ලංකාවේ වී මෝල්හිමියන්ගේ මාෆියාව ගැන ජනප්‍රිය කතාවක් තිබෙනවා. ඒ කතාව අනුව, වී මෝල්හිමියා කරන්නේ මේ වගේ වැඩක්.
"අස්වනු කැපෙද්දී තමන්ගේ නියෝජිතයෝ දමලා කුඹුරටම ගිහින් වී ටික කුණු කොල්ලෙට ගන්නවා. දැන් වී ටික තියෙන්නේ මෝල්හිමියා ළඟ. ඊට පස්සේ ඒ වී තොග සහල් කර එළියට දමන එක පාලනය කිරීම මගින් කෘතීම සහල් හිඟයක් හදනවා. ඒ සහල් හිඟය පෙන්වා එහි උදවුවෙන් සහල් මිල වැඩි කරනවා. ඊට පස්සේ දිගින් දිගටම වැඩි මිලට සහල් එළියට දමනවා. නමුත් එහෙම කරන්නේ සැපයුම පාලනය කරමිනුයි. මේ විදිහට සැපයුම පාලනය කිරීම මගින් සහල් හිඟය පෙන්වමින් මිල තව තව වැඩි කරනවා. එසේ කරමින් ලාබ එකතු කර ගන්නවා. ඔය විදිහට මිල ඉහළ මට්ටමක තියාගෙන ඉඳලා ඊළඟ කන්නේ අස්වනු කැපෙන්න කිට්ටු වෙද්දී අර එකතු කරගත් වී මහා පරිමාණයෙන් සහල් කර අඩු මිලට වෙළඳපොළට දැමීම මගින් සහල් මිල බස්සනවා. එහෙම සහල් මිල බස්සලා එහි උදවුවෙන් නැවතත් වී ටික කුණු කොල්ලෙට ගන්නවා."
මම හිතන්නේ ඔය වගේ දෙයක් වෙනවා කියලා විශ්වාස කරන, නමුත් කතාව හරියට පැහැදිලිව ගලපාගන්න අමාරු අයට ඔය විස්තරය කියෙවුවහම "හරියටම හරි! ඕක තමයි වෙන්නේ" කියලා හිතෙයි. මෙය විස්තරාත්මක සහ බැලූ බැල්මටම තර්කානුකූල සේ පෙනෙන කතාවක්. ඔය දේ ඔය විදිහටම වෙනවා කියන එක කෙනෙකුට ඒත්තු ගන්වන්න අපහසු නැහැ. ඒ වගේම, වරින් වර මහ පොළොවේ පෙනෙන සංයුක්ත නිරීක්ෂණ එක්ක මේ කතාව ගලපන්නත් පුළුවන්.
මෙහි මම ලියා තිබෙන තරම් සංක්ෂිප්තව සහ නිරවුල්ව විස්තර කරන්න අමාරු විය හැකි වුවත්, මෙය කියවන විශාල පිරිසක් වුවද ඇත්තටම සිදු වන දේ ලෙස හිතන්නේ මීට කිට්ටු දෙයක්. වෙළඳපොළ ක්‍රියාකාරිත්වය ගැන හොඳ දැනුමක් සහ අවබෝධයක් තිබෙන අයෙකුට හැර වෙනත් අයෙකුට මේ කතාවේ තිබෙන වැරදි හා අඩුපාඩු පැහැදිලි කරන එක සෑහෙන්න අමාරු වැඩක්. ඒ අවබෝධය තිබෙන බොහෝ දෙනෙකුට වුවත්, මේ කතාවේ අවුලක් තිබෙන බව තේරුණත්, අවුල පහසුවෙන් විස්තර කළ හැකියයි මම හිතන්නේ නැහැ.
ඇත්තටම වෙන්නේ ඔය වගේ දෙයක් කියන නිගමනයට ආවට පස්සේ ප්‍රශ්නය විසඳිය හැකි ක්‍රමය යෝජනා කරන්න අමාරු නැහැ. පළමු පියවර සහල් වලට පාලන මිලක් නියම කිරීම. මේ ප්‍රවාදය විශ්වාස කරන බොහොමයක් අයට අනුව, සහල් වලට පාලන මිලක් නියම කරපු ගමන්ම වී මෝල්හිමියෝ සහල් සැපයුම තව දුරටත් සීමා කරලා සහල් හිඟයක් ඇති කරනවා. ඒකට විසඳුම රජය මැදිහත් වෙලා වී මෝල්හිමියන් සතු වී තොග සහල් කර පාලන මිලට වෙළඳපොලට නිකුත් කරන බවට වග බලා ගැනීම.
නමුත්, මේ ප්‍රවාදය විශ්වාස කරන අයට අනුවම, ඔය විදිහේ මැදිහත් වීමක් කළාට පස්සේ ඊළඟ කන්නයේදී වී මෝල්හිමියන් විසින් වී මිලදී නොගෙන ඉන්න පුළුවන්. එහෙම වුනොත්, වී ගොවීන්ට තමන්ගේ වී ටික විකුණගන්න බැරි වෙනවා. ඒකටත් විසඳුමක් තිබෙනවා. ඒ තමයි රජය මැදිහත් වී සහතික මිලකට වී ටික මිල දී ගන්න එක. ඒ වැඩේ මේ වෙලාවේ හදිස්සියේ කළ නොහැක්කේ ඒ සඳහා අවශ්‍ය ගබඩා පහසුකම් රජය සතුව නැති නිසා. ගබඩා ප්‍රශ්නය විසඳාගත් විට මේ ප්‍රශ්නය විසඳන්න පුළුවන්. ඊට පස්සේ වී මිල තීරණය කරන්නේ රජය. සහල් මිල තීරණය කරන්නෙත් රජය.
තව දුරටත් ඉතිරි වන ප්‍රශ්නයක් වන්නේ රටේ සහල් නිෂ්පාදනය රටේ සහල් පරිභෝජන අවශ්‍යතාවයට වඩා අඩු මට්ටමක තිබීම. මේකටත් විසඳුම් තිබෙනවා. ඒ තමයි දිගුකාලීනව රටේ සහල් නිෂ්පාදනය වැඩි කර ගන්නා අතර, එම ඉලක්කයට යන තුරු හරියටම ඉල්ලුම හා සැපයුම අතර වෙනසට සමාන සහල් ප්‍රමාණයක් පමණක් ආනයනය කිරීම සහ ඒ විදිහට ආනයනය කරන සහල් රජය විසින් නියම කර ඇති පාලන මිලට විකිණීම. දැන් ඒ ප්‍රශ්නයත් විසඳිලා. එකම දේ මේ වැඩේ කරන්න රටේ සහල් පරිභෝජනය සහ සහල් සැපයුම පිළිබඳ දත්ත හරියටම අවශ්‍ය වෙනවා. නැත්නම් වැඩේ වැරදෙන්න පුළුවන්.
මේ සමස්ත විසඳුම ක්‍රියාත්මක කිරීම සඳහා රජය විසින් කළ යුතු විශාල කාර්ය භාරයක් තියෙනවා. පළමුව, වී ගොවියාගේ පිරිවැය රජය විසින් හරියට ගණන් හදලා, වී ගොවියාට සාධාරණ ලාබයකුත් තියලා වී මිල තීරණය කරන්න වෙනවා. වී ගොවියාගේ ලාබය කොපමණ විය යුතුද කියන එක තීරණය කරන්නේ රජය. ඊළඟට වී එකතු කර ගබඩා කර තබා ගැනීමේ, සහල් කිරීමේ හා බෙදා හැරීමේ පිරිවැය හරියටම නිවැරදිව ගණනය කරන්න වෙනවා. වෙළෙන්දන්ගේ ලාබය කොපමණ විය යුතුද කියන එකත් තීරණය කරන්න වෙනවා. මේ අනුව තමයි සහල් මිල තීරණය කරන්නේ. ඔය සියල්ලම කරන්නේ රජය විසින්.
ඕකට තමයි සමාජවාදී මධ්‍යගත සැලසුම් ආර්ථික ක්‍රමය කියා කියන්නේ. මේ ක්‍රමය ඇතුළේ රජයට සෘජු සම්බන්ධයක් නැති වී ගොවියෝ, වී මෝල්හිමියෝ, තොග හා සසිල්ලර වෙළෙන්දෝ, ආනයනකරුවෝ ඉන්න පුළුවන්. එහෙම හිටියා කියලා මෙය මධ්‍යගත සැලසුම් ක්‍රමයක් නොවෙන්නේ නැහැ. මොකද ඔය ක්‍රමය ඇතුළේදී වී ගොවියෝ, වී මෝල්හිමියෝ, තොග හා සසිල්ලර වෙළෙන්දෝ, ආනයනකරුවෝ ඇතුළු සියල්ලන්ම ඉන්නේ රජයේ මධ්‍යගත සැලසුම ඇතුළේ. ඒ අය රජය නොවන්නේ නමට පමණයි.
වී ගොවියාගේ ලාබය තීරණය කරන්නේ රජය. වී මෝල්හිමියාගේ, තොග හා සිල්ලර වෙළෙන්දාගේ, ආනයනකරුවගේ ලාබය තීරණය කරන්නෙත් රජය. ඒ හැමෝම මධ්‍යම සැලසුම් යාන්ත්‍රණයේ දැති රෝද පමණයි. කිසිවෙකුටත් ස්වාධීනව කටයුතු කර තමන්ගේ ලාබ හොයන්න බැහැ.
ධනවාදී වෙළඳපොළ ආර්ථිකයක් කියා කියන්නේ වෙළඳසැල් වල ගොඩනැගිලි සහ ඒවායේ අයිතිකරුවන් හා සේවකයින් නෙමෙයි. ඒ භෞතික දේවල් වලින් එහාට ගිය සංකල්පයක්. සමුපකාර හෝ රජයටම අයිති ව්‍යාපාර ක්‍රියාත්මකව තිබුණත්, මූලික ලක්ෂණ අනුව රටක තිබෙන ආර්ථික ක්‍රමය ධනවාදී වෙළඳපොළ ආර්ථික ක්‍රමයක් වෙන්න පුළුවන්. ඒ වගේම, පෞද්ගලික අංශය විශාල ලෙස ආර්ථික ක්‍රියාවලියට සම්බන්ධ වී සිටින අතරම සමාජවාදී මධ්‍යගත සැලසුම් ආර්ථික ක්‍රමයක් ක්‍රියාත්මක වෙන්න පුළුවන්. වැදගත් වෙන්නේ ආර්ථිකය ක්‍රියාත්මක වන මූලික මූලධර්ම මොනවද කියන එකයි.
ඉහත හේතුව නිසාම, ධනවාදී වෙළඳපොළ ආර්ථිකයක් පැවතීම සඳහා රාජ්‍ය මැදිහත්වීම් කිසිවක් නැති වෙන්න අවශ්‍ය නැහැ. එහෙම තැන් ලෝකයේ නැහැ. වැදගත් වෙන්නේ රජය මැදිහත් වෙන්නේ වෙළඳපොළ කාර්යක්ෂමතාවය වැඩි කරන විදිහටද එහෙම නැත්නම් වෙළඳපොළට බාධා වෙන විදිහටද කියන එකයි.
නැවත මුලට ගියොත්, දුෂ්ඨ වී මෝල්හිමියාගේ කතාවේ එක කොටසක් මේ වෙද්දී ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඒ තමයි වී මෝල්හිමියන් විසින් සහල් තොග සඟවනවා කියන කතාව. ජනතාව අනුරව ගල් ගුහාවට යැවුවේ එහි සිටින බව විශ්වාස කළ ගිණි මකරාව මරන්න. ගල් ගුහාව ඇතුළේ ඔය කියන විදිහේ ගිණි මකරෙක් නැති බව ඩඩ්ලි සිරිසේන වගේ වී මෝල්හිමියන් විසින් දිගින් දිගටම කිවුවා. නමුත් ගල් ගුහාවට ගිහින් නැති මිනිස්සු ඒ කතා විශ්වාස කරන්නේ නැහැ.
ගල් ගුහාවට ගිහින් නැති අපි වගේ අය ගල් ගුහාවේ ගිණි මකරෙක් ඉන්න විදිහක් නැහැ කියන්නේ ලෝකයේ ගිණි මකරු කියා ජාතියක් ඉන්න බවට සාක්ෂි නැති නිසා සහ ඇතැම් මූලික දැනුම් අනුව ඒ කියන විදිහේ සත්තු වර්ගයක් සිටිය නොහැකි නිසා. ඒ හැර ගල් ගුහාවට ගිහින් පරීක්ෂා කර බලලා නෙමෙයි. දැන් අනුර ගල් ගුහාවේ ගිණි මකරෙක් නැති බව කියන්නේ ගල් ගුහාව පරීක්ෂා කරලා. ඒ විදිහට පරීක්ෂා කර තහවුරු කරගත්තට පස්සේ ඔහු ගල් ගුහාවේ ගිණි මකරෙක් නැති බව කීමෙන් නොනැවතී ගල් ගුහාවේ ගිණි මකරෙක් ඉන්න විදිහක් නැත්තේ ඇයි කියන එකත් පැහැදිලි කරනවා.
එක දෙයක් ගැනනම් ජනාධිපති අනුරව විශේෂයෙන්ම අගය කළ යුතුයි. ඒ මහජනයා ඉදිරියට ඇවිත් මේ විදිහට පැහැදිලි කිරීම් කරන එක ගැන. මේක තමයි මහජන දේශපාලනය. සන්නිවේදන හැකියාවන්ගේ සීමාවන් නිසා හෝ හැම දෙයක්ම මහජනයා දැනගත යුතු නැතැයි සිතපු නිසා මීට කලින් රාජ්‍ය නායකයෝ කවුරුවත් ඔය මට්ටමට ගිහින් පැහැදිලි කිරීම් කළේ නැහැ. ඒ අනුව, පැහැදිලි කිරීම් වල මොන තරම් වැරදි හා අඩුපාඩු තිබිය හැකි වුවත්, මෙය ඉතාම හොඳ පූර්වාදර්ශයක්.
අනුර කියන විදිහට වී මෝල්හිමියන් විසින් වී හංගන්නේ නැහැ. එහෙම හංගන්න තර්කානුකූල හේතුවකුත් නැහැ. හැබැයි ඔහු එහෙම කිවුවා කියලා මුලින්ම විස්තර කරපු ජනප්‍රිය ප්‍රවාදය අවලංගු වෙන්නේ නැහැ. වී හැංගුවේ නැතත්, කතාවේ විස්තර කෙරෙන ආකාරයට වී කුණු කොල්ලෙට ගැනීම සහ පසුව වැඩි මිලට විකිණීම කරන්න පුළුවන්නේ.
හැබැයි අනුර බිඳ දමන්නේ වී මෝල්හිමියන් විසින් වී හංගන්නේ නැහැ කියන මතය පමණක් නෙමෙයි. ඔහු එතැනින් එහාට ගිහින් වී මෝල්හිමියන් විසින් කුණු කොල්ලෙට වී මිල දී ගන්නවා කියන මතයත් බිඳ දමනවා. අනුර කියන විදිහට දැන් වෙන්නේ මී මෝල්හිමියන් විසින් "ඕනෑවට වඩා" වැඩි මිලකට වී මිල දී ගන්න එක.
අනුරට අනුව, වී මෝල්හිමියන් විසින් දැන් වී මිල දී ගන්නේ කිලෝව රුපියල් 140ක පමණ මිලකටයි. ඒ මිලට වී අරගෙන කිලෝව රුපියල් 220ට හාල් විකුණන්න බැහැ. රුපියල් 220ට හාල් විකුණන්නනම් රුපියල් 117ට වී මිල දී ගන්න වෙනවා. ඒ කියන්නේ වී සහල් කිරීමේ පිරිවැය පිළිබඳ රජයේ හෝ අනුරගේ ඇස්තමේන්තු සහ ආණ්ඩුවේ මධ්‍යගත සැලසුම අනුව අතරමැදියන් විසින් ලබා ගත යුතු ලාබ එකතු කළාට පස්සේ වී සහ සහල් කිලෝවක මිල ගණන් අතර අනුපාතය 1.88 පමණ වෙනවා. මේ අනුපාතය අනුව, රුපියල් 140ට මිල දී ගන්න වී සහල් කර විකුණන්න වෙන්නේ රුපියල් 263ක පමණ මිලකටයි.
අනුර කියන විදිහට දැන් රතු කැකුළු සහල් විකිණෙන්නේ රුපියල් 280 වැනි මිලකට. වී මෝල්හිමියන් විසින් වී හංගා නැතත්, වී කුණු කොල්ලයට අරගන්නේද නැතත්, ඔවුන් ඕනෑවට වඩා ලාබයක් ලබනවා කියා තව දුරටත් තර්ක කරන්න පුළුවන්. කොහොම වුවත්, ඒ ලාබය කවර හෝ ක්‍රමයකින් "අවශ්‍ය ප්‍රමාණයට" සීමා කළත්, ආණ්ඩුවට අවශ්‍ය මිලට පාරිභෝගිකයාට සහල් ලබා දීමේ හැකියාවක් නැහැ. එවැන්නක් කළ හැක්කේ වී ගොවියාට ගෙවන මිල අඩු කිරීම මගින් පමණයි. පෙනෙන විදිහට අනුර ඉලක්ක කරන මැදිහත්වීම තුළ සිදු වෙන්නෙත් එයයි. නිශ්චිතව සූත්‍රගත කළොත් අතරමැදියාගේ ලාබ සීමා කිරීමෙන් නොනැවතී "වී ගොවියා විසින් උපයන අසාධාරණ ලාබය සීමා කිරීම". ඒ සඳහා රජය සතු වැඩ පිළිවෙලක් තිබෙන බවයි අනුර කියන්නේ.
සහල් වෙළඳපොළේ ඇති වී තිබෙන ප්‍රශ්නය කුමක්ද? මේ ප්‍රශ්නය විසඳිය හැක්කේ කොහොමද? මේ ප්‍රශ්න වලට පිළිතුරුත් එක්ක විවිධ ආර්ථික ක්‍රම ගැන සන්සන්දනයක්ද කරමින් ඊළඟ ලිපියෙන් හමුවෙමු!
මේ සමඟ පළ කරන පළමු ඡායාරූපයේ තිබෙන්නේ ඊයේ දිනයේදී අපේ ගෙවල් ළඟ තිබෙන වෙළඳසැලකදී ගත් රතු කැකුළු සහල් කොට්ටයක ඡායාරූපයක්. මා රතු කැකුළු ලෝලියෙකු නෙමෙයි. එහෙත් අවශ්‍යනම් එම වෙළඳසැලෙන් අවශ්‍ය පමණ රතු කැකුළු සහල් මිල දී ගන්න පුළුවන්. තවත් ලංකාවේ සහල් වර්ග ගණනාවක් මිල දී ගන්නත් පුළුවන්. ලෝකයේ වෙනත් රටවල නිපදවන වෙනත් සහල් වර්ග විශාල ප්‍රමාණයක් මිල දී ගන්න වගේම පොල් සහ පොල් නිෂ්පාදනත් කිසිදු හිඟයකින් තොරව මිල දී ගන්න පුළුවන්. ගාපු පොල්, පොල් කිරි ටින්, ලෙලි ගැසූ පොල්, ලෙලි සහිත පොල්, කුරුම්බා, කොට්ට පොල්, පොල් වතුර ආදී බොහෝ දේවල් එම වෙළඳසැලේ ඇති තරම් තිබෙනවා. දෙවන ඡායාරූපයේ තිබෙන්නේ ලෙලි ගැසූ පොල් තොගයක්. අපිනම් අවශ්‍ය වූ විට ආහාර පිසින්න භාවිතා කරන්නේ පොල් කිරි ටින් සහ ගාපු පොල්. පොල් ගාන්න මහන්සි වෙනවාට වඩා මේවා භාවිතා කරන එක පහසුයි. රසේ එහෙමට දැනෙන වෙනසකුත් නැහැ.
අපට අවශ්‍යනම් ගාපු පොල් වලින් සම්බෝල හදාගන්න පුළුවන්. පොල් මිල දී ගෙන පොල් ගාලා සම්බෝල හදාගන්නත් පුළුවන්. ලෙලි සහිත පොල් මිල දී ගෙන ලෙලි ගහලා, පොල් ගාලා සම්බෝල හදාගන්නත් පුළුවන්. අපට ප්‍රශ්නයක් නැත්නම් සහ අවශ්‍ය මිල ගෙවන්න සූදානම්නම්, පොල් නාස්ති වෙනවද නැද්ද කියන එක කවුරුවත් ප්‍රශ්නයක් කරගන්නේ නැහැ. මේ හාල් පොල් හැම දෙයක්ම දුර කතර ගෙවා අපේ අත ලඟට එන්නේ රජයේ කිසිදු මැදිහත් වීමක් නැතිවයි. ඒ තමයි වෙළඳපොළ ක්‍රමයේ අපූර්වත්වය!
අනේ මන්දා ඉකොනොමැට්ටා ඇත්තටම අපි අරගල කරලා ජනාධිපතිකෙනෙක්ව එලවලා දහසක් දුක් විඳල නිදි මරාගෙන සමාජ මාධ්‍ය ජාල වල පෝස්ට් දාලා කමෙන්ට් කරලා නෑදෑයෝ යාලුවෝ එක්ක රණ්ඩු වෙලා අමාරුවෙන් බලයට පත්කල ජාතික ජන බලවේග ආණ්ඩුව..දැන් යන්නේ රුවිතෙට... අපේ අරමුණ සුනු විසුනු කරමින් කටයුතු කරන අයුරු ඉතාම ශෝචනීයයි
ReplyDeleteපාට පක්ෂ භේද සියල්ල අමතක කර දමා මේ කුඩා වීඩියෝව නරඹන්න
https://www.youtube.com/watch?v=eaKhwnBvrMc
මේකේ සේපාල් අමරසිංහ ඉතාම ලස්සනට ලංකාවේ දේශපාලනය පිළිබඳව විග්‍රහ කරන ආකාරය අපූරුයි නේද? අපටත් නැවත අලුතෙන් හිතන්න සිදුවෙලා තියෙන මොහොතක මේ වීඩියො එකේ කියන දේ ගැන ඔයාගේ අදහස ලියන්න පුළුවන්ද?
මුදල් හම්බ කරමු. ගොඩ යමු ඉකොනො
ReplyDeleteඉකොනෝ
ReplyDeleteඔය හත්ඉලව් වගේ නෙවෙයි අපි පහුගිය සැප්තැම්බර් මාසේ ටිකට් අරන් ලංකාවට ගිහිල්ල අනුර දිසානායක සහෝදරයාට ඡන්දය දුන්නා දැන් අපට පාස්පෝට් එක අලුත් කරන්න විදියක් නැතුව කෙළවිලා ඉන්නේ, අපට දැන් හරි සන්තෝසයි දුන්න ඡන්දය ගැන
එක්දින සේවාව හරහා විදේශ ගමන් බලපත්‍රයක් ලබාගැනීමට මාස පහක කාලයක් ගත වෙනවා, මේක බලන්න
Read this news FYI;
https://www.ausnewslanka.au/post/it-takes-five-months-to-obtain-a-one-day-passport
මම දෙසැම්බර් මාසයේ 14 දා එක්‌දින සේවාවෙන් දාපු එකට මට ලැබුණේ අප්‍රේල් මාසයේ 22 මේ එක්‌දින සේවාවට ලොකු ගානක් ගෙවලා, නෝමල් දැම්මොත් නම් අවුරුදු ගානක් යයිද දන්නේ නෑ..
අනෙක අලුත් නිල්පාට පාස්පෝට් එකේ අපේ විස්තර තියෙන පිටුව සෑහෙන තුනී නීසා ඒක පිටරටවලදී ප්‍රශ්නයක් වෙනවලු, ළඟදී දවසක ආපු කෙනෙකුට එහෙම අලුත් පාස්පෝට් එක ප්‍රශ්නයක් වෙලා, වෙලාවට expired වෙච්ච පරණ මෙරූන් පාට එක දීලා යන්තම් ගොඩ දාගෙන අලුත් එක හරියට හොර එකක් වගේ බාල එකක් ලූ.
ඒ. කේ. ඩී. ගේ පැහැදිලි කිරීම මහජන දේශපාලනය සඳහා හොඳ පුර්වාදර්ශයකි. නමුත් එය මහජනයා රැවටීමකි. කෘෂිකාර්මින්තක පරිසරයක හැදුනු, සරසවියක ඉගනෙුම ලැබු, දශක ගණනාවක පක්ෂ විපක්ෂක දේශපාලනයේ නියැලුණු ඔහු මේ පුර්ව දැනුම නොමැත්තකු විය නොහැකි බව මගේ විශ්වාසයයි. විෂය භාර ඇමතිවරුන් දෙදෙනක් මේ ක්ෂත්‍රෙයට අදාල අමාත්‍යංශ භාරව කටයුතු කරන, සූක්ෂම හා කටකාර, සිටියදී ජනපතිවරයාට මෙවැනි මාධ්‍ය සංසර්ශණ පැවැත්වීමට වී ඇත්තේ ඔහු අදක්ෂ පරිපාලකයකු නිසාද නැතහොත් ශ්‍රී ලංකාවේ මජර දේශපාලනය වෙනස් නොකල හැකි බැවින්ද යන්න විමසිය යුතුය.
ReplyDeleteඉකොනෝමැට්ටා
ReplyDeleteඅනුර කුමාරගේ කයිවාරු වලින් වැඩක් නෑ ආණ්ඩුව කරගෙන යන විදිය ගැන බහුතර ජනතාව අතර තියෙන්නේ සෑහෙන ඍණාත්මක ආකල්පයක් නිසා කිසිම වැඩක් වෙන්‍නේ නෑ ඒ වෙනුවට ඔයා ඉස්සර නන්දසේන හිටපු කාලේ යෝජනා කරපු විදියටම ඩොලර් රේට් එක අඩු ගානේ 300 – 325 අතර වත් තියා ගන්න කියලා ආණ්ඩුවට උපදෙස් දෙන්න … ඔය නන්දලාල්ට කන්දෙන්න එපා…
එතකොට ඔයා ඒ දවස්වල තර්ක කරපු විදියට රටේ අපනයනත් උඩ යනවා, ජාත්‍යන්තර වෙළඳපොලේ සාපේක්ෂව මිල අඩුවෙන නිසා, අනෙක එතකොට සංචාරකයෝන්ටත් හොඳයිනේ වියදම අඩුවෙන නිසා. පිටරට මිනිස්සුත් සල්ලි එවන්න පටන් ගන්නවා..
කොහොම හරි ඔය මිල වැඩි වීම ලෝකේ හැම තැනම තියෙනවා.. මම මේ ලඟදි ඔස්ට්‍රේලියාවට ගියා. එහෙ දැන් බඩු මිල අහස උසට. ආර්ථිකේ strategic point හඳුනා ගන්න වෙනවා…රට හදන්න කෙටි කාලීන දේවල් අමතක කරලා…
Economatta
ReplyDeleteIs this news true?
//ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ප්‍රවෘත්තියක්, නව 2025 වසරේ ජනවාරි මස හතරවන සතියේ දත්ත අනුව ලෝකයේ නැගී එන ආර්ථිකයින් අතර ‘නරකටම කරන මුදල් ඒකකය’ (the worst performing emerging market currency) බව බ්ලූම්බර්ග් දත්ත පදනම් කර ගෙන ‘ද මෝනිං’ පුවත්පත පවසයි.
2024 දී ඩොලරයට සාක්ෂව ඉහළම වර්ධනය ලැබූ ශ්‍රී ලංකා රුපියල ජනවාරි මස 1.72% ක් අවප්‍රමණය වී ඇත.
ලංකාවට පසුව ලොව නරකම වැටීම සහිත මුදල් ඒකක ලෙස ආර්ජන්ටිනාව (1.46%) හා තුර්කිය (0.89%) දැක්වේ.
2024 දී ලංකා රුපියල ඩොලරයට සාපේක්ෂව 10.85% ක වර්ධනයක් ලැබුණු අතර රු. 300 ට වඩා පහත වැටී තිබෙන බව මේ නීව්ස් එකෙන් බලාගන්න
Source:
https://www.themorning.lk/articles/1b2FDY4SwCPeLhnhfmzg
LKR worst performing currency in January
27 Jan 2025 | By Imesh Ranasinghe
Rupee depreciates 1.72% in January after strong performance in 2024
Central Bank warns of potential risks to external sector stability
The Sri Lankan rupee was seen as the worst performing emerging market currency by the end of fourth week of January after ranking top in 2024, Bloomberg market data showed.
Accordingly, the rupee has recorded a negative spot return of 1.72% for 2025 as of the end of 24 January.
Other worst performing emerging market currencies were Argentine peso and Turkish lira with negative spot return of 1.46% and 0.89% respectively.
The Russian ruble was the top emerging market currency so far in 2025 with 16.07% spot return, while the Colombian peso took the second place with 5.45% return.
The Sri Lankan rupee ended 2024 as the top performing emerging market currency with 10.85% return after the rupee appreciated to below Rs. 300 per US dollar.//
Can you please elaborate this further?
දීප්ති ඒ දවස් වල ඉඳන් කිව්වා වී වෙනුවට රෝස හිටවන්න කියල . ඔය වී ගොවිත්න වැඩක් නැහැ . ලාභ හාල් ආනයනය කරලා බඩජාරි මිනිසුන්ට් කන්න දීල ගොවියන්ට විකුනඅන්න පුළුවන් දෙයක් වගා කිරීම තමා කරන්න ඕනේ . https://theleader.lk/review/28389-2024-12-11-08-24-33
ReplyDeleteමොක හරි වැරද්දක් වෙනවා වගේ දැනෙයි
ReplyDelete'ලැටරල් තින්කිනුත්' පාවිච්චියට හොඳයි!
ඇත්තටම මීට වඩා බරපතල තත්ත්වයක ලංකාවේ ආර්ථිකය මේ වෙනකොට පවතින බව ආණ්ඩුවට තාම අවබෝධ කරගත නොහැකිව තිබීම ඉතාම භයානක තත්ත්වයක්, මොකද ලංකාවට 2028 පටන් නැවත ප්‍රතිව්‍යුහගතකරණය කරපු ණය ගෙවන්න තියෙනවා. ඒ වගේම ඒ ගොඩක් ණය වල පොළි ගෙවීම දැන් ඉදන්ම ආරම්භ කරන්නට තියෙනවා (ඇත්තටම දැනටමත් 2024 සැප්තැම්බර් ඉදලම පොළිය ගෙවන්නට පටන් අරගෙන තියෙන්නේ).
ReplyDeleteනමුත් තවම ආණ්ඩුවේ ප්‍රධාන අයවන ජනපති අගමැති ඇතුලු පිරිස පවා මේ ගැන නිසි අවබෝධයකින් කටයුතු කරන බවක් පේන්නට නැහැ. අර වල පයගොඩ පය අවලංගු කාෂිය නාකි මයිනා මහින්දගෙ නිල නිවසෙ තක්සේරු කිරීම වගේ සිල්ලර කාරණාවල තමා මුදල් ඇමති අනුර කුමාර හිර වෙලා ඉන්නෙ. ඒක,රටේ සමස්ත ආණ්ඩුවේ වියදම එක්ක බලනකොට නොගිණිය හැකි තරමේ කුඩා ගණනක් නමුත් ලාබ ගැලරි ටෝක් දුන්නට දැන් ඉස්සර වගේ නෙවෙයි බහුතර දැන උගත් ජනතාවට විශේෂයෙන්ම තරුණ තරුණියන්ට ඔය වගේ ගොන් කතා තනිකරම ගොන් කතා බව ඒ වගේ ගොන් පාට් දාන කොටම අවබෝධ කරගත හැකියි
අනෙක ඔය යල්පැනගිය අසාර්ථක හණමිට මිල පාලන දමා ආහාර වෙළදපොල ඕවර් රෙගියුලේට් කරන්නට යාමෙන් (එය එකම හේතුව නොවේ. නමුත් ඒකත් එක හේතුවක්) ලංකාවෙ නිදපදපු අත්‍යවශ්‍ය ආහාරත් ආනයනය කරන්නට වෙන තත්වයක් ඇතිවෙලා තියෙනවා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට මූල්‍ය අනුග්‍රහය ලබාදෙමින් දායක වන ධනවත් කාර්මික රටවල බලපෑම මත ණයගැති ලංකාවට එම රටවල නිෂ්පාදනය කරන වාහන ආනයනය කරන්නට ඉඩ දිය යුතු වෙනවා ජාමූඅ දැඩි ණය ප්‍රතිව්‍යුහගතකරණ කොන්දේසි සහ ජ්‍යාත්‍යන්තර වෙළද ගිවිසුම් මත.
නමුත් රජය බුද්ධිය යොදාගෙන ස්මාට් ලෙස තීරණය කළයුතුයි මෙහිදී නිවැරදිව කළමණාකරණය කිරීමේදී මේකත් එක්ක විදේශ විනිමය සංචිතවලට එන අමතර පීඩනය දරාගන්නට කිසිම වැඩපිළිවලක් හෝ අඩුම තරමේ ඒ ගැන සිතුවිල්ලක් වත් ඇතිබව පේන්න නැහැ. රජයටත් නැහැ. පුද්ගලික අංශයටත් නැහැ (පුද්ගලික අංශයත් කරන්නෙ හැකිතාක් තමන්ගෙ ඩොලර් ලංකාවට ගෙන්නෙ නැතිව ඉන්න එකයි. එහෙම්ත නැත්තං ඒව විදේශ රටවල ආයෝජනය කරන එකයි).
ලංකාවට දැන් අලුත් විදේශ විනිමය උපයන මාර්ග අවශ්‍යයි. එහෙම නැති උනොත් 2027-28 පමණ වන විට දැන් තියෙන තත්වයට වඩා ඉතාම අර්බුදකාරී තත්වයක් ඇතිවිය හැකියි. 2022දි නැති උනේ තෙල් විතරයි. තෙල්වලට අමතරව හාලුත් නැති උනොත් ඉස්සරහට එන තත්වය ඊට වඩා සෑහෙන භයානක විය හැකිය. ඉන්දියාව හා චීනය මෙවර ආධාර නොකළොත් මිනිසුන් හාමතේ මියයාමට පවා අවදානමක්ද ඇති බව වටහාගෙන ඒ අනුව ඉතාමත්ම කල්පනාකාරීව කටයුතු කළ යුතු මොහොතක මෙහෙම පිස්සු කෙලින එක නම් කිසිසේත්ම අනුමත කරන්න බෑ අපට නම්.
Looking for secure storage solutions in Monroe, LA? Our facility offers 24/7 surveillance, climate-controlled units, and advanced security systems to keep your belongings safe. Whether for personal or business storage, we provide flexible rental options and easy access.
ReplyDelete