වෙබ් ලිපිනය:

Sunday, September 29, 2024

බිත්තර මිල අඩු වෙද්දී බිත්තර ආප්ප මිල අඩු නොවෙන්නේ ඇයි?

 



බිත්තර ආප්ප වැනි කිසියම් නිෂ්පාදනයක් සඳහා යොදා ගන්නා බිත්තර වැනි අමුද්‍රව්‍යයක මිල වැඩි වෙද්දී අදාළ නිෂ්පාදනයේ මිල වැඩි වන නමුත් අමුද්‍රව්‍ය මිල අඩු වෙද්දී එසේ වැඩි වූ මිල නැවත පෙර මට්ටමටම නොපැමිණෙන්නේ ඇයි?

කෙටි පිළිතුර, මීට හේතුව උද්ධමනය බවයි. එහෙමත් නැත්නම් උද්ධමනය කියන්නේ මෙයට බවයි.

එහෙමනම් දැන් උද්ධමනයක් නැති තත්ත්වයක් යටතේදී, බිත්තර මිල අඩු වෙද්දී බිත්තර ආප්ප මිල අඩු නොවෙන්නේ ඇයි?

නැවතත් කෙටි පිළිතුරක් ලබා දුනහොත්, බිත්තර ආප්ප මිල ඉහළ ගියේ උද්ධමනය පැවති විටයි. එම මිල අඩු වීමටනම් ඊට සමාන අවධමනයක් සිදු විය යුතුයි. උද්ධමනය නැවතීම ප්‍රමාණවත් නැහැ. උද්ධමනය කියන්නේ රටේ සමස්ත මිල ආකෘතියම උස් තැනක ස්ථානගත වීමක්. එසේ ස්ථානගත වන මිල ආකෘතිය උද්ධමනය පාලනය කිරීමෙන් පසුව නැවත පහත වැටෙන්නේ නැහැ. 

කලින් සැලසුම් කර උද්ධමනය වලක්වා ගත යුත්තේ ඒ නිසා. අස්සයා පැන ගියාට පසුව ඉස්තාලය වැසීම මගින් කළ හැක්කේ පැන නොගිය අස්සයින්ද පැන යාම වලකා ගැනීම පමණයි. ගිය අස්සයා ගිහින් ඉවරයි. නැවත ආපසු එන්නේ නැහැ. 

පහත ලිපිය 2018 මැයි 11 පළ කළ ලිපියක්. දැන් කියවද්දී තවත් සරල කර ලිවුවානම් හොඳයි කියා හිතුණත් ඒ සඳහා වෙලාවක් වෙන් කරන්න අසීරු නිසා එලෙසම පළ කරනවා.

5 comments:

  1. හේතුව උද්දමනයනම් බිත්තර මිල අඩුවෙන්නෙ ඇයි?

    ReplyDelete
    Replies
    1. මේකේ විස්තර කරලා තියෙන්නේ බිත්තර ආප්ප මිල අඩු නොවෙන්නේ ඇයි කියන එක. බිත්තර මිල අඩු වීමට හේතුව නිෂ්පාදනය වැඩි වීම කියලයි කියන්නේ. දත්ත නැති නිසා හරියටම කියන්න බැහැ. උද්ධමනයක් නැතත් ඉල්ලුම හා සැපයුම මත භාණ්ඩ වල මිල අඩු වැඩි වෙනවා. නමුත් සමස්තයක් ලෙස එම අඩු වැඩි වීම් බැලන්ස් වෙනවා. බිත්තර අඩු වෙද්දී පොල් වැඩි වෙනවා වගේ.

      Delete
    2. රුපියල් 5ක් 10ක් අඩු උනානම් එහෙම හිතන්න තිබුන. මෙතන වෙන මොකක් හරි තියෙනව වගෙයි. ඉල්ලුම අඩු වීමනම් හේතුව බිත්තර ආප්ප වලටත් ඉල්ලුම අඩුවෙලා මිල පහල යන්න ඕන.

      Delete
    3. සිදු වුනේ සැපයුම වැඩිවීමක්නම් වෙන්න පුළුවන්නේ. බිත්තර ආප්ප වල සැපයුම වැඩි වීමක් වෙලා නැහැනේ. බිත්තර තියා ගන්න බැරි නිසා සැපයුම තරමක් වැඩි වූ විට මිල විශාල ලෙස පහත වැටෙනවා. වට්ටක්කා, තක්කාලි වගේම තමයි.

      Delete
  2. හරිනි නං දන්නවා ඇති ආප්ප වල මිල. ඒකනේ අලුත් ලේකම් කෙනෙක් දාගෙන තියෙන්නේ

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: