"ණයකාරයෝ අකැමති වුනත් ගෙවන්නේ නැහැ කිවුවොත් උන්ට කරන්න පුළුවන් දෙයක් නැහැ නේද?"
මේක කිහිප දෙනෙක්ම අසා තිබෙන ප්‍රශ්නයක්. මේ සටහන "උන්ට කරන්න පුළුවන් දේවල්" ගැන උදාහරණයක්.
ආජන්ටිනාව කියන්නේ ආර්ථික අර්බුද ගැන කතා කරද්දී කතා නොකරම බැරි රටක්. දැන්නම් දක්ෂිණාංශික දේශපාලනය වෙනුවෙන් පෙනී සිටින අය අතර ජනප්‍රිය රටක්. කොහොම වුනත් මේ සටහනෙහි දේශපාලන කරුණු කතා කරන්නේ නැහැ.
ආජන්ටිනාව 1998-2002 අතර කාලයේදී දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දුන්නා [1]. ආර්ථිකය 28%කින් පමණ හැකිළුනා. එහි ප්‍රතිඵලයක් විදිහට 2001 වසර අවසානයේදී ආජන්ටිනාවට ණය ගෙවාගන්න බැරි තත්ත්වයක් ඇති වුනා. ඒ වෙද්දී ගෙවන්න තිබුණු විදේශ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 132ක් පමණ. එයින් ඩොලර් බිලියන 82ක් පමණ අරගෙන තිබුණේ ස්වෛරිත්ව බැඳුම්කර නිකුත් කරලා.
ආජන්ටිනාව විසින් ස්වෛරිත්ව බැඳුම්කරහිමියන් සමඟ දිගින් දිගටම සාකච්ඡා කරමින් කිසියම් එකඟතාවයකට එන්න උත්සාහ කළත් මේ වැඩේ සාර්ථක වුනේ නැහැ. අන්තිමට 2005 වර්ෂයේදී සාකච්ඡා පැත්තක දමලා ආජන්ටිනාව විසින් ඒකපාර්ශ්වීය ලෙස ණය ප්‍රතිව්‍යුගත කිරීමේ යෝජනාවක් ඉදිරිපත් කළා.
ආජන්ටිනාව විසින් මෙම යෝජනාව ඒකපාර්ශ්වීය ලෙස ඉදිරිපත් කරන විට මුහුණත අගය ඩොලර් බිලියන 81.8ක් වූ ස්වෛරිත්ව බැඳුම්කර වල නොගෙවූ පොලිය විදිහට තවත් ඩොලර් බිලියන 20.8ක් එකතු වී තිබුණා. ඒ අනුව, ණයහිමියන්ට ලැබිය යුතු වූ මුදල ඩොලර් බිලියන 102.6ක්. (මීට අමතරව IMF එකට හා වෙනත් රටවලට ගෙවිය යුතු ණයත් තිබුණා.) මෙය ඉතිහාසයේ රජයක් විසින් තියපු ලොකුම පොල්ලක් කියා කියන්න පුළුවන්.
අපේක්ෂා කළ හැකි පරිදිම, ආජන්ටිනාව විසින් කළ යෝජනාව ණයහිමියන්ට බොහෝ අවාසිදායක එකක්. එහෙම නැත්නම් ප්‍රශ්නය කතා කරලා විසඳාගන්න තිබුණනේ. ඒ නිසා, ණයහිමියෝ මේ යෝජනාවට කැමති වීමේ ඉඩක් ලොකුවට තිබුණේ නැහැ.
මේ තත්ත්වය තුළ, කොහොම හරි ණයහිමියන්ව කැමති කර ගැනීම සඳහා, ආජන්ටිනාව පාර්ලිමේන්තුවේ නීතියක් සම්මත කරගත්තා. එම නීතිය අනුව, ආජන්ටිනාවේ රජයට මෙම අවස්ථාව ප්‍රයෝජනයට නොගන්නා අයට අනාගතයේදී මීට වඩා හොඳ ඩීල් එකක් ලබා දිය නොහැකියි. ඒ වගේම, මේ ඩීල් එකේ දිනය අවසන් වූ පසු නැවත විවෘත කරන්නත් බැහැ. ඒ කියන්නේ දෙන දේ ගන්න වෙනවා. නැත්නම් ඒකවත් ලැබෙන්නේ නැහැ.
ඔය ඒකපාර්ශ්වීය යෝජනාව ඉදිරිපත් කරන කොට ණයහිමියන්ට වසර හතරකට කිට්ටු කාලයක් තිස්සේ තමන්ගේ ආයෝජනය වෙනුවෙන් කිසිම දෙයක් ලැබිලා නැහැ. ඒ වගේම ඔය බැඳුම්කර වල වෙළඳපොළ වටිනාකම නැත්තටම නැති වෙලා නිසා ඒවා කාටවත් විකුණන්නත් බැහැ. මේ තත්ත්වය යටතේ, කොයි තරම් අවාසිදායක වුණත්, සැලකිය යුතු පිරිසක් ආජන්ටිනාවේ යෝජනාවට කැමති වුනා.
මුහුණත අගය ඩොලර් බිලියන 81.8ක් වූ ස්වෛරිත්ව බැඳුම්කර වලින් ඩොලර් බිලියන 62.3ක් ඔය විදිහට ස්වේච්ඡාවෙන් හුවමාරු වුනා. ඒ වෙනුවෙන් ඩොලර් බිලියන 32.2ක අලුත් බැඳුම්කර ලබා දුන්නා. ඒ කියන්නේ මුහුණත අගයෙන් 51.7%ක්. නොගෙවූ පොලිය ගෙවීමක් සිදු වුනේ නැහැ. නමුත් හුවමාරු කර අලුතෙන් ලබා දුන් බැඳුම්කර වෙනුවෙන් ආජන්ටිනාව නියම පිළිවෙළට පොලී ගෙවුවා. ඒ නිසාම, ඒ බැඳුම්කර වලට ද්වීතියික වෙළඳපොළකුත් හැදුනා.
මේ අනුව, බැඳුම්කර වලින් 76.2%ක් හුවමාරු වුනා. මුදලේ කාල වටිනාකමද සැළකු විට හුවමාරුවට කැමති වූ අයට ලැබුණේ ලැබිය යුතුව තිබුණු මුදලින් 30%ක පමණ මුදලක්. හැබැයි ස්වෛරිත්ව බැඳුම්කර වලින් 24%ක් පමණ ඔය විදිහට හුවමාරු වුනේ නැහැ. ඒ අය ගේමම ඉල්ලුවා. අධිකරණ ක්‍රියමාර්ග වලට ගියා.
ආජන්ටිනාවේ විදේශ සංචිත ප්‍රමාණය 2002 වන විට ඩොලර් බිලියන 10.4 දක්වා අඩු වෙලයි තිබුණේ. දිගින් දිගටම සැලකිය යුතු ප්‍රාථමික අයවැය අතිරික්තයකුත් එහි උදවුවෙන් ජංගම ගිණුමේ අතිරික්තයකුත් පවත්වා ගැනීම මගින් මෙම සංචිත ප්‍රමාණය 2010 වන විට ඩොලර් බිලියන 52.2 දක්වා වර්ධනය කර ගැනීමට ආජන්ටිනාව සමත් වුනා. ඔය අතර 2006දී ආජන්ටිනාව විසින් IMF එකට ගෙවිය යුතුව තිබුණු ඩොලර් බිලියන 9.5ක ණය මුදලද එක පාරම ගෙවලා දැම්මා. මේ කාලයේදී ආජන්ටිනාවේ ආර්ථික වර්ධන වේගයද ඉහළ ගියා.
ඔහොම තියෙද්දී ආජන්ටිනාවට නැවත ජාත්‍යන්තර වෙළඳපොළට ගිහින් ණය ගන්න අවශ්‍ය වුනා. නමුත්, කලින් කරපු "වැරැද්ද" නිසා රෙද්දක් ඇඳගෙන ආපහු ණය ඉල්ලන්න අමාරු තත්ත්වයකුයි ඇති වෙලා තිබුණේ. ඒ නිසා, පාර්ලිමේන්තුව විසින් කලින් නීතිය වෙනස් කරලා කලින් සැරේ ලබා දුන් අවස්ථාවෙන් ප්‍රයෝජනයක් නොගත් අයට නැවත අවස්ථාවක් දුන්නා. මේ අවස්ථාවේදී පුද්ගල ආයෝජකයින්ට මුළු මුහුණත අගයම ආපසු ලැබුණා. ආයතනික ආයෝජකයින්ට එයින් 66.3%ක් ලැබුණා.
ඒ වෙද්දී කලින් අවස්ථාවේදී ණය හුවමාරුවට කැමති වුන අයට සල්ලි ලැබෙනවා. අනෙක් අයට කිසිවක් නැහැ. ඒ අයගෙන් කොටසක් අධිකරණ ක්‍රියාමාර්ග වලට ගිහින් හිටියා. ඉතිරි අය ඒ අයගේ පානෙන් එළිය බලන්න බලාගෙන හිටියා. එහෙම හිටපු බොහෝ දෙනෙක් ලොකුකම පැත්තකින් තියලා දෙවන අවස්ථාවෙන් ප්‍රයෝජනය ගත්තා. ඒ අනුව, මුළු ණය ප්‍රමාණයෙන් 91.3%ක් දක්වා හුවමාරු වුනා. හැබැයි ඉතිරි අය ඒ පාරත් ඩීල් එකට කැමති වුනේ නැහැ. ඒ අය දිගටම ගේමේම හිටියා.
මේ වෙද්දී හුවමාරු කර නොගැනුණු බැඳුම්කර වල මුහුණත අගය ඩොලර් බිලියන 6.8ක් වූ අතර එම කාලයට දිගටම කූපන් පොලී එකතු කළහොත් තවත් බිලියන 4.4ක් එකතු වී ඩොලර් බිලියන 11.2ක් වෙනවා. ණයහිමියන් විසින් මෙම මුදල ඩොලර් බිලියන 15ක් ලෙස ගණන් හදා තිබුණා. ඔවුන්ගෙන් කොටසක් එයින් තමන්ගේ පංගුව ලබා ගැනීම සඳහා දිගින් දිගටම අධිකරණ ක්‍රියාමාර්ග වල නියැලී සිටියා.
මෙම කාලය ඇතුළත (2012 දක්වා) අඩු වශයෙන් ණයහිමියන් හෝ කණ්ඩායම් 151ක් නිව්යෝර්ක් දකුණු දිස්ත්‍රික්කයේ අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කරමින් තමන්ගේ අරමුදල් වෙනුවෙන් සටන් කළා. ඔවුන් ඉල්ලා සිටි සහනය අනුව කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එක් කොටසක් උත්සාහ කළේ පාඩුව අවම වන සේ හැකි තරම් වැඩි මුදලක් ලබා ගෙන ගනුදෙනුව බේරාගන්නයි. දෙවන කණ්ඩායම උත්සාහ කළේ අන්තිම සතය දක්වා තමන් ඉල්ලන මුදල කෙසේ හෝ ලබා ගන්නයි. පළමු කණ්ඩායමේ අයගෙන් කොටසක් දෙවන වරට සිදු කළ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ අවස්ථාවෙන් ප්‍රයෝජනය ගෙන අධිකරණ ක්‍රියාමාර්ග වලින් ඉවත් වුනා. එහෙත්, ඔවුන්ගෙන් කොටසක් හා දෙවන කණ්ඩායම වැඩේ අත ඇරියේම නැහැ.
ඔය දෙවන කණ්ඩායමේ සිටියේ හෙජ් අරමුදල්. ඔවුන් මෙම බැඳුම්කර මිල දී ගෙන තිබුණේ ඒවායේ මිල කඩා වැටුණු පසුව කුණු කොල්ලයටයි. කවුරුවත් මිල දී නොගන්නා වෙලාවක ඒ විදිහට මේ බැඳුම්කර මිල දී ගන්නේම කාලයක් තිස්සේ නඩු කියා කෙසේ හෝ අධික ලාබයක් ලබා ගැනීමේ අරමුණිනුයි. පෝල් සිංගර්ගේ NML කැපිටල් සමාගම එවැනි අරමුදලක්. මෙවැනි අරමුදල් ඇතැම් අය විසින් වල්චර් අරමුදල් ලෙසද හඳුන්වනවා.
පෝල් සිංගර්ගේ NML කැපිටල් සමාගම විසින් තවත් සමාගම් හා පුද්ගලයින් 19 දෙනෙකු හා එක්ව ආජන්ටිනාවට එරෙහිව පැවරූ නඩුවක තීන්දුව අවසානයේදී ඔවුන්ට වාසිදායක ලෙස ලැබුණු අතර ආජන්ටිනාව විසින් ඩොලර් බිලියන 2.4ක මුදලක් පෙත්සම්කරුවන් වෙත ගෙවිය යුතු බව තීන්දු වුනා.
මෙම නඩු තීන්දුවට ප්‍රතිචාර දක්වමින් ආජන්ටිනාව විසින් ඇමරිකාවේ තිබුණු ආජන්ටිනාව සතු වත්කම් ඉවත් කර ගැනීමට උත්සාහ කරද්දී ඇමරිකාවේ තිබෙන ආජන්ටිනාවේ වත්කම් එළිදරවු කර ගැනීමට ඉඩ දෙන මෙන් පෙත්සම්කරුවන් විසින් කළ ඉල්ලීමටද අධිකරණය අනුමැතිය දුන්නා. මෙම ඉල්ලීමට එරෙහිව ආජන්ටිනාවට රාජ්‍යතාන්ත්‍රික මුක්තියක් නැති බවද අධිකරණය විසින් තීරණය කළා.
මෙම තීන්දුව ලැබෙන්නත් පෙර, 2012දී, NML කැපිටල් සමාගම විසින් ඝානාවේ අධිකරණයකින් නියෝගයක් ලබාගෙන ආජන්ටිනාවේ නාවුක හමුදාවට අයත් යාත්‍රාවක් ඝානාවේදී රඳවා ගනු ලැබූ අතර මෙය ආජන්ටිනාව විසින් කිසිසේත්ම අපේක්ෂා නොකළ දෙයක්. අවසානයේදී එම යාත්‍රාව බේරාගන්නට සිදු වුනේ ජාත්‍යන්තර අධිකරණයකට ගිහින්. මෙම සිද්ධියෙන් පසු ආජන්ටිනාවේ ජනාධිපතිවරයාට ඔහු ගමන් ගන්නා රජයට අයත් ගුවන් යානය වෙනත් රටකදී අත්පත් කර ගැනීමේ අවදානමට මුහුණ දෙන්නට සිදු වූ අතර, පෞද්ගලික ගුවන් යානා වලින් ගමන් කරන්නට සිදු වුනා.
අවසාන වශයෙන් ආජන්ටිනා රජයට ඇමරිකාවේ අධිකරණ නියෝගය අනුව පෙත්සම්කරුවන්ට ගෙවිය යුතු මුදල ගෙවනු හැර වෙනත් කළ හැකි දෙයක් තිබුණේ නැහැ. මෙම මුදල 2014 වසරේදී ගෙවනු ලැබුවා. වසර 14ක අඛණ්ඩ සටනකින් පසු පෝල් සිංගර් විසින් ඔහුගේ ආයෝජනය වෙනුවෙන් 20.5 ගුණයක ප්‍රතිලාභයක් ලබා ගැනීමට සමත්ව තිබෙනවා. මුහුණත අගය ඩොලර් මිලියන 617ක් වූ මෙම ස්වෛරිත්ව බැඳුම්කර මිල දී ගැනීම සඳහා වැය කර තිබෙන්නේ ඩොලර් මිලියන 117ක් පමණයි.
මේ විදිහට රටක් අමාරුවේ වැටුනට පස්සේ මස් රාත්තලම ඉල්ලන එක වැරදිද?
ස්වෛරිත්ව බැඳුම්කර වල ආයෝජනය කරන කෙනෙක් එහෙම කරන්නේ ආයෝජනය කරන්න වෙන විකල්ප නැති නිසා නෙමෙයි. ගන්න අවදානමට සාපේක්ෂව වැඩි අවදානමක් තිබෙන නිසා. ලංකාවම ගත්තත්, ඉතිහාසයේ කවදාවත් ණය පැහැර හැරලා නැති බව, රටේ ආර්ථිකය වේගයෙන් වර්ධනය වන බව, සාර්ව ආර්ථික තුලනය ඉතාම හොඳින් තිබෙන බව වගේ දාහක් දේවල් කියලා තමයි ඔය ස්වෛරිත්ව බැඳුම්කර ආයෝජකයින්ගේ ඇඟේ ගහලා තියෙන්නේ.
එහෙම කොයි තරම් දේවල් කිවුවත් ලංකාව වගේ රටක් අන්තිමට පොල්ල තියයි කියන සැකය නැති කරන්න අමාරුයි. පොල්ල තිබ්බොත් පුද්ගලයෙක්ගෙන් හෝ සමාගමකින් වගේ ලේසියෙන් රජයකින් ණය ආපසු අය කර ගන්න බැරි බව ආයෝජකයෝ දන්නවා. මොකද රජයකට නීතියෙන් පුද්ගලයින්ට හෝ සමාගමකට නැති මුක්තියක් හිමි වෙනවා. මේ හේතුව නිසා ගොඩක් වෙලාවට රජයන් විසින් ස්වෛරිත්ව බැඳුම්කර විකුණද්දී ඔය රාජ්‍යතාන්ත්‍රික මුක්තිය අත හරින්න පොරොන්දු වෙනවා. ඊට පස්සේ කොන්දේසි කඩ කරලා නඩු වැටුනට පස්සේ ආයි ඥාව් ගාන්න බැහැ.
ස්වෛරිත්ව බැඳුම්කර නිකුත් කරන රජයයන්ට මතු ආරක්ෂාවට පිණිස කළ හැකි තවත් දෙයක් තියෙනවා. ඒවාට කියන්නේ Collective Action Clause (CAC) provisions කියලා. ගිවිසුමට මේ කොන්දේසි ඇතුළත් කර ගත්තොත්, ණය පැහැර හැරීමකදී බහුතර ණයහිමියන් කැමති වන ඩීල් එකක් ඉතිරි අයටත් භාර ගන්න වෙනවා. ආජන්ටිනාව මේ ගැන බරපතල ලෙස හිතලා තිබුණේ නැහැ.
ආජන්ටිනාව දමා ගත්තේ නැතත්, ලංකාව විසින් ස්වෛරිත්ව බැඳුම්කර නිකුත් කරද්දී Collective Action Clause (CAC) provisions දමාගෙන තිබෙනවා. මේක ලංකාවට වාසියක්. ඒ නිසා, කොහොම හරි බැඳුම්කරහිමියන්ගෙන් 75%ක කැමැත්ත ගත්තොත් ඉතිරි 25%ට කරන්න දෙයක් නැහැ. හැමිල්ටන් රිසර්ව් බැංකුව විසින් බැඳුම්කරයකින් 25%ක්ම එකතු කරගෙන තියෙන්නේ මේ නිසා. හැබැයි තනි තනි බැඳුම්කර වලට නැතුව මුළු ලොට් එකටම එකම හුවමාරු කොන්දේසි ඉදිරිපත් කළොත් ඔය 75% සීමාව 66.6% දක්වා අඩු වෙනවා. ඊට අමතරව එක් එක් තනි බැඳුම්කරයේ ණයහිමියන්ගෙන් 50%ක කැමැත්තත් අවශ්‍ය වෙනවා [2].
ලංකාවට තියෙන අභියෝගය ඔය සීමා පන්නගන්න එක. එහෙම කරගත්තොත් සුළුතරයට කරන්න දෙයක් නැහැ. හැබැයි ඔය විදිහට බහුතරය කැමති කරගන්නනම් හොඳ ඩීල් එකක් දෙන්න වෙනවා. වැඩිපුර වාසි ගන්න හදලා වැඩි දෙනෙක් අකැමැති වුනොත් ඊට පස්සේ දිගින් දිගටම නඩු තමයි.
ඕක බලපාන්නෙ ඇමෙරිකාවෙ ලන්කවට වත්කම් තියෙනවනම් නේද? වත්කම් නැතිනම් අදිකරන් තීන්දුවක් අවාසියට ලැබුනත් කරන්න දෙයක් නැහැනෙ.
ReplyDeleteආපහු ණය ගන්න බැරි වෙන එක විතරයි.
ලංකාවේ විදේශ වත්කම් වැඩි ප්‍රමාණයක් තියෙන්නේ ඇමරිකාවේ තමයි.
Deleteමොනවද අමෙරිකාවෙ තියෙන වත්කම්? ගෝල්ඩ් ද?
Deleteඔය විදේශ සංචිත කියන්නේ ඇමරිකාවේ ෆෙඩරල් සංචිත බැංකුවේ තිබෙන තැන්පතු. ලංකා බැංකුවේ, මහජන බැංකුවේ විදේශ වත්කම් ගත්තත් බොහෝ දුරට එහෙමයි. රත්තරන්නම් දැන් බොහොම ටිකයිනේ තියෙන්නේ. ඒ ටිකත් ඇත්තේ ඇමරිකාවේ විය යුතුයි.
Deleteඅනික ඔය උදාහරනයෙදි උනත් ආර්ජෙන්ටිනාවට ශුද්ද ලාබයක් නේද අන්තිමේදි වෙලා තියෙන්නෙ.
ReplyDeleteනෑ. ඩොලර් මිලියන 617 වෙනුවෙන් 2400ක් ගෙවන්න වුනා.
Deleteඒ ඔය කියන ෆන්ඩ් එකට විතරයිනෙ.
Deleteබන්කෝත් වෙනකොට ගෙවන්න තිබිච්ච මුලු ණය සහ පොලිය කීයද? අන්තිමේදි ඇත්තතටමගෙවපු මුලු ගාන කීයද?
එහෙම බැලුවොත් ලාබයි. ඒක ඕනෑම ණය ප්‍රතිව්‍යුහගත කිරීමකදී වෙන දෙයක්නේ. මුල් ගණනම ගෙවනවානම් ඒ තරම් කතා කරන්න දෙයක් නැහැනේ ගෙවලා දමනවා මිසක්. නමුත් ආජන්ටිනාවට වගේ අනෙක් පැත්ත කැමති වෙන ගණනක් ගෙවන්නම වෙනවා. අනෙක් පැත්ත කැමති නැත්නම් පැත්තකට වෙලා අත පිහදාගෙන ඉන්න බැහැ.
Deleteඔව්. කීයක් හරි දීල දාන්න පනතක් සම්මත කරගත්ත්නම් ඉවරයි.
Deleteඑතිකල් නැති උනත් ආර්ජෙන්ටිනාව මට පේන විදිහට ගෙවන්න්න තිබ්බ මුලු ණය උන ඩොලර් බිලියන 102.6 න් ( මූනත් වටිනාකම 81.8+ පොලිය 20.8) න් ගෙවලා තියෙන්නේ මුලදිම ගෙවූ බිලියන 32.2 ඊලග වටෙන් එකග වූ 12.4 අන්තිමට නඩු තීන්දුවෙන් ගෙවු 2.4 ලෙස මුලු එකතුව වි 47 ක් ලෙස තමා.....ඊට අමතරව නඩු ගාස්තු ත් මේ වියදමට එකතුව් වෙන්න ඕනේ . බලඤ් ගියාම පිලියත් එක්ක ගෙවන්න තිබ්බ මුලු බි 102.6 න් ගෙවෙලා තියෙන්නෙ බි 47 ක් වගේ තමයි. ඒ කියන්නේ 46% යි ගෙවලා තියෙන්නෙ. උඩ කියන විදිහට ඒකත් සෑහෙන්න ඇදලා.....
Deleteමේ ණය මේ විදිහට පැහැර හරින්න පුලුවන් සෛවෛරීය බැදුම්කර වලට විතරනේ...ලංකාවේ මේ වෙනෙ කොට ගෙවන්න ඉතිරි වෙලා තියෙන ස්වෛරීය බැදුම්කර වල මුලු මූනත් එකතුව ඩොලර් බිලියන12.5 ක් පමනනේ . පොලියත් එක්ක 15 ක් විතර වෙයි. ආජෙන්ටිනා මෙතඩ් එකට් ගියොත් ලංකාවට මෙයින් ඩොලර් බිලියන 7.5 ක් විතර ඉතිරි වෙයි. ඒක කරන එක වර්ත් ද කියන එක හිතන්න වෙනවා. එකක් අපකිර්තිය. අනෙක් එකෙ ඔය ක්‍රෙඩිට් රේටින් පල්ලෙහා ගිහිල්ලා ඇති වන ප්‍රතිවිපාක...
Deleteලංකාව CAC අැතුලත් කරගෙන මුක්තියක් ලබා අැති නිසා අැමෙරිකාවේ හෝ වෙනත් රටකදී වත්කම් අත්පත් කිරීමේ අධිකරණ තීන්දු ලැබෙන්න ඉඩක් නෑ නේද?
ReplyDeleteඅවශ්‍ය අවම ප්‍රමාණය කැමති වුනොත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. නැත්නම් ප්‍රශ්නයක් වෙනවා.
Deleteආර්ථිකේ ගැන ලියැවිල තිබුණ තමයි
ReplyDeleteපුරුදු ලෙසම කෙරුණේ කියවීම තමයි
අම්මට සිරි, සරලයි- විස්තර නියමයි
ත්‍රිලර් ෆිල්මෙකක් බැලුවට වැඩිය රහයි
නිදි, ඒ තරම්ම අල්ලලා ගියාද?
Deleteඇත්තටම දැනුණු දේ තමයි ඉකොනෝ කිව්වෙ.
Deleteඩොලර් මිලියන 100,000 කට පොල්ලක් තියලා ඩොලර් මිලියන 617ක් ගෙවීම ආර්ජන්ටිනාවට කොච්චර ලාබයක් ද?
ReplyDeleteඒකත් අවුරුදු 14ක් විතර ඇදන් ගිහින්. උද්ධමනයත් එක්ක බලද්දි ඉතා සුලු ගානක්.
අපිට උඩින් බැලුවාම කියන්න පුලුවන් මේ වගේ වැඩ එතිකල් නෑ කියලා.
ඒත් බැදුම්කරවල ආයෝජනය කරන්නෙ බැංකු, හෙජ් ෆන්ඩ්ස්, මහා පරිමාණ ආයෝජන සමාගම්.
ඔය වගේ ඒව ආයෝජනය කරන්නෙ ම රිස්ක් එකක් අරගෙන.
රටක් නොගෙව්වා කියලා ඒ සමාගම් වැටෙන්නෙ නෑ.
ලාභය ටිකක් අඩු වෙනවා මිසක්.
අනෙක් පැත්තෙන් නොගෙවා හිටියා ම ඒ වාසිය යන්නෙ රටේ දුප්පත් ජනතාවට.
නැත්තම් වෙන්නෙ දුප්පත් මිනිස්සු මරවලා බදු ගහලා අර මහා ධනවතුන්ගෙ ලාභය පොඩ්ඩක් වැඩි කරලා දෙන එක.
ආර්ජන්ටිනාවෙ ඔය වැඩේ කලේ වාමාංශික සමාජවාදී පක්ෂයක්.
ඒත් ඔවුන් ඒ කල වැඩේ හරි මට අනුව නම්.
නියම ධනවාදය කියන්නෙ ණය මත දුවන දෙයක් නෙමේ.
අවුරුදු දහස් ගණනක ඉදන්ම ණය කියන්නෙ මිනිස්සු හෙලා දකින දෙයක්.
අපි ආන්ඩු නැවත නැවත ණය ගැනීම අධෛර්යමත් කළ යුතුයි.
මිනිස්සුන්ගෙ චන්දෙන් පත් උනත්, පාලකයො ණය ගන්නවට මිනිස්සු 90%වත් කැමති නෑ.
අවශ්‍ය නම් සමීක්ෂණයක් කරල බැලුවැහැකි.
ඉතින් ඒ ණය ගෙවන්න මිනිස්සුන්ට බැදීමක් නෑ.
ඒක අන් එතිකල් නෑ.
ඇනෝ මචන්
Delete///ඩොලර් මිලියන 100,000 කට පොල්ලක් තියලා ඩොලර් මිලියන 617ක් ගෙවීම ආර්ජන්ටිනාවට කොච්චර ලාබයක් ද?
ඒකත් අවුරුදු 14ක් විතර ඇදන් ගිහින්. උද්ධමනයත් එක්ක බලද්දි ඉතා සුලු ගානක්.//
එහෙම නෙමෙයි වෙලා තියෙන්නේ, ඩොලර් මිලියන 617 වෙනුවට ආජන්ටිනාව ඩොලර් මිලියන 2,400 ක් ගෙවලා තියෙනවා, අනික සිංගර් මෝලා ඔය 617ක් වටින ISB ටික අරගෙන තියෙන්නේ එකසිය දාහතකට විතර කුණු කොල්ලයට, එතකොට ඌට පට්ට ලාබයි සිංගරයා රිපබ්ලිකන් පක්ෂයේ දේශපාලන ක්‍රියාකාරිකයෙක්, ඩිමොක්‍රටික් පක්‍ෂයේ එවුන් ඊට අන්තයි හැමිල්ටන්ලා වගේ
//නියම ධනවාදය කියන්නෙ ණය මත දුවන දෙයක් නෙමේ.
අවුරුදු දහස් ගණනක ඉදන්ම ණය කියන්නෙ මිනිස්සු හෙලා දකින දෙයක්.
අපි ආන්ඩු නැවත නැවත ණය ගැනීම අධෛර්යමත් කළ යුතුයි.
මිනිස්සුන්ගෙ චන්දෙන් පත් උනත්, පාලකයො ණය ගන්නවට මිනිස්සු 90%වත් කැමති නෑ.
අවශ්‍ය නම් සමීක්ෂණයක් කරල බැලුවැහැකි.//
ඇත්තටම ණය ගන්න එකම නෙවෙයි ගන්නා ණය වර්ග වල ප්‍රශ්නය තියෙන්නේ
IBRD ලෝක බැංකුව, ADB, AIIB, සහ චීන එක්සිම් බැංකුව තුලින් ලබාගත් සාපේක්ෂව සුළු ගණනක සංවර්ධන සහ ව්‍යාපෘති ණය රටට එච්චරම බරක් නොවේ ඒවායින් රටට දිගුකාලීනව ප්‍රයෝජන තිබෙනවා.
උදාහරණ විදිහට නොරොච්චෝල බලාගාරය, අධිවේගී මාර්ග ඉදිකිරීම, හම්බන්තොට වරාය, සහ නෙලුම් කුළුණ වැනි විවේචිත ඒවාත් ඇතුලුව යහපාලනය යුගයේ වූ රාජගිරිය ගුවන්පාලම, වාරිමාර්ග ව්‍යාපෘති ආදී සියලුම පසුගිය දශක දෙකක පමණ කාලය තුල වූ සංවර්ධන ව්‍යාපෘති සියල්ලටම ගත් ණය ඩොලර් බිලියන පහක් පමණයි, අනෙක ඒවාට ණය ගෙවීම සඳහා Grace පීරියඩ් සහ ණය පොලිය ඉතාම අවම මට්ටමක පවතින අතර එය එතරම්ම ප්‍රශ්නයක් නොවේ
නමුත් ප්‍රශ්නය වන්නේ 2007 සිට 2014 ,දක්වා ගත් ISB ණය ඩොලර් බිලියන පහ සහ 2015 - 2019 ගත් ISB ණය ඩොලර් බිලියන 12.5 සහ යහපාලන රජයේ වෙනත් SLDB සහ Swap ඇතුලු විශාල විදේශ ණය තොගයයි
දූෂිත රාජපක්ෂ රෙජීමය යුද්ධයෙන් පසුව රට පුරා වාහන ආනයනයට ඉඩ දීම හා රජයේ වෛද්‍යවරූන්, රජයේ නිලධාරීන් රාශියකට වාහන බලපත්‍ර ලබාදීම නිසා 20010 - 2012 කාලයේ ඩොලර් බිලියන හතරකට වඩා වැඩි ගණනක වාහන අතිශය විශාල ප්‍රමාණයක් ලංකාවට ආනයනය කිරීමට විදේශ විනිමය වැය වුණා, ඒක කවර් කළේ අර ISB ඩොලර් බිලියන පහෙන්
ඊට පසුව යහපාලන ආණ්ඩුව පෙට්රල් රුපියල් 117 ඩීසල් රු.90 ගෑස් මිල ඉතාම අඩුවට ආනයනය කරන ආහාර පාන වල බදු අඩුකර සතොස හරහා සහන මලු ලබාදීමට නාස්තිකාර සහනාධාර වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට සහ Vision 2020 ගම්පෙරළිය ආදී නාස්තිකාර වියදම් වලට නාස්ති කරන්න ඩොලර් බිලියන 12.5 ක ISB අරගෙන බොරුවට බොරු ප්‍රචාර සිදුකරා ඒවා ගත්තේ පරණ ණය ගෙවීමට කියලා, ඔය වගේ නාස්තිකාර වියදම්වලට ණය ගැනීම නොකර ඉතාම පරිස්සමට තෝරාගත් ව්‍යාපෘති වලට පමණක් ණය ගැනීම කළ යුතුයි.
එකගයි.
Deleteඔයා කියනවා වගේ ISB තමා අවුල.
ඒත් වාහන ගෙන්වීමට වැය කළ කතාව හරිද.
වැය වෙන්න ඇති ව්ක්‍රාකාරව සමහරවිට.
නමුත් වාහන ආනයන නම් තියෙන්නෙම ඕනෑ නේද?
වෙළද හිගය බල බල හිටියොත් නිදහස් වෙළ්දාමට බාධා වෙනවා.
රුපියල බාල උනත් ඇති තරම් ආනයන ගේන්න දෙන්න ඕනනෙ.
නැත්තම් ආර්ථිකය දියුණු වෙන්නෙ නෑ.
රුපියල නැවතෙන තැනක නැවතුනාවෙ.
ලංකාවෙ දේශපාලකයො රුපියල ගැන මෙච්චර හිතන්නෙ ඒක දේශපාලන වේදිකාවෙ ප්‍රධාන කතිකාවක් නිසා.
රුපියල වැටෙනවට බයේ අල්ලන් ඉන්නෙ, ඩොලර් පුච්චන්නෙ. ආනයන පාලනය කරන්නෙ මේ ඔක්කොම චන්දෙ නිසා,
නැතිව ආර්ථිකය ගැන හිතලා නෙමේ.
වෙළද හිගය රටකට ප්‍රශ්නයක් නෙමේ. කියවන්න අවශ්‍ය නම්.
https://mises.org/mises-daily/trade-deficit-austrian-perspective
2012 වසරේදී ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයකට ලක්වී තිබියදී ඒ බව දැන දැනම ග්‍රීක රජය විසින් නිකුත් කරන ලද භාණ්ඩාගාර බිල්පත් මිලදී ගැනීමෙන් රජයට රුපියල් එකසිය අසූහතර කෝටි තිස් දෙලක්ෂ හැටහත් දහස් පන්සිය අනූපහක මුදලක පාඩුවක් සිදුකිරීම සම්බන්ධයෙන් සිදු කරන ලද පැමිණිල්ලක් අනුව පරීක්ෂණ පැවැත් වූ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව එම නඩුව පවරා ඇත. අධිචෝදනා හයක් යටතේ පවරා ඇති එකී නඩුවේ සෙසු විත්තිකරුවන් ලෙස හිටපු මහ බැංකු නියෝජ්‍ය අධිපතිවරුන් වන ධර්මසේන ධීරසිංහ, වසන්ත ආනන්ද සිල්වා, චන්ද්‍රසිරි ජයසිංහ, පණ්ඩිත සිරිවර්ධන හා එච්.ඒ. කරුණාරත්න යන සිවුදෙනා නම් කර ඇත.
ReplyDeleteදැන දැනම ආයෝජන කරලා කෙල උනාම වැරදි ආයෝජනය කරපු අය මිසක් නොගෙවපු අය ම නෙමේ.
ලංකාවෙ බැදුම්කරවල ආයෝජනය කරන්නෙත් දැන දැනමයි.
එහෙම ආයෝජනය කරන අය සාර්ව ආර්ථික විශේෂඥයෙන්ගෙන් උපදෙස් ගන්නවා.
රනිල් වගේම චම්පිකත් 2013 ඉදන් ම කිව්වා මේ විදියෙ බංකොලොත් වීමක් නිදුරු අනාගතයේ වෙනවා කියලා.
වැඩි ආර්තීක දැනුමක් නැති ඔවුනුත් කිව්ව නම් සාර්ව ආර්ථික විශේෂඥයෙන් නොදැන ඉන්න විදියක් නෑනෙ.
එහෙම තියෙද්දිත් ලංකාවෙ ණය දළ දේශීය නිෂ්පාදනයට දරන අනුපාතය ඉහළ යමින් තිබෙන බව ඔවුන් දැන දැනම ලංකාවෙ බැදුම්කර ගත්තා.
වරද දෙපැත්තෙම.
ඒ නිසා ආයෝජකයන් 50%ක හෙයාකට් එකක්වත් ගත යුතුයි.
ඒ විදිය නෙගොශියේට් කරන්න ආන්ඩුවත් දැන්ගත යුතුයි.
පෝල් සිංගර්ගෙ ඇත්ත තත්වෙ හෙළි කරන මිලියන් 4ක් බලපු වාමාංශික නොවන ටකර් කාර්ල්සන්ගෙ fox news රිපෝර්ට් එක. https://www.youtube.com/watch?v=IdwH066g5lQ . පෝල් සිංගර් දැනුවත් ව කරන වැඩක් මේ. ඔහු ආර්ජන්ටිනාවෙ ආයෝජනය කරල තියෙන්නෙ ආර්ජන්ටිනාවට ණය ගෙවන්න බෑ කියල දැනුවත් ව. ඔහු රටවල්වලට වගේ ම ඇමෙරිකාවෙ දුෂ්කර පැතිවල තියෙන සමාගම්වලට කරන්නෙත් මේ දේමයි. ඒක එයාගෙ බිස්නස් මොඩල් එක. ඉකොනොමැට්ටා කිව්වා වගේ දේශපාලන වම දකුණ භේදයකින් තොරව හැමෝම පෝල් සිංගර්ව හදුන්වන්නෙ ගිජුලිහිණි ධනවාදියා (vulture capitalist) කියලා.
ReplyDeleteආර්ජන්ටිනාවට අන්තිම මොහොතෙත් ඔහුගෙ ණය නොගෙවා ඉන්න පුලුවන්කම තිබිලා තියෙනවා. Kirchner ආන්ඩුව ඔහුගෙ තර්ජන හමුවෙ නොගෙවා හිටියත් Mauricio Macri ඇවිත් ඔහුගෙ ණය ගෙවන්න එකග උනා. ඔහුත් අපේ රනිල් වගේ කෙනෙක්. රනිල් ණය ගන්න, ණය ගෙවන්න, රෝල ගහන්න දෙයියා.
අත්පත් කරගන්න අපිට පිටරට යන යුධ නැව් නෑ. ශ්‍රී ලංකන් වික්කම අත්පත් කරගන්න ප්ලේන් නෑ. අත්පත් කරගන්න තරම් විදේශ සංචිතයකුත් නෑ. ඇත්තටම ආන්ඩුව විදේශ සංචිත, විදේශ ණය පස්සෙ නොයා ලංකාව ඇතුලෙ රුපියල්වලින් බදු අරන් රුපියල් වලින් වියදම් කරලා හිටිය නම් මේ මුකුත් ප්‍රශ්න නෑ.
ලංකාවෙ ආන්ඩුවයි මහ බැංකුවයි ඩොලර් එකතු නොකර ඒක මිනිස්සුන්ට කරගෙන ඉන්න ඉඩ දෙන එක තමා කල යුත්තෙ. මේ අදහස් extreme කියා ඉකොනොමැට්ටා කියාවි. ඒත් අවුරුදු දහස් ගණනක ශිෂ්ටාචාරයේ ආන්ඩු සහ මහ බැංකු මැදිහත් වීම් තියෙන්නෙ මේ අවුරුදු 100 විතරයි.එහෙම බැලුවා ම ආන්ඩු සහ මහ බැංකු මැදිහත් වීම් නෙමේ ද extreme.
ඇත්තට ම වෙලා තියෙන්නෙ නැව ඝානාවෙ බාරයට අරන් නෑ.
ReplyDeleteඩොලර් මිලියන 20ක් ගෙවනකම් තෙල් ගහන්නයි බෑ කියල තියෙන්නෙ.
https://www.npr.org/sections/money/2012/10/22/163384810/why-a-hedge-fund-seized-an-argentine-navy-ship-in-ghana
Delete2005 සහ 2010 අතර, ආර්ජන්ටිනාව එහි නොගෙවූ ණයවලින් සියයට 93 ක් කපා හැරියේය. බැඳුම්කර හිමියන් ඩොලරය මත ශත 30 ක් ලබා ගනිමින් විශාල පාඩු ලබා ගත්හ. නමුත් ඉතිරි සියයට 7 ණය අතැතිව සිටින්නන් තවමත් තමන්ට ලැබිය යුතු මුදල් ලබා ගැනීමට සටන් කරති.
අපි කරන්න ඕනෙත් මේක නෙමේ ද. පුලුවන් හැකි තරම් මග හැරලා හෝ අඩු කරගෙන අමාරුකාරයන්ගෙ ටික විතරක් ගෙවල ශේප් වෙන එක හොද නැද්ද. ආර්ජන්ටිනාව අර්බුදයක ඉන්නෙ ඕක කරපු නිසා නෙමේ. ඒක වෙන ප්‍රශ්නයක්. ආර්ජන්ටිනාව අර්බුදයක ඉන්නෙ නිදහස් වෙළදපල විරෝධි වාමාංශික ප්‍රතිපත්ති නිසා. ආර්ජන්ටිනාව ආර්ථික අර්බුදයයි ණය නොගෙවීමයි අතර සම්බන්ධයක් නෑ. ඕන්නම් සම්බන්ධයක් හදලා පෙන්නන්න පුලුවන්.
ඉකොනෝ ඇත්තටම ලංකාවේ මෙතෙක් ඉදිකර ඇති සියලුම අධිවේගී මාර්ගවල සමස්ත ණය බර පොලී සමගම රුපියල් බිලියන 800 ක් එනම් ඩොලර් බිලියන 2.5 ක් පමණ වන බව රජයේ නිල නිවේදන වල සඳහන් වන නමුත් වසරකට දැනට ලැබෙන ලාභය බිලියන 5 ක් පමණයි බවත් ඒ නිසා ඒ මුදල පියවීමට ලාභය මදි නිසා ලංකාවේ අධිවේගී මාර්ග විකිණීමට රජය තීරණය කර තිබෙන බවත් රජය පවසනවා. නමුත් අප ඉල්ලා සිටිය යුතුයි ණය මුදල ගෙඩිය පිටින්ම බිලියන 800යි කියල කියන්නෙ නැතුව වෙන් වෙන් වශයෙන් අධිවේග මාර්ගවල ලබාගත් ණය ප්‍රමාණයන්,ගෙවා ඇති ප්‍රමාණය, ඉතිරි මුදල,ඒ මාර්ගයේ ලාභය කීයද කියලා කිව්වනම් ජනතාවට පහසුවක් වේවි. මොකද මේ කියන 800 න් සැලකිය යුතු ප්‍රමාණයක් දැනටමත් ගෙවා අවසන් බව අප අමතක නොකල යුතුයි. ජනයා මුලාවට ලක්කොට මේවා රජයේ හිතවතුන් හරහා අනවශ්‍ය ලෙස පාඩුවට විකිණීමට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට උත්සාහ කළ යුතුයි පුරවැසියන් වශයෙන්
ReplyDeleteඅනෙක විදේශ රටවල නායකයන්ට බලපෑම් වලට බයේ ඒ රටවල නායකයන්ගේ හිතවතුන්ට ඔය ආයතන අඩුවට දෙන එක වෙනුවට ලංකාවේ පෞද්ගලික අංශයේ ආයතන වලට මේවායේ කළමණාකාරීත්වය පවරන්නට බැරි ඇයි? ලංකාවි හයිවේ වල ඉන්න ටෝල් වල පරිපාලන සාමාන්‍ය තනතුරුවල ඔක්කොම වගේ දේශපාලන පත්වීම්, පෝස්ටර් ගහල ආපු අය ගොඩක් ඉන්නෙ, ප්‍රයිවට් කරන එක හොදයි, හොරකම් පාලනය වෙලා ආයතන දියුනු වෙනව, කාර්‍යක්ශමව කරගෙන යන්න පුලුවන් වේවි, හයිවේවල බාගෙට බාගයක් ඉන්නෙ මයින්ද රාජපක්සල, ලක්ස්මන් කිරිඇල්ල, ජොන්ස්ටන්ලා දාපු අය, කිසිම තරග විභාගයක් නොතිය දීපු දේශපාලන පත්වීම් , මේ වගේ වරාය, දුම්රිය, තෙල් සංස්ථා වල ඉන්න අතිරික්ත සේවකයින් රටට බරක්, ජනතාබදු වලින් පඩි ගෙවන්නෙ, පාඩු ලබන ආයතන වෙලා, ඒ සේවකයින් වන්දි මුදලක් දීල හරි ඉවත් කරන්න ඕන, නැතුව පඩි, බෝනස් , මෙඩිකල් ගෙව ගෙව ඉන්න තියෙන්නෙ මහජන බදු සල්ලි වලින්, අර මීයා කියන ලංකාවේ ටෙලිනාට්‍යයේ ලස්සනට රාජ්‍ය සේවය ගැන පැහැදිලි කලා
ඒ වගේම රාජපක්ෂ රෙජීමය විවේචනය කරපු කාලේ අධිවේග මාර්ග රත්තරන් වලින්ද හදන්නේ කියලා අහලා බලයට ආපු කට්ටිය තමන්ගේ දුවගේ උපදේශන කොම්පැනියට කිලෝමීටරයට කෝටි අට ගානේ උපදේශනය බාර දුන්නා කියලත් මතකයි,ඒ උන්නැහැම නුවර අධිවේගී මාර්ගය හදන්න වෙන්කරපු මුදල මදි කියලා මංගල සමරවීරත් එක්ක එකතුවෙලා කුමන්ත්‍රණ කරලා අමතර බිලියන දෙසීයක් තව ගත්තා කියලත් මතකයි.ඒ උන්නැහැගේ අර දුවගේ උපදේශන කොම්පැනියට ඉඩම් වාහන ගේන්න දීපු බලපත්‍ර භාවිතා කරලා බෙන්ස් ජී වැගන් ලක්ෂරි වාහන ගෙනාව කියලත් මතකයි.
හැබැයි උන් ආයේ විපක්ෂට ගිහිල්ලා ආයි හොරු හොරු ගගා බයිලා කියවනවා.මේ මතක් කරේ අපි ලංකාවේ හිටපු කාලේ මීට අවුරුදු කීපයකට ඉස්සෙල්ලා මහා මාර්ග ඇමතියා වෙලා හිටපු හන්තානෙ ඉඩම් හොරා ගැන. දැන් ඉන්න එකත් එහෙම වෙන්න ඇති.
මේ ලගකදී සුද්දියක් මගෙන් ඇහුවා ඔයා ඉන්දියාවේ ද කියල (ගොඩක් වෙලාවට අපි ඉන්දීයන් කියලා මේහේ අය හිතන්නෙ) මම කිව්වා නෑ මම ලංකාවෙන් ආවේ කියලා. අයියෝ ඔච්චර හොඳ රටක් දාලා මෙහේ ආවේ ඇයි කියලා..ඔයා ගේ රට කොච්චර හොඳ රටක් ද කියලා, ඒ අස්සේ මම දන්න ඉන්දියන් උන් කියන්නෙත් පවුමක් උන්ගෙ රුපියල් 100ක් නිසා මෙහේ ඉන්නව කියල. පවුම 50ට බැස්සොත් ඉන්දියාවට ගිහින් ආතල් එකේ හිතේ හැටියට එහේම ඉන්නව කියල. අනේ මන්ද.