වෙබ් ලිපිනය:

Monday, September 9, 2024

උපකල්පන වෙනස් වී ඇති ආකාරය

 

පෙර ලිපියෙහි විස්තර කළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය තිරසාරත්ව විශ්ලේෂණ ආකෘතිය ප්‍රයෝජනයට ගැනීමේදී සාර්ව ආර්ථික විචල්‍යයන්ගේ අනාගත හැසිරීම උපකල්පනය කර ඒ මත පදනම්ව නිගමන වලට එළැඹෙන්නට සිදු වෙනවා. සාර්ව ආර්ථික විචල්‍යයන්ගේ අනාගත හැසිරීම උපකල්පනය කරන්නේ ඒ වන විට තිබෙන දත්ත මත පදනම්ව, පුරෝකථන ආකෘති යොදා ගනිමින් සාදාගන්නා ඇස්තමේන්තු මතයි. අලුත් දත්ත එකතු වෙද්දී මෙම ඇස්තමේන්තු වෙනස් වන විට උපකල්පනද වෙනස් කර ණය තිරසාරත්වය නැවත ඇගයීමට ලක් කරනවා.

සාමාන්‍යයෙන් අරමුදල විසින් මේ අයුරින් අලුත් දත්ත යොදාගෙන ණය තිරසාරත්වය නැවත ඇගයීමට ලක් කරන්නේ සයමාසික විමර්ශන සිදු කරන අවස්ථා වලදීයි. ඇගයීමෙන් පසුව ණය තිරසාරත්ව දර්ශක සැලකිය යුතු ලෙස වෙනස් වී ඇත්නම් වැඩසටහනේ ඉලක්ක හා ගැලපෙන පරිදි අලුත් නිර්දේශ ඉදිරිපත් කරනවා. මෙය සාමාන්‍යයෙන් සිදු වන ක්‍රියාවලියයි. කෙසේ වුවත්, පුරෝකථන, එම පුරෝකථන මත පදනම් වූ උපකල්පන හා එම උපකල්පන මත පදනම්ව ණය තිරසාරත්ව විශ්ලේෂණ ආකෘතිය අනුව සිදු කෙරෙන නිගමන සය මසක කාලයක් තුළ විශාල ලෙස වෙනස් වෙන්නේ නැහැ. 

මේ සමඟ පළ කෙරෙන වගුවේ දැකිය හැක්කේ අරමුදලේ පළමු හා දෙවන විමර්ශන අතර කාලයේදී සාර්ව ආර්ථික විචල්‍යයන්ගේ අනාගත හැසිරීම පිළිබඳ උපකල්පන වෙනස් වී ඇති ආකාරයයි. 

2023 මූර්ත ආර්තික වර්ධනය:
පළමු විමර්ශනය = (-3.6%)
දෙවන විමර්ශනය = (-2.3%)

2024 මූර්ත ආර්තික වර්ධනය:
පළමු විමර්ශනය = 1.8%
දෙවන විමර්ශනය = 2.8%

2023 දදේනි අවධමනකයේ වෙනස්වීම මත මනින උද්ධමනය:
පළමු විමර්ශනය = 20.4%
දෙවන විමර්ශනය = 17.5%

2024 දදේනි අවධමනකයේ වෙනස්වීම මත මනින උද්ධමනය:
පළමු විමර්ශනය = 10.1%
දෙවන විමර්ශනය = 9.8%

2023 ප්‍රාථමික අයවැය ශේෂය (දදේනි %):
පළමු විමර්ශනය = (-0.7)%
දෙවන විමර්ශනය = 0.6%

2024 ප්‍රාථමික අයවැය ශේෂය (දදේනි %):
පළමු විමර්ශනය = 0.8%
දෙවන විමර්ශනය = 1.0%

2023 නාමික දළ දේශීය නිෂ්පාදිතය (රු බිලියන):
පළමු විමර්ශනය = 28,033
දෙවන විමර්ශනය = 27,630

2024 නාමික දළ දේශීය නිෂ්පාදිතය (රු බිලියන):
පළමු විමර්ශනය = 31,422
දෙවන විමර්ශනය =30,917

මේ අනුව, පහසුවෙන්ම පහත නිරීක්ෂණ සිදු කළ හැකියි.
- ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පුරෝකථනය කළාට වඩා ඉක්මණින් ආර්ථිකයේ හැකිලීම නැවතී නැවත වර්ධනය වීම
- ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පුරෝකථනය කළාට වඩා වැඩි වේගයකින් උද්ධමනය පහත වැටීම 
- ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පුරෝකථනය කළාට වඩා වැඩි ප්‍රාථමික අයවැය ශේෂයක් වාර්තා වීම.

මේ සියල්ලේ සම්ප්‍රයුක්ත ප්‍රතිඵලය වන්නේ රටේ ණය තිරසාරත්වය පිළිබඳ දර්ශක මුලින් අරමුදල විසින් ඇස්තමේන්තු කළ තත්ත්වයට වඩා හොඳ මට්ටමකට පැමිණ තිබීමයි. දෙවන විමර්ශනයෙන් පසුව ලැබුණු දත්ත අනුව පෙනී යන්නේ මේ තත්ත්වය මේ වන විට තවත් හොඳ අතට හැරී තිබිය යුතු බවයි. 

කෙසේ වුවත්, මේ අයුරින් කෙටිකාලීනව සාර්ව ආර්ථික විචල්‍යයන්ගේ හැසිරීම අරමුදල විසින් උපකල්පනය කළාට වඩා හොඳ තත්ත්වයක ඇති බව පෙනී යාමෙන් පසුව වුවද, අරමුදල විසින් ඔවුන්ගේ දිගුකාලීන පුරෝකථන හෝ උපකල්පන වෙනස් කර නැති බවද පෙනී යා යුතුයි. ඔවුන් එම උපකල්පන වලට එළැඹෙන්නේ ඔවුන්ගේ පුරෝකථන ආකෘති හා ලංකාවේ සාර්ව ආර්ථික විචල්‍යයන්ගේ දිගුකාලීන හැසිරීම මත පදනම්වයි. 

වෙනත් විදිහකින් කිවුවොත් වසරක් හෝ දෙකක් "කරලා පෙන්නීමෙන්" පසුව අරමුදල විසින් ඔවුන්ගේ කෙටිකාලීන උපකල්පන වෙනස් කරනවා. එහෙත් දිගුකාලීන උපකල්පන වෙනස් කරනු ඇත්තේ වසර ගණනාවක් එක දිගට "කරලා පෙන්නීමෙන්" පසුවයි. 

19 comments:

  1. අනේ ඔය කෙහෙල්මල් අයි එම් එෆ් මගුලට බම්බු ගහගන්න කියන්න ඉකොනොමැට්ටා, ලෝකයේ අයි එම් එෆ් ණය වලින් ගොඩ ගිය එකම රටක් වත් නෑ. බදු ගහලා බිල් වැඩි කරලා අහිංසක ජනතාව හූරගෙන කාලා අන්තිමට නටපු තොයිලෙකුත් නෑ බෙරේ පලුවකුත් නෑ

    ඔය බහුබූත වෙනුවට හරවත් දෙයක් ගැන කියන්න මෙන්න මේක බලලා ඉන්න

    ▶️ ජනතාවට සහන දෙන්න මාලිමා රජයකට සල්ලි කොහෙන්ද?

    ▶️ මේ ප්‍රතිපත්ති ප්‍රකාශය රනිල්වාදීන් කියන විදියේ සිහින ලියැවිල්ලක්ද? ඇත්තටම ක්‍රියාත්මක කිරීමට හැකි යථාර්තයක්ද?

    👉 අපි අහමු ආචාර්ය චතුරංග අබේසිංහ සහෝදරයාගෙන්

    https://www.youtube.com/watch?v=tPtA5hn57TY

    හැමෝම මේක බලන්න

    ReplyDelete
  2. ඔය කතා වලින් වැඩක් නෑනේ තව සති දෙකක් වත් නෑ හරි තීරණය ගන්න නමුත් සමහරක් Gu 💩 කන හරක් නිසා අපිටමයි ආයෙ විදවන්න වෙන්නේ...

    රනිල් කියන්නෙ මහ බැංකුව හොරා කාපු හොරෙක්. රනිල් වටේට ඉන්නෙත් පොහොට්ටුවේ, UNP එකේ කලින් හිටපු හොරු ටිකම තමයි....
    අනික රනිල් අවුරුදු කීයක් විපක්ෂයේ හිටියද , අවුරුදු කීයක් අගමැති වෙලා හිටියද. රනිල් කියන්නෙ මේ රට මෙච්චර බංකොලොත් වෙන්න පාර කපපු මහ කපටි , රටේ කෑලි විකුණන්න උපන් හපන් නාකි පප්පෙක් විතරයි...

    රනිල්ට ජන්දෙ දෙනව නම් පෝලිම් නැති කරා, රට ගොඩගත්තා කියලා
    එහෙම උනේ රනිල් හතරවටෙන්ම ණය අරන් (Specially from IMF), රටේ කෑලි හතරවටේට විකුනල, ගත්ත ණය වල වාරිකවත් හරියට නොගෙව ඉදල කියලා අමතක කරන්න එපා

    මෙච්චර දේවල් සාක්ෂි එක්ක තියෙද්දි පොර රට හැදුව කියලා රනිල්ට ජන්දෙ දෙනව නම්....
    බත් කන්න එපා පුන්නක්කු කාPaන් 😂

    අනිකා සජිත්... පොර තරම් දාර මෝDයෙක් මං මෙච්චර කාලෙකට දැකල නැහැ.... 😂
    කටක් ඇරියොත් සජිත් අනිවාර්යයෙන් මෝD කතාවක් කියනවා.... ඒක නියතයක්
    ඒ වගේ මෝDයෙක්ට රටක් බාර දෙනව කියන්නේ.... BS ❤️
    සජිත් කියන්නෙ මිනිස්සුන්ට සෑහෙන්න උදව් කරපු, කරන මනුස්සයෙක් තමයි... මං ඒක පිලිගන්නවා... සජිත් මිනිස්සුන්ට ගෙවල් හදල දෙනව, පාසල්වලට බස් අරන් දෙනව.... හැබැයි ඒ අතරතුර තමන්ගෙ පාක්ශිකයොන්ට රජයේ රස්සාත් දෙනව උස නම් සිකියුරිටි, මිටිනම් කම්කරු කියලා 😂💔
    හැබැයි සජිත් වගේ මෝD මනුස්සයෙක් රටේ ජනාධිපති කරන්න නිකමටවත් හිතන්න එපා.... අනික සජිත් වටේම ඉන්නේ පොහොට්ටුවේ , UNP එකේ හිටපු හොරු ටික.
    සජිත් බලයට ආවොත් කලින් මේ රටට උන අහේනියම තමයි ආයෙත් වෙන්නෙ.... 💔
    අවුරුද්දෙන් රට නැත්තටම නැති වෙලා යයි
    😂😂😂
    සජිත්ගෙ නංගී හොර සල්ලි අච්චු ගහල සාක්ෂි එක්ක අතටම අහු වෙලා ඉද්දි, සජිත්ම තමයි මහින්ද රාජපක්ෂගෙ මාර්ගෙන් ඒ නඩුවෙන් තමන්ගෙ නංගිව නිදහස් කරගත්තේ...
    ඒක මහින්ද රාජපක්ෂම තමන්ගෙ කටින් රැස්වීමකදි කියනව 😂💔

    මෙච්චර පැහැදිලි කියලත් රනිල්ට හරි සජිත්ට හරි ජන්දෙ දෙන්න හිතනව නම් ඉතින්
    මේ පාරත් ගොඩඒමක් නම් නැහැ 🙂💔

    සල්ලි වෙනුවෙන් අම්ම, අප්පව උනත් විකුනන් කන්න ලෑස්ති වෙලා ඉන්න සමහර පේජ් කාරයෝ, Comment කාරයො නම් ගූ කාලම සල්ලි හොයාගනියි

    ඒත් අපි මේ රටේ ජීවත් වෙන්න ඕනෙ 🙂💔

    Copied

    වහල්ලුන්ට මොනාහරි ක්‍රමේකින් ඇත්ත තේරුම් කරන්න ඕනෙ නිසා දැම්මේ....

    එක වහලෙකු හෝ වෙනස් කිරීමට උත්සහ කරන්න..
    නැතිනම් පොදුවේම පරිප්පු කෑමට සිදුවනු ඇත..!!!

    ReplyDelete
  3. උපකල්පන වල හැටියට 2024 නොමිනල් GDP එක රුපියල් බිලියන 30,900 ක් කියන්නේ ඩොලර් බිලියන සීයකටත් වැඩියි, එතකොට 2029 ඩොලර් එකක් මේ ගානේම හෝ මීට වඩා අඩු කරන්න ඊළඟට පත්වන්නට නියමිත ජාතික ජන බලවේගයේ ආණ්ඩුව සමත් වුණොත් GDP ඩොලර් බිලියන 160 ක් විතර, නමුත් ජාතික ජන බලවේගය ක්‍රියාත්මක කරන නිෂ්පාදන කර්මාන්ත මූලික කරගත් නිෂ්පාදන ආර්ථිකය එක්ක මේක ලේසියෙන්ම ඩොලර් බිලියන 250-300 අතර ගානකට අරගෙන යන්න පුලුවන් වෙයි.

    ඔය උපකල්පන නෙවෙයි ලංකාවේ භූමියේ දේශපාලනය කරන අය කියපු සත්‍ය කතාවක් තමයි දැන් ඔන්න පිනා තුන් වැනි ස්තානයේ ඉදන් දැන් අර ගොබ්බ පොඩි මයිනටත් වඩා පහලට වැටිල හතර වෙලාලු නේද? තව ටික දවසකින් නයි ඩිලීට් ලා සීලරතනලා එක්ක තමයි පිනාට තරග කරන්න වෙන්නේ 🤣😂

    හැබැයි ඉකොනොමැට්ටාගෙ පෞද්ගලික සමීක්ෂණ සහ කැල්කියුලෙශන් වල නම් පිනා අංක එකනේ. 😁😁 ඒත් ලැජ්ජාව බය නිසා බ්ලොග් එකේ දාන්නේ සැර බාල කරලා කමෙන්ටුවලින් රෙදි ගැලවෙනවානේ නැත්නම්

    ඇත්තටම ඉකොනෝ ඔය පිනාගෙ රසික සමාජෙ ලිබ්බො කට ඇරගෙන බලන් ඉන්නවා රනිල් පිනා ජනාධිපතිවරණය දිනල නිදහස් වෙළදපොල වැඩ කරන නව ලිබරල්වාදී ප්‍රතිසංස්කරණ කරනකන්. ගොන් ලිබ්බොන්ගෙ ගොබ්බ දැනුමට අනුව ලංකාවේ ආර්තික අර්බුදයට ප්‍රදාන හේතුව, නව ලිබරල් ආර්තික ප්‍රතිසංස්කරණ සිදු නොවිම, ආණ්ඩුව බිස්නස් කිරිම, මිනිස්සුන්ට සහනාධාර දිම වගේ ඒවා...

    ඒත් උන්ගේ ශාස්තෘවරයා වන මහා රනිල් වික්‍රමසිංහ උතුමාණන් වහන්සේ නම් මැතිවරණ පොරොන්දු වලට දෙන්නෙ, ගොවි ණය සම්පුර්ණයෙන් කපා හරිනවලු, රජයේ සේවකයන්ගෙ පඩි 25% වැඩි කරනලු, වතු සේවකයන්ගෙ පඩි වැඩි කරනවලු, ඉඩම් බෙදලා දෙනවාලු පොහොර සහනාධාර දෙනවලු...... අස්වැසුම සහනාධාර තව වැඩි කරනවාලු...

    දැන් රනිල් පොරගේ වහල් අනුගාමිකයින් වන ගොං ලිබ්බොන්ට පස්ස හරවල සම්පූර්ණයෙන්ම වාමාංශික වෙලාද? නැත්නම් ආයෙත් එජාපයේ සුපුරුදු බොරු පොරොන්දු නාට්‍ය කලාව ආයේ යොදාගෙන මිනිස්සුන්ට ලණු දෙනවද?

    ReplyDelete
  4. ලහිරු රණවීරSeptember 9, 2024 at 5:57 PM

    2024 අයවැයේ තියෙන්නේ බිලියන 200කට කිට්ටු ප්‍රාථමික හිඟයක් නේද?

    ReplyDelete
    Replies
    1. මම ලේඛණ පරීක්ෂා කළේ නැහැ. නමුත් හිඟයක් වෙන්න බැහැ. අතිරික්තයක් විය යුතුයි.

      Delete
    2. මම හිතන්නේ ප්‍රාථමික හිඟය බිලියන දෙසීයකට වඩා වැඩි වේවි මොකද පොදුවේ අයවැය පසු විපරම් වල හැටියට 2023 වසරේ මැයි 31 දක්වා කාලය තුළ රුපියල් බිලියන 1014 ක් වූ අයවැය පරතරය, මෙම වසරේ (2024) එම කාලය තුළ අයවැය පරතරය රුපියල් බිලියන 366ක් වෙලා තියෙනවා.

      රේගුවට කස්ටම් වලින් ආදායම 2024 වසරේදී ලබා දී ඇති රුපියල් බිලියන 1,537 ක ආදායම් ඉලක්කයෙන් රුපියල් බිලියන 708ක ආදායමක් උපයාගෙන තියෙනවා කියල මාධ්‍ය වාර්තාවල කියනවා.

      ලංකාවට වාහන ආනයනය කළ 2018 දී රුපියල් බිලියන 923ක් වූ සමස්ත රජයේ ආදායමෙන් බිලියන 204 ක් හෙවත් 22%ක් රථවාහන ආනයනයෙන් ලබාගෙන තියෙන නිසා වාහන ආනයනය නොකර ඕක පියවගන්න බැරි වෙයි.

      මේවත් බලන්න ඕන නම්

      References:

      IMF (2023) Sri Lanka Country Report. No 23/116. Washington, DC: International Monetary Fund.

      Nicholas, H. and Nicholas, B. (2023) ‘An Alternative View of Sri Lanka’s Debt Crisis’, Development and Change 0(0): 1–22. DOI: 10.1111/dech.12794.

      Delete
    3. ඔය කියන්නෙ ප්‍රාතමික හිඟය නෙමෙයි. මුලු හිඟය බිලියන 200 කියල. ඒ කියන්නෙ ප්‍රාතමීක අතිරික්තයක්

      Delete
    4. ලහිරු රණවීරSeptember 11, 2024 at 2:36 PM

      https://www.treasury.gov.lk/api/file/27690ebf-87e9-47a3-84c2-23ec84e857b6
      ඉහත සබැඳියේ ඇති 2024 අනුමත අය-වැය ලේඛණය අනුව, (සියළුම අගයන් රු. මිලියන වලින්)
      Total Revenue ( Tax Revenue + Non Tax Revenue + Grants) = 4,164,000
      Total Expenditure = 11,276,838
      Public Debt Amortization = 4,268,395
      Interest Payments and Discounts = 2,650,989
      මේ අනුව ප්‍රාථමික ශේෂය = 4,164,000 - (11,276,838 - 4,268,395 - 2,650,989)
      = -193,454
      මට මොකක් හරි වැරදිලාද? පළාත් සභා වලට දෙන ප්‍රදාන අයින් කළොත් නම් දල දේශීය නිෂ්පාදිතයෙන් 0.8%කට කිට්ටු ප්‍රාථමික අතිරික්තයක් එනවා.

      Delete
    5. ඔය Primary Balance හෙවත් ප්‍රාථමික හිඟය කියන අගය මෑත කාලීනව කිසිම වසදක ධන වුණේ නෑ නිතරම ඍණ වුණේ, නමුත් මංගල සමරවීර මුදල් ඇමති වෙලා හිටපු කාලේ 2017 වසරේ පමණක් බොරුවට වංගුවක් ගහලා පළාත් සභා වලට දෙන ප්‍රදාන මධ්‍යම රජයේ වියදම් වලින් අයින් කරල බොරුවට වංගුවක් ගහලා තියෙන්නේ. මේ සැරේ 2023 සහ 2024 වසරවලටත් මහ බැංකුවේ වාර්තා ප්‍රකාශනය කිරීම නැවැත්වීම සමග Economic review කියලා බොරු ප්‍රකාශනයක් නිකුත් කරලා ජනතාව රවටනවා ඒකයි ඇත්තටම සිදු වෙන්නේ.

      Delete
    6. @ලහිරු
      ඔය බජට් එස්ටිමේට්ස්.
      එස්ටිමේට්ස් වලට වඩා ප්‍රතිපල හොඳ තත්වෙකට ඇවිල්ල තියෙන්නෙ

      Delete
  5. ⭕ අනුර දිසානායක සහෝදරයා ජනාධිපති අපේක්ශකයෙක් ලෙස...

    - ITN එකට ආවා
    - ස්වර්ණවාහිනියට ආවා
    - ඊලඟට සැප්තැම්බර් 14 සිරසටත් එනවා
    - සැප්තැම්බර් 16 දෙරණ 360°ට එනවා

    මේ ජනාධිපතිවරණයට අදාලව සංවිධානය කරන අනෙත් සියලුම රූපවාහිනී සංවාදයන්ටත්, ආරධනා කලොත් ඔහු ඒ ඕනම චැනල් එකකටත් එනවා ....


    ⭕ ඒත් සජිත් ප්‍රේමදාස කවදාවත් රූපවාහිනී සංවාදයකට එන්නෙ නැත්තෙ ඇයි ❓

    රූපවාහිනී නිවේදකයෙක්ගේ හරස් ප්‍රශ්නයකවත් උත්තර දෙන්න විචර බුද්ධියක් නැති, තමා අමු පොල් මෝඩයෙක් බව, සජිත් ප්‍රේමදාස දන්න නිසාම, රූපවාහිනී විවාදයකට ඇවිල්ල, ඒ වැඩසටහන මෙහෙවන මාධ්‍යවෙදීන්ගේ ප්‍රශ්න වලටවත් පිලිතුරු දෙන්න තරම්වත්, නායාකත්වයේ පෞරුෂයක් නැති, මෙච්චරම බයගුලු මෝඩයෙක්, ⁣මෙි රටේ නායකත්වයට සුදුසු වෙන්නෙ කොහොමද ❓

    මෙහෙම තුට්ටු දෙකේ අමු ගොබ්බ නායකයො නම් පොල්පිති වලිනුත් කපා ගන්න පුලුවන් ...❗

    🧭❌
    #NPPsupport

    ReplyDelete

  6. මැති ඇමැතින්ගෙ පෙන්ෂන් එක නැති වේවා
    වරදානයන් එහෙමත් අත්හිට වෙත්වා
    රට පාලනය මහජන මෙහෙයක් වෙත්වා
    සුදුසුම කෙනා දිනලා ජනපති වේවා

    ReplyDelete
  7. 2023 central bank report එක තවම පබ්ලිශ් කරල නැද්ද? 2023 data ගන්න වෙන විදියක් තියෙනවද? සහ නවතම දත්ත පබ්ලිශ් කරන්නෙ කොහෙද?

    ReplyDelete
    Replies
    1. @ ඉකොනොමැට්ටා

      ශ්‍රී ලංකා මහබැංකුව විසින් 2023 වසරේ සිට වාර්ෂික වාර්තා ප්‍රකාශනය කිරීම නවතා දැමීමට තීරණය කර තිබෙන්නේ 2022 ජූලී මාසයේ පත්වු නව විධායක ජනාධිපතිවරයා වන ආචාර්ය රනිල් වික්‍රමසිංහයන්ගේ නියෝග සහ පාර්ලිමේන්තුවේ සම්මත අණ පණත් මතයි. මීට පෙර මහබැංකුව 1949 අංක 58 දරන මුදල් පණත Monetary Law Act, Act No. 58 of 1949 හි සෙක්ෂන් 35 අනුව මහබැංකුව වාර්ෂික වාර්තාව ඉදිරිපත් කිරීම අනිවාර්ය වී තිබුණා.

      නමුත් ඉතාම සටකපට සහ සූක්ෂම ලෙස ක්‍රියාත්මක කළ නව ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අවශ්‍යතාවය පරිදි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පා.ම. නමැති සිග්නල් කණු වල සහයෝගය ඇතිව 1949 අංක 58 දරන මුදල් පණත Monetary Law Act, Act No. 58 of 1949 section 35 අනුව මහබැංකුව වාර්ෂික වාර්තාව ඉදිරිපත් කිරීම අනිවාර්ය වී තිබුණ නීතියේ අවශ්‍යතාවය ඉලත් කර ඉතාම සටකපට සහ සූක්ෂම ලෙස ක්‍රියාත්මක කළ නව අණ පණත් කීපයක් මගින් කළ වෙනස් කම් සහ 2023 අංක 16 දරණ Act No 16 of 2023 මගින් මෙය ඉවත් කර ඇති අතර ඒ වෙනුවට Annual Economic Review සහ Financial Statements and Operations of the Central Bank කියා වෙනත් බොරු සෝබන සංඛ්‍යාලේඛන ඉදිරිපත් කර රටම මුලා කිරීමට කටයුතු කරන අතර රජයේ සංඛ්‍යාලේඛන ව්‍යාජ ඒවා බවත් ලබන වසරේ රජයේ සේවකයන්ට වැටුප් වැඩිකිරීම සම්පුර්ණයෙන්ම බොරු ව්‍යාජ ඡන්ද ගුණ්ඩුවක් බවත් දැනටම හෙලිවී අවසන්.

      මේ සියල්ල වෙනස් කළ යුතු බවත් නැවත පැරණි ක්‍රම හෝ නව ක්‍රමයක් අත්‍යවශ්‍ය බවත් මේ පිළිබඳව දැනටමත් ජාතික ජන බලවේගය ප්‍රකාශ කොට තිබෙනවා. බලමු මොකද වෙන්නේ කියල ඉස්සරහට තව සති එක හමාරෙන් පින් ජනා ගෙදරනේ ඊට පස්සෙ බලමු.

      Delete
    2. @economatta
      උඩ ඇනෝ කමෙන්ට් එක ඇත්තද

      Delete
    3. අප්‍රේල් මාසයේදී පබ්ලිෂ් කරන්නේ. මෙවරත් අප්‍රේල් මාසයේදී පබ්ලිෂ් කළා.

      Delete
    4. ඇත්තටම මහ බැංකුවෙන් වගකීමක් ඇතුව සිදු කළ මහ බැංකු වාර්තා ප්‍රකාශනය නවතා දමා ඒ වෙනුවට අවුරුද්ද මැද ආර්ථික විමර්ශනයක් සහ අන්තිමට මූල්‍ය ප්‍රකාශනයක් ඉදිරිපත් කිරීම හරහා මහබැංකුව ව්‍යාජ තොරතුරු සමාජගත කර ජනතාව නොමග යැවීමට හැකි වුණත් සාමාන්‍ය ජනතාවට ඇත්තටම මොකක්ද වෙන්නේ කියල ඇඟට දැනෙන ඇසට පෙනෙන දේවල් වලින් තේරුම්ගත හැකියි, ඒකයි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ ඉතාම කැත විදිහට පරාජය වෙන්නට නියමිත වෙලා තියෙන්නේ

      මේ තියෙන්නේ රනිල්ගේ ඔය ප්‍රෝඩාව ගැන මාධ්‍ය හරහා ප්‍රචාරය කරපු එක

      Check this link

      https://www.ft.lk/front-page/CBSL-releases-inaugural-Annual-Economic-Review-and-Financial-Statements/44-761068

      Delete
    5. @economatta
      ඒ උනාට සයිට් එකේ නැහැනෙ.
      මම අහන්නෙ ඇනුවල් රෙපෝර්ට් එක ගැන.
      ඒ වෙනුවට දැන් තියෙන්නෙ එකොනොමික් රිවිව් කියන එකද

      Delete
  8. ඇත්තටම ජාතික ජන බලවේගය මාලිමාවේ ප්‍රධානතම අරමුණ තමයි මෙවර ජනාධිපතිවරණය ජයග්‍රහණය කළාට පසූව ඉතාම ඉක්මනින්ම පරිසරය ආරක්ෂා කරගෙන පරිසර දූෂණය වලක්වා පරිසර හිතකාමී ලෙස නිෂ්පාදන ආර්ථිකයක් තුලින් රට සංවර්ධනය කිරීම

    මූලිකම හේතුව තමයි සමස්ත ලෝක ආර්ථිකයම රැඳිලා තියෙන්නේ පරිසරය උඩ

    උදාහරණ විදිහට කොතල හිඹටු වලට පමනක් පේටන්ට් බලපත්‍ර 144 ක් තියෙනවා

    ඔබ මේ ගැන දැනුවත්ද? අපි අහමු

    ✅ විශ්‍රාමික රේගු අධ්‍යක්ෂක සමන්ත ගුණසේකර මහතාගෙන්, හැමෝම මේක අනිවාර්යයෙන්ම බලන්න;

    https://www.youtube.com/watch?v=XJTA9NL_clc

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: