වෙබ් ලිපිනය:

Tuesday, December 21, 2021

ආර්ථික අර්බුදයේ ඓතිහාසික සම්භවය (දෙවන කොටස)

වැඩවසම් ආකෘතියක ක්‍රියාත්මක වූ ග්‍රාමීය ස්වයංපෝෂිත ආර්ථිකයක් තිබුණු ලංකාව ඉංග්‍රීසීන් විසින් ලෝකයට සම්බන්ධ කළා. එහෙත්, අඩු වශයෙන් ආරම්භයේදී, මේ ආකාරයෙන් ලෝකයට සම්බන්ධ කළේ ලංකාව මිස ලාංකිකයින් නෙමෙයි. ලාංකිකයින්, විශේෂයෙන්ම උඩරට පළාත් වල ජීවත් වූ සිංහලයින්, තවදුරටත් ලෝකය සමඟ ලොකු සම්බන්ධයක් නොමැතිව පරණ ග්‍රාමීය ස්වයංපෝෂිත ආර්ථිකය ඇතුළේම ජීවත් වුනා. මේ ආර්ථිකය 88/89 කාලය දක්වාම ලංකාවේ බොහෝ ගම් වල තිබුණා. එහෙත්, අනූව දශකයේ මැද භාගය වෙද්දී එවැනි ස්වයංපෝෂිත ආර්ථිකයක් ඉතිරිව තිබුණේ මීමුරේ වැනි ගම් සුළු ප්‍රමාණයක පමණයි. අසූව දශකය ලංකාවේ ධනවාදයේ එක් අදියරක් සම්පූර්ණ කළ කාලයක්.

ඉංග්‍රීසි පාලන කාලය තුළ ලංකාව ලෝකය සමඟ සම්බන්ධ කළ ප්‍රධානම කණ්ඩායම යුරෝපයෙන් සංක්‍රමණය වූ වැවිලිකරුවන්. ඊට අමතරව ඉන්දීය උපමහාද්වීපයේ විවිධ ප්‍රදේශ වලින් පැමිණ ජාත්‍යන්තර (කලාපීය) වෙළඳාමෙහි නිරත වූ ව්‍යවසායකයින්ද මේ කටයුත්තට දායක වුනා. ලංකාවේ ධනවාදය දියුණු කළේ මේ සංක්‍රමණිකයන් විසින්. ඔවුන් පාරම්පරික ලාංකිකයින් නෙමෙයි. පාරම්පරික ලාංකිකයින් ඔවුන්ව අනුගමනය කරමින් ලෝකය සමඟ සම්බන්ධ වුනේ ඉතා සෙමෙන්. 

මට මතක තිබෙන කාලයේ මා දන්නා මගේ ඥාතීන්, මිතුරන් ජීවත් වූ ඇතැම් ගම් බොහෝ දුරට ස්වයංපෝෂිත ගම්. එවැනි ගමක ජීවත් වූ අයෙකුට ගමෙන් පිට සිදුවන දෙයක ලොකු බලපෑමක් තිබුණේ නැහැ. යම් හෙයකින් මෙවැනි ගමක් හා බාහිර ලෝකය අතර සම්බන්ධය බිඳී ගිය මොහොතක මෙවැනි ගමක වැසියන්ට ලොකු අපහසුතාවයන්ට මුහුණ දෙන්න වුනේ නැහැ. ඇත්තටම 88/89 සමයේ එසේ සිදු වූ කාල වකවානු තිබුණා. එහෙත් බාහිර උදවු නැතිව ගම් වල මිනිස්සු කොහොම හරි ජීවත් වුනා.

මම හිතන විදිහට මේ තත්ත්වය තීරණාත්මක ලෙස වෙනස් වෙන්න පටන් ගත්තේ ඇඟලුම් කර්මාන්තය රට පුරා පැතිරීම හා ගම් වල තරුණයන් උතුරේ යුද්ධය සමඟ සම්බන්ධ වීම සමඟයි. මේ සමඟම, කලින් අතේ සල්ලි නොගැවසුණු, ඇඟ වෙහෙසා මොනවා හෝ වවාගෙන කෑ, තරුණ තරුණියන් අතේ සල්ලි ගැවසෙන්න පටන් ගත්තා. ගමේ ආර්ථිකය තීරණාත්මක ලෙස වෙනස් වුනා. අද ලංකාවේ ගමක් බාහිර ලෝකයෙන් හුදෙකලා වුනොත් ඒ ගමේ වැසියන්ට ජීවත් වෙන්න ක්‍රමයක් නැහැ. ඇමරිකාවේ වගේම ලංකාවේ ගමක වුවත්, වෙළඳපොළ මිනිසුන්ගේ සාමාන්‍ය ජීවිතයේම කොටසක්. වෙළඳපොළ හරහා ලංකාවම එකිනෙකා හා සම්බන්ධ වෙලා. ලංකාව වගේම ලාංකිකයින්ද ලෝකය සමඟද සම්බන්ධ වෙලා.

මතුපිටින් බැලුවොත් ඉංග්‍රීසි ආණ්ඩුව හැදෙන්නට පෙර රට පාලනය කළ රජෙකුට විශාල බලයක් තිබුණා. සිරිත් විරිත් වලට ගරු කරමින් වුවත් තමන්ගේ අභිමතය පරිදි වැසියෙකුගේ හිස ගසා දැමීමට හෝ වෙනත් ආකාරයක කුරිරු වධබන්ධයකට ලක් කිරීමට රජුට හැකි වුනා. තමන්ට මනාප කාන්තාවක් අන්තඃපුරයට ගෙන්වා ගත හැකි වුනා. එහෙත්, ප්‍රායෝගිකව පර්යන්ත ගමක ජන ජීවිතයට හෝ ග්‍රාමීය ආර්ථිකයට රජුගෙන් බලපැමක් සිදු නොවුණු තරම්. ඉඩම් අයිතිය රජු සතු වුවත් ගැමියෙකුට කැලය කොටා ගිණි ලා හේනක් හදාගන්න එය බාධාවක් වුනේ නැහැ. අනූව දශකය පමණ දක්වාම මේ ක්‍රමයේ නෂ්ඨාවශේෂ ලංකාවේ දැකිය හැකිව තිබුණා. මා අයත්වන්නේ එම නෂ්ඨාවශේෂ ඇසින් දුටු අවසන් පරම්පරාවට විය යුතුයි.

අද වන විට ලංකාවම වෙළඳපොළට සම්බන්ධයි. ගනුදෙනු හැමදාමත් සිදු වුනත්, ගනුදෙනු සඳහා මහා පරිමාණයෙන් මුදල් භාවිතා කිරීම හා මුදල් භාවිතයෙන් තොර ජීවිතයක් ගැන සිතිය නොහැකි මට්ටමකට රටම පත් වීම සාපේක්ෂව අලුත් දෙයක්. අනූව දශකයේ සම්පූර්ණ වූයේ මේ පරිවර්තනයයි. ජාතික රාජ්‍ය ආකෘතිය තුළ ධනවාදය මේ අදියරට පැමිණීමත් සමඟ රජය සතු මුදලේ අගය පාලනය කිරීමේ හැකියාව හේතුවෙන් මුළු රටම රජයේ ග්‍රහණයට නතු වීමද නොවැලැක්විය හැකියි. එම තත්ත්වය තුළ රජය හමුවේ වැසියා විශාල අසරණ භාවයකට පත් වෙනවා. රජය කරන වරදකින් පීඩාවට පත් වන වැසියෙකුට පුද්ගලයෙකු ලෙස තනිව කළ හැකි දෙයක් නැතිව යනවා.

නිදහස ලබද්දී ලංකාවේ මෙවැනි තත්ත්වයක් ඇති වී තිබුණේ නැහැ. ඒ වගේම, රජය කටයුතු කළේ විනයකට යටත්වයි. දැන් වගේම ඒ කාලයේත් රජයට වියදම් තිබුණා. මේ වියදම් පියවා ගැනීම සඳහා රජය ආදායම් එකතු කළා. බොහෝ විට එය කළේ විනිවිද භාවයක් ඇතුවයි. සල්ලි අච්චු ගසමින් ඇහැට නොපෙනෙන "උද්ධමන බදු" එකතු කළේ නැහැ. 


ඉහත රූප සටහනෙහි පෙන්වා තිබෙන්නේ පසුගිය වසර දෙසීයක කාලය තුළ ලංකාවේ රාජ්‍ය ආදායම් හා වියදම්. වියදම ආදායම ඉක්මවූ අවුරුදු රතු පාටින්ද, ආදායම වියදම ඉක්මවූ අවුරුදු කොළ පාටින්ද පෙන්වා තිබෙනවා. ස්ථම්භයේ උස වියදම් හා ආදායම් අතර අනුපාතයයි.

ලංකාවට නිදහස ලැබෙන තුරු බොහෝ වසර වලදී රජයේ වියදම් ආදායම නොඉක්මවූ බව මේ ප්‍රස්ථාරය දෙස බැලූ විට පැහැදිලිව පෙනෙනවා. එයින් අදහස් වන්නේ අයවැය අතිරික්තයක් පැවති බවයි. ඉංග්‍රීසි ආණ්ඩුව මෙසේ එකතු වූ අතිරික්තය ඉතිරි කරමින් ආයෝජනය කළා. ඒ ආයෝජන වලින්ද ආදායම් ලැබුණා. කවර හෝ හේතුවක් නිසා කිසියම් වසරක් තුළ රජයේ ආදායම වියදමට වඩා අඩු වී අයවැය හිඟයක් ඇති වූ විට මෙසේ කලින් ඉතිරි කරගත් අරමුදල් ප්‍රයෝජනයට ගත හැකි වුනා.

විදේශ අංශයේ පැවතියේද මෙවැනිම තත්ත්වයක්. අපනයන වෙනුවෙන් වැය කළේ ආනයනය කර ඉපැයූ විදේශ විණිමයයි. ඉතිරිය විදේශ සංචිත සේ එකතු වුනා. ආනයන වෙනුවෙන් අපනයන ආදායම් ඉක්මවා වියදම් කරන්නට සිදු වූ වසර වලදී ප්‍රයෝජනයට ගත්තේ මෙසේ කලින් ඉතිරි කරගත් සංචිතයි. මුල් කාලයේදී ලංකාවේ භාවිතා වූ සල්ලි කියන්නේත් ආනයන භාණ්ඩයක්. අපනයන වල හිලවුවට ඉන්දියාවෙන් කාසි ආනයනය කළා. ඒ හැර සල්ලි අච්චු ගසමින් වියදම් කළේ නැහැ. ඒ නිසා, විශාල කාලයක් අපහසුවකින් තොරව විණිමය අනුපාතය ස්ථිරව පවත්වා ගන්න පුළුවන් වුනා.

නිදහසින් පසු මේ තත්ත්වය වෙනස් වුනා. ප්‍රස්තාරය දෙස බැලූ විට වෙනස ඉතා පැහැදිලිව පෙනෙනවා. කේන්සියානු ප්‍රතිපත්ති අනුගමනය කළ එජාප ආණ්ඩු වගේම ජාතික සමාජවාදී ප්‍රතිපත්ති අනුගමනය කළ වාමාංශික ආණ්ඩු විසින්ද එක සේ ආදායම් ඉක්මවා වියදම් කළා. ප්‍රස්ථාරයේ රතු තීරු මිස කොළ තීරු දකින්නට නැත්තේ ඒ නිසා. 

දිගින් දිගටම අයවැය හිඟයන් මිස අතිරික්ත නැති වූ විට ටික කලකින් ඉතිරි කරගත් දේ අවසන් වෙනවා. එයින් ලැබුණු පොලී ආදායම්ද අහිමි වෙනවා. ඉන් පසු ණය ගන්න සිදු වෙනවා. ඒ ණය වෙනුවෙන් ගෙවන්න සිදුවන පොලී මුදල් වැය ශීර්ෂයට එකතු වෙනවා. අයවැය හිඟය තවත් ඉහළ යනවා. එය පියවන්න වැඩියෙන් ණය ගන්න වෙනවා. විෂම චක්‍රයක් හැදෙනවා. 

රාජ්‍ය අංශයේ මෙවැනි විෂම චක්‍රයක් හැදෙද්දී විදේශ අංශයේද එවැනිම විෂම චක්‍රයක් හැදුනා. එයට හේතු වූයේ 1950දී මහ බැංකුව පිහිටුවීමෙන් පසුව රජයේ අයවැය හිඟය පියවීමට සල්ලි අච්චු ගැසීමේ විකල්පය කරාද යොමුවීම හේතුවෙන්. රජය විසින් අච්චු ගසා වියදම් කරන සල්ලි ආර්ථිකයට එකතු වෙන්නේ පෙර මෙන් සල්ලි ආනයනය කරන විට සිදු වන ආකාරයෙන් නෙමෙයි. සල්ලි ආනයනය කිරීමට භාණ්ඩ අපනයනය කළ යුතුයි. ඒ නිසා, මුදල් සැපයුම වැඩි වෙන්නේ නිෂ්පාදනය වැඩි වුනොත් පමණයි. සල්ලි අච්චු ගැසීමේදී එවැනි සීමාවක් නැහැ. 

රජය විසින් අච්චු ගහන සල්ලි මිනිස්සුන්ගේ අතට ගිය විට භාණ්ඩ සඳහා වන ඉල්ලුම ඉහළ යනවා. එහිදී ආනයන ඉහළ යනවා. එහෙත් එයට අනුරූපව අපනයන ඉහළ යාමක් සිදු වන්නේ නැහැ. සල්ලි ආනයනය කළ කාලයේ මෙවැනි ප්‍රශ්නයක් හෝ ප්‍රශ්නයක් ඇති වීමේ ඉඩක් තිබුණේ නැහැ. 

අපනයන ආදායම් ඉක්මවා ආනයන වියදම් ඉහළ ගිය විට එකතු කරගෙන තිබෙන සංචිත අඩු වෙනවා. මෙය දිගින් දිගටම සිදු වන විට සංචිත දිගින් දිගටම අඩු වෙනවා. 

ඉහත කරුණට අමතරව නිදහසින් පසු ලංකාවේ විදේශ සංචිත පිරිහෙන්න තවත් කරුණක් බලපෑවා. නිදහසට පෙර වසරින් වසර ලංකාවට විදේශික ව්‍යවසායකයන් පැමිණුනා. ඔවුන් පැමිණුනේ ප්‍රාග්ධනයද අරගෙනයි. නිදහසින් පසු ලංකාවේ ආණ්ඩු විසින් අනුගමනය කළ ප්‍රතිපත්ති නිසා මේ අයුරින් රටට විදේශිකයින් පැමිණීම අඩුවුනා පමණක් නොව රටේ සිටි විදේශිකයින් හා සංක්‍රමණිකයන්ගෙන් පැවත ආ අය රටින් පිටව යාමද වුනා. එසේ ගියේ ඔවුන් සතු වූ ප්‍රාග්ධනය මෙන්ම ව්‍යවසායකත්වයද  අරගෙනයි. 

නිදහසින් පසු රටේ සිටි විදේශිකයන්ගේ දේපොළ රජය සතු කර ගනිමින් රටේ සිටි ආයෝජකයින්ට රටින් පිටව යාමට සැලසූ ලංකාවට දශක කිහිපයක් යද්දී ආයෝජකයින් රටට ගෙන්වා ගැනීම විශාල අභියෝගයක් වී තිබීමත්, විදේශ විණිමය හොයන්නට රටේ දේපොළ විදේශිකයන්ට විකුණන්නට වී තිබීමත් දෛවයේ සරදමක්.

රජයක් දිගින් දිගටම ආදායම ඉක්මවා වියදම් කරමින් හිඟය පියවීමට සල්ලි අච්චු ගැසීම මත්ද්‍රව්‍යයකට ඇබ්බැහි වුනා වගේ වැඩක්. හිඟය පාලනය කරන්න අවශ්‍ය වුවත් එය කරන එක පහසු වැඩක් නෙමෙයි. අයවැය හිඟය පියවන්න විදේශ ණය ගැනීමෙන් ආනයන අපනයන පරතරය හමුවේ සංචිත පහළ යාමේ අමතර ප්‍රශ්නයද තාවකාලිකව විසඳා ගත හැකි වුවත් එයින් සිදු වන්නේ දිගුකාලීන ගෙවුම් ශේෂ උගුලකද හිර වීමයි. 

නිදහස ලබන විට විශාල විදේශ සංචිත ප්‍රමාණයක් රටේ ඉතිරිව තිබුණත් දිගින් දිගටම අපනයන ආදායම් ඉක්මවා ආනයන වෙනුවෙන් වියදම් කිරීම නිසා 1964 වන විට ලංකාවේ විදේශ සංචිත රටේ විදේශ ණය ප්‍රමාණයට වඩා අඩු මට්ටමකට වැටුණා. මේ දවස් වල ලංකාවේ විදේශ සංචිත ගැන බොහෝ දෙනෙක් කතා කරනවා. එහෙත්, ඇත්තටම, එනම් ශුද්ධ පදනමකින්, ලංකාව සතුව විදේශ සංචිත තිබුණේ 1963 වන තුරු පමණයි. නිදහස ලබා වසර පහළොවක් ඇතුළත ලංකාවේ බලයේ සිටි ආණ්ඩු රටේ විදේශ සංචිත ටික ඉවර කළා. එතැන් සිට අද දක්වාම අප කතා කරන්නේ ණයට ගත් සංචිත ගැන මිසක් උපයාගත් සංචිත ගැන නෙමෙයි.

ප්‍රමාණවත් සංචිත තිබෙන තුරු ලංකාවට විණිමය අනුපාතය ස්ථිරව තබා ගත හැකි වුවත් සංචිත අවසන් වීමෙන් පසුව එය කළ හැකි වූයේ නැහැ. ඒ නිසා, රුපියල අවප්‍රමාණය කරන්න සිදු වුනා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ගොස් ණය ගන්න සිදු වුනා. හැටේ දශකයේ මැද සිට දිගින් දිගටම මේ වැඩේ කරන්න සිදු වුනා. 

සමගි පෙරමුණු රජය දැඩි ලෙස ආනයන පාලනය කළේත්, හැත්තෑ හතේදී ජේආර් බලයට පත් වීමෙන් පසුව රුපියල විශාල ලෙස අවප්‍රමාණය කළේත් ගෙවුම් ශේෂ ප්‍රශ්නයට විසඳුමක් ලෙසයි. මේ පිළියම් වලින් තාවකාලිකව ගෙවුම් ශේෂ ප්‍රශ්නය විසඳුනත් දිගින් දිගටම නැවත නැවතත් ප්‍රශ්නය මතු වුනා. ඒ රෝගයට මිස රෝග නිධානයට පිළියම් නොකෙරුණු නිසයි. රෝග නිධානය වූ අයවැය හිඟය පවතින තුරු ගෙවුම් ශේෂ ප්‍රශ්න වරින් වර මතු වීම නොවැලැක්විය හැකියි.

මතු සම්බන්ධයි.

22 comments:

  1. ලංකාවට ඇමෙරිකන් සම්බාධක පනවලා නේද? මේකේ අතුරුඵල විදිහට මොන වගේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න වේවිද?

    https://www.eurasiareview.com/22122021-sri-lanka-cambodia-and-bangladesh-under-us-sanctions-what-are-limits-of-us-action-oped/

    ReplyDelete
    Replies
    1. මෙය පුද්ගලයින් දෙදෙනෙකුට ඇමරිකාවට පැමිණීමට පැනවූ තහනමක් මිසක් ලංකාවට පැනවූ සම්බාධකයක් නෙමෙයිනේ, ඇනෝ. ඒ අය බොහෝ විට කොහොමටත් ඇමරිකාවට පැමිණිය නොහැකිව තිබුණු අය වෙන්න පුළුවන්. ඇමරිකාවට වරක් හෝ පැමිණෙන ලාංකිකයින් ඉන්නේ කෙතරම් සුළු ප්‍රමාණයක්ද? කෙසේ වුවත්, ඇමරිකාවට නොපැමිණ සිටිය නොහැකි, තීරණ ගත හැකි ලොකු පුටු වල ඉන්න අයට මේ හරහා සංඥාවක් ලබා දී තිබෙනවා.

      Delete
  2. ලංකවේ මේ දවස්වල පවතින අධික ලෙස උත්සන්න වී ඇති විදේශ විනිමය අර්බුදයට පිළියමක් ලෙස රටේ ඉන්ධන පරිභෝජනය අඩු කිරීම පිණිස ඉන්ධන මිල ඉහළ දැමූ බව කැබිනට් ප්‍රකාශක ඩලස් අලහප්පෙරුම කැබිනට් ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී ප්‍රකාශ කළත් ලංකාවේ බොහෝ ආර්ථික විසේෂඥයින් පවසන්නේ ඉන්ධන මිල ඉහල දැමීමෙන් රටේ පවතින විනිමය අර්ර්බුධයට එය කිසිසේත්ම පිළියමක් නොවන බවයි. මේ නිසා දැනටමත් වේගයෙන් ඉහල යමින් දිනපතා වැඩිවන උද්ධමනය තවත් විශාල වශයෙන් ඉහල යාමෙන් දැනටමත් අපහසුතාවයට පත්ව ඇති මහ ජනතාව තව තවත් අපහසුතාවයට පත්වන බවයි.

    ආණ්ඩුව මාස හයකට පමණ පෙර 2021 ජුනි වල ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 20කින් වැඩි කර රු. 157 දක්වාත්, 95 ඔක්ටේන් පෙට්‍රල් ලීටරයක් රුපියල් 23කින් වැඩි කර රු.184 දක්වාත්, ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 7කින් වැඩි කර රු. 111 දක්වාත්, සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 12කින් වැඩි කර රු. 144 දක්වාත්, භූමිතෙල් රුපියල් 7කින් වැඩි කර රු. 77 දක්වාත් ඉන්ධන මිල ඉහල දැම්මේ ජාත්‍යන්තර වෙළෙඳපොළේ ඉන්ධන මිල බොරතෙල් බැරල් එකක් ඩොලර් 80 ඉක්මවීම දඩමීමා කරගෙනයි.

    කෙසේ හෝ මෙවර ලංකාවේ ඉන්ධන මිල ඉහළ දැමෙන්නේ ජාත්‍යන්තර වෙළෙඳපොළේ බොර තෙල් මිල පහත වැටී ඇති පසුබිමක යුරෝපයේ සහ එක්සත් ජනපදයේ ඔමික්‍රොන් වෛරස ප්‍රභේදයේ ආසාදනයන් බරපතල විදිහට ඉහළ යාම සමග එහි ව්‍යාප්තිය මැඬපැවැත්වීම සඳහා පනවන නව සීමාකිරීම්වලින් ඉන්ධන ඉල්ලුම පහත හෙළීමට හැකි බවට ආයෝජකයින් උපකල්පනය කිරීම සහ ඇමරිකන් සහ යුරෝපයේ සංචිත වෙළඳපොළට දැමීම සමග ජාත්‍යන්තර වෙළෙඳපොලේ ඉන්ධන මිල අඩුවී බ්‍රෙන්ට් බොරතෙල් මිල ඩොලර් 2කින් (2.7 %කින්) පහත වැටී, බැරලයක් ඩොලර් 71.52ක් වූ අතර එක්සත් ජනපදයේ බටහිර ටෙක්සස් අතරමැදි (WIT) බොරතෙල් මිල ඩොලර් 2.63කින් (3.7 % කින්) පහත වැටී බැරලයක් ඩොලර් 68.23ක් ලෙසත් බ්‍රෙන්ට් බැරලයකට ඩොලර් 69.28ක අඩුම අගයක් දක්වා පහත වැටුණු අතර WIT බැරලයකට ඩොලර් 66.04ක් දක්වා පහත වැටුණි.

    ලංකාවේ අධික ලෙස ඉන්ධන මිල ඉහළ දැමීමට සාපෙක්ෂව ත්‍රිරෝද රථ ගාස්තුවත් අද සිට ඉහළ දමා ඇත. ඒ අනුව පළමු කිලෝමීටරය රුපියල් 40 සිට රුපියල් 80ක් දක්වා ඉහළ දමා දෙවැනි කිලෝමීටරයේ සිට කිලෝමීටරයකට අයකරන ගාස්තුව රුපියල් 50 ක් ලෙස ඉහළ දමන බවට සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතිය නිවේදනය කළ අතර බස් ගාස්තුව ද 15%ත් 25%ත් අතර අගයකින් ඉහළ නැංවිය යුතු බව පෞද්ගලික බස් සංගම් පවසයි. මිට පෙර ද ඩීසල් මිල රුපියල් 7කින් ඉහළ දැමූ නිසා අලුතින් ඉන්ධන මිල රුපියල් 10කින් වැඩි කිරීමත් සමග තමන්ට රුපියල් 17ක පාඩුවක් සිදුවන බව බස් හිමියෝ පවසති.

    ලංකාවේ බස් සංගම් වෘත්තීය සමිතීත් පවසන්නේ බස් අමතර කොටස් මිල ද 300 % කින් ඉහළ ගොස් ඇති බවත් දැනට රුපියල් 14ක් වන අවම බස් ගාස්තුව රුපියල් 20ක් හෝ 25 දක්වා ඉහළ නැංවිය යුතු බව.

    පෞද්ගලික බස් හිමියන්ගේ සංගම් සඳහන් කළේ "අපි රජයට යෝජනා කරනවා පොදු ප්‍රවාහන සේවයට පමණක්වත් ඩීසල් සහනාධාරයක් ලබාදෙන්න කියල එහෙම නැත්තන් රුපියල් 14ක් ව තියෙන අවම බස්ගස්තුව රුපියල් 25ක් විය යුතුයි. එයට අමතරව අනෙකුත් සියලුම ගාස්තු ප්‍රතිශතයන් සියයට 25කින් වැඩිකරන්න ඕන," සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සමිති සම්මේලනයේ ලේකම් අංජන ප්‍රියන්ජිත් පැවසීය.

    මීට සමගාමීව අධික ප්‍රවාහන ගාස්තු නිසා බැටකන බේකරි නිෂ්පාදන වල මිලද ඉහල දමා ඇති බවට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන පැවසුවේ දෙසැ. 21 මධ්‍යම රාත්‍රී සිට පාන් ඇතුළු බේකරි නිෂ්පාදන සඳහා වන පාලන මිලෙන් ඉවත් කරන බව

    "අපට දැන් ගෑස් නෑ. පාන්පිටි හිඟයක් පවතිනවා. අමුද්‍රව්‍ය 100%කින් ඉහළ ගොස් තියෙනවා. ඉදිරියට මේ කර්මාන්තය පවත්වාගෙන යෑමේ අභියෝගයකට මුහුණදීමට සිදුවෙලා තියෙනවා. මිල වැඩිකරනවා, වැඩිකරනවා කියලා මේකේ සීමාවක් නෑ. අද අපි බේකරිහිමියන්ගේ සංගමයේ විධායක කමිටු රැස්වීමක් පැවැත්වුවා. අද මධ්‍යම රාත්‍රියේ ඉඳලා අපි තීරණය කළා බේකරි මිල ගණන් තීරණය කිරීම නවත්වන්න. බේකරි හිමියන්ගෙන් පාලන මිලක් නෑ කෑමවලට. ඒ නිසා අපි බේකරිහිමියන්ගෙන් ඉල්ලනවා අද මිල මේක කියලා දැනුම්දීලා ඉදිරියට කරගෙන යන්න,"

    මේකට විසඳුම කුමක්ද?

    ReplyDelete
    Replies
    1. ඔය හැම දෙයකටම ස්ථිර විසඳුම අයවැය තුලනය කර ගැනීමයි. වෙනත් ඕනෑම විසඳුමක් පැලැස්තරයක් පමණයි.

      Delete
  3. ඇමරිකානු එක්සත් ජනපදය ලංකාවේ හමුදා නිලධාරීන්ට එරෙහිව ද්වේශ සහගත ලෙස සම්බාධක පනවමින් ලංකාවට හතුරු කම් කරද්දී දැනට කොරෝනා ව්‍යසනයෙන් පීඩාවට පත් ලංකාවේ රෝහල්වල සෞඛ්‍යය නගාසිටුවීම අරමුණු කොට ගනිමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ අභිනව සංකල්පයක් ලෙස ක්‍රියාත්මක “සමගි ජන බලවේගයේ හුස්මක්” වැඩසටහන පිළිබඳව ස්වකීය ප්‍රසාදය සහ, සතුට පළ කරමින් චීන රජය රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන් එම වැඩසටහනට සුවිශේෂී පරිත්‍යාගයක් සිදු කරනු ලැබීය.

    ඒ අනුව වකුගඩු ආශ්‍රිත රෝග පිළිබඳව පරික්ෂණ සඳහා අත්‍යවශ්‍යව පවතින Kidney Dialysis Machine සදහා රුපියල් ලක්ෂ එකසිය අනූහයක මූල්‍ය ආධාරයක් ලබා දීමට චීන රජය කටයුතු කළහ.

    එය කිසිම විදිහකින් නැවත ගෙවීම අනවශ්‍ය/ ණය මුදලක් නොවන සහමුලින්ම පරිත්‍යාගයක් බව චීන නියෝජිතයින් පැවසීය.

    මෙම ආධාර මුදල ලබා ගැනීම සම්බන්ධයෙන් චීනය සමඟ පැවැති සාකච්ඡාවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නිරන්තරයෙන් අවධාරණය කළේද තම රටේ පුරවැසියන් වෙනුවෙන් ණය මුදලක් වෙනුවට පරිත්‍යාගයක් ලබා දෙන ලෙසය. අදාල වැඩසටහන ඒ පවත්නා විනිවිදභාවය විනිවිදභාවය පිළිබඳව දැඩිව පැහැදීමට පත්ව සිටින තමන් මෙම පරිත්‍යාගය ලබාදෙන බව පැවසීය.

    විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් ලෙස ක්‍රියාත්මක “සමගි ජන බලවේගයෙන් හුස්මක්” වැඩසටහනට සමගාමීව සුවපත් දේශයක් බිහි කිරීම අරමුණු කොටගෙන ‘ජන සුවය’ ව්‍යාපෘතියෙන් සිදුකරන ලද හුස්ම සමාජ සත්කාර වැඩසටහන මේ වන විට අදියර තිස් හතරක් පවත්වා තිබේ.

    ඒ හරහා රෝහල් වලට අත්‍යවශ්‍ය රෝහල් උපකරණ ලබාදීමට කටයුතු කරන ලද අතර ඉතා විනිවිද ලෙසත්, ක්‍රමානුකූලව සහ ප්‍රශස්ත ලෙසත් එම කටයුත්ත සිදු කරන බවට තමන්ට නිරීක්ෂණය වී ඇතැයි කොළඹ චීන තානාපති කී. සෙන්හොංග් මහතා පැවසීය.

    මේ පිළිබඳව ස්වකීය අවධානය යොමු කළ චීන රජය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමග සාකච්ඡා කොට අදාල පරිත්‍යාගය සිදු කිරීමට තීරණය කරනු ලැබීය.

    මෙරට ජනතාවගේ සුභසිද්ධිය සහ සෞඛ්‍යය වර්ධනය කිරීම වෙනුවෙන් චීනය ලබා දුන් මෙම පරිත්‍යාගය පිළිබඳව ස්වකීය කෘතවේදීත්වය ලංකාව වෙනුවෙන් පුද කරන බව පැවසූ විපක්ෂ නායකතුමා, සම්ප්‍රදායක විපක්ෂයක භූමිකාවෙන් මිදී රටට අගයක් එකතු කිරීමේ රාජ්‍යතාන්ත්‍රික කැපවීම සමගි ජන බලවේගය ආදර්ශයෙන්ම පෙන්වන බව පැවසීය.

    ඉතිහාසයේ කිසිදු විපක්ෂයක් නොකළ සංවර්ධන කටයුතු රැසක් බලය නැතිව පවා ඉටු කිරීමට තම පක්ෂයට හැකිවූ බව පැවසූ විපක්ෂ නායකතුමා තමත් සිදුකරන්නේ දේශපාලනය වෙනුවට දේශසේවය බවද පැවසීය.

    කොරෝනා ව්‍යසනය හේතුකොටගෙන පීඩාවට පත් ජනතාවට සෞඛ්‍යමය සහන සලසනු වස් සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම, සංවිධායකයින්, සාමාජිකයින්, සමගි ජන බලවේගයේ විදේශීය ශාඛා, දෙස් විදෙස් ආධාරකරුවන් සහ “ජනසුවය” ව්‍යාපෘතිය එක්ව “විපක්ෂයෙන් හුස්මක්” වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

    මීට පෙර වට 34 ක් තුල රුපියල් ලක්ෂ 1,016ට අධික වටිනාකමකින් යුක්ත රෝහල් උපකරණ ලබාදීමට සමගි ජන බලවේගය කටයුතු කරයි. චීනය වැනි සමාජවාදී මිතුරු රටවල ආධාර වැඩසටහන් වල සහයෝගය සහිතව ලංකාව තුල දැනට තම පුරවැසියන් වන රූකඩ පාලකයන් යොදා ගනිමින් සූරා කමින් විනාශ කරන සතුරු රටක් වන ඇමරිකානු අධිරාජ්‍යවාදී බලපෑම් වලින් මුදවා සංවර්ධනය කරා ගෙන යාමට සමගි ජන බලවේගයට හැකි වේවි. වැඩි විස්තර මේ link එකෙන් ඔබටත් දැන ගැනීමට පුළුවන්.

    https://www.lankanewsweb.net/66-special-news/99545-china-donates-rs-19-6-mn-donation-to-hospital-sector-in-appreciation-of-sjb

    ReplyDelete
    Replies
    1. චීනය සජිත්ට ඔට්ටු දාන්න පටන් අරන් වගේ!

      Delete
    2. දැන් ගොඩක් කල්, පෝට් සිටි එකට පස්සෙ උතුරේ බලාගාර ව්‍යාපෘති ඉන්දියාවට දීම, පෝර නැවේ කේස් එක වගේ සීන් වලට පස්සෙ ආණ්ඩුව ඇමරිකන් ඉන්දියන් සරණ ගිය නිසා ලංකාවේ විපක්ෂයට චීන බැල්ම වැටුණා, චීන ආධාර උපකාර සහිතව තමයි සජබ පක්ෂයේ වැඩ ගොඩක් කරන්නෙ, තව ජනතා විමුක්ති පෙරමුණේ තලවතුගොඩ ග්‍රෑන්ඩ් මොනෑක් සමුළුව සහ තව ගොඩක් උද්ඝෝෂණ ව්‍යාපාර වලට මූල්‍ය ආධාර උපකාර චීන ආයෝජන විදියට තමයි ලංකාවට ඇවිත් තියෙන්නේ. අනේ මන්දා මොන මගුලක් වෙයිද මන්දා. ඉන්දියාව හා ඇමරිකන් එක්සත් ජනපදය සල්ලි දෙන්න හදලා නොදී ඉන්නවා පහුගිය ආණ්ඩුව කාලේ වගේ. ආණ්ඩුව වැටෙන කොට උන් උපරිම වශයෙන් කොන්දේසි දාල අවශ්‍ය දේවල් කර ගන්නවා. හැමෝම තැටිය රත් වුන වෙලාවට රොටී පුච්චගන්නවා ලංකාවේ දුප්පත් අන්ත අසරණ වෙලා ඉන්න මිනිස්සුන්ට අබ සරණයි

      Delete
  4. මේ පැහැදිලි කිරීමට ස්තුතීයි.ලංකාවේ ඇති ආර්ථික ගැටලුව ගැන හොද අදහසක් මේ ලැබෙනවා. මට පෙනෙන විදිහට ඔබ කියන්නේ 'don't live beyond your means' වගේ දෙයක්. නමුත් democratic process එකක් තුල මෙය ප්‍රයෝගික කල හැකිද කියන ගැටලුව තිබෙනවා. දිගු කාලීන යහපත වෙනුවෙන් බොහෝ දෙනෙක් කෙටිකාලීන කැප කිරීම් කරන්න කැමති නැහැ.

    ReplyDelete
    Replies
    1. කෙසේ වුවද පවතින තත්ත්වය මිනිස්සු කැප කිරීම් කරන්න කැමති නැති වීමේ ප්‍රශ්නයක් කියා මම කියන්නේ නැහැ. මිනිස්සු කැප කිරීම් නොකිරීම පවතින ක්‍රමයේම ප්‍රතිඵලයක්. වඩා හොඳ ජීවන තත්ත්වයක් පිළිබඳ අපේක්ෂා තිබෙන, ඒ වෙනුවෙන් කැප වෙන්න සූදානම් අය තමයි තාවකාලික රැකියා සඳහා හෝ ස්ථිර පදිංචිය සඳහා රට හැර යන්නේ. ජීවිත අවදානම් අරගෙන බෝට්ටු වලින් ඉතාලි යන්නේ. අරමුණු මොනවා වුනත් දකුණු කැරලි දෙකකදී හා උතුරේ සිවිල් යුද්ධයේදී මැරුණේ හෝ ජීවිතය අහිමි වීමේ අවදානම ගත්තේ කැප කිරීම් කරන්න කැමති මිනිස්සු. හමුදා වලට බැඳුනේත් කැප කිරීම් කරන්න කැමති මිනිස්සු. (මේ කැරලි වලට සම්බන්ධ වූ බොහෝ දෙනෙක් පසුව රට හැර ගොස් තියෙන්නේ ඇයි කියන එකත් හිතන්න). ඇඟලුම් කම්හල් වල සේවය කරන තරුණියෝ ටාගට් කවර් කරන්න මැරීගෙන වැඩ කරනවා. එසේ කැප කිරීම් කරන්න කැමති අයට අවස්ථාව හා නායකත්වය දී නිසි පරිදි මෙහෙයවිය හැකි ආර්ථික-දේශපාලන වැඩ පිළිවෙලක් හා දේශපාලන නායකත්වයකුයි නැත්තේ. ඒ වෙනුවට, පවතින හැම දේශපාලන ධාරාවක් විසින්ම අඩු වැඩි වශයෙන් පෙනී සිටින්නේ කැප කිරීම් කරන ස්ථරය මරාගෙන කමින් ජීවත් වන පරපුටු ස්ථරය වෙනුවෙන්. රට හැර යන හෝ යන්න හදන ඕනෑම කෙනෙක්ගෙන් අහන්න. ඒ ඕනෑම කෙනෙක්ට කියන්න තමන්ගේම කතාවක් ඇති. නිදහස ලැබුණු විට පැවති තත්ත්වය හා අද තත්ත්වය වෙනස්. රට ඉදිරියට ගෙන යා හැකි නිවැරදි දේශපාලන ධාරාවකට බලයට පැමිණීමට අද අවස්ථාව තිබෙනවා. අද නැතත් ඉතා කෙටි කලකින් ඒ අවස්ථාව උදා කර ගැනීමේ හැකියාව තිබෙනවා. එක්කෝ අලුත් කණ්ඩායමක් බිහි වෙන්න ඕනෑ. එහෙම නැත්නම් දැනට ඉන්න කණ්ඩායමක් බය නැතුව හැව අරින්න ඕනෑ.

      Delete
    2. දොස්තරල අයිති වෙන්නෙ මොන කාන්ඩයටද?
      ලන්කාවෙ දොස්තර කෙනෙක්ගෙ පඩිය දීමනා ඇතුලුව කීයක් වෙනවද?

      Delete
    3. අනුර කුමාර සහෝදරයා මේකෙදි දොස්තර වැටුප් ගැන විස්තර පවසනවා;

      shorturl.at/giuMR

      දොස්තර පාදෙණියගෙ මාසෙකට මූලික වැටුප ලක්ෂ දෙකක්ලූ, වෙනත් දීමනා සමග මේක දැන් ලක්ෂ පහක්/ පහ මාරක් විතර වෙයි කොවිඩ් විශේෂ දීමනා සමග සෞඛ්‍ය වැටුප් අධික ලෙස වැඩිවූ නිසා, ඊට අමතරව ප්‍රයිවෙට් ප්‍රැක්ටිස් කරලා, මාසෙකට තවත් ලක්ෂ විසි පහක් විතර හම්බ කරලා, හැමදාම වර්ජනය කරලා, අහිංසක ලෙඩ්ඩු අමාරුවේ දාන එක යුක්ති සහගතද?

      සාමාන්‍යයෙන් වෛද්‍යවරයකු යනු කටපාඩමින් ඉතා මහන්සි වී විභාග සමත් වූ උගත් පුද්ගලයෙකි. නමුත් ඒ අය අතරින් බුද්ධිමත් අය ඉන්නේ ඉතාමත් සුළු පිරිසක් විතරයි. අප මේ ගැන මොහොතක් බුද්ධිමත්ව විමසා බලමු. අද රජයේ ආරම්භක ශ්‍රේණියේ මූලික වෛද්‍යවරයකු ලබන පඩිය සාමාන්‍යෙන් මසකට රු 180,000 ට වඩා වැඩි නමුදු ඔහුට එම මුදල ඉතාමත් සොච්චමකි. එම නිසා ඔහු/ ඇය අද හවස හතරට රජයේ සේවය නවත්වා තම පුද්ගලික අභිවෘද්ධිය පිණිස පෞද්ගලික චැනල් සේවා පවත්වාගෙන යමින් තව තවත් මුදල් සෙවීමට පෙලබී ඇත. වෛද්‍යවරයකු යනු අප වගේම මිනිසෙකි. ඔහුගේ ආමාශය (බඩ) ලොකු නැත. එනම් ඔහුට අපට වඩා වැඩිපුර ආහාර අනුභව කල නොහැක. එකවිට ඇඳුම් 4 ක් හෝ 5 ක් ඇඳීමට ශරීර 4 ක් හෝ 5 ක් ද නැත. ඇත්තේ එක ශරීරයකි. ඔහුගේ අල්මාරියේ එම ශරීරය සරසවන්නට ඇඳුම් 20 ක් 30 ක් තිබිය හැකිය. එත් ඔහු දිනකට ඇති ආහාර වේල් 3 නෙන් හරියට ගන්නේ එක ආහාර වේලක් විය හැකිය. මේ අනුව බලනකොට සාමාන්‍ය මිනිසකුගේ පරිභෝජන ප්‍රමාණය වත් වෛද්‍යවරයකු කරනවාදැයි ප්‍රශ්නයක් පැනනගී. එත් එයාට ලැබෙන පඩිය මදිලු. ඇත්තටම බලමු මොකක්ද මේ උගත් වෛද්‍යවරයාට වෙලා තියෙන්නේ කියලා බලමු.

      අම්මපල්ලා උගත් කමටත් ගිය කල… ඔහු මුදලාලිගේ රූකඩයක් වෙලා. මුදලාලි ලස්සන ලස්සන කාර් පෙන්නලා වෛද්‍යවරයාට එක විකුනලා. ලොකු ගානකට. මේ වගේ ලස්සන වාහනයක ගියාම ලොකු නම්බුවක් ලැබෙනවා. හැමෝම ඔයා දිහා බලනවා. එතකොට ඔයාට අර ලස්සන දොස්තර නෝනවත් සෙට් කරගන්න පුළුවන්. මේකෙන් ගියාම ජීවිත පහසුයි ගොඩක් සල්ලි හම්බකරන්න පුළුවන්. මේ වගේ ඒවා පාවිච්චි කරන්නේ එසේමෙසේ අය නෙමෙයි. එක නිසා මේක ගන්න කියලා. මුදලාලි දොස්තරව හොඳට අන්දවලා දොස්තර, ජීවිතයේ ඒ දක්වා හම්බකළ සබ්බ සකල මනාවටම විදිනවා. ආශාව පාලනය කරගන්න බැරි උගත් කම මොකටද? උගත් කමයි මෝඩකමයි අයියයි මල්ලියි වගේ නේද?

      ලංකාවේ දැන් ඉන්න වෛද්‍යවරු එක එක්කෙනාට කල'ස් (Colours) දමන්න ඕන නිසා තමන්ගේ අතේ තියන මුදලටත් වඩා ලොකු ගණන් දීලා කාර් ගන්නවා. ඉතින් ඉතුරු මුදල ගෙවන්න ෆිනෑන්ස් කොම්පැනි වලට ණය වෙනවා. ඉතින් දොස්තරගේ ගාවට එන ලෙඩාගේ පොකට් එකේ තියෙන සබ්බ සකල මනාවටම විදලා දුප්පත් අහිංසක ලෙඩාගේ ලේ උරාබොන තත්වයට පත්වෙලා. අනේ පවු. දොස්තරටත් ගිය කල. කාර් එකේ මිල අවම රු ලක්ෂ 85 යි. අතින් ලක්ෂ 50 ක් දුන්නත් මාසික වාරිකය රු 65,000 ක් විතර වෙනවා. ඉතින් ලැබෙන පඩිය මදිනේ. ඉතින් එක් ලෙඩෙකුගෙන් අයකළ රු 500 ට තිබුන ප්‍රයිවට් චැනල් ගාස්තුව රු 800 දක්වා වැඩිකරනවා දොස්තර මහත්තයා ෂපාන් එකේ යන්න ගත්ත දඩුමොනරේ ණය ගෙවන්න. හරියට කෑමකුත් නැතුව හරියට අඳින්නෙත් නැතුව ජපානයේ, ඉන්දියාවේ, හෝ චීනයේ සිටින සුදු බඩ මුදලි මාමට දරදිය අදිනවා. අනේ ඉතින් මුදලාලි මාමගේ කාර් එකේ ගියාම බඩට බත් නැතත් පවු ටික වැඩිකර ගත්තත් නම්බුවනේ උගතාගේ මැණික කියලා තමයි මගේ දොස්තර යාළුවො නම් කියන්නේ.
      දොස්තර කෙනෙකුට යන්න එන්න වාහනයක් තියෙන්න ඕන. එත් දරා ගන්න පුළුවන් මුදලකට ගන්නවා නම් තමයි හොඳ කියලා තමයි බුද්ධිමත් දොස්තර යාලුවෙක් කියාසිටියේ.

      P.S. කියුබාවෙ ටැක්සි කාරයෙක් මාසෙකට $400 හොයද්දි දොස්තර කෙනෙක්ගෙ මාසෙ පඩිය $40. කියුබන් දොස්තරලා වැඩ ඇරිලා හවසට ටැක්සි දුවනවා, එයයි ලංකාවේද විය යුත්තේ.

      Delete
    4. @ ඇනෝ 10.53,

      සාමාන්‍යය රජයේ වෛද්‍ය නිලධාරී වැටුප 2020 වෙනකොට රුපියල් 189,855.00 (මේකේ මූලික වැටුප රුපියල් 54,290 සහ වෙනත් දීමනා අඩංගුයි). නමුත් විශේෂ රාජකාරි කටයුතු සඳහා වෙනමම දීමනා තියෙනවා.

      විශේෂඥ වෛද්‍ය සේවය සඳහා 2020 මුල වෙනකොට මූලික වැටුප රුපියල් 88,000 න් ඇරඹී දීමනා සමග අවමය රුපියල් 300,940.00 ක් විතර වුණා.

      කෙසේ නමුත් මේ වසරේ මැද භාගයේ දී ආණ්ඩුව කොවිඩ් වසංගතය පාලනය කරගන්න කියමින් මේ දීමනා විශාල වශයෙන් වැඩි කරලා තියෙන්නේ. උදාහරණයක් විදියට ඇම්බියුලන්ස් රියදුරන්ට විශේෂ රුපියල් 7000 ක් විතර දීමනාවක් ක්ෂණිකව වැඩි කළා.

      ඒ වගේම කාබනික පොහොර ලණුව ජනාධිපතිවරයාට ලබා දුන්නේ අතුරලියේ රතන හිමි, අනුරුද්ධ පාදෙණිය, ප්‍රියන්ත යාපා යන පිරිස් විසින් බව කෘෂිකර්ම අමාත්‍යංශයේ හිටපු ලේකම් මහාචාර්ය උදිත ජයසිංහ සඳහන් කරන්නේ, කවුද කුමක් කීවද අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතු බවද පවසන ඔහු ජනාධිපතිට වුවද යමක් පැවසීමේ සීමාවක් ඇතැයිද පැවසීය.

      අනාගතයේ දී සාගතයක් අනිවාර්යයෙන්ම එන බවත් එහි වගකීම මෙම උපදේශකයන්ට ගැනීමට සිදුවනු ඇති බවද ඔහු සඳහන් කළේය.

      චීනය සමග සිදු කල පොහොර ගනුදෙනුව අතිශයින්ම සැකසන බවද පවසන ඔහු චීනය ගැන සිතා පොහොර ගැන සානුකම්පිතව බලන්නැයි ඉල්ලීම් කල බවත් අග්‍රාමාත්‍යවරයාද තමන්ට ඒ ගැන කතා කල බවත් තමන් ඊට අකමැති වූ බවත් ඔහු කියා සිටී.

      ඔහු මෙම අදහස් පල කරන්නේ සාකච්ඡාවකට එක්වෙමින්.

      https://youtu.be/LF_2RlVin8Q

      මේ අතර වත්මන් රජයේ රාජ්‍ය අමාත්‍යවරයෙක් තම බිරිඳ සමග තරු පන්තියේ හෝටලයකට රාත්‍රී ආහාරයක් සඳහා පැමිණෙන විටකදී එම ඇමතිට බරපතල ලෙස ජනතා විරෝධය එල්ල වී කෑමත් නොකා යන්න ගිහින්. ඔහු මෙම හෝටලයට පැමිණ ඇත්තේ රාත්‍රී නමයට පමණයි. ඒ වන විටත් එම හෝටලයේ සැලකිය යුතු පිරිසක් ආහාර ගනිමින් සිට ඇත. රාජ්‍ය අමාත්‍යවරයා එම දෙසට ගමන් කරන විට ජනතාව විවධ ආකාරයෙන් ඉතාමත් බරපතල විදිහට කුණුහබ්බ කියමින් බනිමින් විරෝධාකාරි හැසිරීම් පෙන්වීමත් සමග ඔහු වහාම එම හෝටලයෙන් පිටත්ව ගොස් තිබේ. අඩු ගානෙ ඒ මනුස්සයා පිටරට නොගිහින් ලංකාවේ ඉන්න එක අගය කරන්න ඕන, එයාට එයාගෙ පවුලත් එක්ක ඇවිත් හෝටලේක කන එකට බාධා කරපු එක එච්චර සදාචාරාත්මක නැහැ. හැබැයි මේ සිද්ධියෙන් අපිට පෙන්නනෙ ලංකාවේ ආණ්ඩුවට එරෙහිව කොච්චර මහජන විරෝධයක් මතුවී ගෙන එනවද කියන එක. ජනපීඩක ගුණය අතින් පැවති යහපාලන ආණ්ඩුවේ සහ වත්මන් ආණ්ඩුවේ වෙනසක් තවමත් ඇති වී නැති බව ඉතාමත් පැහැදිලියි ඒ නිසා ජනතාවාදි සුබසාධනවාදී දේශපාලන පක්ෂ වලට විශාල අවස්ථාවක් තියෙනවා සජිත් ප්‍රේමදාස සහ ජවිපෙ ජාතික ජන බලවේගයේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී/ සමාජවාදී ආර්ථික දේශපාලනික සංකල්ප වලට ලංකාවේ ඉතා හොඳ අවස්ථාවක් මතු වී තිබෙන බව පේනවා.

      Delete
    5. //සාමාන්‍යය රජයේ වෛද්‍ය නිලධාරී වැටුප 2020 වෙනකොට රුපියල් 189,855.00 (මේකේ මූලික වැටුප රුපියල් 54,290 සහ වෙනත් දීමනා අඩංගුයි). නමුත් විශේෂ රාජකාරි කටයුතු සඳහා වෙනමම දීමනා තියෙනවා.//
      ස්තුතියි.
      මේ අතිකාලත් සමගද? අතිකාලමසකට පැය 120ක් ඇඩ් වෙනව නේද?

      Delete
  5. ඉකොන්,

    ලංකාවේ අපනයන වල තත්වය ඩොලර් එක රුපියල් 200 බලෙන් තියාගෙන ඉන්න නිසා යන්තම් ශේප්, හැබැයි ලබන වසර මුලදී ඕක ඩොලර් එකක් රුපියල් 250 - 300 වගේ ගියොත් අවශ්‍ය අමුද්‍රව්‍ය මිල ඉහළ යාමත් සමග සහ ලංකාවේ අධික ජීවන වියදම් සහ ප්‍රවාහන ගාස්තු නිසා කරගෙන යන්න බැරුව කඩා වැටෙයි, විශේශයෙන්ම බංග්ලාදේශ් වගේ ස්ථාවර රටවල් ලංකාවේ මාකට් එකත් අල්ල ගනී. දැනටමත් අධික ඉන්ධන ගාස්තු නිසා ලංකාවේ කර්මාන්ත කඩා වැටෙමින් පවතිනවා, ලංකාවේ බංකොළොත් ආණ්ඩුව ලබන වසරේ බදු වැඩි කළොත් ගොඩක් කර්මාන්ත වැහිලා මිනිස්සු පාරට වැටෙයි අනිවාර්යයෙන්ම.

    ඩොලර් එක මේ ගානෙම තියාගෙන ආනයනත් ශේප් එකේ කරගන්න අඩු පිළියට ණයක් ගන්න ඇමරිකානු පුද්ගලික ආයෝජන සමාගම වගේ ඒවායින් බැරි වෙයිද?

    මේ දැනට ලංකාවේ අපනයන තත්වය - ශෝචනීය වෙන්නේ ඉස්සරහට;

    https://economynext.com/sri-lanka-exports-hit-a-new-monthly-high-in-november-2021-89017/

    ReplyDelete
    Replies
    1. ECONOMYNEXT – Sri Lanka’s exports hit a new monthly high in November 2021 generating 1,215 million US dollars up 55.11 percent from a pandemic hit year topping the previous high in October, data from the export promotion office showed.

      Apparel exports grew 52.77 percent to 496.39 million US dollars, rubber product exports grew 46.9 percent to 102.2 million US dollars, tea grew 22.30 percent to 117.65 million US dollars and coconut-based exports grew 40.66 percent to 80.09 million US dollars.

      “Sri Lanka’s exports continued its remarkable achievement in November 2021, registering another USD one billion monthly revenue,” Export Development Board Chairman Suresh de Mel said in a statement.

      The top export destination was the US with 301.93 million US dollars, up 69.37 percent, followed by the UK with 84.63 million US dollars, India 80.32 million US dollars up 68.39 percent and Germany 68.84 million dollars up 71.65 percent.

      Total merchandise exports from January to November were 11.11 billion dollars up 22.39 percent.

      Other exports that grew in November were:

      Electrical & Electronics Components export earnings grew 43.53 percent to 36.47 million rupees with strong performance in insulated wires and cables, switches, boards and panels and electronic transformers.

      Seafood exports have grown 233.43 percent to 233.43 million rupees in November 2021 compared to November 2020.

      “This increase was mainly due to the increase in earnings from export of frozen fish, shrimps and prawns, fresh or chilled fish and other edible fish.

      Sri Lanka’s process food and beverages sector exports have grown 180.92 percent to 65.37 million dollars in November 2021 compared to the same period previous year.

      Sri Lanka’s revised export target is 15.72 billion dollars and so far it has earned 13.8 billion dollars. (Colombo/Dec21/2021)

      Delete
    2. //හැබැයි ලබන වසර මුලදී ඕක ඩොලර් එකක් රුපියල් 250 - 300 වගේ ගියොත් අවශ්‍ය අමුද්‍රව්‍ය මිල ඉහළ යාමත් සමග සහ ලංකාවේ අධික ජීවන වියදම් සහ ප්‍රවාහන ගාස්තු නිසා කරගෙන යන්න බැරුව කඩා වැටෙයි//

      විණිමය අනුපාතය, නිෂ්පාදන පිරිවැය හා බඩුමිල
      https://economatta.blogspot.com/2021/11/blog-post_40.html

      Delete
  6. ඉකොනොමැට්ට මෙහි ඉදිරිපත් කර තිබෙන ඇතැම් කරුණු පිළිබඳව අපට විවේචන තිබෙන නමුත් මෙය සාර්ව ආර්ථික දෘෂ්ටි කෝණයකින් ලාංකේය ආර්ථික ක්‍රමය ඓතිහාසික විකාශනය පිළිබඳ ඉතා වෙහෙස මහන්සි වී සිතා බලා ලියා ඇති පෝස්ට් එකක් වශයෙන් ඔබට ප්‍රණාමය පුද කර සිටිමි. කෙසේ වෙතත් මගේ මතය අනුව 2024-25 දී පමණ ක්‍රියාත්මක වන මීළඟ මැතිවරණයේදී තෝරාගත යුත්තේ කවුරුන්ද යන්න පිළිබඳව බොහෝ දෙනා උභතෝකෝටික ප්‍රශ්නයක සිටිති. ලංකාවේ කවර කලෙක හෝ නොවුණු පරිදි හෙට කුමක් වෙයිද යන අවිනිශ්චිතතාවත් ප්‍රශ්නයෙන් ගැලවීමට කුමක් කළ යුතුද යන්නට පිළිතුරක් ඇති කිසිම විකල්පයක් නොමැතිව බොහෝ දෙනා දැඩි අපේක්ෂා භ්ංගත්වයට පැමිණ සිටින බවක් ලංකාවේ සිටින බෝහෝ ඥාති මිත්‍රාදීන් පවසන වදන් වලින් ගම්‍ය වෙයි. තරුණ පරපුරට ඇති එකම විසඳුම රට හැර දමා මොකක් හෝ වෙන රටකට පැනීම පමණක් බව රටේ බහුතර දැන උගත් තරුණ පිරිස් වල අදහස් දෙස විමසීමේදී පෙනෙයි.

    කෙසේ වෙතත් මම උපකල්පනය කරන්නේ මෙම තාවකාලික නොසන්සුන්තාව නිසා රටේ පවතින ක්‍රමය වෙනස් කිරීම සඳහා වූ Substantial වෙනසක් කිරීමට කාලය ඉතා මද බවයි.

    ලංකාවේ ජන මනස සහ ආකල්ප, ක්‍රමවේද සකස් කිරීමේදී සමාජවාදී මතවාදයට අමතරව ලාංකේය සිංහල/ දමිළ සහ මුස්ලිම් ජාතිකවාදී මතවාදය ද වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. මේ දෙපිරිස ම නූතන ලිබරල්වාදී ධනේශ්වර ක්‍රමයෙන් බැහැර වූ පද්ධති බව පේනවා. උදාහරණයක් ලෙස මහාචාර්ය නලින් ද සිල්වා විසින් ප්‍රවර්ධනය කරන ශ්‍රී ලාංකික සිංහල ජාතිකවාදී අන්තවාදී මතවාදය යුරෝපයේ පෙනෙන ජනප්‍රිය ජාතිකවාදී මතවාදයට වඩා වෙනස්. බොහෝ දුරට ලංකාවේ උතුරු පළාත කේන්ද්‍රීය දමිළ ජාතිවාදී බෙදුම්වාදී අන්තවාදය මෙන්ම මහමදික ජනයාගේ ආගමික අන්තවාදී ජාතිකවාද දෙකම මේ හා සමානව වෙනස් ජන කණ්ඩායම් මූලික කරමින් පවතියි. ඒ නිසාම මගේ මතය අනුව ලංකාව තුළ ජාතික වාණිජවාද්ය වෙනුවට ලංකාවේ ලිබරල් ධනවාදී නිදහස් වෙළඳ පොළ ක්‍රමයක් තදින් පැලවීමට නම් ඉකොනොමැට්ටා මේ ප්‍රවර්ධනය කරන ලිබරල් ධනවාදී අදහ්ස් ලංකාවේ මේන්ස්ට්‍රීම් මීඩියා හරහා දැඩිව සමාජගත කරමින් මේ දෙපිරිසටම පහර දී එම මතවාද සමාජයේ දුබල කර සාමූහික නිදහස් වෙළඳ පොළ ක්‍රමයක් ඇති කළ යුතුය. මම හිතන්නේ දැනට වත්මන් නන්දසේන ප්‍රමුඛ ආණ්ඩුව ලංකාවේ (දැන හෝ නොදැන) කරමින් සිටින්නේ එයයි. සමාජවාදී විකල්පය තාවකාලික හයිප් එකක් මිස ලංකාවේ පැල වන යමක් නොවේ, එය ලංකාවේ සමාජයෙන් තුරන් වීම කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණි. නමුත් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී සුබසාධන අදහස් ලංකාවේ දැඩිව මුල්බැස ඇති අතර ඒවා ක්‍රියාත්මක කිරීමට ඇති තරම් ආදායම් බිහිකිරීම නොමැති වීමට හේතුව ව්‍යවසායකත්වය, නවෝත්පාදන/ තාක්ෂණය/ ඵලදායීතාව සහ කාර්යක්ෂමතාව, ප්‍රාග්ධනය, ශ්‍රමය ඇතුළු සාධක වල ප්‍රශ්නයක් මිස සමාජවාදයේ ප්‍රශ්නයක් නොවන බව පෙනේ. (FYI - Social Democratic or Democratic socialism is defined as having a socialist economy in which the means of production are socially and collectively owned or controlled, alongside a liberal democratic political system of government. Democratic socialists reject most self-described socialist states and Marxism–Leninism.)

    ලංකාවේ Approx. 50 Billion US$ (30G + 20P) පැරණි ණය ප්‍රශ්නය අමතක කළොත් ලංකාවට තවත් වැඩිපුර ඩොලර් බිලියන 5 ක පමණ ආදායමක් වාර්ෂිකව ලබා ගත හැකි නම් ලංකාවේ එදිනේදා වියදම් ප්‍රශ්නය විසඳිය හැකි වේවි. නමුත් 2005 - 14 කාලයේ ලබා ගත් අයි.එස්.බී Sovereign Bonds $ බිලියන් 5 න් ඉතිරි 1 ත්, යහපාලන රජය 2015 -19 කාලයේ ගත් අයි.එස්.බී $ බිලියන් 12 යන ණය යම් කිසි ක්‍රමයකින් ලංකාවේම අපනයනකරුවන්ට මිලදී ගතහැකිනම් එය නැවත රට තුළම ආයෝජනය කළ හැකිනම් සහ ඉදිරි වසර දහය තුළ ලංකාව අලුත් ණය නොගෙන ආදායමට වියදම් කරමින් හැකි පමණින් භාණ්ඩ හා සේවා අපනයන උපරිමයෙන් වැඩි කර ගනිමින් ප්‍රාග්ධන වියදම් සඳහා පමණක් ණය ආධාර ලබා ගනිමින් කිසිසේත්ම බොන්ඩ් ආදී විගඩම් ණය නොගෙන බැලන්ස් කර ගත්තොත් ලංකාවට විශාල චාන්ස් එකක් තියේවි මේ ප්‍රශ්න විසඳා ගැනීමට සහ ඉහළ මධ්යම ආදායම් ඇති රටක් ලෙස ගොඩ යාමට. එය ලංකාවේ සමාජයෙත්, වත්මන් සහ ඉදිරි රජයන්ගේත් පර්ෆෝමන්ස් පිළිබඳ ප්‍රශ්නයක් පමණයි. අප කාලයට ඉඩ දී බලා සිටිමු.

    ReplyDelete
    Replies
    1. //උදාහරණයක් ලෙස මහාචාර්ය නලින් ද සිල්වා විසින් ප්‍රවර්ධනය කරන ශ්‍රී ලාංකික සිංහල ජාතිකවාදී අන්තවාදී මතවාදය යුරෝපයේ පෙනෙන ජනප්‍රිය ජාතිකවාදී මතවාදයට වඩා වෙනස්. බොහෝ දුරට ලංකාවේ උතුරු පළාත කේන්ද්‍රීය දමිළ ජාතිවාදී බෙදුම්වාදී අන්තවාදය මෙන්ම මහමදික ජනයාගේ ආගමික අන්තවාදී ජාතිකවාද දෙකම මේ හා සමානව වෙනස් ජන කණ්ඩායම් මූලික කරමින් පවතියි.//

      දමිල හෝ මහමදික කණ්ඩායම් වලට ආර්ථිකය සම්බන්ධ විකල්ප මතවාදයක් නැහැ. ධනවාදී වේවා, සමාජවාදී වේවා ඔවුන්ට තිබෙන්නේ තමන්ගේ පංගුව පිළිබඳ ප්‍රශ්නයක් (මහ ජාතිය වන සිංහලයන්ගේ ආණ්ඩු විසින් සුළු ජාතීන්ගේ කොටස ලබා නොදීම). සිංහල ජාතිවාදය තුළ තිබෙන්නේත් එක්තරා ආකාරයකින් එවැනිම ප්‍රශ්නයක් (සිංහල රටේ රටේ සිංහල ආණ්ඩු සිංහලයන්ට හිමි කොටස ලබා නොදීම). මේ ප්‍රශ්නය ඇති වන්නේම සමාජවාදී රාජ්‍ය ආකෘතිය ඇතුළේ. ධනවාදී ක්‍රමයක් ඇතුළේ ඔය කොයි කණ්ඩායමකටවත් අසාධාරණයක් සිදු වීමේ ඉඩක් නැහැ. ඒකීය පුද්ගලයින්ට තමන්ගේ සාධාරණ කොටස ලැබෙනවා කියන්නේ ඒකීය පුද්ගල කණ්ඩායම් වලටත් එම කණ්ඩායම් වල කොටස හරියට ලැබෙනවා කියන එකයි. අසාධාරණයක් වීමේ ඉඩක් ඇති වෙන්නේම රජය මැදිහත් වී සම්පත් "සාධාරණ ලෙස" බෙදන්න දරන උත්සාහය තුළයි. නලින් ද සිල්වා විසින් ප්‍රවර්ධනය කරන ශ්‍රී ලාංකික සිංහල ජාතිකවාදී මතවාදය බිහි වන්නේ මාක්ස්වාදයට විවේචනයක් ලෙසයි. මේ විවේචනය ඇති වන්නේම මාක්ස්වාදී සන්දර්භයකින් පටන් අරගෙනයි. නලින් ද සිල්වා කොයි තරම් දුරට මාක්ස්වාදයේ විවේචකයෙක් වී සිටියත් දැනට වුවත් ආර්ථිකය සම්බන්ධව ඔහු මාක්ස්වාදීන් සිටින තැනින් මුළුමනින්ම කැඩී ගොස් නැහැ. ඔහුගේ අදහස් වලින් මුල සිටම පෙනෙන්න තිබුණේ ජවිපෙ පෙනී සිටින ආකාරයේ එහෙමත් නැත්නම් සමගි පෙරමුණු ආකෘතියේ ජාතික-සමාජවාදී රජයකට සිංහල බෞද්ධ හිසක් දැමීම වැනි අදහසක්. අසාර්ථක වූ ගෝඨාභය ව්‍යාපෘතිය මේ මතවාදයට යා හැකි උපරිම දුරයි. මුල සිට හැම විටම මෙන් ජාතික ප්‍රශ්නයට වැඩි බරක් දුන් නලින් ද සිල්වාගේ මතවාදය තුළ ආර්ථික ක්‍රියාකාරකම් සිදු වන ආකාරය තේරුම් ගැනීමේ උත්සාහයක් දැකිය හැක්කේ ඉතා මෑතක සිටයි (විශේෂයෙන්ම ගෝඨාභය බලයට පත් වීමෙන් පසුව). සිංහල, දමිල හෝ මහමදික ජාතිකවාදී හෝ ජාතිවාදී අදහස් දරන අයට ආර්ථික කරුණු හා අදාළව ධනවාදය සමඟ පහසුවෙන් අනුගත විය හැකියි. එහෙත් මූලධාර්මික වෙනස්කම් නිසා මාක්ස්වාදියෙකුට එය කෙසේවත් කළ නොහැකියි. දැන් ජවිපෙ/ජාජබ මුහුණ දී තිබෙන ගැටළුවද එයයි.

      Delete
    2. //ඒ නිසාම මගේ මතය අනුව ලංකාව තුළ ජාතික වාණිජවාද්ය වෙනුවට ලංකාවේ ලිබරල් ධනවාදී නිදහස් වෙළඳ පොළ ක්‍රමයක් තදින් පැලවීමට නම් ඉකොනොමැට්ටා මේ ප්‍රවර්ධනය කරන ලිබරල් ධනවාදී අදහ්ස් ලංකාවේ මේන්ස්ට්‍රීම් මීඩියා හරහා දැඩිව සමාජගත කරමින් මේ දෙපිරිසටම පහර දී එම මතවාද සමාජයේ දුබල කර සාමූහික නිදහස් වෙළඳ පොළ ක්‍රමයක් ඇති කළ යුතුය.//

      මම ලිබරල් ධනවාදී නිදහස් වෙළඳ පොළ ක්‍රමයක් වෙනුවෙන් මුළුමනින්ම පෙනී සිටින්නේ නැහැ. එවැනි ක්‍රමයක් තුළ ලංකාවට රටක් ලෙස සාර්ථක විය හැක්කේ ලෝකය ජාතික රාජ්‍ය ලෙස සංවිධානය වී නැති, ලෝකයම එකම දේශපාලන කලාපයක් වූ පසුබිමක පමණයි. ලංකාව ඉංග්‍රීසි අධිරාජ්‍යයේ කොටසක්ව තිබියදී ඊට ආසන්න තත්ත්වයක් තිබුණා. එහෙත් දැන් නැහැ. වත්මන් සන්දර්භයේ ලංකාව කේන්ද්‍ර කර හිතනවානම් යම් ආකාරයක රාජ්‍ය මැදිහත්වීමක් හා සැලසුමක් අවශ්‍යයි. එහෙත් එහි පදනමේ තිබිය යුත්තේ ධනවාදී නිදහස් වෙළඳ පොළ ක්‍රමයයි.

      //මම හිතන්නේ දැනට වත්මන් නන්දසේන ප්‍රමුඛ ආණ්ඩුව ලංකාවේ (දැන හෝ නොදැන) කරමින් සිටින්නේ එයයි.//

      වෙනත් විකල්පයක් නැති බව ඔවුන් තේරුම් ගනිමින් සිටිනවා.

      //නමුත් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී සුබසාධන අදහස් ලංකාවේ දැඩිව මුල්බැස ඇති අතර ඒවා ක්‍රියාත්මක කිරීමට ඇති තරම් ආදායම් බිහිකිරීම නොමැති වීමට හේතුව ව්‍යවසායකත්වය, නවෝත්පාදන/ තාක්ෂණය/ ඵලදායීතාව සහ කාර්යක්ෂමතාව, ප්‍රාග්ධනය, ශ්‍රමය ඇතුළු සාධක වල ප්‍රශ්නයක් මිස සමාජවාදයේ ප්‍රශ්නයක් නොවන බව පෙනේ.//

      ව්‍යවසායකත්වය, නවෝත්පාදන/ තාක්ෂණය/ ඵලදායීතාව සහ කාර්යක්ෂමතාව, ප්‍රාග්ධනය, ශ්‍රමය ඇතුළු සාධක වල ප්‍රශ්න ඇති වී තිබෙන්නේම සමාජවාදී දෘෂ්ඨිවාදයේ හා සැලසුම් වල ඵලයක් ලෙසයි. මේවා එකින් එක අරගෙන විස්තර කිරීමට විශාල කාලයක් යොදවන්න වෙනවා. එක් උදාහරණයක් ලෙස හැමෝම කතා කරන නිදහස් අධ්‍යාපනයේ යහපත් ප්‍රතිඵල වගේම කවුරුවත් කතා කර නැති නිදහස් අධ්‍යාපනය නිසා රටට ගෙවන්න සිදු වූ විශාල මිලක්ද තිබෙනවා.

      Delete
  7. ඇත්තටම ඉකොනො ඔබ තම රටේ සහෝදර පුරවැසියෙක් වන සුන්දර් පිචෛයි ගැන දන්නෙ මොනවද?

    මම දන්න තරමින් 2019 වර්ශයේ ගූග්ල් මව් සමාගම ගූග්ල් CEO වෙච්ච සුන්දර් පිචෛ sundar pichai ට ඒ වර්ෂයේ ඇමෙරිකානු CEO කෙනෙකුට ගෙවපු වැඩිම මූදල ගෙවනවා. ඒ වර්ෂයට ඩොලර් මිලියන 281 ක් පමණ, ඔහුට පල්ලෙහා හිටපූ Robert A Swan ට ගෙවා තිබුනෙ ඩොලර් මිලියන 67 පමණයි.

    ඉතින් ඇත්තටම ඇයි මේ දකුණු ඉන්දියාවේ ඉදලා ආපූ එච්චර ලස්සන නැති කළු මනුස්සයට මෙච්චර ගාණක් ගෙවලා ගූග්ල් ආයතනය ඔහුව තියාගෙන ඉන්නෙ?

    මේ ගැන හොයල බලද්දී දැක්කේ සුන්දර් පිචෙයි උපදින්නෙ දකුණු ඉන්දියාවේ මධ්‍යම පාන්තික පවුලක බව, දුෂ්කර ජිවිතයක් තමයි කුඩා අවදියේ සුන්දර් පිචෙයි ගත කෙරුවෙ TV, Refrigerator, Telephone වගේ දෙවල් ඔවුනට තිබුණේ නෑ තාත්තා ජුනියර් ඉලෙක්ට්‍රික් ඉන්ජිනේරු (තාක්ෂණිකයකු) වූ අතර මව ටයිප් රයිටර් ඔපරේටර්වරියක්. කාමර දෙකක කුඩා නිවසක ජිවත් වුනු ඔවුන් එයිනුත් එක කාමරයක් කුලියට දී තිබුණා, කුඩාවියේ සිටම ඔහුට තාක්ෂණික දෙවල් පිලිබදව නොනිමි ආශාවක් වගේම උග්‍ර කුතුහලයක් පැවති බැවින්
    ඔහූට දක්නට ලැබෙනවා ඔවුන්ගෙ ගෙදරට ෆ්‍රිජ් එකක් ගෙනාවට පස්සේ නිතරම කුස්සියේ ඉන්න මව කලින්ට වඩා කුස්සියේ ඉන්න කාලය අඩූ උනා කියලා, ඒ වගේම ටෙලිෆෝන් එකක් ගෙනාවට පස්සේ ගමෙ හැමොම ඔහූගෙ ගෙදරට ආපූ හැටි. ඉතින් සුන්දර් පිචෙයිට තෙරෙනවා තාක්ෂණයට කාලය ඉතුරු කරන්න වගේම වැඩ පහසු කරන්නත් ලෙසියෙන් පුලුවන් බව.

    ඔහූ ඉහළ IQ level එකක් තිබුන කෙනෙක් ඉන්දියාවේ ඉන්දීය තාක්ෂණික ආයතනය IIT කියන ඉන්දීය හොඳම තාක්ෂණික යුනිවර්සිටි ජාලයේ අංක එකෙ ශිෂ්‍යයෙක් වෙනවා වගේම ඔහූට ඇමෙරිකාවේ ස්ටැන්ම්ෆර්ඩ් යූනිවර්සිටි එකට යන්න ශිෂ්‍යත්වයක් ලැබෙනවා. පියාගෙන් පඩියෙන් ලබා ගත් ඇඩ්වාන්ස් මුදලකින් තමයි ඔහු ඇමෙරිකාවේ යන්නේ .

    එහි අධ්‍යාපනය අවසන් විමෙන් පසුව මැටිරියල් ඉන්ජිනේරුවකු ලෙස මැනෙජ්මන්ට් කන්සල්ට්ටන් ආයතනයක් වූ McKincy & Company කියන ආයතනයට මුලින්ම සම්බන්ධ වෙනවා.

    2004 දි product manager & developer කියන තනතුරට ඔහු ගූග්ල් ආයතනයට සම්බන්ධ වෙමින් ගූග්ල් සමග වැඩ කරද්දී ඔහුට පෞද්ගලිකව මුහුණ දෙන්න උනු සිදුවිම් පොදුවේ කාටත් මුහුණ දෙන්න වෙන සිදුවිම් ලෙස අරගෙන එවට විසදුම් විදිහට අපූරු දෙවල් නිර්මාණය කර තියෙනවා.

    උදාහරණයක් විදිහට ඔහුගේ බිරිඳ ඇමරිකාවේ එක්තරා පාර්ටි එකකට යන්නේ ඔහුට වැඩ ඉවරවෙලා එන්න කියලා, ඒත් ඉතින් ඇමෙරිකාවට අලුත් වුනු සුන්දර් පිචෙයිට ස්ථානය හොයාගන්න ඉතාමත්ම දැඩි ලෙස අපහසු වෙනවා වගේම ඇමරිකානු අධික වාහන භාවිතාවේ බරපතල ප්‍රශ්ණයක් වන වාහනේ නවත්තන්න තැනක් නැතුව කට්ට කාලා ඔහූ එතෙන්ට යද්දි පාර්ටි එක ඉවර වෙලා. පසුවෙනිදා බිරිදගෙන් කණ පුරා බැනුම් කෝටියයි.

    ඉතින් මේ ප්‍රශ්නෙට අපූරු උත්තරයක් ඔහු කල්පනා කෙරුවා. එහෙම තමයි 2005 දි ගුගල් මැප් එක ලෝන්ච් වෙන්නේ. 2008 දි ඒක මුළු ලෝකෙටම ව්‍යාප්ත වෙනවා.

    මේ ආකාරයට ඔහූ මුහුණ දුන්න ගැටළු පොදු ගැටලු විදිහට අරගෙන, ගුගල් ට්‍රාන්ස්ලෙටර් විශේෂයෙන් ගූග්ල් ට්‍රාන්ස්ලේටර් නිපදවන්නේ ඔහූ චීනෙට ගියපු වෙලාවෙදි මුහුණ දුන්න භාෂා ප්‍රශ්නයක් හින්දා. සංනිවේදන අපහසුතාවට පිලියමක් ලෙස ඔහූ ගුගල් ට්‍රාන්ස්ලෙටර් හදුන්වා දෙනවා.

    2008 දි ඔහුට කල්පනා වෙන ප්‍රශ්නයක් තමයි ගුගල් ආයතනයට මයික්‍රොසොෆ්ට් ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් එක හරහා අන්තර්ජාලයට යන්න සීදුවිම. ඉතින් එතනදී තමයි ගූග්ල් ක්රෝම් එක පිලිබදව අදහස සූන්දර් පිචෙයි ගෙන එන්නෙ, සර්ච් නම් ගූග්ල් කියන තැනට මෙක ගෙන ආවෙ සූන්දර් පිචෙයි. යූටියුබ් කිඩ්ස් ගෙන එන්නෙත් ඔහු යටතෙ වැඩ කරපු කෙනෙක් කියපු දරුවන් යුටියුබ් එකෙ අනවශ්‍ය දෙවල් බලනවා කියපු එක හින්දා, සිය දියණිය මල් වර්ග කිපයක් පෙන්නලා එවගෙ නම් ඔහුගෙන් විමසනවා. නමුත් ඔහුට උත්තර දෙන්න හැකියාවක් තිබුනෙ නැ. ඔහූ එතනදී ගුගල් ලෙන්ස් කියන ප්‍රඩක්ට් එක හදුන්වා දෙනවා.

    2008 දි ඔහු ගූග්ල් එකේ වයිස් ප්‍රසිඩන්ට් වෙනවා. 2012 දි සීනියර් වයිස් ප්‍රසිඩන්ට් වෙනවා. 2014 දි Product Chief බවට ඔහූ පත් වෙනවා. එතකොට ඔහූට ඉහළින් හිටියේ CEO සහ Owners ලා විතරයි .

    2015 දි ගුගල් අයතනයෙ මව් සමාගම වෙන ඇල්ඵබට් ආයතනය තමන්ගේ ආයතන ස්ට්‍රක්චර් එක වෙනස් කරලා ගුගල් ආයතනයෙ CEO බවට සූන්දර් පිචෙයි පත් කරනවා.

    ReplyDelete
    Replies
    1. ඊට පස්සෙ ඔහුගේ තිබුන සාමාන්‍ය බහුතර ජනතාවට ආපු එදිනෙදා ප්‍රශ්න වලට පිලිතුරු සෙවිමේ හැකියාව ලීඩර් කෙනෙක් විදිහට අනිත් අයට ඇහුම්කන් දීම, ආනාගතය දැකීම වැනි ගුණාංග නිසා ගූග්ල් ආයතනය අද තියෙන තැනට ගෙන එන්න ඔහුට පුලුවන් වෙලා තියෙනවා.

      2019 දි ඔහුගේ මේ සුවිශේෂී හැකියාවන් නිසාම ගුගල් මව් ආයතනයෙ CEO තනතුර එහි අයිතිකරුවන් විසින් ඔහුට ලබා දෙනවා. ශෙයා හොල්ඩර්ස්ලා විදිහට විතරක් ඔවුන් සිටිනවා .

      එකතරා අවස්ථාවක BBC ආයතනය සුන්දර් පිචෙයිගෙන් ප්‍රශ්නයක් අහනවා ඔයාලගෙ ආයතනය මොකක්ද කියලා, ඇත්තටම ඕක සර්ච් ආයතනයක් ද, ඇප් හදන එකක්ද, AI company එකක්ද ඇඩ්වටයිසින් ෆර්ම් එකක්ද නැත්නම් වෙන මොකක්ද කියලා. ඒකට සුන්දර් පිචෙයි උත්තරයක් දෙනවා අපූරුවට;

      "ඔය එකක් වත් නෙවෙයි"

      "අපි කරන්නේ මිනිස්සුන්ගේ ජීවිත යහපත් අතට වෙනස් කරන එක, ඇප්ස් ප්‍රඩක්ට් හදලා මිනිස්සුන්ගෙ ජිවිත ලෙසි කරන එක "

      - ඒ සුන්දර් පිචෙයි

      කෙසේ වෙතත් සුන්දර් පිචෛ ඇමරිකන් එක්සත් ජනපදයට ගිහින් සුද්දන්ට වාල් කම් කරපු එකෙන් ඇමරිකන් කාරයෝ ඔහුගේ ශ්‍රමය සූරා කෑමට ලක්කරමින් කෝටි ප්‍රකෝටි ගණනින් හම්බ කර ඩොලර් බිලියන ගණනක් හම්බ කරපු බවත් ඔහුට වසරකට ඩොලර් මිලියන 267 ක සොච්චමක් දී රැවටූ බවත් බොහෝ ඉන්දීය සමාජවාදී දේශපාලන ක්‍රියාකාරීන්/ වාමාංශික බුද්ධිමතුන් සහ ඉන්දීය ජාතිකවාදීන් ද පිළිගෙන ඇත. ඇත්තටම ඔහුගේ හැකියාව භාරතයේ සර්ච් එන්ජින් එකක් හදාගන්න නැත්නම් භාරතයේ සිට එරට දියුණුවට යොදා ගත්තා නම් මේ වන විට ඩොලර් බිලියන ගණනක් හිමි ලැරී පේජ්ලාටත් වඩා ගොඩාක් විශාල ධනවතෙක් විය හැකිව තිබුණ නමුත් ඔහුගේ හැකියාව ඇමරිකන් කාරයො මංකොල්ල කෑවා. ලංකාවේ ජනයා සංක්‍රමණය වූ පසුවත් එම රටවල් ලාංකීයයන් ගේ ශ්‍රමය සූරා කෑමක් නේද ඇත්තටම වෙන්නේ?

      මේ ගැන ඔබට අදහසක් තියෙනවා ද කියලා කියන්න බලන්න.

      Delete
  8. මේ වන විට ලංකාවේ අධික බදු බර සහ අධි උද්ධමනය නිසා ඉතා දැඩි ලෙස දුෂ්කරතා වලට ලක් වෙමින් පවතින දිළිඳු ජනයා කබලෙන් ලිපට දමමින් ආණ්ඩුව ඔක්ටේන් 95 පැට්රල් ලීටරයක් රුපියල් 207 දක්වා ඉතිහාසයේ එතෙක් මෙතෙක් පැවති ඉහළම තෙල් මිල වාර්තා කළ අතර මේ දවස් වල දිගින් දිගටම කොළඹ තරු පන්තියේ සුපිරි හෝටල් සියල්ල දේශීය ජනයාගෙන් නිතර පිරී ඉතිරී යන්නේ මේ වගේ දුප්පත් ජනතාව ගසා කමින් පොහොසත් වූ කණ්ඩායම් නිසා බවත් දේශපාලන වේදිකාවල කතාකරන යුගයක සමගි ජන බලවේගය ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඉන්ධන මිල නැවත වතාවක් වැඩි කිරීමට කටයුතු කරන බව තමන් ඉතාමත්ම වගකීමෙන් පවසන බව සමගි ජන බලවේග ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු හිටපු තෙල් සංස්ථා සේවක ආනන්ද පාලිත අද මාධ්‍ය මගින් සඳහන් කළා.

    ලබන්නා වූ නව 2022 පෙබරවාරි 4 වැනිදා වන විට බොරතෙල් නොමැති වීමෙන් සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දැමීමට සිදුවීම මත එම මිළ වැඩි කිරීම තවදුරටත් ඉක්මන් වනු ඇතැයිද ඒ නිසා මෙන්ම දැනට ද ලංකාවේ ඉන්ධන මිල ඉහළ දමා ඇත්තේ ඩොලර් පහළොවකින් ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල පහල බැස තිබියදී බව ද ඔහු පෙන්වා දේ.

    ලංකාවේ ඛණිජ තෙල් සංස්ථාව මහජන බැංකුවට ඇති ණය ගෙවීම නොකරන නිසා පිරවුම් හල් හිමියන් ඉන්ධන ඇණවුම් කරන විට මහජන බැංකුවේ තෙල් සංස්ථා ගිණුමට යවන මුදල්වලින් මහජන බැංකුව මුදල් අඩු කර ගන්නා බවද ඔහු පැවසීය.

    මෙවර 2021 දෙසැම්බර් නත්තල් උත්සව සමය වෙනුවෙන් තෙල් සංස්ථාවේ සේවකයන්ට සම්ප්‍රදායිකව ගෙවනු ලබන මාස දෙකක පමණ වැටුපකට සමාන වන ඉයර් එන්ඩ් බෝනස් ප්‍රසාද දීමනා ගෙවා ඇත්තේ ද මුදල් ණයට අරගෙන බවත් ඉදිරියේ දී පඩි ගෙවීම සිදු කරන්නේද මුදල් ණයට ගෙන බවත් ඔහු තවදුරටත් සඳහන් කළේය.

    තෙල් සංස්ථාවේ සියලුම සේවකයන්ට ලබන අවුරුද්දේ අප්රේල් වලට පෙර මාර්තු මාසේ මැද හරියේ ලබා දිය යුතු සිංහල ටැමිල් නිව් ඉයර්ස් බෝනස් ප්‍රසාද දීමනාව කපා හැරීමට වර්තමාන දූෂිත ඒකාධිපති පවුල් පාලනය කැස කවමින් සිටින බවත් ඊට එරෙහිව තම වෘත්තීය සමිති කණ්ඩායම සමග එක්වී ප්‍රබල විරෝධතාවක් පටන් ගෙන ආණ්ඩුව වහාම ක්‍රියාත්මක වන පරිදි දණ ගැස්විය යුතු බවත් පෙන්වා දුන්නා. මේ අතරේ ආණ්ඩුව විසින් ගුරු විදුහල්පති වැටුප් වැඩි කිරීම සමගම විදුහල්පති සමාන්තර ශ්‍රේණියක් වන දුම්රිය ස්ථානාධිපති සේවාවේ වැටුප් විෂමතා නිසා දුම්රිය ස්ථානාධිපතිවරුන් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කර ඇති වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් දුම්රිය ස්ථානවල ප්‍රවේශපත්‍ර නිකුත් කිරිම නතර කර ඇත. මීට අමතරව 2022 ජනවාරි මස 15 වැනිදායින් පසු බොහෝ දුරට රට පුරා විදුලි කප්පාදු කිරීමක් සිදු වනු ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක සඳහන් කරයි.

    ලංකාවේ තාප විදුලි බලාගාරවල විදුලි නිෂ්පාදනයට අවශ්‍ය දැවි තෙල් සැපයුම සීමා වීම මත මෙම තත්ත්වය උදාවී ඇතැයිද කියූ ඒ බව සඳහන් කරමින් ඔහු නිකුත් කර ඇති නිවේදනය මෙසේයි.

    Facebook- Champika Ranawaka

    //සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ තෙල් තොගය දැනට තිබෙන තත්ත්වය අනුව ප්‍රමාණවත් වන්නේ ජනවාරි මැද දක්වා පමණි. ඒ අනුව දෙසැම්බර් 10 වැනිදා පිරිපහදුවේ කටයුතු ආරම්භ කළ ද, විදුලිබලය නිෂ්පාදනය සඳහා පැවැති තොගය මෙට්‍රික් ටොන් 16,000 ක් පමණක් වූ අතර, දිනකට විදුලි බල උත්පාදනය සඳහා නිකුත් කෙරෙන තෙල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 500 කට සීමා කර තිබිණ.

    ඒ ආකාරයෙන් පිරිපහදු තෙල් භාවිතා කළ ද එය ප්‍රමාණවත් වන්නේ දින 25 කට පමණක් වන අතර, විදුලි බල උත්පාදනය සඳහා භාවිත කිරීම සඳහා අමතරව පවතින්නේ පිරිපහදු තෙල් මෙට්‍රික් ටොන් 12,500 ක ප්‍රමාණයක් පමණි.

    මේ අතර විදුලිබල මණ්ඩලය සතුව ඔවුන්ගේ ගබඩාවල පවතින තෙල් තොග ප්‍රමාණය මෙට්‍රික් ටොන් 21,200 ක් පමණි.

    තෙල් තොග ප්‍රමාණවත් නොවීම හේතුවෙන් ඉදිරි මාසය තුළ සපුගස්කන්ද තෙල් පිරිපහදුව නිශ්චිතවම වසා දැමීමට සිදුවනු ඇති අතර, මෙම තත්ත්වය තුළ විදුලිය නිෂ්පාදනය සඳහා පිරිපහදු තෙල් නිකුත් කිරීම නැවැත්වීමට ද සිදුවනු ඇත.

    ඒ හේතුවෙන්ම එළඹෙන ජනවාරි 15 වෙනිදායින් පසු අනිවාර්යයෙන්ම දිවයින පුරා විදුලිය කප්පාදු කිරීමක් සිදු කිරීමට සිදුවනු ඇත.

    දැනටත් දිවයින පුරා ප්‍රදේශ කිහිපයක නොදන්වා විනාඩි 45 ක පමණ කාලයක් විදුලිය කප්පාදුවක් සිදු කරමින් පවතී. එසේ නොදන්වා විදුලිය කප්පාදු කිරීම මානව අයිතිවාසිකම් උල්ලංඝනය කරන නීති විරෝධී ක්‍රියාවකි."

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: