වෙබ් ලිපිනය:

Wednesday, September 11, 2024

සමීක්ෂණ ප්‍රතිඵල - අගෝස්තු මාසය


සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය විසින් අගෝස්තු මාසය හා අදාළ ඡන්දය ප්‍රකාශ කිරීමේ අභිප්‍රාය පිළිබඳ ඇස්තමේන්තු ප්‍රකාශයට පත් කර තිබෙනවා. මේ සඳහා සැප්තැම්බර් 2 දින දක්වා දිවයින පුරා පවත්වන ලද සම්මුඛ පරීක්ෂණ 19,721ක දත්ත උපයෝගී කර ගෙන තිබෙනවා. 

මෙම ඇස්තමේන්තු හා ප්‍රවණතා අනුව පෙනී යන්නේ මෙම ජනාධිපතිවරණ තරඟය ඇතැම් අයගේ විශ්ලේෂණ වල සඳහන් ආකාරයේ ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනෙකු අතර තරඟයක් වීමේ ඉඩක් කිසිසේත්ම නොපෙනෙන බවයි. එය මේ වන විට පැහැදිලි තුන් කොන් සටනක් බවට පරිවර්තනය වී අවසානයි. 

මෙම ඇස්තමේන්තු අනුව තවමත් ඉදිරියෙන් සිටින්නේ අනුර කුමාර දිසානායක වන අතර දෙවන තැන සිටින්නේ සජිත් ප්‍රේමදාසයි. කෙසේ වුවත්, තෙවන තැන සිටින රනිල් වික්‍රමසිංහ වේගයෙන් ඉදිරියට පැමිණෙමින් සිටීම කැපී පෙනෙන කරුණක්. එහි හානිය වැඩි වශයෙන් සජිත්ටත් ඉතා සුළු වශයෙන් අනුරටත් සිදුව ඇති බව දැකිය හැකියි. 

බැලූ බැල්මට මීට වඩා බොහෝ වෙනස් සේ පෙනෙන අනෙකුත් විවිධ "මත විමසුම්" වල දත්තද සංඛ්‍යානමය ගැලපුම් සිදු කිරීමෙන් පසුව මෙම ඇස්තමේන්තු හා සැසඳෙනවා. එමෙන්ම ප්‍රධාන කඳවුරු වල ප්‍රතිචාර වලින් පෙනී යන්නේ දැනට පවතින බලතුලනය පිළිබඳව එම කඳවුරු තුනටම අවබෝධයක් ඇති බවයි. 

මේ අනුව, පැහැදිලිව දැකිය හැක්කේ ජනාධිපතිවරණ සටන වඩා තියුණු තුන් කොන් සටනක් බවට පත්ව ඇති ආකාරයයි. මෙම ජනාධිපතිවරණය අපේක්ෂකයින් 39 දෙනාගේම ඡන්ද වලට වටිනාකමක් ලබා දෙන ජනාධිපතිවරණයක්. එවැනි තත්ත්වයක් මීට පෙර පැවතී නැහැ. 



17 comments:

  1. වැඩිහිටි අයගෙ චන්දෙන් විතරද එතකොට ජනාධිපති තෝරන්නෙ. අපරාදෙ අනිත් අය චන්දෙ දාන්නෙ

    ReplyDelete
    Replies
    1. ඔව්. වැඩිහිටියන් නොවන අයට ඡන්දය දමන්න බැහැ. අවම වයස 18.

      Delete
    2. ඇයි දන්නෙ නෑ විශේශනයක් එහනම් දාල තියෙන්නෙ. හෙඩිමෙ

      Delete
    3. සියලුම වැඩිහිටියෝ (ඡන්දය හිමි අය) ඡන්දය නොදමන නිසා. එක පක්ෂයකට පක්ෂපාතී අය පමණක් ඡන්දය නොදා හිටියොත් ප්‍රතිඵලය වෙනස් වෙනවා. 1988දී හා 2005දී වගේ.

      Delete
    4. වැඩිහිටියන්ගේ ඡන්දෙන් තමයී මනුස්සයෝ ජනාධිපති තෝරන්නේ 😅

      Delete
  2. Probably RW and AKD will be the finalists

    ReplyDelete
  3. කවුරු දින්නත් අපි හම්බ කරොත් අපි කනවා

    ReplyDelete
    Replies
    1. වෙහෙසීලා උපයව්වත්
      කන්නෙ කෙලෙස හොරු හිටියොත්
      හොරා කන්න නිල බලයත්
      උන්ටම පවරා තිබුණොත්

      Delete
  4. ලංකාවෙ දැනට තත්වෙ අනුව තරුණ ජනගහණය අනුරවත්, වැඩිහිටි ජනගහණය සම්ප්‍රදායික දේශපාලනයත් තෝරනවා. එතකොට වෙන්නෙ සම්ප්‍රදායික වැඩිහිටි යුඇම්පීකාරයො ටික දෙකට බෙදිලා සජිත්ට සහ රනිල්ට දෙන අතරෙ, සම්ප්‍රදායික වැඩිහිටි පොහොට්ටුකාරයො බහුතරයක් තාමත් දෙලොවක් අතර ලතවෙනවා, තව පිරිසක් මාලිමාවටත්, ඉතා සුළු පිරිසක් නාමල්ටත් ඡන්දෙ දෙනවා. මේ නිසා තමයි, අන්තර්ජාලෙ ඉන්න පිරිස් 80%කට වඩා මාලිමාව තෝරන්නෙ, මේ අය තරුණ පිරිස සහ පිටරට ඉන්න පිරිස. මෙතන්දි තරුණ කියන්නෙ, 30ට අඩු නෙවෙයි, සාමාන්‍ය වශයෙන් 20,30,40 ඉන්න පිරිස. ලංකාවෙ බහුතරයක් ටියුෂන් පන්තිවල ප්‍රසිද්ධියෙ කියනවා මාලිමාවට ඡන්දෙ දෙන්න කියලා, මේ නිසා ඒවලට යන ළමයි ගෙවල්වල ඇවිල්ලා අර සම්ප්‍රදායික වැඩිහිටියන්ව හරවනවා මාලිමාවට. ඔය IPH එක නම් අන්තිම සතිය වෙද්දි කියයි රනිල් දිනනවා කියලා, ලැබෙන ආරංචි අනුව රනිල් 3.

    ReplyDelete
  5. මේවා තනිකරම දේශපාලන විහිළු... අපරාදේ ඉකොනොගේ ඩේටා සහ කාලය.... ලංකාවේ කරන සමීක්ෂණවල ස්වභාවයයි, ලංකාවේ දේශපාලනය ගැන කතා කරන ඉකොනොමැට්ටා වඛේ අයගේ සමාජ ආර්ථික දේශපාලන අවබෝධයයි කියන දෙකම හරියටම පෙන්වන්න නියමිත ජනාධිපතිවරණයක් තමයි මේක. (ඉකොනොමැට්ටගේ ආර්ථික බයිලා තනිකර ජෝක් බවට පත්වෙන්නේ ජනාධිපතිවරණයෙන් පස්සේ. මුලින්ම දේශපාලන බයිලා විහිලුවට ලක් වේවි)

    සමීක්ෂණ නැතිව මගේ අදහස බොහෝ දුරට රනිල්ට හතරවන තැන ලැබෙයි තව සතියක් විතරනේ තියෙන්නේ, රනිල්ට මේ දවස්වල සැරටම රැල්ලක් ගහලා උපරිමය ලැබුණත් උපරිම රනිල් තුන, රනිල්ට ගතහැකි උපරිම ඡන්ද ප්‍රමාණය උපරිමය සියයට දහයකට අඩුයි. (ඇත්ත තත්ත්වය බොහෝදුරට 5% ඉක්මවන්න බැරිවේවි)

    ReplyDelete
  6. මම හිතන්නේ නම් එකොන් ගේ සහ මේ තර්කය හරි . හැබැයි අනුරට ඔයිට වැඩිය තියනව . 40% පැනල තියෙන්නේ අනුරට ගම්වල . පොහොට්ටුවේ ගෝඨා ට දුන්න සෙට් එක මුලුමිනින්ම නැතත් 80% පමණ අනුරට හැරිලා . හැබැයි රනිල් සහ සජිත් අතර සටන ළඟ ළඟ යන්නේ . ඇනෝ කියනවට වඩා රනිල්ට ඡන්ද තියනව . හැබැයි ඉන්දියාව අවසන් මොහොතේ අත දාල රනිල් හරි සජියව හරි අයින් කලොත් අනුරට අමාරුයි

    ReplyDelete
    Replies
    1. ඔබතුමා ශ්‍රී ලංකාවේ ගමක වාසය කරන ජන්දදායකයෙක්ද?

      Delete
  7. මෙහි ප්‍රස්ථාර කර ඇති දත්ත පසුගිය ජනවාරි මාසයේ සිට අගෝස්තු දක්වා සංසන්දනය කර බැලූ විට පරස්පර සහිතයි.
    උදාහරණයක් ලෙස, අප්‍රේල් මැයි මාස දෙකේ රනිල්ගේ දත්තය12,15 සහ 13,17 අතර විචලනය වී තිබෙන්නේ කෙසේද ?

    ReplyDelete
  8. ඉකොනොමැට්ටා මෙතන මොනවා කිව්වත් ජනාධිපතිවරණයට තව සතියයි.. මෙවර ජනාධිපතිවරණයේදී එක් එක් අපේක්ෂකයන් ලබා ගන්නා ඡන්ද ගණන කොපමණද කියා මම මීට කලිනුත් ලිව්වා..

    මේ IHP, numbers වගේ ඇතැම් සංවිධාන වලින් සමීක්ෂණ කියලා පබ්ලිෂ් කරන ප්‍රතිඵල කියන්නේ ඒවා පබ්ලිෂ් කරන ආයතන වල අයිතිකරුවන්ගේ හිතේ තියෙන අරමුණ න්‍යාය පත්‍රයට අනුව ඉදිරිපත් කරන පූර්ව නිගමනයක් පමණයි..එහි නිරවද්‍යතාවය ගැන කිරාමැනිය හැක්කේ ජනාධිපතිවරණයෙන් පසුව පමණයි.. බොහෝ දුරට මේවා සියල්ලම පාහේ සම්පූර්ණයෙන්ම වැරදි වේවි.

    හෙලකුරු සහ සමාජ මාධ්‍ය ජාල වල කරන සමීක්ෂණ නම් ඇත්තටම කට්ටිය රියල් ටයිම් අදහස් දක්වන ලයිව් ඒවා, ඒවායේ ප්‍රතිඵල ඇත්ත ඒවා නමුත් ඒවාට සහභාගි වෙන්නේ සමස්තයෙන් සීමිත පිරිසක් වීමයි ප්‍රශ්නය, අනෙක සුදන්තලාගේ ඒවත් එහෙම තමයි

    නමුත් සක්‍රිය ලෙස මෙවර ලංකාවේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයකට සම්බන්ධ වී මෙවර මාලිමාව වෙනුවෙන් ලංකාව පුරා දිස්ත්‍රික්ක 14 ක පමණ කැම්පේන් ගියපු මගේ අත්දැකීම් අනුව යථාර්ථය මගේ අවබෝධයේ හැටියට ආසන්න වශයෙන්,

    01. අනුර කුමාර දිසානායක සහෝදරයා - ලක්ෂ 44

    02. සජිත් ප්‍රේමදාස - ලක්ෂ 37
    03.නාමල් රාජපක්ෂ- ලක්ෂ 30
    04.රනිල් වික්‍රමසිංහ - ලක්ෂ 06
    05.දිලිත් ජයවීර - ලක්ෂ 03

    වලංගු ඡන්ද ගණන ලක්ෂ 137 ක් ලෙස සලකා එහි ප්‍රතිශත ආසන්න වශයෙන්,

    1. අනුර සහෝදරයා 40%

    2. වෙනත්

    ප්‍රේමදාස 32%
    නාමල් 20%
    රනිල් 6%
    දිලිත් 2.5%

    අද සැප්තැම්බර් 13 වැනිදා..

    ඉදිරි සති දෙක තුල මේ ගණන්වල විශාල වෙනසක් සිදුවෙතැයි සිතන්නේ නෑ..වෙනසක් සිදුවුනොත් ඒ රනිල් පිනා ලබා ගන්නා ඡන්ද ගණන තවත් අඩුවී මයින පැටියා සහ රොටි දිලිත් ලබාගන්නා ඡන්ද තවත් ගණන වැඩි වීමක් පමණයි..

    යම් ලෙසකින් මේ ගණන් හිලව් විශාල වශයෙන් වැරදුනත් ⁣2024 ජනාධිපතිවරණයේදී කිසිම අපේක්ෂකයෙක් 50% ඉක්මවා යන්නේ නැති බව නම් ඉඳුරාම කියන්නට පුලුවන්..

    සජිත්ගේ සහ අනුරගේ ප්‍රතිශත අතර පරතරය පටු වී බොහෝ අඩු ගණනක තිබුණොත් අනිවාර්යයෙන්ම දෙවෙනි මනාපය ගනින්නට වෙයි.. එබඳු තත්වයක නම් දෙවෙනි මනාපයෙන් ජනාධිපතිවරණයේ ජයග්‍රාහකයා තීරණය කෙරුනොත් සජිත් ප්‍රේමදාස ජයග්‍රහණය කරන්න තරමක ඉඩක් තියෙනවා, මොකද වෙන පක්ෂවලට ඡන්දය දෙන අයගේ දෙවෙනි මනාප නම් මාලිමාවට තියෙයි කියලා හිතන්න ආමාරුයි. ඒ අනිත් අයට 1 දෙන අය අනුර සහෝදරයාට 2 දෙන්නෙ නෑ. හැබැයි අනිත් අය අතර 1/2/3 හුවමාරු වෙන්න පුලුවන් .. මොකද ලංකාවේ කැම්පේන් කරන්නේ පටු අදහස් සහිත දේශපාලන ව්‍යාපාර නිසා අනුර සහෝදරයාට වෛර කරන අය තමයි අනිත් අයට දෙන්නෙ..

    පහුගිය 2019 ජනපතිවරණයේදී මම ඇතුලුව දන්න ගොඩක් අය සජිත් ප්‍රේමදාසට චන්දෙ දුන්නේ මිනීමරු නන්දසේන සහ කාඩපක්ෂ හොර පවුල පරද්දන්න ඕනෙ නිසා. ඒ නිසාම 2020 මහමැතිවරනෙදි ප්‍රේමදාස ගතතේ මතක විදියට ලක්ශ 27ක් වගේ. හැබැයි ඒ අය ගනන් හදන්නෙ තාම මිනිස්සු ලක්ශ 52ක් දෙයි කියල. මගෙ ගාන සජිත්ට උපරිමයත් ලක්ශ 30ට අඩු බව

    මැදමුලනේ මයින පැටියා (නාමල්) ජනාධිපතිවරණයට පැමිණීම නිසා පින් ජනපති රනිල් පිනාට සෑහෙන පාඩුයි... අනෙක අවාසනාවකට වගේ ඔය පොඩි මයිනා ගන්න චන්ද ප්‍රමාණය අපි හිතනවාට වඩා සෑහෙන වැඩියි.. නිහඬ ඡන්ද සැලකිය යුතු ගණනක් රොටි දිලිත් (ජයවීර) ටත් යනව.. ඒ නිසා කාටවත් සියයට පනහ ගන්න බෑ.. නමුත් අවසාන වශයෙන් බොහෝ දුරට අනුර කුමාර දිසානායක සහෝදරයාට 40% සහ ලොකු ලීඩ් එකක් තියාගන්න පුළුවන් වේවි, අපේ අරමුණ එයයි එතකොට දෙවෙනි මනාප වලින් කිසිම වැඩක් නෑ.

    ReplyDelete
    Replies
    1. රනිල් දිනනවා..

      Delete
    2. රනිල් මේ සැරේ කැතටම පරදිනවා නාකි සොම්බි ඩ්‍රැකියුලාව පරදවා මහ බැංකුව කඩපු හොරාට උපරිම දඬුවම් දී ඌව ජීවිතාන්තය දක්වාම සිරගත කර එම මුදල් අයකරගෙන රටේ ජනතාවට උපරිම ලෙස එම මුදලින් සේවා සපයන්නට ජාතික ජන බලවේගයට රට බාරදීමට තව දින අටයි

      මාලිමාවට ජය වේවා ජාතික ජන බලවේගය මෙවර ඉහළින්ම දිනවමූ මාලිමාවට කෝටියක්!

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: