වෙබ් ලිපිනය:

Monday, May 17, 2021

හයේ පාර හා මිලියනයේ තෑග්ග


"කොහෙන් හෝ පටන් ගත යුතුය. හිත හිතා හිටියොත් මේ වැඩේ කවදාවත් කෙරෙන්නේ නැත. වැදගත් වන්නේ කොහෙන් හෝ පටන් ගැනීම මිස පටන්ගත් තැන නොවේ. ඒ නිසා, ඔන්න ඔහේ නිකම්ම පටන් ගනිමු."

ඉකොනොමැට්ටාගේ බොජුන්හල විවෘත කරමින් මුලින්ම පළ කළ ලිපිය ආරම්භ වී තිබුණේ ඉහත පරිදියි. නිකම්ම පටන්ගත් මේ වියුණුව මුලින්ම කියවූයේ ඉතාම සීමිත පිරිසක්. එහෙත් වැඩි කල් නොයා එම පිරිස ටිකෙන් ටික වර්ධනය වුනා. ඒ පිරිස විසින් දිගින් දිගටම ලියන්න උත්තේජනයක් සැපයුවා. 


අපේ වියුණුව පටන්ගෙන දැන් වසර හයක් ගත වෙලා. වසර හයක් කියන්නේ සැලකිය යුතු තරම් දිගු කාලයක්. ලේඛකයා විසින් මෙවැනි දිගු කාලයක් එක දිගට කර තිබෙන දේවල් ඉතාම සීමිතයි.

මෙය මේ වියුණුවේ පළවන 960 වන ලිපිය. දැනට පළව ඇති ලිපි බොහොමයක් ආර්ථික විද්‍යාවට සම්බන්ධ ඒවා වුවත් වෙනත් විවිධ විෂය පරාසයක ලිපිද අප මෙහි ලියා පළ කර තිබෙනවා. එහෙත් ලියා නැති, ලියන්නට අවශ්‍ය තවත් විෂයයන් හා මාතෘකා ගණනාවක් තිබෙනවා.

වියුණුව පටන් ගනිද්දී ලේඛකයාගේ සතුට වෙනුවෙන් ලේඛකයාට අවශ්‍ය දේ සටහන් කරනු හැර වෙනත් කිසිදු බරපතල ඉලක්කයක් තිබුණේ නැහැ. දැනුත් එහි වෙනසක් නැහැ. 

මම හිතන විදිහට අප මේ වියුණුව පටන් ගන්නා විට "සිංහල බ්ලොග් වල ස්වර්ණමය යුගය" අවසන් වෙලා. විශේෂයෙන්ම පහුගිය වසර දෙකක පමණ කාලය තුළ සමස්තයක් ලෙස බ්ලොග් කියවීම වගේම ලිවීමත් අඩු වෙලා තිබෙනවා. එහෙත් සීමිත බ්ලොග් ප්‍රමාණයක් කාලයේ පරීක්ෂණය සමත්ව ඉතිරි වී තිබෙනවා. ඒ එක්කම බ්ලොග් වලත්, බ්ලොග් කියවන්නන්ගේත් යම් ගුණාත්මක වර්ධනයක්ද දැකිය හැකියි.  

අප ලියන දේ නොවරදවා කියවන අතරම වෙනත් අය මෙය කියවීම වැළැක්වීමේ අරමුණින් විවිධ දේ කරන පිරිසක්ද බිහි වී තිබීමෙන් පෙනෙන්නේ අප ලියන දෙයින් ඇතැම් අයට දැනෙන බලපෑමක් සිදු වන බවයි. අප ලියන දේ කියවා ඔබට වෙනස් වෙන්නට අවශ්‍යයැයි සිතෙනවානම් ඔබ වෙනස් වෙන්න. එහෙත් අප ඔබට කිසිදු බලපෑමක් කරන්නේ නැහැ. අප ලියන දේ කියවා ඔබ සතුටක් ලබනවානම් මෙය කියවන්න. ඔබට දැනෙන්නේ කේන්තියක්නම්, වෛරයක්නම් මෙය නොකියවා ඉන්න. 


හැකි තරම් විශාල පාඨක පිරිසක් වෙතට අප ලියන දේ ගෙන යාම අප විසින් කිසි විටෙකත් ඉලක්කයක් කරගෙන නැහැ. එවැනි ඉලක්කයක් දැනටත් අපට නැහැ. කෙසේ වුවත්, රටවල් 120කින් මිලියනය ඉක්මවූ පිවිසුම් ප්‍රමාණයක් මේ වන විට අපට ලැබී තිබෙනවා. අපට ලැබුණු මිලියනයේ තෑග්ග අප අගය කරනවා. 

වසර හයකට පෙර අප පළ කළ පළමු ලිපිය අවසන් කළ විදිහටම මේ ලිපියත් අප අවසන් කරනවා.

එහෙමනම් ඉතිං ඔහොම යං!

44 comments:

  1. මම මෙය බ්ලොගය කියවන්නේ අධ්‍යාපනය හදාරන ශිෂ්‍යයෙක් විදියට. මෙපමන කලක් ඔබේ වියනුවේ ඇති දේ මෙන්ම නොමැති බාහිර කාරුණු කරණා ද ඔබෙන් දැන ගැනීමට හැකිවිය. එසේම ඉදිරියටත් එය බලාපොරොත්තු වෙමි. වසර හයක සැමරුමට සුභ පැතුම් ඉකොනොමැට්ට

    ReplyDelete
    Replies
    1. ප්‍රතිචාරයට හා සුබ පැතුමට ඔබට ස්තුතියි!

      Delete
  2. මිලියනය ඉක්මවීම ගැන සුභ පැතුම්. එහෙමනම් ඉතිං ඔහොම යං!😊

    ReplyDelete
  3. සුභ පැතුම්. වැඩිය කොමෙන්ට් නොදැම්මත්, බ්ලොගය කියවන අය ගොඩක් ඉන්නවා. දිගටම කරගෙන යන්න ශක්තිය ධෛර්ය ලැබේවා...

    ReplyDelete
  4. I highly appreciate your endeavor. I did commerce only at my O/Ls but your blog enabled me to absorb some complex matters in economics in a simple way.
    I wish if you could do an article or two on crypto currency in near future.

    ReplyDelete
  5. සුභ පැතුම් එකොන් , ඉදිරියටම යව් හෙළයිනි ඉදිරියටම යව් :)

    ReplyDelete
  6. Congratulations! I have a very small question regarding the countries that visited this site. How come USA has more readers than Australia? I think Australia has more Sri Lankans than USA.

    ReplyDelete
    Replies
    1. Thanks, Ano! And, a good question. During the first 3 years, I had almost same number of readers from both US and Aus. Later more people from the US started to read this blog, maybe when people realized that I write this blog from the US and probably also because I started to write about the US more often. Another parallel development was many readers, particularly from SL, now hide their location information through various arrangements. There are other technical reasons too. Some internet providers in the US allow their customers to connect to the net using the routers of any of their customers in the US, which means theoretically same person may come through millions of different IP addresses.

      Delete
  7. හයේ පහරට සහ මිලියනයට උනුසුම් සුබ පැතුම්!!

    හැමදාම අහන්න හිටිය ප්‍රශ්නයක් අහන්න හොඳම වෙලාව කියලා හිතුනා. ඉකොනොමැට්ටා කියන වචනයේ 'මැට්ටා' කියන කොටස සමහර අය සින්හලෙන් 'මැට්ටා' කියන අර්ථයෙන් ගන්නවා කියලා තේරුනා. නමුත් එය ගත්තෙ matic කොටසින් (suffix එකෙන්) අදහස් වෙන willing to perform or learn (as in automatic or mathematics), හෝ having the characteristics of (as in charismatic, symptomatic) වැනි අදහසින් නේද.

    (කැමති නම් විතරක් උත්තර දෙන්න. සමහරවිට මුකුත් නොකියා ඉන්න එකත් හොඳයි).

    ReplyDelete
    Replies
    1. ස්තුතියි, Lotus! ඔය අර්ථ දෙකෙන් කොයි එක ගත්තත් ප්‍රශ්නයක් නැහැ. කොහොමටත් මම නොදන්නා බව දන්න අඥයවාදියෙක් (agnostic).

      Delete
  8. Best Wishes. Keep up your good works.cheers

    ReplyDelete
  9. සුබ පැතුම් ඉකොනොමැට්ටා..මේ වියුණුවෙන් උකහා ගත්ත දැණුම බොහොමයි..

    තවත් ඉදිරියට යමු !

    ReplyDelete
  10. බොහොම ස්තුතියි ඉකොනොමට්ටා.
    ඔබට ජය සතුට සහ උණුසුම් සුබපැතුම් !
    ඔබගේ පරාර්ථකාමී සේවාව ඉතාම ප්‍රයෝජනවත්.
    සෑම දෙයක්ම සරලව ලස්සනට කියල දෙනවා වගේම රසවත්ව ලියනනිසා සෑම ලිපියක්ම බලනවා, බැලුවා..
    ඔබගේ වයසේම ජපානයේ සේවා කරමි.

    ReplyDelete
    Replies
    1. ප්‍රතිචාරයට හා සුබ පැතුමට ඔබට ස්තුතියි!

      Delete
  11. කොච්චර එකක්ද?
    හරවත්, දැනුම වැඩි කරවන දේවලින් සපිරි මේ බ්ලොගය මෙපමණ පිරිසක් කියවීම ගැන අප්‍රමාණ සතුටක් දැනෙන්නේ.

    ඇත්තම කිව්වොත් ඉකොනෝ ඔයා කියන සමහර කරුණු දිරවාගන්න තරමට මගේ මොළේ ඉඩ මදි. එහෙම ඒවාත් මම නම් කියවන්නේ දැනුම් වපසරිය ටිකක් හරි වැඩි කර ගන්නයි.

    ඉතිං, මට කියන්න තියෙන්නේ;
    'කෝටි ගණන් තව මල් පිපියන්!' කියලයි!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි , නිදි! පුළුල් පරාසයක මාතෘකා ගැන ඔබේ උනන්දුව මම අගය කරනවා.

      Delete
  12. Congratulations Economatta. Its very fulfilling to read your articles. Since I am working in an area that use similar knowledge (on economics) the articles you post are very useful.
    Further, thank you for starting up (?) a new paradigm on being Capitalistic, where many Sri Lankans are against the idea/think differently. My only concern is more Sri Lankans should read this ....

    ReplyDelete
  13. Congratulations, keep up the good work. There is 10,910 and me from AUS. Wijebahu

    ReplyDelete
  14. මිලියනය පසු කරාට සුබපැතුම් ඉකොන්.ඔය 706 පෙන්නුම් කරන රටෙන් අඩුම ගානේ 350 වත් මම වෙන්න ඇති. එත් තව කියවන්න තියෙන දේවල් බොහොමයි. දිගටම ලියන්න

    ReplyDelete
  15. සුබ පැතුම්. ඔබේ සියැළුම ලිපි කියවා බොහෝ දේ ඉගෙනගත්තා. ස්පාඤ්ඥ සහ පෘතුගාල කොඩි වලට දායක වීම සතුටක්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි, සුධීර! ඒ වගේම ඔබ ගැන දැන ගත් එකත් වටිනවා. විශේෂයෙන්ම පෘතුගාලය ගැන මගේ තිබෙන උනන්දුවේ තරමට (ලංකාව සමඟ තිබෙන ඓතිහාසික සම්බන්ධය නිසා) භාෂාව හා සංස්කෘතිය පිළිබඳ ප්‍රමාණවත් දැනුමක් නැති වීම අඩුවක්.

      Delete
  16. සුබ පැතුම්! නිතර කමෙන්ට් නොකලත් කියවල යනවා .. දිගටම ලියන්න !

    ReplyDelete
  17. Congratulations Econo. I am one of those silent readers who appreciate your work. It's informative and always leave room for some afterthought. Your critical analysis has inspired me; your commitment for engaging with your readers is amazing. Keep up the good work!

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: