ලංකාවේ සහල් වෙළඳපොළේ ඉල්ලුම හා සැපයුම පිළිබඳ වැදගත් මූලික නිරීක්ෂණ කිහිපයක් පසුගිය ලිපියක තිබෙනවා. සාමාන්‍ය වසරකදීනම් රටේ මුළු සහල් අවශ්‍යතාවයම මෙන් දේශීය වශයෙන් සැපිරෙනවා. එවැනි වසරකදී වුවද, විශේෂ සහල් වර්ග රටට ආනයනය කෙරෙන නමුත් එසේ ආනයනය කෙරෙන්නේ දේශීය සහල් වර්ග සඳහා ආදේශක සේ නොසැලකිය හැකි මිල අධික සහල් වර්ගයි.
වෙළඳපොලේ සහල් වර්ග ගණනාවක් තිබෙනවා. එම සහල් වර්ග විවිධ මිල ගණන් වලට විකිණෙනවා. පාරිභෝගිකයින් විසින් එම සහල් වර්ග අතරින් තෝරා ගැනීමක් කරනවා. එහිදී ඔවුන් සාධක දෙකක් සලකා බලනවා. පළමුවැන්න විවිධ සහල් වර්ග සඳහා ඔවුන්ගේ රුචිකත්වයයි. දෙවැන්න විවිධ සහල් වර්ග වල මිලයි.
පාරිභෝගිකයෙකුගේ සහල් රුචිකත්ව අනුපිළිවෙළ අනන්‍ය එකක්. දකුණේ බොහෝ දෙනෙකුගේ පළමු තේරීම රතු කැකුළු සහල් වෙද්දී, යාපනයේ ප්‍රමුඛ තේරීම රතු නාඩු සහලයි. බදුල්ලේ වැඩි කැමැත්ත සුදු කැකුළු වලට වෙද්දී කොළඹ පළමු මනාපය සම්බා සහලයි. එහෙත් රටේම වැඩිපුරම විකිණෙන්නේ සුදු නාඩු සහලයි.
සහල් මිල දී ගැනීම සඳහා වෙළඳසැලකට යන පාරිභෝගිකයෙකු විසින් මුලින්ම සොයන්නේ තමන් වැඩියෙන්ම කැමති සහලයි. එහෙත් එයින් අදහස් වන්නේ අනිවාර්යයෙන්ම එම සහල මිල දී ගන්නා බව නෙමෙයි. මිල දී ගැනීමේ තීරණයට සහල් වර්ග වල සාපේක්ෂ මිල ගණන්ද බලපානවා. තමන් වඩාත්ම කැමති සහල මිල අඩුම සහලනම් වෙනත් සහලක් තෝරා ගැනීමට කිසිම හේතුවක් නැහැ. නමුත් තමන් වඩාත්ම කැමති සහල මිල අඩුම සහල නොවේනම් මිල සහ රුචිකත්ව අනු පිළිවෙළ අතර තේරීමක් කරන්නට පාරිභෝගිකයෙකුට සිදු වෙනවා.
උදාහරණයක් ලෙස රුචිකත්ව අනු පිළිවෙළ සහ වෙළඳපොළ මිල පහත පරිදියැයි සිතමු.
1. රතු කැකුළු - රුපියල් 240
2. රතු කැකුළු සම්බා - රුපියල් 250
3. සුදු කැකුළු - රුපියල් 230
4. සුදු කැකුළු සම්බා - රුපියල් 240
5. සුදු නාඩු - රුපියල් 230
දැන් මේ පාරිභෝගිකයාට රතු කැකුළු සම්බා මිල දී ගැනීමට කිසිදු තර්කානුකුල හේතුවක් නැහැ. ඊට වඩා අඩු මිලකට වඩා කැමති සහල් වර්ගයක් මිල දී ගත හැකියි. එමෙන්ම, සුදු කැකුළු සම්බා හෝ සුදු නාඩු මිල දී ගැනීමටද හේතුවක් නැහැ. ඊට හේතුව එකම මිලට ඊට වඩා කැමති සහල් වර්ගයක් වෙළඳපොළේ තිබීමයි. නමුත්, රතු කැකුළු සහ සුදු කැකුළු අතරින් තේරීමක් කිරීම ඒ තරම්ම පහසු නැහැ.
රතු කැකුළු වඩාත්ම කැමති සහල වුවත්, අඩුවෙන් කැමති සුදු කැකුළු වල මිල රුපියල් දහයක් අඩුයි. ඒ නිසා, කළ යුත්තේ රුපියල් දහයක් වැඩියෙන් ගෙවා වඩා කැමති සහල මිල දී ගැනීමද එසේ නැත්නම් අඩු මිලකට අඩු කැමැත්තක් තිබෙන සහල් වර්ගය මිල දී ගැනීමද?
මෙය තීරණය වන්නේ සුදු කැකුළු වලට සාපේක්ෂව රතු කැකුළු වලට තිබෙන කැමැත්ත කෙතරම් ප්‍රබලද යන්න මතයි. එම කැමැත්ත ඉතා ප්‍රබලනම් පාරිභෝගිකයෙකු විසින් සැලකිය යුතු වැඩි මිලක් ගෙවන්නට පෙළඹෙනවා. නමුත් එය තරමක් වැඩි කැමැත්තක්නම්, මිල වෙනස සැලකිල්ලට ගෙන සුදු කැකුළු මිල දී ගන්නවා. ඒ නිසා, වෙළඳපොළ හැසිරීම් දෙස බලා අපට විවිධ සහල් වර්ග සඳහා තිබෙන පාරිභෝගික කැමැත්ත ගැන නිශ්චිතවම කියන්න බැහැ, නමුත් අදහසක් ගන්න පුළුවන්.
මිල අඩුනම් හෝ මිල වැඩි වුවත් මිල පරතරය අඩුනම් පාරිභෝගිකයෙකු විසින් තමන්ගේ පළමු කැමැත්ත තෝරා ගන්නවා. එහෙත් මිල පරතරය ඉහළ යද්දී දෙවන හෝ තෙවන කැමැත්ත තෝරා ගැනීමට පෙළඹෙනවා. මෙය සාමාන්‍ය පාරිභෝගික හැසිරීමයි. ඒ අනුව, එක් එක් වර්ගයෙන් විකිණෙන සහල් ප්‍රමාණය තීරණය වෙනවා.
සාමාන්‍ය වසරකදීනම් ඉහත සහල් ප්‍රමාණය වෙළඳපොළට පැමිණෙන්නේ රට ඇතුළෙන්මයි. ආනයන සිදු වන්නේ ඉතා අඩුවෙන්. සහල් පරිභෝජනය වගේම සහල් සැපයුමද සමජාතීය නැහැ. සහල් සැපයුමේ සංයුතිය තීරණය වන්නේ කෙසේද?
සහල් නිපදවන්නන් එසේ කරන්නේ තමන්ට උපරිම ලාබයක් ලැබෙන පරිදියි. කැකුළු සහල් නිපදවීම වැනි වෙනස්කම් සිදු වන්නේ පසු-අස්වනු අදියරකදී වුවත් සහල් සැපයුමේ විවිධත්වය පටන් ගන්නේ වී වගා කරන අවස්ථාවේදීමයි. වී ගොවියෙකු විසින් වගා කරන වී වර්ගය තෝරා ගන්නේ කොහොමද?
මේ සඳහා කරුණු ගණනාවක් බලපානවා. අදාළ ප්‍රදේශයේ කාලගුණ තත්ත්වය, පසේ ස්වභාවය ආදිය අනුව වෙනස් වන අපේක්ෂිත අස්වැන්න සහ විකිණිය හැකි මිල ඒ අතරින් ප්‍රධානයි. අස්වැන්න අඩු, මිලද අඩු වී වර්ගයක් වගා කිරීම සඳහා තෝරා ගැනීමට කිසිම හේතුවක් නැහැ. එහෙත් අස්වනු අඩු මිල වැඩි සහල් වර්ගයක් සහ අස්වනු වැඩි මිල අඩු සහල් වර්ග දෙකක් අතර තේරීමක් තිබෙනවා. වෙළඳපොළ මිල වෙනස අනුව මේ තේරීමද වෙනස් වෙනවා.
මේ අනුව පෙනී යන්නේ සහල් ඉල්ලුමේ සංයුතිය මෙන්ම සහල් (වී) සැපයුමේ සංයුතිය කෙරෙහිද එක් එක් සහල් වර්ගය අලෙවි වන මිල බලපාන බවයි. කිසියම් සහල් වර්ගයක මිල අනෙක් සහල් වර්ග වලට සාපේක්ෂව ඉහළ යද්දී එම සහල් වර්ගය සඳහා ඉල්ලුම අඩු වෙනවා. ඊට හේතුව කිසියම් පිරිසක් එම සහල් වර්ගය අතහැර තමන්ගේ දෙවන තේරීම වෙත යාමයි. නමුත් එසේ වෙද්දී කිසියම් වී ගොවීන් පිරිසක්ද මිල අඩු සහල් වර්ගය හදන වී වර්ගය අත හැර මිල වැඩි සහල් වර්ගය හදන වී නිපදවන්නට පෙළඹෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස මිල අඩු සහල් වර්ගයේ සැපයුම අඩු වී මිල වැඩි සහල් වර්ගයේ සැපයුම ඉහළ යනවා. ඒ හේතුවෙන් මිල පරතරය අඩු වෙනවා.
ලංකාවේ ජනප්‍රිය සහල් වර්ග සඳහා තිබෙන රුචිකත්වයන් කාලයත් සමඟ ඉතා ඉක්මණින් වෙනස් වෙන්නේ නැහැ. දකුණේ රතු කැකුළු කා හැදුනු පවුලක අයෙකු මහනුවරට ගොස් පදිංචි වුනත් රතු කැකුළු රුචිකත්වය වහාම නැති වෙන්නේ නැහැ. ඒ නිසා, රටේ සහල් ඉල්ලුමේ සංයුතිය බොහෝ දුරට පොදු දැනුමක්. මේ පොදු දැනුම මත පදනම්ව සැපයුම කාලයක් තිස්සේ සකස් වී තිබෙනවා. ඒ නිසාම, විවිධ සහල් වර්ග වල මිල ගණන් අතර වෙනස්කම් ඒ තරම්ම විශාල නැහැ.
දෙදහස් විසි තුන (2023) වසරේදී සහල් ආනයන ලංකාවේ සහල් පරිභෝජනයෙන් 1%කටත් වඩා අඩුයි. එම වසර සාමාන්‍ය වසරක්. 2023 ජනවාරි තෙවන සතියේදී විවිධ සහල් වර්ග වල සිල්ලර මිල ගණන් පැවතුණේ පහත පරිදියි.
දේශීය සහල් වර්ග:
රතු කැකුළු - රුපියල් 215.00
සුදු කැකුළු - රුපියල් 211.67
රතු නාඩු - රුපියල් 233.82
සුදු නාඩු - රුපියල් 215.68
සම්බා - රුපියල් 233.88
ආනයනික සහල් වර්ග:
රතු කැකුළු - නැත
සුදු කැකුළු - රුපියල් 190.71
රතු නාඩු - නැත
සුදු නාඩු - රුපියල් 200.43
සම්බා - රුපියල් 222.67
මේ ඇසුරෙන් අපට නිරීක්ෂණ කිහිපයක් කළ හැකියි. පළමුව, රතු කැකුළු සහ රතු නාඩු සඳහා වෙළඳපොළේ ආනයනික ආදේශක තිබී නැති බවයි. දෙවැන්න, ආනයනික සහල් දේශීය සහල් වලට වඩා අඩු මිලකට වෙළඳපොළේ විකිණී ඇති බවයි. තෙවැන්න, විවිධ දේශීය සහල් වර්ග අතර මිල පරතරය ඒ තරම්ම විශාල නැති බවයි.
ආනයනික සහල් වර්ග අඩු මිලකට විකිණෙන්නේ ඉන්දියාව වැනි ඇතැම් රට වල එම සහල් වර්ග වල මිල අඩු නිසා. මෙසේ රුපියල් 10-20 අතර අඩු මිලකට ආනයනික සහල් විකිණෙන්නේ රජය විසින් බද්දක් අය කිරීමෙන්ද පසුවයි. එහෙත්, ඒ සමඟම නිරීක්ෂණය කළ යුත්තේ රතු සහල් වර්ග ඒ අයුරින් ආනයනය නොකෙරෙන බවයි. ඊට හේතුව එම සහල් වර්ග ආනයනය කර ලංකාවේ වෙළඳපොළ මිලට විකිණීය නොහැකි වීමයි.
ආනයනික සහල් වර්ග රුපියල් 10-20 පමණ මිල අඩු වුවද දේශීය සහල් වෙළඳපොළේ විකිණුනේ දේශීය සහල් වර්ග සඳහා වන ඇබ්බැහිය එවැනි මිල වෙනසක පාඩුවට වඩා ප්‍රබල නිසයි. මේ අවස්ථාවේදී (2023 ජනවාරි) බදු අඩු කර ආනයනික සහල් මීටත් වඩා අඩු මිලකට විකිණෙන්නට හැරියේනම්, දේශීය සහල් විකුණා ගැනීම අසීරු වී මිල අඩු කරන්නට සිදු වෙනවා. එසේ වීනම්, එය ඊළඟ වර්ෂයේ වී නිෂ්පාදනය කෙරෙහි අහිතකර ලෙස බලපානවා. නමුත්, රුපියල් 10-20 අතර මිල වෙනසක් එවැනි හානියකට තුඩු දුන්නේ නැහැ. එම මිල වෙනස තිබියදීද රටේ නිපදවනු ලැබූ සහල් ටික ප්‍රශ්නයක් නැතිව වීකිණුනා.
මීට සාපේක්ෂව 2022 වර්ෂය සහල් සැපයුම හා අදාළව සාමාන්‍ය වර්ෂයක් නෙමෙයි. එම වර්ෂයේදී රට තුළ නිපදවුනේ රටේ සහල් අවශ්‍යතාවයෙන් 75.8%ක් පමණයි. අඩුව පිරවීම සඳහා සහල් ආනයනය කෙරුණා. 2022 ජනවාරි තෙවන සතියේදී පැවති මිල ගණන් මෙසේයි.
දේශීය සහල් වර්ග:
රතු කැකුළු - රුපියල් 165.83
සුදු කැකුළු - රුපියල් 163.05
රතු නාඩු - රුපියල් 158.46
සුදු නාඩු - රුපියල් 162.58
සම්බා - රුපියල් 173.93
ආනයනික සහල් වර්ග:
රතු කැකුළු - නැත
සුදු කැකුළු - රුපියල් 131.28
රතු නාඩු - නැත
සුදු නාඩු - රුපියල් 137.71
සම්බා - රුපියල් 139.31
මේ අනුව අපට පෙනෙන පළමු කරුණ විවිධ දේශීය සහල් වර්ග වල මිල ගණන් අතර ලොකු වෙනසක් නැති බවයි. එහෙත් ආනයනික සහල් වර්ග විකිණී තිබෙන්නේ රුපියල් 25-35 අතර අඩු මිලකටයි. ආනයනික සහල් එපමණ අඩු මිලකට විකිණෙද්දී දේශීය සහල් මිල අඩු නොවුනේ ඇයි?
මීට හේතුව තමන් කැමති හාල් වර්ගයට තිබෙන ඇබ්බැහිය සහ ඒ ඇබ්බැහිය වෙනුවෙන් වැඩි මිලක් ගෙවන්නට මිනිසුන්ගේ තිබෙන කැමැත්තයි. පෙර කී පරිදි, 2022 රටේ සහල් සැපයුම 25%කින් අඩු වූ වසරක්. මෙම අඩුවීම රතු කැකුළු කෙරෙහි අනුපාතිකව බලපෑවේයයි සිතමු. එසේනම් එහි ප්‍රතිඵලය වන්නේ සාමාන්‍යයෙන් රතු කැකුළු කන හතර දෙනෙකුගෙන් එක් අයෙකුට රතු කැකුළු කන්නට නොලැබෙන බවයි. වෙළඳපොළ මිල කීයක් වුවත් මෙහි වෙනසක් නැහැ.
රතු කැකුළු සැපයුම සීමිතයි. රතු කැකුළු වලට කැමති පිරිස වඩා වැඩියි. දැන් ඔවුන්ට රටේ තිබෙන සීමිත රතු කැකුළු ප්‍රමාණය සදහා තරඟ කරන්නට සිදු වෙනවා. රතු කැකුළු මිල වැඩි වන තරමට කලින් රතු කැකුළු කෑ යම් පිරිසක් අඩුවට තිබෙන වෙනත් හාල් වර්ගයකට මාරු වෙනවා. මිල යම් මට්ටමක් දක්වා ඉහළ යාමෙන් පසුව රතු කැකුළු වෙළඳපොළේ තිබුණත්, පාරිභෝගිකයින්ගෙන් 25%ක් වෙනත් හාල් වර්ගයක් මිල දී ගැනීමට පෙළඹෙනවා. එය ඔවුන්ගේ දෙවන හෝ තෙවන තේරීම වෙන්න පුළුවන්. කෙසේ වුවත් යම් පිරිසක් රතු කැකුළු ඉල්ලන එක නැවතුනු විට, රතු කැකුළු ඉල්ලුම හා සැපයුම සමතුලිත වෙනවා. ඒ නිසා, වෙළඳපොළේ රතු කැකුළු හිඟයක් ඇති වෙන්නේ නැහැ. මිල ගෙවන්නට කැමති අයට රතු කැකුළු අඩු නැතිව තිබෙනවා.
රතු කැකුළු වලට වගේම ආනයනික ආදේශක නොමැති රතු නාඩු වලටත් වෙන්නේ ඔය දේමයි. යම් මට්ටමකට මිල වැඩි වූ පසු, ඉල්ලුම 25%කින් අඩු වෙනවා. ඒ අයට ප්‍රමාණවත් සැපයුමක් රටේ තිබෙනවා.
මේ විදිහට මිල වැඩි වීම නිසා රතු කැකුළු හෝ රතු නාඩු අත හැර දෙවන තේරීම සොයන අය ඉන් පසු හොයන්නේ සුදු කැකුළු, සුදු නාඩු හෝ සම්බා වැනි වෙනත් දේශීය සහලක්. එහෙත්, ඒ සහල් වලද සැපයුම 25%කින් අඩු වෙලා. ඒ වගේම දැන් අමතර ඉල්ලුමකුත් ඇති වෙලා. මෙහි ප්‍රතිඵලය ඒ සහල් වර්ග වල මිලද ඉහළ යාමයි.
රතු සහල් වර්ග වලට කැමති ප්‍රමාණය 30%ක් සහ ඉතිරි පිරිස 70%ක් යැයි සිතමු. දැන් රතු සහල් සැපයුම 22.5%ක් සහ අනෙක් දේශීය සහල් වර්ග සැපයුම 52.5%ක්. රතු සහල් පාරිභෝගිකයින් 7.5%ක් එකතු වූ විට අනෙක් සහල් සඳහා ඉල්ලුම 77.5% දක්වා ඉහළ යනවා. වෙළඳපොල සමතුලිත වීමටනම්, එම ප්‍රමාණය 52.5% දක්වා අඩු විය යුතුයි. ඒ කියන්නේ 25%ක් දේශීය සහල් අතහැර ආනයනික සහල් ඉල්ලා සිටිය යුතුයි. එය සිදු වන තුරු ආනයනික සහල් සහ දේශීය සහල් අතර මිල පරතරය වැඩි විය යුතුයි. 2022දී එම පරතරය රුපියල් 25-35 දක්වා ඉහළ ගොස් තිබෙන්නේත්, 2023දී රුපියල් 10-20 මට්ටමේ තිබෙන්නේත් 2022දී දේශීය සහල් ඉල්ලුම හා සැපයුම අතර සැලකිය යුතු පරතරයක් තිබීම සහ 2023දී එවැනි තත්ත්වයක් නොතිබීම නිසායි.
මිල පාලනය කිරීමේදී මෙන්ම බදු හා කෝටා හරහා වෙළඳපොළට මැදිහත්වීමේදීද වෙළඳපොළ විකෘතියක් සිදු වෙනවා. නමුත් මේ විකෘති වීම් වල බලපෑම් සමාන නැහැ. ආනයන බදු හා ආනයන කෝටා දැමීමෙන් පසුවද වෙළඳපොළ මිල සංඥාව නැති වී යන්නේ නැහැ. ඒ නිසා ඉල්ලුම හා සැපයුම සමතුලිත වෙනවා. බඩු හිඟ වෙන්නේ නැහැ. කළු කඩ ඇති වෙන්නේ නැහැ. නමුත් මිල පාලනය කළ විට මිල සංඥාව සම්පූර්ණයෙන්ම නැතිව යනවා. ඒ නිසා, ඉල්ලුම හා සැපයුම සමතුලිත වෙන්නේ නැහැ. බඩු හිඟ වෙනවා. කළුකඩ හැදෙනවා. දැන් සහල් වෙළඳපොළ ඇති වී තිබෙන්නේ එවැනි තත්ත්වයක්.
පහත තිබෙන්නේ 2025 ජනවාරි තෙවන සතියේදී පැවති තත්ත්වයයි.
දේශීය සහල් වර්ග:
රතු කැකුළු - රුපියල් 310.00
සුදු කැකුළු - රුපියල් 244.00
රතු නාඩු - රුපියල් 260.00
සුදු නාඩු - රුපියල් 238.33
සම්බා - රුපියල් 248.33
ආනයනික සහල් වර්ග:
රතු කැකුළු - නැත
සුදු කැකුළු - රුපියල් 223.33
රතු නාඩු - නැත
සුදු නාඩු - රුපියල් 226.67
සම්බා - රුපියල් 246.50
රතු කැකුළු සහල් සඳහා අඩු මිල ආනයනික ආදේශක නැහැ. අනුර කුමාර දිසානායකට අනුව රතු කැකුළු සහල් කිලෝවක් ආනයනය කිරීම සඳහා රුපියල් 380ක් වැය වෙනවා. හරියටම ගණන කීයක් වුවත් මේ කියන කතාව ඇත්ත. සුදු නාඩු සහල් අඩුවට ආනයනය කළ හැකි වුනත්, රතු කැකුළු අඩු මිලට ආනයනය කරන්න බැහැ. නමුත් මිල පාලනයක් නොතිබුනානම් මෙය ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. 2022දී රටේ හාල් හිඟයක් ඇති නොවුනේ ඒ නිසා.
මිල පාලනයක් නොතිබුණේනම්, රතු කැකුළු කන පිරිසක් රතු කැකුළු මිල දෙස බලා සුදු කැකුළු වලට මාරු වෙනවා. එවිට සුදු කැකුළු මිල ඉහළ ගොස් සුදු කැකුළු කෑ පිරිසක් අඩු මිලට තිබෙන ආනයනික සහල් වලට මාරු වෙනවා. වෙළඳපොළේ තව දුරටස් සෑම වර්ගයකම සහල් තියෙනවා.
මිල පාලනය නිසා ආනයනික සහල් රටට පැමිණියත් මේ ආදේශනය වුනේ නැහැ. රතු කැකුළු සාමාන්‍ය මිලටම විකිණුනා. ඒ නිසා, රතු කැකුළු වලට කැමති අය තව දුරටත් රතු කැකුළුම මිල දී ගත්තා. රතු කැකුළු වේගයෙන් ඉවර වුනා. ඉතිරි වී තිබෙන රතු කැකුළු සඳහා විශාල තරඟයක් තිබෙනවා. වැඩිම මිලක් ගෙවන්න කැමති අය රතු කැකුළු මිල දී ගන්නවා. හරි පාරෙන් බැරිනම් කළු කඩෙන් ගන්නවා.
වෙළඳපොළේ රතු කැකුළු නැති නිසා රතු කැකුළු අහිමි වන අය තමන්ගේ දෙවන කැමැත්ත හොයනවා. ඒ නිසා, වෙනත් දේශීය හාල් වර්ග වල ඉල්ලුමද ඉහළ ගොස් තිබෙනවා. මිල පාලනය නිසා ඒ ඉල්ලුම අඩු වීමේ යාන්ත්‍රණයද ක්‍රියාත්මක වුනේ නැහැ. ඒ නිසා, අනෙකුත් සහල් වර්ගද හිඟ වී තිබෙනවා.
මුදල් හම්බ කරමු. ගොඩ yamu
ReplyDeleteඉකොනෝ
ReplyDeleteහාල් වලින් ඇති වැඩක් නෑ
මෙන්න මේ ප්‍රධාන මාධ්‍යයක යන නිව්ස් එකේ තියෙනවා ජනාධිපති සහෝදරයා අනිවාර්යයෙන්ම මැදමුලනේ මහ මයිනව ගෙදරින් එලියට දාන බව තහවුරු කරන නිව්ස් එකක්
https://www.facebook.com/share/161Bu53PYh/
මේක බලලා ඉක්මනින්ම මයිනව එලවන්න මේකේ කමෙන්ට් එකක් දාලා ලයික් කරලා ෂෙයාර් කරලා උපරිම සහයෝගය දෙන්න. මේ වෙලාවේ රජය කරන්න ඕන කළයුතු ලොකුම දෙය මයිනාව ගෙදරින් එළියට ඇද දමන එකයි, ඔය හාල් ප්‍රශ්න පොල් ප්‍රශ්න පස්සේ විසඳගන්න පුළුවන් ඉස්සර වෙලා කේන්ද්‍රීය ප්‍රශ්න වලින් ප්‍රධානතම ප්‍රශ්නය වන මුගේ මේ කුලී ගෙදර ප්‍රශ්නය විසඳන්න ඕන. ඒකට සහයෝගය දෙන්න ඉස්සර වෙලාම.
හාල් මිල සම්බන්ධව නම් ආණ්ඩුව පැත්තෙන් කරන්න තියෙන ලොකුම වැඩේ තමයි මුකුත් නොකර පැත්තකට වෙලා බලාගෙන ඉන්න එක, වෙලාවට මාලිමා ආණ්ඩුවේ ඉන්න හැමෝම වගේ කයිය ගැහුවට වැඩ කරන්න බැරි අය නිසා ඒ වැඩේ එහෙමම වෙනවා. එතකොට වෙලාවට වෙළඳපොල ක්‍රමය මගින් ඒ ප්‍රශ්නය හිමිහිට විසඳනවා. නන්දසේන ඕකට ඇඟිලි ගහලා වැඩේට බැහැලා හමුදාව දාල සිස්ටම් එක වෙනස් කරන්න උත්සාහ කරපු එකෙන් තමයි වැඩේ අල වෙලා මෑන්ටත් කෙළවුණේ, ඒත් වාසනාවට වගේ මාලිමාවේ අයට වැඩ බැරි නිසා මොනවා හරි බොරුවට කයිය ගගහා ඉඳලා ටයිම් පාස් කරලා ඉබේටම ඒ ප්‍රශ්නය තව ටික කලකින් විසඳෙයි. ඒ වගේ වෙළඳපොල ක්‍රමය මගින් විසඳෙන ප්‍රශ්න වලට නම් අවුලක් නෑ.
ReplyDeleteඑහෙම නැති ඒවට තමයි ඇත්තටම ප්‍රශ්නය වෙන්නේ. බලන්න ජාතික ප්‍රවාහන ප්‍රතිපත්ති වැඩේ? ඒක නම් පුතෝ සම්පූර්ණයෙන්ම අනාගෙන ජටා බහි ජටා අන්තෝ ජටා.
IMF කොන්දේසිවල හැටියට ලංකාවට වාහන ආනයන තහනම ඉවත්කරන්න වෙනවා තමයි ඒත් ඊට කලින් හෝ අඩුම තරමේ දැන්වත්
මූලික විය යුතු පොදු ප්‍රවාහනයයි.
2024 ජනපතිවරණයට කලින් ජාතික ජන බලවේගය පොහොසත් රටක් ප්‍රතිපත්ති ප්‍රකාශයේ අනිවාර්යයෙන්ම කරනවා කියපු 70% ජනතාව පොදු ප්‍රවාහනයට ගන්න නම් පුද්ගලික වාහන භාවිතය දැඩිලෙස අධෛර්යමත් කළ යුතුයි. ඒ වගේම ආනයන තහනමට වඩා බදු මගින් විවෘතව පාලනය කිරීම වැඩිය හොඳයි.
ඒත් මාලිමාවේ තකතීරු උපදේශක බකපඬියෝ ලෝකයේ කොහේවත් නැති විදිහට විදුලි වාහනවලට ඒ ක්ලාස් එකේම පොසිල ඉන්ධන වාහනවලට වඩා වැඩි බදු දාපු එක ලෝකේ කොහෙන් ආපු මොන තකතීරු ප්‍රතිපත්තියක්ද දන්නෑ.
අනෙක ලංකාව ගෝලීයව එකඟ වෙලා තියෙන ජාත්‍යන්තර සම්මුතිවලට, Sustainable Development Goals, Nationally Determined Contributions වගේ සම්මුතීන්ට අනුව රජයේ ප්‍රතිපත්ති හරහා ප්‍රවර්ධනය කළ යුත්තේ වඩාත් පරිසර හිතකාමී විදුලි වාහන මිසක් පරිසරයට හානිකර පොසිල ඉන්ධන ආනයනය සහ දහනය කිරීම නෙමෙයි.
මාලිමා ආණ්ඩුවේ නව ප්‍රතිපත්තියේ බදු ක්‍රම අනුව පෙට්‍රල් Toyota Corolla Axio ආනයන බද්ද රු.මි. 8.2 නමුත් ඒ ක්ලාස් එකේම Nissan Leaf එකට බදු රු.මි. 8.5 හයිබ්‍රිඩ් Honda Vezel එකට මි. 9 ක් සහ Nissan X-Trail බදු මි. 12 වෙද්දි සමාන ප්‍රමාණයේ Nissan Ariya EV එකට ආනයන බද්ද රු. මි. 15 ක්???
මේවා හරිම පුදුමාකාරයි, දැනටමත් ඉන්දීය බලපෑම සමග නාගරික වායු දූෂණය, ඉන්ධන දහනයෙන් පරිසර උෂ්ණත්වය ඉහලයාම, අධික ඉන්ධන ආනයන වියදම වගේ දේවල් රටේ ආර්ථිකයට මිනිසුන්ගේ සෞඛ්‍යයට විශාල බලපෑමක් එල්ල කරද්දි මේ වගේ ගොබ්බ තකතීරු තීරණ මාලිමා රජයේ මෝඩකම ගැන ප්‍රශ්න කරනවා.
දැන් මේකට ඇතැම් ඉන්ධන සමාගම් සහ චීන විරෝධීන් පට්ට ගහන බංකොලොත් තර්ක වන විදුලි වාහන නිෂ්පාදනය පරිසර හිතකාමී නෑ, ආරෝපණය කරන්නේ ඉන්ධන දවලා නිපදවන විදුලියෙන් වගේ මාන්දමික මෝඩ බොරු තර්ක ගේන අය විකාර නොකියා ඇත්තටම හොයලා බලන්න. ඉන්ධන මාෆියාවේ ඉන්න අය ඒ තත්ත්වයට වැටුනාට රටක රජයක් ඒ මුලාවේ වැටී සිටීම ලොකු ප්‍රශ්නයක්.
ජනාධිපති අනුර මීඩියා වලට කියන විදිහට පෞද්ගලික වාහන භාවිතය අධෛර්යමත් කළ යුතු නමුත් එයාට හෝ මේ ප්‍රතිපත්ති හදන නිලධාරීන්ට දරුණු විදියට වැරදුනු තැනක් තියෙනවා. විදුලි වාහන වලට විශේෂයක් අවශ්‍ය නෑ, නමුත් හැමෝටම එක හැන්දෙන් බෙදිය යුතුයි. මේ කරල තියෙන විකාරයේ තේරුම නම් කාටවත් හිතාගන්න බෑ.
ආණ්ඩුව තීරණ අරගෙන තියෙන්නේ "මොන පොදු ප්‍රවාහනද ආයිබෝං...ඩොලර් බිලියනයක වාහන ආනයනය කරද්දි රුපියල් බිලියන 1200 ක් විතර කස්ටම් duty සහ VAT විදියට නිකංම භාණ්ඩාගාරෙට ..කජු ඇටද කොස් ඇටද..බිලියනම 1200....ඒකෙන් ඕන්න ඔහේ ලංගමේට ඔය ඉන්දියන් ලඩ ලේලන්ඩ් බස් ටිකක් අරන්, රේල්ලුවට ඉන්දියාවෙන් අයින් කරන පලණ කෝච්චි පෙට්ටි ටිකක් අරන් දාමු. ඊට පස්සේ අපි බස් මෙච්චර ගෙනාවා දුම්රිය මැදිරි මෙච්චර ගෙනාවා කියලා මාධ්‍ය නිවේදන දාල පොර ටෝක්ස් දෙමු, ඒ මැදෑ, ඕන්න ඕක තමා ආයිබෝං මාලිමාවේ නව ප්‍රවාහන ප්‍රතිපත්තිය..ඇයි අවුල්ද? ඔයාලා නිකාං බොරුවට මේවා ලියලා මහන්සි වෙනවා" වගේ එකක්, මොකද මම පෞද්ගලිකව මාලිමා ආණ්ඩුවට සම්බන්ධ ගෝඩක් අයට මේ ගැන සෑහෙන්න වාර ගණනාවක් කියලා තියෙනව ඒත් ඒ සේරම බීරී අලින්ට වීණා වයනවා වගේ සත පහකට ගණන් ගන්නේ නෑ. ඔහොම නම් වැඩි කාලයක් යන්න හම්බ වෙන එකක් නෑ කියලයි අන්තිමට මට කියන්න තියෙන්නේ.
@ Economatta
ReplyDeleteDo you agree with Dr Nirmal on this statement?
//
වර්තමාන ලංකාවේ ආණ්ඩු පක්ෂය වන ජාතික ජන බලවේග ආණ්ඩුවට ඇති ජනතා පක්ෂපාතිත්වය ඉතාම තාවකාලික බවත් අවාසනාවන්ත ලෙස එය කෙමෙන් කෙමෙන් ආණ්ඩුවෙන් ගිලිහී යමින් පවතින බවත් එම පක්ෂයේ න්‍යායාචාර්යය වන ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය.
ජාතික ජන බලවේගය වන තමාගේ පක්ෂයට ලැබුණු අතිශය බහුතරය පාවෙන ඡන්ද බවත් ආණ්ඩුව කෙරේ දැඩිලෙස බලාපොරොත්තු සහිතව ලැබුණු එම ඉතාම අස්ථාවර පාවෙන ඡන්ද පදනම පවත්වාගෙන යාමට නම් ආණ්ඩුව විශාල වශයෙන් එම ජනතාවගේ අපේක්ෂාවන් සමග සිටිය යුතු බවත් ඒ වෙනුවෙන් ඉතා විශාල ලෙස කැපවී වැඩ කිරීමට සිදුවන බවද එතුමා කියා සිටි.
මීට පෙර ජනතාවගේ සිත් දිනාගෙන ඔවුන් රැවටූ මහින්ද රාජපක්ෂ කල ආකාරයෙන්ම දරුවන් වඩා ගැනීම, වියපත් මවුවරුන් බදාගැනීම ආදී සෝබන කටයුතු අද අනුර දිසානායක ජනාධිපතිවරයාද සිදු කරන්නේ එය තේරුම් ගෙන බවද පවසන ඔහු නමුත් ඒවායෙන් කිසිසේත්ම වර්තමාන සමාජය තුල ඉදිරියට යාමට තබා මෙලෙසම දිගටම යාමටවත් නොහැකි බවද පෙන්වා දුන්නේය.
තාවකාලිකව එවන් ලාබ බාල නාටක වැනි ක්‍රියාවලි හරහා ඇතැම්විට සුළු පිරිසක් ක්ෂණිකව උද්දීපනය කළහැකි නමුත් කොහෙත්ම බහුතර ජන ආකර්ෂණය දිගුකාලීනව රඳවාතබා ගැනීමට නොහැකි බවත් ලංකාවේ බහුතර ජනතාව නිතරම තම පෞද්ගලික වාසි ගැන, සරලවම කීවොත් බඩ සහ සාක්කුව ගැන නිතර වැඩි බරකින් හිතන බවද ඔහු කියා සිටියි.
දෙරණ නාලිකාවේ පැවැති මෙම Big Focus වැඩසටහනට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.
මේ ලින්ක් එක හරහා එම ප්‍රකාශය බලන්න
https://m.youtube.com/watch?v=AX_AHbqZiKc
//
ඉකොනෝ
ReplyDeleteAdvocata එකේ ධනනාථ ප්‍රනාන්දු කෙටි වීඩියෝ ක්ලිප් එකක් කරලා තියෙනවා, මේකේ ලංකාවට වාහන ආනයනය කිරීම පිළිබඳව, මේකේ ගොඩක් අය හොඳ යෝජනා කමෙන්ට් විදියට දාල තියෙනවා, ඔබ හිතන විදිහට මේ තර්කය ඇත්තක්ද? ඒ ගැන තව දුරටත් විස්තර කරන්න ද?
මේ සේරටම කලින් අර මහබැංකුවට අරක් ගෙන තඩි ගොනෙක් ඉන්නවා බැංකු නන්දේ කියලා, අන්න ඌ තමයි දැන් රටේ ආර්ථිකය කාල දාන්න බකපඬි ආර්ථික ඔස්තාර් වෙලා ඉන්නෙ. 2024 දී බලයට ආපු හැටියේම ඌ එළවනවයි කියල මේ මාලිමා ආණ්ඩුවෙන් කිව්වට කෝ තාම ඒක කරේ නෑ.
Advocata short clip:-
https://youtu.be/0IClCjNx70g?si=mV3xDjFX2CFULQK3&sfnsn=mo
ඉකොනෝ,
ReplyDeleteඅසනීපය නිසා මම බත් කන්නේ අඩුවෙන්. ධාන්‍ය වර්ග තමයි වැඩිය පරිභෝජනේ.
එයිනුත් 'වටානා'. ඒවා කිලෝවක් සතොසේත් රුපියල් 270/-යි.
එය ගුණයෙනුත් වැඩියි, මට දැනෙන විදිහට අහුපෑවතෙනුත් වැඩියි. පැය කිහිපයක් පොඟවලා ගත්තම බතක් උයන වෙලාවේදීම හදාගන්නත් පුළුවන්.
ලංකාවේ අපි අපේ ආහාර රටාවේත් වෙනසක් කරගත යුතුයි නේද?