මහ බැංකුව විසින් ප්‍රතිපත්ති පොලී අනුපාතිකය 7.75% දක්වා අඩු කිරීමෙන් පසුව, අද (මැයි 28) පැවැත්වුණු භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේදී, එම අඩු කිරීමට අනුරූපව, බිල්පත් පොලිය සැලකිය යුතු ලෙස පහත වැටී තිබෙනවා. සාමාන්‍ය මූලධර්මයක් ලෙස එක් දින පොලී අනුපාතික ප්‍රතිපත්ති පොලී අනුපාතිකයට ආසන්නව පැවතිය යුතු අතර කල් පිරීමේ කාලය දිගු වෙද්දී පොලී අනුපාතික ක්‍රමයෙන් වැඩි විය යුතුයි.
අද වෙන්දේසියේදී තෙමස් භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාතිකය මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතිකයද ඉක්මවා 7.55% දක්වා පහත වැටී අතර සය මාසික කල් පිරීමක් සහිත බිල්පත් පොලිය මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතිකය ආසන්නයට පැමිණ තිබෙනවා. එක් වසර බිල්පත් පොලියද 8% සීමාවෙන් පහළට පැමිණ තිබෙනු දැකිය හැකියි.
රජය විසින් ප්‍රාථමික අයවැය අතිරික්තයක් දිගටම පවත්වා ගන්නා තත්ත්වයක් යටතේදී සමස්තයක් ලෙස භාණ්ඩාගාර බිල්පත් වල ආයෝජනය කළ හැක්කේ පැරණි බිල්පත් කල් පිරෙන විට වෙළඳපොලට නිදහස් වන මුදලට වඩා අඩු මුදලක්. ඒ නිසා, රජය විසින් වෙළඳපොලට නිදහස් කරන මුදල් සහ බිල්පත් නිකුත් කිරීම මගින් වෙළඳපොලෙන් නැවත ලබා ගන්නා මුදල අතර වෙනස බැංකු පද්ධතිය තුළ ඉතිරි වෙනවා.
මේ වන විට බැංකු පද්ධතිය තුළ රුපියල් බිලියන 200කට ආසන්න ද්‍රවශීලතා අතිරික්තයක් දැකිය හැකියි. ඉදිරි කාලයේදී පොලී අනුපාතික තව දුරටත් පහත වැටීමේ ඉඩක් පෙනෙන්නට තිබෙනවා.
ඉකොනො,
ReplyDeleteරත්තරන් බඩු උකස් පොලිය අඩු වෙයිද?
ඉහත ලිපියේ පරිදි පොලී අනුපාතික පහල වැටීම හොදද?
මේ දවස් වල බංකු වලින් කෝල් කර කර ණය දෙන්න හදනවා. ඒ ඇයි. ගොඩක් අය ණය ගන්නවත් එක්ක
මැදිකාලීනව උකස් පොලියද අඩු විය යුතුයි. දැනට පවතින සාර්ව ආර්ථික තත්ත්වයන් අනුව, යම් සීමාවක් දක්වා, පොලී අනුපාතික අඩු වෙන එක හොඳයි. මේ දවස් වල බැංකු පද්ධතියේ සැලකිය යුතු අතිරික්ත මුදල් ප්‍රමාණයක් තිබෙනවා.
Delete