වෙබ් ලිපිනය:

Friday, January 31, 2025

අවධමනය 4% මට්ටමට!


ජනවාරි මාසයේදී කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ අවධමනය -4.0% මට්ටම තෙක් පහත වැටී තිබෙනවා. ආහාර අවධමනය -2.6%ක් වන අතර ආහාර නොවන අවධමනය -4.7%ක්. මෙවැන්නක් සිදුව තිබෙන්නේ හාල් සහ පොල් වැනි ඇතැම් භාණ්ඩ වල මිල ගණන් විශාල ලෙස ඉහළ ගොස් තිබියදී වීම විශේෂත්වයක්.

උද්ධමනය යනු භාණ්ඩ හා සේවාවන්හි මිල ඉහළ යාමේ වේගයයි. අවධමනය යනු භාණ්ඩ හා සේවාවන්හි මිල අඩු වන වේගයයි. මහ බැංකුව විසින් රටේ උද්ධමනය 5% මට්ටමේ පවත්වා ගත යුතු අතර -4% මට්ටම ඊට වඩා 9%කින් අඩු මට්ටමක්. 

මෙම අවධමන තත්ත්වය ඉදිරි පෙබරවාරි මාසයේදී තවත් උග්‍ර වීමේ ඉඩක් පෙනෙන්නට තිබෙන අතර -5% සීමාව ඉක්මවා පහත වැටිය හැකියි. එමෙන්ම වසර මැද තෙක්ම පැවතිය හැකියි. 

පසුගිය ජනවාරි මාසය දක්වා වූ වසරක කාලය තුළ හාල් සහ පොල් මිල විශාල ලෙස ඉහළ ගොස් ඇතත්, තිරිඟු පිටි පාන්, මාළු, කුකුළු මස්, බිත්තර, සීනි, එළවළු හා පළතුරු මිල ගණන් පහත වැටී ඇති ආකාරය නිරීක්ෂණය කළ හැකියි. මත්පැන් හා දුම්වැටි මිල ගණන් ඉහළ ගොස් ඇති අතර, විදුලි ගාස්තු, ජල ගාස්තු, ඉන්ධන හා ප්‍රවාහන වියදම් පහත වැටී තිබෙනවා.


7 comments:

  1. ඒ කියන්නෙ මේ ආන්ඩුව සාර්තකයි. බඩු මිල පහත හෙලන්න පුලුවන් වෙලා ටතියෙනව

    ReplyDelete
  2. බොරුකරුවනට වැඩ බැරි බව සහතිකය
    දිගු කාලයක් අප දැක්කේ ඒ ටිකය
    හීන් සීරුවේ වැඩ වෙනවා වගෙය
    සැරයි ගම්මිරිස්, ලොකු මිරිසට වැඩිය!

    ReplyDelete
    Replies
    1. අවුදින් රැගෙන අලුයම කුකුළා අතට
      හැමදා කියෙවුවත් මැට්ටා ලියන පත
      දකිනා විටදී යට ලියනා ටිප්පණිය
      යටිකුරු කල කළය සිහියට නැගේ මට

      Delete
  3. මුදල් හොයමු. ගොඩ යමු.

    ReplyDelete
  4. ඔය අවධමනය කියලා කියන්නේ අර විදුලි ගාස්තුව PUC එකෙන් මහජන උපයෝගීතා කොමිසමේ නියෝගය පරිදි විදුලි බල මණ්ඩලය ඉතාම අකමැත්තෙන් අඩු කරන්න එකඟ වුණා කියල උපකල්පනය කරලා හදපු එකක් නේ. අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඔය කියන විදිහට අඩු වෙලා නෑ

    මේ තියෙන්නේ සතෝසෙන් අඩු කරපු මිල ගණන්

    https://m.youtube.com/watch?v=mRAWscR1llo&pp=ygUZ4La34LeP4Lar4LeK4LapIOC2uOC3kuC2vQ%3D%3D

    ඔය මිල ගණන්වල අගය මත තමයි ඔය සංඛ්‍යාලේඛන දත්ත අරගෙන හදලා තියෙන්නේ අවධමනයක් විදිහට පෙන්නනවා ඒත් ඇත්තටම එහෙම එකක් නෑ
    නමුත් පෞද්ගලික අංශයේ බහුතර වෙළඳපොල තුල මිල ඉහල මට්ටමක පවත්වාගෙන යන නිසා පාරිභෝගික ජනතාවට ප්‍රායෝගිකව ඕකෙන් කිසිම ආකාරයක වාසියක් නෑ

    මේ ආණ්ඩුවට රනිල්ට දීලා යන්න වෙනවා ඒක අනිවාර්යෙන් වෙනවා
    රනිල් කරපු වැඩ ටික ඉදිරියට ගෙනියා ගන්නවත් අඩු ගානේ මේ ගොල්ලන්ට මොලයක් සහ හැකියාවක් නැහැ
    බොහොම ස්තූතියි npp එකට ඡන්ද දීපු අපි වගේම අනිත් අයටත්
    සියලු දෙනාටම තෙරුවන් සරණයි

    ReplyDelete
  5. ඉකොනෝ

    මේක බලන්න

    https://m.youtube.com/watch?v=4ybsRyr4t2c

    මේ නීති විරෝධීව එක්සත් ජනපදයට ආපු සංක්‍රමණිකයන්ව පළමු අදියර යටතේ නැවත මව් රටවලට යැවීම පිළිබඳව ඉතාම කෙටි වීඩියෝ ක්ලිප් එකක්, ඒකේ පෙන්වන ග්වාතමාලා සෙට් එකට අතට පයට දම්වැල් දාලා නේද ඩිපෝට් කරන්නේ?

    මෙහි දෙවන අදියර ලෙස නීත්‍යානුකූල ලෙස එක්සත් ජනපදයට ආපු අයත් ඩිපෝට් කරාවි තව ටික දවසකින් මොකද දැන් නවීනතම AI තාක්ෂණය යොදාගෙන වයිට් කොලර් ජොබ් කරන අය ප්‍රමාණයත් සෑහෙන දුරට අඩු කරන්න පුළුවන් නිසා. ඒ අනුව මතක ඇතුව ඉකොනෝ ඔයාව ලංකාවට ඩිපෝට් කරන්න කලින් අපට දැනුම් දෙන්න මේ බ්ලොග් එකේ පෝස්ට් එකක් දාන්න ඕන හරිද? මොකද එතකොට අපි ඔයාව ලංකාවට නැවත සාදරයෙන් පිලිගන්න කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල හෝ නැත්නම් මත්තලට උනත් එන්නම් ඔයාව ලොක්හීඩ් C-5M සුපර් ගැලැක්සි කාගෝ එකක කලුවරේ පැක්වෙලා පැය ගානක් ආවම ඇඟට පණත් නෑනේ, C5-M එකකින් ලංකාවට එන්න බැරි වුණොත් පරණ හර්කියුලීස් C130 එකකින් උනත් කමක් නෑ. අපරාදේ 2022 උක්රයීන් වලදී විනාශ වෙච්ච අන්-225 තිබ්බා නම් ඒක යවන්න තිබ්බා ඉකෝන්ව ලංකාවට පටවනකොට දමාගෙන එන්න, අවුලක් නෑ ඔය මොකක උනත් කමක් නෑ බෝට්ටුවක බැරිනම් කොලොම්බියන් නාකෝ කාටෙල් එකක කෝකා සබ්මැරීන් එකක හරි රිංගගෙන ලංකාවට වැඩම කරන්න ඉකෝන්,

    යොමා යුග නෙත කුළුණිනේ
    වඩිනු මැන ඉකොණානනේ

    කාලයයි ඉකෝනාණනේ
    දීපයයි ඉකොණානනේ
    දේශයයි ඉකොණානනේ

    වඩිනු මැන ඉකොණානනේ...!

    ReplyDelete
  6. අනේ මංදා. 100 ට තිබුන පොල් ගෙඩිය 200යි. හාල් වලත් මිල වැඩියි, ඒ වැඩි මිල දීලත් ගන්න නෑ. අනික් ඒවයෙත් ඔය කියන තරම් මිල අඩු වෙලාවත්, අඩු වෙමින්වත් නෑ. ඒත් අවධමනයලු.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: