පසුගිය (2024) වසරේ දෙසැම්බර් 19 වන දින "සංගණන මොහොතේදී" ලංකාවේ ජනගහණය ලෙස පුද්ගලයින් 21,781,800 දෙනෙකු ගණන් කර තිබෙනවා. ඊට පෙර 2012 සංගණන මොහොතේදී ලංකාවේ ජනගහණය ගණන් ගැනුණේ 20,359,439ක් ලෙසයි. මේ අනුව, වසර දොළහක පමණ කාලයක් තුළ ලංකාවේ ජනගහණයේ වර්ධනය 1,422,361ක් පමණයි.
වඩා වැදගත් කරුණක් වන්නේ මේ වර්ධනයෙන් 79.8%කටම දායක වී තිබෙන්නේ වයස අවුරුදු 65 ඉක්මවූ පුද්ගලයින් ගණන 1,135,151කින් ඉහළ යාම වීමයි. මීට සාපේක්ෂව වයස අවුරුදු 15 නොඉක්මවූ ජනගහණය 5,131,666 සිට 4,506,839 දක්වා 20.7%කින් අඩු වී ඇති ආකාරය නිරීක්ෂණය කළ හැකියි.
වයස අවුරුදු 65 ඉක්මවූ පුද්ගලයෙක් කියන්නේ 1959දී හෝ ඊට පෙර උපන් අයෙක්. 1959 වන විට ලංකාවේ උපත් අනුපාතිකය දහසකට 37.0ක් වැනි ඉතා ඉහළ මට්ටමක තිබුණා. 1960 පමණ සිට මෙම අනුපාතිකය ක්‍රමක්‍රමයෙන් අඩු වන්නට පටන් ගත්තා. 2024 වන විට ලංකාවේ උපත් අනුපාතිකය දහසකට 9.6 දක්වා අඩු වී තිබුණා.
එහෙත් මරණ අනුපාතිකය 1959 වන විටද දහසකට 9.1 මට්ටම දක්වා පහත වැටී තිබුණු බැවින් මරණ අනුපාතිකයෙහි ඊට සමාන්තර වේගවත් අඩු වීමක් සිදු වීමේ අවකාශයක් තිබුණේ නැහැ. එම අනුපාතිකය අඩු වූයේ සෙමෙන්. ඒ නිසා, උපත් අනුපාතිකය සහ මරණ අනුපාතිකය අතර පරතරය ක්‍රමක්‍රමයෙන් අඩු වුනා. 2024 වන විට ලංකාවේ මරණ අනුපාතිකය දහසකට 7.8ක් වූ අතර උපත් හා මරණ අනුපාතික අතර වෙනස දහසකට 1.8 දක්වා අඩු වී තිබුණා.
ලංකාවේ ජනගහණය දිගින් දිගටම වර්ධනය වීමට හේතු වූයේ උපත් අනුපාතිකය සහ මරණ අනුපාතිකය අතර වූ වෙනසයි. එම වෙනස ක්‍රමක්‍රමයෙන් අඩු වෙද්දී ජනගහණ වර්ධන වේගයද ක්‍රමයෙන් අඩු වුනා. මේ වන විට ලංකාවේ උපත් හා මරණ අනුපාතික අතර වෙනස රටේ ශුද්ධ සංක්‍රමණ අනුපාතිකයද ඉක්මවා පහත වැටී තිබෙනවා. එහි ප්‍රතිඵලය වනුයේ රටේ ජනගහණය ක්‍රමක්‍රමයෙන් අඩු වීමයි.
ලංකාවේ උපත් අනුපාතිකය ඉතා ඉහළ මට්ටමක පැවති 1960ට පෙර කාලයේදී ඉපදුනු අය මේ වන විට වයස අවුරුදු 65 ඉක්මවා සිටින අයයි. ලංකාවේ අපේක්ෂිත ආයු කාලය ආසන්න වශයෙන් වසර 78ක් පමණ වන බැවින් ඉදිරි කාලයේදී මරණ අනුපාතිකය ක්‍රමයෙන් ඉහළ යාමේ විභවයක් තිබෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස උපත් අනුපාතිකය සහ මරණ අනුපාතිකය අතර වෙනස ඉදිරි වසර කිහිපය තුළ තවත් අඩු විය හැකියි. එමෙන්ම, ශුද්ධ සංක්‍රමණ අනුපාතිකයද තවත් කාලයක් යන තුරු ධන අතට හැරීමේ විභවයක් පෙනෙන්නට නැහැ. ඒ නිසා, පසුගිය සංගණනයේදී ගණන් ගැනුණු ලංකාවේ ජනගහණය බොහෝ විට ලංකාවේ සංගණනයකදී ගණන් ගැනුණු වැඩිම ජනගහණය විය හැකියි.
සංගණනය පැවැත්වූ දින සිට 2025 ජූනි 30 දක්වා වූ මාස හයකට මදක් වැඩි කාලය ඇතුළත රට තුළ උපත් 110,652ක් හා මරණ 95,181 සිදු වෙද්දී, ශුද්ධ වශයෙන් 41,002 දෙනෙකු රටෙන් පිටතට සංක්‍රමණය වී තිබෙනවා. මෙහි ප්‍රතිඵලයක් ලෙස සංගණන මොහොතේ සිට 2025 ජූනි 30 දක්වා කාලය ඇතුළත ලංකාවේ ජනගහණය 25,531කින් පහත වැටී තිබෙනවා.
මාස 6ට උපත් 110,000 නම් අවුරුද්දකට 220,000. මේ ලඟක් වෙනකන් 350,000 ක් පාසැල් වල එක වසරක ඉන්නවා කියල තමයි මම කියවල තිබුණේ. එහෙමනම් විශාල ප්‍රමාණයකින් උපත් අඩුවෙලා.
ReplyDelete2015 පමණ වන තුරු උපත් ප්‍රමාණය 350,000කට ආසන්නව තිබුණා. ඒ කියන්නේ 2020 වන විටත් පළමු ශ්‍රේණි වල එපමණ සිසුන් ඉන්න ඇති. ඉන් පසුව උපත් ප්‍රමාණය ක්‍රමක්‍රමයෙන් වේගයෙන් පහත වැටී තිබෙනවා. 2024දී 228,091ක් පමණයි.
Delete@ ඉයන් සහ ඉකොනො
Deleteලංකාවේ අධ්‍යාපනය ඉහළ මට්ටමක පැවතීමටත් වඩා මේ ලංකාවේ උපත් ප්‍රමාණය අඩුවීමට හේතුව ජනතාවගො ideological වෙනස්වීම විශේෂයෙන්ම බටහිර රටවල සංකල්ප වලට ලංකාව කෙමෙන් කෙමෙන් නතුවීම, ලංකාවේ ආගමික වශයෙන් එක්තරා ආගමික කණ්ඩායමක් හැර අනෙත් කණ්ඩායම් වල ප්‍රජාව වර්ධනය වීමේ සාමාන්‍ය වේගය අඩුවෙනවා, මේ ගැන දීර්ඝ වශයෙන් සාකච්ඡාවට භාජනය කළොත් නරකද?
උපත් පාලනය වගේ දේවල් හැටේ දශකයේ පමණ සිට ලංකාවේ රාජ්‍ය අනුග්‍රහය ඇතිව ක්‍රියාත්මක කරවීමත් අනෙක් දකුණුදිග ආසියාතික රටවලට සාපේක්ෂව ලංකාවේ ඒක සාර්ථකව ක්‍රියාත්මක වුණා. මේකේ ආර්ථික බලපෑම කුමක්ද?
අමතර ප්‍රශ්නයක් ලෙස ලංකාවේ රජයේ නීතියක් තියෙනව මාන්ඩලික නිලදාරින්ට රාජකාරි කටයුතු වලට වාහනයක් දෙන්න ඔන කියල. ප්‍රාදෙශිය ලෙකම්ට අදයාපන අදයක්ශකට වාහනයක් ඩ්‍රයිවර් එක්ක රජයෙන් තෙල් ගහල දිල තියෙන්නෙ එකට. නමුත් දොස්තරලගෙ රාජකාරියේ සංකීර්ණ බව නිසා සහ ප්‍රමානාත්මකව සංක්යාවෙන් වැඩි නිසා දොස්තරලාට පර්මිට් එක දෙනව. ඒකට ලක්ශ 36 ක බද්දෙන් නිදහස් වෙනව. තමන් එලවන් තමන් තෙල් ගහන් වාහනෙ නඩත්තු තමන් කරන් වාහනෙත් සල්ලි දිල අරන් යන ක්‍රමවෙදය කොච්චර ලාබදායිද අනිත් රජයෙ නිලදාරීන්ගෙගෙ වාහන නඩත්තුවට වඩා? මම ඉන්නෙ CEB එකෙනම් පර්මිට් ලැබෙන සියලුම ඉංජිනේරුවන්ට මන්ඩලෙන් තෙල් ගහල වාහන වෙනම දිල තියනව. දැන් කැබ් දහස් ගානක් ගේන්නෙ මොන පදනමකින්ද එහෙනම් ආන්ඩුවට ඔය ක්‍රමයට විරුද්දනම් ප්‍රතිපත්තියක් විදිහට? යහපාලනය කාලෙ රාජිත දොස්තරල එක්ක ඇරියස් එකට පර්මිට් නැවැත්තුවම රනිල් එක්ක මිටිමේදි පාදෙනියට රනිල් කියනව පර්මිට් දෙන්නැ කියල. පාදෙනිය කියනව අවුලක් නැ අපිට ඒක ඔන නැ. ප්‍රවාහනය ලබා දෙන්න එච්චරයි ඕන කියල. අන්තිමෙ පර්මිට් එක ලැබෙනවා. අනික ඔය බදු සහනය දෙන් ලක්ස 36 එයාලගෙ අවුරුදු 8ක වගෙ පේයි ටැක්ස් එකට සමානයි. මෙච්චර වින් වින් සිටුවෙශන් එකක් තියන වෛද්‍ය පර්මිට් එකට දිමනාවක් දුන්නොත් ඒක මාසෙකට අවමය 50,000/- පනිවි. එකෙන් එන බරට වඩා ඉතා අඩු බරක් රජයට පර්මිට් එකෙන් එන්නෙ. අස්වැසුම ගන්න රජයෙන් යැපෙන එවුන් ෆොම් කරන් වෘත්තිකයන්ට වෛරය වැපිරීමෙ ප්‍රතිපල ආන්ඩුවට නුදුරෙම නෙලාගන්න පුලුවන් වෙයි, මේ ගැනත් විස්තර සහිතව පෝස්ට් එකක් දාන්න පුළුවන්ද?
ඇත්තටම ඉකොනොමැට්ටා 2026 වසර සඳහා වූ බජට් එක හරහා මේ මාලිමා රජයෙන් ජනතාවට දුන් විශාල සහන මේවායි.
ReplyDelete⏯️ අලි එක්ස්ප්‍රස් එකට Temu එකට Trendyol වගේ ඔන්ලයින් භාණ්ඩ අඩුම මිලට ලබාදෙන ඒවාට තවත් බදුපිට බදු ටැක්ස් ගහලා කෙලවලා කොල්ලන්ට කෙල්ලන්ට ඉ-කුවා
⏯️ ඡපන් බයික් තරැණයන්ට දුන්නා
⏯️ කඡු සීයගෙ කාලෙත් ලක්ෂ 40 තිබි්බ පොඩි මිනිහෙක්ට ගන්න තබි්බ වැගන් R එකටත් ලක්ෂ 90 දක්වා Tax ගහලා මිනිස්සුන්ට ඇරියා
⏯️ ලපයගෙ හොර ගැනී ප්රමිෂ්කට විලා ගහන්න රට වටෙි ඉඩන් බෙදනකොට ඔප්පු නැ කියලා ගමිමු වගා කල ඉඩමි වලට ඇරියා
⏯️ වසන්තයා ලස්සන කැලි එක්ක රට යනකොට අනිත් තරැණියොන්ට රැකියා විරහිතව ඉන්න උනා
⏯️ රටට ඩොලර් ගෙනාපු සෝෂල් මිඩියා Youtube , කරන කොල්ලන්ට18%බද්දක් ගහලා ඒකෙනුත් හිගා කෑවා
⏯️ IT වැඩ කාරයන්ව රටෙන් පන්න ගත්තා
⏯️ අස් වැසුම වැඩිකරලා හිගන්නො වගෙ මිනිස්සු ඇති කරා
⏯️ 150 කින් තෙල් අඩු කරා
⏯️ ලක්ස 12ට ස්විස් කාර් දුන්නා
⏯️ මාස හයෙන් විදුලි බිල 6% අඩු කරනවා කියලා 16% වැඩි කරා 😅
⏯️ මහ බැංකු හොරැ ඇල්ලුවා
⏯️ පාස්සකු ප්‍රහාරයේ මහ මොලකාරයා අප්ප්රල් 21 වෙනිදට කීවා
⏯️ ශානි අබෙිසේකරගෙ තිර පිටපතට සතියකට සැරයක් ලංකාවටම හොද නාට්‍යය ටිකක් පෙන්නවා..
තව තියනවා කියනවා නමි් කියන්න මුන් ගැන..වැඩක් නැ ඉතින් කතා කරලා
ඉකොනෝ ශ්‍රී ලංකාවේ මැණික් කර්මාන්තය ඉවරයි. ලැජ්ජයි හඳුන්! ලැජ්ජයි චතුරංග!
ReplyDeleteලෝකයේ නිල් මැණික් (Blue Sapphires) පවතින්නේ රටවල් කිහිපයක පමණයි.
ඒ අතරින් කිසිඳු තර්කයක් නොමැතිවම ලෝකයේ අලංකාරම සහ මිල අධිකම නිල් මැණික් පවතින්නේ ශ්‍රී ලංකාවේ. ඒ ගැන කිසිම තර්කයක් නැහැ.
ශ්‍රී ලංකාවේ සුලබම මැණික් වර්ගයක් තිබෙනවා. ඒ ගෙවුඩ. මේ සුලබතාවය නිසාම අතීතයේ ගෙවුඩ සඳහා නිසි මිලක් තිබුණේ නැහැ.
අතීතයේ ශ්‍රී ලංකාවේ විශේෂයෙන්ම රත්නපුර ආදී ප්‍රදේශ වල ගෙවුඩ මැණික්, නිවාස වල අලංකාරයට පවා යොදාගෙන තිබුණා. ඇතැම් නිවෙස් වල නානකාමර බිත්ති වලට පවා ගෙවුඩ අල්ලා තිබුණා.
ගෙවුඩ ඒ තරම් සුලබයි. එමෙන්ම ගෙවුඩ එකල වටින මැණිකක් නොවෙයි.
ඔය අතරේ 1970 දශකයේ තායිලන්ත ජාතිකයො කණ්ඩායමක් ශ්‍රී ලංකාවට ආවා.
ඔවුන් රත්නපුරයට ගිහින් ගෙවුඩ එකතු කළා. ඔවුන් ලාංකිකයන්ට කිව්වේ තායිලන්තයේ පන්සලක් හදන්න මේ විදියට ගෙවුඩ එකතු කරනවා කියලා.
කතාවට කියන්නේ රත්නපුරේ මිනිස්සු තමන් සතුව තිබුණු ගෙවුඩ ඔවුන්ට දීලා වැන්දා කියලා.
ඒ තායිලන්ත ජාතිකයෝ ලංකාවෙන් ගෙවුඩ අරන් ගිහින් තිබුණේ පොහොර උර වල දාගෙන. ඒ තරම් ඔවුන්ට ගෙවුඩ එකතු වෙලා තිබුණා.
නමුත් අපි රැවටුණු බව දැනගත්තේ ඉන්පස්සේ.
ගෙවුඩ කියන්නේ මැණික් රසායනිකව පරිවර්තනය වීමේ ක්‍රියාවලිය සම්පූර්ණ නොකල අතරමැදි මැණිකක්.
එහි අර්ථය තමයි මැණික් රසායනික පරාවර්ථනය වීමේ ක්‍රියාවලිය බාහිරෙන් සිදු කළ විට මේ ගෙවුඩ වටිනා නිල් මැණිකක්, පුෂ්පරාගයක් හෝ රතු කැටයක් බවට පත් කළ හැකි වෙනවා.
එය නීත්‍යානූකුල, ස්වාභාවික මැණිකක්.
තායිලන්ත ජාතිකයන් ගෙවුඩ පිළිස්සීමෙන් (Heat treatment) නිල් මැණික් සහ වෙනත් වටිනා මැණික් සාදා ගන්නා කලාව ඉගෙන ගෙන තිබුණා.
ඔවුන් ලංකාවෙන් ගෝනි පුරවාගෙන රැගෙන ගිය ගෙවුඩ, පුළුස්සා නිල් මැණික් බවට පත් කරගත්තා. ඒ ඔස්සේ ඩොලර් බිලියන ගණනින් ලාබ ලබා ගත්තා.
මේ බව ශ්‍රී ලංකාවේ මැණික් ව්‍යාපාරිකයන් ප්‍රමාද වී හෝ දැනගත්තා.
ඔවුන්ගෙන් පිරිසක් රුපියල් කෝටි ගණනින් මුදල් වැය කර මේ ගෙවුඩ පිළිස්සීමේ තාක්ෂණය ලංකාවට ලබා ගැනීමට පරීක්ෂණ කළා.
පරීක්ෂණ ගණනාවක් අසාර්ථක වී, රුපියල් කෝටි ගණනාවක් දිය වී, අවසානයේ ඔවුන් සාර්ථක වුණා.
ලෝකයේ හොඳම මැණික් පිළිස්සීමේ උඳුන්, විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ රළු මැණික් පිළිස්සීමටම විශේෂඥ උඳුන්, තාක්ෂණය සහ කාර්මිකයන් ඔවුන් ගොඩනැගුවා.
ඒ පසුපස විශාල මුදලක් සහ අසාර්ථක උත්සාහයන් ගණනාවක් තිබුණා.
එතැන් පටන් මෙරට ගෙවුඩ සඳහාත් වටිනාකමක් නිර්මාණය වුණා. ඒ මිල කිසිසේත්ම ගෙවුඩ පිළිස්සීමෙන් නිර්මාණය කරනා අගය එකතු කළ මැණික් වලට සමාන නොවුනත්, ගෙවුඩ පැවති මිලට වඩා ඉහළ වටිනාකමක් නිර්මාණය වුණා.
තායිලන්තය විසින් සිදු කළ ජාවාරම නැවතුණා.
ශ්‍රී ලංකාව තුළම ගෙවුඩ නිල් මැණික් බවට පරිවර්ථනය වුණා. ඒවා විකුණා මෙරටට විශාල විදේශ විනිමයක් උපයා ගත්තා.
ඒ කර්මාන්තය දිනෙන් දින පුලුල් වුණා.
මැණික් පිළිස්සීම සහ ඔප දැමීම, උඳුන් නිෂ්පාදනය, අලුත්වැඩියාව යන ක්ෂේත්‍ර වල දහස් ගණනකට රැකියා නිර්මාණය වුණා.
ගෙවුඩ විකුණා ලැබෙන මුදලට වඩා සිය ගුණයක් පමණ ආදායමක් නිල් මැණික් විකිණීමෙන් ශ්‍රී ලංකාව ලැබුවා.
Deleteනමුත් පෙර කියූ ලෙසම මේ තාක්ෂණය සෑම මැණික් ව්‍යාපාරිකයෙකු සතුව නැහැ.
ඇතැම් ව්‍යාපාරිකයන් ඊට අවශ්‍ය ප්රාග්ධනය වැය කිරීමට හෝ පර්යේෂණ කිරීමට මහන්සි වුණේ නැහැ.
අන්න ඒ ජාවාරම්කරුවන් දිගින් දිගටම අඩු මිලට ගෙවුඩ මිල දී ගෙන, තායිලන්තයට අපනයනය කළා.
තවමත් මැණික් පොලවල් සහ ප්‍රාදේශීය කුඩා වෙන්දේසි වල සැබෑ වටිනාකමට වඩා අඩු මිලට ගෙවුඩ අලෙවි වනවා.
ජාවාරම්කරුවන් තායිලන්තයට හොර පාරෙන් රැගෙන යන්නේ ඒ ගෙවුඩ.
එය ශ්‍රී ලංකාවට විශාල පාඩුවක්. තායිලන්තයට විශාල ලාභයක්.
නමුත් මේ ජාවාරම්කරුවන්ගේ පැත්තෙන් ඔවුන් කිසිදු ආයෝජනයක් නොකර, අවදානමක් නොගෙන පහසුවෙන් සුලු හෝ ලාභයක් උපයන නිසා එම ක්‍රියාවලිය ඔවුන්ට ලාභදායකයි.
මෙය රටට මහා පාඩුවක් බව තේරුම් ගත්තු හිටපු පාලකයන් මෙලෙස රළු මැණික්, විශේෂයෙන්ම ගෙවුඩ අපනයනය කිරීම තහනම් කළා.
එය සිදු කළේ මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය සම්බන්ධ නියාමන පනතින්.
ඒ අනුව මෙරටින් හමුවන ගෙවුඩ, අනිවාර්යෙන්ම අගය එකතු කළ මැණික් කළ යුතුයි.
අපනයනය කළ හැක්කේ ශ්‍රී ලංකාවට වැඩි ලාභයක් ලැබෙන අගය එකතු කළ මැණික් පමණයි.
ගෙවුඩ පුළුස්සා වටිනා මැණික් බවට පරිවර්ථනය කිරීමෙන් මිසෙක ගෙවුඩ විකිණිය නොහැකියි.
ඒ නීතිය මැද වුනත් ඇතැම් ජාවාරම්කරුවන් පිරිසක් සිංගප්පූරුව හරහා ගෙවුඩ තායිලන්තයට අපනයනය කළා.
එය බොහොම රහසිගතව, රේගුවට කප්පම් ගෙවා සිදු කරන හොර වැඩක්. ජාවාරමක්.
එය නීතිවිරෝධියි. අත්අඩංගුවට පත්විය හැකි වරදක්.
අලුත්ම තත්ත්වය තමයි මේ මැණික් ජාවාරම්කරුවන් කර්මාන්ත ඇමති සුනිල් හඳුන්නෙත්ති සහ නියෝජ්‍ය ඇමති චතුරංග අබේසිංහ තමන්ගේ සාක්කුවට දාගෙන.
දැන් ශ්‍රී ලංකාවේ කර්මාන්ත ඇමතිවරයාම, මැණික් හා ස්වර්ණාභරන පනත සංශෝධනය කිරීමට යනවා.
එහිදී ඔවුන් රළු මැණික් එනම් අගය එකතු නොකළ ගෙවුඩ අපනයනය කිරීම නීතිගත කිරීමට උත්සාහ කරනවා.
76 වසරක ශාපයක් යයි කියූ පාලකයන් විසින්, මෙරට මැණික් කර්මාන්තය රැකගැනීමට පැනවූ නීතියක්, මාලිමාවේ හඳුන් ලා ජාවාරම්කරුවන්ගේ අවශ්‍යතාවයට වෙනස් කිරීමට යනවා.
මේ නීතිය වෙනස් වූ සැණින් ගෙවුඩ රළු මැණික් වශයෙන් අපනයනය කළ හැකියි.
අගය එකතු කිරීමේ ශුද්ධ ලාභය තායිලන්තයට, සිංගප්පූරුවට හෝ ඉන්දියාවට.
එමෙන්ම තවමත් ශ්‍රී ලංකාවේ සුලභම මැණික් වර්ගය ගෙවුඩ.
තවමත් සෘජුවම කුඩා මැණික් වෙන්දේසි ඔස්සේ සැබෑ අගය එකතු කළ මැණිකේ වටිනාකමට වඩා බොහෝ අඩුවෙන් ගෙවුඩ මිලට ගත හැකියි.
ගෙවුඩ අපනයනය නීතිගත කළ සැණින් විදේශීය ආයතන වලට සෘජුවම ශ්‍රී ලංකාවේ මැණික් කර්මාන්තයට සම්බන්ධ වී ඉතා අඩු මිලට ගෙවුඩ රැගෙන යා හැකියි.
තායිලන්ත ජාතිකයන්ට නැවත මෙරට මැණික් වෙළඳපොලට සම්බන්ධ විය හැකියි.
හඳුන්නෙත්ති ප්‍රකාශ කරන්නේ ශ්‍රී ලංකාවේ දී අගය එකතු කළ නොහැකි මැණික් පමණක් අපනයනයට අවසර ලබා දෙන බව.
නමුත් එය පට්ටපල් බොරුවක්. කොලේ වහලා ගැහිල්ලක්.
වර්තමානයේ ශ්‍රී ලංකා ගෙවුඩ පිළිස්සීමේ විශේෂඥ ඥානය ඇත්තේ ශ්‍රී ලංකාවට.
ශ්‍රී ලංකාවේ දි අගය එකතු කළ නොහැකි මැණික් දැන් නැහැ.
මේ ඩොලර් බිලියන ගණනක වංචාවක්. රටට විදේශ විනිමය ඩොලර් බිලියන ගණනක් අහිමි වෙන වැඩක්.
අප මහජන බදු මුදලින් තේ කර්මාන්තකරුවන්ට ලාභ අත් කර දී, තේ කර්මාන්තය රැකගැනීමට උත්සාහ කරනවා.
නමුත් තේ කොල ටොන් ගණනක් විකුණා ලබන මුදල, එක් නිල් මැණිකක් විකුණා ලැබිය හැකියි.
මේ එතරම් විශාල කර්මාන්තයක්.
මේ ගණුදෙනුව පසුපස හදුන්නෙත්ති සහ චතුරංග අබේසිංහ දැමූ ඩීල් දන්නේ ඔවුන් පමණයි.
කෙසේ වෙතත් ජාවාරම්කරුවන්ට විකිණී, මේ පනත වෙනස් කළ සැණින් මෙරට මැණික් කර්මාන්තයේ අභාවය ලියවෙනවා.
අවසානයේ එක් දිස්ත්‍රික්කයකින් රටම ගොඩදැමිය හැකි යයි කියූ හදුන්නෙත්ති, රත්නපුර දිස්ත්‍රික්කයේ මැණික් කර්මාන්තයත් සහමුලින්ම විනාශ මුඛයට ඇද දමනවා.
[මේ පිළිබඳව නමුත් අද මේ ගැන ඉතාම සවිස්තරාත්මක වීඩියොවක් ෆේස්බුක් එකේ Malin De Dias විසින් සිදු කර තිබුණා. ඒ වීඩියොවත් නරඹන්න. ඔහු ඉතාම නිවැරදිව, මහන්සි වෙලා මේ කරුණ මතු කරලා තිබුණා.]
පුරෝකථන වගෙ එක එක අනුමාන
ReplyDeleteකෙරුණත් වර්ධනය වෙන හැටි ජනගහන
හිතුවෙත් නැති පරිදි ඒවා වෙනස් වුණ
අතීතයකි ඇත්තේ අමතක නොවන
පුරෝකථන වාගෙම නෙක අනුමාන
ReplyDeleteකෙරුණත් අතීතයෙ එක එක සංකථන
වර්ධන සිද්ද වෙන හැටි ගැන ජනගහන
ඒවා සිද්ද වුණෙ නොහිතුව විලසකින
2022 කියන්නෙ උපත් සෑහෙන අඩුවුණ වසරක් වෙන්න ඕන. කොරෝන කාලෙ ගෙවල් වල හිටියට MOH එක සෘජු බලපෑමක්කලා ළමයි හදන එක අඩු වෙන්න. 2028 දි ඒක හරියටම බලා ගන්න පුලුවන් කියල හිතනව
ReplyDelete@ Economatta
ReplyDeleteනව ලිබරල්වාදීන් කියන විදියට හැමදේම වෙළඳපොලට පවරා නිහඬවීම ප්‍රායෝගිකව අසාර්ථකයි නේද? විවෘත වෙළඳ පොලක වුණත් මිල ඍජුව හෝ වක්‍රව නියාමන පාලනයක් අවශ්‍යයි. නැත්නම් දේශීය ව්‍යාපාර සහ ගොවියන් රැකගත නොහැකියි. අමරිකා එක්සත් ජනපදය බදු පැනවුයේත් ඒනිසයි. ඉන්දියාව විවෘත වෙළඳ ක්‍රමය පවත්වාගෙනියත් ආනයන අපනයන නීති මගින් සහ ප්‍රාන්ත වල විවිධාකාර නීති හරහා අවසානයේ මිල අනුව ස්වදේශීය නිෂ්පාදන රැකගකී.
ලංකාවේ වරායෙන් කන්ටේනර් 323ක් හොරෙන් පැන්නවීමේ මහා වංචා දූෂණ විමර්ශනය යටගසා තිබෙනවා මෙයිට කලින් රේගු වෘතීය සමිතිය හෝ එකල ජ.වි.පෙ. මෙවැනි දෙයක් වුනානම් මහජනයා දැනුවත්කලා. එය ඔවුන් කල වැදගත් වැඩක්. නමුත් රතු හෝ කහ ලේබල සහිත කන්ටේනර් පිටවූබවට මින්පෙර එසේ සඳහනක් නෑ. කොලපාට ලේබලය සහිත අනතුරු දායක නොවෙන කන්ටේනර නිදහස්කර පසුව ලබාගන්නා අයගේ ස්ථානයේ දී පරීක්ෂා කිරීම සුපුරුදු ආකාරයයි.(තිබේනම් පලකරන්න) එහෙම නැතුව එම වෘතීය සමිති ඩීල් දමා පුසිද්ධ නොකල දෙයක් ඔබ දන්නා බවද මේ කියන්නේ.
"කලින් පුවත් මැවූ දුෂණ වංචා පිලිබඳ මේ වනතෙක් ක්‍රියාමාර්ග නොගැනීම "
මේක පට්ට බොරු වෙන්න නම් අද උගන්ඩාවට ගෙනිච්ව සල්ලි අපිට ලැබිලා මහින්ද රාජපක්ෂ හිරේ ඉන්න ඕනෑ.
ප්‍රගීත් එක්නැලිගොඩ, ලසන්ත වික්‍රමතුංග ඝාතන පරීක්ෂණ විසඳී තියෙන්න ඕනෑ.
අර්ජුන් මහේන්ද්‍රන් වංචා කල මුදල මහභාණ්ඩාගාරයට ලැබී මිනිහා හිරේ ඉන්න ඕනෑ.
මිස්ටර්10% (බැසිල් රාජපක්ෂ) හිරේ ඉන්න ඕනෑ
රෝහණ විජේවීර මහතා අමු අමුවේ ඝාතනය කිරීමට සම්බන්ධ හමුදා නිලධාරියා තානාපති කමක නොව දඩුවම් ලැබ හිරේ ඉන්න ඕනෑ.
තාජුඩීන් ඝාතනය ගැන විධිමත් පරීක්ෂණයක් ඕනෑ.
කාටත් දැන් අමතක පාස්කු ප්‍රහාරය ගැන නිවැරදි පරිීක්ෂණයක් ඕනෑ.(මේක වෙන්න නම් ලංකාව චීනයේ යටත්විජිතයක් වෙන්න වෙයි)
ඩෝබිලා නම් එංගලන්තය ඔස්ට්‍රේලියාවට වෙලා ලංකාවේ දේශපාලනය ගැන පොරටෝක් දෙයි චන්දෙවත් නොදී අපි නේ ලංකාවෙ ඉන්නේ
කලින් රජයන් නොකල නිසා නේ මේරජය බලයට ගෙනාවේ. LOLC ඉශාර නානායක්කාර ගෙවියයුතු බදු රු ට්‍රිලියනයක් පමණ බවයි අසාඇත්තේ. මෙය හරියටම දන්නේ ජනාධිපති මූල්‍ය උපදේශක තුමා සහ inland revenue.(ධම්මික පෙරේරා සහ ඩඩ්ලි ගැන නොදනිමි.)
මම කියන්නේ යහපාලන සමයේ විදේශ වෙළඳාම සම්බන්ධ ප්‍රතිපත්තියක් ගැන මම හිතන්නේ ඉකොනෝ ඒකගැන දන්නේනැහැ. ඊට කලින් විදේශ අපනයනයකින් ලැබෙන මුදල් මාස3ක් ඇතුලත නැවත ශ්‍රී ලංකාවට ආයුුතුයි දැන් ඒ නීතිය නැහැ. එම මුදලින් විදේශ ව්‍යාපාර හෝ තැම්පතු ඇරඹියහැකියි. දැන් අපේ Export ගිනුම ඉහලගියාට එම මුදල් රටට ලැබෙන්නේ නැහැ. මේක බරපතල ප්‍රශ්නයක් අඩුම තරමේ එය දැනගතයුතුයි. මේ ගැන විස්තර සහිතව පෝස්ට් එකක් දාන්න පුලුවන්ද?