වෙබ් ලිපිනය:

Friday, September 13, 2024

දෙවන කාර්තුවේ ආර්ථික වර්ධනය


මෙම වසරේ (2024) දෙවන කාර්තුව තුළ, පසුගිය වසරේ දෙවන කාර්තුවට සාපේක්ෂව, ශ්‍රී ලංකා ආර්ථිකය 4.7%කින් වර්ධනය වී තිබෙනවා. කෘෂිකාර්මික අංශයේ 1.7%ක හා සේවා අංශයේ 2.5%ක වර්ධනයක් සිදු වෙද්දී කර්මාන්ත අංශය 10.9%ක වර්ධනයක් වාර්තා කර තිබෙනවා. ඉදිකිරීම් කර්මාන්තය නැවත පණ ගසා නැගිටමින් 15.5%ක වර්ධනයක් වාර්තා කර තිබීම කැපී පෙනෙන කරුණක්. 

වසරේ පළමු මාස හයේ දළ දේශීය නිෂ්පාදිතය රුපියල් බිලියන 14,702ක් වන අතර පෙර වසරේ පළමු මාස හයේ එම අගය වූ රුපියල් බිලියන 13,422ට සාපේක්ෂව 9.5%ක නාමික වර්ධනයක් පෙන්නුම් කර තිබෙනවා. පෙර වසරේ පළමු මාස හයට සාපේක්ෂව මූර්ත ආර්ථික වර්ධනය 5.0%ක්. මේ අනුව, දළ දේශීය නිෂ්පාදිතයේ අවධමනකය මත පදනම් වූ උද්ධමනය 4.3%ක් පමණයි. 

පළමු අර්ධයේ ආර්ථික වර්ධන වේගය 5.0% මට්ටම දක්වා ගොස් ඇති බැවින් දෙවන අර්ධයේදී ආර්ථිකය වර්ධනය නොවී පෙර වසරේ මට්ටමේම පැවතියද 2024 වාර්ෂික ආර්ථික වර්ධනය 2.5% මට්ටමට යනවා. ඒ අනුව, වසරේ ආර්ථික වර්ධන වේගය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ඇස්තමේන්තු කර ඇති 2.0% මට්ටම ඉක්මවන බව ඉතාම පැහැදිලියි. මෙම වසරේ වාර්ෂික වර්ධන වේගය බොහෝ විට ස්ථායීකරන වැඩ සටහනේ දිගුකාලීන ඉලක්කය වන 3.1% මට්ටමද ඉක්මවා යා හැකියි. දෙවන අර්ධය තුළ වර්ධන වේගය 1.2% මට්ටමෙහි පවත්වා ගත්තද වාර්ෂික වර්ධනය 3.1% මට්ටමට යන බව සරල ගණිතයෙන් වුවද තේරුම් ගත හැකි දෙයක්. 

ආර්ථික වර්ධනය මේ අයුරින් අරමුදලේ ඇස්තමේන්තු ඉක්මවා යද්දී දළ දේශීය නිෂ්පාදිතයේ අවධමනකය මත පදනම් වූ උද්ධමනය පවතින්නේ අරමුදලේ ඇස්තමේන්තුව වූ 9.8%ට වඩා බෙහෙවින්ම අඩු මට්ටමක් වන 4.3% මට්ටමේ. දෙවන අර්ධය තුළ මෙම අගය තවත් පහත වැටිය හැකි බවකුයි පෙනෙන්නට තිබෙන්නේ. 

ශ්‍රී ලංකාවේ අනාගත අභියෝගය වන්නේ මෙම යහපත් වර්ධනයන් දිගටම එලෙසින්ම පවත්වාගෙන යාමයි.

10 comments:

  1. why there is a difference between deflator and real inflation values?

    ReplyDelete
    Replies
    1. One can say the deflator based inflation is the true inflation and the CPI-based inflation is just a proxy for true inflation. Deflator has the effect of price increases of all the goods and services produced within the country and better reflects the deterioration of value of money. CPI only includes a limited number of goods and services most often consumed by people and it is also an indicator of cost of living. CPI only includes consumer goods and the deflator also include investment goods. CPI, on the other hand, includes imported goods and thus it also measures "imported" inflation together with domestic inflation.

      Delete
    2. Thanks. Valid point
      One more question. I think it is not practical gor the CB to track price fluctuation of each and every good and service . So how do they calculate the deflator?

      Delete
    3. Tracking GDP requires estimating all the goods and services produced in the economy which also involves tracking their market prices. This is not an easy job but it is done in almost every country. There are standard methodologies. Too complex to explain but I should have explained in some of previous articles. This usually takes 2-3 months and information is collected from multiple agencies. And there are 3 different ways to estimate which allows to cross check the accuracy of estimates.

      Delete
  2. සතියයි නෙවෙද නව වෙනසක් ඇති වෙන්න
    එහි බලපෑම කොයි ලෙස වේවිද යන්න
    ඔබගේ කෝණයෙන් බලමින් පවසන්න
    බලා හිඳිමි - නව ලිපියක් කියවන්න

    ReplyDelete
    Replies
    1. තව සතියක් ඇත නිමලේ ඉවසන්න
      පච ලපයා කුහක හොරා හොම්බෙන්න යන්න
      රටට හොදයි රනිල් දිනයි සැනසෙන්න
      රනිල් දිනනවා සත්තයි ඔන්න

      Delete
  3. ඇත්තටම ඉකොනොමැට්ටා මේ පෝස්ට් එකෙන් ලංකාවේ ආර්ථිකය 2024 දෙවන කාර්තුව තුල වර්ධනය වු ආකාරය නොතේරෙන මිනිසුන් සඳහා මීට වඩා සරල පැහැදිලි කිරීමක් අවශ්‍යයි කියා සිතන්නන් සඳහා. මම මේ පිලිබඳව වෙහෙස මහන්සි වී උනන්දුවෙන් අධ්‍යයනය කළ නිසා මම මෙම සිදුවීම කෙටියෙන් පැහැදිලි කිරීමට කැමැත්තෙමි. මම හැකිතරම් විද්‍යාත්මකව පැහැදිලි කිරීමට උත්සාහ කරමි, සෑම කෙනෙකුටම තේරුම් ගැනීමට හැකි තරම් සරල භාෂාවක් භාවිතා කිරීමට මම උත්සාහ කරමි. මේ ලෝකයේ සෑම දෙයකටම සාධාරණ සම්භවයක් ඇත. ඒ නිසා තවත් සැකයක් ඇති නොවන පරිදි හැකිතාක් විස්තරාත්මකව පැහැදිලි කරන්නම්. මෙම සිදුවීම කෙනෙකුට තරම් පහසුවෙන් තේරුම් ගත නොහැකි බව මම ඔබට මෙහි කියමි. මම එය විද්‍යාත්මක මූලධර්මවලට අනුව සරලව පැහැදිලි කරන්නේ නම්, මට තරම් කිසිවෙකුට එය විස්තරාත්මකව පැහැදිලි කිරීමට නොහැකි බවද මෙහිදී කිවයුතුමයි. මම ඒ ගැන කෙටියෙන් පැහැදිලි කරන්න කැමතියි ඇත්ත කතාව ලංකාවේ රනිල් වික්‍රමසිංහ පින් ජනාගේ රජය මගින් ඔය මොන බොරු බයිලා ගැහුවත් මොනතරම් ව්‍යාජ සංඛ්‍යාලේඛන පෙන්නලා කයිවාරු හැහුවත් ඇත්තටම රටේ ආර්ථිකය වළපල්ලට ගිහිල්ල තියෙන බවත් ජනතාවට රජය සහ මහබැංකුව දැඩි ලෙස අප්‍රිය වී දැඩි අප්‍රසාදයකට ලක්වී ඇති බවත් පමණක්ම ප්‍රකාශ කළ යුතුය. සැප් 21 දා රනිල් වික්‍රමසිංහ නමැති දූෂිත අසාර්ථක මහබැංකුව කැඩු සොරා වන සොම්බි මහල්ලාව වහාම ක්‍රියාත්මක වන පරිදි එලවා දැමීමට ලංකාවේ බහුතර ජනතාව දැඩි ලෙස අධිෂ්ඨාන කරගෙන සිටින බව නම් සම්පූර්ණ සත්‍යක් බව අපට නොබියව ප්‍රකාශ කළ හැකිය. වසර 76ක පාදඩ, තට්ටුමාරු දේශපාලනය ඉවරම කරන නව පෙරලියක් අනිවාර්යයෙන්ම සිදුවන බව සහතික කොට ප්‍රකාශ කළ හැකිය.

    ReplyDelete
    Replies
    1. //බොරු බයිලා ගැහුවත් මොනතරම් ව්‍යාජ සංඛ්‍යාලේඛන පෙන්නලා කයිවාරු හැහුවත් ඇත්තටම රටේ ආර්ථිකය වළපල්ලට ගිහිල්ල තියෙන බවත් ජනතාවට රජය සහ මහබැංකුව දැඩි ලෙස අප්‍රිය වී දැඩි අප්‍රසාදයකට ලක්වී ඇති බවත් ..... සොම්බි මහල්ලාව වහාම ක්‍රියාත්මක වන පරිදි එලවා දැමීමට.... //

      මේ තමයි පසුගිය 40-50 වසර තුල ආර් ථිකයට සිදුවූ දේ ගැන මොන මගුලක් වත් නොදන්න ජේවීපී වහලුන් උදෙ හවා මතුරන ගිරා පෝතක හීනය​. මෙවැනි ගිරා පෝතකයින් දෙතුන් දෙනෙකු මේ දිනවල පාරට බැස්සම හමුවේ. උන් ගේ ජොබ් එක දකින දකින එකාට ඕක කියමින් පස්සෙන් ඒමය​.

      Delete
  4. හෙළුවෙන් යන කොප්ටරේ හෙලිකොප්ටරෙ

    පුංචි කාලේ.

    ඉකොනෝමැට්ටාට හරියට පඩි ගෙවන්නේ නෑ කියනවනේ රනිල් හාමු.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: