වෙබ් ලිපිනය:

Tuesday, June 16, 2020

මනමාලිගේ අධෝවතය


"කාලයකට පෙර ලංකාවේ මනමාලියක් මනමාලයාගේ ගෙදරට කැන්දාගෙන යන අවස්ථාවක කවුරු හරි මහල්ලෙකුත් කරත්තෙට නගිනවා. මේක කරන්නේ හේතුවක් ඇතුව..."

මේක මම දැක්කේ වත්පොත් සටහනක. කතාවේ ඇත්තක් තියෙනවද කියන්න මම දන්නේ නැහැ.

"ගමන අතරතුර මනමාලිට අධෝවාතයක් ගියොත් අර මහල්ලා වහාම එහි වගකීම භාර ගන්නවා."

සටහන අවසන් කරලා තිබුණේ මෙහෙමයි.

"මහ බැංකුවත් දැන් අවුරුදු හැත්තෑවක මහල්ලෙක්!"

අද (ජූනි 16) උදේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, පීබී ජයසුන්දර ඇතුළු කණ්ඩායමක් මහබැංකු අධිපති ප්‍රමුඛ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හමු වී මහ බැංකුව විසින් මේ වෙලාවේ කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව ඔවුන්ට අවවාද කර තිබෙනවා.

"මට කියන්න තියෙන්නේ මෙච්චරයි. කරුණාකරලා මම කියන දේ සම්මත කරන්නේ නැත්නම් ඕගොල්ලන්ගේ සැලසුම හෙට උදේ වෙනකොට මට දෙන්න, මේ ආර්ථික තත්ත්වයෙන් කොහොමද අපි ගොඩ එන්නේ කියන එක."

"මහබැංකුවත් භාණ්ඩාගාරයත් තමයි Monitory & Fiscal Policy එක කරන්නේ. හැබැයි ඒක වෙන්න ඕන රටේ ජනාධිපතිතුමාගේ Economic Policy එකට හරියන්න. ඔයගොල්ලො ලඟ විවිධ tools තියෙනවා මේකට. ඒ tools පාවිච්චි කරන්නට ඕන. හැබැයි අපේ මහබැංකුව කිසිම tool එකක් පාවිච්චි කරන්නේ නෑ. නිකන් නිදාගන්නවා. අපි කිව්වේ රුපියල් බිලියන 150 ක් බැංකුවලට දෙන්න."

මහ බැංකුවට මේ තරම් දැඩි පීඩනයක් එල්ල කරන එකෙන් පේන්නේ මේ වෙලාවේ රජය මුහුණ දී සිටින ආර්ථික අර්බුදයේ තරමයි. රජය ඒ තත්ත්වයට පත් වුනේ කෝවිඩ් නිසා නෙමෙයි. කාලයක් තිස්සේ කාපු කෑම නිසා මනමාලිගේ ආහාර ජීර්ණ පද්ධතිය ඇතුලේ මීතේන් හා හයිඩ්‍රජන් සල්ෆයිඩ් හැදෙන්න ගත්තේ 2011 පමණ සිටයි. මෙතෙක් කලක් අමාරුවෙන් අධෝවාතය පිටවෙන එක නවත්වාගෙන හිටියත් කෝවිඩ් නිසා දැන් එය කරන්න අමාරුම තත්ත්වයකට පත් වෙලා.

තමන් කැමති ඇබයක් ගහලා අධෝවාතය පිටවෙන එක නවත්වන්න කියලා ආණ්ඩුව මහ බැංකුවට බල කරනවා. කැමති ඇබයක් කියා කිවුවත් ගහන ඇබය ආණ්ඩුව කැමති ඇබයක් වෙන්නත් ඕනෑ. අන්තිමට ගහන්නේ ආණ්ඩුවට ඕනෑ කරන ඇබයනම් ඕනෑම ඇබයක් ගහන්න මහ බැංකුවට නිදහස තියෙනවා.

දැන් තියෙන තත්ත්වය අනුව අධෝවාතය පිටවෙන එක ඇබ ගහලා නවත්වන්න අමාරුයි. මනමාලිව මනමාලයාගේ ගෙදරට බාර දීලා එනකම් මහල්ලාට අධෝවාත වල වගකීම ගන්න පුළුවන්. හැබැයි මංගල රාත්‍රියෙන් පස්සේ යන අධෝවාත වල වගකීම ගන්න මහල්ලෙක් නැහැ.

ආණ්ඩුවට ඒක ප්‍රශ්නයක් නෙමෙයි. මේ වෙලාවේ ආණ්ඩුවට අවශ්‍ය මගුල් ගෙදර අවසන් වන තුරු වැඩේ ඇද ගන්නයි. තව මාස දෙකයිනේ. මහ බැංකුවට ඒ වැඩේ කරන්න පුළුවන්. හැබැයි අන්තිමේදී වැඩේ කෙළවර වෙන්නේ අධෝවාතයකික් පමණක් නොවන බව මහ බැංකුව දන්නවා. ඊට පස්සේ මනමාලිගේ ඇඳුම් හෝදන එක මහ බැංකුවටවත් කරන්න බැරි වෙනවා වගේම මහ බැංකුව විසින් භාර ගත්තේ අනුන්ගේ අධෝවාතයක වගකීම බව කාට වුනත් පැහැදිලි වෙනවා.

සමහර විට රට ගිය ඇත්තෝ කතාවේ සිරිල් සපරමාදුට ග්‍රීන්කාඩ් ලොතරැයිය ඇදුනේ ඔය වගේ පීඩනයක හිටපු වෙලාවක වෙන්න ඇති. මේ වෙලාවෙත් මහ බැංකුවෙන් තවත් සිරිල් සපරමාදුලා කිහිප දෙනෙක් බිහි වෙන්න ඉඩ තියෙනවා.

මහ බැංකුව ආණ්ඩුවේ පීඩනය හමුවේ මනමාලිට ඇබයක් ගහයිද ඒ ඇබේ ආණ්ඩුවට අවශ්‍ය තාවකාලික ඇබයද කියා අපි බලා සිටිමු.

12 comments:

  1. අද උදේ සිදුවූ මේ සිද්ධියට අදාලව ඉකොනො ගෙ පෝස්ට් එකක් එයි කියලා බලාගෙන හිටියේ. සිරිල් සපරමාදුට ඇයි මේ තරම් පීඩනයක් එල්ලවෙන්නේ කියලා විවරණය කළොත් නරකද?

    ReplyDelete
  2. මල්ලි තමයි දැන් ජනපති
    අයිය නොවෙද මුදල් ඇමති
    මහ බැංකුව කාට අයිති
    කාට පේන්නද සැර ගති

    ReplyDelete
  3. ජනාධිපති මහ බැංකු නිලධාරීන් පමණ්ක් රැස්වීමට ගෙන, මුදල් ඇමති සහබාගී කර නොගැනීමෙන් ,මුදල් ඇමතිට එම වගකීම් වලින් මිදෙන්න බැහැ නේද

    ReplyDelete
  4. මෙහෙම නෙවෙයි කන ළඟටම ඇවිත් බෙර ගැහුවත් උන්නැහේලාට ඇහෙන එකක් නෑ. රටුන්ට තේරෙන පාටකුත් නැහැ. තවම ඉන්නේ තව 5000/-ක් දෙයිද කියලා....

    ReplyDelete
  5. next Cyril Saparamadus

    https://ceylontoday.lk/news/eti-finance-fraud-cid-grills-cbsl-s-nandalal-and-karunaratne

    ReplyDelete
  6. ඉකොනො,

    ඔබ කිව්ව නිසා අර "..අවවාද කර තිබෙන.." තැනට ගියා. මේ අපේ ජනාධිපතිවරයානේ බය වෙලා කෑ ගහන්නේ, විකල්පද මොනවාද ඉල්ලලා! නමුත් ඒක අහලා සහ ඔබ ලීව එක කියවලා මට ප්‍රශ්න කිහිපයක් පැන නැඟුනා.

    1. මේ මනුස්සයා මේ කෑ ගසමින් බැංකු නිලධාරීන්ගෙන් වහාම ඉල්ලන්නේ රුපියල් B150 සල්ලි ප්‍රමාණයක් රාජ්‍ය බැංකුවලට දෙන්න කියලා නේද? මේක කොපමණ අවදානම් සහගත වැඩක්ද කියලා ඔහුට පැහැදිලිද?

    අපි හිතමු මහා බැංකුව ඊට එකඟ වුනා කියලා. ඊට පස්සේ බැංකු ටික ඒවා S&M ව්‍යාපාරවලට ණය වසයෙන් දෙනවා. S&M ව්‍යාපාර ඒවා security එකක් ලෙස තියාගෙන ණය අරගන්නවා.

    ඉතින් මට අපැහැදිලි තැන තමයි මේ security එකක් ලෙස පුද්ගලික සමාගම් ඇපේට තියන්නේ මහා බැංකුවේ fund එකක් නේද? එතකොට කෝ S&M සමාගම්වලට වගකීමක් ආයේ ණය ගෙවන්න? මන්දයත් security එක තමන්ගේ නොවන නිසා. (මට හැඟෙන්නේ
    මේක මට (=S&M ) බැංකුවෙන්(= state banks) ණයක් ගන්න ඕනැ වුනාම මම මගේ ඉහල වත්කමක් ඇති සහෝදරයාගේ ඉඩම (= central bank fund) ඇපේට තියලා ණයක් ගන්නවා වාගේ වැඩක් නේද?

    ජනාධිපතිවරයාම පිලිගන්නවා මේ ව්‍යාපාර අවුල භාගික වසයෙන් COVID19 උවදුර නිසා සිදු වූවක් බවට. ඒ පදනම යටතේ ව්‍යාපාරවලින් ලාංභාශ ඉපයීම යනු ඉහල contingency එකක් තියෙන වැඩක්. දෙන ණය පාවිච්චියට අරගෙන මොනවා හරි කරලා (හරි දෙය කරලා) ගොඩ ගියොත් හරි; නැත්නම් කෙල වෙන්නේ මහා බැංකුවටම නේද?

    2. ජනාධිපතිවරයාගේ ආර්ථික වැඩ පිලිවෙලට මහා බැංකුවේ සැලසුම් සමපාත කිරීමට උත්සාහා දැරීම මධ්‍යගත ලෙස ආර්ථිකය හැසිරවීමට ගන්නා අසාර්ථක උත්සාහයක් නොවේද? ඇඑජ $B600 සහ අපේ SLR B 150 හා සැසඳීම කෙතරම් නිවැරදිද?

    3. ජනාධිපතිවරයා හෙට උදේ වන විට දෙන ලෙස ඉල්ලා සිටින/ නියෝග කරන අනිත් විකල්ප කවරේද?

    4. ජනාධිපතිවරයා කියා සිටින අපේ රට වටේ ඇති අනිත් පොඩි රටවල් මොනවාද?
    ඔහු අදහස් කලේ පොඩි ආර්ථිකයන් ඇති රටවල්ද නැත්නම් ප්‍රමාණයෙන් පොඩි රටවල්ද?

    නිදි කියනවා වාගේ ඡන්දය ලං වෙලා බියගම De la Rue එකට කියලා පන්දාහේ කොලම කෝටියක් විතර print කරලා බෙදලා දායිද?

    5. ජනාධිපතිවරයා කුලප්පු වී මේ කරන කතාව අහන-බලන විට Downfall (2004) චිත්‍රපටියේ එක්තරා ප්‍රකට ජවනිකාවක් සිහියට ආවේ මට විතරද?

    CP-C

    ReplyDelete
    Replies
    1. You did not see that President is saying that GOVT. owes billions to various companies/individuals for services obtained from such companies/individuals for years.

      And he is requesting CB to keep the money owed as co-lateral.

      See the full speech.

      Delete
    2. This is true...

      For an example, payments that owes government to the construction companies in Central Expressway, all local, nearly exceed 25 billion rupees. the payments have not been honored from last September.

      Delete
  7. නාමල්ගෙ ට්විටර් පෝස්ට් එක දැක්කද? ඒ අව්වස්සෙ පොර කාටද හීනියට කනේ පාරක් ගහල තිබුනෙ!

    ReplyDelete
  8. චන්දෙන් පස්සේ හොම්බෙන් යන්න වෙයිද? ඔය සල්ලිත් බොල් ණය සහිත අයටම දීලා දැම්මා නම් බැංකු ටිකත් ඉවරයි.

    ReplyDelete
  9. ලංකාවේ මහ බැංකුව (වෙනත් රටවල මෙන්) ස්වාධීන ආයතනයක් නොවෙයි නේද?

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: