වෙබ් ලිපිනය:

Monday, January 2, 2023

කවුද ගන්නේ ශ්‍රීලංකන්?


වැඩි කොටස් ප්‍රමාණයක් ශ්‍රී ලංකා රජය සතුව තිබියදී වුවත්, වසර දහයක කාලයක් තිස්සේ එමිරේට්ස් සමාගම විසින් කළමනාකරණය කළ, ඒ කාලය තුළ පාරිභෝගිකයින්ට හොඳ සේවයක් ලබා දෙන අතරම දිගින් දිගටම ලාබ ලැබූ ශ්‍රීලංකන් ගුවන් සේවය 2008 මාර්තු 31 දින සිට නැවතත් රජයට පවරා ගනු ලැබුවා.

පහතින් තියෙන්නේ 2008 මාර්තු අවසානයේදී ශ්‍රීලංකන් ගුවන් සමාගමේ මූල්‍ය තත්ත්වයයි.

වත්කම් - රුපියල් බිලියන 51.3යි.

බැරකම් - රුපියල් බිලියන 28.5යි.

ශුද්ධ වටිනාකම - රුපියල් බිලියන 22.8යි.


රජයට පවරාගත් මෙම ආයතනයේ අද මූල්‍ය තත්ත්වය කෙසේද? 

පහතින් තියෙන්නේ 2021 මාර්තු අවසාන වන විට ශ්‍රීලංකන් ගුවන් සමාගමේ මූල්‍ය තත්ත්වයයි.

වත්කම් - රුපියල් බිලියන 154.4යි.

බැරකම් - රුපියල් බිලියන 443.6යි.

ශුද්ධ වටිනාකම - රුපියල් බිලියන සෘණ 289.3යි.

පොදු අරමුදල් වලින් ආයෝජනය කර ඇති ප්‍රාග්ධනය - රුපියල් බිලියන 82.5යි. (මෙම ගණනට 2020/21 මූල්‍ය වර්ෂය තුළ රජය විසින් ශ්‍රීලංකන් සමාගම වෙනුවෙන් යෙදවූ රුපියල් බිලියන 27.7ක මුදලක් සහ ඊට පෙර යෙදවූ මුදල් ඇතුළත්.)

රජය විසින් යෙදවූ මුදල් වාෂ්ප වී අවසන් බව අමුතුවෙන් කිව යුතු නැහැ. ඒ මුදල් වෙනුවෙන් දිගින් දිගටම පොලී ගෙවන්න සිදු වී තිබෙන්නේ රටේ බදු ගෙවන ජනතාවටයි. වත්කම් හා බැරකම් අතර රුපියල් බිලියන 289.3ක හිඟයක් තිබෙන්නේ ඊට අමතරවයි.

මුදල් අමාත්‍යංශයට අනුව 2021 වසර තුළ ශ්‍රීලංකන් ගුවන් සමාගම විසින් රුපියල් බිලියන 170.6ක ශුද්ධ අලාභයක් ලබා ඇති අතර, 2022 පළමු මාස හතර තුළ තවත් රුපියල් බිලියන 248.4කශුද්ධ අලාභයක් ලබා තිබෙනවා. මේ අනුව, සමාගමේ ශුද්ධ සෘණ වටිනාකම මේ වන විට රුපියල් බිලියන 700ක් පමණ විය හැකියි. 

ශ්‍රීලංකන් ගුවන් සමාගම පෞද්ගලීකරණය කරනවානම් කළ හැක්කේ මෙසේ එකතු වී ඇති ණය ආපසු ගෙවීමේ බර බදු ගෙවන ජනතාව මත පැටවිය හැකිනම් පමණයි. නිකම් දුන්නත් ණයකට කර ගහන්න කවුරුවත් කැමති වෙන්නේ නැහැ. 

ඇතැම් අය යෝජනා කරනවාක් මෙන් තෙල් සංස්ථාව, ශ්‍රීලංකන් ගුවන් සේවය වැනි ආයතන විකුණා ලැබෙන මුදලකින් රජයට ණය ගෙවන්න පුළුවන්කමක් නැහැ. මේ ආයතන විකිණුවත්, තියා ගත්තත් මේ ආයතන වල ණය ගෙවන්න සිදු වී තිබෙන්නේත් අනාගතයේදී බදු ලෙස එකතු කරගන්නා මුදලකින්ම තමයි. ඒ විදිහට හෝ ණය නොගෙවුවොත් වෙන්නේ මේ ආයතන කඩා වැටෙනවාට අමතරව මේ ආයතන වලට ණය දී තිබෙන රාජ්‍ය බැංකුත් කඩා වැටෙන එකයි. 

11 comments:

  1. රේල්වේ එක පෞද්ගලිකරණය කරන බැරිද? එංගලන්තයේ රේල්වේ එක පුද්ගලීකරණය අසාර්ථක උනාද?

    ReplyDelete
  2. ශ්‍රී ලන්කන් ගන්න කෙනාට ශ්‍රී ලංකාවම දෙනවා කිව්වොත් අඩු තරමින් ඉන්දියන් කාරයටවත් ඇහේවි.

    ReplyDelete
  3. මට හිතෙන ලංකාවේ රාජ්‍ය ආයතන වල තියෙන්නේ පරිපාලන ප්‍රශ්නයක්. ඒ හින්ද අයිතිය රජයට තියෙන විදිහට පරිපාලනය පෞද්ගලික අංශයට හරි විදෙස් සමාගම් වලට හරි සමහර රටවල් කරනවා වගේ ඉදිකර පාලනය කර අවුරුදු ගණනකට පස්සේ ආණ්ඩුවට අයිති වෙන විදිහට ව්‍යාපෘති කරන්න පුළුවන් නම් වැඩි පිරිසකට රස්සා ලැබේවි. ඒ වගේම රටේ බදු සල්ලි සැබෑ ජනතා කටයුතු සදහා යොදන්න පුළුවන්. ඒවගේම විශ්ව විද්‍යාල අධ්‍යාපනය වෙනුවෙන් රජය වියදම් නොකර සිසුන්ට ණයක් විදිහට රැකියාවක් ලැබුණාම ගෙවන්නත්, උසස් අධ්‍යාපනයේ යෙදෙන සිසුන්ට සති අන්තයේ , නිවාඩු කාලවල වගේම, දේශන ප්‍රායෝගික කටයුතු නැති දවස්වලට අමතර රැකියාවක යෙදෙන්නත් පහසුකම් සහ උනන්දුව ඇති කලොත් රාජ්‍ය විශ්ව විද්‍යාල පහසුකම් දෙගුණයක පිරිසකට දෙන්න පුළුවන්. කැනඩාවේ කරන්නේ එහෙමයි. ( ළමුන්ගේ පාසැල් අධ්‍යාපනය සහ ප්‍රදේශයේ සෞඛය , පොලිස් , මාර්ග සංවර්ධනය සදහා කැනඩාවේ නිවෙස් හිමියන්ගේ වරිපනම් බදු වලින් කොටසක් යෙදවෙනවා)

    ReplyDelete
    Replies
    1. රාමලිංගම්January 2, 2023 at 10:05 PM

      ඔබ වසරකට ශ්‍රී ලංකාවට කොපමණ විදේශ මුදල් ප්‍රමානයක් එවනවද?

      Delete
    2. චතුෂ කුමාරJanuary 4, 2023 at 8:27 AM

      සෝෂල් මිඩියා වල ලංකාව හදන්න උපදෙස් දුන්නට මේ අය ලංකාවට එක ඩොලරයක් එවන අය නෙමේ රාමලිංගම් මහත්තයෝ.

      Delete
    3. මා බ්ලොග් රචකයාගේ සටහනට ලියූ කොමෙන්ටුවට ප්‍රතිචාර ලියූ රාමලිංගම් සහ චතුෂ කුමාර මහත්වරුනට ස්තුතියි . මේ ලිපිය පිටරටවල සිටිනා ශ්‍රී ලාංකිකයින් ලංකාවට එවන මුදල් ගැන නොවේ . එම නිසා මා අදහස් දක්වා ඇත්තේ එම සටහනට අනුව මිස කිසිවෙකුට උපදෙස් දීමට හෝ මා ලංකාව සමග කරන ගණුදෙනු ගැන සදහන් කිරීමට නොවේ . ඒ නිසා ඔබේ ප්‍රතිචාර ඒ තේමාවට අදාලව දැක්වීම ඔබේත් කියවන්නන්ගේත් කාලය සහ මුදල් ඉතිරි කිරීමට හේතුවන බව සිහිපත් කරමි . ඔබට අවශ්‍ය අදහස් දැක්වීම සදහා සිංහලෙන් බ්ලොග් අඩවියක් පටන් ගෙන නිදහසේ සටහන් එකතු කරන මෙන් ආරාධනා කරමි .

      Delete
  4. ඉකොනෝ, post එක සම්පූර්ණ වෙන්නේ 2008 සිට ශ්‍රී ලංකන් සභාපති තනතුරු දැරූ අය ගැනත් - තෝම්බු එක්ක ලිව්වොත්.....

    ReplyDelete
  5. ශ්‍රී ලංකන් එක මීට කලින් එමිරේට්ස් සමාගම සමග දිව්වේ. ඒ සමාගම ගන්න කලින් ශ්‍රී ලංකන්, එවකට එයාර් ලංකා සමාගම ලාබ ලැබුවේ නැහැ නේද. එහෙනම් ඇයි එමිරේට්ස් මේකේ කොටස් ගත්තේ?

    ReplyDelete
  6. ජපානයේ NHK රුපවාහිනීය

    ReplyDelete
  7. ඉකොනෝමැට්ටා,


    දැන් අලුත්ම සීන් එක තියෙන්නෙ බිත්තර පිටරටින් ගෙන්වන කතාවනේ...
    මට තියෙන පස්නෙ. (බිත්තර සදහා විතරක්ම නෙවෙයි)


    පිට රටක හදලා,
    නැවක එවන්න ගාස්තු ගෙවලා
    (Storage + Handling + Transport + Custom clearance, tax, etc)
    ආයෙත් ලංකාවට ගෙන්වන එකා ලාභයක් තියාගෙන,
    තොග වෙලෙන්දත් ලාභයක් තියාගෙන
    සිල්ලර වෙලෙනෙදත් ලාභයක් තියාගෙන,

    අපිට, සාමාන්‍ය මිනිස්සුන්ට, ලංකාවෙ නිශ්පාදනය වෙන බිත්තරයකට වඩා අඩුවෙන් කොහොමද දෙන්නෙ...???

    ---------
    මොකක්ද ලෝකල් ප්‍රඩක්ශන් වල තියෙන අවුල, (බිත්තර විතරක් නෙවෙ, කෘෂිකර්මය, ධිවර වගෙ ඒවත්)
    පරන යල්පැන ගිය තාක්ශනයද???

    -------
    කොරියන් උන් මෙහෙන් මිනිස්සු ගන්නවා නෙහ් බන් උන්ගෙ මාලු බෝට්ටු වල වැඩට,
    අපිට මාලු කෑල්ලක් කන්න පුකත් දෙන්න වෙන්න ගානට ගනන් ලංකාවෙ...
     

    ReplyDelete
  8. හැන්දෑවට අතපය වෙවුලනවට බාගයක් ගහලා හොදට කටට රහට කොත්තුවක්, රයිස්සෙකක් කාලා සිකරට්ටේකක් ගහපු අපිට මේ ආණ්ඩුව කෙලියනේ ඉකොනෝ මල්ලි. අරක්කු වලට බද්ද 20 % ක් ලු. ගෝල්ඩ්ලීප් එකත් රුපියල් 100 ද කොහෙද.

    අම්මපා හෙට චන්දෙ ආවා නං ජේවීපී එකට දෙනවා මං. අපි කරබාගෙන හිටියම මුන් අපේ පුකෙමනේ අරින්න එන්නේ ඉකොනෝ මල්ලි.

    ....

    රට බීම මිල ඉහළට

    (රංජන් කස්තුරි)

    මත්පැන් මිල අද මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පිරිදි ඉහළ නංවා තිබේ. අරක්කු බෝතලයකට මෙතෙක් අය කළ බදු මුදුල සියයට 20කින් ඉහළ නැංවීමෙන් මෙම මිල ඉහළ ගොස් තිබේ. 

    අරක්කු බෝතලයකට මෙතෙක් අය කළ රුපියල් 1050ක බද්ද රුපියල් 1256 දක්වාත්, රුපියල් 1121 බද්ද රුපියල් 1344 දක්වාත් රුපියල් 1309 ක බද්ද රුපියල් 1576 දක්වාත් ඉහළ නංවා තිබේ. 

    බියර් බෝතලයකට අය කළ රුපියල් 103ක බද්ද රුපියල් 124 දක්වාත් 194ක් වූ බද්ද රුපියල් 233 දක්වාත් ආදී වශයෙන් ඉහළ නංවා ඇත.

    අද (03) මධ්‍යම රාත්‍රියේ සිට මත්පැන්, වයින්, බියර් ආදී සියලුම වර්ගවල නිෂ්පාදන බද්ද 20% කින් සහ දුම්වැටි මත බද්ද 20% කින් ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.

    ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා මේ බව සඳහන් කර සිටියා.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: