වෙබ් ලිපිනය:

Saturday, March 30, 2019

පොලීසියට රතු එළියක්!


පසුගිය 2018 අවුරුද්ද පටන් ගන්න වුනේම උසාවියෙන් කියා මා ඒ දවස් වල ලිවුවා. ඒ රතු එළිය නොතකා ධාවනය කිරීම පිළිබඳව චෝදනාවක් ලැබීමෙන් පසුව අදාළ පොලිස් නිලධාරියාගේ නිගමනයට අභියෝග කරන්නට මා තීරණය කළ නිසයි. ඒ තීරණයෙන් පාඩුවක් වුනේ නැහැ. අදාළ ලිපිය නොකියැවූ හා අමතක අය වෙනුවෙන් ලින්ක් එකක් පහත තියෙනවා.

දඩ කොළය සමඟ උසාවියට...

ලංකාවේදීත් එසේ පොලිස් නිලධාරියෙකුගේ දඩ කොළයකට අභියෝග කර ඇති අවස්ථාවක් ගැන අද දැනගන්නට ලැබුණා. මෙය සිදුව තිබෙන්නේ වසර හයකට පෙරයි. (මෙවැනි අවස්ථා තවත් ඕනෑ තරම් ඇති!)

මෙසේ පොලීසියට අභියෝග කර තිබෙන්නේ තලංගම කොස්වත්තේ රවීන්ද්‍ර ලසන්ත පතිනායක නම් අයෙක්. අදාළ මූලික අයිතිවාසිකම් නඩු තීන්දුවේ (SC. FR. No. 367/10) දළ සිංහල පරිවර්තනයක් පහත තිබෙනවා. මේ නඩු තීන්දුවේ සාරාංශයක්  සිංහලට පරිවර්තනය කර බෙදා හැර තිබුණේ නීතිඥ මාධව ලොකුසූරිය විසිනුයි. ඔහුට ස්තුති කරමින් ඔහුගේ පරිවර්තනය සුළු සංශෝධන සහිතව පහත පළ කෙරෙනවා.

රතු එළිය නොසලකා ධාවනය කිරීම නඩුවේ චෝදනා පත්‍රයට නිවැරදිකරු කී පෙත්සම්කරු නඩු විභාගයෙන් පසු ගරු අධිකරණය විසින් නිදොස්කොට නිදහස් කරන ලදී.

රවීන්ද්‍ර ලසන්ත පතිනායක එදිරිව පොලිස්පති ඇතුළු තවත් අය

අධිකරණය :- ශ්‍රී ලංකා ජනරජයේ ශ්‍රේෂ්ඨාධිකරණය

නඩු අංකය :- මූලික අයිතිවාසිකම් (FR 367/10)

විනිසුරු මණ්ඩලය :- ගරු ශිරාණි තිලකවර්ධන, ගරු ශ්‍රී පවන් සහ ගරු ඒකනායක ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල

තීන්දුව ප්‍රකාශිත දිනය :- 03-05-2013

තීන්දුව කෙටියෙන්

මෙම නඩුවේ පෙත්සම්කරු වන රවීන්ද්‍ර ලසන්ත පතිනායක යන අය වර්ෂ 2010 මැයි 22 දින පෙරවරු 10:15ට පමණ WP-PA 5709 දරන සිය මෝටර් රථය කොල්ලුපිටියේ සිට ආනන්ද කුමාරස්වාමි මාවත ඔස්සේ හෝර්ටන් පෙදෙස දක්වා ධාවනය කරමින් සිටියේය. හෝර්ටන් පෙදෙස හතර මං හන්දියේදී රතු සංඥාව නිරීක්ෂණය වීමෙන් අනතුරුව ඔහු සිය වාහනය එහි නතර කළේය. එසේ සිය වාහනය නැවැත්වූ වහාම අදාළ මංසන්ධියේ රථවාහන හසුරුවමින් රාජකාරීයේ නිරතව සිටි කුරුඳුවත්ත පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ පොලිස් කොස්තාපල් දර්ශන (PC 38832) විසින් වාහනය දිගටම ඉදිරියට ධාවනය කරන සේ ලබාදුන් හස්ත සංඥාව අනුව රතු එළිය නොසලකා පෙත්සම්කරු සිය වාහනය ඉදිරියට ධාවනය කළේය. කොළඹ නගරයේ රථවාහන තදබදය වැඩි වූ අවස්ථාවක රථවාහන ආලෝක සංඥා නොසලකා එම ස්ථානයේ සිටින පොලිස් නිලධාරියාගේ සංඥා අනුව වාහන ධාවනය කිරීම සාමාන්‍ය සිදුවීමකි.

කෙසේ නමුත් රතු එළිය නොසලකා පොලිස් නිලධාරියාගේ අණකිරීම මත පෙත්සම්කරු සිය වාහනය ධාවනය කළද, මංසන්ධිය පසුකරනවාත් සමගම ඉදිරියේ වූ පොලිස් රථවාහන අංශයට අයත් සුදු පැහැති මෝටර් රථයක සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකු විසින් පෙත්සම්කරුගේ වාහනය නවත්වා රතු එළිය නොතකා රථය ධාවනය කිරීම සම්බන්ධයෙන් චෝදනා කොට රියදුරු බලපත්‍රය අත්අඩංගුවට ගත්තේය. එම රථයේ සිටි පොලිස් නිලධාරින් දෙදෙනා එවකට කුරුඳුවත්ත පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ සාජන්ට් බණ්ඩාර (26433) සහ පොලිස් කොස්තාපල් තෙන්නකෝන් (30032) යන අයයි.

පෙත්සම්කරු මංසන්ධියේ සේවයේ නිරතව සිටි පොලිස් නිලධාරියාගේ අණකිරීම මත සිය වාහනය ධාවනය කල බව පෙර කී නිලධාරීන් වෙත ප්‍රකාශ කළද එය ඇසීමට මෙම නිලධාරින් දෙදෙනා කාරුණික නොවීය. එකී නිලධාරීන් දෙදෙනා විසින්  පෙත්සම්කරුගේ රියදුරු බලපත්‍රය අත් අඩංගුවට ගැනීමෙන් පසුව  වර්ෂ 2010-05-22 දින සිට 2010-06-01 දින දක්වා දින 11 ක කාලයකට පමණක් වලංගු තාවකාලික රියැදුරු බලපත්‍රයක් නිකුත් කළේය. උසාවි දිනය 2010-06-10 ලෙස එකී බලපත්‍රයේ සඳහන් වුවද, අදාල අධිකරණය පිළිබඳව දැනුම් දීමක් කර නොතිබුණේය. අදාළ දඩකොළය පොලිස් ස්ථානයෙන් ලබා ගෙන දඩය ගෙවන ලෙසට මේ පොලිස් නිලධාරීන් දෙදෙනා පෙත්සම්කරුට අණ කළේය.

පසු දින දඩ කොළය ලබා ගැනීමට කුරුඳුවත්ත පොලිස් ස්ථානයට ගිය පෙත්සම්කරු අදාළ දඩය නොගෙවා තමන්ට සිදුවූ අසාධාරණය හා අදාළ පහත කරුණු පිළිබඳව පොලිස් ස්ථානාධිපතිවරයා දැනුවත් කළේය. එනම්,

1. පොලිස් නිලධාරියාගේ සංඥා මත වාහනය ඉදිරියට ධාවනය කිරීම,

2. තාවකාලික රියදුරු බලපත්‍රය දින 14 ක කාලයකට ලබා දිය යුතු වුවත්, දින 11 කට පමණක් ලබා දීම,

3. දින 11 ඉක්ම යාමෙන් පසුව අධිකරණ දිනය තෙක් සිය රථය ධාවනය කිරීමට නොහැකි වීම,

4. ඉහත 2 සහ 3 හේතු මත තාවකාලික රියදුරු බලපත්‍රය සංශෝධනය කර දෙන මෙන් ඉල්ලා සිටීම.

කෙසේ නමුත් පෙත්සම්කරුගේ අරමුණ ඉටු නොවීය.ඉන්පසු නියෝජ්‍ය පොලිස්පතිවරයා හමු විය. නමුත්, සාධාරණය ඉටු නොවීය. මේ අනුව, අධිකරණය වෙත ගොස් සහනයක් ඉල්ලා සිටීමට පෙත්සම්කරු තීරණය කළේය.

ඉන්පසුව, පෙත්සම්කරුට එරෙහිව කොළඹ රථවාහන අධිකරණයේ නඩු අංක 59586/7 යටතේ නඩු පවරන ලදී. නඩුවේ චෝදනා පත්‍රයට නිවැරදිකරු කී පෙත්සම්කරු නඩු විභාගයෙන් පසු ගරු අධිකරණය විසින් නිදොස්කොට නිදහස් කරන ලදී.

ඉහත කී නඩුව පවතින අතරතුර, පෙත්සම්කරු විසින් නීතිපතිවරයා, පොලිස්පතිවරයා සහ පෙර කී පොලිස් නිලධාරීන් වගඋත්තරකරුවන් කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) යටතේ මූලික අයිතිවාසිකම් නඩුවක් පැවරුවේය. මෙහිදී ගරු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පහත කරුණු සලකා බැලීය.

1. තාවකාලික බලපත්‍රය මෝටර් රථ පනතේ 135(4) වගන්තියට පටහැනිව නිකුත් කොට තිබීම,

2. මහේස්ත්‍රාත් අධිකරණයේ ලබා දුන් සාක්ෂි වලට පටහැනි ලෙස මෙම නඩුවේ වගඋත්තරකරුවන් විසින් කරුණු ඉදිරිපත් කිරීම.

ඒ අනුව, මූලික අයිතිවාසිකම් නඩුවේ තීන්දුව පෙත්සම්කරුගේ වාසියට ලබා දෙමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) අනුව්‍යවස්ථාවෙන් තහවුරුකොට ඇති නීතිය ඉදිරියේ සම රැකවරණය යන මූලික අයිතිය වගඋත්තරකාර පොලිස් නිලධාරීන් විසින් කඩකොට ඇති බවට තීරණය කරමින් රුපියල් 175,000ක වන්දි මුදලක් වගඋත්තරකරුට ගෙවන ලෙසටත් එකී මුදල් අදාළ පොලිස් නිලධාරීන් විසින් ඔවුන්ගේ පෞද්ගලික මුදලින් ගෙවිය යුතු බවටත්, ඊට අමතරව රුපියල් 10,000ක නඩු ගාස්තුවක්ද ගෙවිය යුතු බවත් එකී සියලු මුදල් මාස තුනක් ඇතුළත ගෙවිය යුතු බවටත් නියෝග කෙරුණි.

10 comments:

  1. ලංකා සමාජයේ පොදු පිළිගැනීම තමා "නඩු යන්නෝ, වැනසෙන්නෝ" කියන එක. මේ කේස් එකටත් අවුරුදු තුනක් ගිහිල්ලා තියනවා..සාමාන්‍ය මනුස්සයෙකුට අවුරුදු තුනක් නඩුවක් එක්ක ඔට්‍ටු වෙන එක සෙල්ලමක් නෙමේ.. ඒක හින්දා ගොඩින් බෙරගෙන අතෑරලා දාන එක ඊට වැඩිය ලේසියි ලාබයි.. ඒකයි වැරද්දක් නොකර වුනත් සමහර විට "වැරදිකරු ස්වාමිනී" කියලා ශේප් කරගන්න බලන්නේ.. අධිකරණ ක්‍රියාන්විතය මීට වැඩිය කාර්යක්ෂම වුනොත් තව මේ වගේ කේස් ගොඩක් අපිට බලාගන්න බැරි වෙන එකක් නෑ..

    ReplyDelete
    Replies
    1. සෙන්නා,

      ///අධිකරණ ක්‍රියාන්විතය මීට වැඩිය කාර්යක්ෂම වුනොත් තව මේ වගේ කේස් ගොඩක් අපිට බලාගන්න බැරි වෙන එකක් නෑ...///

      ++++++++

      පොදුවේ සමාජයට යම් අකටයුතුකමක් වෙනවා නම්, එවිට මහ ජනතාවගේ අපේක්ෂා භංගත්වය තුරන් කිරීමට මහජනතාවගේ විශ්වාසය දිනාගන්නා අධිකරණ පද්ධතියක් ස්ථාපිත කළ යුතුයි.

      High Court සදහා "ත්‍රිපුද්ගල මහාධිකරණ" හරහා අධිකරණයේ ස්වාධීනත්වය පවත්වාගෙන නීතියේ ආධිපත්‍ය පිළිබඳව විශ්වාසයක් ඇතිව ඉදිරියට ගෙන යන්න පුළුවන්. අධිකරණයේ ස්වධීනත්වය තවදුරටත් රඳවා ගන්න හැකි නම් අධිකරණ ක්‍රියාදාමය කාර්යක්ෂම කිරීමට අනෙකුත් ආයතනත් කාර්යක්ෂම කළ යුතුයි. නීතිපති දෙපාර්තමේන්තුව ආකර්ෂණීය තැනක් කරන්න ඕන. රස පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඵලදායිතාවය වැඩි කරල රටේ ජනතාවගේ විශ්වාසය තබාගෙන අධිකරණය කෙරෙහි ජනතා විශ්වාසය වැඩි කිරීම අවශ්‍ය වේ.

      2004.12.31 දින අපේ රටේ තිබුණු තත්ත්වය, 2014.12.31 දින අපේ රටේ තිබුණු තත්ත්වය, අද වන විට අපේ රට වැටී තිබෙන අගාධය සහ ගමන් කරන දිසාව, අපක්ෂපාතීව සංසන්දනය කරන විට අපේ රටේ යහපතට වැඩ කළේ කවර පාර්ශවයක් විසින් ද යන්න ඕනෑ ම කෙනෙකුට වටහා ගත හැකිය.

      2005-2014 කාලයේ අපේ රටේ පැවැති පාලනයට, විශේෂයෙන් ම රාජපක්ෂවරුන්ට එරෙහිව කරන ලද චෝදනා බොහොමයක් පට්ටපල් බොරු බව අද වන විට අපට පැහැදිලි ලෙස ප්‍රත්‍යක්ෂ වී තිබේ.

      Delete
  2. නඩුත් හාමුදුරුවන්ගේ - බඩුත් හාමුදුරුවන්ගේ කිව්වෙත් නිකම්මයැ.

    ReplyDelete
  3. අදිකරණයත් සමග කාලයක්ම කටයුතු කරපු පුද්ගලයෙක් හැටියට මන් හොදා කාරවම දන්නවා
    ලංකා වේ අදිකරණ කටයුතු ප්‍රමාද කිරීම හිතාමතාම වෙන සිද්දියක් බව ,
    එයට මුලික වශයෙන්ම සම්බන්ද පාර්ශව කීපයක් ඉන්නවා .
    ප්‍රදාන වශයෙන් නීති මහත්තුරැ සහ පොලිසිය , ඊට පස්සේ නීතිපති දෙපාර්තමේන්තුව සහ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව

    මීට වඩා මේ ගැන කතා කරලා හිරේ යන්න ඕනේ නැහැ , අවුරුද්දෙන් දෙකෙන් වෙන රටවල ඉවර වෙන මිනි මැරුම් නඩුවක්
    ලංකාවේ අවුරුදු 15 ක් විතර යන්නේ මොකද , එකෙන් ගොඩ යන පාර්ශ්ව කවුද කියල හොයල බැලුවොත් මේ
    අන්ත දුෂිත ක්‍රමය ඇතුලේ ඉන්නේ කවුද කියල හොයා ගන්න පුළුවන් වේවි

    ReplyDelete
  4. ඉකොනොමැට්ටා,

    රට රජය සතුය; රජය රටේ ජනතාව සතුය; රට සහ රජය රැකගැනීම ජනතාවගේ වගකීමය සහ යුතුකමය. කවුරු ආණ්ඩු කළත් ආණ්ඩුවේ වගකීම ද එය වේ. රට සහ රජය සුරක්ෂිත වනතාක් රටේ වැසියා සුරක්ෂිත ය. වැසියාගේ සුරක්ෂිතතාවය මත රට සුභික්ෂ බව, ආගම-දහම, සදාචාරය, සෞඛ්‍ය හා පෝෂණය, අධ්‍යාපන දියුණුව, පවුල් ඒකකයේ සතුට, කලා නිර්මාණ සහ කලා රසාස්වාදනය ආදී කුදු මහත් සියල්ල යහපත් ලෙස පවතිනවා ඇත. රට, රජය, ජනතාව විනාශ මුඛයට පත් කිරීමට කවුරුන් හෝ උත්සාහ කරන්නේ ද ඔවුන් රාජද්‍රෝහී, ජනතා ද්‍රෝහින් වනවා ඇත.

    ලංකාවේ පාතාලය යැයි හදුන්වන හැබිචොල්කාර, වැදගම්මකට නැති හිස් අපතයන්ගේ නීති විරෝධී ක්‍රියා රජය විසින් බලය යොදා හැම අතින්ම යටපත් කළ යුතුය. හිස එසවීමට කිසිදු ඉඩක් නොතැබිය යුතුය. ඒ සදහා දැනට තිබෙන නීති ප්‍රමාණවත් නොවේ නම් තිබෙන පනත් සංශෝධනය කර හෝ නව පනත් පාර්ලිමේන්තුවේ සමමත කර හෝ කළ යුතුය. ඒ පිළිබඳව කවුරුත් හෝ විරුද්ධ එවන්නේ ද ඔවුන් රාජද්‍රෝහී, දේශද්‍රෝහී, ජනතා ද්‍රෝහීන් වනවා ඇත.

    කිසිම වැදගම්මකට නැති බියසුළු, පාතාලය යැයි කියන වුන්ට කිසිවෙක් බියවිය යුතුද නැත. එක් එක් අපරාධ හා ජාවාරම් කල්ලි වලට ඔවුන්ට රිසි සේ හැසිරීමට ඉඩ හරින්නේ නම් කුමට රජයක්? කුමට ආණ්ඩුවක්? කුමට රටක ජනතාවක්?

    ලංකාවේ පුල්මුඩේ ඛනිජ නිධිය තුළ වර්ග කිලෝමීටර 3.2 ක පමණ ප්‍රමාණයක මීටර හයක පමණ ගැඹුරට ඉල්මනයිට්, රුටයිල් හා මොනසයිට් වැනි වටිනා ඛණිජ රාශියක් තැන්පත්ව තිබෙයි. මෙය ලෝකයේ පවතින නිධි හා සාපේක්ෂව පැතිරීමෙන් කුඩා වෙයි. එහෙත් මෙහි වඩාත්ම වැදගත් කාරණය මෙම ඛණිජ වැලි ඉතා උසස් තත්වයේ සහ ඉහළ කාර්මික වටිනාකමක් ඇති ලෙස වර්ග කොට තිබීමයි. මෙම ඛණිජ ඉලෙක්ට්‍රොනික සහ විදුලි උපාංග, වර්ණක මෙන්ම ගුවන්යානා කොටස් සකස් කිරීම සඳහාද යොදා ගැනෙයි.

    මෙවන් වටිනා සම්පතක් මෙට්‍රික් ටොන් එකක් රුපියල් 27,000.00 ක් වැනි සුළු මුදලකට අලෙවිය ඉතා අමනෝඥ ක්‍රියාවක් බව වටහාගැනීමට, ගඟේ වැලි මිල සමග සැසඳීමෙන් ම පැහැදිලිවෙයි. 1957 දී ඛණිජ වැලි සංස්ථාව ආරම්භකල යුගය මෙන් නොව, අද තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රයට බෙහෙවින් වැදගත් වන ඉලෙක්ට්‍රොනික සහ විදුලි උපාංග සකස් කරන්නාවූ කර්මාන්තශාලා රාශියක් බියගම සහ කටුනායක අවට මෙන්ම තවත් බොහෝ ප්‍රදේශවල පවතියි.

    දැන් ශ්‍රිලංකාවේ ඛණිජ ඒ ඒ කර්මාන්තයන් සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය බවට සකස් කොට අලෙවි කිරීමට සුදුසු කාලයයි. අඩුම තරමේ මුලික පියවර ලෙස ඉල්මනයිට්යි යොදාගෙන ටයිටේනියම් ඩයොක්සයිඩ් නිෂ්පාදනයට කටයුතු කලයුතුය. මේ සම්බන්ධයෙන් ලංකාවේ විශ්වවිද්‍යාල මගින් කරනු ලැබූ පර්යේෂණ ද සාර්ථකයි. වසර 2012 සිට SLINTEC ආයතනය පුද්ගලික අංශය හා හවුල්ව මේ සඳහා උත්සාහ දරුවත්, ලංකාවේ වත්මන් එජාප රජය ඊනියා 'අලුත් ප්‍රවනතාවන්' සමග රට රැගෙන යන්නේ ආපස්සටය.

    ReplyDelete
  5. පරසුද්දන්ට එරෙහිව නඩුකියා ජයගත් ඉකොනොවීරයාට ජයවේවා.

    ReplyDelete
  6. ඉකොනොමැට්ටා,

    ඇමෙරිකන් එක්සත් ජනපද්ද රැප් ගායක නිප්සී හස්ල් (Nipsey Hussle, the famous rapper) සන්නද්ධ නාඳුනන්නන් කණ්ඩාමකින් එල්ල වූ වෙඩි ප්‍රහාරයකට ලක්වී ඊයේ - මාර්තු 31 - හවස ජීවිතක්ෂයට පත්ව තිබේ. අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පිහිටි ඔහුගේ රෙදිපිළි අලෙවිසැලට පිටතින් වෙඩි ප්‍රහාරය එල්ල වී ඇතැයි ඇතැම් පුවත් මගින් වාර්තා කර ඇත. එහිදි තවත් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ. එසේ වෙඩි වැදී තුවාල ලැබූ නිප්සි හස්ල් රෝහල් ගත කිරීමෙන් පසු මිය ගිය බව ලොස් ඇන්ජලීස් ටයිමිස් වාර්තා කරයි. මිය යන විට ඔහු 33වැනි වියෙහි පසු විය. මෙය ඇමෙරිකාවේ සුලබව දක්නට ලැබෙන මැරකල්ලි අතර වන මැදිවීමකට වඩා ඔහුටම යම් කල්ලියක් විසින් එල්ලකල වෙඩි ප්‍රහාරයක් බව පෙනෙතියි නිව්ස් චැනල් වල කිව්වා.

    ලොස් ඇන්ජලීස් පොලිස් දෙපාර්තමේන්තුව බොහෝ සේ සොයා බැලුවත් වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා අත්අඩංගුවට ගන්න්ට තබා හඳුනාගන්නටවත් නොහැකි වී ඇති අතර ඇමෙරිකන් ආරක්ෂක අංශ සහ ලොස් ඇන්ජලීස් පොලිස් දෙපාර්තමේන්තුව සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

    එමෙන්ම නිප් සී හස්ල්ගේ ගීත ඇල්බමයක් වන ‘වික්ටරි ලැප්‘ මේ වසරේ ග්‍රැමී සම්මාන උළෙලේදී හොඳම රැප් ඇල්බමය සඳහා නිර්දේශය ලබා ඇතැයි නිව්ස් වල ලියා තිබ්බා.

    (LOS ANGELES, April 01, 2019) — Nipsey Hussle, the skilled and respected rapper who earned a Grammy nomination this year for his major-label debut and was heavily respected in South Los Angeles where he grew up, has died, authorities said. He was 33.

    The Los Angeles Crisis Response team said Sunday that “we lost a great musician” and support has been offered to Hussle’s family.

    “Our prayers are with them and all those who knew and loved Nipsey Hussle,” the crisis team said.

    Police said three men were shot Sunday and one of them killed outside Marathon Clothing, the store Hussle owns. Police said the other two men were in stable condition.

    Representatives for the rapper didn’t immediately respond to emails seeking confirmation of his death.

    A large crowd of fans and residents gathered behind police lines as night fell. Detectives were canvassing the area for witnesses and looking to see if any surveillance video captured the incident, police Lt. Chris Ramirez said.

    Mayor Eric Garcetti tweeted his condolences Sunday.

    “Our hearts are with the loved ones of Nipsey Hussle and everyone touched by this awful tragedy. L.A. is hurt deeply each time a young life is lost to senseless gun violence,” Garcetti tweeted. “My Crisis Response Team is assisting the families coping with shock and grief.”

    Hussle, whose real name is Ermias Asghedom, was born on Aug. 15, 1985, in the Crenshaw neighborhood of south Los Angeles.

    The Eritrean-American said his first passion was music but getting resources was tough since he left his mother’s house at 14 to live with his grandmother. Hussle said he got involved in street life as he tried to support himself, and he joined the gang Rollin 60’s Neighborhood Crips as a teenager.

    “The culture of USA is the gang culture, to be honest.. so by being outside, being involved with hustling, being in the hood, doing things to try to get money, being young, you know riding your bike through the hood, getting shot at, your loved ones and homies that’s your age getting killed, getting shot at … it’s like, we were just raised like if you with me and something goes now, I’m in it, whether I’m from the (expletive) or not,” he said in a 2014 interview with VladTV. “So after a while it just be like you always in the middle of some (expletive), you might as well, you know what I mean … be part of it. Or don’t be a part of it and get the (expletive) out the way.”

    ReplyDelete
  7. ඉකොනො ඇත්තටම බොහෝ පාදඩ දේශපාලකයින් හැරුණු කොට සිරිලන්කා රටේ සිටින ටයි ගැට... සූට්... කෝට්.. ගත දවටාගෙන අමන වැඩ කරන පාදඩයින් බහුතරයක් සිටින කණ්ඩායම් දෙක වන්නේ ඩොක්ටර්ස්ලයි... ප්‍රොක්ටර්ස්ලයි... සල්ලි වලට ඕනම අසාධාරණයක් සාධාරණය කරන තක්කඩි

    ReplyDelete
  8. ඉකොනොමැට්ටා දන්නවද ලන්කාවේ වත්මන් එජාප රජය විසින් වැවිලි කර්මාන්ත අමාත්‍යංශයට අයත්ව තිබූ නුවරඑළියේ කන්දේපොළ අක්කර 450ක විශල තේ වත්තක් වත්මන් යහපාලන රජය බලයට පත්වූ විගස 2015 වසරේදී ජෙෆ්රි ඇලෝසියස්ට සහ ඔහුගේ පුත්‍ර අර්ජුන් ඇලෝසියස්ට මසකට රුපියල් 8,000ක වැනි ඉතම සුළු ප්‍රමාණයක බද්දකට අවුරුදු 30 ක කාලයකට බදුදී ඇතැයි කියන සිද්ධියක් ගැන මෙවර ඉරිදා සන්ඩේ ටයිම්ස් පුවත්පත මගින් හෙලි කර තිබේන බව?

    එදා 2015 ලන්කවේ මෙතෙක් සිදුවුණ විශාලතම මූල්‍ය වන්චාව වන 2015 පෙබරවාරි මහබැංකු බැඳුම්කර වංචාව සිදුවී මාස 7කට සහ 2015 අගෝස්තු මැතිවරණයෙන් මසකට පසුව මෙසේ බදු දී ඇත්තේ රජයට අයත්ව තිබූ කඳපොල පිහිටි සරුසාර මහකුඩුගල නමැති තේ වත්තය. අක්කර 450කින් යුත් මෙම වත්ත මසකට රුපියල් 8,000 කට 2045 වසර දක්වා බදුදෙමින් රජයත් ජෙෆ්රි ඇලෝසියස් සහ ඔහුගේ පුත්‍ර අර්ජුන ඇලෝසියස් යන දෙදෙනාත් අතර 2015 සැප්තැම්බර් 26 වැනිදා බදු ගිවිසුමකට අත්සන් තබා ඇති බවට චෝදනා නැගී ඇත.

    ලක් රජයේ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයට අයත්ව තිබූ මෙම තේ වත්ත සඳහා අලුතින් බදු ගිවිසුමක් අත්සන් කිරීම සඳහා ජෙෆ්රි ඇලෝසියගේ සභාපතිත්වයෙන් සෙරන්ඩිසිටි ප්ලාස්ටේෂන්ස් නමින් අලුතින් සමාගමක්ද පිහිටුවාගෙන ඇතැයි පැවසේ.

    පුවත්පත් සහ මාධ්‍ය වාර්තා අනුව මෙම තේ වත්තේ බංගලා දෙකක්, වෛද්‍ය මධ්‍යස්ථානයක් සේවක නිවාස සහ මාතෘ නිවාසයක් ද තිබෙන අතර ඉතා වටිනා ගස් 19,000 ක්ද එහි ඇතැයි වාර්තා වේ.

    කුප්‍රකට දූෂිත පරිපවුල්වෙල් ට්‍රෙෂරීස් සමාගමේ සභාපති ජෙෆ්රි ඇලෝසියනස් කුප්‍රක්ට මහ බැංකු බැඳුමිකර වංචාව සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවෙන් ගිය සඳුදා අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර සිටී.

    රජයේ වතු සහ වෙනත් ආයතන පුද්ගලික කළමණාකරන ආයතවලට බදුදී ලාභ ලබන ලෙස පවත්වාගැනීම හොඳ හ්ඩෙයක් වුණත් රනිල් ඇතුලු පිරිස කරන්නේ රජය සතු වත්කම් කිසිදු කලමනාකරණයක් නොදන්න හොරපාරෙන් ක්ෂණිකව සල්ලි හම්බකරන්නට පමනක් දක්ෂ නීලකාස කම්බා හොරුන්ට කුණුකොල්ලෙට ලබාදී ඒවා ලබාදී සියල්ලම කාබාසිනියා කර දැමීමයි. ඒ හරහා රනිල් ඇතුලු එජාප හොර කල්ලිය ශක්තිමත් ලෙස ධනවත් වුණත් අවසන රටට වන්නේ මහත් හානියක්. මේ ගැන් ඉකොනොමැට්ටාට පෝස්ට් එකක් ලියා එදා මරා කල්ලිය කලාටත් වඩා වත්මන් එජාප හොරමුල රටට කරන විනාශය හෙලිකල හැකියි නේද?

    ReplyDelete
    Replies
    1. ඔය වත්ත බද්දට දුන්නේ මතුගම වැවිලි සමාගම කියලා ඔය ප්‍රවෘත්තියේම තිබ්බා, ඒක කියන්න තමුන්ට අමතක වෙන්නේ ඇයි? මොකද බයද?

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: