒ එන්රිකේ වැනි ගායකයෙකුගේ ගීයක් අසා කුල්මත් වූ නිසා නෙමෙයි. No BRA day ලෙස නම් කර තිබෙන මේ දිනයේ තමන්ගේ පියයුරු ගැන වැඩි අවධානයක් යොමු කරමින්, පියයුරු පිළිකාවක මූලික ලක්ෂණ ඇත්දැයි හඳුනා ගැනීම දිරි ගන්වනු ලබන නිසයි. ඒ වගේම පියයුරු පිළිකා ගැන අවධානය යොමු කෙරෙමින් පියයුරු පිළිකා පර්යේෂණ සඳහා මුදල් ආධාර එකතු කිරීමද මෙදින සිදු වෙනවා. ඔක්තෝබර් මාසය ඇමරිකාවේ මෙන්ම ලංකාවේද පියයුරු පිළිකා ගැන දැනුවත් වීමේ ජාතික මාසයද වෙනවා.

මේ දිනය මුලින්ම නම් කෙරී තිබෙන්නේ BRA day හෙවත් පියයුරු පිළිසකර කිරීම් පිළිබඳව දැනුවත් කිරීමේ (Breast Reconstruction Awareness) දිනය ලෙසයි. එහි අරමුණ වී තිබෙන්නේ සුවය ලැබූ පියයුරු පිළිකා රෝගීන්ව පියයුරු පිළිසකර කර ගැනීම පිණිස  උනන්දු කරවීමයි. පසුව මේ දිනය වඩා පුළුල් අරුතක් සහිතව No BRA day ලෙස විකාශනය වී තිබෙනවා.

පසුගිය 2018 වසර තුළ පමණක් ලංකාවෙන් පිළිකා රෝගීන් 23,530 දෙනෙකු හඳුනාගනු ලැබුණා. ඒ අතරින් වැඩිම පිරිසක් හෙවත් 3,091ක් පියයුරු පිළිකා රෝගීන්. පිළිකා රෝගීන් ලෙස හඳුනාගත් කාන්තාවන් අතරින් 24%ක්ම පියයුරු පිළිකා රෝගීන්. වසර තුළ පිළිකා හේතුවෙන් සිදුවූ මරණ ගණන 14,013ක්. ඒ අතරින් 1,183ක් පියයුරු පිළිකා හේතුවෙන් සිදු වූ මරණ.

මුල් අදියරේදී හඳුනා ගතහොත් පියයුරු පිළිකා ඇතුළු ඕනෑම පිළිකාවකට ප්‍රතිකාර කිරීම පහසුයි. පියයුරු පිළිකාවක ලක්ෂණ මුල් අදියරේදීම හඳුනා ගැනීම පිණිස අඩු වශයෙන් මසකට වරක්වත් තමන්ගේ පියයුරු වල ගැටිත්තක් හෝ අසාමාන්‍ය තද ගතියක් ඇති තැනක් ඇත්දැයි විමසිලිමත් වීම නිර්දේශ කෙරෙන අතර මාස් ශුද්ධියෙන් පසු දහවන දිනයේ හෝ එවැනි නිශ්චිත දිනයක මේ ස්වයං පරීක්ෂාව සිදු කිරීම වඩා යෝග්‍ය බව පැවසෙනවා.

මේ ස්වයං-පරීක්ෂාව කරන ආකාරය පිළිබඳව ලංකාවේ ජාතික පිළිකා මර්දන වැඩසටහනේ උපදෙස් පහත තිබෙනවා.



5 comments:

  1. යොමු වේවා මෙයට නෙත් හැම අඟනන්ගේ
    අදහස වටිනවා, ලිපියේ කසුන් වගේ!

    ReplyDelete
  2. ඉකොනෝ මහත්තයා දැන් බ්‍රේසියර්ද අදින්නේ?

    ReplyDelete
  3. විසි කලත් රණ තිසර පට
    ඈත අහසට යළි නොඑන්නට
    නිසි කලට විමසා බලනු මැන
    ගැටිති තනපුඩු වල නොඑන්නට

    ReplyDelete
  4. ලංකාවේ පිරිමි අතර බහුල මුඛ පිළිකා ගැනත් වැඩි අවදානයක් යොමුකළ යුතුයි. මුඛපිලිකා වලට ප්‍රධාන හේතුව බුලත් විට කෑමයි.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: