වෙබ් ලිපිනය:

Tuesday, May 31, 2022

මැයි උද්ධමනය 39.1% දක්වා ඉහළට!


කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම්ව මනින උද්ධමනය ගෙවුනු මැයි මාසයේදී 39.1% දක්වා ඉහළ ගොස් තිබෙනවා. ආහාර උද්ධමනය 57.4% දක්වා ඉහළ ගොස් ඇති අතර ආහාර නොවන භාණ්ඩ හා සේවා හා අදාළ උද්ධමනයද 30.6% දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙම ඇස්තමේන්තු පදනම් වන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ නාගරික පාරිභෝගිකයින්ගේ ජීවන රටා මතයි. රටේම පරිභෝජනය මත පදනම් වන ජාතික පාරිභෝගික මිල දර්ශකය මත පදනම් උද්ධමන ඇස්තමේන්තු පිළියෙල වන්නේ දින 21ක කාල පමාවකින් පසුවයි. එම ඇස්තමේන්තුව තරමක් ඉහළින් තිබිය හැකි වුවත් 45% ආසන්නව පවතිනු ඇති බව මගේ විශ්වාසයයි. මේ පිළිබඳ වැඩිදුර විග්‍රහයක් පසුව බලාපොරොත්තු වන්න!

මේ අතර ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව විසින් ජාතික ගිණුම් ඇස්තමේන්තු සංශෝධනය කර තිබෙනවා. සංශෝධිත ඇස්තමේන්තු අනුව පෙනී යන්නේ 2020දී ආර්ථිකය සංකෝචනය වීමට පෙරම 2019දීද ආර්ථිකය සංකෝචනය වී ඇති බවයි. සංශෝධිත ඇස්තමේන්තු අනුව 2019 වසරේදී ලංකාවේ ආර්ථිකය 0.2%කින්ද, 2020 වසරේදී තවත් 3.5%කින්ද හැකිලී තිබෙනවා. 2021දී ආර්ථිකය 3.3%කින් වර්ධනය වී ඇතත් මේ වසරේදී ඉතිහාසයේ කවදාවත් සිදු නොවූ තරමේ විශාල හැකිලීමක් සිදු විය හැකියි.

10 comments:

  1. This is from a reply you gave in a previous post

    "The definition of hyperinflation is a 50%+ increase in prices within a month. Inflation refers to the price increase in a year."

    When you say that inflation for May is 39.1% does it mean that prices have increased by 39.1% in May
    OR
    When the price increase in May is extrapolated for an year the value is 39.1% ?

    ReplyDelete
    Replies
    1. This is the actual increase during the year from May 2021, not an extrapolation. Most of that increase was during the last two months. The increase in May was 8.3% after a 9.3% increase in April. If extrapolated for a year, the number will be 100%+ but it is unlikely to grow at this rate for a year unless fed by more money printing.

      Delete
    2. Ok. Thanks for the clarification.

      Delete
  2. නෙට් එකේ කීප දෙනෙක්ම ආර්තික නිදහස ගැන කතා කරනව දැක්ක.
    ආර්තික නිදහස කියන්නෙ මොනවගෙ දෙයක්ද? ඒකෙන් රට දියුනු වෙන්නෙ කොහමද? මේ වෙලාවෙ ප්‍රශ්නයට විසඳුම ඒකද?

    ReplyDelete
  3. ලෝකෙම හඬ ගසා කිව්වත් නාහයි නං
    අපි හරි යැයි කියා දිගටම හිතනව නං
    ආර්ථිකේ හැකිළුනමුත් නොගෙන ගණන්
    ඉන්නයි වෙන්නෙ අපහට දිගටම වීරවන්!

    ReplyDelete
    Replies
    1. @ නිදි,

      Watch this carefully & comment please, thanks.

      https://www.youtube.com/watch?v=ahhmddAIdFA

      Delete
    2. වීඩියෝව බැලුවා. මට නම් හිතෙන්නේ දෙගොල්ලොම සීමාව ඉක්මවා යන බවයි.

      Delete
  4. ඉකොනොමැට්ටා

    මේ 2022 වසර මුලදී ඩොලර් 130 දක්වා ගෝලීය වෙළඳ පොළ තුල ඉහළ ගොස් තවමත් ඩොලර් 110 ක් වූ තෙල් බැරලයක් ඊට වඩා ඉතාමත් අඩු මුදලකට ඩොලර් 35 බැගින් ශ්‍රී ලංකාවට ලබාදීමට රුසියාව ඉදිරිපත් වී ඇති නමුත් ඇමරිකානු එක්සත් ජනපදයේ පුරවැසියන්ගේ යටතේ පවතින සහ වික්ටෝරියා නූලන්ඩ්ගේ රුසියා විරෝධී තර්ජනයට බය වී ඇති ලංකාවේ බලධාරීන් මේක ගැන කිසිම උනන්දුවක් නොදැක්වූ නිසා තවමත් ලංකාවේ ආණ්ඩුව විශාල අර්බුදයක හිරවී ඇති බව ලංකාවේ මාධ්‍ය මගින් වාර්තා කරල තියෙන්නෙ මේ ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද?

    තව දෙයක් තමයි දැනටමත් ලංකාවේ බොර තෙල් ටොන් 90,000 ක් රැගත් රුසියානු තෙල් නැවක් කොළඹ වරායේ සති ගණනක් තිස්සේ නතර කර තිබෙනබව ලංකාවේ මාධ්‍ය කාලයක් තිස්සේ කියන්නේ. මේ අතිශයින් ලාබදායක මුදලට තෙල් විකිණීමට රුසියාව ඉදිරිපත් වීම නිසා ඊට ගෙවිය යුතු මුදල ඩොලර් මිලියන 72.6 කි. එහෙත් රජය මෙතෙක් එම තෙල් මිලට ගෙන නැත. මීට හේතුව කුමක්ද? ලංකාවේ පිරිපහදුවේ ඉරානයේ බොර තෙල් වගේම සයිබීරියාවේ බොර තෙලුත් පිරිපහදු කරන්න පුළුවන් කියල කියන්නේ මාධ්‍ය වලින් ඩීසල් වැඩි ප්‍රමාණයක් ගන්න පුළුවන් කියලත් කියනවා.

    අනික ලංකාවේ මේ දවස් වල ආණ්ඩුව තෙල් මිල දී ගන්න අයි ඕ සී එකටත් ඉන්ධන තෙල් ලබාගන්නේ රුසියාවෙන් බවයි පැවසෙන්නේ ඉතින් කොහොමද මෙහෙම තුන් ගුණයකටත් වඩා විශාල මුදලක් දී තෙල් මිල දී ගන්නේ?

    මේ සම්බන්ධයෙන් ඉකොනොමැට්ටා ඇතුළු අරගලකරුවන් දරන මතය කුමක්ද? ඇත්තටම කෝ අරගලකරුවන් සහ 225? ඈයි උන් එකෙක්වත් මේ ගැන මීක් නැත්තේ?

    මම හිතන්නේ ඇත්ත කතාව බටහිර සම්බාධක වලට බයේ රුසියාවෙන් තෙල් ගැනීමට පක්‍ෂව මුන් එකෙක්වත් කටක් හොල්ලන්නේ නෑ.. රුසියානු තෙල් ගැන කටක් ඇරලා වචනයක් නොකියා මුන් සෙට් එක ඇටිකෙහෙල් කාපු උගුඩුවෝ වගේ ඉන්නවා කියලා. එහෙම නේද?

    ReplyDelete
  5. ඉකොනොමැට්ටා මේ කෙටි වීඩියෝ එකේ ධම්මික පෙරේරා පවසන ආකාරයට රටට ඩොලර් ගෙන ඒම සඳහා ව්‍යාපෘති 100 ක් පමණ ඉදිරි මාස හය තුළදී ආරම්භ කළ යුතුයි කියා ඔහු පෙන්වා දෙන යෝජනා ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද?

    https://m.youtube.com/watch?time_continue=154&v=A1kZV3BRIe0&feature=emb_logo

    මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළොත් ඒකේ ප්‍රතිඵල තියේවි ද?

    මෙය අසාර්ථක නම් මීට විකල්පයක් ලෙස ඔබ යෝජනා කරන්නේ කුමන වැඩ පිළිවෙළක් ද?

    මේ ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද?

    ReplyDelete
    Replies
    1. ධම්මික පෙරේරාගේ සංකල්පයකට අනුව නැවත විවෘත කරපු රත්මලාන ජාත්‍යන්තර ගුවන් තොටුපළේ දැන් තත්වය කෙබඳුද?

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: