වෙබ් ලිපිනය:

Friday, June 19, 2020

සැමන් වලින් කොරෝනා?


රටවල් වල කාලයක් තිස්සේ තිබෙන ප්‍රවේණිගත ප්‍රශ්න තනි පුද්ගලයෙක්ට විසඳන්න බැහැ. එහෙත්, බොහෝ දේශපාලනඥයින් පෙන්නන්නේ තමන් සතුව වෙනත් අය ලඟ නැති මැජික් එකක් තිබෙන බවයි. මේ වගේ අයට මිනිස්සු යම් කොටසක් රැවටෙනවා. මෙය ලංකාව වගේ "පොඩි රටවල්" වලට වගේම ඇමරිකාව වගේ "ලොකු රටවල්" වලටත් පොදු දෙයක්.

මිනිස්සු මැජික් බලාගෙන නායකයින්ව පත් කර ගත්තට පස්සේ ඒ නායකයින්ට මොනවා හරි මැජික් ටිකක් නොපෙන්වා ඉන්න බැරි වෙනවා. මොනවා හරි දේවල් ටිකක් කරන කොට එයින් සමහර දේවල් ඉබේටම හරියනවා. එහෙම හරි ගියාම ඒ හරි ගියේ තමන්ගේ නායකත්වය නිසා බව මේ අයට පෙන්නන්න පුළුවන්. අවුල වෙන්නේ හරි නොගියහමයි.

කොහොමටත් ආණ්ඩු මුල් වෙලා කරන ගොඩක් දේවල් හරියන්නේ නැහැ. ඒ වගේ වෙලාවට ආණ්ඩු විසින් බොහෝ විට කරන්නේ වැරැද්ද පටවන්න කෙනෙක් හොයා ගන්න එක. හරි ගියොත් බුවා. වැරදුනොත් එබුවා.

කොරෝනා පටන් ගත්තේ චීනයෙන්. සාමාන්‍යයෙන් ආණ්ඩුවක් කවදාවත් කරන්න නොහිතන මට්ටමේ ක්‍රියාමාර්ග අරගෙන චීනය කොරෝනා පාලනය කර ගත්තත් ඒ වන විට කොරෝනා ලෝකය පුරාම පැතිරිලා. මෙයට චීනය විසින් මුලින් තොරතුරු වසන් කිරීමත් යම් තරමකට හෝ හේතු වුනා. එහෙත් චීනය එහි වැරැද්ද දැම්මේ අනෙක් රටවල පාලකයින් මතයි. චීනයට අනුව රෝගය ව්‍යාප්ත වුනේ චීනය ගත් දැඩි ක්‍රියාමාර්ග අනෙක් රටවල් විසින් නොගත් නිසයි.

චීනය කොරෝනා අවසන් කළා කිවුවත් වැඩි කාලයක් ඒ සතුට සමරන්න වුනේ නැහැ. දැන් නැවතත් චීනයෙන් කොරෝනා රෝගීන් හමු වෙනවා. පසුගිය සතිය ඇතුළත චීනයෙන් 11, 57, 49, 40, 44, 28, 32 ලෙස අලුත් කොරෝනා රෝගීන් හමු වී තිබෙනවා. චීන ආණ්ඩුව මෙවර අලුත්ම කතාවක් කියමින් වැරැද්ද පැටෙවුවේ යුරෝපයෙන් ආනයනය කළ සැමන් මතයි.

බෙයිජිං නගරයේ කොරෝනා රෝගීන් හමු වූ ප්‍රදේශයේ මාළු වෙළඳසැලක සැමන් කපන මාළු කපන මාළු ලෑල්ලකින් කොරෝනා වෛරසය හමුවීමෙන් පසුව චීනය විසින් යුරෝපයෙන් සැමන් මාළු ආනයනය කිරීම නවත්වා ඇති බව රොයිටර් වාර්තා කර තිබුණත්, චීනයේ රෝග නිවාරණ හා පාලන මධ්‍යස්ථානය විසින් ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණේ ආනයනික සැමන් මාළු වලින් කොරෝනා පැතිරුණු බවක් තහවුරු වී නැති බවයි.


ලෝක සැමන් වෙළඳපොළේ ඉහළින්ම සිටින අපනයනකරුවන් පස් දෙනා වන්නේ නෝර්වේ, චිලී, ස්වීඩනය, ඩෙන්මාර්කය හා පෝලන්තය යන රටවල්. සැමන් අපනයන වෙළඳපොළෙන් 72.6%ක්ම එම රටවල් සතුයි. පෝලන්තය විසින් සැකසුම් කර අපනයනය කරන්නේත් නෝර්වේ හා ස්වීඩන් රටවලින් ආනයනය කරන සැමන් මාළු.

ලෝකයේ ප්‍රධානම සැමන් ආනයනකරු ඇමරිකා එක්සත් ජනපදයයි. එහෙත්, ඇමරිකාව සැමන් අපනයනය කරන රටවල් අතරද හත් වන තැන සිටිනවා. ඇමරිකාව වගේම චීනයත් වැඩිපුරම සැමන් ආනයනය කරන්නේ චිලී රටෙන්. චීනය හා ඇමරිකාව මේ එක් එක් රටවලින්ද සැමන් ආනයනය කරනවා. දෙරටේම සැමන් නිෂ්පාදකයින් ආනයනික තරඟයට මුහුණ දෙනවා. චීනය විසින් කොරෝනා සැක මතු කර තිබුණේ නෝර්වේ රටෙන් ආනයනය කළ සැමන් මාළු හා සම්බන්ධවයි.



සැමන් වාරය පටන් ගන්නේ ජූලි මාසයේ සිටයි. චීනය විසින් පසුව නිවැරදි කළත්, සැමන් වාරය ඔන්න මෙන්න කියා තිබියදී පැතිරුණු මේ කතාව සැමන් වෙළඳපොළට බලපෑමක් කරනු නිසැකයි.

කෙසේ වුවත්, මේ කතාවට හෝ සම්බන්ධ ශීත කළ සැමන් මාළු මිසක් ලංකාවේ වෙළඳසැල් වල ඇති ටින් කළ මාළු නෙමෙයි. ලංකාවේ වෙළඳසැල් වල දැකිය හැකි ටින් මාළු වලට තවමත් ගොඩක් අය සැමන් කියා කිවුවත් බොහෝ විට ඒවායේ තිබෙන්නේ මැකරල් වැනි වෙනත් මාළු වර්ග මිස සැමන් මාළු හෝ නෙමෙයි.

11 comments:

  1. ++++++

    වාසිතය ( ඩියෝන් මිතිල ප්‍රනාන්දු )

    ReplyDelete
  2. හොඳ වෙලාවට දැන් ලාබෙට සැමන් නැත්තේ! නැත්තන් කියයි එව්වා නැති කලෙත් කොරෝනා නිසා කියලා...

    ReplyDelete
    Replies
    1. ලංකාවේ නම් දැන් සැමන් නෑ. දැන් ටින් කරලා තියෙන්නේ වෙන මාළු වර්ග.

      Delete
    2. අයිසෙ අන්තෝනියෝ,

      අපේ මුදුන් මල්කඩ වන සිරිකොත පක්ෂ මූලස්ථානය රනිල් වික‍්‍රමසිංහලා අකිල කාරියවසම්ලා හෝ සජිත් පේ‍්‍රමදාස යන කිසිම කෙනෙක්ගේ පෞද්ගලික බූදලයක් නොවුණත් පක්ෂයේ බහුතරයගේ කැමැත්තට අනූව මහ මැතිවරණ ජයග‍්‍රහණයෙන් පසු එහි අයිතිකරුවා නිසැකයෙන්ම සජිත් පේ‍්‍රමදාස වීම කිසිවකුටත් නතර කළ නොහැකි යැයි සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ති‍්‍රක් අපේක්ෂක රන්ජන් රාමනායක ඊයේ කිව්වා මතක ඇතිනෙ.

      ඇත්තටම සැබෑ එජාප පාක්ෂිකයා අද සිටින්නේ සමගි ජන බලවේගයේ නායක සජිත් පේ‍්‍රමදාස සමග බවත් මෙතරම් ඉක්මනට අනාගත ආණ්ඩුවක් යටතේ මහ මැතිවරණයකට ඉදිරිපත් වීමට ලැබීම ම ජයග‍්‍රහණයට ආශිර්වාදයක් වී ඇති බවත් පැහැදිලියි.

      අපේ පැවති එජාපයේ යහපාලන රජය කොමිසම් සියල්ල බල ගන්වා ජීඑස්පී සහනය ද ලබා ගනිමින් රට නිවැරදි මාවතක ගෙන ගියාට දැන් පවතින කාලකණ්ණි රාජපක්ෂ කල්ලියේ මිලිටරි ජුන්ටා ආණ්ඩුව යුද්ධය එක්ක කොවිඩ් ව්‍යසනය පටලවා ගෙන සියලූ වැඩ අනා ගනිමින් සිටින බව පේනවා.

      ඒ වගේම සහල්, පරිප්පු වගේම සැමන් කියලා සමහරක් මීහරක් හඳුනාගන්නා චීන හුරුල්ලන් වර්ගයක් ටින් කර විකුණන ටින් මාලු සහනදායි මිලට ලබා දෙන බව කී ආණ්ඩුව අවසානයේ දී එය කර ගත නොහැකිව වෙළෙඳ මාෆියාව ඉදිරියේ දණ නැමීම ඇසට කඳුළු ඉනූ දර්ශනයක්. දකුණු අපි‍්‍රකානු නායක නෙල්සන් මැන්ඩෙලා වරක් ප‍්‍රකාශ කළ පරිද්දෙන් 'කෙනෙකුගේ තත්ත්වය මැන බැලීමට නම් ඔහුට බලය ලබා දී බලන්න’ යන කියමන අද කොතරම් දුරට ජනාධිපති නන්දේ සෑර්ට ගැලපේ දැයි සිතා බලන ලෙස ජනතාවගෙන් ඉල්ලන එක කැපුවත් කොළ එජාපයේ ඔබ, ඉකොනොමැට්ටා ඇතුලු සියලු එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයන්ගේ වගකීමක්.

      දැන් බලන්න හිටපු කී‍්‍රඩා ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ පිස්සු හුටමා හිටි හැටියේ නින්දෙන් අවදි වී 2011 කි‍්‍රකට් පාවාදීමක් ගැන දැන් සඳහන් කළත් ICC එක ශී‍්‍ර ලංකාව යන කි‍්‍රකට් කී‍්‍රඩාවේ යෙදෙන දූෂිතම රාජ්‍යක් බවට ප‍්‍රකාශ කර තිබීම එයට හොඳම උදාහරණ සපයනව. අපි ඒක තවත් මාකටින් කරගත්තොත් විශාල වශයෙන් සමගි ජන බලවේගයට ඡන්ද ලබා ගැනීමට හැකි බව පේනවා.

      Delete
  3. ඇමරිකන් එක්සත් ජනපදයේ උග්‍ර ජාතිවාදී වර්ගවාදී මිනිස්සු නිසා අධික ලෙස ගැටුම් ඇති වන බව බොහෝ දෙනා කියනවා, මේ බලන්න එක උදාහරණයක්;

    https://www.facebook.com/NowThisPolitics/videos/550103552545779/

    මේ වගේ සිද්ධි අඩු කර ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග සහ යෝජනා මොනවා ද?

    ReplyDelete
    Replies
    1. ඕකනේ මම කිව්වේ හොඳම ආයුදේ අතේ තියාගෙනනේ ෆිදෙල් කස්ත්‍රෝ ඉල්ලං කෑවේ.

      Delete
  4. කොරෝනාවට තවම බේතක් නැද්ද ?

    මෙහෙනම් කටිටිය කොරෝනා අස්සෙ කොරෝනා පළදින්න ලෑස්ති වෙනවා...

    ReplyDelete
  5. මේ තියෙන්නේ ඕකට හොඳ විසඳුමක් නේද?

    https://youtu.be/acRBdFd7pg0

    ඉකෝන් මේක දැක්කද?

    https://youtu.be/9wSEUHTfXC0

    ReplyDelete
  6. Dear Economactar, I just need to know what is the maximum amount of FD interest amount we can get without getting in to income tax in SL.

    I have worked in middle East for a few years and planning to return back to SL now. If our parents deposit 1.5 + 1.5mn FD for each what is the maximum interest rate could be earned without any withholding taxes?

    Apart from that, if I deposit the rest under my name, I just need to know, what is the maximum amount of FD interest amount I could get without getting in to trap of income tax? Any impact if deposit Rs. 70 million in a government bank of SL? I have a house in Colombo and another apartment in a residential tower as well, both under my name. I'm going to purchase new SUV as well. I already have a crossover SUV & a van as well. Will these stuff put me into a trap of taxes during this tough time? I heard that current regime is gonna use the intelligence team for national service to chase people whom having comparatively higher wealth. Pls advice on this as many people like me who is returning from overseas employment are under pressure due to such issues. You advices are highly appreciated on this regard.

    ReplyDelete
    Replies
    1. පුතා, මගේ දුව විවාහ කරගන්න කැමතිද? මං tax ප්‍රශ්නෙ විසඳල දෙන්නම්. :-)

      Delete
    2. AnonymousJune 20, 2020 at 4:14 PM, Probably you should seek the advises of a qualified tax consultant.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: