වෙබ් ලිපිනය:

Wednesday, February 23, 2022

ඇමරිකාවට ආවහම ඉංග්‍රීසි පුළුවන් වෙනවද?

ඇමරිකානුවෙක් කිවුවහම බොහෝ දෙනෙකුගේ හිතේ මැවෙන්නේ ඇමරිකානු උච්ඡාරණයෙන් චතුර ලෙස ඉංග්‍රීසි කතා කරන, ක්‍රිස්තියානි ආගමක් අදහන, සුදු ජාතිකයෙක්. ගොඩක් ඇමරිකානුවෝ ඔය වගේ අය වුනත් හැම ඇමරිකානුවෙක්ම ඔය වගේ අය නෙමෙයි. ඇමරිකානුවන් කියා කියන්නේ සුදු ජාතිකයින් පමණක් නොවන බවත්, විවිධ ආගම් අදහන අය බවත් පෙන්වන්න ඇමරිකානු රජය වගේම ඇමරිකානු මාධ්‍ය විසින්ද සැලකිය යුතු උනන්දුවක් දක්වනවා. හැබැයි භාෂාව සම්බන්ධව ඔය උනන්දුව ඒ තරම් පෙනෙන්න නැහැ. 

සමහර විට ඇමරිකාව කියන වියමන එකලස්ව තියා ගන්න ආගම, හමේ පැහැය වගේ දේවල් වැදගත් නොවුනත් භාෂාව වැදගත් කියා ඇමරිකානු රජය ඇතුළු ඇමරිකාවට මග පෙන්වන්නන් විසින් හිතනවා වෙන්න පුළුවන්. ඇමරිකානු ඉතිහාසය දිහා බැලුවොත් ඇමරිකාවට සංක්‍රමණය වූ විවිධ භාෂා කතා කළ අයගෙන් පැවත එන්නන් ක්‍රමයෙන් ඉංග්‍රීසි කතා කරන්නන් බවට පත් වී ඇති බව පේනවා. මේ වැඩේ දැනුත් වෙනවා.

කොහොම වුනත් ඇමරිකාවේ හැම ගෙදරක්ම ඉංග්‍රීසි කතා කරන ගෙදරක් නෙමෙයි. අවුරුදු පහට වැඩි සෑම ඇමරිකානුවන් පස් දෙනෙකුගෙන් එක් අයෙකු ගෙදරදී කතා කරන්නේ වෙනත් භාෂාවක්. 


ඇමරිකාවේ දෙවන ප්‍රධාන භාෂාව ස්පාඤ්ඤ භාෂාවයි. 2018 වසරේදී නිවසේදී ඉංග්‍රීසි හැර වෙනත් භාෂාවක් කතා කළ ඇමරිකානුවන් 67,268,668 දෙනෙකු අතරින් (ජනගහණයෙන් 21.9%ක්), 41,460,427 දෙනෙකු විසින් කතා කළ භාෂාව වූයේ ස්පාඤ්ඤ භාෂාවයි. 

ඇමරිකාවේ චීන හා ඉන්දියානු භාෂා කතා කරන පිරිස ඉතා වේගයෙන් වර්ධනය වෙනවා. 2018 වසරේදී මැන්ඩරින් බස කතා කළ ඇමරිකානුවන් ප්‍රමාණය 3,471,604ක්. මීට අමතරව තගලොග් (පිලිපීන), වියට්නාම්, අරාබි, ප්‍රංශ, කොරියන් යන එක් එක් භාෂා කතා කරන ඇමරිකානුවන් ප්‍රමාණයද මිලියනයකට වඩා වැඩියි. ඉන්දියානු භාෂා අතරින් 874,314 දෙනෙකු හින්දි බසත්, 485,373 දෙනෙකු උර්දු බසත්, 419,164 දෙනෙකු ගුජරාටි බසත්, 400,186 දෙනෙකු තෙලිඟු බසත්, 375,143 දෙනෙකු බෙංගාලි බසත්, 315,987 දෙනෙකු පන්ජාබි බසත්, 308,857 දෙනෙකු දෙමළ බසත් ගෙදරදී කතා කරනවා. 

වසර විස්සකට පමණ පෙර මිලියනයකට වඩා වැඩි ඇමරිකානුවන් පිරිසක් විසින් කතා කළ ඉතාලි හා ජර්මන් භාෂා භාවිතය මෙන්ම ප්‍රංශ භාෂාව කතා කරන ඇමරිකානුවන් ප්‍රමාණයද ක්‍රමයෙන් අඩු වෙමින් යන නමුත් ආසියානු භාෂා කතා කරන ප්‍රමාණයනම් වැඩි වනු මිස අඩුවන බවක් පෙනෙන්න නැහැ.

ඇමරිකානුවන් 39,538,223ක් (11.91%ක්) ජීවත් වන කැලිෆෝර්නියා ප්‍රාන්තයේ ජනගහණයෙන් 45%ක්ම ගෙදරදී කතා කරන්නේ ඉංග්‍රීසි නොවන භාෂාවක්. ඇමරිකානුවන් 29,145,505ක් (8.74%ක්) ජීවත් වන ටෙක්සාස් ප්‍රාන්තයේ ජනගහණයෙන් 36%කුත්, ඇමරිකානුවන් 21,538,187ක් (6.47%ක්) ජීවත් වන ෆ්ලොරිඩා ප්‍රාන්තයේ ජනගහණයෙන් 30%කුත්, ඇමරිකානුවන් 20,201,249ක් (5.86%ක්) ජීවත් වන නිවුයෝර්ක් ප්‍රාන්තයේ ජනගහණයෙන් 31%කුත් ගෙදරදී ඉංග්‍රීසි කතා කරන්නේ නැහැ. ඇමරිකානු ජනගහණයෙන් තුනෙන් එකක් ජීවත් වෙන්නේ ඔය ප්‍රාන්ත හතරෙන් එකක. 

ලංකාවෙන් පැමිණෙන සංක්‍රමණිකයින්ගෙන් වැඩි පිරිසක් පැලපදියම් වන්නේත් ජනගහණය වැඩි කැලිෆෝර්නියා, ටෙක්සාස්, ෆ්ලොරිඩා, නිවුයෝර්ක් වැනි ප්‍රාන්ත වලයි. එම ප්‍රාන්ත වල වුවද ප්‍රධාන නගර සංක්‍රමණිකයින්ගෙන් වැඩි පිරිසක් ආකර්ෂණය කර ගන්නවා. මෙහි ප්‍රතිඵලයක් ලෙස ඇමරිකාවේ විශාලම නගර වන ලොස් ඇන්ජලීස්හි ජනගහණයෙන් 59%ක්, නිවු යෝර්ක් නගරයේ ජනගහණයෙන් 49%ක් හා හූස්ටන් ජනගහණයෙන් 50%ක් ගෙදරදී ඉංග්‍රීසි කතා කරන්නේ නැහැ. 

ගෙදරදී ඉංග්‍රීසි කතා නොකරන ඇමරිකානුවන් අතරින් මිලියන 25.6කටම (38%කටම), ඔවුන් සිතන පරිදි, හොඳින් ඉංග්‍රීසි කතා කළ නොහැකියි. මීට අමතරව තමන්ට හොඳින් ඉංග්‍රීසි කතා කළ හැකියැයි සිතාගෙන සිටින තවත් සැලකිය යුතු පිරිසකටද ඇත්තටම හොඳින් ඉංග්‍රීසි කතා කළ නොහැකි විය හැකියි.

ලංකාව වැනි රටකින් ඇමරිකාවට සංක්‍රමණය වන අයෙකුට මුල් කාලයේදී ඇමරිකානු උච්ඡාරණය තේරුම් ගැනීම සැලකිය යුතු අභියෝගයක්. ලංකාවේ සිටියදී ඉතා හොඳින් හා නිතර ඉංග්‍රීසි භාෂාවෙන් කටයුතු කළ අයට පවා මේ අභියෝගයට මුහුණ දෙන්න සිදු වෙනවා. ඇමරිකානුවන්ට තේරෙන සේ කතා කිරීම තවත් අභියෝගයක්.

ඇමරිකාවට පැමිණීමෙන් පසුව, ඇමරිකානු උච්ඡාරණයට කණ හුරු වෙන්න වැඩි කලක් යන්නේ නැහැ. එහෙත්, ජීවිත කාලයම ඇමරිකාවේ සිටියත්, බොහෝ සංක්‍රමණිකයන්ට තමන්ගේ ඉංග්‍රීසි උච්ඡාරණයනම් වෙනස් කර ගන්න අමාරුයි. ලංකාවේදී ඉංග්‍රීසි භාවිතයක් එතරම් නොතිබුණු කෙනෙකුට මේ වැඩේ සාපේක්ෂව පහසුයි. එවැනි අය ඉංග්‍රීසි කතා කරන්න පුරුදු වෙන්නේම ඇමරිකානු උච්ඡාරණය සමඟයි. දෙමවුපියන් සමඟ කුඩා වයසෙන් ඇමරිකාවට සංක්‍රමණය වන දරුවන්ටත් මේ වාසිය තිබෙනවා.

රස්සාවක් කරගෙන ඇමරිකාවේ ජීවත් වීම සඳහා ඇමරිකානුවෙක් තරමට හොඳින් ඉංග්‍රීසි කතා කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඉංග්‍රීසි වලට වඩා වැදගත් කරන රස්සාව හරියට කරන එකයි. ඒ වැඩේට අවශ්‍ය තරමට ඉංග්‍රීසි පුළුවන් වීම හොඳටම ප්‍රමාණවත්. ඒ නිසා, ඇමරිකාවට ඇවිත් ස්ථාවර වුනාට පස්සේ සංක්‍රමණිකයෙක් තමන්ගේ භාෂා දැනුම ගැන එතරම් වද වෙන්නේ නැහැ. ජීවත් වෙන්නේ සංක්‍රමණිකයින් වැඩි පැත්තකනම් මේක කොහොමටවත්ම ප්‍රශ්නයක් නෙමෙයි.

හැබැයි සංක්‍රමණිකයින් වැඩි පැත්තක ජීවත් වෙද්දී වෙන විදිහක භාෂා ප්‍රශ්නයක් මතු වෙනවා. ලංකාවෙන් එන අය ඇමරිකානුවන් මෙන් ඉංග්‍රීසි කතා කරන්නේ නැතුවාක් මෙන්ම වෙනත් රටවල් වලින් එන අය ඉංග්‍රීසි කතා කරන්නෙත් ඔවුන්ටම ආවේණික උච්ඡාරණයකින්. ඉන්දියානුවන්ගේ "ර්" ගැනනම් ගොඩක් අය දන්නවා ඇතිනේ. චීන්නුන්ට, රුසියානුවන්ට, යුදෙවුවන්ට ආදී වෙනස් භාෂාවක් මවු බස කරගත් අයටත් ඔය වගේ අමුතු උච්ඡාරණ තියෙනවා. ඇමරිකාවේ සංක්‍රමණිකයින් වැඩි පැත්තක මිනිස්සු එක්ක නිතර සම්බන්ධ වෙන රැකියාවක් කරන කෙනෙකුට ඔය හැම ජාතියේම අය එක්ක ගනුදෙනු කරන්න වෙන නිසා ඒ අයගේ ඉංග්‍රීසිත් තේරුම් ගන්න බැරිනම් ප්‍රශ්නයක්. ටික කලක් ඇමරිකාවේ ජීවත් වුනාට පස්සේනම් දුරකථන ඇමතුමක් ආ විට වුවත් මේ කතා කරන්නේ සුද්දෙක්ද, කල්ලෙක්ද, චීනෙක්ද නැත්නම් ඉන්දියානුවෙක්ද කියා හිතා ගන්න පුළුවන්. 

ඇමරිකාවේදී රස්සාවකට බඳවා ගැනීමේදී වුවත් ඉංග්‍රීසි දැනුම ගැන හොයා බලන්නේ අදාළ රස්සාව කරගෙන යන්න අවශ්‍ය වන අවම ඉංග්‍රීසි දැනුමට සාපේක්ෂව පමණයි. ඇමරිකාව නියෝජනය කරන රාජ්‍ය තාන්ත්‍රිකයින් වැනි අයටනම් හොඳ ඉංග්‍රීසි භාෂා දැනුමක් නැතුවම බැරුවාක් මෙන්ම වෙනත් භාෂා දැන සිටීමද විශේෂ සුදුසුකමක් වෙනවා.


ඇමරිකාවේ නව ශ්‍රී ලංකා තානාපතිනිය සේ පත්ව ඇවිත් සිටින ජුලී ජියූන් චුංට ඉංග්‍රීසි භාෂා ප්‍රවීණතාවයට අමතරව ස්පාඤ්ඤ, ජපන්, කොරියන් හා කමියර් (කාම්බෝජයේ භාෂාව) යන භාෂාද කතා කළ හැකියි. ජුලී ජියූන් චුං කොරියාවේ සියෝල් නුවර ඉපිද කුඩා කාලයේදී ඇගේ දෙමවුපියන් සමඟ ඇමරිකාවේ කැලිෆෝර්නියා ප්‍රාන්තයට සංක්‍රමණය වූ තැනැත්තියක්. 

ජුලී ජියූන් චුංව ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති සේ පත් කිරීමට යෝජනා කරන්නේ ජනාධිපති බයිඩන් විසින් වුවත්, ඒ ඇය බයිඩන්ගේ ඥාතියෙකු හෝ බයිඩන්ට කඩේ ගිය කෙනෙකු නිසා නෙමෙයි. ජුලී ජියූන් චුං ඇමරිකානු විදේශ සේවයෙහි අත්දැකීම් ඇති නිලධාරිනියක්. මෙවැනි තනතුරක් සඳහා ඇමරිකානු ජනාධිපති වරයාට නාම යෝජනා සිදු කළ හැකි වුවත්, එම නාම යෝජනා සෙනෙට් සභාවේ නාම යෝජනා කමිටුව විසින් අනුමත කළ යුතුයි. එසේ නැතුව තමන්ට අවශ්‍ය අයෙකු හිතුමනාපයට ලංකාව වැනි රටක තානාපති සේ පත් කර එවීමට හෝ බලයක් ඇමරිකානු ජනාධිපතිවරයාට නැහැ.

24 comments:

  1. ඇමරිකා ඔරුමත්තුනාඩුවෙදි ඉංග්‍රීසි කියන්නේ මිනිස්සු එක් කරන භාෂාව.
    නමුත් ලංකාවෙදී ඉංග්‍රීසි කියන්නේ මිනිස්සු බෙදන භාෂාව.

    ReplyDelete
    Replies
    1. ජගත් ඔතනදි ඇමරිකන් ඔරුමත්තුනාඩුව වෙනුවට පනස්එක් ඇංග්ලිකාව කිව්වත් වරදක් නෑ (තුන් සිංහලය වගේ), හැබයි සමහරක් හිතන් ඉන්න විදිහට ඔරුමත්තුනාඩුව යනු ලෝකෙට ලොක්කා නෙමෙයි. (ඔය අදහස හැමදේම ආර්ථික සාධක වලට ඌණනය කරන කෂිකබලුන්ගේ කතාවක්), දැන් ලෝකෙට ලොක්කා වී ඇත්තේ බටහිර ක්‍රිස්තියානි ජාත්‍යන්තර සුපිරි ව්‍යුහයයි. ඔරුමත්තුනාඩුව යනු සුපිරි ව්‍යුහයට පෝශණය සපයන ප්‍රධාන පෝෂක මාධ්‍යයයි. හෙට මේ පෝෂණ මාධ්‍යය වෙනස් වෙන්න පුළුවන්.

      මේ සම්බන්ධයෙන් ඉතාමත් හොඳම උදාහරණයක් තමයි මෙක්සිකෝව තුල ගබ්සාව පිළඹඳ කතෝලික පල්ලියේ මතයට එරෙහි මත ප්‍රචාරය කිරීමට ඔරුමත්තුනාඩු ජනතාවගේ බදු මුදල් යෙදවීම, ලිබරල් ඩිමොක්‍රටික් හොතඹුවන්ගේ ඒ ගොන් පාට් එක නම් වැඩිකල් කරගන්න බැරි වුණා, (2016 ඩොනල්ඩ් ට්‍රම්ප් කල මුල්ම රාජකාරියක් තමයි එයට මුදල් යෙදවීම වැලැක්වීම.) හැබැයි දැන් අර බයිඩන් කියන පණ නැති නපුන්සක වලට පයක් තියන් ඉන්න මරණාසන්න නාකි මල හොල්මන ඇවිත් ආයෙත් ලෝකයම අවුල් කරන්න පටන් අරන්, ට්‍රම්ප් කාරයා හිටපු අවුරුදු හතරේ කිසිම යුද්ධයක් නැතුව චීනෙටත් සද්දෙ දාල US-China වෙළද අතිරික්තය ශේප් එකේ අඩු කරගෙන රට සමුර්ධිමත් කළා, දැන් මොකද වෙලා තියෙන්නේ?

      බලපන් අර යුක්රේනයේ ජනාධිපති ගොන් හිවලට දැන් කලිසමේ රෙන්න නැති ටික විතරයි. මේ ටිකම වුණා ලංකාව කාලයක් විනාස කරපු ජේ ආර් කියන නාකි මොළේ හොඳ නැති මල හත්වලාමට. බෙදුම්වාදී යුද්ධය කාලයේදී ඉන්දියාවට විරුද්ධව වාසි බස් දෙඩු ඉන්දියාවෙන් ලංකාවට ආපු කල්ලතෝනි සම්භවයක් සහිත එම අහිකුන්ටකයාගේ දෙකයි පණහේ හරක් වැඩ නිසා මළ පැනලා ඉන්දියාවෙන් පැමිණ ලංකාවේ ගුවන් සීමා උල්ලංඝනය කර පරිප්පු දමා යන කොට උගේ මහා ලොකු එංගලන්ත ඇමරිකානු හිතවාදීන් ලංකාව පැත්තවත් බැලුවේ නැතුව සද්ද නැතුව අහක බලන් හිටියා. අද මේ ඉතිහාසය බොහෝ දෙනෙක්ට අමතක වී ඇත බව කණගාටුවෙන් කිව යුතුයි.

      නේටෝවටයි ඇමරිකාවටයි පුප දෙන්න ගියාට යුක්රේනයේ ජනාධිපති ගොන් හිවලට නම් හොඳ වැඩේ, ලංකාවේ පාලනය අතට අරන් මේ දවස් වල එකසිය ගානට රට කන ඉන්ග්‍රීසිත් බැරි සිංහලවත් කතා කරගන්න බැරි රට හොල්මන් ඇමරිකන් රූකඩ නයිදෙලටත් වෙන්නේ මේ ටිකම තමයි, මහ රෑ 12 යක්කු ගස් නගින වෙලාවේ රටටම හොරෙන් හොර ගිවිසුම් ගහල යුගදනවි දෙන්න ගිහින් කෙළවිලා ගිහින් තියෙන්නේ, ඔව්වට තමයි ඇමරිකන් කාරයෝ අපට දෙන තෑගි කියන්නේ...

      Delete
  2. //තමන්ට අවශ්‍ය අයෙකු හිතුමනාපයට ලංකාව වැනි රටක තානාපති සේ පත් කර එවීමට හෝ බලයක් ඇමරිකානු ජනාධිපතිවරයාට නැහැ.//

    ඒ විදිහට නං
    අපේය ලොකුකං
    මෙහෙම තියෙනකං
    හැදෙයිද අලුතිං

    ව්‍යවස්ථා?

    ReplyDelete
  3. //එසේ නැතුව තමන්ට අවශ්‍ය අයෙකු හිතුමනාපයට ලංකාව වැනි රටක තානාපති සේ පත් කර එවීමට හෝ බලයක් ඇමරිකානු ජනාධිපතිවරයාට නැහැ//
    මෙහෙම වෙනස් උනා නම් තවත් අර්ථවත්
    "එසේ නැතුව තමන්ට අවශ්‍ය අයෙකු හිතුමනාපයට ලංකාව වැනි රටකවත් තානාපති සේ පත්කර එවීමට හෝ බලයක් ඇමරිකානු ජනාධිපතිවරයාට නැහැ"

    ReplyDelete
  4. ඇමරිකන් උත්තමයෝ හදේ පවා ඇවිදලා තියෙනවානි. ඒ වගේ උත්තමයෝ ඇෆ්ගනිස්ථානයේ, ඉරාකයේ, සිරියාවේ එහෙම යුද්ද කරේ ලෝක සාමය වෙනුවෙන්. ඊට පස්සේ ඒවායේ පංකාදුවට සාමය ඇති කරා. එතුමන්ලට බුදුබව පාර්ථනා කරමු.
    ඇමරිකන් ජනාධිපතිතුමා කියන්නේ මහා උත්තමයෙක්. එතුමා ලෝක සාමය වෙනුවෙන් කරන මෙහෙය මිල කල නොහැකියි. ඊයේ පෙරේදා යුක්ක්‍රෙනය කියන රටේ සාමය වෙනුවෙන් පෙනී ඉන්නවා. එහෙත් ඉරාකේ වගේ උජාරුවට සාමය ගොඩ නගනවයි කියනවනේ.

    ඇමරිකන් ජනාධිපතිතුමා එයාර්පෝස් වන් ගුවන් නැවේ නැගිලා උජාරුවට එහෙ මෙහෙ යන්නේ. ඇෆ්ගනිස්ථානයට ගිය ගමන අමාරුම ගමන.
    ඇමරිකන් උත්තමයෝ හඳේත් ඇවිදලා තියෙනවනේ. ඒ වගේ මහා උතුම් පිරිසක් ජිවත් වෙන රටකට, අපේ වගේ කැත, කොට අනාථයෝ ඉන්න රටක කුකුල්ලු වැද්ද ගන්න එකෙන්ම පෙන්වා මේ උත්තමයන්ගේ මහා ගුණාංග.සම්බෝලයි බතුයි කන අපේ අනාත සිංහල කුකුල්ලුන්ට ඇමරිකාවට යන්න ලැබෙන එකත් කොයිතරම් පිනක්ද. මේ පොස්ට් එක ලියපු කෙනා නම් හරිම වාසනාවන්තයෙක්. ලංකාවේ/ ලෝකේ වෙන රටවල ඉන්න කී දෙනෙක් බලාගෙන ඉන්නවද ඇමරිකාව කියන මහා උත්තම දේශයට යන්න බලාගෙන. ඒත් කීයෙන් කී දෙනාටද ඒ අවස්ථාව ලබන්නේ.
    ඒ උත්තමයන් අපගේ රටට කලිනුත් පැමිණියා. ආයේ හෙටත් පැමිණෙනවා. අපි වගේ කළු කැත කොට අනාත සිංහලු ඉන්නා තැනකට කිසි වෙනසක් නැතුව තානාපති විදියට පැමිණෙන එකෙන්ම පේනවා එතුමන්ලාගේ තියෙන උත්තම ගුණය.

    ඇත්තටම අපි ලංකාවේ ඉන්නේ අනාත සිංහල කුකුල් පැටව්. ඇමරිකාව වගේ දියුණු රටක ඉන්නා ඉකොනෝ මැතිතුමාත් කවි ආදිය පල කරමින්, රචනා ලියමින් පෙන්නන්නේ මෙහෙ ඉන්න සිංහලු අපි අනාත අය කියලා ඒකයි. එතුමා ඒ රටට ගිහිං සැහෙන්න කාලයක් ගත උනත් අපි වගේ අනාථයෝ කරන කියන එව්වා ගැන දවස ගානේ ලියන එකෙන්ම පේනවා එතුමාගේත් තියෙන උත්තම ගුණය. නැත්තං වෙන කවුද තමන්ට කප්පරක් වැඩ තියෙද්දී, ඒ රටේ ඇමරිකන් උත්තමයෝ එක්ක පවුරුපාසනයනේ කාලය ගතකරන්න පුළුවන් කම තියෙද්දී හැමදාම අපි වගේ අනාත සිංහලු කරන කියන දේවල් ගැන ලිපි ලියන්නේ, බ්ලොග් එකේ දාන්නේ. තමුන්ට ඒ දියුණු රටේ ඉදං හොද ජොලියේ ඉන්න තියෙන වෙලාව කැප කරන්, ඒ රටේ දෙයක් විදින්න, අපේ රටට වඩා උසස් ඒ රටේ දේවල් කරන්න බලන්න තියෙද්දී අපි ගැනම මෙච්චර වද වෙන, ලියන වෙන කවුද ඉන්නේ ඉකොනෝ මැතිතුමා ඇරෙන්න.

    ReplyDelete
  5. වැඩි විස්තර නොදැන මම අනුමාන කරන විදිහට, දැන් ඔයා චීන ඉන්දියානු ස්පාඤ්ඤ සංක්‍රමණිකයින් කතාකරන ඉංග්‍රීසි තිබෙන කැපී පෙනෙන වෙනස්කම් වගේම, සාමාන්‍ය ඇමරිකානු උච්චාරණය කියා සලකන භාෂා විලාශයෙත් විවිධ වෙනස්කම් එක් එක් ප්‍රාන්ත අනුව ඇති නේද?

    එසේ විය යුත්තේ ඓතිහාසිකව ඒ ඒ ප්‍රදේශවල යුරෝපයේ විවිධ රටවලින් පැමිණි ජන කොටස් වලින් පැවත එන ජනතාව ජීවත් වීම නිසා විය යුතුයි.

    ෆාර්ගෝ සිනමාපටය නිසා එයට පසුබිම වී තිබුණු කැනඩාවට කිට්ටු ND ප්‍රාන්තයේ භාෂා විලාශය වෙනස් බව දැනගත්තා.

    ReplyDelete
    Replies
    1. //සාමාන්‍ය ඇමරිකානු උච්චාරණය කියා සලකන භාෂා විලාශයෙත් විවිධ වෙනස්කම් එක් එක් ප්‍රාන්ත අනුව ඇති නේද?//

      ඉතා පැහැදිලිවම. ප්‍රාන්තම නොවුනත් ප්‍රදේශ අතර වෙනස් කම් තිබෙනවා. සාමාන්‍ය ඇමරිකානු උච්චාරණය කියන්නේ එක්තරා ආකාරයක කෘතීම දෙයක්. දේශපාලනඥයින්, නිවේදකයින්, නළුවන් වැනි බොහෝ දෙනෙක් සාමාන්‍ය ඇමරිකානු උච්චාරණය පුහුණු වී තමන්ගේ මුල් උච්චාරණය වෙනස් කර ගන්නවා. රටින් පිට සිටින අය සාමාන්‍ය ඇමරිකානු උච්චාරණය ලෙස හඳුනා ගන්නේ එම සම්මත උච්ඡාරණය. ඇතැම් ඇමරිකානු චිත්‍රපට වල චරිත වලට ප්‍රාදේශීය උච්චාරණ හිතාමතාම ඇතුළු කර තිබෙනු දැකිය හැකියි.

      Delete
  6. Even though Basil Rajapaksha has spent considerable times in US and he himself is a US citizen, his use of the languages is very pathetic. This is applicable to the his sinhala also. Root cause could be his limited exposure to the US culture except limited vocabulary related with a gas station. He is gon bayya who sell gas station in US no? He sell gas cylinders in US no knowledge to other jobs working.
    It is these kinds of SL expatriates who are preachings the way SL should be governed through their FB pages.
    Constructive criticisms should be welcomed, but real reason is their loneliness and insecurity with the cultures they live. We needs to find good english speaking people to the parliament of sri lanka and if we not do that same thing happened in future and sri lanka economy not development as people in sri lanka wish. luckily me and live in developed country with double the average salary of this country and doing all the support to poor people & full enjoy life speech very good english language skills could do something useful program for everyone like poor fellows in sri lanka.

    ReplyDelete
    Replies
    1. @ 12.52 මිස්ටර්/ Mrs. කැඩිච්ච ඉන්ගිරිස්,

      ඇත්තටම මේ බ්ලොග් වල අනුන්ට කිණ්ඩිය දාන්න කට උල් කරගෙන එන බොලා අපි වගේ හැමෝම අඩි 6+ උස, අඟල් 8කට වඩා දිග, ලංකාවේ ඉන්නවා නම් රුපියල් වලින් ටූ මිලියන්+ පර් මන්ත් සැලරි ගන්න, නිළියො ගොඩක් එක්ක සෙක්ස් කරන, පාරෙදි හම්බුන කෙල්ලන්ට දවසෙන් ටෝක් කර්ලා ඇනලා එන, එහෙමත් නැත්නම් ඉන්නේ යුරෝපීය හෝ නෝත් ඇමරිකන් රටක හොඳ රැකියාවක් කරන ගමන්, ඉන්න රටේ average salary එක වගේ දෙගුණයකටත් වඩා වැඩි පඩියක් ලැබෙන, පුළු පුළුවන් විදිහට මිනිස්සුන්ට උදව් කරන හොඳට ඉන්ගිරිස් පුළුවන් ඉතාම සත් ගුණවත් නිතරම චැරිටි කරන කට්ටීය තමයි. අමුතුවෙන් විස්තර කියන්න ඕනෙත් නෑ. හැබැයි තොට ඉන්ග්‍රීසි පුරුදු වෙන්න ඔහොම ලිව්වට කමක් නෑ, හැබැයි යටින් සිංහලෙනුත් දාපන් අපිට උඹ කියන දේ තේරෙන්නේ නැති නිසා;

      ප.ලි. තව පුලුවන් නම් ඉන්ගිරිසිත් බැරි සින්හලත් බැරි කොලයක් බලන් වචන දහයක් කියා ගන්නත් බැරි ඕලෙවලුත් ෆේල් මැට්ටන් වන ලංකාවේ ආර්ථිකය හැන්ඩ්ල් කොරන සහ කොරපු බැසිලා සහ තවත් ඒ වගේම අමු ගොන් මැට්ටන් වෙන රවී කරුණානයක සහ වෙන්ඩ ජනාධිපති සජිත් ගොයියා වගේ ගොබ්බ හැත්තත් එක්ක සක්විති රනසිංහගෙ ඉන්ගිරිස් පන්ති ගිහින් ආයේත් පාරක් ඕලෙවෙල් ලියලා එස් අටක් වත් දාගන්න බලපන් අපිට පවු නොදී, රෙද්ද.

      Delete
    2. Nice try boy. This time you have come up with a distorted gramatically wrong version of my comment in a previous article. Also you yourself have spent your valuable time to add a reply to your own comment. See you tomorrow.

      Delete
    3. "විශ්වයේ පරම සත්‍යය හෙවත් සොබාදහමේ පරම න්‍යාය වනුයේ, "සියලු සංස්කාර ධර්මයෝ නැසෙන සුළුය" යන්නයි. මේය විශ්වයේ සියලු ජීවී අජීවී වස්තූන්ට පොදු වූ ධර්මතාවයකි."

      "මහණෙනි, සියළු සංස්කාර ධර්මයෝ (හේතු නිසා හටගත් දෑ ‍හේතු නැතිවීමෙන්) නැසෙන සුළුය."

      ඕවා වැඩිපුර නොසිතා හිටපන්.

      Delete
  7. Replies
    1. @ රන්සකු,

      අපි දන්න තරමින් ඉංග්‍රීසිය ජාත්‍යන්තර භාෂාවක්. ඒක එක එක රටවලදි උච්චාරණය වෙනස් වෙන්න පුළුවන්. ලංකාවේත් ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකටණෙත් ඉංග්‍රීසි වරද්දන නඩු කාරයන් ඉන්නව. විජේදාස රාජපක්ෂ ඉක්ග්‍රීසි කතා කරනකොට පාරට බොරලු දානව වගෙ. රවී කරුණානායක සහ මන්ගල සමරවීර කියන දෙන්නත් ඔය වගේ අමු මැටි ගොඩවල් ටයි කෝට් ඇඳල ගොන් වහල්ලු ටිකක් රවට්ටලා ගොඩ ගියා මහා බුද්ධිමතුන් වගේ, රනිල්ට පොඩි දැනුවක් සහ මතක ශක්තියක් තියෙන නිසා ඉන්ග්‍රීසි නිව්ස් චැනල් වල ප්‍රෝග්‍රෑම් බලලා ඒවා කට පාඩම් කොරන් ඇවිත් පොර ටෝක් දෙනකොට වහල්ලු ෆෝම් වෙලා උන්ට ඕගැස්ම් වෙනවා, වට් ටො ටෙල්?

      අනිත් එකා සජිත් ප්‍රේමදාස කියන අමු මොන්ගලයා, ඌ ලොවෙත් නැති ශේක්ශ්පියර් යුගයේ වචන කට පාඩම් කරගෙන වැල් බයිලා ගහනවා සුද්දොත් මඥං, ඌ ඊට හපන්.

      ඒත් මේ ඉකොනොමැට්ටා කියන විදියට ඔක්කොම ෆුල් මඤ්ඤං වෙනව​. උන්නැහේ එහෙම කියන්නෙ බැසිල්ට තියෙන භක්තියට බව පැහැදිලියි. උන්නැහේට කැමති දේවාලයකට ගිහින් වඳින්න පූර්ණ අයිතියක් තියනව. ඒත් ඒ දේවාලෙට අපිත් ගිහින් වඳින්න කියන්න අයිතියක් එයාට නැහැ. ඔය කපුටාස් කථාව එයා අකමැති කෙනෙක් කිව්ව නම් ඒක වැරදියි කියන්නත් මේ ඉකොනොමැට්ටාතුමා පසුබට නොවෙන බව එයාගෙ භාවිතයෙන් ඔප්පු කරල තියනව මීට කලින්. අමරිකාව වගේ රට ගොන් අමු ගොබ්බයන් එකසිය ගානට ඉන්න රටවල පුරවැසිකම ගන්න පුලුවන් තේරුමක් ඇති වාක්ය දෙකක් ගැටගහලා කියා ගන්න බැරි බැසිල් වගේ රට ගොන් පොල් බූරුවෙක්ටත් බොහොම ලෙහෙසියෙන්. හරියට ඉස්කෝලෙත් නොගිහින් කට්ටි පැනල මරදානේ රස්තියාදු ගහපු පොරකට ඇමරිකා එක්සත් ජනපදේ වගේ ගොබ්බ රටක් ඇර වැදගත් ලොව පිළිගත් යුරෝපීය රටක නම් මේ වගේ අයට පුරවැසිභාවය දෙන්නේ මොන පදනම මතද? එහෙනම් ලංකාවේ හන්දිවල රස්තියාදු ගහන ත්‍රීවීල් කාරයන්ටත් ඉල්ලුවට ඇමරිකන් පුරවැසිකම හම්බ වෙයි, පුළුවන් නම් ඒ වගේ උන්ව දැනුවත් කරල ඇප්ලිකේශන් දාන්න කියන්න, උන්ටත් බැසිල වගේ ෂෙඩ් එකක තෙල් ගහන්න නැත්නම් ඇමරිකන් සල්ලි තියෙන ගෙදරක කුස්සිය හරි හෝදන්න පුලුවන් වෙයි. තව ඇමරිකන් පිස්සො බලාගන්නත් පුලුවන්. මුන් මහ ලොකු ආර්ථික විද්යාවක් දන්නෙත් නැහැ සිංහල දන්නෙත් නැහැ ඉංග්රීසි දන්නෙත් නැහැ.. හැබැයි මොල හතක් ලු.. පස්ස ලොවන වන්දිභට්ටයන්ගෙ පුච්චානං වලට උඩ ගිය මැස්සො...

      අනික මුන්නැහේ කියනව සිංහලෙන් ලියන අය ඉංග්‍රීසි නොදන්නා සේ උපකල්පනය කර ඉවත දමනවලු.

      අපිට කියන්න තියෙන්නෙ මෙච්චරයි.

      වරක නතිං
      වැල සම්තිං
      ඩේලි ෆ​'කිං
      නෝ චිල්ඩ්‍රන් !

      කපුටාස්ගෙන්ම අසා දැන ගනු.
      (ඒ කාලේ සක්විති රණසිංහට කෙලෙව්ව එකට දිට්ඨ දම්ම කර්මේ පඩිසන් දීලා ඔය වගේ වැඩ වෙනවා. නව් වට් ෆො ද ටෙලිං.)

      Delete
  8. Economatta is absolutely right about the bloody banana republic of Sri Lanka. Why is the mainstream Sinhala media so quiet about the Rajapaksa shenanigans, are they so threatened and intimidated by the Rajapaksa’s so much? It is high time the people in the tiny island nation called Sri Lanka, a country became aware of who their government officials are, and what they are capable of. Even Sri Lankan people in the villages will be turned off by these ugly threats and brutish behavior. The Rajapaksa family act like they are entitled to all the ill gotten gains, and that their abuses of power have to be accepted by the Sri Lankan people.

    Sri Lankans have been experiencing a tin pot dictatorship running their country for more than two years now, and a crude, uncouth spokesperson as the head of this failed state, who presumes he is above the law, shooting off his mouth, every time he is questioned about his crimes. Isn't it nice either?

    However, when people were mowed down by Rajpakse and family, all of Sinhala Buddhist racist terror groups celebrated threatening and spreading terror towards innocent minority communities. One thing they never realised is that they were creating their own Frankenstein. Now nothing in SL can help the people from this new found monster Rajpakse and his clan. Nothing. Compared to Prabhakaran who was a somewhat little monster againts bloody racism where this Rajapakse goons are 40 - 55 times more, the worst monstaers ever born on earth. Rajapakse's will sell the own country Sri Lanka to the Chinese very soon, and while SL is basking in the glory of Rajpakse goons, the Chinese will come knocking at your door and make you all including your children their full time slaves. This is the utter reality. No denials, look at your own neighbourhood in port city area carefully and you will understand it. May be very near future, Rajapase family lead by MR shall assign Chinese man as the Interim Prime minister. If i buy a house in Narahanpita, my next door person will be Chinese fugitive. Sri Lanka has been considered as almost chinese and indian colony so far by the free thinkers.

    ReplyDelete
  9. ඔය රටට 1800ගනන් වල ආපු යුරෝපීය සංක්‍රමණිකයෝ ඉංග්‍රීසියට හරවාගන්න කල උපක්‍රම මොනවද?

    ReplyDelete
    Replies
    1. හොඳ ප්‍රශ්නයක්! එවැනි උපක්‍රම භාවිතා කරන්න අවශ්‍ය වුනා කියලා මම හිතන්නේ නැහැ. 1800න් පසු කාලය ගත්තොත් සිදු වී තියෙන්නේ දැන් වෙන දෙයම තමයි. එකක් යුරෝපීය සංක්‍රමණිකයෝ කිවුවත් මේ අය එකිනෙකට වෙනස් විවිධ භාෂා කතා කළ අය. ඒ වගේම ඔවුන් එන්නේ කාලයක් තිස්සේ වරින් වර. එක් පවුලක් හෝ පවුල් කිහිපයක් පැමිණ බහුතරයක් ඉංග්‍රීසි කතා කරන තැනක පදිංචි වීමෙන් පසුව ක්‍රමයෙන් ඉංග්‍රීසි කතා කිරීමට පුරුදු වෙනවා. දෙවන පරම්පරාවේ මවුබස ඉංග්‍රීසි වෙනවා. දැන් වෙන දෙයම තමයි. මෙය තරමක් වෙනස් වෙන්නේ කෙටි කාලයක් තුළ එකම රටකින් විශාල පිරිසක් පැමිණ එකම තැනක පදිංචි වූ විට. එවිට සංක්‍රමනික කොළනියක් හැදෙනවා. හැබැයි ඇමරිකාවේ සමාජ ව්‍යුහය තුළ මෙවැනි කොළනියකට වුවත් වැඩි කලක් එලෙසම පවතින්න අමාරුයි. ඇමරිකානු සමාජය ඉතාම ගතික සමාජයක්. ඒ වගේම මේ ගතිකත්වය දියුණු ධනවාදයකට අනිවාර්යයෙන්ම අවශ්‍ය දෙයක්. ඇමරිකාවෙන් පිට නොගියත්, ඇමරිකානුවන් ඉතා කෙටි කාලාන්තර තුළ තැනින් තැනට සංක්‍රමණය වෙනවා. එහිදී ඉංග්‍රීසි නොවන කොළනියක් හැදුනත් එය කෙටි කලකින් විසිරී මිශ්‍ර වී යනවා. ලංකාවටත් ආර්ථික හා සමාජයීය වශයෙන් විශාල ඉදිරි පිම්මක් පනින්න මේ ගතිකත්වය අවශ්‍ය වෙනවා. එයින් රටේ සියලු ජනකොටස් ඒකාබද්ධ වී ස්ථාවර ලෙස ජාතිය ගොඩ නැගීමක්ද සිදු වෙනවා. MCC එකෙන් යෝජනා කළ ඉඩම් ප්‍රතිසංස්කරණ වල වූ වටිනාකම එයයි. හැබැයි MCC නැතත් දැන් මේ ආණ්ඩුව මෙය යම් තරමකින් කරගෙන යන බව පේනවා. එය හොඳ දෙයක්. වඩා වැදගත් ප්‍රශ්නය 1800ට පෙර කාලයේ ඉංග්‍රීසි මුල් තැනට ආවේ කොහොමද කියන එකයි. ඇමරිකාව "පිහිටුවන" නැගෙනහිර වෙරළ තීරයේ මුල් කොලනි 13 ඉංග්‍රීසි කතා කරන්නන්ගේ කොළණි. ඒ නිසා ඇමරිකාවේ ෆෙඩරල් රජයේ ව්‍යවහාර භාෂාව (de facto ලෙස) ඉංග්‍රීසි බවට පත් වෙනවා. ඉන් පසුව ඉංග්‍රීසි භාෂාවට විශේෂ වාසියක් ලැබෙනවා. ඇමරිකාව නැගෙනහිර සිට ක්‍රමයෙන් බටහිරට ව්‍යප්ත වෙද්දී වෙනත් භාෂා කතා කරන කොළණි එකෙන් එක ඉංග්‍රීසි වලට හැරෙනවා. උදාහරණයක් ලෙස දැන් නිවුයෝර්ක් ඇතුළු ප්‍රාන්ත හයක පමණ කොටස් ඇතුළත් විශාල ප්‍රදේශයක් මුලින් නිවු නෙදර්ලන්ඩ් (Nieuw Nederland).

      Delete
  10. කපුටාස් ගෝ හිට් ද ප්ලේන්. ඩොලර් ප්‍රොබ්ලම් ගෝ හිට් ද රටේ ඉක්නොමික්ස්. IT,S NOT A GLOBAL PROBLAM, BUT ඉට්ස් නයට කෑමේ පල විපාකස්. ඉකොනොමැට්ටා Go hit the economics problem and කල දුටු කල වල ඉහගං. බුද්ධිමත් පුද්ගලයන්ට අකමැති 69 ලක්ෂයක් මෝඩ බයියන්ට දිරවන්නට බැරි TRUTH IS OUT THEIR AND OLSO 43 සේනාංක නොහොත් දිය යටින් ගින්දරස් HIT සජබ For knock down පුතාණෝ . ආලපාලු kaputas ley eggs පුතාණෝස් nest with out permission .පුතාණෝ KNOW only play පියානෝ. ආලපාලු CRIETE නැවුම් මාවත But now he is in 43 සේනාංක IN FIYUCHAR ආලපාලු will criate another GAME How ever ආලපාලු කාගෙ බෙල්ල කඩලා හෝ Wont to get power.

    ReplyDelete
  11. A wise person once said "He who has USA as friend, does require no enemy".

    - Franz Schultz

    ReplyDelete
  12. ඇමරිකාවේ ස්වදේශික භාෂා කතා කරන අය එතකොට?

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඇමරිකන් එක්සත් ජනපදයේ විතරක් නෙවෙයි එම සමස්ත (උතුරු හා දකුණූ) ඇමරිකානු මහාද්වීප ලෙස පසුකලෙක නම් කරපු ප‍්‍රදේශයට 1492 වර්ෂයේදී යුරෝපීයයන් පැමිණීමත් සමග එහි විශාල වෙනස්කම් සිදු වුණේ ඒ New World - නව ලෝකය ලෙසද හඳුන්වන ලද එම ප‍්‍රදේශ යුරෝපීයයන් විසින් ජනපදකරණය කිරීමත් සමගයි, ඒ කියන්නේ යුරෝපීයයන්ගේ පැමිණීමෙන් පසු එළැඹි දශක කිහිපයක කාලයේදී ඇමරිකානු මහාද්වීපවල ජීවත් වූ ස්වදේශිකයන් අතිවිශාල පිරිසක් මරුමුවට පත් ව තිබේ. මහා මැරී යාම් (ග්‍රේට් ඩයිංග්) ලෙස හඳුන්වා ඇති මේ සඳහා විවිධ හේතු බලපා ඇතත් යුරෝපයෙන් පැමිණි ආගන්තුක රෝග ව්‍යාප්ත වීම (වසූරිය, සරම්ප ආදි), විශාල වශයෙන් නව ආයුධවලින් ඇති වූ සටන් සංග‍්‍රාම, වහලූන් ලෙස අල්ලා බලෙන් කුරිරු ලෙස වධ දෙමින් බලෙන් වැඩ ගැනීම් හා සමාජයේ සිදුවූ බිඳ වැටීම වැනි හේතු මේ අතර වෙයි. මෙය මහා ඝාතනයක් ලෙසද සැලකේ.

      ඒ වගෙම එම කාලයේදී යුරෝපීයයන් ඇමරිකානු මහාද්වීපවලට පැමිණීමට පෙර, ඒවායේ විසූ ස්වදේශික ජනගහනය කෙතරම්ද කියා පර්යේෂකයන් විසින් නිර්ණය කර අතර එම මහාද්වීපවල විවිධ ප‍්‍රදේශවල අතීත ජනගහනය පිළිබඳව සිදුකර ඇති අධ්‍යයන 119ක් යොදාගනිමින් උතුරු හා දකුණු මහාද්වීපවල ජනගහනය අනුමාන කර තිබෙයි. ඒ අනුව මිලියන 60.5ක සාමාන්‍ය ජනගහනයක් 15වන සියවස අවසන්වන විට ඇමරිකානු මහාද්වීපවල විසූ බව දක්වා ඇත. (එහි අවම අගය මිලියන 44.8ක්ද උපරිම අගය මිලියන 78.2 ක්ද වන අත්‍ර ඒ අගය එවකට ලෝකයේ විසූ ජනගහනයෙන් සියයට දහයක් පමණ වේ.

      උඩ පැවසූ විවිධ සාධකවල බලපෑම නිසා 1600 පමණ වන විට එම මහද්වීපවල විසූ ස්වදේශික ජනගහනය මිලියන 5-6 තරම් දක්වා අඩු විය. වෙනත් ආකාරයකින් පවසන්නේ නම්, ස්වදේශික ජනගහනය මිලියන 56කින් පමණ හෙවත් 90%කින් පමණ අඩු වී තිබෙයි. මෙය අතිවිශාල ජනගහන අඩුවීමක් බව පේනවා නේද?

      එක්සත් ජනපදයේ ස්වදේශික නේටිව් ඇමරිකන් ජන කොටස් රතු ඉන්දියානුවන් ලෙස ප්‍රසිද්ධ වුණා, එමෙන්ම මොවුන් ඇමරිකන් ඉන්දියානු ඇම්‍රින්දියන්වරුන් කියලත් හඳුන්වනවා. මොවුන්ගේ වාසස්ථාන වන්නේ වනාන්තර වල තිබෙන ගල් ගුහා, ලෙන් ආදියේ සාදා ගන්නා වූ කුඩා නිවාසයි. ආහාර රටාව ගැන අවධානය යොමු කිරීමේදී සතුන් දඩයම් කිරීමත්, ධීවර කටයුතුත් ප්‍රධාන වෙනවා. ප්‍රධාන ආහාරය විදියට ලබා ගන්නේ සතුන් දඩයම් කිරීමෙන් ලබා ගන්නා මස් මගින් සපයා ගන්නා ලද වේලපු මස්, ඉරිඟු මෙන්ම බෝංචියි ආදියයි.

      මේ අයගේ අධ්‍යාත්මික ඇදහිලි හා විශ්වාස අතර මරණින් අනතුරුව දඩයම් සරුවට තිබෙන ප්‍රදේශයකට යන බවට තරයේ විශ්වාස කරනවා. එමෙන්ම මොවුන් මූලිකවම වන්දනා කරන දෙවිවරු විශාල සංඛ්‍යාවක්ද වෙනවා.

      ඔවුන්ගේ විශේෂත්වය දුටු විගසම හඳුනා ගැනීමේ හැකියාව මෙන්ම මොවුන්ගේ ජිවන රටාව අධ්‍යයනය කිරීමේදී පැහැදිලි වන්නේ එය ඔවුනටම ආවේණික වූවක් බවත් දෑතේ කර්මාන්ත වලට නිපුණත්වයක් දක්වන ආභරණ, මැටි බඳුන් ආදිය සෑදීමට හපන්කම් දක්වන පිරිසක්. යුරෝපීය සංක්‍රමණික සුදු ජාතිකයන් බලෙන් ඉඩම් හැකි පමණින් අල්ලා ගනිමින් මේ ඇමරින්දියන් වරුන් දුටු තැන වෙඩි තබා මරමින් කොල්ලකමින් ඔවුන්ගේ ගැහැණුන් හා කුඩා දැරියන් සාමූහිකව දූෂණය කරමින් ඔවුන් ඈත ඝන වනාන්තර තුලට පළවාහරිමින් ජනාවාස පිහිටුවා ගැනීමට කටයුතු කළා. මං මාවත්, දුම්රිය, ගොඩනැගිලි, කර්මාන්ත ආදිය මේත් සමඟම බිහි වුණා. එමෙන්ම ඉතුරු වී තිබුණු ඝන වනාන්තර සියල්ලක්ම පාහේ කපා දමමින් එළි කිරීමත් සමඟම ඉතුරු වී සිටි 10% කටත් අඩු ස්වදේශික ඇමරිකානුවන්ගේ ජිවිතවලට මෙන්ම වාස භූමි වලටද දැඩි තර්ජනයක් ඇති වුණා.

      Delete
    2. පසුකාලීනව ජනාවාස ඉදිකරගත් සුදු ජාතිකයන් ගෙන් ස්වදේශිකයන් කරදර හිරිහැර දිගින් දිගටම එල්ල වුණා. ක්‍රි. ව. 1854 දී පමණ සුදු ජාතික ජාතිවාදී ඇමරිකන් ජනාධිපති ෆ්‍රෑන්ක්ලින් පියේර් එක්සත් ජනපදවල ජනාධිපති ලෙස පත්වී මේත් සමඟම ස්වදේශිකයන් සතු ඉතිරි ඉඩම් ටිකත් සුදු ජාතික යුරෝපීයයන්ට සොච්චම් මුදලකට විකුණන ලෙසත් ඈත කැනඩාවේ නිසරු හිම බිම් වෙත හොඳින් බැරිනම් නරකින් යවන බව සඳහන් කරමින් ලිපියක් යැවීමට ජනාධිපති පියර් කටයුතු කළා. මෙම ලිපිය යොමු කරනු ලැබුවේ රතු ඉන්දියානු නායක සියාත්ල් වෙතටයි. එකළ ස්වදේශීය ජනතාව වෙනුවෙන් පෙනී සිටීම සිදු කළේ රතු ඉන්දියානු නායක සියාත්ල් 1780 වර්ෂයේදී පමණ වොෂිංටන් හි බ්ලේක් නමැති දුපතේ උපත ලබා තිබෙනවා. ඒ වගේම තරුණ කාලයේදීම යුද්ධ විරුවෙකු වුණා, මිනිසාත් පරිසරයත් අතර පවතින්නේ නොබිඳෙන අපූරු සම්බන්ධතාවයක්. මෙම සම්බන්ධතාවය ගැන ගැඹුරු විවරණයක් ලබා දීමට හැකි වූ පුද්ගලයෙක් විදියට රතු ඉන්දියානු නායක සියාත්ල් ලෝකය පුරාම අදටත් ප්‍රසිද්ධයි. ඒ වගේම මොහු ජීවීන් අතර සම්බන්ධතාවය අවබෝධ කර ගනු ලැබුවේ ඩාවින් විසින් පරිණාම වාදය ඉදිරිපත් කිරීමටත් පෙරාතුව එම මුග්ධ ඇමරිකන් ජනාධිපතිගේ ගොබ්බ ලිපියට පිළිතුරු ලෙස ඔහු යැවූ ලිපිය මඟින් රතු ඉන්දියානුවන් ගැනත්, ඔවුන් පරිසරය හා ගත කළ පරිසර හිතකාමී ජීවිතය ගැනත්, ඇමරිකාව සොයා ගැනීමත්, ස්වදේශිකයන්ට විදින්නට වූ හිරිහැර කරදර පිළිබඳවත්, ඔවුන්ගේ ඉඩම් අත් පත් කර ගැනීමට කටයුතු කිරීම ගැනත්, රතු ඉන්දියානු නායක සියාත්ල්ගේ මැදිහත් වීම ගැනත් වැඩි දුරටත් කිව්වොත් ඇමරිකන් ස්වදේශිකයන්ට සිදු කරන ලද දැඩි හිරිහැර හේතුවෙන් පවතින තත්ත්වය පාලනය කිරීමට මීට ඉහතදී සඳහන් කළා වගේම ඇමරිකානු ජනපති නරකින් වෙඩි තබා සමූලඝාතනය කිරීමට පෙර රජයට හොඳින් ඉඩම් විකුණන ලෙස ලිපියක් යැවුවා. රතු ඉන්දියානු නායක සියාත්ල්ට යවන ලද මෙම ලිපියට ඔහු පිළිතුරු ලිපියක් යැවුවා.

      මෙසේ ඔහු විසින් යවන ලද ලිපිය පරිසරය පිළිබඳව එතෙක් මෙතෙක් සමස්ත ලෝක ඉතිහාසය තුල මෙතෙක් ඉදිරිපත් වී තිබෙන දාර්ශනිකම වගේම සාරගර්භම ලේඛනය විදිහට විශාල පිළිගැනීමක් ලැබී ඇති අතරම සියාත්ල්ගේ ප්‍රකාශනය ලෙස ලෝකය පුරාම ප්‍රසිද්ධ වී තියෙන්නේ මෙම ලිපියයි. මෙම ලිපිය එක්සත් ජාතීන්ගේ පරිසර සංවිධානය මඟින් ලෝක උරුමයක් ලෙසත් තම නිල ලියවිල්ලක් ලෙසත් ප්‍රකාශයට පත් කොට ඇති අතර සියාත්ල්ගේ ප්‍රකාශනයේ සඳහන් වූ කරුණු අතරින් කිහිපයක් නම්,

      “සැබැවින්ම අප ඉඩම් වැළකී සිටිය හොත් සුදු මිනිසුන් පැමිණ අප්ගේ කුඩා දරුවන් ගැහැනුන් ඇතුලු සියලු දෙනාම වෙඩි තබා මරා දමා අවි බලයෙන් ඉඩම් පැහැර ගන්නා බව නිසැකය. එහෙත් ඈත තිබෙන නිල් අහසත් පොළොවේ ඇති උණුසුමත් උදීට පායන හිරු කිරණත් සන්ධ්‍යාවේ ඇති කාන්තිමත් සොඋම්‍යභාවයත් විකිණීමට හෝ මිළදී ගැනීමට ඔබට හැකිද? එය මට නොවැටහේ. මේ අදහස අප හට නම් අරුමයකි. සුළඟේ ඇති පවිත්‍ර බව නැවුම් බව ජලයේ ඇති ප්‍රභාවත් බව අප සන්තක නොවේ. එසේ නම් ඔබ ඒවා මිලදී ගන්නේ කෙසේද? මා නූගතෙක් නිසා මට ඒය නොවැටහේ”

      “ගරු සුදු ජනපතිතුමනි, මේ ගංගාවෝ අපගේ සොහොයුරෝය. ඔවුහු අපගේ පිපාසය සංසිඳුවාලති. අපගේ දරුවන් පෝෂණය කරති. ගංගාවන් අපගේ මෙන්ම ඔබගේද සොහොයුරෝ බව සිහිතබාගනු මැනවි. ඒ බව අපේ මෙන්ම ඔබගේ දරුවන්ටද කියා දෙනු මැනවි”.

      “ජනපතිතුමනි, සුදු ජාතිකයන් විසින් ගොඩනගා ඇති නගර අපගේ ඇසට වේදනා ගෙන දෙයි, මහත් ඝෝෂාවෙන් පිරුණ කලබලකාරී ඒ නගර වල නිහඬ නිසංසල තැනක් සොයා ගැනීමට නොහැකිය”

      ඇමරි-ඉන්දියානු නායක සියාත්ල් එම ගෝත්‍රිකයන් අතර ඉමහත් ගෞරවාදරයට පත් වුණු නායකයෙක් වුණා. ඒ වගේම එකල කැප වූ පරිසර වේදියෙක් ද වෙමින් හැකි උපරිමයෙන් සුදු ජාතිකයන් සමඟ අන්‍යොන්‍ය සහයෝගිතාවයෙන් යුක්තව කටයුතු කළා. මේ හේතුවෙන් ඔවුන් සිටි ප්‍රදේශ අදටත් සියැටල් ලෙස නම් කරනු ලැබුවා.

      කෙසේ හෝ නූගත් වනචාරී ගෝතික අපතයයෙකු ලෙස මුලින්ම සුදු ජාතිකයින් ගර්හාවට ලක් වූ මෙම රතු ඉන්දියානු නායකයා එකල නොදියුණු යුගයේ පරිසරය කෙරෙහි දැක්වූ සබැදියාව අනර්ඝයි. සෝ කෝල්ඩ් බටහිර උසස් අධ්‍යාපනයක් නොලබා වුවද ඔහුට තිබූ ඒ හැඟීම, අවබෝධය හා පරිසරයේ දැනීම වර්තමානයේ බටහිර උගත් සමාජයේ බොහෝ දෙනෙක්ට හිමි නොවීම අභාග්‍ය සම්පන්න දෙයක් වනවා. මේ ගැනත් ඔබට තව තවත් විස්තර සහිතව ලිවිය හැකිනම් අගෙයි.

      Delete
    3. ඇමරිකාවේ ස්වදේශීය භාෂා විශාල ප්‍රමාණයක් තිබෙනවා. මේවා එකිනෙකට සම්බන්ධයක් නැති වෙනස්ම භාෂා. ස්වදේශීය ඇමරිකානුවන් වැඩි පිරිසක් මේ වන විට කතා කරන්නේ ඉංග්‍රීසි භාෂාව. මේ වන විට වැඩිම පිරිසක් කතා කරන ස්වදේශික භාෂාව වන නවහෝ බස වහරන්නේ (2018දී) 170,924ක පිරිසක් පමණයි.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: