වෙබ් ලිපිනය:

Friday, April 12, 2024

ආසියානු සංවර්ධන බැංකුවෙන් අනතුරු ඇඟවීමක්!


ශ්‍රී ලංකාවේ ආර්ථිකය 2024 වසර තුළ 1.9%කිනුත්, 2025දී 2.5%කිනුත් වර්ධනය වනු ඇති බව ආසියානු සංවර්ධන බැංකුව විසින් පුරෝකථනය කර තිබෙනවා. මෙසේ ආර්ථිකය නැවත පණ ගසා නැගිටිනු ඇතැයි ඔවුන් සිතන්නේ දැනට සිදු කෙරෙන ප්‍රතිසංස්කරණ දිගටම සිදු වනු ඇතැයි යන උපකල්පනය මත බවද ඔවුන් සඳහන් කර තිබෙනවා.

කෙසේ වුවද, එළැඹෙන මැතිවරණ නිසා ඇති වී තිබෙන අවිනිශ්චිතතාවය, විශේෂයෙන්ම රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති මත හා අපේක්ෂිත ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය මත එමගින් සිදු විය හැකි බලපෑම, ආසියානු සංවර්ධන බැංකුව විසින් ලංකාව මේ මොහොතේ මුහුණ දෙන ලොකුම අවදානම ලෙස හඳුනා ගන්නවා.

"Risks to the outlook tend to the downside. Among them, the most important is uncertainty associated with the upcoming elections, including any possible impact on fiscal policy and reform implementation."

පසුගිය වසර අවසාන වන විට ශ්‍රී ලංකාව විසින් ගෙවිය යුතු වූ ඩොලර් මිලියන 37,334.5ක විදේශ ණය ප්‍රමාණයෙන් ඩොලර් මිලියන 6,231.1ක්ම ගෙවිය යුතු වූයේ ආසියානු සංවර්ධන බැංකුවටයි. ශ්‍රී ලංකාවේ ප්‍රධානම සංවර්ධන හවුල්කරු සේ සැලකිය හැකි ආසියානු සංවර්ධන බැංකුව විසින් තවමත් ලංකාවට දිගින් දිගටම ණය ලබා දෙනවා. එමෙන්ම ශ්‍රී ලංකාව විසින්ද දිගටම ආසියානු සංවර්ධන බැංකුවට ගෙවිය යුතු ණය වාරික හා පොලී මුදල් ගෙවනවා. 



7 comments:

  1. ඉකොනෝ ඔබේ පැහැදිලි කිරීම ගැන ස්තුතියි!

    නමුත් ලංකාවේ මහජනතාවගේ මෙන්ම පාලකයන්ගේත් සිතුම් පැතුම් වල මෙන්ම ආකල්පමය වශයෙන් ලොකු වෙනසක් ඇතිවිය යුතුයි.

    ලංකාවේ පහුගිය වසර හැත්ත හය තුල පෞද්ගලික ව්‍යාපාර ජනසතුවේදී රජයේ දේශපාලන සහ නිලධාරී පිරිස පටු විදිහට කල්පනා කලේ 'මේවා දැන් අපේ, අපිට ඕන විධියට මේවා කරගෙන යන්න පුලුවන් කියලා හිතුවා.' සැබෑ සමාජවාදී සංකල්ප අනුව හෝ සංවර්ධිත බටහිර යුරෝපීය සහ සාර්ථක ආසියාතික රටවල රජයන් වගේ රජයක් විදියට ජනතාව එකතු කරගෙන මහජනයා දැනුවත් කරලා කැපවෙලා මේවා දියුණු කරගන්න ඕනා කියලා හිතුවේ නැහැ ජනසතු කරලා රජයේ භාරයට පත්කර ගත්තට පසුව.

    ඊට පසුව පාඩු නිසා ඒ ඇතැම් රාජ්‍ය ව්‍යවසාය විශාල ප්‍රමාණයක් පෞද්ගලීකරණය කරාට පසුවත් ඒවා මිලදී ගත් අය බහුතරය, ඉතාම නොවටිනා ගණනකට රජයේ හිතවතුන් රජයේ දේශපාලන සහාය ලබාගෙන රාජ්‍ය බැංකුවලින් බිලියන ගණනින් ණය අරගෙන ඒවා අරගෙන ව්‍යාපාර වසා දමා යන්ත්‍ර සූත්‍ර පරණ යකඩවලට විකුණලා ඉඩම් ද කට්ටි කර විකුණා අධික ලාභ උපයල ඒවා විනාශ කිරීමට ක්‍රියා කළා, නිදහස් වෙළදපොල ක්‍රමය යටතේ නවීන තාක්ෂණය සහ ආයෝජන කරලා ඒ පෞද්ගලීකරණය කරපු ව්‍යාපාර දහසකින් විතර හරියට ක්‍රියාත්මක කළේ ඉතාමත්ම සුළු ප්‍රමාණයක්, අතේ ඇඟිලි ගානට පමණයි

    ඒ වගේම තමයි ජේ ආර් ගේ විවෘත ආර්ථික ක්‍රමය - මාග්‍රට් තැචර්ට අවශ්‍ය වූ ආර්ථික පර්යේෂණයක් වෙනුවෙන් ඉන්දියාවටත් පෙර මේ ක්‍රමය ලංකාවේ පටන් ගත්තත්, ලංකාවේ පාලකයෝවත්, වගකිවයුත්තෝවත්, ජනතාවවත් එම නිදහස් වෙළදපොල ක්‍රමය රටේ අභිවෘද්ධිය පිණිස කිසිම අවබෝධයකින් කටයුතු කලේ නැහැ.

    කොහොමහරි නිදහස ලබන කොට ඒක පුද්ගල ආදායම ආසියාවේ ජපානයට පමණක් දෙවනුව හිටිය බවට පැවසෙන ලංකාව, රටේ කිසි දැක්මක් නැති දූෂිත පාලකයෝ සහ එබඳුම බහුතර ජනතාව අද බංකොලොත් රාජ්‍යයක් වෙලා කියලායි පොදු මතය තියෙන්නේ රටේ, ජනගහනයෙන් ලක්ෂ 60 - 70 කට වැඩි පිරිසක් අන්ත දුක් විඳිනවා. ඉකොනෝ වගේ විදේශගත උගත් අය පවා රනිල් වගේ දූෂිත පාලකයන්ට කත් අදිනවා.

    මේ පහළ FB පෝස්ට් එකේ ලංකාවේ ජනතාවගේ පොදු මතය තියෙනවා, කමෙන්ට් වල ටිකක් දැන උගත් අයගේ මතය දැකගත හැකි වෙයි

    https://www.facebook.com/100086431390385/posts/pfbid027kxzJS4cvtmzXQ6JEswqPXyUKJt857qsnNEX11hr8rSq2FGcHf1iwb1UGCyXyoknl/?app=fbl

    ReplyDelete
  2. ආව් ආව්.. චන්දෙ තියන්නත් එපාලු සන්වර්දනේ කරගෙන යන්න බැරිවෙයි කියල.

    ReplyDelete
  3. එහෙනම් ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් මගින් නැවතත් බලයේ සිටින පොහොට්ටුවන් හා රනිල් ඇතුළු පිරිසම නැවතත් බලයට පත් කිරීමට කටයුතු කරයි වගේ....

    ReplyDelete
  4. 1950දි ඩොලර් 311 තිබුනද ලන්කාවෙ ඒකපුද්ගල ආදායම?
    එහෙම බැලුවොත් ලන්කාවෙ දිගුකාලීන වර්දනය මයිනස් නේද?

    ReplyDelete
    Replies
    1. නෑ මතක විදිහට ඩොලර් 138 වැනි ගණනක්. නියම ගණන පෙර ලිපියක ඇති. 1960දී ඩොලර් 144යි. 1978 වන විටත් ඒක පුද්ගල ආදායම ඩොලර් 189යි. ඒක පුද්ගල ආදායම වේගයෙන් වැඩි වුනේ ඉන් පසු කාලයේදී.

      Delete
    2. මටත් මතකයි පෙර ලිපියක් තිබුන. හොයාගන්න බෑ. පුලුවන්නම් ලින්ක් එක දාන්න

      Delete
  5. රට්ටු වැඩි දෙනෙකුටම කවදත් ඕනේ
    රජයෙන් හැකි තරම් දේවල් දීමෙ බණේ
    ටකරං, හාල් බෙදුවත් ඡන්දය දෙන්නේ
    ඒකත් අපේ සල්ලිම බව නැහැ දන්නේ!

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: