රජය විසින් සුළු හා මධ්‍යම පරිමාණ වී මෝල් හිමියන් සහ සමුපකාර සමිති සඳහා සහන ණය ක්‍රමයක් ආරම්භ කර තිබෙනවා. මෙම ණය යෝජනා ක්‍රමය යටතේ සුළු හා මධ්‍යම පරිමාණ වී මෝල් හිමියෙකුට හෝ සමුපකාර සමිතියකට රුපියල් මිලියන 50ක උපරිම ණය මුදලක් 7%ක වාර්ෂික පොලී අනුපාතයක් යටතේ ලබා ගත හැකි අතර, අදාළ ණය මුදල දින 180ක් ඇතුළත ගෙවා අවසන් කළ යුතුයි.
මෙම ණය යෝජනා ක්‍රමය හඳුන්වා දීමේ අරමුණ වී තිබෙන්නේ ඉදිරි මහ කන්නයේදී (2024/25) රජය විසින් ප්‍රකාශයට පත් කෙරෙන අවම මිලක් යටතේ වී මිල දී ගැනීම සඳහා සුළු හා මධ්‍යම පරිමාණ වී මෝල් හිමියන්ට සහ සමුපකාර සමිති වලට පහසුකම් සැලසීමයි. යෝජනා ක්‍රමය යටතේ මැයි 15 දක්වා කාලය ඇතුළත රුපියල් මිලියන 10,000ක් දක්වා මුදලක් නිදහස් කිරීමට නියමිතයි.
මෙම ණය යෝජනා ක්‍රමය ඔඩපණ ණය යෝජනා ක්‍රමයක් ලෙස (Pledge Loan Scheme) හඳුන්වා දී ඇතත්, ණය සඳහා රජය විසින් ඇප වන බවක් සඳහන්ව නොමැති බැවින් ණය සඳහා ඇපකරයක් ඉදිරිපත් කිරීමේ වගකීම ණය අයදුම්කරුවන් විසින් කළ යුතු බවකුයි පෙනී යන්නේ. ඒ අනුව, ඔවුන්ට මෙමගින් ලැබෙන විශේෂ වාසිය වනුයේ වෙළඳපොළ පොලී අනුපාතික වලට වඩා අඩු පොලී පිරිවැයක් දරන්නට සිදු වීමයි.
රජය විසින් මෙවැනි මැදිහත් වීමක් සිදු කර යම් පිරිසකට වාසියක් සලසන විට එම වාසිය වෙනුවෙන් තවත් කවර හෝ පිරිසකට පාඩුවක් දරන්නටද සිදු වෙනවා. ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක වනුයේ බැංකු හරහා බැවින් මෙහිදී බැංකු වලට සිදු වන පාඩුව යම් ආකාරයකින් ප්‍රතිපූරණය විය යුතුයි. එහෙත්, රජය විසින් මෙම ණය සහනයේ පිරිවැය බැංකු වලට ප්‍රතිපූරණය කරන බවක් සඳහන්ව නැහැ.
ලංකාවේ සහල් වෙළඳපොළෙහි රජය විසින් විසඳිය යුතු ප්‍රශ්නයක් ඇතැයි බොහෝ දෙනෙකු විශ්වාස කරනවා. එම ප්‍රශ්නයනම් වී මෝල් හිමියන් කිහිප දෙනෙකු විසින් සහල් වෙළඳපොළ පාලනය කිරීම හේතුවෙන් වී නිෂ්පාදකයින්ට අඩු මිලක් ලැබෙද්දී පාරිභෝගිකයින්ට සහල් සඳහා වැඩි මිලක් ගෙවන්නට සිදු වී තිබීම සහ අතරමැදි වී මෝල් හිමියන් විසින් විශාල ලාබයක් ලැබීමයි. මෙය ලංකාවේ බොහෝ දෙනෙකු විසින් විශ්වාස කරන, එහෙත් කිසිවකු විසින් තහවුරු කර නොමැති ආඛ්‍යානයක්.
කාලයක් තිස්සේම වත්මන් ආණ්ඩු පක්ෂ කණ්ඩායමේ දේශපාලන මතය වූයේද ලංකාවේ සහල් වෙළඳපොළෙහි රජය මැදිහත් වී විසඳිය යුතු ප්‍රශ්නයක් ඇති බවයි. ඒ අනුව, එම මතය දැරූ ලංකාවේ බොහෝ දෙනෙකුව වත්මන් ආණ්ඩු පක්ෂය විසින් දේශපාලනිකව නියෝජනය කළා. තමන් බලය ලබා ගැනීමෙන් පසුව මෙම ප්‍රශ්නයට විසඳුම් ලබා දීම එම කණ්ඩායමේ ඡන්ද පොරොන්දුවක්. දැන් ආණ්ඩුව විසින් කරන්නට යන්නේ එම ඡන්ද පොරොන්දුව ඉටු කිරීමයි.
දැනට ප්‍රසිද්ධ කර ඇති තොරතුරු මත පදනම්ව නිගමනය කළ හැක්කේ මෙම ණය යෝජනා ක්‍රමය ස්වේච්ඡාවෙන් ක්‍රියාත්මක කිරීම සඳහා බැංකු එකඟ කර ගැනීමට ආණ්ඩුව සමත්ව ඇති බවයි. එහෙත්, එහිදී රජය විසින් බැංකු වලට සිදු වන පාඩුව ප්‍රතිපූරණය නොකරන බැවින්, මෙහිදී සිදු වනු ඇත්තේ මෙම ණය සහනයේ පිරිවැය පොදුවේ බැංකු වල තැන්පතු කරුවන්ට සහ අනෙකුත් ණය අයදුම්කරුවන්ට දරන්නට සිදු වීමයි. එය සිදු වනු ඇත්තේ බැංකු වල තැන්පතු පොලී පහළ යාමක් සහ අනෙකුත් ණය සඳහා අය කෙරෙන පොලී අනුපාතික ඉහළ යාමක් ලෙසයි. කෙසේ වුවත්, මෙම මැදිහත් වීමේ බලපෑම ඒ තරම්ම විශාල නොමැති බැවින් එමගින් පොලී අනුපාතික වලට දැනෙන බලපෑමක් සිදු වීමේ ඉඩක් නැහැ.
පසුගිය (2024) දෙසැම්බර් මාසයේදී සමස්තයක් ලෙස වාණිජ බැංකු වල ස්ථිර තැන්පතු සඳහා ගෙවූ බරිත සාමාන්‍ය පොලී අනුපාතිකය 9.27%ක්. ස්ථිර තැන්පතු නොවන පොලී රහිත හෝ අඩු පොලී තැන්පතුද සැලකූ විට එම පොලී අනුපාතිකය 7.53%ක්. වාණිජ බැංකු විසින් ණය ලෙස නිකුත් කරන්නේ මේ අයුරින් තැන්පතුකරුවන්ගෙන් ලබා ගන්නා අරමුදල් වන බැවින් තැන්පතු වෙනුවෙන් දැරිය යුතු පිරිවැය එම අරමුදල් සැපයීමේ සෘජු පිරිවැයක්.
ඉහත තැන්පතු පොලී පිරිවැයට අමතරව බැංකු විසින් ඔවුන්ගේ පරිපාලන වියදම් පියවා ගත යුතු අතර කොටස්හිමියන් විසින් ආයෝජනය කර ඇති ප්‍රාග්ධනය වෙනුවෙන් අවදානමට සරිලන ප්‍රතිලාභයක්ද ගෙවිය යුතුයි. ඒ නිසා, ණය ලෙස අරමුදල් ලබා දිය හැක්කේ සාමාන්‍ය තැන්පතු පොලිය ඉක්මවන පොලී අනුපාතිකයකටයි.
ජනවාරි පළමු සතියේදී වානිජ බැංකු විසින් ඔවුන්ගේ හොඳම පාරිභෝගිකයින්ට ණය ලබා දී තිබෙන සාමාන්‍ය පොලී අනුපාතිකය 8.74%ක්. මෙම හොඳම පාරිභෝගිකයින් යනු ණය පැහැර හැරීමේ අවදානම අඩුම පාරිභෝගිකයිනුයි. එම අවදානම ඉහළ යාමට අනුරූපව බැංකු විසින් පිරිවැය ආවරණය කර ගැනීම සඳහා අය කළ යුතු පොලී අනුපාතිකයද ක්‍රමයෙන් ඉහළ යනවා. උදාහරණයක් ලෙස කිසියම් කාණ්ඩයක ණයහිමියන් අතරින් 1%ක් ණය ආපසු නොගෙවීමට ඉඩ ඇත්නම්, එම හානිය වලක්වා ගැනීම සඳහා අදාළ කාණ්ඩයේ සියලුම ණයහිමියන්ගෙන් 1%ක අමතර පොලියක් අය කරන්නට සිදු වෙනවා.
සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයින් විසින් ණය පැහැර හරිනු ලැබීමේ අවදානම සාපේක්ෂව වැඩියි. එබැවින් මෙම සහන ණය ක්‍රමය නොපැවතියේනම් ඔවුන්ට ණය ලබා ගත හැකි වනු ඇත්තේ 11%-13% වැනි පොලියකටයි. ඒ අනුව, 7%ක වාර්ෂික පොලියකට ණය ලැබෙද්දී ඔවුන්ට 4%-6% පමණ ණය සහනයක් ලැබෙනවා. එය මාස හයක කාලයක් සඳහා ලබා ගන්නා ණය මුදලෙන් 2%-3% පමණ වූ ණය සහනයක්.
මේ අනුව, මෙම ණය යෝජනා ක්‍රමයෙන් එක් ණයහිමියෙකුට ලැබෙන සහනය රුපියල් මිලියන 1.0-1.5 පමණ වන අතර සමස්තයක් ලෙස බැංකු පද්ධතියට මේ වෙනුවෙන් රුපියල් මිලියන 200-300 පමණ වූ අමතර පිරිවැයක් දරන්නට සිදු වෙනවා. බැංකු පද්ධතිය විසින් පෞද්ගලික අංශයට ලබා දී තිබෙන මුළු ණය ප්‍රමාණය රුපියල් ට්‍රිලියන අටක් පමණ වන අතර, මාස හයක කාලයක් ඇතුළත එම ණය වලින් 5%ක් අලුත් වන බවත්, එම අලුත් ණය වෙනුවෙන් 10%ක පොලී අනුපාතිකයක් අය කෙරෙන බවත් උපකල්පනය කළහොත්, එම අලුත් ණය කොටසේ මාස හයක පොලී ආදායම රුපියල් බිලියන 20ක් පමණ වෙනවා. ඊට සාපේක්ෂව රුපියල් මිලියන 200-300ක මුදලක් එතරම් විශාල මුදලක් නොවන බැවින්, බැංකු වලට පොදුවේ ණය පොලිය 0.10-0.15%කින් වැඩි කර හෝ තැන්පතු පොලී එපමණකින් අඩු කර ණය සහනයේ අලාභය පහසුවෙන්ම පියවා ගත හැකියි. එමගින් එක් තැන්පතුකරුවෙකුට හෝ සුළු හා මධ්‍යම පරිමාණ වී මෝල් හිමියකු හෝ සමුපකාර සමිතියක් නොවන අලුත් ණයහිමියෙකුට ඒ තරම් විශාල පාඩුවක් සිදු වන්නේ නැහැ.
මෙහිදී ආර්ථික විද්‍යාවේදී අකාර්යක්ෂමතාවය අර්ථදක්වන්නේ කෙසේද යන්න පිළිබඳවද යම් මතක් කිරීමක් කළ යුතුයි. රජය මැදිහත් වී එක් අයෙකුගෙන් යම් මුදලක් ගෙන එම මුදලම වෙනත් අයෙකු වෙත ලබා දේනම් එහිදී ආර්ථික විද්‍යාව අනුව කාර්යක්ෂමතා හානියක් සිදු වන්නේ නැහැ. ඊට හේතුව, මෙම මැදිහත්වීමෙන් පසුවද අදාළ මුදල කවර හෝ අයෙකු සතුව තිබීමයි. මෙවැන්නක් කිරීම සාධාරණද නැද්ද යන්න ආර්ථික විද්‍යාවෙන් පරිබාහිර දේශපාලනික කරුණක්.
ආර්ථික විද්‍යාවේදී රාජ්‍ය මැදිහත්වීම අකාර්යක්ෂම බව පවසන්නේ මේ අයුරින් මැදිහත් වීමක් කරද්දී එක් අයෙකුගෙන් රජය විසින් ලබා ගන්නා මුදල එලෙසම වෙනත් අයෙකුට නොලැබෙන බැවිනුයි. එහිදී මුල් මුදලෙන් යම් කොටසක් කිසිවකු සතුව නොමැති බැවින් කාර්යක්ෂමතා හානියක් සිදු වෙනවා.
ඉහත උදාහරණය වෙත පැමිණියහොත්, බැංකු විසින් තැන්පත්කරුවන්ගේ පොලිය අඩු කිරීම හෝ අනෙකුත් ණයහිමියන්ගේ පොලිය වැඩි කිරීම නිසා ඔවුන්ට සිදු වන පාඩුවට හරියටම සමාන වාසියක් සුළු හා මධ්‍යම පරිමාණ වී මෝල් හිමියන්ට සහ සමුපකාර සමිති වලට ලැබේනම් එයින් කිසිදු කාර්යක්ෂමතා හානියක් සිදු වන්නේ නැහැ. එහෙත් මේ සඳහා කිසියම් රාජ්‍ය කාර්යාංශයක් පිහිටුවනු ලැබුවහොත් ඒ සඳහා යන පිරිවැය ඉහත අයුරින් සම්ප්‍රේෂණය වන්නේ නැහැ.
උදාහරණයක් ලෙස කිසියම් බද්දක් අය කර අස්වැසුම වැනි සහනාධාරයක් ලබා දෙන විට එකතු කරන මුළු බදු මුදලම අස්වැසුම ප්‍රතිලාභීන් වෙත ලබා දීමේදී කාර්යක්ෂමතා හානියක් සිදු නොවන නමුත් අදාළ නිලධාරීන් වෙනුවෙන් එම බදු මුදල් කොටසක් වැය වන බැවින් එකතු කරගන්නා මුළු බදු මුදල් ප්‍රමාණයම අස්වැසුම ප්‍රතිලාභීන්ට ලැබෙන්නේ නැහැ. එහිදී කාර්යක්ෂමතා හානියක් සිදු වෙනවා.
මේ ආකාරයෙන් රජය සෘජු ලෙස මැදිහත් නොවී බැංකු මගින් අවශ්‍ය කටයුත්ත කර ගැනීමේදී වුවද කාර්යක්ෂමතා හානියක් සිදු වන නමුත් මෙම ලිපියෙන් අවධානය යොමු කිරීමට අවශ්‍ය මුඛ්‍ය කරුණ එය නොවෙයි. එම මුඛ්‍ය කරුණ මෙමගින් දේශීය සහල් වෙළඳපොළට කවර බලපෑමක් වේද යන්නයි.
මේ වන විට ලංකාවේ වී ගොවීන්ගෙන් වී මීල දී ගැනීම, වී ගබඩා කර තබා ගැනීම, සහල් බවට පත් කිරීම සහ එම සහල් වෙළඳපොළට නිකුත් කිරීම බොහෝ දුරට සිදු කරන්නේ මහා පරිමාණ වී මෝල් හිමියන් කිහිප දෙනෙකු විසින්. සුළු හා මධ්‍යම පරිමාණ වී මෝල් හිමියන්ට ඔවුන් සමඟ තරඟ කළ නොහැකියි. ඒ ඇයි?
මෙයට හේතු කිහිපයක් පාදක වෙනවා.
1. ප්‍රාග්ධනයේ වාසිය: මහා පරිමාණ වී මෝල් හිමියන්ට සුළු හා මධ්‍යම පරිමාණ වී මෝල් හිමියන්ට වඩා අඩු පොලියකට බැංකු ණය ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. මීට හේතුව ඔවුන් විසින් ණය පැහැර හරිනු ලැබීම අවදානම අඩු මට්ටමක පැවතීමයි. මගේ තක්සේරුව වනුයේ සුළු හා මධ්‍යම පරිමාණ වී මෝල් හිමියකු විසින් ණය ලබා ගැනීමේදී 11%-13% වැනි පොලියක් ගෙවිය යුතු වුවත්, මහා පරිමාණ වී මෝල් හිමියෙකුට 9%ක පමණ පොලියකට බැංකු ණය ලබා ගත හැකි බවයි. තමන්ගේ අරමුදල් මේ වෙනුවෙන් යෙදවීමේ හැකියාව කණ්ඩායම් දෙකටම තිබෙන නිසා මා ඒ ගැන සලකා බලන්නේ නැහැ.
2. පරිමාණයේ වාසිය: මහා පරිමාණ වී මෝල් හිමියන් සතු ප්‍රධානම වාසිය පරිමාණයේ වාසියයි.
3. කීර්ති නාමයේ වාසිය: මහා පරිමාණ වී මෝල් හිමියන් විසින් මේ වන විට ගොඩ නගා ගෙන ඇති කීර්ති නාමයක් තිබෙනවා. ඒ නිසා ඔවුන් වෙළඳපොළට නිකුත් කරන සහල් වල ගුණාත්මක භාවය අමාරුවෙන් තහවුරු කිරීමට අවශ්‍ය වන්නේ නැහැ.
දැන් ඉහත තත්ත්වය වෙනස් වෙන්නේ කෙසේද?
සුළු හා මධ්‍යම පරිමාණ වී මෝල් හිමියන්ට 7% පොලියට ණය ලැබීමත් සමඟ මහා පරිමාණ වී මෝල් හිමියන්ට ඉහත පළමු වාසිය නැතිව යනවා පමණක් නොව එම කරුණ හා අදාළව අවාසිදායක තරඟයකට මුහුණ දීමටද සිදු වෙනවා. එහෙත්, දෙවන හා තෙවන වාසි වලට බලපෑමක් සිදු වන්නේ නැහැ.
සහන ණය ලබා ගන්නා සුළු හා මධ්‍යම පරිමාණ වී මෝල් හිමියන්ට පනවා ඇති එක් කොන්දේසියක් වන්නේ රජය විසින් නියම කරන අවම මිලට වී මිල දී ගත යුතු බවයි. මෙමගින් සිදු වන බලපෑම කුමක්ද?
වී කිලෝවක සහතික මිල රුපියල් 100ක් සේ සැලකුවහොත් සහන ණය ලෙස ලබා දෙන රුපියල් මිලියන 10,000ක මුදලෙන් වී කිලෝග්‍රෑම් මිලියන 100ක් පමණ මිල දී ගත හැකියි. එම ප්‍රමාණය මහ කන්නයේ වී සැපයුමෙන් 4%ක පමණ ප්‍රමාණයක් පමණයි. ඒ නිසා, මෙම සහන ණය හේතුවෙන් ගොවීන්ගෙන් වී මිල දී ගැනීම සඳහා මහා පරිමාණ වී මෝල් හිමියන්ට විශාල තරඟයකට මුහුණ දීමට සිදු වන්නේ නැහැ. එමෙන්ම ගුණාත්මක භාවයෙන් අඩු (තෙත) වී මිල දී ගෙන භාවිතයට ගැනීම සඳහා අවශ්‍ය තාක්ෂනය තිබෙන්නේද මහා පරිමාණ වී මෝල් හිමියන් සතුවයි. මේ අනුව, අරමුදල් සහන පොලියකට ලැබුණද, සුළු හා මධ්‍යම පරිමාණ වී මෝල් හිමියන්ට කළ හැක්කේ මහා පරිමාණ වී මෝල් හිමියන් විසින් වී මිල දී ගන්නා මිලට හෝ ඊට වඩා වැඩි මිලකට වී මිල දී ගැනීමටයි. මහා පරිමාණ වී මෝල් හිමියන් විසින් රජය නියම කර තිබෙන අවම මිලට වී මිල දී ගන්නේනම් සුළු හා මධ්‍යම පරිමාණ වී මෝල් හිමියන්ටද අවම වශයෙන් ඒ මිලම ගෙවන්නට සිදු වෙනවා.
ණය සහනය නිසා සුළු හා මධ්‍යම පරිමාණ වී මෝල් හිමියන්ට, මහා පරිමාණ වී මෝල් හිමියන්ට සාපේක්ෂව, 2%ක පමණ වන (= 9% - 7%) ප්‍රාග්ධන පිරිවැය අඩු වීමේ වාසියක් ලැබෙනවා. මෙය මාස හයකට 1%ක පමණ වාසියක්. එනම්, වී කිලෝවකට රුපියලක පමණ වාසියක්. මෙම රුපියලේ වාසියේ උදවුවෙන් මහා පරිමාණ වී මෝල් හිමියන් සතු පරිමාණයේ වාසිය සහ කීර්ති නාමයේ වාසිය ඉක්මවා යමින් අඩු මිලකට සහල් නිපදවීමට ඔවුන්ට හැකි වනු ඇත්ද?
මගේ අදහසනම්, මහා පරිමාණ වී මෝල් හිමියන් සතු පරිමාණයේ වාසිය සහ කීර්ති නාමයේ වාසිය වී කිලෝවකට රුපියලක වාසියට වඩා වැඩි බවයි. ඒ නිසාම, මෙම ණය සහනය ලබා දුන්නද, සුළු හා මධ්‍යම පරිමාණ වී මෝල් හිමියන්ට මහා පරිමාණ වී මෝල් හිමියන් සමඟ තරඟ කළ නොහැකි බවයි. එය එසේනම්, මෙම මැදිහත්වීම නිසා වෙළදපොළ සිල්ලර සහල් මිල කෙරෙහි කිසිදු බලපෑමක් සිදු වීමේ ඉඩක් නැහැ.
යම් හෙයකින් මහා පරිමාණ වී මෝල් හිමියන් සතු පරිමාණයේ වාසිය සහ කීර්ති නාමයේ වාසිය වී කිලෝවකට රුපියලකට වඩා බෙහෙවින්ම වැඩිනම්, උදාහරණයක් ලෙස රුපියල් පහක් පමණ වේනම්, මෙම සහන ණය ලබා දීමෙන් පසුවද සුළු හා මධ්‍යම පරිමාණ වී මෝල් හිමියන්ට ප්‍රමාණවත් ලාබයක් ලබා ගැනීමට හැකි වන්නේ නැහැ. කෙසේ වුවත්, එවැන්නක් විය හැක්කේ මහා පරිමාණ වී මෝල් හිමියන් විසින් විශාල "අනිසි ලාබයක්" නොලබන්නේය යන උපකල්පනය යටතේයි.
යම් හෙයකින්, ආණ්ඩුව විශ්වාස කරන පරිදි, මහා පරිමාණ වී මෝල් හිමියන් විසින් විශාල "අනිසි ලාබයක්" උපයන්නේනම් සිදු විය හැක්කේ කුමක්ද? එය එසේනම්, මෙම සහන ණයෙහි වාසිය කුඩා හා මධ්‍යම පරිමාණ වී මෝල් හිමියන්ගේ ලාබ බවට පරිවර්තනය වනු ඇති අතර වෙළඳපොල සහල් මිල ගණන් තව දුරටත් තීරණය වනු ඇත්තේ මහා පරිමාණ වී මෝල් හිමියන් විසින් කරන සැපයුම මත බැවින් සිල්ලර සහල් මිලෙහි විශාල වෙනසක් සිදු වීමේ ඉඩක් නැහැ. මෙයින් අදහස් වන්නේ වී සැපයුම ඉහළ යාමෙන් සහල් මිල පහත වැටීම සිදු නොවන බව නෙමෙයි. සහන ණය ක්‍රමය හරහා සිදු කරන රාජ්‍ය මැදිහත්වීම හේතුවෙන් එවැන්නක් සිදු වීමේ ලොකු ඉඩක් නැති බවයි. අවසාන වශයෙන් සිදු වන්නේ තැන්පතුකරුවන්ට පොලී ලෙස ලැබෙන්නට තිබුණු මුදලක් සුළු හා මධ්‍යම පරිමාණ වී මෝල් හිමියන් සුළු පිරිසක් වෙත විතැන් වීම පමණයි.
කෙසේ වුවත්, වී මෝල් හිමියන් කිහිප දෙනෙකු විසින් සහල් වෙළඳපොළ පාලනය කිරීම හේතුවෙන් වී නිෂ්පාදකයින්ට අඩු මිලක් ලැබෙද්දී පාරිභෝගිකයින්ට සහල් සඳහා වැඩි මිලක් ගෙවන්නට සිදු ඇති බව සහ අතරමැදි වී මෝල් හිමියන් විසින් විශාල ලාබයක් උපයන බව ලංකාවේ බොහෝ දෙනෙකු විසින් විශ්වාස කරන බැවින් මෙවැනි මැදිහත්වීමේ පරීක්ෂණයක් සිදු කර ප්‍රතිඵල දෙස බලන එක නරක දෙයක් නෙමෙයි.
මහත්තයා කුඩා වී මෝලක සුළු සේවකයෙක්ද?
ReplyDeleteමම හිතන්නේ ලොකු ආර්ථික බලපෑමක් හෝ අර්බුදයක අවදානමක් නැත්නම් ඔයවගේ අත්හදා බැලීමක් කරාට කමක් නෑ කියල එහෙම නේද?
ReplyDeleteමීට ඉස්සර 2010-14 කාලේ මිල ඉහල ගියාට ආණ්ඩුව මිල පාලනය කිරීමට ඒතරමට මැදිහත් වුණේ නෑ විශේෂයෙන්ම 2008 ඛනිජතෙල් වලට කරපු හෙජින් ගිවිසුම කචල් වීමත් සමගම ඒ කාලේ වරින්වර මිල ඉහල පහල ගියත් ටික කාලෙකින් ඉබේටම සමතුලිත වුණා නේද?
නමුත් 2015 ආපු යහපාලන ආණ්ඩුව ඉන්ධන මිල විශාල ලෙස පහල දැමීම සහ සහන මල්ලවල් දීම, රඡයේ සේවකයන්ට වැටුප් වැඩිකිරීම සහනාධාර සහ නැවතත් මිල පාලනය කිරීමට උත්සාහ කිරීම, පසුකාලීනව ඉන්දීය ආර්ථික උපදේශකයන්ගේ යෝජනාවක් අනුව ශක්ති සහල් නමින් කුඩා මෝල්කරුවන් සංවිධාන කර හාල් මිල පාලනය කිරීමට උත්සාහ කිරීම වගේ දේවල් අසාර්ථක වුණා වගේම සමහර වෙලාවට මේක නොසිතන විදියට සාර්ථක වෙන්න උනත් බැරි නෑ මොකද ඇත්තටම කාටවත්ම හරියටම කියන්න බෑනේ ආර්ථික විද්‍යාවේ හැටි එහෙමනේ
ඒ වගේම ඉකොනෝ ඇත්තටම 2010-2014 කාලය තුල ලංකාවේ ආර්ථිකය විශාල ලෙස ඉහල මට්ටමක වර්ධනයක් පවත්වාගෙන යාම, Fitch S&P Moodies වගේ සියලුම රේටින් ඒජන්සි වලින් 2010-15 කාලේ ඉතාම ඉහළම තැනක රේටින් පවත්වාගෙන යාම සහ 2010 දී ඩොලර් බිලියන 2.5 ක ඉතිහාසය තුල එවකට වැඩිම ගණනක IMF වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක කිරීම සිදුකළේ කොහොමද?
ඒ වගේම නොසිතු ලෙස 2015 යහපාලන ආණ්ඩුව කරපු වෙනස්කම් නිසාම කිසිසේත්ම අහලක වත් නොතිබුණ ආර්ථික අර්බුදයකට ලංකාව තල්ලු වුණේ කොහොමද කියන කාරණය ගැන තව දුරටත් දීර්ඝ ලෙස අධ්‍යනය කරන්න ඕන කියල මට හිතෙනව.
ඒ වගේම මාතෘකාවට අදාල නොවන තව දෙයක් අහන්න තියෙනවා ලෝක ජංගම දුරකථන මාකට් එකේදී කාලයක් හොඳම එක වගේ පෙනී සිටි ඇමරිකන් ඇපල් මාකට් එක සැම්සුන් Ultra සීරිස් එකෙන් ලොකු බලපෑමක් කලා..මගේ වටේ ඉන්න හැම කෙනාම ඇපල්.මං විතරක් s24ultra.ඒ ගොඩක් phone වලට වඩා අඩු මිලකට මං මේක ගත්තෙ..(brandnew)..
ඒකෙ පර්ෆෝමන්ස් සහ මිල බැලුවම ඇපල් වලට වඩාසෑහෙන්න ඉස්සරහා ඉන්නවා. කම්පෙයා කරලා බලන්න දැනට ඉහළම ඇපල මාදිලිය වන 16pro max එකක් එක්ක.මං හිතනවා ඒකට 24 ultra විතරක් නෙවෙයි 23 Ultra උනත් හොඳම තරගයක් දෙයි..
සමහර බ්‍රෑන්ඩ් මිනිසුන්ගෙ ඔලු ඇතුළෙ සමහර අදහස්පැල කරපු හැටි පුදුමයි..විශේශයෙන්ම ඇපල් වගේ ආයතන වල මාකටින් නෙක්ස්ට් ලෙවල්..
අනික මං දැක්ක දෙයක් සැම්සුන් ඒ වැඩේ කරනවා දැන්..ගොඩක් අලුත් ෆිල්ම් වල tv සීරිස් වල දැන් සැම්සුන් phone use වෙනවා..ඒවා ඉස්සර ඇපල් විතරයි..මේ යන විදියට ඇපල් මාකට් එක නම් හෙල්ලෙනවා ඉක්මනට..
ඒක්කො එයාල මිල අඩු කරන්න ඕනා.එහෙන නැත්නම් ගෙවන මිලට සාධාරණයක් දෙන්න ඕනා විශේෂයෙන්ම 16 Pro Max එක නම් හෙනම Unimpressed මේක තමයි ඇපල් සමාගමට වැටෙන්න ගහන්න හොඳම වෙලාව
ඇපල්ලා තව ටික දවසක් මේ විදියට ගියොත් Nokia ලාට වෙච්ච් වැඩේ අනිවාර්යයෙන්ම සිද්ද වෙන්න වැඩි කාලයක් නොයන සම්භාවිතාව වැඩියි.එයාලත් ගෙවුනු 10yrs ඇතුලත වගේ සම්පූර්ණයෙන්ම අලුත් product එකක් out කරලා නෑ දන්න තරමින් තියෙන set එකේම version අලුත් කලා මිසක්,ඒ අතින් බැලුවම ඇපල්ලගේ enemiesලා අලුත් අලුත් දේවල් අත් හදා බලමින්,එලිදක්වමින් ඉන්නවා..දන්නෑ ඉතිම් කොහොම වෙයිද කියලා..we"ll see🧐
චීන හ්වාවී (Huawei) සහ උන්ගේ Honor කියන බ්‍රෑන්ඩ් එක එහෙම පට්ට නේද? Xiomi විවෝ Oneplus වගේ සුපිරි චීන මාදිලි එක්ක සැම්සුන් එකටත් ලේසි වෙන එකක් නම් නෑ ඉස්සරහට හැබැයි. ඔයාගේ අදහස මොකක්ද මේක ගැන?
ඇයි මේ වගෙ වචන සිංහල භාශාවට එකෙතුවෙලා තියෙන්නෙ? ඔඩපන.
ReplyDeleteනිකන් ඉන්න ගමන් ඔලුවට ආපු සද්දයක් වගේනෙ ඇහෙන්නෙ
මටත් මෙහි නිරුක්තිය පැහැදිලි නැහැ.
Deleteමටත් හිතෙන්නේ මේක බොරු වැඩක් කියලා.. මම වෙන විදිහකට ගණං හදලා බැලුවා..
ReplyDeleteගොවියො වී මිලදී ගැනීමේ අවම මිල කියලා ඉල්ලන්නේ රු130-140ත් අතර ගානක්, අපි හිතමු වාසිය රජයටම තියලා රු 130 ක මුදලකට රජයත්, ගොවි සමිතීන් ටිකත් එකඟ උනා කියලා..
එතකොට රු මිලියන 100000 න් ගන්න පුලුවන් වී ප්‍රමාණය =10,000 x 1,000,000 /130/1,000 = මෙට්රික් ටොන් 76,923
මෙලෙස ගන්න වී, හාල් කරන්න ගත්තම් 60% ක් විතර තමයි හාල් වෙන්නේ
ඒ කියන්නේ හාල් හැදෙන්නේ 76923 x 60% = මෙටොන් 4,6153
ලංකාවේ දසසක හාල් පාරිබෝජනය දවසකට හාල් මෙට්රික් ටොන් 6,000ක් විස්තර
එතකොට මේ මධ්‍යම ප්‍රමානයේ වී මෝල් කරුවන් මිලදී ගන්න වී ප්‍රමානය ඇතිවෙන්නෙ 46153/6000 = 7.7කට
ඒ කියන්නේ රජය මේ ලබාදෙන මුදලින් ගන්න වී ප්‍රමානය ලංකාවේ සරිලන්නේ සතියක හාල් පරිබෝජනයට.
මේ ප්‍රමානය ඔය කියන එකාධිකාරයක් තියෙනව නම් ඒක නැති කරන්න කොහොමටවත් සරිලන්නේ නෑ...
අනෙක් කාරණය, රජය සහල් මාෆියාවක් තියෙනවා කියලා පරසක්වල ගහලා කියනව නම් , ඇයි ආනයනය කරපු හාල් වලට රු 65ක් බද්ධක් ගැහුවේ....බද්ධ නැතිව නිදහස් වෙලදපොල මත මිල තීරනය වෙන්න දෙන්න තිබුනනේ...මඤ් හිතන්නේ ඉකෝන් මේ කාරනයම ඇති, රජයවත් තමන් කියන එකාධිකාරය ගැන විශ්වාස නොකරන බවට සාක්ශියක් ලෙස.
මේකත් මාලිමාවේ තවත් එක මෝඩ සංදර්ශණයක් වේවී...
Yes
DeleteI had to agree with you 💯 %
//මේකත් මාලිමාවේ තවත් එක් මෝඩ සංදර්ශනයක් පමණක් වේවි අනිවාර්යයෙන්ම//
Yes, you nailed it mate, only showmanship and nothing else done so far for the betterment of the country under their rule. Only plus point is some bogus rogues of former regimes were sent out of the parliament and active politics due to people's choices, like highly corrupt Ranil Wick, Rajapakse henchmen, some SJB goons like RR (Ran Gonja) etc. We also voted for NPP this time but they're heading to utter failure. On the other hand we do not have suitable alternative options as well. People had to build a new political party with carefully chosen team whom is capable of policy making, managing the issues and with a team of experts with sufficient knowledge and most importantly with practical experiences in different fields.