වෙබ් ලිපිනය:

Friday, February 18, 2022

කපුටාස් වෝ ඇන්ඩ් බැසිල්ස් කඩු පයිට්

 

බයිබලයේ උත්පත්ති කතාව අනුව දෙවියන් වහන්සේ විසින් හතර වන දවසේදී “පක්ෂීහු පොළොවට උඩින් අහස් කුස හරහා පියඹා යත් වා!” කියා වදාරනවා. එය එසේම වෙනවා. ඉන් පසු ඔවුන්ට ආසිරි පතමින් “පක්ෂීහු පොළොවේ බෝවෙත් වා!” කියාත් පවසනවා. 

බයිබලයට අනුව අහසේ වගේම පොළොවේත් මුලින්ම දැකිය හැකි වන්නේ පක්ෂීන්. “විවිධ ගවමහිෂයන් ද උරගයන් ද වන මෘගයන් ද යන ජීවමාන සත්ත්වයෝ පොළොවෙන් නිපදෙත් වා!”යි කියා වදාරන්නෙත්, “අපගේ ස්වරූපය අනුව, අපගේ සමානත්වය ලෙස මනුෂ්‍යයා මවමු, ඔහු මුහුදේ මසුන් ද අහසේ පක්ෂීන් ද ගවමහිෂයන් ද මුළු පොළෝ තලයෙහි සියලු වන මෘගයන් ද උරගයන් ද පාලනය කෙරේවා!”යි අණ කරමින් මිනිසුන් මවන්නෙත් පස්වන දවසේ. 

බයිබලය අනුව පක්ෂීන්ට මිනිස්සුන්ගේ පාලනයෙන් බේරී ඉන්න ලැබුණේ එකම එක දවසක් පමණත් වුවත්, ඉතිහාසයේ බොහෝ කාලයක් තිස්සේම අහසේ අයිතිය තනිකරම වාගේ තිබුණේ ලේ, මස් වලින් හැදුනු පක්ෂීන්ට, වවුලන් වැනි ක්ෂීරපායී සතුන්ට හා කෘමීන්ටයි. පියාඹන්න නුපුළුවන් වූ මිනිස්සුන්ට අහසේ පියාඹන පක්ෂීන් ඇතුළු අනෙකුත් සතුන් පාලනය කරන්න හැකි වුනේ යම් සීමාවක් තුළ පමණයි. 

පසුගිය සියවසේ මුල සිට මේ තත්ත්වය වේගයෙන් වෙනස් වෙන්න පටන් ගත්තා. දැන් ලේ, මස් වලින් හැදුනු පක්ෂීන්ට අමතරව මිනිසුන් විසින් මවන ලද ඇලුමිනියම් පක්ෂීනුත් අහසේ පියාඹානවා. ඒ එක්කම, මේ ඇලුමිනියම් පක්ෂීන් හා ලේ, මස් වලින් හැදුනු පක්ෂීන් අතර ගැටුමක්ද නිර්මාණය වී තිබෙනවා. ඇතැම් විට මේ ගැටුම මරාගෙන මැරෙන සටනක් දක්වා දුර දිග යනවා.

ගුවන් යානා හා සතුන් අතර ගැටීම් හේතුවෙන් 1988-2020 කාලය තුළ ලෝකය පුරා ගුවන් යානා 271ක් විනාශ වී ඇති අතර ජීවිත 293ක් අහිමි වී තිබෙනවා. 1990-2021 අතර වසර 31ක කාලය තුළ ඇමරිකාවෙන් පමණක් මෙවැනි ගැටීම් 243,064ක් වාර්තා වී තිබෙනවා. කෝවිඩ් හේතුවෙන් ගුවන් ගමන් විශාල ලෙස සීමා වූ 2020 වසරේදී වාර්තා වී තිබෙන සිදුවීම් ගණන 11,605ක් පමණක් වුවත්, ඊට පෙර 2019 වසරේදී එවැනි ගැටුම් 17,358ක් වාර්තා වී තිබුණා.

ඉහත අවස්ථා වලදී විවිධ පක්ෂීන් වර්ග 608ක්, වවුල් වර්ග 38ක්, පියාඹන්නේ නැති ක්ෂීරපායී සතුන් වර්ග 52ක් හා උරග විශේෂ 27ක් ගුවන් යානා සමඟ ගැටෙනු හඳුනාගෙන තිබෙනවා. මෙවැනි ගැටුම් හේතුවෙන් ඇමරිකාවේ ගුවන් සේවා කර්මාන්තයට වසරකට අවම වශයෙන් පියාසර පැය 75,861ක් අහිමි වන බවත්, ඩොලර් මිලියන 124ක සෘජු අලාභයක් සිදු වන බවත් ඇස්තමේන්තු කර තිබෙනවා. 

වනසතුන්, විශේෂයෙන්ම පක්ෂීන්, හා ගුවන් යානා අතර ගැටුම් සිදුවීම් පිළිබඳව ගුවන් සේවා කර්මාන්තයෙහි නිරත සමාගම් ඉතාම සැලකිලිමත්. කිසියම් සාකච්ඡාවකදී බැසිල් රාජපක්ෂ විසින් මේ ගැන කතා කරනවා. ඉංග්‍රීසි භාෂාවෙන් සිදුවන මේ සංවාදයේදී ඔහු කපුටා යන වචනය එලෙසම භාවිතා කරනවා. 

පෙනෙන්නට තිබෙන පරිදි මෙය අත්වැරදීමක් හෝ ඉංග්‍රීසි වචනය නොදැන සිටීම නිසා සිදුවන දෙයක් නෙමෙයි. සාකච්ඡාව ආරම්භයේදී ඔහු crow යන වචනය භාවිතා කරනවා. මේ විදිහට ඉංග්‍රීසි වාක්‍යයක් මැදට සිංහල වචනයක් එබීමේ කිසිම වැරැද්දක් මටනම් පේන්නේ නැහැ. අනෙක් අතට, ඉංග්‍රීසි වචනයක් නොදැන සිටීම වුනත් කිසිසේත්ම ගණන් ගත යුතු අඩුපාඩුවක් නෙමෙයි. 

සිංහලෙන් කතා කරන බොහෝ දෙනෙක් එසේ කතා කරද්දී බාගෙට බාගයක් ඉංග්‍රීසි වචන ඔබනවා. සිංහල වචනය නොදන්නා අවස්ථාවක හෝ හරි සිංහල වචනයක් නැති අවස්ථාවක එහෙම කරන එකේ කිසිම වැරැද්දක් නැහැ. එහෙත්, ගොඩක් වෙලාවට මේ වැඩේ කරන්නේ ඔය හේතු දෙකෙන් එකක් නිසා නෙමෙයි.

ලංකාවේදී සිංහලෙන් කතා කරද්දී හෝ ලියද්දී සිදුවන ලොකු වැරදි වුවත් බොහෝ විට එතරම් ගණන් ගැනෙන්නේ නැහැ. හැබැයි ඉංග්‍රීසියෙන් වැඩ කරද්දීනම් පොඩි වැරැද්දක් වුවත් ලොකු ප්‍රශ්නයක්. පෞද්ගලිකව මගේ ඉංග්‍රීසි ගොඩක් හොඳ නැහැ. සිංහල කියලත් හොඳ නැහැ. මම විෂයයක් ලෙස සිංහල ඉගෙන ගෙන තියෙන්නෙත්, ඉංග්‍රීසි ඉගෙන ගෙන තියෙන්නෙත් දහයේ පන්තියට පමණයි. ඊට පස්සේ සරසවි ප්‍රවේශයට පෙර ලැබෙන සයමාසික ගෙල්ට් පුහුණුව ලැබුණා.

හැබැයි ඔය සීමිත දැනුම පමණක් තියාගෙන, දවසක හෝ පුහුණුවක්ද නොලබා, රජයේ ඉංග්‍රීසි උපගුරු තනතුරකත් කාලයක් වැඩ කළා. ලංකාවේ බොහෝ දරුවන්ට ඉංග්‍රීසි ඉගෙන ගන්න ලැබී තිබෙන්නේ මා රජයේ පාසැලක උගන්වද්දී මගෙන් උගත් දරුවන්ට ලැබුණු තරමේ අවස්ථාවන් පමණයි.

කෙසේ වුවත්, මම දන්න ඉංග්‍රීසි ටික ඇමරිකාවේදී හා ජාත්‍යන්තරව මගේ පෞද්ගලික හා වෘත්තීය කටයුතු කරගැනීම සඳහා මට හොඳටම ප්‍රමාණවත්. හැබැයි ලංකාවේ හිටියානම් මගේ ඉංග්‍රීසි දැනීම මට ප්‍රශ්නයක් වෙනවා. මම මේ කියන්නේ ඇමරිකාවට ආවාට පසුව මගේ ඉංග්‍රීසි දැනුම වැඩිදියුණු වීම ගැන නෙමෙයි. දැන් ලංකාවට ආවත් මගේ ඉංග්‍රීසි දැනුම ලංකාවේදී වැඩ කරන්න ප්‍රමාණවත් නොවෙන්න පුළුවන්. බැසිල්ටත් ඇමරිකාවේදීනම් ඉංග්‍රීසි භාෂා ප්‍රශ්නයක් තියෙන්න නැතුව ඇති.

ඉංග්‍රීසි කතා කරද්දී වගේම ලියද්දිත් ලංකාවේ බොහෝ දෙනෙක් උත්සාහ කරන්නේ වැඩි දෙනෙක් අසා නැති බර වචන පුළුවන් තරම් ඔබ්බන්නයි. එහෙත් මම අසා තිබෙන සාමාන්‍ය මූලධර්මය වන්නේ හොඳ ඉංග්‍රීසි කියන්නේ සරල ඉංග්‍රීසි බවයි. 

ඇමරිකාවේදී මේ වගේ දෙබස් මට නිතර ඇහෙනවා.

ඇමරිකාවට පැමිණ සිටින ජර්මානුවෙක්:  "සමාවෙන්න, මගේ ඉංග්‍රීසි දැනුම ඒ තරම් හොඳ නැහැ!"

ඇමරිකානුවා: "ඇත්තටම සමාව ඉල්ලිය යුත්තේ මමයි. මගේ ජර්මන් දැනුම ඔබේ ඉංග්‍රීසි දැනුමට කිට්ටුවෙන්වත් තියන්න බැහැ!"

ඇමරිකානුවෙක් ලංකාවට ගොස් සිංහල වචන කිහිපයක් හෝ දැන සිටියේනම් මා වැනි අයෙකු හා කතා කරද්දී අනිවාර්යයෙන්ම ඒ වචන ඉංග්‍රීසි වාක්‍ය වල මැදට දමනවා. දැන්නම් ඇතැම් අවස්ථා වලදී ගූගල් කර වචන හොයා ගන්න අයත් ඉන්නවා. භාෂාව අවශ්‍ය වන්නේ සන්නිවේදනය සඳහා සහ සම්බන්ධතා ගොඩ නගා ගැනීම සඳහා. ඔය දෙකෙන් එකකටවත් පරිපූර්ණ භාෂා භාවිතයක් අවශ්‍ය වන්නේ නැහැ. ඉංග්‍රීසි භාෂාව මුල් බස වූ හැම කෙනෙක්ම හැම විටම ව්‍යාකරණ නොවරද්දා කතා කරන්නේ හෝ ලියන්නේ නැහැ. 

මමනම් හිතන්නේ බැසිල්ගේ ඉංග්‍රීසි භාවිතය ඉංග්‍රීසි ඉගෙන ගන්න උනන්දුවක් ඇති අයෙකුට උත්තේජනයක් විය යුතුයි කියලයි. භාෂාවක ප්‍රවීණත්වය ලබාගන්නනම් එය භාවිතයේ යෙදවිය යුතුයි. භාෂාවක් භාවිතා කිරීම සඳහා පළමුව ප්‍රවීණත්වය අවශ්‍යයැයි සිතන අයෙකුට කවදාවත් තමන්ගේ ඉලක්කයට යන්න බැහැ. භාෂාවක් හරියට නොදැන එය භාවිතා කිරීමෙහි යම් හානි ඇත්නම්, ආර්ථික විද්‍යාව හරියට නොදැන ආර්ථිකය කළමනාකරණය කරන්න යාමේ හානි ඊට වඩා සිය දහස් වාරයක් වැඩියි.

24 comments:

  1. හැමෝගේම අවධානයට ලක්විය යුතු කරුණු ටිකක්. ඔබේ නම සහිතව උපුටාගන්න අවසර දෙන්න.

    ReplyDelete
    Replies
    1. මෙහි පළ කරන දේවල් උපුටා ගැනීමට බාධාවක් නැහැ. උපුටාගත් තැන සඳහන් කරන්නේනම් එය ලියා ඇති දෙයක් පිළිබඳව ප්‍රශ්නයක් ඇති අයෙකුට අවශ්‍යනම් මෙහි පැමිණ විමසීමක් කිරීමට උදවුවක්.

      Delete
  2. Even though Basil Rajapaksa has spent considerable time in US and he himself is a US citizen, his use of the language is very pathetic. This is applicable to his sinhala also. Root cause could be his limited exposure to the US culture except limited vocabulary related with a gas station.
    It is these kind of SL expatriates who are preaching the way SL should be governed through their FB pages.
    Constructive criticisms should be welcomed, but real reason is their loneliness and insecurity with the culture they live.

    ReplyDelete
    Replies
    1. I agree. English is just another language, not a status symbol. However if this is the level of proficiency on can attain after living in USA for a long time, it begs the question as to what they were doing.

      Are they really suitable for a position like Minister of Finance?

      Delete
    2. @ Ano 12.42 & 3.09

      Your comments too, have many errors, and thus I could state that Basil Rajah pakse is not alone in that sense.

      See the following items at the outset;

      //spent considerable time in US// incorrect & it shall be "spent considerable time in the US" to correct grammar

      ///exposure to the US Culture/// incorrect "the" shall be removed to correct grammar (further, 'exposure to US Culture' too an unsuitable term & better to correct it as "exposure to American culture")

      ///related with gas station/// incorrect & shall be "related to gas station" to correct grammar

      ///through their FB pages// - introduce undefined acronyms, better to use "through their Facebook pages"

      // but real reason/// incorrect and shall be "but the real reason" to correct grammar

      ///culture they live./// incorrect and shall be "culture they live in." to correct grammar

      ///However if this// incorrect and shall be "However, if this" with correct punctuation

      ///level of proficiency on can get/// incorrect and shall be corrected as "level of proficiency one can get" with Correct use of words and grammar

      //living in USA for a long time/// incorrect and shall be corrected as "living in the USA for a long time" to correct grammar.

      In addition, based on some of the reliable research studies, it has also been found that 8.6% of the U.S. population did not have a firm grasp of the English language. Their ability to speak English with any proficiency was described as limited, as they spoke it “less than very well".

      Ref: https://www.libertylanguageservices.com/post/what-percentage-of-people-in-the-us-speak-english

      ඒ වගේම ප්‍රසිද්ධ විනිසුරු ෆ්‍රෑන්ක් කැප්‍රියෝ වගේ අයගේ වීඩියෝ වලින් ඔබට ඇමරිකන් ජනයාගේ ඉංග්‍රීසි භාෂා දැනුම ගැන දළ අවබෝධයක් ගන්න පුළුවන් වේවි, මේකත් බලන්න;

      https://www.youtube.com/watch?v=Mhh8f_K-FHY

      Delete
    3. @anonymous 12:07am
      I'm the ano at 12:42.
      Use of the article "the" is not mandatory with abbreviations when the abbreviations have become more familiar according to latest language trends. But I do agree that when spelling out country names that come with states or kingdom,the article"the" should always be written in non abbreviated forms.
      //US culture or American culture//
      Suitability of words should be judged by common readers not a by a pedantic one like you.
      //related with gas station//
      I recommend that you should consult a good dictionary with use of preposition "with". You may be familiar with preposition"to".
      //Undefined acronyms//
      There is not a defined set of acronyms.
      //Real reason//
      Here use of article the is optional. You and your teacher may have a problem with it.
      //Culture they live//
      Here, I admit that it should be "live in". It was an unintended typographical error as it was past mid night when I typed it.
      My aim was to point out major flaws in Basil Rajapaksha's speech. But I think he desperately needs a pedantic teacher like you. I too can assist you with some valuable grammar sources if you publish your e mail.

      Delete
    4. @ AnonymousFebruary 19, 2022 at 12:07 AM

      හහ් හහ් හා එළ එළ මරු. මේ වගේ තමයි ලංකාවේ ඉන්න ගොඩක් මී හරක් ඔය උඩ කමෙන්ට් දෙක දාපු උන්දෑ වගේ අමු ගවයෝ, වයසක අංකල් කාරයෙක් වගේ නේද මචන් සත්‍ය මැතිනිය මේවායින් පේන්නේ? මුන් ඔහොම ම තමයි ඉතින්, ඇඟ පුරා මොලේ තමන්ගේ ඇහේ තියෙන පොල් පරාල ඇණ පේන්නේ නෑ අනුන්ගේ පොල් කෙඳි දැකලා රඟනව අන්තිමට එක පුලියේ මරු ඕයි, 225 ට බැන්නට මේ වගේ මීහරක් ඊට හපන් රට කෝලම් නේද?

      AnonymousFebruary 19, 2022 at 12:09 PM

      හහ් හා ආයෙත් පාරක් රීල තියෙන්නේ අංකල් (ඇන්ටි කෙනෙක් ද මන්දා) ලැජ්ජා නැතිකම මහමුදලි කමටත් වැඩියි නේද?

      අපරාදේ උඩ කමෙන්ට් කරලා තියෙන හාදයාගේ වටිනා කාලය, ඊට වඩා හොඳයි හරකෙක්ට අවකලනය කියලා දුන්නා නම්,

      මේ ඕයි අංකල් ඉංග්‍රීසි බැරි නම් රෙන්නේ නැතුව දන්න සිංහලෙන් ලියන මගුලක් ලියනවකො ඕයි රට්ටු හිනස්සන්නේ නැතුව උඹත් බැසිල්ගේ ටීම් එකේ ඉඳලා මොකක් හරි ගේමක් මාට්ටු වෙලා එලවපු එකෙක් නේද අර නාකි මයිනාගේ පඩිය හොරා කාල කුජීත වෙච්ච "මෝඩ යකා" වගේ ? ලොලේ ලොල් ඕයි.

      Delete
    5. @ AnonymousFebruary 20, 2022 at 8:25 AM

      ඇනෝ මචන් මේ උඩ කමෙන්ට් දෙක දාපු ගෝතයා ගැන කතා කරල වැඩක් නෑ, පිස්සු යකෙක්.

      @ Anonymous February 20, 2022 at 8:48 AM

      ඉයන්, දැන් තමුන්නැහේලා ඒ කාලේ රෙදි නැතුව කඩේ ගිය උන්ගේ කාලේ ඉවරයි, පෙන්නපු නාඩගම් සහ බොරු සෙල්ලම් සේරම ඉවරයි, උන්ට ආයේ කවදාවත් ලංකාවේ කවදාවත් බලය ලැබෙන්නේ නෑ, බොලාගේ මහ එකා තමයි 2015 මිනිස්සු දීපු බලය අමුම අමු සක්කිලි විදිහට අවභාවිතා කරලා ඔය බැසිල් ඇතුලු කම්බ හොර රැල රෙද්ද අස්සේ දාගෙන උන් හොරා කාල ගොඩ ගහපු සල්ලි වලින් කොටසක් බෙදාගෙන හොරු ආරක්ෂා කළේ, බොලාගේ පක්ෂේම රන්ජන් ගොයියා මේක ගැන හෙලි කොළාම බොලයි රාජපක්ෂ හොර රැලයි දෙගොල්ලම එකතු වෙලා ඌවත් හිරේ දැම්ම, නොදකින්. දැන් බොරුවට මෙතන කැඩිච්ච ඉන්ගිරිස් වලින් බයිල ගැහුවට වැඩක් නෑ, බොලා හැමදාමත් කළේ බොරුවට රාජපක්ෂලට බැන බැන උන් එක්ක යටින් ඩීල් දාගේන එකට හොරා කාපු එක නේ, හැබැයි දැන් ඒක ඉවරයි, 2024 මේ කමබා හොර මුල් දෙකටම කෙළ වෙනවා, ඕන නම් ලියල තියාගනින් දිනෙයි වෙලාවයි දාල, තොපිටත් තොපේ ලොක්කෝ වෙච්චි එක හාල්පාරුවන්ට රෙදි නැතුව කඩේ යමින් මහජන මුදල් හොරකම් කරපුවට විඳවන්න වේවි අන්න එදාට, ඒකත් මතක තියාගනින්.

      What goes around comes around, the consequences of one's actions will have to be dealt with eventually. (In simpler terms, if someone treats other people badly he or she will eventually be treated badly by someone else You should not mistreat them, FYI)

      Delete
    6. I understand about your frustration. That's why you have commented several times as different ones. First try to learn something in English. Rajapaksha government will not last forever. You will have to do something for living other than publishing comments media. When challenging, come with facts not with nonsenses.

      Delete
    7. හා හොඳයි, දැන් අපට බොලාගේ මඩ බලකායේ රසසාවල් හොයල දෙන්න බැරිද බන් ඉයන් ආතේ? අපි පවුනේ නේද?

      Delete
  3. පොල්ගස්වල කඳේ පොල්අතු බැඳලා තියෙන්නෙ මොකද කියලා සුද්දෙක් ඇහුවම ගයිඩ් උත්තර දෙනවා "නයිට් ටයිම් හොරු ගොයින් සරබරාස් සරබරාස්" කියලා.ගයිඩ් කියනදේ ගයිඩ්ට තේරුනාට සුද්දට තේරෙන්නෙ නෑ.ලංකාවෙ දේශපාලුවන් කියනදේ සිංහලෙන් කිව්වත් ඉංග්‍රීසියෙන් කිව්වත් තමන්ට තේරුනාට මිනිස්සුන්ට තේරෙන්නෙ අන්තිමටික විතරයි. .....කියනඑක මම මේ අවස්ථාවේදී බයනැතිව ප්‍රකාශ කරනවා.(හුරේ...)

    ReplyDelete
  4. අසන්නන්ට වැටහෙන ලෙස කියන එක
    අහගෙන ඉඳුම අවධානෙන් කරන එක
    දෙගොල්ලගෙම යුතුකම යයි කියන එක
    නොතැකෙයි බොහෝ විට ඒකයි හිතට දුක

    ReplyDelete
  5. By living at America for years he was unable to gain sufficient knowledge. He even can not speak Sinhala.

    ReplyDelete
    Replies
    1. යකෝ ඇමරිකන් එක්සත් ජනපදයේ සිංහල උගන්නනවද බන් ගොන් කතා නොකිය හිටහන්, මම දන්න විදිහට ගොඩක් ඇමරිකන් එක්සත් ජනපදයේ ඉන්න මිනිස්සු මිලියන් ගානකට හරියට ඉංග්‍රීසි බෑ, විශේෂයෙන් සංක්‍රමණිකයින්ට, හිස්පැනික් උන්ට නම් ලොවෙත් බෑ, මෙක්සිකන් කොලොම්බියන් නිකරගුවන් බ්‍රසීලියන් හොන්ඩුයුරාස් හයිටි වගේ උන් චොර වුණත් කියුබන් උන් නම් සෑහෙන හොඳයි, ඒශියන් උන්ගෙන් ගොඩක් තැන්වල ඉන්න පිල්ලෝ නම් (පිලිපිනාස්) තනිකර දොඩවන්නේ තගලොග් දොක දොක ඉන්ගිරිස්, වියට් නාම් ඉන්දුනීසියන් බන්ගලි උනුත් ඒ වගේ, දකුණු ඉන්දියන් අයි ටී කාරයෝ ඉන්ඩියන් ඉන්ගිරිස් ඇක්සන්ට් එක පට්ටම අවුල් වුණාට හොඳට වචන එහෙම දන්නවා, ග්‍රැමර් එහෙමත් හොඳයි, ඉන්දියන් පරණ උන් එහෙම හොඳ පෝස්ට් වල ඉන්නවා පට්ට විදිහට සල්ලිත් තිබේ. ඒත් ඉන්ගිරිස් උච්ඡාරණය නම් කුජීතයි තවමත් අවුරුදු ගානක් වෙලත්, ඇත්තටම මම හිතන්නෙ හේතුව ඇමරිකන් එක්සත් ජනපදයේ අයි ඊ එල් ටී එස් අත්‍යවශ්‍යම නොවන එකක් ලෙස ෆෙඩරල් නීතියේ තියෙන නිසා, හැබැයි ගොඩක් යුනීස් වලට දැන් දැන් අයි ඊ එල් ටී එස් ඉල්ලනවා ස්ටුඩන්ට් වීසා වලට ඒත් තව ගොඩක් ඒවායේ බ්‍රිජ් කෝසස් තියෙනවා, මම හිතන්නේ ඩේටන්, නෝත් ටෙක්සාස්, කැලිපෝර්නියා ඉස්ටේට්, නෝත්වුඩ් වගේ ඒවාවල පවා සමහරක් කෝසස් තාමත් අයි එල් ටී එස් නැතුව ගොඩ දාගන්න පුළුවන් නේද? දැන් නීති වෙනස් වෙලා නෑ නේද ඉකොනොමැට්ටා?

      Delete
  6. ඉකොනෝ මහත්තයා එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය ඒකකයෙන් දොට්ට දාපු නිසා දැන් බැසිල් රාජපක්ෂ මහත්තයාගේ මාධ්‍ය ඒකකයට එකතු වෙන්නද මේ ලක ලෑස්ති වෙන්නේ?

    ReplyDelete
    Replies
    1. ඒක තමයි මමත් බැලුවේ, මේ ඉකොනොමැට්ටා කියලා වැල් බයිලා ලියන්නේ මහින්ද පතිරණ කියන සක්කිලි ගෝත රට හරක් සට්ටැඹියා ද කොහේද කියලා හිතෙනවා මේ හෝදන හේදිල්ල දැක්කම

      Delete
  7. හපොයි මට තේරෙන විදියට ලංකාවේ මුදල් අමාත්‍යාංශය කබාසිනියා කරන බැසිල් ගෝතයා කියන්නේ මේක නේද?


    //සෝ අයි තින්ක් දෙයාර් ආර් මෝ ඩැමේජ් ඉන් පුටින් ගාර්බේජ් ඉන් නියර් සීදූව වෙයාර් කටුනායක එයාර් පෝට් හෑස් බීන් ලොකේටඩ් ��.

    දෙයාෆෝ, ඇක්චුවලි ද රෝල්ස් රෝයිස් එන්ජින්ස් මේක් අ ස්කීම් ටු ශ්‍රී ලංකා.
    ෆෝ සම් අදර් මැටර් ඇන්ඩ් අයි මෙට් දෙම් ඉන් ද බ්‍රිටිෂ් හයි කමිෂනර්ස් රෙසිඩන්ස්.
    දේ සේ දෙයාර් ඉස් අ ඩේන්ජර් බිකෝස් ඔෆ් දිස් දෙයාර් පුටින් ගාර්බේජ් නියර් ද සීදූව හයිවේ රයිට්.

    ඇන්ඩ් ද ක්‍රෝව්ස් ඉන් ද ඊවිනින් ෆ්ලයි ටු ද කොකනට් ට්‍රීස් අරවුන්ඩ් ද එයාර්ෆෝස් බේස්. සෝ ඉෆ් ද කපුටාස් ගෝ හෑව් හිට් ද ප්ලේන් වෙන් දේ ටේක් ඕවර් විල් බී අ ඩැමේජ්.

    සෝ දැට් ඉස් ද ඩැමේජ් ඊවන් ටු ද එයාර් ප්ලේන්ස්. දෙයාෆෝ එනිබොඩි හූ කම්ස් ටු ශ්‍රී ලංකා ආෆ්ටර් ෆෝ ඉයර්ස් දේ හෑව් කම් හියර් ඇන් දේ සී ද චේන්ජ්.

    මෙනි ෆොරිනර්ස් හූ හෑව් බීන් හියර් ඊවන් සම් ඩිප්ලොමැට්ස් හූ හෑව් වර්ක්ඩ් ඉන් ශ්‍රී ලංකා වෙන් දේ කම් දේ මීට් මී ඇන්ඩ් දේ සේ අයිම් සොරි අයිම් නොට් සෝ ලකී ටු සර්ව් නව් ඉන් ශ්‍රී ලංකා බිකෝස් සෝ ද පීස්ෆුල් ඇන්ඩ් ද එන්වයර්මන්ට් ඇන්ඩ් ද හව් යූ කැන් සී ද කලම්බු කැනැල්ස් ඇන්ඩ් ද බියුටි ඔෆ් කලම්බු ඇන්ඩ් ඕල්සෝ ද රෝඩ් නෙට්වර්ක් සෝ ඕල්වේස් දේ වර් ටෝකින්.//



    බයි ද වේ ඇමෙරිකාවේ තෙල් ගහලවත් නැද්ද කොහෙද කියලා මේ බැසිල් කියන ගොන් මෝඩ පිස්සු වාහේට හිනා වුණාට මටත් ඒ වගේ තියා ඊටත් වඩා ඉංග්‍රීසි බෑ කියලා මතක් වෙලා මට හික් ගෑවිලා රෙද්දේ රෙවුණා, Looking go (බලන් යනකොට) අපිත් හරි පවු, මොකද අපි හිනාවෙලා තියෙන්නේ අපිටම තමයි කියලා හිතිලා දුකටද මන්දා මට ඇඬුණා.

    ReplyDelete
  8. එකඟයි. බැසිල් කියන පුද්ගලයා විතරක් ගත්තම ඔකේ එච්චර ප්‍රශ්නයක් නැහැ. අපිත් භාෂා විශාරද ල නෙමෙයිනේ. අපිඅට වැරදීම් වෙනවා. ඉතින් ඔය කතාව අල්ලාගෙන ඔච්චර නාහිනන් ඕනේ නැහැ. නමුත් ඉතින් බයිසන් ලා අනිත් අයගේ පොඩි වැරැද්දකට වුනත් නටපු/ නටන ජවුසන් දැකල තියෙන නිසා සද්ද නැතිව ඉන්නව. දැන් ඔය චම්පිකගේ නඩුව බලන්නකෝ. දෙන ගේම. බැසිල් වැඩ කාරයා

    ReplyDelete
  9. ඉකොන් කියන මූලික කරුණ මම හිතන්නෙ සංනිවේදනයෙදි පරිපූර්ණ භාෂා භාවිතයක් අවශ්‍ය නැති බව. ඉතාම හොඳ සන්නිවේදකයින්ටත් තමන්ගෙ මව් භාෂාවෙන් කතා කරද්දි වුනත් වචනයක් දෙකක් පැටලීම, අමතක වීම වෙන්න පුලුවන්. ඒ වගේම අඩු පහසුකම් යටතේ ඉංග්‍රීසි (හෝ වෙනත් ඕනෙම භාෂාවක්) ඉගෙනගෙන, පවුල් පරිසරයෙදි ඒ භාෂාව වැඩි භාවිතයක් නැති කෙනෙක් කතා කරද්දි වචනයක් දෙකක් එහෙට මෙහෙට වීම ප්‍රශ්නයක් නෙවෙයි, සංවාදය පවත්වාගැනීම වඩා වැදගත් නිසා. ඒ අනුව ඉකොන් කියන කාරණාවට එකඟයි. නමුත් මේ සිදුවීමෙ ඉන්නෙ ලංකාව හා ආණ්ඩුව නියෝජනය කරන කෙනෙක්. ඒ වගේ අය public figures. ඒ නිසා ඔවුන් නිතරම සමාජයේ නිරන්තර විපරුමට (public scrutiny) ලක්වෙන අය. ඒනිසාම ඔවුන් කතා කරන, හැසිරෙන විදිහ ගැන ඔවුන් ප්‍රවේශම් සහ වගකීම් සහගත විය යුතුයි. ඒ නිසා මේ සිදුවීම වෙනස් කියලා මම හිතන්නේ. ඒ නිසා මේ වගේ දේවලට සීනි/පැනි තැවරීම (sugar-coating) අවශ්‍ය නැහැ.

    දෙවෙනි කාරනේ මේ පුද්ගලයා කරන මේ සාකච්ඡාවෙ/සංවාදයේ target audience එක කවුද කියන එක. ලංකාවට ණය/ආධාර දෙන රටවල හෝ සංවිධාන වල එක්කෙනෙක් හෝ දෙන්නෙක්වත් මේක බලයිනෙ. සන්නිවේදකයෙක් තුල තිබිය යුතු සංයමය, අදහස් ගලා ඒම (flow), වචන හෝ ව්‍යාකරණ වැරදුනත් අදහස් ප්‍රබල ලෙස සන්නිවේදනය කිරීම, ඒනිසාම තිබිය යුතු ආත්ම විශ්වාශය, කිසිම දෙයක් මේ පුද්ගලයා තුල තියෙනවද. ඒනිසා මේ විදිහට කතාකරාට වැරැද්දක් නැහැ කියන අදහස හොඳ අදහසක් හෝ පූර්වාදර්ශයක් නම් නෙවෙයි. කමෙන්ට් එක දිග වුනත් ඇනෝලා කීපදෙනෙක්ම කියලා තියෙන අදහසට මම එකඟයි. ඉංග්‍රීසි හෝ ඕනෙ භාශාවක් ඉගෙන ගන්න එක progressive දෙයක්. කාලයක් බටහිර රටක ජීවත් වුනු කෙනෙක් මෙහෙම ඉංග්රීසි කතා කරන එක.. what a shame.

    'බැසිල්ටත් ඇමරිකාවේදීනම් ඉංග්‍රීසි භාෂා ප්‍රශ්නයක් තියෙන්න නැතුව ඇති'. Of course not!!. I love your sarcasm (if it was meant that way).

    'භාෂාවක් හරියට නොදැන එය භාවිතා කිරීමෙහි යම් හානි ඇත්නම්, ආර්ථික විද්‍යාව හරියට නොදැන ආර්ථිකය කළමනාකරණය කරන්න යාමේ හානි ඊට වඩා සිය දහස් වාරයක් වැඩියි'. Absolutely!

    ReplyDelete
  10. ඔතන ප්‍රශ්නය මෙයා ලංකාවෙ මුදල් ඇමති වීම සහ ඒ තනතුරට පත් වෙනවිට මිනිස්සුන්ට දුන්න බලාපොරොත්තු කන්දරාව.

    මෙයා පට්ට වැඩකාරයා, ඇමරිකාවේ වැඩ කරපු කෙනෙක්, නියම මොළයක් (මොළ 7 ක් තියනවා කිව්වෙ ආන්ඩු පක්ශ මන්ත්‍රී කෙනෙක්) මෙයාට තමා රටේ ආර්ථිකය ගොඩදාන්න පුලුවන් කියල මිනිස්සු හිතුවා.

    බජට් ස්පීච් එකේදි හෙලිවුනා මෙයාට සිංහල කියවන්න බෑ කියලා. මිනිස්සු හිත හදාගත්තෙ භාවිතය නැතිනිසා වෙන්නැති කියල.

    දැන් ආර්ථික දහංගැටත් අතේ පත්තු වෙද්දි තමා එලිවුනේ මෙයාගෙ ඉන්ග්‍රීසි පට්ට සවුත්තුයි කියලා.

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ උඩ ප්‍රතිචාර දමා තිබෙන වැඩි දෙනෙක් කියන්නේ ඔය කතාව. මේ කරුණට එකඟයි.

      Delete
  11. ඔච්චර නටන්න ඕන නැහැනේ ඉකොනොමැට්ටා, බැසිලා කියන්නේ මූලික සන්නිවේදන කුසලතාවත් නැති අමු මැටි ගෝතයෙක් බව හැමෝම හොඳින් දන්නා කරුණක්, ඒ නිසා මේ කියන වීඩියෝ එක මහ ලොකු බක්කක් නෙවෙයි. අනික් අතට හොර බැසිලා මුදල් ඇමති තනතුර දැරුවා කියලා ඌ රටේ ආර්ථිකය මෙහෙයවීම කරන්නෙ නෑ ඒ වැඩ ටික කරගෙන යන්නේ මුදල් අමාත්‍යාංශ ලේකම්, මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්, වෙනත් උපදේශක මණ්ඩලවල හැට හුට හමාරක්, පෞද්ගලික අංශයේ ආර්ථික උපදේශක සමාගම් අටෝරාසියක්, තව මහ බැංකුවේ නිලධාරින් රාශියක් කියන දේවල් වලට අනුව තමයි, බැසිලාට තනියම සහ පවුලේ කට්ටිය එක්ක තීරණය කරන්න වෙන්නේ හොරකම් කරන කොමිස් ලබා ගැනීමට වගේ දේවල් ටිකක් විතරයි. පහුගිය දූෂිත යහපාලන ආණ්ඩුවේ ඇතැම් ප්‍රධාන ප්‍රතිපත්ති කීපයක් විතරයි මේ ආණ්ඩුවේ වෙනස් වෙන්නේ, යහපාලන ආණ්ඩුව අයි එම් එෆ් එකේ උපදෙස් මත අධික ලෙස බදු අය කිරීම නිසා ඊට එරෙහිව විශාල වශයෙන් සමාජ විරෝධයක් එල්ල වූ නිසා මුන් ඇවිත් ඒක වෙනස් කර බදු අඩු කරලා රජයේ ආදායමට කෙළවගෙන ඒ වෙනුවට දැන් සල්ලි අච්චු ගහල තියෙන්නේ. ඒ වගේම මූල්‍ය අනුපාතය බලෙන් පාලනය කරගෙන තියාගෙන ඉන්නවා. යහපාලන ආණ්ඩුවත් ඒක කළා ඒත් මීට වඩා යම් තරමකින් ෆ්ලෝට් වෙන්න දෙමින් මීට වඩා ටිකක් විතර අඩුවෙන් පාලනය කළේ. ඔය වගේ සුළු කරුණු කාරණා කිහිපයක් පසුගිය යහපාලන රජයට වඩා මුන්ගේ වෙනස් එච්චරයි. නැතුව මේ ආණ්ඩුවේ ආර්ථික කළමනාකරණයේ මහ ලොකු වෙනසක් නෑ. එහෙම වෙනසක් කරන්න නම් ජාතික ජන බලවේගය වගේ සම්පූර්ණයෙන්ම වෙනස් කණ්ඩායමකට බලය හිමි වුණොත් පමණක් ලොකු දෙයක් කරයි. ඔතන කබ්රාල් කියන රට ගොන් කබරයාට ටෙලිපෝන් කබ්බෝ කියන මීහරක් හැත්ත පණ යනකන් බැන්නාට කබ්රාල් සහ රනිල්, හර්ෂ ද සිල්වලා ඔක්කොම එක නැට්ටේ ගෙඩි (හැබැයි කට්ටියගෙම නැට්ටේ ඉඳලා ගොම).

    ඒක නෙමෙයි ප්‍රශ්නෙ ඉකොනොමැට්ටා, මේ ආණ්ඩුවෙන් ජොනීට සුපිරි බලයක් දීලා තියෙන්නේ. ඒක හරියට යහපාලන ආණ්ඩුවේ, රාජිතට තිබුණු තැන. හැබැයි ජොනී කියලා කියන්නේ රට කපටි ලෝකෝත්තර අණ්ඩපාලයෙක්, රාජිත වගේ (කෝටි ප්‍රකෝටි ගණනින් හොරකම් කලත් දේශපාලනික වශයෙන්) රට ගොන් මෝඩ මීහරක් වහන්සේ කෙනෙක් නෙමෙයි. නිමල් ලන්සාගේ කේස් එකෙන් පේන්නේ මේකම තමයි. මෙතන තියෙන්නේ බලය ගැන ප්‍රශ්ණයක්. ජොනි එක්ක, මේ ආණ්ඩුවේ නායකයන්ට අරුන්දිකලා, සනත් නිශාන්තලා වගේම ලන්සාවත් අදාළම නැහැ වගෙයි. මේ ගැන ඔබේ නිරීක්ෂණය සහ අදහස් මොනවද ඉකොනොමැට්ටා?

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: