වෙබ් ලිපිනය:

Friday, January 29, 2021

සාමූහික ප්‍රතිශක්තිය දැනටමත් ඇවිත්ද?


පසුගිය සති තුනක කාලය ඇතුළත ඇමරිකාවෙන් දෛනිකව හමුවන කෝවිඩ් ආසාදිතයින් ප්‍රමාණයේ සීඝ්‍ර අඩු වීමක් පැහැදිලිව දැක ගත හැකියි. පසුගිය වසර මුල ඇමරිකාවේ කෝවිඩ් ව්‍යාප්තිය ආරම්භ වීමෙන් පසුව දෛනික ආසාදිතයින් ප්‍රමාණයේ මෙවැනි සීඝ්‍ර අඩු වීමක් දැකිය හැකි වී තිබෙන්නේ පළමු වරටයි. 

දෛනික මරණ ප්‍රමාණයේ ලොකු වෙනසක් තවමත් දැකිය නොහැකි වුනත් මරණ ප්‍රමාණයද අඩු වෙන්නට පටන් ගෙන ඇති බව යාන්තමින් පෙනෙනවා. සාමාන්‍යයෙන් මරණ ප්‍රමාණය අඩු හෝ වැඩි වන්නේ දෛනික ආසාදිතයින් ප්‍රමාණය අඩු හෝ වැඩි වී සති තුනකට පමණ පසුවයි.

ඇමරිකාවේ කෝවිඩ් ව්‍යාප්තිය පාලනය වීමට එන්නත්කරණය දායක වී ඇති බවට සැකයක් නැතත්, එය එකම හේතුව විය නොහැකියි. තවමත් එන්නත්කරණය කර තිබෙන්නේ ඇමරිකානු ජනගහණයෙන් 8%ක් පමණයි. 

ජනගහණයෙන් 8%ක් එන්නත්කරණයට ලක්ව තිබෙද්දී ජනගහණයෙන් තවත් 8%ක් මේ වන විට කෝවිඩ් ආසාදිතයින් ලෙස හඳුනා ගෙන තිබෙනවා. රට පුරා සිදු කර ඇති අහඹු ප්‍රතිදේහ පරීක්ෂා වල ප්‍රතිඵල අනුව පෙනී ගොස් තිබෙන්නේ සැබෑ කෝවිඩ් ආසාදිතයින් ප්‍රමාණය හඳුනා ගන්නා ආසාදිතයින් ප්‍රමාණය මෙන් හතර ගුණයක් පමණ විය හැකි බවයි. මේ අනුව, ඇමරිකානු ජනගහණයෙන් 32%කට පමණ මේ වන විට කෝවිඩ් ආසාදනය වී තිබිය යුතුයි. එන්නත් ලබා ගෙන තිබෙන 8%ද එකතු කළොත් එයින් අදහස් වෙන්නේ මේ වන විට ඇමරිකාවේ ජනගහණයෙන් 40%කට පමණ කිසියම් ආකාරයක ප්‍රතිශක්තියක් ලැබී තිබිය යුතු බවයි.

ඇමරිකාව වැනි විශාල රටක සමස්තයක් ලෙස 40%කට පමණ පිරිසකට කිසියම් ආකාරයක ප්‍රතිශක්තියක් ලැබෙන විට ඇතැම් ප්‍රදේශ වල මෙම ප්‍රතිශතය සාමූහික ප්‍රතිශක්තිය සඳහා අවශ්‍ය මට්ටමට ලඟා වී තිබිය හැකියි. ඒ අනුව, මේ වන විටද ඇමරිකාව සාමූහික ප්‍රතිශක්තිය කරා පිය නගමින් සිටිනවා වෙන්න පුළුවන්. 


එක්සත් රාජධානියේද මේ ආකාරයේම රටාවක් දැකිය හැකියි. මේ වන විට එක්සත් රාජධානියේ ජනගහණයෙන් 12.3%ක්  එන්නත්කරණය කර තිබෙන අතර ජනගහණයෙන් 5.5%ක් පමණ කෝවිඩ් ආසාදිතයින් සේ හඳුනා ගෙන තිබෙනවා. එක්සත් රාජධානියේ සැබෑ ආසාදිතයින් ප්‍රමාණය හඳුනාගත් ආසාදිතයින් ප්‍රමාණය මෙන් පස් ගුණයක් පමණ විය හැකි බවට ඇස්තමේන්තු කර තිබෙනවා. ඒ අනුව, මේ වන විට එක්සත් රාජධානියේ ජනගහණයෙන්ද 40%කට පමණ කිසියම් ආකාරයක ප්‍රතිශක්තියක් ලැබී තිබිය යුතු බවයි පෙනෙන්නේ. පසුගිය තෙසතිය තුළ එක්සත් රාජධානියෙන් අළුතින් හඳුනා ගැනෙන දෛනික ආසාදිතයින් ප්‍රමාණය අඩකින් පමණම අඩු වී තිබීම මේ කරුණ සනාථ කරනවා.

11 comments:

  1. ඊශ්‍රාලයේ 52.4%ක් එන්නත්කරණය කර තිබුණත් වක්‍රයේ සැලකියයුතු පහත වැටීමක් තවම දකින්නට නැහැ නේද?

    ReplyDelete
    Replies
    1. පසුගිය දෙසතිය තුළ ඊශ්‍රායලයේ දෛනික ආසාදිතයින් ප්‍රමාණයද 20-25%කින් පමණ අඩු වී තිබෙනවා. ඉදිරි සති දෙක තුන තුළ විශාල අඩුවීමක් දැකිය හැකි වේයැයි මා හිතනවා.

      Delete
  2. අපේ රටට ඔව්වාගෙන් පලක් නැත
    ගෙන්වා තිබෙනවා නෙව විදිනා බෙහෙත
    ඊටත් වැඩිය පට්ටයි අර පැණි බේත
    අන්න ඇමැතිනීටත් වැරදිල 'පැත්ත'

    ReplyDelete
  3. කොරෝනා රෝගය නැවත නැවතත් ආසාදනය වෙන තත්වයක් තුල (re infection) සාමුහික ප්‍රතිශක්තිය කෙතරම් ප්‍රායෝගිකද ඉකොනෝ?

    ReplyDelete
    Replies
    1. නැවත ආසාදනය වෙන්න ඉඩක් තිබීම සාමූහික ප්‍රතිශක්තිය ඇති කර ගැනීමට හා පවත්වා ගැනීමට බාධාවක් නෙමෙයි. කොහොමටත් එන්නත ලබා ගත්තත් ආසාදනය වෙන්න යම් ඉඩක් තිබෙනවා. එන්නත ලබාගත් පසු එම සම්භාවිතාව විශාල ලෙස අඩු වෙනවා. කාලයකදී ප්‍රතිශක්තිය නැති වෙනවා කියන්නේ එන්නතේ බලපෑම නැති වීම කියා කිව හැකි වුවත් එය හරියටම යම් නිශ්චිත කාලයකට පසුව එක වර සිදුවන දෙයක් නෙමෙයි. ටිකෙන් ටික සිදු වෙන දෙයක්. ඒ වගේම හැම කෙනෙකුටම එක විදිහටම සිදු වන දෙයකුත් නෙමෙයි. යම් කාලයකට පසුව සැලකිය යුතු පිරිසක් විසින් බූස්ටර් මාත්‍රාවක් ලබා ගැනීමෙන් සමාජයක සාමූහික ප්‍රතිශක්තිය තව දුරටත් පවත්වා ගන්න පුළුවන්. මේ කාලය කොපමණද කියා අපි තවමත් හරියටම දන්නේ නැහැ. ඊට වඩා නරක තත්ත්වයක් වන්නේ එන්නත හරහා ලබා දෙන ප්‍රතිශක්තියට ඔරොත්තු දිය හැකි තරමට වෛරසය වෙනස් වීමයි. එන්නත් සැලසුම් කරන ආකාරය අනුව යම් වෙනස් වීම් ප්‍රශ්නයක් නොවුනත් ගොඩක් වෙනස් වී එන්නතට ඔරොත්තු දෙන වෛරස් ප්‍රභේද හැදෙන්න පුළුවන්. මෙවර සිදු වුනේ එවැනි තත්ත්වයකට පවා වඩා සාර්ථකව මුහුණ දෙන්න මානව සංහතිය සූදානම් වීමක්.

      Delete
  4. මෘගයාගේ සලකුන අතේ ( කොවිඩ් එන්නත) හෝ
    නළලේ (නියුරොලින්ක් චිපය) සටහන්කරගත්තොත් උඹලට ස්වර්ගයට යන්න බැරිවෙයි.

    තීරණය උඹලගෙ අතේ.

    ReplyDelete
  5. මහා පරිමානයෙන් කොවිඩ් එන්නත ලබාදෙන එන්ගලන්තයේ Salisbury Cathedral එකේ organ එක දිගටම වාදනය කරනවා කියලා news එකක් දැක්කා, විශේශයෙන්ම මේ දවස්වල එන්නත ලබාගන්නෙ වයස්ගත අය නිසා, ඒගොල්ලන්ගෙ හිතේ තිබෙන stress එක soothing music මඟින් අඩුවෙයි කියන බලාපොරොත්තුවෙන්. ලෝකේ හොඳ දේවල් කොයි තරම් වෙනවද.

    UK, USA වගේ රටවල සාමුහික ප්‍රතිශක්තිය, එන්නත ගැන දැනට ලැබෙන අත්දැකීම් වලින් 'වැඩිපුර' යමක් ඉගෙන ගැනීමෙ වාසිය ඕස්ට්‍රේලියාව, නවසීලන්තය වගේ රටවලට ලැබෙනවා සීතල කාලය සහ flu season එක පටන් ගන්නෙ මැයි, ජූනි මාසවල නිසා. Gaining at the expense of others කියන එකට යම් තරමක උදාහරනයක්.

    ReplyDelete
  6. එසේ වී ඇත්නම් හොඳයි , සුභ පැතුම්

    ReplyDelete
  7. මගේ අදහස නම් වයිරසයේ සමහර ප්‍රභේද වලටද එන්නත් වැඩි දියුණු කළ යුතු බවයි. මේ වයිරසය එසේ ඉක්මනින් පරිණාමය වන එකක් බව බ්‍රිතාන්‍ය හා බ්‍රසිල් ප්‍රභේද වලින් පෙනෙන නිසා.

    ReplyDelete
  8. If the herd immunity has increased with approximately 40 percent of patients, I assume in few more months 60 per cent of population may get infected and heard immunity may stop the spread of virus. In such a scenario is there any purpose of finding an injection as a society?

    ReplyDelete
    Replies
    1. I am not sure what you mean by the term “as a society”. At least in the Western countries private firms are investing the capital of their shareholders in vaccines. When they do that, they consider all risks they face. Of course, a huge amount of tax money was pumped to develop vaccines faster. That is a social investment. We may not need to continue doing that.
      The story I have here is still somewhat speculative. We do not know exactly how close we are to herd immunity. In other words, the level of uncertainty is very high. If USA, UK, and many other countries will reach the level of heard immunity soon, still there are remaining issues. First, we do not know how long immunity will last after an infection. Second, immunity may not work for some new mutations. Third, many people who have been infected do not know that. They will continue to demand vaccines.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: