වෙබ් ලිපිනය:

Thursday, March 7, 2019

කෝච්චියේ හිඟන්නා සහ රන්ජන්


අවුරුදු 25 ක් තිස්සේ සිඟාකෑමෙන් උපයා ගත් මුදලින් ගෙවල් තුනක් තනා ඇති, රුපියල් ලක්ෂ පහක බැංකු තැන්පතු වලද හිමිකරුවෙකු වන අයෙක් දුම්රිය ආරක්ෂක නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇති බව ගොසිප්ලංකානිවුස් වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා. එයින් නිවාස දෙකක් සිය දියණියන් දෙදෙනාට දෑවැදි සේ දී ඇති බවත්, තෙවැන්නේ තමන් පදිංචිව සිටින බවත් පවසා ඇති ඔහු කුලියට දීම පිණිස තවත් නිවසක් හදමින් සිටින බවත්, තමන්ගේ මාසික ආදායම රුපියල් 150,000ක් බවත් පවසා තිබෙනවා.

මේ අතර යූටීයුබ් නාලිකාවක් සමඟ එක් වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක විසින් ඔහුගේ කුලී නිවසේ ඇතුළත දර්ශන පෙන්වනවා. එහිදී ඔහු උජාරුවෙන් කියන්නේ තමන් සතුව කිසිදු නිශ්චල දේපොළක් නැති බවයි. මේ බව ඔහු මීට පෙරද කියා තිබෙනවා.

ඇතැම් අයගේ විග්‍රහ අනුව ප්‍රාග්ධනය අහිමි පන්තියේ අය හා ප්‍රාග්ධනය හිමි පන්තියේ අය කියා කොටස් දෙකක් ඉන්නවා. එය පැහැදිලි බෙදීමක්. දැන් අර හිඟන්නා අයිති වෙන්නේ ඔය කොයි පංතියටද? රංජන් ඉන්නේ ඒ පංතියේමද? නැත්නම් ඉහළ හරි පහළ හරි පංතියකද?

තවත් සමහර කියන විදිහට ඒ අය තමන් ප්‍රාග්ධනයේ වහළුන්ව සිටින බව අවබෝධ කරගෙන සිටින අයයි. තමන්ගේ වහල්කම අවබෝධ කරගන්න එකනම් නරක නැහැ.

වහල්කමෙන් මිදෙන්න අවශ්‍ය වන පළමු කොන්දේසිය වන්නේ තමන් වහලෙක්ව සිටින බව අවබෝධ කරගැනීම බවට මේ අය කියන කතාවේනම් වරදක් නැහැ. වැරැද්ද තියෙන්නේ වහල්කමෙන් මිදෙන්න උත්සාහ කරන ආකාරයේයි.

තවත් සමහර සමාජවාදීන් තමන්වත් කුමක්දැයි හරියටම නොදන්නා පරිභෝජනවාදයක් ගැන නන් දොඩවන අතර පරිභෝජනවාදය ධනවාදය එක්ක ඈඳන්න උත්සාහ කරනවා.

පරිභෝජනවාදය කියන වචනය මා එතරම් කැමති වචනයක් නෙමෙයි. මේ වචනය භාවිතා කරන අය හිතන ආකාරය අනුව මිනිහෙක්ට ජීවත් වෙන්න අවශ්‍ය මූලික දේ මිල දී ගැනීම පරිභෝජනවාදයක් නෙමෙයි. එතැනින් එහාට වෙනත් දේ අයිති කරගැනීමට උත්සාහ කිරීම පරිභෝජනවාදයයි. ඔය සංකල්පයේම වුවත් තියෙන අවුල වන්නේ ඔය මූලික දේ කියන එකත් පුද්ගලයාට සාපේක්ෂ දෙයක් වීමයි.

පන්ති බෙදීම් කොහොම වුනත් ඇතැම් අය ඉපදෙන්නේ උරුමයෙන් කිසියම් ප්‍රාග්ධනයකට හිමිකම් කියමිනුයි. නමුත්, සියල්ලන්ටම ඒ වාසනාව නැහැ. පළමු කණ්ඩායමට තමන්ගේ ශ්‍රමය වගේම ප්‍රාග්ධනයත් ආයෝජනය කර ආදායම් ඉපැයිය හැකි වුවත්, දෙවන කණ්ඩායමට කළ හැක්කේ තමන්ගේ ශ්‍රමයේ ආන්තික ඵලදායීතාවයට සමාන ආදායමක් ලබන්නට පමණයි.

හැබැයි එහෙම වුනා කියා දෙවන කණ්ඩායම ප්‍රාග්ධනයේ වහළුන් සේ හැමදාම ජීවත් විය යුතු නැහැ. ඔවුන්ටත් ප්‍රාග්ධනයේ හිමිකරුවන් වෙන්න සහ ඔවුන්ගේ දරුවන් ප්‍රාග්ධනය අහිමිව ඉපදෙන එක වලක්වන්න බැරිකමක් නැහැ. ඒ සඳහා කරන අරගලයක් කරන්න තියෙන්නේ තමන් එක්කම මිස වෙන කවුරුවත් එක්ක නෙමෙයි. තමන්ගේ ඇඟ හොල්ලන්ගේ නැතුව අනුන්ගේ මහන්සියෙන් උපයාගත් ප්‍රාග්ධනය සාමූහික අරගලයකින් පැහැරගන්න බලා ඉන්න අයටනම් ඉතිං හැමදාම ප්‍රාග්ධනයේ වහල්ලු විදිහටම තමයි ඉන්න වෙන්නේ.

ප්‍රාග්ධනය කියන්නේ පරිභෝජනය කර අවසන් කර නොදැමූ ශ්‍රමයේ ප්‍රතිලාභ මිස වෙන දෙයක් නෙමෙයි. අපි හිතමු කිසිදු ප්‍රාග්ධනයක උරුමයක් නැතිව ඉපදෙන හා තමන්ගේ ශ්‍රමය වෙනුවෙන් එක සමාන ආදායම් උපයන දෙදෙනෙකු ගැන. මේ දෙන්නාගෙන් පළමුවැන්නා තමන්ගේ ආදායම පරිභෝජනය වෙනුවෙන් වැය කරද්දී දෙවැන්නා තමන්ගේ පරිභෝජනය සීමා කර ආදායමින් අඩක් ඉතිරි කළොත් කලක් යද්දී දෙවැන්නා සතුව කිසියම් ප්‍රාග්ධනයක් එකතු වෙනවා. ඇයගේ ශ්‍රමයේ ආන්තික ඵලදායීතාවයට අමතරව මෙසේ එක්රැස් කරගත් ප්‍රාග්ධනය ආයෝජනය කර ප්‍රාග්ධනයේ ආන්තික ඵලදායීතාවයට සමාන අමතර මුදලකුත් ඇයට උපයන්න පුළුවන් වන නිසා පසු කාලයේදී ඇයට මුලින් මෙන් පරිභෝජනය සීමා කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඇයට තමන්ගේ ආදායම් සැලකිය යුතු මට්ටමක තබාගනිමින්ම පරිභෝජනය සැලකිය යුතු ලෙස වැඩි කළ හැකියි.

මේ වගේ වෙලාවක පළමුවැන්නාට දෙවැන්නා දිහාවට ඇඟිල්ල දික්කර ඇය පරිභෝජනවාදයේ ගිලී සිටින බව කියන්න පුළුවන්. එහෙත්, ඇත්තටම මෙහි නියම පරිභෝජනවාදියා පළමුවැන්නාමයි.

මගේ අර්ථදැක්වීම අනුවනම් පරිභෝජනවාදියෙක් කියා කියන්න පුළුවන් තමන්ගේ ආදායමට ඔරොත්තු නොදෙන තරමින් වියදම් කරන කෙනෙක්ටයි. අපි හිතමු ගුරු වෘත්තියේ යෙදෙන කෙනෙක් මරුටි මෝටර් රථයක් ගත්තා කියා. නමුත්, ඇයට වාහනය දිනපතා පාවිච්චි කරන්න තරම් ආදායමක් නැති නිසා වැඩට යන්නේ දුම්රියේ. ඉඳහිට මගුල් ගෙදරක යන්න හෝ හන්දියට යන්න පමණක් පාවිච්චි කරන මේ මෝටර් රථයේ කල්බදු පොලී, ආදායම් බලපත්‍ර, දුම්බදු ආදිය ලෙස දැන් මාසික පඩියෙන් බාගයක් පමණ වැය කළ යුතුයි. ඒ නිසා මාසෙ අන්තිමේදී අතේ සතපහක් ඉතුරු වෙන්නේ නැහැ.

ඔය එක්කම දොස්තර කෙනෙක් තමන්ගේ වාහන බලපත්‍රය යටතේ අධි සුඛෝපභෝගී මෝටර් රථයක් මිලදී ගෙන එය දිනපතා පාවිච්චි කරනවා. පයින් යා හැකි ගමනක් යන්නේත් මෝටර් රථයෙන්. එහෙම කළත්, ඇය උපයන ආදායමෙන් වැඩි කොටසක් තවදුරටත් ඈ වෙත ඉතිරි වෙනවා. දැන් ඇය මරුටි මෝටර් රථයක් මිල දී නොගෙන අධි සුඛෝපභෝගී මෝටර් රථයක් මිලදී ගැනීම නිසා ඈ පරිභෝජනවාදයේ ගිලී සිටින බව කියන්න පුළුවන්ද? හරිනම් මෙහි පරිභෝජනවාදයේ ගිලී ඉන්නේ මරුටි මෝටර් රථය පාවිච්චි කරන ගුරුවරියයි.

කොහොම වුනත්, ඉහත කී පළමුවැන්නා ගිණි පොලියට මරුටි මෝටර් රථයක් මිල දී ගෙන ඇත්නම් එය ඇගේ කැමැත්තයි. ඒ නිසා ඈ පරිභෝජනවාදයේ ගිලී සිටින බවට චෝදනා කරන්න මම කැමති නැහැ. නමුත්, ඇගේ චර්යාව හේතුවෙන් ඇයට ප්‍රාග්ධනයේ වහලෙක්ව සිටින්න සිදු වී ඇත්නම් එයට පවතින ක්‍රමයට හෝ වෙන කාටවත් දොස් කියා පලක් නැහැ. පවතින තත්ත්වය වෙනස් විය යුතුයි කියා ඈ හිතනවානම් එය කරගැනීමට යතුර තියෙන්නේ ඈ අතේමයි. ඒකට තවත් අය හවුල් කරගෙන සාමූහික අරගල කරන්න දෙයක් නැහැ.

අර කොටුවේ හිඟන්නා විසින් පෙන්වා දී තිබෙන්නේ අධිෂ්ඨානයක් ඇත්නම් හිඟා කා වුවත් ප්‍රාග්ධනය එක්රැස් කරගත හැකි බවයි. ඔහු තමන් ඉපැයූ ආදායම මත්පැන්, මත්ද්‍රව්‍ය හෝ වෙනත් පරිභෝජන ද්‍රව්‍ය වෙනුවෙන් වැය නොකර මෙවැනි ආයෝජනයක් කිරීම අගය කළ යුතු දෙයක්. ඔහු එසේ කළ නිසා ඔහුගේ දරුවන් ඔහු මෙන් හිඟන්නන් වී නැහැ.

දැන් කාට හෝ කියන්න පුළුවන් ඔහු ආදායම් උපයා තියෙන්නේ කිසිවක් නොකර හිඟා කෑම හරහා බව. හිඟා කෑමත් කලාවක්. එය හැමෝටම කරන්න බැහැ. හිඟා කා වැඩි ආදායමක් ලැබිය හැක්කේ ඒ සඳහා වැඩි කුසලතාවයක් තිබෙන අයෙකුටයි.

හිඟන්නෙක් කාගෙන්වත් බලහත්කාරයෙන් මුදල් ගන්නේ නැහැ. හිඟන්නෙක්ට රුපියල් පහක් දෙන කෙනෙක් එය කරන්නේ කැමැත්තෙන්. එසේ කිරීමෙන් ඇය ඇතැම් විට පිනක් බලාපොරොත්තු වෙනවා වෙන්න පුළුවන්. එසේ නැත්නම් අහිංසක පුද්ගලයෙක්ට උදවුවක් කළා කියා සතුටු වෙනවා වෙන්න පුළුවන්. සමහර වෙලාවට තමන් අනුන් ගැන හිතන කෙනෙක් බව වෙනත් අයට පෙන්වන්න රුපියල් පහක් දුන්නා වෙන්නත් පුළුවන්. මේ මොකක් වුනත් රුපියල් පහක් හිඟන්නෙක්ට දෙන කෙනෙක් එයින් ලබා ගන්නා දෙයක් තිබෙනවා. යමෙක් රුපියල් පහක් හිඟන්නෙක්ට දෙන්නේ එයින් ලැබෙන හිතේ සතුට හෝ වෙනත් කවර හෝ දෙය රුපියල් පහකට වඩා වටින නිසයි. හිඟන්නා විසින් මෙහිදී ඒ සතුට හෝ වෙනත් දෙය ලබාගන්න අදාළ පුද්ගලයාට උදවු කරනවා. රුපියල් පහ ඇයට ඒ වෙනුවෙන් ලැබෙන ගාස්තුවයි.

රන්ජන් වගේ කලාකරුවන්ගේ ඉඳලා දේශපාලනඥයින්, පූජකයින් ඇතුළු බොහෝ වෘත්තිකයින් විසින් කරන්නෙත් මිනිස්සුන්ව කවර ආකාරයකින් හෝ සතුටු කරලා එහි මිල අය කරගන්න එකයි. හිඟන්නෙක් කරන්නෙත් ඒකම තමයි. සරලව කියනවනම් අනික් අයට ආතල් එකක් දෙන එක.

රනිල් තිරුපති ගිහින් තමන්ගේ බරට හඳුන් පුදන්නේත්, මහින්ද ඒ විදිහටම ගිතෙල් පුදන්නේත් තිරුපති ගමනෙන් ඒ අයට ලැබෙන මොකක් හෝ ආතල් එකක් තියෙන නිසයි. ගින්නෙන් උපන් හීතල නායකයෙක්ගේ කතා අහන තරුණියක් තමන්ගේ කරාබු දෙක ගලවලා වේදිකාවට විසි කරන්නේත්, තරුණයෙක් ඒ නායකයා වෙනුවෙන් කට්ට කාගෙන නොමිලේ වැඩ කරන්නේත් ඔය හේතුවටමයි.

දුම්රියපොළේ හිඟන්නා තමන්ගේ ආදායම මුළුමනින්ම පරිභෝජනය වෙනුවෙන් වියදම් නොකර එයින් කොටසක් ආයෝජනය කර තිබෙනවා. හිඟන්නාගේ මාසික ආදායම මෙන් කිහිප ගුණයක ආදායමක් නූපයන්නට හේතුවක් නැති රන්ජන් එසේ කර නැහැ. ඒ නිසා, ඔහුට ඔහු සතු කිසිදු නිශ්චල දේපොළක් නැහැ. ඕක ඒ තරම් ආඩම්බර වෙන්න දෙයක්නම් නෙමෙයි. හැබැයි ඉතිං තමන් උපයන ආදායම වියදම් කළ යුත්තේ කොහොමද කියන එක ඔහුගේ කැමැත්ත.

ඔය වගේ තමන් උපයන ආදායම් ඒ වෙලාවේ පරිභෝජනය කර අවසන් කර දමන, තමන්ටම කියා ප්‍රාග්ධනයක් අයිති කර ගැනීම පිණිස කිසිදු කැප කිරීමක් නොකරන ඇතැම් අය පස්සේ කියන කතාවක් තමයි සමාජය වෙනුවෙන් වැඩ කළ නිසා තමන් හිඟන්නෙක් වූ බව. කවුරු හෝ සමාජය වෙනුවෙන් වැඩක් කළා කියා කියනවානම් ඒ කරපු වැඩේ වටිනාකම මනින්න තිබෙන හොඳම නිර්ණායකය තමයි ඈ ඉපැයූ ආදායම. උදාහරණයක් විදිහට අර කොටුවේ හිඟන්නා අඩුවශයෙන් මාසයකට රුපියල් 150,000ක ආතල් එකක් දුම්රිය මගීන්ට දීල තියෙනවා. එහෙම නැතුව කවුරු හෝ කියනවානම් තමන් පාඩුවට යමක් කළා කියා, ඈ එය කර තිබෙන්නේ තමන්ගේ ආතල් එක වෙනුවෙන්ම මිසක් සමාජය වෙනුවෙන් නෙමෙයි.

(Image: http://www.dailymirror.lk/weird-news/When-the-dumb-beggar-started-talking/310-161664)

14 comments:

  1. Good explanation Econ. Temptation is the word, we are trapped in consumer economy, no amount of Buddhism can stop us getting out of this wishes circle.

    This bad publicity for upper middle class beggars. This story will be a proof for my wife to say its no point giving money to beggars. Well, for me 'Chethanhang bikkhaway kammng wadami' I do not over analyse life.

    ReplyDelete
    Replies
    1. @ Wijebahu,

      රාජපක්ෂ යනු හුදු පුද්ගලයකු නොවේ. රාජපක්ෂ යනු සමාජ ක්‍ර‍මයකි. එහි මූලික ලක්ෂණය අන්ත පසුගාමිත්වයයි. එය වනාහි රජාට ඇඳීමේ, කේන්දරකාරයන් ලවා අන්දාගැනීමේ, ජාතිවාදයේ පටන් ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදයට, යහපාලනයට, නීතියේ ආධිපත්‍යයට, දූෂණ විරෝධයට හා මිනිස්කමට පවා නිගරු කරන ක්‍ර‍මයකි. අප එරෙහි වන්නේ මහින්ද රාජපක්ෂ නම් පුද්ගලයාට හෝ ඔහුගේ සමීපස්ථ පවුලට හා අන්තේවාසිකයන්ට පමණක් නොවේ. සමස්තයක් ලෙස මෙම දුෂ්ට පසුගාමී සමාජ ක්‍ර‍මයට ම අපි එරෙහි වෙමු. ඒ නිසා මන්ත්‍රීවරුන් මිළ දී ගෙන, ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදයට පමණක් නොව යුක්තියට ද විහිළු කරමින් බලය තහවුරු කරගත්තත් අප නම් රාජපක්ෂ පිළිගන්නේ ද, ඔහුගේ ක්‍ර‍මයට ගරු කරන්නේ ද නැත.
      ලංකාව සාධනීය ලෙස වෙනස් කරන්නට නම් රාජපක්ෂ ක්‍ර‍මය පරාජය කළ යුතු ය. අප 2015 ජනවාරි 8 මෛත්‍රීපාල සිරිසේන 62 ලක්ෂයක ජනවරමකින් බලයට පත් කළේ ඒ වෙනුවෙනි. ඒ වෙනුවෙන් උර දුන් ප්‍ර‍ධාන ම දේශපාලන පක්ෂය එක්සත් ජාතික පක්ෂයයි. එම පක්ෂයේ අනේක අඩුපාඩු තිබේ. එහෙත්, ඒ සියල්ල ම අතර එම පක්ෂයේ නායකත්වයෙන් බොහෝ සාධනීය දේ සිදු විය. රාජ්‍ය ප්‍ර‍තිසංස්කරණ, නීති සංශෝධන, ආයතන ශක්තිමත් කිරීම, ස්වාධීනත්වය ඇති කිරීම, නිදහස, සංස්කෘතික නවීනත්වය වැනි බොහෝ දේ ඒ අතර වේ. නාගරික සංස්කෘතිය සමග බැඳුණු මෙකී බොහෝ ලක්ෂණ පසුගාමී ග්‍රාමීය සංස්කෘතිය හිස් මුදුනින් වැළඳ ගත් පසුගාමී ප්‍ර‍ජාවන්ට ජීර්ණය නොවූ බව ඇත්තකි. මහජනයා වෙනස වෙත යොමු කිරීමේ උපායශීලී නායක පෞරුෂයක් එජාප නායකත්වයෙන් පළ වූයේ නැත. එජාපයට දැන් තිබෙන නායකත්වයට විකල්පයක් ද නැත.
      මහජනයා තබා ජනාධිපති සිරිසේන නම් පසුගාමී චරිතය මෙහෙයවාගෙන යාමට හෝ එජාපට උවමනාවක් හෝ වැඩපිළිවෙලක් නොතිබිණි. අවසානයේදී සිදු වුණේ හරකා කඹේ කඩාගෙන ගියා වැනි වැඩකි. ඌ ගියේ සුපුරුදු ගාලට ය. ඒ ගැන පුදුම විය යුුතු නැත.
      සමාජ වෙනස්කම් ඉබේ සිදුවන්නේ නැත. ඒ සඳහා නායකත්වයන් අවශ්‍ය ය. එජාපට එවැනි නායකත්වයක් සැපයිය නොහැකි බව මෙම අත්දැකීමෙන් ද ඔප්පු විය. එසේ නම් දැන් කරන්නට තිබෙන්නේ කුමක් ද?
      62 ලක්ෂයේ ජනවරම තවමත් වෙනස් වී නැත. එසේම, ඒ අපේක්ෂාවල යුක්තියුක්තභාවය ද අහෝසි වන්නේ නැත. අපට දැන් අවශ්‍ය වන්නේ ඒ ජනවරමට අලුත් නායකත්වයකි.

      Copied from Ajith Perakum

      Delete
  2. බ්ලොග් ලිවීමෙන්, කියවීමෙන්, ප්‍රතිචාර දැක්වීමෙන් ඒ දිනවල ලැබුණු ආතල්ලෙක ක්‍රමයෙන් අඩුවී ගොස් ඇත!

    ReplyDelete
    Replies
    1. පොඩි ආතල් එකක් තියෙන නිසා තවම ලියනවා. හැබැයි අවුරුද්දකට කලින් වගේ වෙනකම් තිබුණු ගැම්ම දැන් අඩුයි. රසිකම කලින් කිවුවා වගේ සිංහල බ්ලොග් කියන්නේ අනුපූරක මිස ආදේශක නොවීම එක හේතුවක්. එකක් වැටෙන කොට අනිත් ඒවටත් බලපානවා.

      Delete
  3. රන්ජන් මන්ත්‍රී වාහන පර්මිට් එක විකුණලා සල්ලි අරගෙන තියෙනවා. ඒ බව නාගනන්ද කොඩිතුවක්කුට ප්‍රකාශ කරලත් තියෙනවා.ඒ නිසා හිගන්නාට වඩා වත්කමක් චංචල දේපළ වශයෙන් රන්ජන් ළඟ ඇති.(හිඟන්නා ගෙවල් තුනක් හැදුවත් ඒවත් හිඟන තාලෙටම හදාගෙන ඇති!)

    ReplyDelete
    Replies
    1. දූෂිත අසික්කිත රාජපක්ෂ මෘග රෙජිමය පලවා හැරිමේ ඇත්ත අරගලය තිබුනේ ලංකාවේ මහපොලව මතය. ඒ වෙනුවෙන් ජිවිත වලින්ම වන්දි ගෙවු මාධ්‍යවේදින්ද වුහ.එය ගණනින් 4,441 ක් ය.

      රංජන් රාමනායක යනු ඒ අරගලයේ තවත් දැවැන්ත වැඩකොටසක් කළ අයෙකි.
      එපමණක් නොව මහින්ද පාලනයක් යළිත් දකුණේ පොලව මත ස්ථාපිත කිරිමට කිසිදු ඉඩක් නොතබා කොන්දේසි විරහිත අරගලයක නිරතවන අතලොස්සක් වු දේශපාලනඥයන් අතර ඉදිරියෙන්ම සිටින්නෙකි.

      මීනිමරු පාලනයක් මේ රටින් අතුගා දැමිම සදහා වු අරගලයේ පැත්ත පාලතක නොනිසිටි පොරවල් වෙත අන්තර් ජාල connection එකක් ලැබු පමණින් දැන් දේශපාලන බණ දෙසන්නට පටන් ගෙන ඇති සෙයකි. මෙහිදි තවත් එක් කරුණක් සටහන් කළ යුතුව තිබේ. එනම් මහින්දලාගේ සහ බැසිල්ගේ සුවච කිකරු ගෝලයෙකු වු නිමල් ලංසා ද සිය මෝටර් මෝටර් රථය විකුණා තිබුණ බවය
      දේශපාලනය යනු සදචාර කොදු වලින් මැන බලා විග්‍රහ සපයන්නට බැරි එකක් යැයි තේරුම් ගත හැක්කේ දේශපාලන සතුන්ට මිස අනුන්ගේ පිටපත් කියවා පොරවල් වන්නට සිතා සිටින උන්නට නම් නොවේ.

      තමන්ට හිමි මන්ත්‍රී වාහන බලපත්‍රය මගින් ලබා ගත් වාහනය විකිණීම සම්බන්ධව එල්ල වූ චෝදනාවට රන්ජන් රාමනායක මහතා පිළිතුරු දෙමින් ෆේස්බුක් සටහනක් තබා තිබෙනවා. ඔහු පවසා සිටින්නේ තමන් කිසිලෙසක පුද්ගලික අභිවෘද්ධිය උදෙසා එම මුදල් පරිහරණය නොකළ බවයි.

      අදාළ සටහන පහතින්.

      //ස්වභාවධර්මයට බොරු කළ නොහැක

      රන්ජන් රාමනායක වාහන හොරකමක නියැළුණු බවට ඇතැම් මාධ්‍ය ප්‍රචාරයක් ගෙනයනවා. ලක්ෂ 400 ඇමති වාහන, සැප නිවාස හා පාර්ලිමේන්තු දීමනා ප්‍රතික්ෂේප කළ මන්ත්‍රීවරයෙක් ලෙස, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225ට ලබාදෙන පුද්ගලික මන්ත්‍රී වාහන බලපත්‍රය මා ලබාගැනීමයි ගැනයි මෙලස විවේචනයට ලක්ව තිබෙන්නේ.

      මෛත්‍රිපාල සිරිසේන, මහින්ද රාජපක්ෂ, වාසුදේව නානායක්කාර ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනා බලපත්‍ර ලබාගැනීමේදී විවේචනය නොවීමත් මා බලපත්‍රය ලබාගැනීමේදී විවේචනයට ලක්වීම ගැනත් මට ඇත්තේ සතුටකි.

      සැප වාහන පිස්සුවක් මට නැති නිසා මගේ බලපත්‍රයට ලබාගත් වාහනය භාවිතයට නොගෙන එයින් ලැබෙන මුදල මම ජනතා සේවයට යොදා ඇත්තෙමි. එයන් කිසිදු සතයක් මට සැප පහසු ජිවිතයක් ගත කිරීමට මම වියදම් කර නැති බව වගකීමෙන් ප්‍රකාශ කරමි. එලෙස මම සතයක් හෝ ලබාගෙන ඇත්නම් මටම මම හෙණ වදින ලෙස ප්‍රර්ථනා කරමි. මම අදටත් ජිවත් වන්නේ කුලී නිවසක බවත් මේ ලෝකයේ මට කිසිදු පර්චසයක් වත් නොමැතිබව මා ගැන දන්නා සියල්ලන්ම දනී. මම හැමදාව කියන්නාසේ යානා වාහන මිල මුදල් රැස්කිරීම මගේ ජිවිතේ අරමුණ වුයේ නම් මම පොඩි නිවසක ජිවත්වි පරණ වාහන පාවිච්චිකරමින් ජීවත්වන්නේ නැත.

      මම බහුතරයක් දේශපාලකයන් මෙන් හොරකම් කර නැත, කොමිස් ගන්නේ නැත. ව්‍යාපාරිකයන්ගෙ ඕනෑම එපාකම් ඉටු කර මුදල් ලබාගෙන නැත, පස් හොරුන් වෙනුවෙන් පෙනී සිට නැත, ඇමති වාහන අරන් නැත, ඇමති නිල නිවාස අරන් නැත.

      මා විවේචනය කරන ඇතැම් අය මගෙන් බලාපොරොත්තු වන්නේ ලක්ෂ 400 ඇමති වාහන, සැප නිවාස හා පාර්ලිමේන්තු දීමනා ප්‍රතික්ෂේප කරන රන්ජන් මෙයද ප්‍රතික්ෂේප කළ යුතු බවයි. නමුත් මගේ සහ මගේ කාර්ය මණ්ඩලයේ තීරණය වුයේ මෙම බලපත්‍රය යොදාගෙන ජනතා සේවය වඩාත් ශක්තිමත්ව සිදුකිරීමටයි. සියළු ගණන් හිලව් ඇතිව එය සිදුවේ.

      ඇතැම් මන්ත්‍රීවරුන් කරනවාසේ බලපත්‍රය පසුව ලියාපදිංචිකර ජනතාවගෙන් වසන්කිරීමට මා කටයුතු කළේ නැත. ප්‍රසිද්ධියේ මා එම පැවරීම සිදුකළේ එය නිත්‍යානුකුල බව පාර්ලිමේන්තු නිලධාරීන්ගෙන් තහවුරු කරගැනීමෙන් පසුවයි.

      එයින් එකදු සතයක් මගේ පුද්ගලික භාවිතයට මම ගත හොත් මට හෙණ වදින ලෙස මම ම ප්‍රර්ථනාකරමි. මොකද අනිකුත් දේශපාලකයන් මෙන් බොරු කියා මට ඔබෙන් බේරෙන්නට පුළුවන් වුවත් උඩ ඉන්න දෙවියන්ගෙන් ස්වභාවධර්මයෙන් බේරීමට මට නොහැකි බව මම දනිමි.

      මීට

      රංජන් රාමනායක///

      Delete
  4. විමල් වීරවංශ, උදය ගම්මන්පිල වැනි තුන් හතර දෙනෙක් එක් වී මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රතිරූපය විනාශ කර ඔහු ඒකාධිපතියෙක් යයි හංවඩු ගැසීමට උත්සාහ කරමින් ඇති බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

    එම පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී නලින්ද ජයතිස්ස සදහන් කරන්නේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට මහින්ද රාජපක්‍ෂ මහතා එකග වී ඇති බවත් ඊට විමල් ගම්මන්පිල වැනි දේශපාලඥයන් බාදා කරමින් ඇති බවත්ය.

    ලැබී ඇති මෙම අවස්ථාව පැහැර නොහරින ලෙස මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් ඉල්ලා සිටින බවත් ඔහු කියා සිටියේ ඇඹිළිපිටියේදී පැවති ජවිපෙ විරෝධතාවයක් අමතමින්.

    විධායකය අහෝසි කර රට නොයෙකුත් පරිපාලන කොටස් ගණනාවකට බෙදිය යුතුයි.
    එවිට විශාල පිරිසක් පරිපාලන කටයුතු සහ ආරක්ෂක කටයුතු සදහා අවශ්‍ය වෙනවා.
    ඔවුන්ට පඩි ගෙවීම සදහා රටේ ඉතුරු කොටස මහන්සි වී හම්බ කර බදු ගෙවිය යුතු වෙනවා.

    මිනිස්සුන්ට බදු ගෙවන්න බැරි වෙනකොට ධනපතියන්ගෙන් බදු වැඩිපුර අයකරගන්නා වෙනවා. එතකොට ධනපතියෝ නැති වෙනවා. රට පීඩිත පන්තියේ රටක් බවට පත් වෙනවා. එතකොට ඉතියෝපියාවේ වගේ මේ රටෙත් ඉතුරු වෙන්නේ එකම පන්තියක් පමණයි. ඒ පීඩිත පන්තිය පමණයි. මේ ආකාරයෙන් අපි පන්ති අරගලය ජය ගන්නවා.

    -පීඩිත පන්තිය වැඩි වේවා. අරගලයට ජය වේවා-

    බණ්ඩාරනයකලාට, සේනානයකලාට, රාජපක්ෂලාට, වික්‍රමසිංහලාට, ප්‍රේමදාසලාට, දිසානායකලාට ජනාධිපති වෙන්න බැරි නිසා ජනාධිපතිවරණය අහෝසි කර පාර්ලිමේන්තුවේ ඉන්නා හොරුන්ගෙන් රට පාලනය කර ගනිමු.

    ReplyDelete
  5. ධනවාදයේ පදනම ලාභයයි. ලාභය සඳහා පාරිභෝජනවාදය ප්‍රවර්ධනය කෙරේ. පරිභෝජනය නරක දෙයක් නො වේ. එහෙත්, පාරිභෝජනවාදය ප්‍රතිගාමී ය. එමගින් පරිභෝජනය අවශ්‍යතා වෙනුවෙන් නොව පරිභෝජනය වෙනුවෙන් ම කළ යුතු යයි ප්‍රවර්ධනය කෙරේ. උන්නතිකාමය ද පාරිභෝජනවාදය සමග අත්වැල් බැඳගෙන යන්නකි.

    ලාංකීය ධනවාදය විසින් ප්‍රවර්ධනය කරන පරමාදර්ශී මිනිසා වනාහි කුඩු විකුණා හෝ මහජන මුදල් ගසා කා හෝ සාධාරණ ක්‍රමයකින් හෝ ධනය රැස් කළ, දැසි දැස්සන් පිරිවරාගෙන තට්ටු ගණන් උස මහ මන්දිරවල ජීවත් වන, අධි සුඛෝපභෝගී යාන වාහනවල එහා මෙහා යන, සංදර්ශනාත්මක මිනිසෙකි.

    පොදු සමාජය සිතන්නේ ජීවිතයේ අරමුණ එවැනි තත්වයකට යාම ය කියා ය. අධ්‍යාපනය, රැකියා, දේශපාලනය ආදී සියලු කටයුතු නාභිගත කර තිබෙන්නේ එකී අරමුණ වෙනුවෙනි.

    කවුරුන් හෝ සමාජයට වැඩදායී දෙයක් කරනු දකින විට පොදු සමාජය සාමාන්‍යයෙන් සිතන්නේ එසේ කරන්නේ කුමක් හෝ යටි අරමුණක් ඇතිව කියාය.

    ReplyDelete
  6. ඉකොනොමැට්ටා වැනි එ.ජ.ප./ පොහොට්ටු හොරමුල් වල බැතිමතුන්/ ක්‍රියාකාරීන් ලාල් කාන්ත සහෝදරයා මුහුන දුන් අනතුර ගැන දහසකුත් එකක් මඩ අවලාද නැගුවා. ඊට උල්පන්දම් දෙමින් ගොරකා දඩමස් කරන අන්ත දූෂිත ශ්‍රී ලංකා පොලීසිය විසින් අධිකරණයට වාර්තා කර තිබුනේ අනතුර සිදු වෙද්දී ලාල්කාන්ත මන්ත‍්‍රි සහෝදරයා විසින් රිය පදවා ඇති බවත් ඔහු බීමතින් සිටි බව පරීක්‍ෂණ වලින් හෙලි වූ බවත්ය.(පොලීසිය සම්බන්දයෙන් ශ්‍රී ලංකාවේ ජනතාව තුල කිසිදු විශ්වාසයක් නැති අතර ඔවුන්ට ගොරකා දඩමස් කිරීමට මෙන්ම දඩමස් ගොරකා කිරිමටද හැකිය)

    එදා තමන් ගමන් ගත් වාහනයේ රියක් හරියාකාරව හසුරවා ගත නොහැකිවූ එක්තරා කාන්තාවක් විසින් පාලනයකින් තොරව පදවන ලද මෝටර් සයිකලය හැපුණු නිසා වූ රිය අනතුරක් නිසා තමන් රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලද බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල් කාන්ත සහෝදරය මාධ්‍ය අමතා ප්‍රකාශ කරමින් ඉකොනොමැට්ටලාගේ රෙදි ගලවා දැම්ම නේද? (මෙහිදී පොලීසිය සම්බන්දයෙන් ජනතාව තුල විශ්වාසයක් නැති බවත් ඔවුන්ට ගොරකා දඩමස් කිරීමට මෙන්ම දඩමස් ගොරකා කිරිමටද හැකි යයි ඔහුද පැවසූවා.) පොලිසිය විසින් බොරු චෝදනා නගමින් බීමතින් රිය පදවා දෙදෙනෙකු අනතුරට පත් කලේ යයි එල්ල වූ චෝදනා මත රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලද ඔහු අද දිනයේ ඇප මත නිදහස් වීමෙන් පසු මාධ්‍ය අමතමින් මේ බව ප්‍රකාශ කලේ.

    මෙහිදී ජවිපෙ සාමාජිකයන් තුල තිබෙන මානුෂික ගුණ ප්‍රකට කරමින් තුවාල ලත් කාන්තාව ගැන කණගාටු වන බවත් ඇයට රිය අනතුර වලක්වා ගැනීමට නොහැකි වීම ගැන කණගාටු බවත් ඔහු එහිදී පැවසීය.

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම මෙහිදී පොලීසිය කටයුතු සිදු කොට ඇත්තේ ලාල්කාන්ත හහෝදර මහතා ගේ ආරක්ෂාව තකාය. ඔවුන් ඔහුව බන්ධනාගාරගත කොට ඇත්තේ අනතුරට පත් පාර්ශවයෙන් ඔහුට කිසියම් හෝ ශාරීරික හෝ මානසික පීඩාවක් විය හැකියැයි අනුමානයෙනි. එහෙවු පොලීසියට දඩමස් ගොරකා න්‍යායෙන් පරිභව කිරීම ලාල්කාන්ත සහෝදර මහතාට තරම් නොවේ...

      ජවිපේ හා මහින්ද අතර වූ සාකඡ්චාව ඇත්තෙන්ම 20 සම්මත කරගැනීම පිළිබඳ නොව, ලාල්කාන්ත නිදහස් කරගැනීම පිළිබඳවය... :D

      Delete
    2. @Anonymous March 8, 2019 at 3.54 AM

      //හරියාකාරව හසුරවා ගත නොහැකිවූ එක්තරා කාන්තාවක් විසින් පාලනයකින් තොරව පදවන ලද මෝටර් සයිකලය හැපුණු නිසා වූ රිය අනතුරක් .... කේ.ඩී. ලාල් කාන්ත සහෝදරය මාධ්‍ය අමතා ප්‍රකාශ කරමින්//

      ටික කාලෙකට ඉස්සෙල්ලා හරියාකාරව හැසිරෙන්ට නොදන්නා විදුලි කනුවක් ඇවිත් විජිත හේරත් සහෝගෙ වාහනයේ හැපුනු වගක් මතකයි.එතකොටම හරියාකාරව හැසිරෙන්ට නොදන්නා බීමත් කෙනෙක් (සමනලයෙක් වෙන්ඩ ඕනේ) විජි සහෝගේ මුව ඉඹල ඒ ශ්‍රී මුඛයෙන් අරක්කු ගඳ ආවත් මතකයි. රනිල් බේරා ගන්ඩ විජිත සහෝ විදුලි වේගෙන් පාර්ලිමෙන්තුවෙ දුවන කොට මගෙ නොසන්ඩාල මතකයට ඒ ඇබැද්දියත් විදුලි වේගෙන්ම ආවා

      මොක උනත් අරක්කු බෝතලේ වතුර දාගෙන ගිය කියල පට්ට පල් බොරු කියන රංගෙ බන්ඩාර වගේ උන් අතරේ පැත්ත ගියත් ඇත්ත කියන ජවිපෙ උන් ගැන හීනියට ආඩම්බරයක් හිතෙනව.

      Delete
  7. වර්තමානයේ ලිට්ට්‍රෝ ගෑස් සමාගමේ LPG ගෑස් සැපයුම් කරු වන OTI (ඕමාන් ට්‍රේඩිං ඉන්ටර්නැෂනල් ) සමාගමේ බලය ලත් දේශීය නියෝජිතයා වශයෙන් 2018 වසර දක්වාම ක්‍රියාකල ෂන්මුගසුන්දරම් දේවනායගම් (මුරුගේෂ් ) මහාතා ලිට්ට්‍රෝ ගෑස් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට පත්කර ඇතැයි වාර්තා වෙයි . මේ හරහා LPG ගෑස් ආනයනයේදී විශාල වශයෙන් වංචා සිදුවිය හැකි අතර OTI සමාගමට පමණක් අයතා වාසි ලැබීමද නොවැලැක්විය හැකිබව පරම සත්‍යයකි.


    මීට ඉහත ගෑස් සැපයීමේදී දැක්වූ අසමත් බාවයන් විශාල ප්‍රමාණයක් නිසාවෙන් ලිට්ට්‍රෝ ගෑස් සමාගමේ තාක්ෂණික ඇගයීම් කමිටුව විසින් OTI සමාගම අසාදු ලේඛන ගතකර තිබූ අතර මෙම රජය යටතේ නැවතත් OTI සමාගම අසාදු ලේඛනයෙන් ඉවත් කර ටෙන්ඩර් සදහා නැවත වරක් ඉදිරිපත් වීමට අවස්ථාව ලබාදී තිබේ.

    මංගල සමරවීර ඇමතිවරයා විසින්ම 24.01.2019 දාතමින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවක් මගින් 2019/2020 සඳහා වූ LPG ගෑස් ටෙන්ඩරය OTI සමාගම වෙත ලබාදී තිබේ.

    දැනට LPG ගෑස් මෙට්‍රික් ටොන් 350,000 ක් පමණ වාර්ෂිකව ආනයනය කරන අතර ඒ සඳහා රුපියල් කෝටි 3542 ක පමණ මුදලක් රජය වාර්ෂිකව වැය කරයි.

    සැපයුම් ඒකාධිකාරය OTI සමාගමට ලබාදීම මගින් අති දැවන්ත කොමිස් වංචාවක් කිරීමට මුදල් ඇමති මංගල සමරවීර කැසකවන අතර ඒ සඳහා වර්තමාන අධ්‍යක්ෂ මණ්ඩලය ඉවත් කර OTI සමාගමේ 2018 වසර දක්වාම බල‍යලත් දේශීය නියෝජිතයා වශයෙන් කටයුතු කල ෂන්මුගසුන්දරම් දේවනායගම් (මුරුගේෂ්) සහ මංගල සමරවීරගේ හෙන්චයියන් කිහිපදෙනකු පත්කර ගැනීමට කටයුතු කරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අභ්‍යන්තර තොරතුරු අපවෙත අනාවරණය කරසිටී.

    ෂන්මුගසුන්දරම් දේවනායගම් (මුරුගේෂ්) OTI සමාගමේ බලය ලත් දේශීය නියෝජිතයා බවට OTI සමාගම මගින් තම ලිපි ශීර්ෂය යටතේ ලිට්ට්‍රෝ වෙත දන්වන ලද ලිපියත්

    ෂන්මුගසුන්දරම් දේවනායගම් (මුරුගේෂ්) තමන්ගේම ලිපි ශීර්ෂයක් යටතේ තමා OTI සමාගමේ බලය ලත් දේශීය නියෝජිතයා ලෙස කටයුතු කරන බවට ලිට්ට්‍රෝ වෙත දන්වන ලද ලිපියත්

    මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ෂන්මුගසුන්දරම් දේවනායගම් ලිට්ට්‍රෝ ගෑස් සමාගමේ අධ්‍යක්ෂ වරයෙකු වශයෙන් පත්කල බවට නිකුත් කරන ලද ලිපියත්

    මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් R H S සමරතුංග මහතා විසින් ෂන්මුගසුන්දරම් දේවනායගම් ලිට්ට්‍රෝ ගෑස් සමාගමේ අධ්‍යක්ෂ වරයෙකු වශයෙන් පත්කල බවට නිකුත් කරන ලද ලිපියත්

    ෂන්මුගසුන්දරම් දේවනායගම් නැවතත් තමන්ගේ ලිපි ශීර්ෂය යටතේ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් තුමාට ස්තූති කරමින් යවන ලද ලිපියත් මේ සමග අමුනා ඇත.

    https://www.lankahotnews.net/2019/03/litro-gas.html?m=1

    ReplyDelete
  8. මගේ පාසලේ ආදිශිෂ්‍යයෙක්වන ගම්මන්පිල තුමා දවසක් කිව්වා දේශපාලනය නොකලා නම් එතුමාගේ සුදුසුකම්වලට අනුව දේශීයව ලක්ශ 7-8ක මාසික වැටුපක් ඇති රැකියාවක් කලහැකි බවත්. ඔස්ට්‍රේලියාව වගේ රටකට ගොස් ඊටත් වඩා වැඩි ආදායමක් උපයන්නත් හැකිබව. ඒක අහලා මගෙ ුඇස් දෙකට කඳුළු ආවා.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: