වෙබ් ලිපිනය:

Wednesday, May 12, 2021

කෝවිඩ් හා විකල්ප දැනුම


කෝවිඩ් වලින් බේරෙන්න ඉන්දියානුවන් ඔවුන්ගේ විකල්ප දැනුම් භාවිතා කරන ආකාරය රොයිටර් පුවත් සේවය විසින් වාර්තා කර තිබෙනවා. රොයිටර් වීඩියෝවේ පෙන්වන පරිදි, ගුජරාටි ප්‍රාන්තයේ වැසියන් කෝවිඩ් වලින් ආරක්ෂා වීම සඳහා ඔවුන්ගේ ඇඟ පුරා ගොම සහ ගව මුත්‍රා ආලේප කර ගන්නවා. මේ පිරිස අතර සිටින ඖෂධ සමාගමක සහාය කළමණාකරුවෙකු බව කියන ගෞතම් මනිලාල් කියන විදිහට වෛද්‍යවරුන් පවා කෝවිඩ් වලින් බේරෙන්න මේ වැඩේ කරනවා. ඔහු කියන විදිහට පසුගිය වසරේදී ඔහු කෝවිඩ් වලින් බේරී තියෙන්නෙත් මේ විදිහටයි.

උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ සුන්දර් සිං කියන විදිහට ජලය සමඟ මිශ්‍ර කර ගව මුත්‍රා පානය කිරීමෙන් කෝවිඩ් වලින් බේරෙන්න පුළුවන්. තමන් අත්දැකීමෙන් දැන ගෙන තිබෙන මේ කරුණ සුන්දර් සිං විසින් වෙනත් අයටත් නිර්දේශ කරනවා. 

ගොම හෝ ගව මුත්‍රා වලින් කෝවිඩ් සඳහා ආරක්ෂාවක් ලැබෙන බව තහවුරු වී නැතුවා වගේම එසේ නොවන බවද තහවුරු වී නැහැ. ඇතැම් ඉන්දියානුවන් මේ ආකාරයෙන් ඔවුන්ගේ විශ්වාස මත පදනම්ව මේ වැඩේ කළත්, ඉන්දියානු රජය මෙම විකල්ප දැනුම වෙනුවෙන් පෙනී සිටින බවක්නම් වාර්තා වී නැහැ.

ලංකාවේ සමාජවාදී ප්‍රතිපත්ති නිසා ශ්‍රමයේ ප්‍රතිලාභ අඩු වී ඇති ආකාරය පැහැදිලි කළ පෙර ලිපියට ප්‍රතිචාර ලෙස එක් පාඨකයෙකු විසින් "එහෙම කාලයක් තිස්සේ මේ ගැන කරපු දේවල් නොකර හිටියා නං ශ්‍රමිකයන්ගේ තත්ත්වය මීටත් වඩා අහයපත් වෙන්න බැරිද?" යනුවෙන් අසා තිබුණා. මේ වගේ ප්‍රශ්නයකට සියයට සියයක් නිවැරදි නිශ්චිත පිළිතුරක් දෙන්න බැහැ. මොකද අපට ප්‍රතිපරිසිද්ධික තත්ත්වය නිරීක්ෂණය කිරිමේ හැකියාවක් නැහැ. ඒ නිසා, මෙවැනි ප්‍රශ්නයකට සෘජු අනුභූතික පිළිතුරක් තිබීමේ හැකියාවක් නැහැ. තිබිය හැක්කේ තාර්කික පිළිතුරක් පමණයි.

කොවිඩ් වලින් ආරක්ෂා වීම සඳහා ගොම හා ගව මුත්‍රා ආලේප කර ගැනීම ගැන කතා කරද්දීත් අපට මේ ප්‍රශ්නයටම මුහුණ දෙන්න වෙනවා. "ගොම හා ගව මුත්‍රා ආලේප කර ගැනීම සිදු නොකළේනම් තත්ත්වය මීටත් වඩා අහයපත් වෙන්න බැරිද?"

8 comments:

  1. "රතන සූත්‍රය දේශනා කිරීම නිසා කොවිඩ් අඩු උනා"
    එහෙම කියන්නෙ කොහොමද
    එහෙම නෑ කියන්නෙ කොහොමද??

    ReplyDelete
  2. ගොම හා ගව මුත්‍රා වල කොරෝනා වෛරසයට එරෙහිව ප්‍රතිචාර දක්වන, මේ දක්වා සොයා නොගත් රසායනික සයෝගයක් තියෙන්න පුළුවන් නේද? එහෙම වුනොත් ඔවුන්ගෙ ක්‍රියාව ප්‍රතිඵලදායකයි...

    ReplyDelete
    Replies
    1. කොවිඩ් වලින් ආරක්ෂා වීම සඳහා ගොම හා ගව මුත්‍රා ආලේප කර ගැනීම ගැන කතා කරද්දීත් අපට මේ ප්‍රශ්නයටම මුහුණ දෙන්න වෙනවා. "ගොම හා ගව මුත්‍රා ආලේප කර ගැනීම සිදු නොකළේනම් තත්ත්වය මීටත් වඩා අහයපත් වෙන්න බැරිද?"

      මේකනම් පරීක්ෂණාත්මකව සොයා බලන්න පුළුවන්.

      Delete
    2. ඔය උඩ ඇනෝ කෙනෙක් දාලා තියන youtube එකේ අන්තිමහරිය ඔයගැන විස්තරකරනවනේද ?

      Delete
  3. අයිසේ ඉකෝන්මැක්ටා,

    ලංකාවේ පහුගිය දවස් වල ටයිම් පාස් කරනු පිණිස ආණ්ඩුවේ හෙංචයියන් විසින් ප්‍රවර්ධනය කළ විවිධාකාර පැණි බේත්, දුං හට්ටි, වෙනත් මගුල් මෙන්ම මේ කිරන අල්ලපු රටේ ගොම බේත පවා නිසි අයුරින් පරීක්ෂා කර බලන්න ඕන මොකද මෙය හරි ආකාරයෙන් පරීක්‍ෂා කරන්න කාලයක් ගත වන නිසාත් නව කොරෝනා වෛරසය මිනිසුන් අතර පැතිර යාම පටන් ගෙන තවමත් ගතව ඇත්තේ වසර දෙකකටත් අඩු කාලයක් වගේම විවිධ වැක්සීන් එන්නත්කරණ අත්හදා බැලීම් සිදු කරන අතරම වගේ සමූහ වශයෙන් විදීමත් කර ඇත්තේ මාස ගණනක් පමණක් නිසා. වැක්සීන් වල
    ආරක්ෂණය කොපමණ කල් පවතී දැයි අපි මේ මොහොතේ හරියට දන්නේ නැහැ. සාමාන්‍යයෙන් වසරකට අඩුයි කියලා කියන්නේ. ඒ වගේම ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා එන්නත සමහර වේරියන්ට් වලට ආන්සර් කරන්නෙ නැහැ. අපට දිගුකලක් ගතවන තුරු පසු විපරම් කිරීමට සිදුවෙන බව නිසැකයි. ලෙඩ හොද වීමත් එහෙමයි ප්ලැසිබෝ ඉෆෙක්ට් එකක් නාවොත් ඇරෙන්න. (ඇත්තටම 'බටහිර' ඇලෝපති වෛද්‍ය ක්‍රමයේ ලෙඩ රෝග හඳුනාගැනීම හා ශල්‍ය වෛද්‍ය ක්‍රමය බොහෝ දියුණු මට්‌ටමක පවතින බව සත්‍යයක් නමුත් රෝග සඳහා නියම කරනු ලබන ඇතැම් ඖෂධවල සාර්ථකත්වය පිළිබඳ සෑහෙන ප්‍රශ්න ඇති අතරම එකම ඖෂධයේ පවා ගුණාත්මක තත්ත්වය අනුව විවිධාකා මිල ගණන්වලට විවිධ වෙළඳ නාම brand name වලින් අලෙවි කරන බව ද සත්‍යයක් බව ඔබත් පිළිගනීවි. ඇලෝපති ඖෂධ නිපදවන සමාගම් හාවුන්ට හා මීයන්ට වැනි සතුන්ට ලබාදී ප්‍රතික්‍රියා හා සාර්ථකත්වය මැන බලතත් එයම මනුෂ්‍යයන්ට ලබාදීමේ දී වූ අසාර්ථකවීම් සෑහෙන වී ඇති අතර බොහෝ එවන් තත්වයන් හෙළි කරන්නේ නැති බව ලොව පුරා ප්‍රචලිත මතයක්. සමහරවිට ඒවා මනුෂ්‍යයන්ට සුදුසු යැයි ලංකාව වගේ ඇතැම් සංවර්ධනය වෙමින් පවතින රටවලට ලබාදී පරීක්‌ෂා කරන අවස්‌ථා ඇති බවට මාධ්‍ය වාර්තා ඕන තරම් තියෙනවා. සමහරවිට "ප්ලැසිබෝ එෆෙක්ට්" නම් කිසිම ඖෂධයක්‌ අඩංගු නැති දේ හා ඖෂධ රෝගීන් දෙපිරිසක්‌ අතර ලබාදී බලපෑම් පරීක්‌ෂා කළත් ලංකාවේ හෝ භාරතයේ දේශීය වෛද්‍ය ක්‍රමය අනුව එවැන්නක්‌ අනුගමනය කරනවා දැයි මම නම් නොදනිමි. අත්හදා බැලීම් හා වැරැදීම් තුළින් වසර දහස්‌ ගණනක අත්දැකීම්වලින් ලත් දැනුම මත මේ වෛද්‍ය ක්‍රම ක්‍රියාත්මක වන බව සිතමි)

    ඔය වගේම මේ දවස්වල අම්මට සිරි ලංකාවේ සිටින සියලු ආණ්ඩුවට එරෙහි විවිධාකාර නිකමුන්, බල්ලන්, මීඩියාකාරයන්, සරසවි ඇදුරන්, කොවිඩ් වසංගතය ගැන මල පොතේ අකුරක් නොදන්නා ළමා රෝග, ශල්‍ය කර්ම, සහ දත් දොස්තරලා, වැලේ වැල් නැති වාමාංශික පක්ෂ වල අමන නිකමුන් සමාජ ජාල වලදී මේ කාලයේ ගෝලීය ගැටලුවක් ලෙස ජාත්‍යන්තරව බරපතල අර්බුදකාරී තත්ත්වයක් ඇතිකල මේ වනවිටත් ලෝකයේ කාටවත්ම පැහැදිලි උත්තරයක් නැති වසංගත රෝගයක් ගැන බකපණ්ඩිත ටෝක්ස් ඉෂූ කරන විශාරදයන් වීම අවශ්‍ය නැහැ නේද? ඒ වගේම විවිධ දේශපාලකයන් ද එසේ විය යුතු නැහැ. මේ හා සම්බන්ධ වසංගත රෝග පිළිබඳ ලෝකයේ අලුත්ම තත්ත්වය සහ පාලනය කිරීම ගැන සාපේක්ෂව වඩාත් හොඳින් දන්නා වසංගත රෝග විශේෂඥයෝ ලංකාවේ සෞඛ්‍ය සේවා වල අවශ්‍ය තරමට ඉන්නවා නේද? මේ රෝග ව්‍යාප්තිය පාලනය සම්බන්ධයෙන් සාකච්ඡා මෙහෙයවන්නේ ද, සමාජ ආර්ථික විශේෂඥයින් සහ ආපදා කළමනාකරණ (හමුදා) අංශ සමග එක්ව සැලසුම් සම්පාදනය කරන්නේ ද, ඒවා නීතිගත කිරීමට කටයුතු කරන්නේ ද මේ සෞඛ්‍ය සේවා නිලධාරීන් විසින්.

    ඒ නිසා මේවා ගැන වැලේ වැල් නැති මෙලෝ මගුලක් නොදන්න බක පණ්ඩිත දේශපාලකයන් හරහා වුණත් ජනතාවට පැහැදිලි කිරීම හරියට කළ හැක්කේ මෙම සෞඛ්‍ය අමාත්‍යාංශයේ වගකිවයුතු නිලධාරීන්ටයි. එසේම ඒ සාකච්ඡා රටට, ජනතාවට හා අනාගතයට හිතකර වන පරිදි සියලු පැතිකඩ සැලකිල්ලට ගනිමින් මෙහෙයවිය යුත්තේ ද එම නිලධාරීන් විසිනි. ඔවුන් එය හරි හැටි කළ යුතුයි. ඒ වෙනුවෙන් ලංකාවේ මහජනතාව ඔවුන්ට වෛද්‍ය පීඨ උපාධියේ සිට වැටුප්, වරප්‍රසාද, දෙස් විදෙස් පුහුණුවීම්, ශිෂ්‍යත්ව, විදේශ චාරිකා ආදිය භ සපයා තිබේ. ඔවුන් එය හරි හැටි කරනු ඇති බවට විශ්වාසය තැබීමට මේ රටේ මහජනතාවට අයිතියක් නිර්මාණය වන්නේ එහෙමයි.

    ඒ වගේම රජය එය හරි හැටි කරන්නේ නැතිනම්, එය ලංකාවේ රාජ්‍ය ක්‍රමය පිළිබඳ බරපතල ගැටලුවක් බව මගේ හැඟීමයි. එහෙම ගැටලුවක් ඇති බව අපි හැමදාමත් කියනවා ඉකෝන් මොකද අපි කියන්නේ රජය ප්‍රමාණාත්මකව කුඩා කරමින්, එහි ගුණාත්මකභාවය සංවර්ධනය කරමින්, කාර්යක්ෂම නියාමන යාන්ත්‍රණයක් (regulatory framework/ mechanism) බවට එය පත් කළ යුතු බවයි. වසර කිහිපයකට කලින් මෙය වත්මන් ජනපති වෙනුවෙන් පෙනී සිටි වියත් මග කණ්ඩායම් පවා ඉතාමත් පැහැදිලිව පිළිගත් කරුණක්, පසුව මහජන බලපෑම් මත රජයේ සේවයට ලක්ෂයක් පුහුණුවට බඳවා ගත්තත්.

    ReplyDelete
    Replies
    1. ඒ වගේම අප විරුද්ධ ක්‍රමවේදයක් වන, රජය යනු මිල පාලන ගැසට් මගින් සිල්ලර වෙළඳාම දක්වා ජන ජීවිතයේ හැම දෙයකටම මැදිහත් විය යුතු අති දැවැන්ත ව්‍යූහයක් බවට පත් විය යුතු බව කියන්නේ ද අප ඉහත කී වැලේ වැල් නැති නිකමුන්, අමනයන්, මීඩියාකාරයන්, සරසවි ඇදුරන්, දොස්තරලා, වාමාංශික දේශපාලනය කරන කාලකන්නි අනාථයින් හැත්තමයි.

      මේ වසංගත තත්ත්වය සම්බන්ධයෙන් අප නම් මේ ගැන මේ වනවිට ලංකාවේ මාධ්‍ය සාකච්ඡා හා සැලසුම් ක්‍රියාවලිය මෙහෙයවන සෞඛ්‍ය රාජ්‍ය නිලධාරීන් හා ආණ්ඩුවේ දේශපාලකයන් පිළිබඳ දැනට විශ්වාසය තබා ඔවුන් කියන්නේ කුමක් ද යන්න ගැන විමසිල්ලෙන් ඉන්නවා. හැකිනම් රටේ සෞඛ්‍ය තත්ත්වය සැලකිල්ලට ගනිමින් මේ පිළිබඳ කරුණු සහිතව පාර්ලිමේන්තු විවාදයක් හෝ පැවැත්විය යුතුයි. නැත්නම් බුකියේ හොර අකවුන්ට් වලින්, නැත්නම් පොර වීමට නමින් හෑලි ලියලා බයිලා ගහන තුට්ටු දෙකේ නිකමුන්, ජඩයින්, මුග්ධ මීඩියාකාරයන්, සරසවි ඇදුරන්, නොදත් දොස්තරලා, වාමාංශික දේශපාලනය කරන කාලකන්නි අනාථයින් වෙනුවට මේ ගැන නිසි දැනුමක් ඇති ඒ පිළිබඳව හැදෑරූ විශේෂඥයන් කතා කළ යුතුයි. එතෙක්, නිකමුන්, ජඩයන්, මීඩියාකාරයන්, සරසවි ඇදුරන්, අර ලක්කුමාර ප්‍රනාන්දු වැනි වසංගත ගැන මොන මගුලක් වත් නොදන්නා ළමා රෝග දොස්තරලා, ආතක් පාතක් නැතුව නන්නත්තාර වෙලා ඉන්න තුට්ටු දෙකේ වාමාංශික නිකමුන් වන අනාථයන් නොදන්න මඟුල් කථා කරමින් අනුන්ගේ වැඩ කරන්නට ගොස් හත් පොලේ ගා ගෙන ඇන ගන්නා බූරුවන් නොවී සිටිනවා නම් හොඳ බව තමයි මට කියන්න තියෙන්නේ. මොකද එහෙම නෙවෙයිද?

      Delete
    2. //ඇලෝපති ඖෂධ නිපදවන සමාගම් හාවුන්ට හා මීයන්ට වැනි සතුන්ට ලබාදී ප්‍රතික්‍රියා හා සාර්ථකත්වය මැන බලතත් එයම මනුෂ්‍යයන්ට ලබාදීමේ දී වූ අසාර්ථකවීම් සෑහෙන වී ඇති අතර බොහෝ එවන් තත්වයන් හෙළි කරන්නේ නැති බව ලොව පුරා ප්‍රචලිත මතයක්.//

      වැරදි අදහසක්. පළමු කොටස හරි. නමුත්, "බොහෝ එවන් තත්වයන් හෙළි කරන්නේ නැති බව" කියන කොටස වැරදියි. ඇමරිකාව සම්බන්ධ සමාගම් වල මේ සියලු තොරතුරු ප්‍රසිද්ධ අවකාශයේ තිබෙනවා. චීනය වැනි වෙනත් රටවල් සම්බන්ධව සමහර විට මේ ප්‍රකාශය නිවැරදි ඇති.

      //සමහරවිට ඒවා මනුෂ්‍යයන්ට සුදුසු යැයි ලංකාව වගේ ඇතැම් සංවර්ධනය වෙමින් පවතින රටවලට ලබාදී පරීක්‌ෂා කරන අවස්‌ථා ඇති බවට මාධ්‍ය වාර්තා ඕන තරම් තියෙනවා.//

      මෙයත් ජනප්‍රිය, බොරු මතයක්. මේ අදහස ප්‍රචලිතව තිබීම නිසා ඇතැම් අප්‍රිකානු රටවලට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නොමිලේ ලබා දුන් කෝවිඩ් එන්නත් කල් ඉකුත් වී නිරපරාදේ නාස්ති වී තිබෙනවා. වෙන රටක මිනිසුන්ට ලබා දී සාර්ථක බව පෙනී ගිය ඖෂධයක් වුවත් බොහෝ විට ඇමරිකානුවන් සඳහා අනුමත කරන්නේ ඇමරිකානුවන් යොදවාගෙන පරීක්ෂා කිරීමෙන් පසුවයි. වෙනස් ජන සංයුති අතර ජානමය හා අනෙකුත් වෙනස්කම් තිබීම එයට හේතුවයි.

      //නැත්නම් බුකියේ හොර අකවුන්ට් වලින්, නැත්නම් පොර වීමට නමින් හෑලි ලියලා බයිලා ගහන තුට්ටු දෙකේ නිකමුන්, ජඩයින්, මුග්ධ මීඩියාකාරයන්, සරසවි ඇදුරන්, නොදත් දොස්තරලා, වාමාංශික දේශපාලනය කරන කාලකන්නි අනාථයින් වෙනුවට මේ ගැන නිසි දැනුමක් ඇති ඒ පිළිබඳව හැදෑරූ විශේෂඥයන් කතා කළ යුතුයි.//

      කතා කරන එක එක කණ්ඩායමකගේ හෝ කල්ලියකගේ තනි අයිතියක් නෙමෙයි. ඕනෑම කෙනෙකුට තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න අවකාශයක් තිබිය යුතුයි. හරි දේ තෝරා ගැනීම අහන අයගේ වැඩක්.

      Delete
  4. මෙම youtubeඑකේ කියන දේවල් ඇහුවම අපිකරනදේවල් වල බොහෝ තේරුම් තියනවා. ස්තුතියි ඉකොනොමැට්ටා! ස්තුතියි ඇනෝ!

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: