වෙබ් ලිපිනය:

Saturday, May 1, 2021

සූරාකෑම් නැති කරමු!


අද තවත් මැයි දිනයක්. ලංකාවේ මැයි දින පෙළපාලි හා රැස්වීම් වලදී බොහෝ විට ශ්‍රමය සූරාකෑම ගැන අහන්න ලැබෙනවා. ධනවාදයේ අමානුෂිකත්වය ගැන අහන්න ලැබෙනවා. ධනවාදය පෙරළා හදන නිර්ධන පංති ආඥාදායකත්වයක් ගැන අහන්න ලැබෙනවා. එහෙත් මේ පෙළපාලි හා රැස්වීම් වලට සහභාගී වන අය එසේ කරන්නේ ධනවාදය කියා කියන්නේ කුමක්ද කියාවත් හරියටම නොදැනයි. පෙළපාලි වලට සහභාගී වන අය තියා ඒවා සංවිධානය කිරීමේදී නායකත්වය ගන්න හා රැස්වීම් වල කතා පවත්වන බොහෝ දෙනෙකුත් තමන් නොයෙක් වර අසා කට පාඩමේ තිබෙන දේ ඔහේ වක්කරනවා හැර තමන් කියන දේ ගැන නිදහසේ හිතා බලා තිබෙන අය නෙමෙයි.

ධනවාදයට විසඳුම් දිය නොහැකි, මාක්ස්වාදයට විසඳුම් දිය හැකි ප්‍රශ්න මොනවාද කියන එකට තවමත් කිසිවකුගෙන් කිසිම පිළිතුරක් ඉදිරිපත් වී නැහැ. මෙය විවෘත ප්‍රශ්නයක්. ධනවාදය විවේචනය කරන හෝ සමාජවාදය වෙනුවෙන් පෙනී සිටින කෙනෙක් මුලින්ම මේ ප්‍රශ්නයට පිළිතුරක් ඉදිරිපත් කළ යුතුයි. 

පෞද්ගලික ප්‍රාග්ධනය තිබියදී නොවිසඳෙන එහෙත් පෞද්ගලික ප්‍රාග්ධනයේ අයිතිය නැති කර ප්‍රාග්ධනයේ අයිතිය නිර්ධන පංති ආඥාදායකත්වයක ඒකාධිකාරයකට හෙවත් රාජ්‍ය ඒකාධිකාරයකට යටත් කළ විට විසඳෙන ගැටළුව කුමක්ද? එම ගැටලුව පෞද්ගලික ප්‍රාග්ධනය තිබියදී නොවිසඳන්නේ හා ප්‍රාග්ධනයේ රාජ්‍ය ඒකාධිකාරයක් යටතේ විසඳන්නේ කොහොමද? වැඩිය අවශ්‍ය නැහැ. පුළුවන් කෙනෙක් ඉන්නවානම් පළමුව එක ගැටලුවක් අරගෙන පැහැදිලි කරන්න. තමන් ධනවාදය විවේචනය කරන්නේත්, මෙතෙක් විවේචනය කළේත් තේරුමක් ඇතිවද කියා නිදහසේ හිතා බලන්න.

ධනවාදය කියා කියන්නේ කෝකටත් තෛලයක් නෙමෙයි. ධනවාදයේ අඩුපාඩු ඕනෑ තරම් තිබෙනවා. ඒවා රහස් නෙමෙයි. එහෙත්, ලෝකයේ, විශේෂයෙන්ම ලංකාවේ, බොහෝ ප්‍රශ්න වලට හේතුව ධනවාදයක් නැතිකම මිස නැති ධනවාදය නෙමෙයි. වැඩවසම් යුගයකට සමාජය ආපසු දක්කන ප්‍රතිගාමී සමාජවාදී දෘෂ්ඨිවාදයෙන් මිදී ධනවාදී ප්‍රතිසංස්කරණ කිරීමෙන් හැම වත්මන් ප්‍රශ්නයක්ම විසඳාගත නොහැකි වුවත් බොහෝ ප්‍රශ්න විසඳාගත හැකියි.

ධනවාදයේ සදාචාරාත්මක පදනම වන්නේ ශ්‍රමයේ ආන්තික ඵලදායීතාවය ශ්‍රමය සපයන අයටත්, ප්‍රාග්ධනයේ ආන්තික ඵලදායීතාවය ප්‍රාග්ධනය සපයන අයටත් හිමි විය යුතු බවයි. එසේ ලැබෙන තමන්ගේ කොටස වෙනත් අය සමඟ බෙදා හදා ගැනීම ඒ අයගේ කැමැත්ත පරිදි සිදු විය දෙයක්. මෙයින් වෙනස්ව මාක්ස්වාදය විසින් යෝජනා කරන්නේ ප්‍රාග්ධනය වෙනුවෙන් කිසිවක් හිමි වීම වැරැද්දක් බවයි. එහි පදනම වන්නේ පෞද්ගලික ප්‍රාග්ධනය කියන්නේම ඓතිහාසිකව සිදු වූ  වැරැද්දක ප්‍රතිඵලයක් බවයි. ක්‍රිස්තියානි ආගම් වලට අනුව ආදම් හා ඒව විසින් කළ ආරම්භක පාපය නිසා ඕනෑම හොඳ මිනිහෙක් උපතින්ම පවුකාරයෙක්. පෞද්ගලික ප්‍රාග්ධනය පිළිබඳ මාක්ස්වාදී අදහසත් ඒ වගේ එකක්.

ශ්‍රමය හා ප්‍රාග්ධනය අතර සම්පත් බෙදී යා යුතු ආකාරය පිළිබඳව ධනවාදය හා මාක්ස්වාදය විසින් යෝජනා කරන සදාචාරාත්මක රාමු අතර වෙනස පැහැදිලි කිරීම සඳහා මම කොබ්-ඩග්ලස් ආකෘතිය යොදා ගත්තා. කොබ්-ඩග්ලස් ආකෘතිය ධනවාදයට සම්බන්ධ දෙයක් නෙමෙයි. එම ආකෘතියෙන් පෙන්වන්නේ කිසියම් නිෂ්පාදන ක්‍රමවේදයක් තුළ ශ්‍රමය හා ප්‍රාග්ධනය නිෂ්පාදිතයක් බවට පරිවර්තනය වන ආකාරයයි. මේ ආකෘතිය හැම නිෂ්පාදනයකටම ගැලපෙන්නේ නැති වුවත්, බොහෝ නිෂ්පාදන සඳහා ගැලපෙන නිසා පොදුවේ රටක සමස්ත නිෂ්පාදිතය ආකෘතිගත කිරීම සඳහා යොදාගත හැකියි.

කොබ්-ඩග්ලස් නිෂ්පාදන ශ්‍රිතය මෙවැන්නක්.

Y = F(K,L) = AKαLß 

මෙහි A, α හා ß ද පරාමිතීන්. ඒවා කෙටිකාලයක් ඇතුළත වෙනස් වන්නේ නැහැ. විචල්‍යයන් වන්නේ K සහ L පමණයි. K යනු යොදවන ප්‍රාග්ධන ඒකක ප්‍රමාණය. L යනු යොදවන ශ්‍රම ඒකක ප්‍රමාණය.

කොබ්-ඩග්ලස් නිෂ්පාදන ශ්‍රිතය සන්තතික ශ්‍රිතයක් නිසා ඒ අනුසාරයෙන් ශ්‍රමයේ හා ප්‍රාග්ධනයේ ආන්තික ඵලදායීතාවන් හරියටම පෙන්වා දිය හැක්කේ අවකලනය යොදාගෙනයි. මෙය අප විසින් දැනටමත් කර තිබුණත් එවැනි පැහැදිලි කිරීමක් කියවන බොහෝ අයට බර වැඩි විය හැකි නිසා අද අපි මෙය ඊට වඩා ටිකක් සරල විදිහට හදාරමු. සන්තතික ශ්‍රිතයක් අසන්තතික සේ සලකා කරන පැහැදිලි කිරීමක් නිසා මෙහි ඉදිරිපත් කරන ගණන් නිවැරදි වන්නේ ආසන්නව පමණයි. එහෙත් පැහැදිලි කිරීම සඳහා එවැන්නක් කිරීමේ ප්‍රශ්නයක් ඇතැයි මම හිතන්නේ නැහැ. මෙය කරන්නේ "ඉකෝන්, කොබ්-ඩග්ලස්නම් ආයේ එපා!" කියා කියන පාඨකයින් වෙනුවෙන්.

ඒ එක්කම අපි අපේ කොබ්-ඩග්ලස් ශ්‍රිතයේ පරාමිතීන් සඳහා නිශ්චිත අගයයන් යොදා ගනිමු. අප යොදා ගන්නා ගණන් ඇමරිකාව, එක්සත් රාජධානිය හා චීනය ඇතුළු විශාල හා පුළුල් ආර්ථිකයන් තිබෙන රටවල් ගණනාවක එම පරාමිතීන් සමඟ සැසඳෙනවා. 

Y = F(K,L) = 10K0.4L0.6 

මෙයින් අදහස් වන්නේ කුමක්ද කියන එක පැහැදිලි කිරීම සඳහා මම පහත වගුව ඉදිරිපත් කරන්නම්. 

මේ වගුව කියවිය යුත්තේ කොහොමද? සිරස් තීරුවක් දිගේ ඉහළ සිට පහළට යද්දී පෙනෙන්නේ K නියතව තිබියදී L වැඩි වන විට Y වැඩි වන ආකාරයයි. ඒ වගේම, තිරස් තීරුවක් දිගේ වමේ සිට දකුණට යද්දී පෙනෙන්නේ L නියතව තිබියදී K වැඩි වන විට Y වැඩි වන ආකාරයයි. වම්-ඉහළ කෙළවරේ සිට දකුණු-පහළ කෙළවර දක්වා විකර්ණය දිගේ යද්දී පෙනෙන්නේ K සහ L සමානුපාතිකව වැඩි කර ගෙන යද්දී Y වැඩි වන ආකාරයයි.

කොබ්-ඩග්ලස් ශ්‍රිතයේ විශේෂත්වයක් වන්නේ K සහ L සමානුපාතිකව වැඩි කර ගෙන යද්දී Y ද එම අනුපාතයෙන්ම වැඩි වීමයි. K=L=1 වූ විට Y=10 වන අතර K=L=5 වූ විට Y=50 ද K=L=10 වූ විට Y=100 ද වෙනවා. මෙය තේරුම් ගැනීම සඳහා ඔබට සිතේ මවාගන්න අවශ්‍යනම්, එක් ශ්‍රමිකාවක් හා එක් ඇඳුම් මසන මැෂිමක් ඇති විට නිෂ්පාදිතය ඇඳුම් 10ක්නම්, ශ්‍රමිකාවන් 10ක් හා ඇඳුම් මසන මැෂිම් 10ක් ඇති විට නිෂ්පාදිතය ඇඳුම් 100ක්. මෙය බොහෝ කර්මාන්ත සඳහා නරක උපකල්පනයක් නෙමෙයි. මේ උපකල්පනය නොගැලපෙන කර්මාන්තයකට කොබ්-ඩග්ලස් නිෂ්පාදන ශ්‍රිතය ගැලපෙන්නේ නැහැ. කොබ්-ඩග්ලස් ශ්‍රිතය යොදාගත හැකි සීමාව මේ උපකල්පනයෙන් සීමා වෙනවා.

දැන් මේ වගුවෙන් අපි ශ්‍රමයේ ආන්තික ඵලදායීතාවය හොයා ගන්නේ කොහොමද? ශ්‍රමයේ ආන්තික ඵලදායීතාවය කියා කියන්නේ අනෙකුත් සියලුම සාධක නොවෙනස්ව තිබියදී ශ්‍රමය වැඩි කිරීමෙන් වැඩි වන නිෂ්පාදිතයයි. මෙය හොයා ගන්න අපිට ප්‍රාග්ධනය නියතව තියන්න වෙනවා. ප්‍රාග්ධනය වැඩි නොකර, ශ්‍රමය පමණක් වැඩි කළ විට නිෂ්පාදිතය වැඩි වේනම් ධනවාදයේ සදාචාරත්මක පදනම අනුව, එසේ වැඩි වූ නිෂ්පාදිතය ශ්‍රමය සැපයූ අයට හිමි විය යුතුයි.

අපි K=5 ලෙස ප්‍රාග්ධනය නියතව තබා L=1 සිට L=2 දක්වා ශ්‍රමය වැඩි කරමු. එවිට Y=19 සිට Y=29 දක්වා ඒකක 10කින් නිෂ්පාදිතය ඉහළ යනවා. මෙය අදාළ අවස්ථාවේදී ශ්‍රමයේ ආන්තික ඵලදායීතාවයයි. එම ඒකක 10 වැඩි වුනේ ලබා දුන් අමතර ශ්‍රම ඒකකය නිසා. දැන් අපි L=3 දක්වා ශ්‍රමය තවත් වැඩි කරමු. එවිට Y=37 දක්වා නිෂ්පාදිතය තවත් ඒකක 8කින් ඉහළ යනවා. නිෂ්පාදිතය ඉහළ ගියත් කලින් අවස්ථාවේ ඉහළ ගිය ප්‍රමාණයට වඩා අඩුවෙන්. ඒ නිසා, ශ්‍රමයේ ආන්තික ඵලදායීතාවය ඒකක 10 සිට 8 දක්වා අඩු වෙනවා. මේ අයුරින්,  K=5 ලෙස නියතව තිබියදී L දිගින් දිගටම වැඩි කළොත් ශ්‍රමයේ ආන්තික ඵලදායීතාවය ඒකක 7, 6 හා 5 දක්වා ටිකෙන් ටික අඩු වෙනවා.

මෙයින් එක දෙයක් පැහැදිලි විය යුතුයි. ශ්‍රමයේ ආන්තික ඵලදායීතාවය තීරණය වන්නේ "මහන්සි වී වැඩ කිරීම" හෝ "වැඩ කරන පැය ගණන" මත පමණක් නෙමෙයි. එය තීරණය වන්නේ සමස්ත නිෂ්පාදන ක්‍රියාවලිය මත. ධනවාදය පෙනී සිටින්නේ මේ සමස්ත නිෂ්පාදන ක්‍රියාවලියේ කාර්යක්ෂමතාවය වෙනුවෙන්. ඒ තුළ, මහන්සි වී වැඩ කරන හෝ වැඩි කාලයක් වැඩ කරන අයට වැඩි ප්‍රතිලාභ හිමි වුනත් වැදගත්ම කරුණ එය නෙමෙයි. ධනවාදය යටතේදී මහන්සි වී වැඩ කරන වගේම එසේ නොකරන අයටත් වඩා අකාර්යක්ෂම ක්‍රමයක් යටතේ ලැබෙනවාට වඩා ප්‍රතිලාභ ලැබෙනවා.

ප්‍රාග්ධනය සම්බන්ධවත් මේ වගේම පැත්තක් තිබෙනවා. අපි L=5 ලෙස ශ්‍රමය නියතව තබා K=1 සිට K=2 දක්වා ප්‍රාග්ධනය වැඩි කරමු. එවිට Y=26 සිට Y=35 දක්වා ඒකක 9කින් නිෂ්පාදිතය ඉහළ යනවා. මෙය අදාළ අවස්ථාවේදී ප්‍රාග්ධනයේ ආන්තික ඵලදායීතාවයයි. එම ඒකක 9 වැඩි වුනේ ලබා දුන් අමතර ප්‍රාග්ධන ඒකකය නිසා. එහි අයිතිය මුළුමනින්ම තිබෙන්නේ ප්‍රාග්ධනය ලබා දුන් අයටයි. එම වැඩි වීමට ශ්‍රමයේ ආන්තික දායකත්වයක් නැහැ. ඒ වගේම කලින් අවස්ථාවේදී මෙන් L=5 ලෙස ශ්‍රමය නියතව තබා යොදවන ප්‍රාග්ධනය වැඩි කරගෙන ගියොත් ප්‍රාග්ධනයේ ආන්තික ඵලදායීතාවය ඒකක 6, 5, 4, 3 ලෙස ක්‍රමයෙන් අඩු වී යනවා. 

මෙයින් අදහස් වන්නේ ධනවාදී පරමාදර්ශයක් තුළ නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා ප්‍රාග්ධනය වැඩියෙන් යෙදෙවූ විට ලැබෙන අමතර ප්‍රතිලාභ වලින් ශ්‍රමය සපයන අයට වාසියක් නොලැබෙන බව නෙමෙයි. මෙය පැහැදිලි කර ගැනීම සඳහා අපි K=1 ලෙස තිබියදී L=9 සිට L=10 දක්වා වැඩි වූ විට සිදුවන දෙය බලමු. මෙහිදී නිෂ්පාදිතය ඒකක 3කින් ඉහළ යනවා. ශ්‍රමිකයන්ට වැටුප් සේ ලබා ගත හැකි උපරිම මුදල මේ ඒකක තුනේ වෙළඳපොළ වටිනාකමයි. මේ අවස්ථාවේදී ශ්‍රමයේ ආන්තික ඵලදායීතාවය ඒකක 3ක් පමණයි. එහෙත්, K=1 වෙනුවට K=10 ලෙස තිබියදී L=9 සිට L=10 දක්වා වැඩි වූ විට සිදුවන්නේ කුමක්ද? මෙහිදී නිෂ්පාදිතය ඒකක 6කින් ඉහළ යනවා. ඒ කියන්නේ දැන් ශ්‍රමිකයින්ගේ වැටුප් දෙගුණ වෙලා. නමුත් එසේ වුනේ ඔවුන් වඩා මහන්සි වී වැඩ කළ නිසා හෝ වැඩියෙන් වැඩ කළ නිසා නෙමෙයි. යෙදවුණු ප්‍රාග්ධනය ඉහළ ගිය නිසා. ඒ වගේම ශ්‍රමිකයන් විසින් මෙහිදී ප්‍රාග්ධන හිමියන්ගේ කොටසින් කිසිවක් අරගෙනත් නැහැ.

ධනවාදය කාර්යක්ෂම වෙන්නේ එහි සමස්ත ආකෘතිය ඇතුළේ. එයින් කියන්නේ එහි තනි කෑලි අකාර්යක්ෂම බව නෙමෙයි. එහෙත් තනි කෑල්ලක් කාර්යක්ෂම වෙන්නේ යම් සීමාවක් තුළ (sub optimum). කොබ්-ඩග්ලස් නිෂ්පාදන ශ්‍රිතය හා ගැලපෙන තාක්ෂණයක් තිබෙන යම් සමාගමක් ගත්තොත්, එම සමාගමට ශ්‍රමය යොදවන තරමට වගේම ප්‍රාග්ධනය යොදවන තරමට දිගින් දිගටම නිෂ්පාදනය ඉහළ දැමිය හැකි වුවත්, එසේ වැඩි වැඩියෙන් නිෂ්පාදන සාධක යොදා ගන්නා තරමට වැඩි කළ හැකි ආන්තික නිෂ්පාදිතය (ඒ වන විට නිපදවන ප්‍රමාණයට වඩා වැඩියෙන් නිපදවිය හැකි ප්‍රමාණය) ටිකෙන් ටික අඩු වෙනවා. එහෙම අඩුවෙලා නිෂ්පාදන සාධක යොදා ගැනීම වෙනුවෙන් ගෙවිය යුතු මිල හා එම නිෂ්පාදන සාධක යොදාගෙන නිපදවිය හැකි අමතර නිෂ්පාදිතයේ වටිනාකම සමාන වූ පසු තව දුරටත් නිෂ්පාදන සාධක යෙදවීම පාඩු ලබන කටයුත්තක් බවට පත් වෙනවා. මේ මට්ටම ධනවාදයක් යටතේ නිෂ්පාදනයේදී නිෂ්පාදන සාධක යෙදවෙන ප්‍රශස්ත මට්ටමයි.

මෙය උදාහරණයකින් පැහැදිලි කර ගැනීමට ඉහත වගුවට යමු. එහි (L,K)=(5,5) වූ විට Y=50 බව ඔබට පෙනෙනවා. මේ මට්ටමේ සිටියදී K එලෙසම තබා L එක් ඒකකයකින් අඩු කළොත් Y=44 වෙනවා. ඒ කියන්නේ ශ්‍රමයේ ආන්තික ඵලදායීතාවය 6ක් කියන එකයි. ඒ වගේම, L එලෙසම තබා K  එක් ඒකකයකින් අඩු කළොත් Y=46 වෙනවා. ඒ කියන්නේ ප්‍රාග්ධනයේ ආන්තික ඵලදායීතාවය 4ක් කියන එකයි. මේ අනුව, ශ්‍රමයේ හා ප්‍රාග්ධනයේ ප්‍රතිලාභ බෙදී යා යුතු ආකාරය ලෙස ධනවාදය විසින් යෝජනා කරන්නේ එක් ශ්‍රම ඒකකයක් වෙනුවෙන් 6ක් හා එක් ප්‍රාග්ධන ඒකකයක් වෙනුවෙන් 4ක් ලෙස එම බෙදීම සිදු විය යුතු බවයි. 

නිෂ්පාදනය සඳහා යොදා ගැනීමට පෙර ඓතිහාසිකව ප්‍රාග්ධනය හෝ ශ්‍රමය ගොඩ නැගුනේ මොන විදිහටද කියන එක මෙහිදී වැදගත් කරුණක් නෙමෙයි. එය මොන විදිහට සිදු වී තිබුණත් මේ අවසන් ශ්‍රම ඒකකය නොවන්නට අවසන් නිෂ්පාදන ඒකක 50න් 6ක් හැදෙන්නේ නැහැ. අවසන් ප්‍රාග්ධන ඒකක 4 නොවන්නට අවසන් නිෂ්පාදන ඒකක 50න් 4ක් හැදෙන්නේ නැහැ. ඒ දෙකම නොතිබී (L,K)=(4,4) වුනානම් Y=40 වෙනවා. ඒ කියන්නේ අන්තිම නිෂ්පාදන ඒකක 50න් 10ක්ම හැදෙන්නේ නැහැ. 

ධනවාදයේ මූලධර්මය යමක් අලුතින් බිහි කිරීමට දායක වූ පුද්ගලයාට එහි ප්‍රතිලාභද හිමි විය යුතු බවයි. මෙය ධනවාදයෙන් බැහැර, ධනවාදයට පෙර එන සදාචාරාත්මක කරුණක්. ධනවාදයේ දාර්ශනික පදනම කියා කියන්නත් පුළුවන්. යමෙක් මේ කරුණ සමඟ එකඟ නොවනවානම් මම ඔහු හෝ ඇය සමඟ වාද කරන්නේ නැහැ. සදාචාරාත්මක රාමුවක් නිවැරදි බව ඔප්පු කරන්න බැහැ. ඒ වගේම සදාචාරාත්මක රාමු සංසන්දනය කිරීමත් අසීරු කරුණක්. මා පෙන්වා දෙන්නේ මේ සදාචාරාත්මක රාමුව මත පදනම් වූ සම්මතයක් වෙනත් එවැනි සම්මතයකට වඩා, විශේෂයෙන්ම මාක්ස්වාදය විසින් යෝජනා කරන සම්මතයට වඩා, කාර්යක්ෂම බවයි. මෙය විශේෂයෙන්ම කැපී පෙනෙන්නේ බොහෝ සමාජවාදීන්ගේ අවසන් ඉලක්ක කරා යාම සඳහා වුවද මාක්ස්වාදය විසින් යෝජනා කරන ක්‍රමයට වඩා ධනවාදය කාර්යක්ෂම වීම තුළයි.

පෙර උදාහරණයට නැවත පැමිණියහොත් ශ්‍රම ඒකකයක් වෙනුවෙන් 6 බැගින් ශ්‍රම ඒකක 5 සඳහා නිෂ්පාදිතයෙන් ඒකක 30ක් හා ප්‍රාග්ධන ඒකකයක් වෙනුවෙන් 4 බැගින් ප්‍රාග්ධන ඒකක 5 සඳහා නිෂ්පාදිතයෙන් ඒකක 20ක් වෙන් කිරීමෙන් පසුව සමාගම සතුව කිසිවක් ඉතිරි වන්නේ නැහැ. සමස්ත අතිරික්තයම නිෂ්පාදන සාධක අතර බෙදී ගිහින්. එය සිදුව තිබෙන්නේ ශ්‍රමය වෙනුවෙන් අතිරික්තයෙන් 0.6ක් (60%ක්) හා ප්‍රාග්ධනය වෙනුවෙන් අතිරික්තයෙන් 0.4ක් (40%ක්) ලෙසයි. මේ 0.6 හා  0.4 අගයයන් කොබ්-ඩග්ලස් ශ්‍රිතයේ α හා ß  අගයයන්ට සමානයි. වෙනත් විදිහකින් කිවුවොත් ධනවාදී ක්‍රමයක් යටතේ ශ්‍රමය හා ප්‍රාග්ධනය අතර අතිරික්තය බෙදී යන ආකාරය තීරණය කරන්නේ යොදා ගන්නා නිෂ්පාදන තාක්ෂනය විසින්. නිෂ්පාදන තාක්ෂනය වෙනස් වෙද්දී මෙම අනුපාතයද වෙනස් වෙනවා.

වගුව අනුව Y=50 වන්නේ (L,K)=(5,5) වූ විට පමණක් නෙමෙයි. (L,K)=(4,7) හා (L,K)=(7,3) වූ විටද Y=50 බව ඔබට පෙනෙනවා. යම් නිෂ්පාදකයෙක් මෙවැනි වෙනත් අනුපාතයකින් ශ්‍රමය හා ප්‍රාග්ධනය යොදවා නිෂ්පාදන ඒකක 50ක් නිපදවූවා කියා අපි හිතමු. (L,K)=(5,5) වූ විට අපට ශ්‍රම ඒකකයක් වෙනුවෙන් 6ක් හා ප්‍රාග්ධන ඒකකයක් වෙනුවෙන් 4ක් ගෙවන්න සිදු වුනා. අපි මෙය වෙළඳපොළ මිල ලෙස සලකමු. දැන් (L,K)=(4,7) ලෙස අඩු ශ්‍රමයක් හා වැඩි ප්‍රාග්ධනයක් යොදවා නිෂ්පාදන ඒකක 50ක් හදන සමාගමකට ඉහත වෙළඳපොළ මිල ගෙවන්න සිදුවෙනවා. ඒ අනුව, නිෂ්පාදන සාධක වෙනුවෙන් (4x6) + (7x4) = 52ක් ගෙවන්න සිදු වෙනවා. නමුත් සමස්ත නිෂ්පාදිතය 50ක් නිසා මෙය කළ නොහැකියි. එක්කෝ ශ්‍රමය වෙනුවෙන් අඩුවෙන් ගෙවන්න වෙනවා. නැත්නම් ප්‍රාග්ධනය වෙනුවෙන් අඩුවෙන් ගෙවන්න වෙනවා. 

ධනවාදී ක්‍රමයකදී මෙසේ අඩුවෙන් ගෙවන්න පුළුවන්කමක් නැහැ. ශ්‍රමය වෙනුවෙන් අඩුවෙන් ගෙවුවොත් ශ්‍රමිකයෝ අස්වෙලා ගිහින් (L,K)=(5,5) ලෙස නිපදවන සමාගමකට බැඳෙනවා. ප්‍රාග්ධනය වෙනුවෙන් අඩුවෙන් ගෙවුවොත් ප්‍රාග්ධන හිමියන් ඔවුන්ගේ ප්‍රාග්ධනය ඉවත් කරගෙන (L,K)=(5,5) ලෙස නිපදනවන සමාගමේ ආයෝජනය කරනවා. කණ්ඩායම් දෙකටම වෙළඳපොළ මිල ගෙවුවොත් සමාගම බංකොලොත් වෙනවා. වැහිලා යනවා.

මේ වගේම (L,K)=(7,3) ලෙස අඩු ප්‍රාග්ධනයක් හා වැඩි ශ්‍රමයක් යොදවා නිෂ්පාදන ඒකක 50ක් හදන සමාගමකට වුවත් මේ ප්‍රශ්නයටම මුහුණ දෙන්න වෙනවා. එවැනි සමාගමකට නිෂ්පාදන සාධක වෙනුවෙන් (7x6) + (3x4) = 54ක් ගෙවන්න සිදු වෙනවා. නමුත් සමස්ත නිෂ්පාදිතය 50ක් නිසා මෙය කළ නොහැකියි. (L,K)=(5,5) ලෙස නිෂ්පාදන සාධක යොදා ගනිමින් නිපදවන සමාගම් වෙළඳපොළේ සිටින තුරු (L,K)=(4,7) හෝ (L,K)=(7,3) ලෙස නිෂ්පාදන සාධක යොදාගන්නා සමාගමකට පවතින්න බැහැ. ධනවාදයේ අදිසි හස්තය විසින් එම සමාගම් වලට දඬුවම් දෙනවා. එම සමාගම් වෙළඳපොළෙන් ඉවත් කර දමනවා. ඒ එම සමාගම් වල ශ්‍රමිකයන් මහන්සි වී වැඩ නොකරන නිසා නෙමෙයි. මහන්සි වී වැඩ කිරීම හා කාර්යක්ෂමතාවය කියන්නේ කරුණු දෙකක්.

ධනවාදය විසින් වෙළඳපොළේ ඉතිරි කරන්නේ වඩාත්ම කාර්යක්ෂම සමාගම් පමණයි. එම වඩාත්ම කාර්යක්ෂම සමාගම් වලටද කිසිදු ආර්ථික ලාබයක් උපයන්න බැහැ. මා මෙහි කතා කරන්නේ ගිණුම්කරණ ලාබය ගැන නොවන බව ඔබට නැවත මතක් කර දිය යුතුයි කියා මම හිතන්නේ නැහැ. අනිවාර්යයෙන්ම ගිණුම්කරණ ලාබ තිබෙනවා. එහෙත්, ශ්‍රමයේ හා ප්‍රාග්ධනයේ ආන්තික ප්‍රතිලාභ ලබා දීමෙන් පසු ඉතිරි වන ආර්ථික ලාභ කිසිවක් නැහැ. වඩාත්ම කාර්යක්ෂම සමාගමට වඩා අකාර්යක්ෂම සමාගම් වලට ශුන්‍ය ලාබ මට්ටමට හෝ එන්න බැහැ. ඔවුන්ටද ගිණුම්කරණ ලාබ තිබිය හැකි වුවත් ආර්ථික ලාබ නැති නිසා දිගින් දිගටම වෙළඳපොළේ තරඟකරුවෙකුව සිටීමේ හැකියාවක් නැහැ. ධනවාදය නිරන්තරයෙන්ම වඩා කාර්යක්ෂම නිෂ්පාදන මිශ්‍රණයන් පමණක් ඉතිරි කරමින් අකාර්යක්ෂම නිෂ්පාදන මිශ්‍රණයන් වෙළඳපොළෙන් ඉවත් කරනවා.

සමාජවාදී විකල්පයක් යටතේ ඉහත තත්ත්වය ඇති වෙන්නේ නැහැ. පොදු ව්‍යවසායයන් බොහෝ විට පාඩු ලබමින් දිගින් දිගටම කටයුතු කරනවා. මෙහිදී පාඩු ලබනවා කියන එකෙන් අදහස් කරන්නේ ගිණුම්කරණ පාඩු ගැන පමණක් නෙමෙයි. පොදු ව්‍යවසායයන්, ලංකාවේ මෙය සිදු වන්නේද අඩුවෙන් වුවත්, බොහෝ විට ගිණුම්කරණ ලාබ ලබනවා. එහෙත් යොදවා ඇති පොදු ප්‍රාග්ධනය වෙනුවෙන් ලැබිය යුතු ප්‍රතිලාභ සැලකු විට පොදු ව්‍යවසායයන් ලාබ ලබන්නේ ඉතා අඩුවෙන්. පොදු ව්‍යවසායයන් විසින් අකාර්යක්ෂම නිෂ්පාදන මිශ්‍රණයන් දිගින් දිගටම නඩත්තු කරනවා වගේම එවැනි ව්‍යවසායයන්ගේ පැවැත්ම වෙනුවෙන් ආනයන සීමා, මිල පාලනය ආදී වෙළඳපොළ විකෘති සිදු කිරීම මගින් පෞද්ගලික අංශයේ ව්‍යවසායයන් තුළ පවතින අකාර්යක්ෂමතාවයන් වෙළඳපොළ විසින් ඉවත් කරනු ලැබීමටද බාධා කෙරෙනවා. 

අද මැයි දිනයේදී අගය කරනු ලබන කම්කරු නීති හා අයිතිවාසිකම්, වෘත්තීය සමිති ක්‍රියාකාරකම් ආදිය හරහා අවසාන වශයෙන් වන්නේද මීටම තරමක් සමාන දෙයක්. ඉහත වගුවේ (L,K)=(5,5) කොටුවට නැවත එමු. මෙහි තිබෙන 50ක අතිරික්තයෙන් ශ්‍රමිකයන් වෙත යන්නේ 30ක් පමණයි. ඒ එක් අයෙකුට 6 බැගින්. කිසියම් ශ්‍රමිකයෙක් අස් වී ගියොත් නිෂ්පාදිතය 6කින් අඩු වන නිසා එම මුදල ශ්‍රමිකයෙකුට දෙන්න වෙනවා. එය මදියි කියා 7ක් නොදුන්නොත් අස් වී යන බව කිවුවොත් අස් වී යන්න දෙන එකේ පාඩුවක් නැහැ. පාඩුවක් වෙන්නේ 7ක් දී තියා ගත්තොත්. නමුත් මේ තර්කය හරියන්නේ එක් ශ්‍රමිකයෙක් පමණක් එක වර අස් වී යාමට ඉඩක් තිබෙන තත්ත්වයක් තුළ පමණයි. 

ශ්‍රමිකයන් එකතු වී වෘත්තීය සමිතියක් හදාගෙන වැඩි පඩි ඉල්ලා වර්ජනය කළොත් වෙන්නේ කුමක්ද? දැනට ගෙවන වැටුප වන 6 ගෙවා ක්ෂණිකව අලුතෙන් බඳවා ගත හැක්කේ 3 දෙනෙකු පමණයි කියා හිතමු. එසේ වුවහොත්, සමස්ත නිෂ්පාදිතය Y=37 දක්වා ඒකක 13කින් අඩු වෙනවා. එහෙත් වැටුප් අඩු වන්නේ 6x2=12කින් පමණක් නිසා ප්‍රාග්ධනයේ කොටස ඒකක 20 සිට 19 දක්වා අඩු වෙනවා. එක කොටසක් වෙනුවෙන් ලැබෙන්නේ ඒකක 4.75ක් පමණයි. ඒ නිසා ඔය වගේ වෙලාවක ප්‍රාග්ධන හිමියන් විසින් ශ්‍රමය වෙනුවෙන් වෙන් කරන කොටස ඒකක 30 සිට 31 දක්වා වැඩි කරන්න ඉඩ තිබෙනවා. එහිදී ශ්‍රමිකයන්ට තමන්ගේ ශ්‍රමය වෙනුවෙන් එහි ආන්තික ප්‍රතිලාභයට වඩා වැඩි දෙයක් ලැබෙනවා. ප්‍රාග්ධන හිමියන්ට ලැබෙන්නේ තමන්ගේ ප්‍රාග්ධනයේ ආන්තික ප්‍රතිලාභ වලට වඩා අඩු දෙයක්.

මේ වගේ තත්ත්වයක් ඇති වූ විට දිගුකාලීනව ප්‍රාග්ධන හිමියන් විසින් ප්‍රාග්ධනයේ ආන්තික ප්‍රතිලාභ ලැබිය හැකි තැනකට තමන්ගේ ප්‍රාග්ධනය විතැන් කරනවා. එක් ප්‍රාග්ධන හිමියෙකු ඉවත් වූ විට නිෂ්පාදිතය (ආදායම්) ඒකක 5කින් අඩු වුවත් ප්‍රාග්ධන හිමියා ඉවත් වීම නිසා සමාගමට ඉතිරි වන්නේ 4.75ක් පමණයි. ඒ නිසා සමාගම පාඩු ලබන තත්ත්වයට පත් වෙනවා. එම පාඩුව විඳින්න වෙන්නේ ප්‍රාග්ධන හිමියන්ටනම් ඔවුන්ද ඉවත්ව යන්න ඉඩ තිබෙනවා. ප්‍රාග්ධන හිමියන් 4 දෙනෙක්ම ඉවත්ව ගියොත් ඉතිරි ප්‍රාග්ධන හිමියාට, කිසිවක්ම නොදුන්නත්, ශ්‍රමිකයන්ට බෙදාගන්න ඉතිරි වෙන්නේ ඒකක 26ක් පමණයි. එය මුලින් ලැබුණු ඒකක 30ට වඩා අඩු ප්‍රමාණයක්. දැන් කිසිම සූරාකෑමක් නැහැ. නමුත්, ශ්‍රමිකයන්ට ලැබුණු වැටුප් 6 සිට 5.2 දක්වා අඩු වෙලා!

19 comments:

  1. දේශපාලනය ලාබ ලබන වෙළඳ ව්‍යාපාරයක් බවට ලංකාව තුල මේවනවිට පත්වී අවසානයි!

    මාතෘ භූමියට අසිමිත ලෙස ප්‍රේම කරන දේශපාලනයක් දැන් අපේ රටට අවශ්‍යයි!

    කෝවිඩ් වසංගත හමුවෙ ලෝකය පුරාම මිනිසුන් එකා පිට එකා මැරී වැටෙද්දීත් මිනිස් ජිවිත රැකහැනීම වෙනුවට ප්‍රාග්ධනය රැකගැනීම වෙනුවෙන් මුල්‍තැනදීම හරාහත් ඔප්පු කරමින් තිබෙනුයේ දුෂ්ට ගෝලීය ධනවාදයේ මජර භාවයයි!

    - ජවිපෙ නායක අනුර දිසානායක සහෝදරයා 2021 ජවිපෙ මැයි දින සමරුව අමතමින් කියයි;

    https://www.facebook.com/119154468144820/posts/4303669099693315/

    මේ වීඩියෝ එක සම්පූර්ණයෙන්ම බලන්න.

    ඒ වගේම තවත් දෙයක් තමයි ප්‍රාග්ධනය විසින් පැහැර ගන්නා ලද සෞඛ්‍ය සේවා පද්ධතිය ඇමරිකානු රෝගීන්ගේ ජීවිත පැහැර ගන්න ආකාරය ජවිපෙ ජාතික ජන බලවේගයේ සුනිල් හඳුන්නෙත්ති සහෝදරයා ඉතාමත් පැහැදිලිව විස්තර කල ආකාරය.

    සංවර්ධිත රටක් බව කියන ධනවාදී ඇමරිකාවේ සාමාන්‍ය ඇමරිකානුවෙකු වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම ප්‍රතික්ෂේප කිරීමට හේතුව වන්නේ අධික පිරිවැයක් දැරීමට නොහැකි වීම යන බියයි. කොරොනා වසංගතය හමුවේ ඇමරිකානු වෛද්‍ය ක්‍රමය සේවා ප්‍රාග්ධනයේ සාරය සහ ඇමරිකා වැසියන්ගේ ජීවිත පැහැර ගැනීම දැඩිව හෙළිදරව් කර තිබේ.

    යුරෝපය සහ ජපානය වැනි සංවර්ධිත ආර්ථිකයන් මෙන් නොව ඇමරිකාව වාණිජ වෛද්‍ය රක්‍ෂණ සහ රජයේ වෛද්‍ය රක්‍ෂණ මිශ්‍ර වෛද්‍ය ක්‍රමයක්‌ ක්‍රියාත්මක කරයි. වාණිජ වෛද්‍ය රක්‍ෂණය ජනගහනයෙන් 53% ක් පමණ ආවරණය කරන අතර, රජයේ වෛද්‍ය රක්‍ෂණය ජනගහනයෙන් 38% ක් පමණ ආවරණය වේ. තවත් ඇමරිකානු වැසියන්ගෙන් 9% ක් රක්ෂණය වී නොමැත. ඇමරිකාවේ වෛද්‍ය සම්පත් බෙදීයාම පෞද්ගලික සමාගම් යටතේ වෙළඳපොල ආධිපත්‍යයක් දරන අතර රජයේ අතිරේක සැපයුමක් එහිදී දැකිය හැකිය.

    ඇමරිකානු ජාතික සංඛ්‍යාලේඛන කාර්යාංශයේ දත්ත වලට අනුව, 2019 දී එරට වෛද්‍ය වියදම් ඩොලර් ට්‍රිලියන 3.6 කට ආසන්න විය. දළ දේශීය නිෂ්පාදිතයෙන් 18% ක් වන එය අනෙකුත් සංවර්ධිත රටවලට වඩා ඉහළය . එහෙත් ඇමරිකානුවන්ගේ සාමාන්‍ය ආයු අපේක්ෂාව ආර්ථික සහයෝගිතා සංවිධානයේ සෙසු රටවල් 25 ට වඩා අඩුය.

    ඇමරිකාවේම ප්‍රින්ස්ටන් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය Anne Case සහ Angus Deaton ලියූ බලාපොරොත්තු සුන්වීම සහ ධනවාදයේ අනාගතය යන පොතේ ඇමරිකාවේ වෛද්‍ය කර්මාන්තය වෛද්‍ය සේවා සපයන්නන් සඳහා ධනය වැඩිදියුණු කරන්නක් මිස ජනතාවගේ සෞඛ්‍යය නංවාලීම සඳහා නොවන්නක් බව සඳහන් වෙයි.

    විශාල ඖෂධ සමාගම් කිහිපයක් ඖෂධ වෙළඳපොළ ඒකාධිකාරයක් නතුකර ගැනීම නිසාම ඇමරිකාව ලෝකයේ වැඩිම ඖෂධ මිල ගණන් හිමි රට බවට පත්ව ඇත. ලෝක ජනගහනයෙන් 5% කටත් වඩා අඩු ප්‍රමාණයක් සහිත ඇමරිකාව ලෝකයේ ඖෂධ විකුණුම් මිලෙන් 50% ක් ගෙවන බව ධවල මන්දිරයේ හිටපු ජ්‍යෙෂ්ඨ උපදේශකයෙකු වන Ezekiel Emanuel පෙන්වා දුන්නේය.

    ඇමරිකාවේම ජඩ මාධ්‍ය වාර්තාවලට අනුව, ඇමරිකා වෛද්‍ය කර්මාන්තයට වාර්ෂික පිරිවැය ඩොලර් මිලියන 500 කින් යුත් එරට විශාලතම දේශපාලන බලපෑම් කණ්ඩායමක් තිබේ. 2020 මහමැතිවරණ කාලය තුළ ඇමරිකාවේ ඖෂධ කර්මාන්තය නීති සම්පාදකයින්ට ඩොලර් මිලියන 7.5 ක් පරිත්‍යාග කර ඇති බව ප්‍රසිද්ධ කරුණක්. තමන් උපයන ලාභය දේශපාලන දායකත්වයක් ලෙස භාවිත කරමින් දේශපාලන බලපෑම් කණ්ඩායම් වෛද්‍යමය නීති සම්පාදනය කිරීම හා ඒ හා සම්බන්ධ ප්‍රතිපත්ති සඳහා තමන්ගේම අභිමතයන්ට අනුකූලව ඉහළ ලාභ ලබා ගනී.

    ධනවාදී ඇමරිකානු මුදල්ම මත පමණක් පදනම් වූ දේශපාලනයේ හරය වෙනස් නොවුනහොත් සාමාන්‍ය ඇමරිකා වැසියන් එමන්ම සමස්ත ඇමරිකාව මෙම සෞඛ්‍ය සේවා පද්ධතිය විසින් පැහැර ගෙන යාම රහසක් නොවනු ඇත.

    මේ කරුණු මීටත් වඩා අමන ලෙස බලපා දැනට අසාර්ථක රාජ්‍යයක් ලෙස ලෝක ප්‍රසිද්ධියට පත්ව ඇති ඇමරිකානු පුරවැසියන් දෙදෙනෙකු විසින් හසුරුවන දකුණු ආසියාතික රට කුමක්ද?

    ReplyDelete
  2. ඉකොනො, මට මතකයි මම උසස් පෙළ විභාගයට ලියපු දවස් වල පැවති 2004 මහ මැතිවරණ සමයේදී දිනක් මම මගේ මිතුරෙකුගේ නිවසේ සිටියදී රතු ඇඳගත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පිරිසක් "කැන්වසින්" සඳහා එහි පැමිණියා. ගමේ කමට බුලත් කොළයටත්, අපේකමට රතු පක්ෂයේ දිස්ත්‍රික් අපේක්ෂකගේ නිශ්චිත මනාප අංකයකටත් ඡන්දය දෙන ලෙස ඔවුන් ඉල්ලා සිටියා. ඒවන විට නාඹර තරුණ කාලේ උනත් මගේ මිතුරාත් මමත් දේශපාලන දර්ශනයන් ගැන සෑහෙන දුරට දන්නා චින්තනයක් සහිත පාවෙන ඡන්ද දායකයන් වුණා. අප දෙදෙනාගේ පළමුවන මංගල ඡන්දය ඉල්ලාසිටි කැන්වසින් පැමිණි රතු අපේක්ෂකයාගේ ගමේකම හා අපේකම කුමක්දැයි ප්‍රශ්ණ කළ විට ඔහු ඒ ප්‍රදේශයට අයත් බවත් ඒ නිසා ගමේකම ඇතිවූ බවත්, ඔහුගේ 'කුලය' තම පරම්පරාවේ කුල සම්ප්‍රදායද හෙයින් අපේකම ආ බවත් ඔහු සිනාසී ප්‍රකාශ කළේ සැහැල්ලුවෙන්. එවිට සමාජවාදී දර්ශන ගැන හදාරා සිටි මමත් වමේ ජාත්‍යන්තරවාදය හා නිර්ධන පන්ති විඥාණය සමග "කුල මනාපය" කෙසේ පෑහෙන්නේදැයි ඇසුවෙමි. ඔහු කීවේ බොහෝ වාමාංශිකයන් පමණක් නොව ප්‍රසිද්ධ ලිබරල් දක්ෂිණාංශිකයන්ද මනාප පොරයේදී සිය "චින්තන සම්ප්‍රදාය" නොව, කුලය, රැකියා ලබාදීම, විදුලිය හා ජලය ලබාදීම, පාලම් බෝක්කු තැනීම ආදී ප්‍රායෝගික දෑ යොදා ගන්නා බවයි.

    දැන් සෑහෙන දුරට පරිණත වී ජීවිතේ තෙවැනි දශකයද පසු කර ඇති මගේ අදහස නම් ලංකාවේ පමණක් නොව, ලෝක දේශපාලනයේද ස්වරූපය මෙය බවයි. මනෝරාජික චින්තනයන් තිබුණද මිනිස්සු ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයේදී පසුගාමී බව දැන දැනම ප්‍රායෝගික කරුණු වලට මුල්තැන දෙයි.

    මේ වගේම සමගි ජන බලවේගය ප්‍රමාණවත් තරම් ලිබරල්වාදී නොවන බවටත් වඩා සමාජ ප්‍රජාතන්ත්‍රවාදී සුබසාධනවාදී සමාජවාදයට බර පක්ෂයක් බවට මිතුරු මෙන්ම සතුරු විවේචනයක්ද එල්ල වී ඇත. මෙය තේරුම් ගන්නට නම් ලිබරල්වාදය ගැප පළමුව හඳුනාගත යුතුය.

    සියවසකට පෙර 20 වැනි සියවසේදී ලෝකය පුරා වර්ධනය වූ දේශපාලන ප්‍රවණතා හා චින්තන දහරා තුනක් තියෙනවා;

    01. මානවයාගේ නිදහස් සිතුවිලි වලට මුල්තැන දුන් ලිබරල්වාදීන්

    02. සමාජයේ පීඩිත - නිර්ධන පන්තියට මුල්තැන දුන් කොමියුනිස්ට්වාදීන්

    03. තම ජාතියම ශ්‍රේෂ්ඨ බව ඇදහූ ජාතිකවාදීන්. (මෙහිද උප ආකාර දෙකක්, යුරෝපීය පැසිස්ට් - නාසිවාදය හා යුරෝපීය යටත්විජිතවාදයට එරෙහි පීඩිත රටවල දේශප්‍රේමී ජාතිකවාදය ලෙස පැවතුනා)

    මේ ලිබරල්වාදී චින්තනය වර්ධනය වෙද්දී එහි ප්‍රධාන ලකුණු ගණනාවක් හඳුනාගත හැකිවුණා.

    සාමාන්‍යයෙන් ආර්ථික කාරණා වලදී එය නිදහස් වෙළඳපොළ ක්‍රමය, පුද්ගලීකරණය, අයබදු නොමැතිවීම, තීරුබදු විරහිත ජාත්‍යන්තර වෙළඳාම, ගෝලීයකරණය ආදිය මත පදනම් වුණා.

    සමාජ දේශපාලන සන්දර්භය තුළ එය නිදහස් මැතිවරණ, නීතියේ සමානත්වය, සුළුතර ජන වර්ග වල ජාතික අයිතීන්, සාමකාමී අන්තර්ජාතික සබඳතා හා මානව හිමිකම් වලට ගරු කරන මානව අයිතිවාසිකම් පදනම් කරගත් ජාත්‍යන්තර ආයතනවල නියාමනය ආදිය මත ගොඩනැගුණා.

    ඒ වගේම පුරවැසියන්ගේ පෞද්ගලීකත්වයේදී එය නිදහස් තෝරා ගැනීම, පුද්ගලික නිදහස, ලිංගික සමානාත්මතාවය, සමරිසි අයිතිය හා රට රටවල් අතර නිදහස් සංක්‍රමණය ආදිය මත පදනම් වුණා.

    මේ කරුණු අනුව ලිබරල්වාදය ධනවාදයේ පදනම ලෙස ගෙන එයට පළමු ප්‍රහාරය පසුගිය සියවසේදී කොමියුනිස්ට්වාදීන් විසින් එල්ල කළා. කොමියුනිස්ට් තර්ජනයට මුහුණ දිය හැකි හොඳම ක්‍රමය ලෙස මුලදී ෆැසිස්ට්නාසිවාදය යුරෝපයේදී යෝජනා වුණා. යටත්විජිතවලට නිදහස පැතූ ජාතිකවාදීන් අඩු වැඩි වශයෙන් ලිබරල් ධනවාදය හෝ කොමියුනිස්ට්වාදයෙන් එකක් වැළඳ ගත්තා.

    ReplyDelete
    Replies
    1. කෙසේ වෙතත් 1990 ගණන් වල ලෝකයේ කොමියුනිස්ට්වාදය බිඳ වැටීම සහ වසර 2015න් පමණ පසු ලිබරල්වාදයද බිඳ වටෙමින් පවතින සන්දර්භය තුළ ඉතාමත්ම චිර ප්‍රසිද්ධ ලේඛක යුව්ල් නෝආහ් හ්රර්රි (Yuval Noah Harari) ට අනුව පසුගිය සියවසේ අලාකාට් සෙට් මෙනියු එකක් වූ ලිබරල්වාදය දැන් බුෆේ ක්‍රමයට බටහිර ලෝකය විසින් බෙදා දෙනවාලු. එනම් තමන්ට අවශ්‍ය විටදී ලිබරල් මූලධර්ම අවධාරණය කිරීමත් තවත් විටෙකදී ඉවත දැමීමත් යන සංකල්පය අනුව තලගොයි කබරගොයි න්‍යාය.

      කොටින්ම දැන් නම් 2015 න් පසු ලෝකය විස්තීර්ණ වී පරිසර විනාශය, තාක්ෂණය විසින් මානවයාගේ ජීව පදනමට හා චින්තනමය පදනමට එල්ල කර ඇති අභියෝගය, වසංගත, දුගීබවේ කැරලිකාරිත්වය, ආගමික මූලධර්මවාදය ආදිය විසින් මේ විස්තීර්ණ ස්වභාවය වඩාත් තීව්‍ර ආකාරයෙන් අවුලක් ඇති කරලා. මේ කරුණු අනුව දැන් දැන් යුරෝපයේ හා පොදුවේ සමස්ත ලෝකයේම ප්‍රධාන දේශපාලන චින්තනමය දහරා දෙකක් දකින්න පුළුවන් වන අතර එනම් දක්ෂිණාංශික ජනකාන්තවාදය Rightwing Populism සහ වාමාංශික ජනකාන්තවාදය (Leftwing Populism) ලෙස සිතිය හැක. ඒ වගේම දක්ෂිණාංශික ජනකාන්තවාදීන්ගේ නායකයින් දෙපළ ඩොනල්ඩ් ට්‍රම්ප් හා බොරිස් ජොන්සන් වූ අතර ඔවුන් පවතින ආර්ථික, පරිපාලනමය හා තාක්ෂණික ප්‍රභූ පන්තිය අභියෝග කළා, ඒ අතරේම සංක්‍රමණිකයන්, කළු හා මුස්ලිම් ජාතිකවාදයන් බැහැර කළා. ගෝලීයකරණය වෙනුවට ආරක්ෂණවාදය යෝජනා කරමින් ආගමික හා ජාතිකමය චින්තන ගොඩ නැගුණා.

      මීට පරිබාහිරව වාමාංශික ජනකාන්තවාදීන්ද ප්‍රභූවාදය ප්‍රතික්ෂේප කරමින් (ඉතාලි, යුක්රේන නායකයින්) එනමුත් කිසිදු ජන කොටසක ජාතිකවාදී අදහස් බැහැර නොකරන අවවරප්‍රසාදිත ජනයා මත හා ඔවුන්ගේ සුභසාධනවාදී බලාපොරොත්තු මත පදනම් වූ දේශපාලන දර්ශනයක් මත ගොඩනැගී ඇත.

      ඒ අනුව ඉහත විස්තර කළ දේශපාලනික දිශානුගතව ආසන්නයෙන් ගතහොත් ලංකාවේ දක්ෂිණාංශික ජනකාන්තවාදය නොහොත් ට්‍රම්ප්වාදය ඇත්තේ රාජපක්ෂ කඳවුර තුළයි. ඊට එරෙහිව ගොඩ නැගෙමින් පවතින අව වරප්‍රසාදිත ජනයාගේ අභිලාෂ නියෝජනය කරන නිර්ප්‍රභූ දේශපාලනය ඇත්තේ සමගි ජන බලවේගයේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී සුබසාධන සහ සමාජවාදී ජවිපෙ ජාතික ජන බලවේගයේ දේශපාලනය තුලයි.

      මෙම අලුත් තත්ත්වය නිසි පරිදි තේරුම් ගැනීම, තිස් වසරකට පෙර අවසන් වූ කොමියුනිස්ට්වාදය අදහන්නන්ටත්, අවසන් වෙමින් ඇති ලිබරල්වාදය අදහන්නන්ටත් දැන් අත්‍යාවශ්‍ය කාරණයක් වන අතරම මානවයා බිහි වූ දා සිට වර්තමාන දියුණුව දක්වාම ඊට හේතුවූයේ ඔහුගේ සිතේ පැවති කුතුහල සහගත තත්වයන් බැවින් ගෝලීයකරණය කිසිදිනෙක අවසන් නොවී කලින් කලට පසුබෑම් ඇති වුවත් ලිබරල්වාදය විවිධ මුහුණුවරයන්ගෙන් ඉදිරියට යනු ඇති බවත් එක්සත් ජාතික පක්ෂයේ පැවතියේ නායකත්ව අර්බුදයකටම වඩා ප්‍රතිපත්ති ප්‍රශ්නයක්ද යන්නට බවත් මේ අනුව මේ කාරණා වල අවසන් ප්‍රතිඵලය ලෙස නන්දසේන ගෝඨාබය ජනපතිවරයාට එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ලිබරල් කදවුරෙන් ඊළග නාමයෝජනාව ලබා ගැනීමත් රාජපක්ෂ කදවුරේ වාමවාදී පිරිස් සමගි ජන බලවේගයට එකතු වීමත් සමගි බලවේගයේ ලිබරල් පිරිස් නැවත යූන්පියට එකතු වීම දක්වා ඉදිරියට යාමට පවා හැකිය. මේ සමාජ දේශපාලන සන්දර්භය ගැන ඔබේ නිරීක්ෂණ සහ අදහස් කෙසේ ද ඉකොනො?

      Delete
  3. //දේශපාලනය ලාබ ලබන වෙළඳ ව්‍යාපාරයක් බවට ලංකාව තුල මේවනවිට පත්වී අවසානයි!

    මාතෘ භූමියට අසිමිත ලෙස ප්‍රේම කරන දේශපාලනයක් දැන් අපේ රටට අවශ්‍යයි!//

    මව්බිමට නොව මිනිස්කමට ප්‍රේම කරන දේශපාලන දර්ශනයක් සහිත ක්‍රමවේදයක් නේද දැන් අපේ රටට ඕනෑ?

    ReplyDelete
    Replies
    1. @ නිදිගෙ පංච තන්තරේ May 1, 2021 at 10:13 PM

      මිනිස්කම සහ කෲරතර ධනවාදී සමාජ ක්‍රමයක් යනු එකිනෙකට සම්පූර්ණයෙන්ම ප්‍රතිවිරුද්ධ දිශාවක පිහිටා ඇති සංකල්ප දෙයක්. ඉතාමත් සරල උදාහරණයක් විදියට නූතන නව කොරෝනා වෛරස් වසංගත තත්ත්වය තුල ඉන්දියාව ප්‍රමුඛ සමස්ත දකුණු ආසියානු කලාපය තුලම ධනේශ්වර පාලකයන් මොනම තත්වයක් යටතේ වත් රටවල් අගුළු නොදැමීමේ දැඩි තීරණයක සිටින අයුරු බලන්න. මේ මිනිස්කම නොව නොමිනිස්කමේ දුෂ්ටත්වයයි.

      මෙකී දකුණු ආසියාතික ආර්ථික කලාප තුල ධනපති ආර්ථිකයේ පැවැත්ම රැඳී ඇත්තේ ඇඟළුම්, තේ වතු, පතල්, වැනි රළු ප්‍රාථමික ශ්‍රම සූරාකෑමක් හරහා උපයාගන්නා අතිරික්ත වටිනාකම් තුලයි.

      එසේම ධනපති පන්තියේ පැවැත්ම මෙන්ම වසංගතය මැඩපැවැත්වීමට අවශ්‍ය ප්‍රතිකර්ම මිලදීගැනීම කලයුතුව ඇත්තේද එකී අසරණ කම්කරුවන් හරහා උද්ධරණය කරගන්නා අතිරික්ත වටිනාකම් හරහායි.

      එසේ හෙයින් නිතිපතා සිදුවන සූරාකෑමට ගොදුරුවීමේ පීඩනයට අමතරව වසංගතය හමුවේ බංකොලොත්වන ධනවාදයේ බර විසින්ද අසරණ කම්කරුවන් දිගින් දිගටම මොන වසංගතයක් මැද්දේවුවද වැඩට දැක්කවීමට නියමිතයි. මේ බව පැහැදිලිව ඉන්දියාවේ සෞඛ්‍ය කම්කරු සහෝදරයින් සහ පිරිසිදු කිරීමේ කම්කරු සහෝදරයින් මේ දිනවල මුහුණ දෙන ඛේදජනක ඉරණම තුලින් පැහැදිලිව පෙනෙනවා.

      අවවර්ධිත ආසියානු විකෘති ධනවාදයේ දුෂ්ට පැවැත්ම රැකගැනීම සඳහා මේ මොහොතට අදාලව වෙනත් ශිෂ්ඨ විසඳුමක් නැති බව පෙනේ. ලංකාවේ වර්තමාන ආණ්ඩුව දූෂිත නන්දසේන මිලිටරි ජුන්ටාව ඉන්දියාවටත් වඩා භයානක බව පැහැදිලි වන අතර ඉතාමත් ඉක්මනින් ලංකාවේ තත්ත්වය ඉන්දියාවටත් වඩා අතිභයානක ලෙස විසාලා මහනුවර වැනි තත්ත්වයකට පත්වනු නිසැකයි. මේ සඳහා ජනතාව නැගිටුවා සියලුම දූෂිත ජඩ දේසපාලුවන් එලවා දමා සමාජයට වගකියන ජනතාවාදී රජයක් ඇතිකරගත යුතු වුවත් එවැන්නක් සිදු නොවන බව පෙනෙන පසුබිමක විකල්පයක් නොමැත...

      Delete
  4. මට වෙලාවකට හිතෙනව, සහෝදරවරු මේ බ්ලොග් එක හයිජැක් කරලද කියලත්. නැත්නම් මෙතන වෙන යටි අරමුණක් තියෙනව. නැත්නම් මේ හැටි බිම දාගෙන නෙලලත්. ආයෙත් බඩ ගාගෙන ඇවිත්, හරසුන් බරපතල වචන සහිත මාගල් එලන්නේ ඇයි? ගොබෙල්ස් න්‍යාය අදට ගැලපෙන්නෙ නෑ. අර "ජනතාව නැගිටුවා" කිව්වෙ, ඇයි දැන් බුදිද?

    ReplyDelete
    Replies
    1. //ආයෙත් බඩ ගාගෙන ඇවිත්, හරසුන් බරපතල වචන සහිත මාගල් එලන්නේ ඇයි?//

      හේතුව සමාජවාදය වෙනුවෙන් පෙනී සිටින බව කියමින් තමන් වෙනුවෙන්ම පෙනී සිටින බොහෝ දෙනෙකුට ඔයිට වඩා කළ හැකි දෙයක් නැති වීමයි. තමන් දොඩවන හිස් වචන වල තේරුමක් නැති බව ඒ අයටම තේරුණත් කාලයක් තිස්සේ කර ගෙන ආ දෙය දිගින් දිගටම කරනවා හැර වෙනත් දෙයක් කරන්නට තරම් හැකියාවක් හා/හෝ ධෛර්යයක් නොමැති වීම මෙයට හේතුව විය හැකියි. කෙසේ වුවද, මෙය සමාජවාදීන් නොවන වෙනත් ඇතැම් "වාදීන්"ටද පොදු තත්ත්වයක්. සමාජවාදයෙන් පටන් ගන්නේ නැති දෙයක් ඇති සේ පෙන්වමින් මතවාදී ආධිපත්‍යය හරහා මැජික් පෙන්නීම වඩාත්ම සාර්ථකව කාලයක් තිස්සේ කරන්නේ ඔවුන් නිසා, සමාජවාදීන් විසින් එම අදහසින් කළ දෙයක්ම නොවුනත් ප්‍රධාන වශයෙන්ම අද ලංකාව තිබෙන සාපේක්ෂ පසුගාමී තැනට වැටී තිබෙන්නේ සමාජවාදී මතවාදයේ බලපෑමෙන් වීම නිසා සහ අපට (මෙම වියුණුවට) ප්‍රතිමුඛ ලෙස වැඩිපුරම මෙතෙක් වැඩිපුරම හමුවී තිබෙන්නේ ඔවුන් නිසා. ඊට අමතරව මේ ලියන දේවල් ගැන නිදහසේ සිතා බලා තේරුම් ගැනීමේ හැකියාවක් තිබෙන තමන්ටම අවංක යම් පිරිසක් සමාජවාදී කඳවුරේ සිටින නිසා. ඔබ කියනවාක් මෙන් ඔවුන් තවමත් ජර්මනියේ ජාතික සමාජවාදීන්ගේ න්‍යාය කෙරෙහි විශ්වාසය තබන බවද පෙනෙනවා. මාධ්‍ය ඒකාධිකාරයක් පවත්වා ගැනීම කොහොමටත් කොමියුනිස්ට් ප්‍රකාශනයේ සඳහන් සමාජවාදී රාජ්‍යයක මූලික අංග දහයෙන් එකක්.

      Delete
    2. ඉකොනොමැට්ටා,

      මේ පහල තියෙන වීඩියෝ එකේ සියලුම සාධක සහිතව සමාගම් වල නම් සමග ලංකාවේ වැඩ කරන ජනයා සූරා කමින් බලගතු සමාගම් ධනය පොදි ගසන ආකාරය ගැන ඉතාමත් මැනවින් පෙන්වා දී තිබෙනවා. මේ කරුණු ගැන ඔබට උත්තර නෑ නේද?

      https://www.facebook.com/anurakumara/videos/3075983259296004/

      Delete
    3. ඔය වගේ වට්ටෝරු කතා වල හිස් බව තමයි මේ ලිපි මාලාවෙන් පැහැදිලි කර තිබෙන්නේ.

      Delete
  5. ඉකෝන් ඔබට ලංකාවේ මොසාඩ් මැදිහත් වීම ගැන විස්තරාත්මකව පෝස්ට් එකක් දාන්න පුළුවන් නේද? මේ පහල කරුණු ඔබේ අවධානය පිණිසයි;

    "ලංකාවේ ආරක්ෂාව වෙනුවෙන් යක්ෂයා සමඟ වුව කෑමට හිද ගැනීමට මා සූදානම්..."

    - ජේ ආර් ජයවර්ධන , 1984

    වසර 1977 දී ලංකාවේ බලයට පත් ජේ ආර් ජයවර්ධන උවමනාවටත් වඩා දැඩි බටහිර ගැතිවාදී විදෙස් පිළිවෙතකට යොමුවූයේ ලංකාව එතෙක් අනුගමනය කල නොබැඳි පිළිවෙත කණපිට පෙරලමින්. එහෙත් ඔහු අපේක්ෂා කල ප්රතිලාභ හෝ බටහිර රටවල් වල සහය ඉන් කිසිසේත් අත්නොවන බව තහවුරු වීමට ඒ හැටි කලක් ගත වූයේ නැත. 1982 පෝක්ලන්ත යුද්ධයට වෙන කිසිම රටක් සහය ලබා නොදුන් තත්ත්වයකදී මුලින්ම බ්‍රිතාන්‍යයට රෙදි නැතුව කඩේ ගිය ලංකාවේ ආණ්ඩුවට බලාපොරොත්තු නොවූ පරිදි 1983 ජුලි කෝලාහයත් සමඟ උද්ගත වූ තත්ත්වය හමුවේ ලංකාව අරබයා තමා තුල වූ සීමිත උපාය මාර්ගික අපේක්ෂා සුන් කරගත් එක්සත් ජනපදය හා බ්රිතාන්යය, අනිත් අතට ඉන්දීය රෝ සංවිධානය විසින් නවීන අවි ආයුධ වලින් සන්නද්ධ කල උතුරේ දමිල සන්නද්ධ කණ්ඩායම් විසින් දියත් කල ප්රහාර මාලාවට මුහුණ දීම සඳහා කිසිම සූදානමක පසු නුවූ ජයවර්ධනට යුද ආධාර දීමද ප්රතික්ෂේප කරමින් මග හැරියා. ඒ අනුව 1980 දශකයේ මැද භාගයේදී පමණ නිදහස් ලංකාව පළමු වරට විදෙස් මිතුරන් නොමැතිව අසරණ වූවා.

    කලින් නිදහස් පක්ෂ ආණ්ඩුව කාලයේ පලස්තීන ගැටළුව මත 1970 සිට කොලඹ ලංකාවේ රජය ඊශ්රායලය හා රාජ්යතාන්ත්රික සබඳතා අත් හිටුවා සිටියත්, නව තත්ත්වය තුල එම පිළිවෙතද යලි සලකා බැලීමට කොළඹ රජයට සිදුව තිබිණ. රටේ ආරක්ෂාව වෙනුවෙන් තමා “යක්ෂයා සමඟ වුව කෑමට නිදා ගැනීමට සූදානම්" යයි 1984 මැයි මස තම හොංකොං සංචාරය අතරතුර ජයවර්ධන විදෙස් මාධ්ය අමතා පැවසූවේ මෙවන් වාතාවරණයක් තුලයි. සති කිහිපයකින් කොළඹ ඊශ්රායල් සබඳතා අංශයක් විවෘත කරන ලදී. ඉන්දීය අගමැතිණිය මීට තම දැඩි විරෝධය පල කලද ලංකාවේ වාසනාවට ඊලඟ සතියේදීම ඈ සික් අන්තවාදියෙකුගේ වෙඩි පහරින් මියගියා.

    ලංකාවට යුද ආධාර ලබා දීම ප්රතික්ෂෙප කල ඇමෙරිකානුවන් රාජ්යතාන්ත්රික ලේබලය යටතේ එවකට වැලේ වැල් නැතිව සිටී ලංකාවට ආ යුදෙව්වන් සඳහා තම තානාපති කාර්යාලය තුල ඉඩ කඩ වෙන්කොට දීමට තරම් යන්තම් වත් කාරුණික වූ අතර එසේ කළේ ඔවුන්ගේ සැබෑ අනන්යතාව නොදැන යයි සිතීම අසීරුයි. පිරිසේ ප්රධානියා වූ අමී යාර් නැමති මොසාඩ් නිළධාරියා සමඟ ලංකාව වෙනුවෙන් ගණුදෙනු කරන ලද්දේ තෙමේම ඊශ්රායල් උපාධිධාරියෙකු වූ ආරක්ෂක ඇමති අතුලත්මුදලි නොව ජනාධිපති ගේ පුත් හා ජනපති ආරක්ෂක උපදේශක රවි ජයවර්ධන විසින්. අමී යාර් සමඟ පැමිණි සෙසු මොසාඩ් ඒජන්තයෝ පලස්තීන සන්නද්ධ කන්ඩායම් හා සටන් කොට අත් දැකීම් ලද්දෝ වුණා. ඔවුන්ගේ වගකීම වූයේ මාදුරු ඔය හමුදා පුහුණු පාසලේදී ලංකා හමුදාවේ නිළධාරීන්ට ගරිල්ලා විරෝධී යුද උපක්රම පිළිබඳ පුහුණුව ලබා දීමයි. එම වසරේ ජුනි 21 දා රවි ජයවර්ධන තෙමේම ඊශ්රායලය බලා පිටත් විය.

    ReplyDelete
    Replies
    1. මේ සමගම නැගෙනහිර මායිම් ගම්මාන වල සිංහල ගොවියන් යලිපදිංචි කරවීමේ අදහස ඔහු තුල පැල පදියම් වූයේ බටහිර ගාසා ඉවුරේ ඉදි කෙරුන නව යුදෙව් ජනාවාස දැකීමෙන් බවට පිළිගැනීමක් ඇත. මායිම් ප්රදෙශවල සන්නද්ධ සිංහල ජනාවාස ස්ථාපිත කිරීම රවි ජයවර්ධනගේ ඉලක්කය විය. නිදසුනක් ලෙස මහවැලි ‘එල්’ කලාපය බටහිර ඉවුරේ යුදෙව්වන් පදිංචි කරවීමේ සැලසුමට බෙහෙවින් සමානයි.

      මේ අතර රෝ බුද්ධි සේවය හා ඉක්මනින් සම්බන්ධතා ගොඩ නගාගත් මොසාඩ් නිළධාරීහූ ඉන්දියන් හොඳ හිත ද දිනාගනු පිණිස එක ගලින් කුරුල්ලන් දෙදෙනකුට සොට් එක දෙමින් දමිල සටන්කාමීන්ට ඊශ්රායලයේ දී පුහුණුව ලබාදීමේ කොන්ත්රාතුව ද තමන්ම භාර ගත්තා. 1991 හිටපු මොසාඩ් නියෝජිතයකු වූ වික්ටර් ඔස්ට්රොව්ස්කි හෙලි කලේ ලංකා ආරක්ෂක නිළධාරීන් මෙන්ම උතුරේ ඉන්දියන් ආණ්ඩුව විසින් බිහි කළ දමිළ සටන් කාමීන්ද මූලික පුහුණුව ලබා දෙන ලද්දේ තෙල් අවිව් අසල පිහිටි ‘ක්ෆාර් සර්කින්’ නම් කඳවුර තුල බවයි. ඔස්ට්රොව්ස්කිට අනුව පස මිතුරු කණ්ඩායම් වල සාමාජිකයන් උදෑසන ශාරිරික අභ්යාස වල යෙදුනේ එකිනෙකාට යාර කිහිපයක් තරම් ඈතින්. උතුරේ දමිළ ටෙලෝ, එල්ටීටීඊ, ඊපීආර්එල්එෆ් සාමජිකයන් පුහුණු කල මොසාඩ් නියෝජිතයන් එම පුහුණුවේ පරිදිම ඊට ප්‍රති ප්‍රහාර එල්ල කර ප්‍රහාර මැඩලීමේ උපක්රම ලංකා හමුදාවට ඉගැන්වීම සඳහා අති විශාල ලෙස ගාස්තු අයකල බව ඔහු පවසයි. හැට දෙනෙකුගෙන් යුත් එක් හමුදා කණ්ඩායමක් සදහා දිනක ගාස්තුව ඩොලර් දහ අටදහසක් විය. (එය එවකට ලංකා රුපියල් හාර ලක්ෂයකට ආසන්න වූ අතර එකල රට තුල පාන් ගෙඩියක මිල රුපියල් දෙකක් විතර වුණා.) පුහුණුවේදී වැය කෙරුණ එක් කාල තුවක්කු උණ්ඩයක් සඳහා ඩොලර් 250-1,000 දක්වාද, හෙලිකොප්ටර් පුහුණුව සඳහා පැයකට ඩොලර් 5,000-6 000 දක්වාද ගෙවිය යුතු වුණා. තමාට වාසි සහගත යුද්ධයකදී එය පවත්වාගෙන යාම සඳහා තරම් ප්රමාණවත් ආධාර දෙපාර්ශ්වයටම ලබා දීම ඊශ්රායලය අනුගමනය කල පිළිගත් ප්රතිපත්තියක් බව මෙහිදී සැලකිය යුතුය. සිය පස මිතුරන් අතර කෙරුන ඉරාන-ඉරාක යුද්ධයේදී පවා ඔවුන් ඉරාකයට අවි ආයුධ හා ඉරානයට බුද්ධි තොරතුරු ලෙස බෙදා විකිණීමට මැලි වූයේ නැත. ප්රහිලාභය තකා සදාචාරය කැපකිරීම හීබෲ සංස්කෘතික අංගයක් බවට බයිබලයේ පැරණි තෙස්තමේන්තුව පමනක් නොව නාසරෙත්හි යේසුස්ගේ ඉරණමද අගනා නිදසුන් සපයයි.

      එහෙත් ගැටළුව වූයේ මෙම පාඨමාලා පිරිවැය සඳහා කොළඹ රජයට මුදල් නොතිබීමයි. එහෙත් සටකපට යුදෙව්වෝ ඒ සඳහාද අපූරු පිළියමක් සිංහලයන්ට කියා දුන්හ. මහවැලි ව්යාපෘතිය අධීක්ෂණයට ඒ දිනවල පැමිණි ලෝක බැංකු නියෝජිතයන් දිශා කිහිපයකින් එකම වැඩ බිම කරා රැගෙන යන ලදී. ඔවුන් කැටිව ගිය ලංකාවේ නිළධාරී කණ්ඩායම තුල යුදෙව් ආර්ථික විශේෂඥයෙක් හා කෘෂිකර්ම මහාචාර්ය වරයෙක්ද වූ බව නොරහසකි. ඔස්ට්රොව්ස්කි පෙන්වා දෙන්නේ මේ හරහා ලෝක බැංකු නියෝජිත පිරිසගේ ඇසට වැලි ගසා ව්යාපෘතියට අවශ්ය ප්රමාණයට වඩා වැඩි ණයක් අනුමත කරවා ගනු ලැබූ බවයි. අතිරික්ත මුදල වැය කෙරුනේ බී.සී.සී.අයි බැංකුව හරහා සම්ප්රේෂණය කෙරුන ඉහත කී ගෙවීම් සඳහාය. මේ කාලයේ නිතර නිතර ජෙරුසලමේ සංචාරය කල රවි ජයවර්ධන ගේ පරිවාර සේවය සඳහා තමා යොදවනු ලැබ සිටි බවත්, (මහවැලි) ව්යාපෘතිය වෙනුවෙන් වෙන් කල මුදල් වලින් අවි මිලදී ගැනීම පිළිබඳ ඔහුගේ බිරිඳ (ෆැනී ජයවර්ධන) නොසතුටින් සිටි බවත්, හිටපු ඔත්තු කරුවා විසින් වැඩිදුරටත් හෙලි කොට ඇත. මෙය නිශ්චිතව තහවුරු කල හැකි කරුණක් නුවුවද, මහවැලි ව්යාපාරයේ මුළු පිරිවැය විනිවිද නොදැකිය හැකි වීම නිසා එය ප්රතික්ෂෙප කිරීමේ හැකියාවද නිෂේධනය වේ.

      එසේ වුවද මිතුරන් නොමැතිව අධික ලෙස අසරණ වී සිටි ලංකාවට එදා මොසාඩ් සබඳතාව ඉමහත් සහනයක් වූ බවද නොරහසකි. 1987 වනවිට සටන්කාමී කන්ඩායම් පරයා නැගෙනහිර පලාතේ බලය තහවුරු කර ගැනීමට රවි ජයවර්ධනගේ ඊශ්රායල් පුහුණුව ලැබූ පොළිස් නිළධාරීන්ගෙන් සමන්විත එස්. ටී. එෆ්. ඒකකය සමත් වීමෙන් පෙනීගියේ ලාභදායී නුවූ මිල අධික ඒ ලක්ෂරි ආයෝජනය පවා මුළුමනින්ම අපතේ නොගිය බවයි. ගහෙන් ගෙඩි එන්නාක් මෙන් 1987 ජුලි මස කෙරුන ඉන්දීය මැදිහත්වීම සියළු මොසාඩ් සැලසුම් ව්යාකූල කල බවට සැකයක් නැත. ඔක්තෝම්බර් මාසයේ ඉන්දීය හමුදා විසින් එල්ටීටීයට එරෙහිව උතුරේ මෙහෙයුම් ඇරඹූ අවස්ථාවේ පවා හින්දුස්ථාන් ටයිම්ස් පුවත් පත වාර්තා කොට තිබුනේ දමිල සටන්කාමීන් අත විශාල වශයෙන් ඊශ්රායලයේ නිෂ්පාදිත ආයුධ සංසරණය වන බවයි. ලෝක ඉතිහාසයේ ඉතාමත්ම අසාර්ථක දේශපාලඥයකු ලෙස ජාතිය හා ජාත්යන්තරය හමුවේ ලද දැඩි අවමානයෙන් කණස්සල්ලට පත් ජනාධිපති ජයවර්ධන ධුර කාලයෙන් අනතුරුව දේශපාලනෙන් විශ්රාම ගැනීමට තීරණය කලා.

      Delete
    2. ඉන් අනතුරුව 1987/88 කාලයේ ලංකාවේ දැඩි භීෂණ කාරී වාතාවරණයක් යටතේ යුක්තිය ඉල්ලා සිටි දකුණේ තරුණයන් බුරුතු පිටින් ඝාතනය කිරීමම සිය ධර්මය කරගෙන අධික ලෙස හොර ඡන්ද දැමීම්, දැඩි රාජ්‍ය ප්‍රචණ්ඩත්වයෙන් පැවැත්වූ 1988 මැතිවරණයෙන් බලයට පත් වුන කලින් ජයවර්ධන රජයේ අගමැති වූ පේමදාස සිය පූර්වගාමියාගේ පිළිවෙත් කනපිට හැරවීය. දැඩි ඉන්දීය විරෝධී ස්ථාවරයක පසුවෙමින් ඉන්දිය හමුදාවට විරුද්ධව එල්.ටීටී.ඊය සන්න්ද්ධ කිරීමට මොසාඩ් සංවිධානයට අවකාශ දුන් හෙතෙමේද ස්වයංක්රිය අවි, වාහන, හා සිමෙන්ති තොග වලින් ඊට දායකත්වය සැපයීය. අනිත් අතට ඉන්දු-ලංකා ගිවිසුම අසාර්ථක වීමට කොළඹ රජය හා එල්.ටී.ටී.ඊය තරමටම ඊශ්රායලයද වගකිව යුතු බව පසක් කොටගෙන සිටි රජීව් ගාන්ධි ටෙල් අවිව් හා තානාපති සබඳතා ගොඩ නැගීම තව දුරටත් පිළිකෙව් කල අතර, ඉන්දීය හමුදා ඒ වෙනකොටත් අනාවරණය කොටගෙන තිබූ උතුරේ මොසාඩ් සැපයුම් මාර්ග සියල්ල වසා දමුවේ තමිල්නාඩුව අවට මුහුදේ ආරක්ෂාව විශාල ලෙස ඉහල නංවමිනි. රජීව් ගාන්ධිගේ මෙම නව පිළිවෙත එල්.ටී.ටී.ඊ යට තරම්ම ඊශ්රායලයටද වේදනාකාරී වූ බවට සැකයක් නැත. එම වසරේ පැවති මැතිවරණ රැස්වීමකදී එල්ටීටීඊය ඔහු ඝාතනය කිරීමම සමග කොන්ග්‍රසය මැතිවරණයෙන් දැවැන්ත පරාජයට මුහුණ දීමට ඔහුට සිදුවූ අතර නව රජය ඉන්දිය හමුදා දිවයිනෙන් ඉවත් කොට ගත්තේය.

      ඉන්දීය හමුදා පිටව යාමත් සමඟ පේමදාස සිය පිළිවෙත හදිසි වෙනසකට භාජනය කලේ දැඩි ඊශ්රායල් විරෝධී ස්ථාවරක් කරා එලැඹෙමිනි. හිටි හැටියේම පලස්තීන ප්රදේශ වල යුදෙව් ජනාවාස පිහිටුවිම හෙලා දැකීමට වන් හේ එක්සත් ජනපද තානාපති කාර්යාලයේ වූ ඊශ්රායල් සම්බන්ධතා අංශය වසා දමන ලෙසත්, එහි වූ නිළධාරීන්ට රටින් පිටව යන ලෙසත් හදිසියේම නියෝග කලේය. මෙම තීරණයට සුජාත භාවයක් ලබා දෙන ලද්දේ ඔස්ට්රොව්ස්කි විසින් සිය ග්රන්ථයේ ශ්රී ලංකාව පිළිබද වෙන් කල පරිච්ඡෙදය මඟිනි. මේ පිළිබඳ කරුණු සොයා බැලීමට පසුව ඔහු පත් කල කොමිසමේ සැබෑ අරමුණ සිය දේශපාලන සතුරන් වූ හිටපු මහවැලි ඇමති දිසානායක හෝ ආරක්ෂක ඇමති අතුලත්මුදලි කොටු කිරීම විය හැකි වුවද, ඊශ්රාලය සමඟ 1983 දී කෘෂි ගිවිසුමකට එලැඹියේ කවර පදනමක් යටතේ්දැයි මේ පිළිබඳ සොයාබැලීම සඳහා පසු කලෙක පේමදාස රජය විසින් පත් කල පත්කරන ලද කොමිසම හමුවේ පැහැදිලි කිරීමට ගාමිණී දිසානයක අපොහොසත් වීම ද නොසලකා හැරිය නොහැක. අනිත් අතට පේමදාසද ඔස්ට්රොව්ස්කි කල හෙළිදරව්ව සැහැල්ලු කොට ලා නොතැකූ බව පෙනී යන්නේ ඉදිරියේදී ලංකාවට අවි ආයුධ ලබා ගැනීම පිළිබද සාකච්ඡා කිරීම සඳහා රන්ජන් විජේරත්න ඇතුළු නියෝජිත පිරිසක් වහා ඉරානය බලා පිටත් කොට හැරීම නිසාය. අනතුරුව නියෝජිත පිරිස බැග්ඩෑඩය බලා යාමට නියමිතව සිටියද ඒ අතර තුර සදාම් හුසේම් කුවේටය ආක්රමණය කිරීම නිසා ගමන අතරමඟ නතර කොට හැරී ඒමට ඔවුනට සිදු විය.

      ඉහත කී පරිදි 1991 දී ඉන්දියාවේ මහ මැතිවරණයට යලි තරඟ කල රජීව් ගාන්ධි, ගල්ෆ් යුද්ධය අතරතුර ඇමෙරිකානු ප්රහාරක යානා වලට ඉන්දියාවේ ඉන්ධන පිරවුම් පහසුකම් ලබා දීමට තරයේ විරුද්ධ වූ අතර එල්.ටී.ටී.යට මෙන්ම ඊශ්රායලයට එරෙහිවද දැඩි ස්ථාවරයක තවදුරටත් පසු විය. ඔහු යලි බලයට පත් වීම ඉහත කී කිසිදු පාර්ශ්වයක හිත සුව පිණිස හේතු නොවීමට බෙහෙවින් ඉඩ තිබුණ පසුබිමක මැයි මාසයේ සිය මැතිවරණ ව්යාපාරය මෙහෙයවමින් සිටින අතරතුර තමිල්නාඩුවේ චෙන්නායි හිදී එල්ල වූ සිය දිවිනසා ගන්නා බෝම්බ ප්රහාරයකින් ඔහු ඝාතනය කරන ලදී. එහි වගකීම එල්.ටී.ටී.ඊ සවිධානයට පැවරුණද, ඝාතනය පිළිබධ විමර්ෂණය කිරීම සඳහා පත් කෙරුන විශේෂ කොමිසන් සභා වාර්තාව මගින් පෙන්වා දෙන ලද්දේ එල්. ටී.ටී.ඊ සංවිධානයට මෙන්ම සික් අන්තවාදීන්ටද රජීව් ගාන්ධි මරා දැමීම සදහා ඕනෑ තරම් හේතු ඇතත්, විදේශ බලවේගයක සහයකින් තොරව එම අරමුණ ඉටු කොට ගැනීම ඒ දෙපාර්ශ්වයටම අපහසු බවය. තම ස්වාමියාට විදෙස් බලවේග වලින් ජීවිත තර්ජන තිබූ වග පලස්තීන විමුක්ති සංවිධානයේ නායක යසර් අර්ෆත් විසින් තානාපති මාර්ග හරහා කලින් ඔහුට දැනුම් දී තිබූ වග හිටපු රජීව්ගේ ඉතාලි ජාතික බිරිඳ වූ සෝනියා ගාන්ධි ප්රකාශ කළාය. මෙම කාල වකවානුව තුල එල්.ටී.ටී.ඊ මෙන්ම මොසාඩ් ඒජන්තයන්ද දකුණු ඉන්දියාව තුල බහුලව ගැවසුන බව ද එම කොමිසම විසින් වැඩිදුරටත් නිරීක්ෂනය කොට තිබිණ.

      Delete
    3. නාටකයේ උච්චාවස්ථාව වූයේ ලලිත්-ගාමිණී කණ්ඩායම විසින් තමාට එරෙහිව ඉදිරිපත් කල දෝෂාභියෝගය, ඊශ්රායල් සම්බන්ධතා අංශය වසා දැමීම නිසා මොසාඩ් සංවිධානය තමාට එරෙහිව කල කුමන්ත්රණයක් ලෙස අර්ථ දක්වමින් පේමදාස විසින් පාර්ලිමෙන්තුව හමුවේ කල ප්රකාශයයි. 1991 සැප්තැම්බර් 25 දා රොයිටර්ස් පුවත් සෙවය එය විශාල වැදගත්කමක් හුවා දක්වමින් වාර්තා කොට තිබිණ. එහෙත් මෙය ජනාධිපතිවරයාගේ දේශපාලන සටන් පාඨයක් ලෙස සැලකූ එදා ලංකාවේ බොහෝ දෙනා මෙය හාස්යයෙන් යුතුව බැහැර කලත් එම වසරේ ඊශ්රායලය වර්ගවාදී රටක් බවට 1975 සම්මත කොටගත් එක්සත් ජාතීන්ගේ යෝජනාව අහොසි කිරීම් පණතක් අමෙරිකාව විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානය හමුවට ගෙන ආ ආ අවස්ථාවේ ඊට එරෙහි වූ රටවල් 25 අතර ලංකාවද වුණා.

      1993 පේමදාස විසින් මොසාඩ් ඒජන්තයකු ලෙස ව්යංගාර්ථයෙන් ඉඟි කරනු ලැබූ ලලිත් අතුලත්මුදලි, 1993 අප්රේල් 23 දා කිරුලපොනේදී සාහසිකයකුගේ වෙඩිපහරකින් ඝාතනයට ලක්විය. එහි චෝදනාව කෙලින්ම එල්ලවූයේ පේමදාසටය.ඒ සඳහා හේතුවන බොහෝ සාධාරන සැක සංකාද නොතිබුනා නොවේ. එහෙත් පේමදාස මෙම චෝදනාව හමුවේ සසල වූ අන්දමද නොතකා හැරිය නොහැක. තමා ඝාතනය කලද තම චරිතය ඝාතනය නොකරන මෙන් ඔහු කල සංවේදී ඉල්ලීමේ අර්ථය වඩාත් අවධාරනය වන්නේ ඝාතනය පිළිබඳ පරීක්ෂණ බ්රිතාන්ය ස්කොට්ලන්ඩ්යාර්ඩ් පොලිසියට පැවරීමට ගත් තීරණය තුලිනි. දේශපාලන පූර්ව නිගමන කුමක් වුව සැඟවීමට යමක් ඇති කිසිදු පුද්ගලයෙක් එවන් පියවරකට යොමු වනු ඇතැයි සිතීම අසීරුය.

      අතුලත්මුදලි ඝාතනයෙන් සතියකට අනතුරුව හිමිදිරි උදෑසන තම අගසව්වා වූ සිරිසේන කුරේට ඇමතුමක් ගත් පේමදාස එදිනට යෙදී තිබූ මැයි රැලියේ සංවිධාන කටයුතු පිළිබඳ විමසීය. සියල්ල පරතෙරට හාරා අවුස්සා බැලීම ඔහුගේ සිරිතයි. අනතුරුව ඔහු තම සගයාට තවත් අපූරු හැඟවීමක්ද කලේය. එනම් මැයි රැලියේදී තමාට එල්ල කරන ඇතුලත්මුදලි ඝාතන චෝදනාවට ප්රතිචාර ලෙස බරපතල හෙලිදරව්වක් කිරීමට තමා අදහස් කරන බවයි. ඒ හෙලිදරව්ව සදාකාලික අභිරහසක් වූයේ මැයි රැලියට හෝරාවකට පෙර පෙළපාලිය මෙහෙයවමින් සිටි ඔහු ආමර් වීදිය අසලදී මරාගෙන මැරෙන බෝම්බ ප්රහාරයකින් ඝාතනය කරනු ලැබූ බැවිනි.

      ඝාතනය සිදුවී පැය භාගයක් ඇතුලත රස පරීක්ෂකයකු කැඳවීමෙන් තොරවම එම ස්ථානය පිරිසිදු කිරීමට පොලිසිය කටයුතු කිරීම තරමක් කුහුල දනවයි. අනිත් අතට එල්ටීටීඊ සාමාජිකයෙකු ලෙස සැක කෙරුන කුලවීරසිංහම් වීරකුමාර් නොහොත් බාබු නැමති ඝාතකයා පේමදාසගේ පෞද්ගලික සහායකයා වූ මොහොදීන් නැමැත්තාගේ සමීපතම හිතවතෙකු පමනක් නොව ආරක්ෂක අංශ සමඟ ජනාධිපති වරයාගේ පෙරගමන් රථ වලද ගමන් කොට ඇති බවද සීඅයිඩිය විසින් හෙලිදරවු කොට තිබිණ. මොහිදීන් ද පිපිරීමෙන් මිය ගියේ සියල්ල සදාකාලික අභිරහසක් බවට පත් කරවමිනි. මේ ගැන සිය මතය පලකරමින් රජයේ ඇමති වරයකු වූ ඒඑච්එම් අශ්රොෆ් වසර 2000 දී පමණ සවුදි අරාබියේ ජෙද්දා නුවරදී කියා සිටියේ ඝාතනය පසුපස ඇත්තේ මොසාඩ් හස්තය බවයි. 1994 මැතිවරණ ව්යාපාරය අතරතුරදී ගාමිණී දිසානායකද ඝාතනය කෙරුන අතර 2000 අග දී පමණ අශ්රොෆ් ද අබිරහස් ගුවන් අනතුරක් නිසා මිය ගියා.

      පේමදාස ඝාතනය ගැන මොසාඩ් සංවිධානයට කෙලින්ම ඇඟිල්ල දික් කල ඇමති අස්රොෆ් අබිරහස් හෙලිකොප්ටර් අනතුර්කින් ජීවිතක්ෂයට පත් වූ පසු 2000 වසරේදී දී නැවතත් යුද ආධාර අර්බුදයකට මුහුණ දුන් ජනාධිපතිනි චන්ද්රිකා බණ්ඩාරනායක සිය දෙමාපියන් ගේ නොබැදී පෙළිවෙත් සත පහකට නොසලකමින් ඊශ්රායලය සමඟ තානාපති සබඳතා ඇති කොට ගැනීමට තීරණය කලා.ශ්රීලංකාවට ඩෝව්රා වර්ගයේ ප්රහාරක යාත්රා හා කෆීර් ජෙට් යානා සපයන ලද්දේ මෙම නව එකඟතාව යටතේය. මහින්ද රාජපක්ෂ යුගයේ චීනය රටේ ප්රධාන අවි සැපයුම් කරුවා වුවද යුද්ධයේ අවසන් සමයේ පවා ඊශ්රායල් අවි ආයුධ තවදුරටත් විශාල වශයෙන් ලංකාවට ලඟා වූ බව පෙනේ. එහෙත් මේ කරුණු සංවාදයට බඳුන්ව ඇත්තේ මඳ වශයෙනි.

      ඇතැම් බටහිර ආරක්ෂක විෂ්ලේෂකයන් පවසන්නේ ලංකාවේ සිවිල් යුද්ධයේදී භාවිත කෙරුන ඇතැම් උපක්රම මොසාඩ් සංවිධානය විසින් සිය අත්පොතට ඇතුලත් කොටගෙන ඇතිබවය. අනිත් අතට අතීතයේ මොසාඩ් සංවිධානය සමඟ ගණුදෙනු කල එල්ටීටීඊ නායකයන් කිසිවෙකුත් මේ වනවිට ජීවතුන් අතර නොමැති අතර ක්රමාණුකූල දමිල සංහාරයක් සඳහා සිංහල රජයට මඟ පෙන්වන ලද්දේ යුදෙව්වන් විසිනැයි ඇතැම් දමිල විද්වතුන් සහ දමිළ ජාතිකවාදී දේශපාලන විශ්ලේෂකයන් විශ්වාස කරති.

      මොසාඩ් සංවිධානයේ දැඩි තර්ජනයට ලක්ව සිටින හිටපු මොසාඩ් නියෝජිත වික්ටර් ඔස්ට්රොව්ස්කි පමණක් කැනඩාවේ අප්රකට ස්ථානයක ජීවත්වන බව විශ්වාස කෙරේ.

      Delete
  6. Economatta,
    I have question that is not quite directly related to this but may relate indirectly. Now Sri Lanka is on the verge of collapse (sovereign debt default) though government and cronies are trying there level best to stop that. I am sure they are trying there level best to get some funds from China may be against the strategic center of land. 1) Do you think this ploy could deliver the desired result
    2) Do u think that Chinese may want Sri Lanka to be made there strategic hub
    3) Even this deal goes on do you think China would pay the entire debt and continue to bear the burden

    ReplyDelete
    Replies
    1. Ian,

      As our friend Michael Ondaatje, one of Sri Lanka’s greatest chroniclers, once said, “In Sri Lanka a well-told lie is worth a thousand facts.” And accordingly the so called "debt-trap" narrative is just that: a lie, and a powerful one.

      First of all I would say Sri Lanka’s debt distress arose not from Chinese lending, but from excessive borrowing on Western-dominated capital markets and the inappropriate conditions imposed by the lenders overruling the decitions by experienced policymakers of SL. (Ref. CBSL reports if SL)

      01. Question one - there is a chance of 50:50 & it depends on the management & decitions of the Rajah paxer goons whom currently ruling SL ruthlessly similar to the military junta in Myanmar.

      02. Why should China wanna make strategic hub in SL? As a major maritime hub in the region, Sri Lanka offers:

      I. A strategic position in South Asia that provides access to the emerging economic giant India. India is on track to be the third largest economy in the world by 2030, after China and the US.

      II. Exposure to China’s Belt and Road Initiative through terminals in the Port of Colombo and the Port of Hambantota, both of which have attracted Chinese investment. China is one of Sri Lanka’s key trading partners.

      III. The ability to reach Europe and the Middle East faster.

      IV. Deepwater ports with the capacity to accommodate post panmax or triple ‘E’ class vessels with much higher TEU capacity.

      As Australia's perspective I could provide you that Australian businesses that export or are considering exporting to Sri Lanka can use its ports to ship products to other markets. Australian agricultural, food and clothing companies also have the option of shipping raw materials to Sri Lanka for processing or manufacturing, then exporting the finished goods to markets around the world.

      Delete
    2. As a strategic hub, shipping out of Sri Lanka usually offers the following benefits FYI:

      A. Faster speed to markets – Sri Lanka provides unparalleled speed, frequency and capacity for exporters that want to ship products to Europe’s major ports, including Rotterdam, Antwerp, Felixstow, Southampton and Hamburg. Meanwhile, the Port of New York can be reached within 22 days. Dubai and Singapore – the major ports either side of Colombo – can be reached in 4.5 days through multiple carriers. Sri Lanka is highly suited for time-sensitive cargo such as garments and value-added food products.
      Preferential market access – Sri Lanka has free trade agreements with India and Pakistan, and is concluding agreements with Singapore and China. It has preferential access to EU markets under the GSP + scheme. Agricultural produce such as grains and lentils can be processed in Sri Lankan free zones for export to neighbouring markets.

      B. Greater choice and capacity – Freight capacity and frequency out of the Port of Colombo is unmatched when compared with other ports in South Asia. A Sri Lankan–based exporter can choose from multiple mainline carriers, which means multiple container cut-off times to ship goods direct to main ports. An exporter based in South India has fewer options and will need to rely on feeder vessels with capacity constraints.

      C. Lower freight and logistics costs – With scale comes lower shipping and logistics costs. Exporting out of the Port of Colombo can minimise the cost of price-sensitive cargo such as agricultural commodities, minerals and construction materials.

      For e.g. I could provide you some Australian logistics providers based in Sri Lanka who can offer their services to South Asian and other international customers plugged into global supply chains.

      In addition there are opportunities to provide services such as multi-country consolidations (MCC), entrepot services, warehousing, assembly and minor processing, labelling and repackaging. Companies that offer diving services, ship repairs, bunkering, ship chandlers, sea marshals and crew may also find opportunities at Sri Lankan ports.

      The Sri Lankan Government is supporting all of the above opportunities through its "National Export Strategy – Logistics Strategy"

      03. There was also no debt-for-asset swap. Rather, after bargaining the offer by former SL PM Ranil Wickremesinghe, a Chinese state-owned enterprise (SOE) CHEC leased the port for $1.1 billion, which Sri Lanka used to pay down debts to other creditors of western roots, import consumer goods like food stuff with heavy subsidies and boost its foreign reserves. The debt to China will still need to be fully repaid. Finally, China’s navy vessels cannot use the port, which will instead house Sri Lanka’s own southern naval command.

      In short, the Hambantota Port case shows little evidence of Chinese strategy, but lots of evidence for poor governance on the recipient side, GoSL.

      Therefore I could say that it should be a burden of SL policymakers & the Government at large to be precise, but not the Chinese.

      Delete
    3. Gasgemba,

      1. China has the ability to rescue SL if it they want and they will do so if it aligns with their plans. The level of support they would extend is uncertain and so are the conditions they may impose upon SL for that support.
      2. Very clearly they do have an interest in making SL one of their strategic hubs.
      3. China has no reason to pay SL's entire debt. It is not the best strategy for them either economically or politically. The best SL can expect is some support to avoid an imminent collapse but China would still prefer to keep SL on the verge of collapse, so that the country will need their support even after a possible regime change.

      Delete
    4. ඉකොනොමැට්ටා,

      මම හිතන්නේ ඉතාමත් කපටි ලෝකෝත්තර චීන රජයේ බලධාරීන් ලංකාවේ ණය ගෙවා ලංකාව පූර්ණ වශයෙන් නිදහස් කරන එකක් නැහැ මොකද එසේ කිරීමෙන් ඔවුන්ට ලංකාවට යම් බලපෑමක් එල්ල කරල ලංකාව ඔවුන්ට අවශ්‍ය විදිහට නැටවීමට ඇති හැකියාව ඉන් අඩුවිය හැකි නිසා. මොකද දැනට ලංකාවෙ තියෙන ආණ්ඩුව චීන රූකඩයක් වූ පර්සි මහේන්ද්‍ර නොව ඇමරිකානු පුරවැසියන් දෙදෙනෙකු විසින් හසුරුවන කපටි නන්දසේන සහ අණ්ඩපාල බැරිසිල් යටතේ චීනයට අවශ්‍ය විදිහට තරමක් දුරට නැටවීමට හැකිවුවත් ඉදිරි කාලයේදී ලංකාවේ අසල්වැසි භාරතය ඇමරිකානු සහ යුරෝපීය ආධාර උපකාර සහිතව ලංකාවේ ආණ්ඩු පෙරළා ඉන්දීය/ ඇමරිකානු නූල් රූකඩයක් වූ කිසිම ආර්ථික, දේශපාලනික හෝ සමාජ අවබෝධයක් නැති තවත් එක් බ්‍රෝකර් කෙනෙක් වූ රනිල් වික්‍රමසිංහ වැනි අමුම අමු ගොබ්බ ගෝතයෙක් නැවත වරක් ලංකාවේ ආණ්ඩුවේ නායකත්වයට පත් කරගතහොත් චීන සැලසුම් ව්‍යාර්ථ වීමෙන් ඔවුන්ට විශාල පාඩුවක් වන නිසා කොහොමත් ලංකාව වැටෙන්න නොදී දුබල කර තබාගැනීම ඔවුන්ට වාසි සහගත තත්ත්වයක් බව මගේ නිරීක්ෂණයයි.

      නමුත් මේක ලාංකිකයකු ලෙස බැලීමේදී ලංකාවේ ආණ්ඩුව ඉක්මනින් ධනවත් බලවත් චීනය සමග උපක්‍රමශීලීව ගණුදෙනු කරමින් හැකි තරම් උපරිම ලෙස විදේශ විනිමය උපයන්න අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් ණය අර්බුදයෙන් ගොඩ ආ යුතුයි.

      මේ අතර සජබ මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මාධ්‍යවේදීන්ට පැවසුවේ චීනයේ ආරක්ෂක ඇමති ශ්‍රී ලංකාව වැනි තුට්ටු දෙකේ කුඩා රටවල් සමග සම්බන්ධතා නොපවත්වන අතර "ඒ වගේ ප්‍රබල කෙනෙක් මේ වෙලාවේ ඇයි අපේ රටට ආවේ කියන එක ගැන ප්‍රශ්ණයක් අපටත් තියෙනවා." යනුවෙන්.

      "එහෙම මොකක් හරි විශේෂිත මොකක් හරි තියෙනවද? මොකද ඒගොල්ලෝ නිකන් රවුම් ගිහිල්ලා, අර අපේ ලංකාවේ නායකයෝ පිටරට ගියහම ෂොපිං යනවා ටොපි චොකලට් ගන්න යනවා වගේ. නිවාඩුවට යනවා වගේ කරන්න පුළුවන් අය නෙමෙයි චීනයේ ආරක්ෂක ඇමති කිව්වහම. ඒ වගේ කෙනෙක්ට පිටරට ගියහම පැයක්වත් ඉන්න වෙලාවක් නෑ. මුළු ලෝකෙම ආරක්ෂක කටයුතු මෙහෙයවන අතිශය බලවත් දැඩි ලෙස කාර්යබහුල ඒවගේ කෙනෙක් මේ වගේ වෙලාවක මෙහෙට එන්න විශේෂ හේතුවක් තියෙන්නම ඕන. ඒ විශේෂිත වූ හේතුව මොකක්ද කියන එක අපිටත් ප්‍රශ්ණයක්," යනුවෙන් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පැවසුවේ.

      ඔය වගේම ළඟදි චීනයට අයත් න්‍යෂ්ටික විකිරණශීලි ද්‍රව්‍ය රැගත් නෞකාවක් නෙදර්ලන්තයේ රොටර්ඩෑම් සිට චීනය බලා යාත්‍රා කරන අතරවාරයේ ඇති වූ බව කියන යාන්ත්‍රික දෝෂයක් හේතුවෙන් තාක්ෂණික කටයුත්තක් සඳහා හම්බන්තොට වරායට ඇතුළු කෙරුණත් එහිදී නැවේ විකිරණශීලි ද්‍රව්‍ය අඩංගු බවට සඳහන් නොකිරිම නිසා එම නෞකාව වහාම එම වරායෙන් පිටතට රැගෙන යන ලෙස ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන සභාව දැනුම්දීම තුළ ශ්‍රී ලංකාව හා චීනය අතර මේ වන විට ඇති සම්බන්ධතාව කෙසේදැයි පිළිබිඹු වන බව ඇතැම් විචාරකයෝ පෙන්වා දෙනවා.

      ඔවුන් පෙන්වා දෙන්නේ චීන රූකඩ පර්සි මහේන්ද් රාජපක්ෂ ජනපතිව සිටි සමයේ ඇමරිකාව හා ඉන්දියාවේ දැඩි විරෝධය හමුවේ වුවද කොළඹ වරායට චීන යුද සබ්මැරින් යාත්‍රා කිසිදු අවහිරයකින් තොරව පැමිණියත් අද තත්ත්වය එයට වඩා බෙහෙවින් වෙනස් වී ඇති බවක්.

      ඒ වගේම විශ්ලේෂකයන් පවසන්නේ චීනයේ නිෂ්පාදිත කොරෝනාවෛරසයට එරෙහි එන්නත් ලක්ෂ හයක ප්‍රදානයක් ලැබී තිබියදීත් මේ වනතෙක් තවමත් එම එන්නත ලංකාවේ මහජනතාවට දීමට අනුමැතිය නොලැබීම, චීනයෙන් මහින්ද රාජපක්ෂ ජනපති සමයේ මෙන් මේ රජය මුල්‍යමය ආධාර හෝ පහසුකම් ඒ තරමටම ඉල්ලීමට ඉදිරිපත් නොවීම වැනි කරුණු මත දෙරට අතර පවතින සම්බන්ධතාව මනාව පැහැදිලිවන බවත් එවන් තත්ත්වයක් තුළ මෙලෙස චීනයේ ඉහළ නිලධාරීන් පැමිණීම මගින් දෙරට අතර සම්බන්ධතාවය වර්ධනය කරගැනීමට චීනයට විශාල අවශ්‍යතාවයක් ඇති බව පැහැදිලි වන බවක්.

      Delete
    5. කෙසේ වෙතත් මේ ගැන මගේ අධ්‍යයනය අනුව නම් චීන ආණ්ඩුවේ ඉහළම මිලිටරි පුද්ගලයාගේ මෙම සංචාරය මුලික හේතුන් තුනක් මත වැදගත් වන බව පේනවා.

      1. කොළඹ වරාය නගර ව්‍යාපෘතිය බොහෝ විට සමබන්ධ වී තිබෙන්න පුළුවන්, චීනයට ඕන මේ වරාය නගරය හරහා ලංකාවේ හා දකුණු ආසියාවේ චීනයේ අභිලාෂයන් සුරක්ෂිත කරගන්න ඒක මුලික හේතුව වියහැකියි.

      02. මේ වෙනකොට ඉන්දියාවේ ඇතිවෙලා තියෙන කොවිඩ් වසංගතය නිසා ඉන්දියාවේ කලාපීය සහ ගෝලීය හෙජමනික තත්ත්වයට දැඩි ලෙස තර්ජනයක් එල්ල වෙලා තියෙනවා. මේ තර්ජනය තියෙද්දී චීනය උත්සහ කරනවා ඉන්දියාවට ආසන්න අසල්වැසි රජයන් හරහා තවදුරටත් ඉන්දියාවට ප්‍රතිරෝධයක් එල්ල කරන්න, ඒක මේ සංචාරයේ දෙවෙනි අරමුණ. චීනයේ මුලිකත්වයෙන් දකුණු ආසියාවේ කොවිඩ් වසංගතය මැඩලීම සඳහා වූ මාර්ගගත සමුළුවක් පැවැත්වුවා, මේ සමුළුවට ඉන්දියාවට ආරාධනා කළත් ඉන්දියාව ප්‍රතික්ෂේප කළා, ඒ හරහා චීනය උත්සහ කරනවා දකුණු ආසියාව තුළ විශේෂයෙන් ඉන්දියාවේ අසල්වාසි රාජ්‍යන් තුළ තමන්ගේ බලය තහවුරු කරගන්න.

      03. ලංකාව සහ චීනය අතර පවතින සම්බන්ධතාව වර්ධනය කරගැනීමට හොඳ අවස්ථාවක් තමයි මේ කොවිඩ් වසංගතය, දැනට ලංකාවේ දුර්වල ආර්ථික තත්ත්වය මත චීනය බලාපොරොත්තු වෙන්නේ ලංකාව සහ චීනය අතර දැනට තියෙන උපායමාර්ගික සහයෝගිතාව තවදුරටත් වර්ධනය කරගැනීමට, මොකද ලංකාව සහ චීනය අතර තියෙන උපායමාර්ගික සහයෝගී තාවයක්, ඒක ද්විපාර්ශවික වලට වඩා ටිකක් උඩින් තියෙන්නේ. අන්න ඒ උපායමාර්ගික සහයෝගිතාවය තවදුරටත් වර්ධනය කර ගන්න චීනය බලාපොරොත්තු වෙනවා. බොහෝවිට චීනය උත්සග කරනවා මේ උපාය මාර්ගික සයෝගිතාවය වර්ධනය කරගැනීමට සහ ඉන්දියාව කලාපීය වශයෙන් පීඩාවකට ලක් කරන එක.

      ඔය කරුණු වලට පරිබාහිරව ඉකොනොමැට්ටාට තවත් කරුණක් ඉදිරිපත් කරන්නම්, ඒ පහුගිය පර්සි මහින්ද රාජපක්ෂ සමයට වඩා නන්දසේන ජනපතිවරයාගේ පාලන කාලයේදී ඇමරිකාව, ඉන්දියාව හා චීනය යන බලවතුන් තිදෙනාම තුලනය කිරීමේ යම් කපටි උත්සහයක් දරන බව පේනවා නේද?

      මොකද අපි දැක්ක 2007 න් පස්සේ මහින්ද රාජපක්ෂ පාලන සමයේදී ලංකාව චීනයට බර ප්‍රතිපත්තියක් නැත්තම් අපි කියනවා ලංකාවේ විදේශ ප්‍රතිපත්තියෙදී චීනයට ඇදීයාමක් සිද්ධ වෙලා 2014/ 2015 අවසන් වෙනකොට සම්පුර්ණයෙන්ම ඒක අවසන් වුණා. නමුත් නන්දසේන රාජපක්ෂ ජනපතිගේ පාලන කාලය තුළ ඒක නැවතත් චීනය, ඇමරිකාව සහ ඉන්දියාව යන තුන අතර තුලනය කරන්න උත්සහ කරන බව පේනවා නේද?

      මම නම් දකින්නේ නන්දසේනගේ මාධ්‍ය ලංකාවේ ව්‍යාපෘති ඒ පාර්ශව තුනටම ප්‍රතිලාභ අරන් දෙන බව පෙන්වන නිසා මේ සංචාරය හේතුවෙන්නේ ඒ මූලෝපායික සම්බන්ධතාව තවත් වර්ධනය කර ගෙන බොහෝවිට ලංකාව සහ චීනය අතර ආරක්ෂක ගිවිසුමක් හම්බන්තොට වරාය හරහා ඉන්දියානු සාගරය පිළිබඳ ආරක්ෂක ගිවිසුමක් නුදුරු කාලයේදීම අපිට මේ හරහා දකින්න හම්බවේවි. මේකට දැනට කුජීත වී ඇති ඉන්දියන් හා වල පයයි ගොඩ පයයි නාකි හම්පඩ හිවල් ගොබිලෙක් වන බෛඩං ගේ පරිපාලනය යටතේ පවතින ඇමරිකන් ආණ්ඩු කොහොම ප්‍රතිචාර දක්වයි ද ඉකොනොමැට්ටා?

      ඒ වගේම චීන ජනරජයේ ආරක්ෂක අමාත්‍ය ජෙනරල් වෙයි ෆෙන්ග්හි ලංකාවට පැමිණීමට පෙර බංගලාදේශයේ සංචාරයක යෙදෙමින් බංගලි ජනපති අබ්දුල් හමීද් සමඟ පැවති සාකච්ඡාවකදී පැවසුවේ ද්වීපාර්ශ්වික හමුදා සහයෝගීතාව ඉදිරියට ගෙන යන බව යැයි චීනයේ නිල පුවත් ආයතනය වන ෂින්හුවා පුවත් සේවය කිව්වා. චීනයේ සහ බංග්ලාදේශයේ හමුදා අතර තවදුරටත් ඉහළ මට්ටමේ සංචාර වැඩි කිරීමටත්, හමුදා උපකරණ හා තාක්ෂණික සහයෝගීතාව තවත් ගැඹුරු කිරීමටත්, විශේෂිත ක්ෂේත්‍රවල හුවමාරු පුළුල් කර සමීප සබඳතා ගොඩනඟා ගැනීමටත් එකඟ වූ බව වැඩිදුරටත් කියලා තියෙනවා. මේ ගැන ඔබේ නිරීක්ෂණය සහ අදහස් මොනවද ඉකොනොමැට්ටා?

      By the way Econ,

      What do you think about this stuff?

      https://www.facebook.com/102001841620238/videos/370645714278120/

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: